Main Logo

Sunday 13 February 2011

විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද?

කැලණිය විශ්වවිද්‍යාලය යනු විද්‍යාලංකාරය බව බොහෝ දෙනාට, ඇතැමි විට එහි ගුරුවරුන්ට ද, අමතක වන කරුණකි. මෙයට අවුරුදු පනස්දෙකකට පමණ පෙර විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් ඊනියා විශ්වවිද්‍යාල තත්වයට පත්නොකරන්නට අද ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල උගන්වන ඇතැමි ඇදුරන්ට විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමටවත් අවස්ථාව නොලැබෙන්නට තිබිණි. ඒ ඔවුන්ට එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයට (කොළඹට හා පේරාදෙණියට) ඇතුල්වීමට තරමි ප්‍රමාණවත් ලකුණු නොතිබූ හෙයිනි. විද්‍යොදයේ හා විිද්‍යාලංකාරයේ හැටෙි දශකයේ විද්‍යා පීඨ ආරමිභ කිරීමෙන් පසුව කොළඹ හා පේරාදෙණියේ විද්‍යා පීඨවලට ඇතුල්වීමට නොහැකි වූ ඇතැමි අයට ද සරසවි වරමි ලැබිණි. අද ඔවුන්ගෙන් ඇතැමකු ඒ විශ්වවි්‍යාලවල ම කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිවලට පත්ව තිබීම සතුටට කරුණකි. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකුට එහි අතීත සමිප්‍රදාය අමතකවී ඇත.

අප සැමදාමත් කියා සිටි කරුණක් නමි මෙි විශ්වවි්‍යාලවලට ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලබාදීමට පෙර ද ඒ ආයතන විශ්වවිද්‍යාල වූ බව ය. ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලබා දීම යනු බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය තුළ ඒ ආයතන සිරකිරීමක් හා පූජකවරුන්ගේ විවිධ වර්ණ සහිත ලෝගු තුළ විද්‍යාර්ථීන්ගේ මනස් සිරකිරීමක් පමණක් විය. ඒ ආයතනවලට ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලැබුණේ මූලික වශයෙන් ම ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද සේවය මුල් කරගෙන නමුත් වැඩිකල් නොගොස් ම ඒ අදාළ අධ්‍යන අංශවල කඩාවැටීමක් දක්නට සිදුවිය. මුල දී ඒ විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන පීඨ පවා තිබුණ නමුත් නොබෝ කලෙකින් ම ඒ පීඨ කුඩා අධ්‍යයන අංශවලට පමණක් සීමා විය. එකල විද්‍යාලංකාරයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ විවිධ අධ්‍යයන අංශ තිබී ඇති අතර එය එහි පැමිණි බෞද්ධ අධ්‍යයනය නිසා ම පේරාදෙණියේ මහාචාර්යවරයකු වූ තැනැත්තකුගේ උපහාසයට හා අපහාසයට ලක් වී ඇත. ඔහු එහි පැමිණ අභිධර්මය පිළිබඳ මහාචාර්යවරයා කොහේ දැයි ඇසීලු!

බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ උරචක්‍ර මාලය දමාගත් පසු විද්‍යාලංකාරයට එවැනි උපහාස හා අපහාස උරුම විය. මා දැනට වසර අටකට පමණ පෙර කැලණියට ගියේ එය නැවත විද්‍යාලංකාරය බවට පත්කිරීමෙි අපේක්‍ෂාව ද ඇතිව ය. එහෙත් ප්‍රායෝගිකව ඒ සඳහා වැදගත් යමක් කිරීමට මට අවස්ථාවක් නො ලැබිණි. ක්වොන්ටමි භෞතිකයට සිංහල බෞද්ධ චින්තනය මත පදනමි වෙමින් නව අර්ථකථනයක් සැපයීමි. මම අද එය ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව හදාරණ අවසන් වසරේ සිසුන්ට උගන්වමි. ඉලෙක්ට්‍රෝන පථවල ගමන් නොකරන බවත් ඒවා එක් තැනකින් චුත වී තවත් තැනක පහළ වන බවත් ඉගෙන ගන්නා ලෝකයේ ම සිටින කිහිප දෙනා ඒ අය විය යුතු ය. මෙි සමිබන්ධ ලිපියක් මා කැලණිය විශ්වවිද්‍යාලයට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් පළකරන ලද සංග්‍රහයට ලියූ නමුත් එය මා හැරෙන්නට කියවා ඇත්තේ මගේ භාර්යාව, සඟරා සංස්කාරක හා ලිපිය විමර්ශනය කළ තැනැත්තා පමණක් යැයි සිතමි. පසුව මම එය ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ කෙළෙමි. එයට නමි යමි ප්‍රතිචාරයක් ලැබිණි. එහෙත් බටහිර ක්‍රිස්තියානි විද්‍යාඥයෝ ඒ නො පිළිගත්හ. ඔවුන් එය පිළිගනීවි යැයි මම අපේක්‍ෂා නො කළෙමි. මට අවශ්‍ය වූයේ කැලණියේ සිදුකරන ලද පරීක්‍ෂණ කිහිපයක් පිළිබඳ ව ලෝකයාට දැනුමි දීම පමණකි. එයට අමතරව සංවටිටකප්ප විවටිටකප්ප ඇසරෙන් නිර්මාණය කරන ලද විශ්වය පිළිබඳ ආකෘතියක් තැනීමට ද අපි සමත් වීමු. එය බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේ විද්‍යාලංකාරයෙන් දැයට පිරිනැමෙන තිළිණයක් ලෙස ය.

එයට අමතරව බටහිර විද්‍යාවෙි ක්‍රිස්තියානි පදනම ගැන ප්‍රවාද රාශියක් ගොඩනගා ගත්තෙමි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුමි ආධිපත්‍යයෙන් අප වැනි රටවල් පෙළන ආකාරය පිළිබඳ ව කොළඹ දී මා ඇරඹු අධ්‍යයනය තවදුරටත් කරගෙන යෑමට කැලණියේ දී හැකි විය. බටහිර ක්‍රිස්තියානි විද්‍යාව ද ඇතුළු බටහිර ක්‍රිස්තියානි දැනුමෙන් අප රට නිදහස් කර ගැනීම සඳහා කළහැකි සියල්ල කැලණියේ දී ද කෙළෙමි. දෙමළ ජාතිවාදය පිළිබඳ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනගා තිබූ දැනුම පොඩිපටිටමි කිරීමට අපි සමත්වීමු. කොටින් පරාජය කිරීමට හැකිය යන මතය තහවුරු කිරීමට අපි සමත්වීමු. කොටින් පිටුපස තිබූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බලවෙිග පිළිබඳ අවුරුදු විසිපහකට පමණ පෙර ඇරඹි අධ්‍යයනය පරිසමාප්තියකට ගෙන ඒමට කැලණියේ දී හැකි විය. දෙමළ ජාතිවාදය යනු එංගලන්තය ප්‍රමුඛ බටහිර බලවෙිග හැකි නමි සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට නිර්මාණය කරන ලද අවියක් පමණක් බව තේරුමි ගැනීමට අපට හැකිවිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආරමිභය හා එය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අපට අවබෝධයක් ඇති අතර පශ්චාත්නූතනත්වයක් නැති බවත් එය හුදෙක් ඇමරිකානු ආධිපත්‍යය යටතේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කළමනාකරණය කිරීමක් බවත් අපි තේරුමි ගතිමු. පසුගිය සමයෙහි අප තේරුමි ගත් දෙයක් වූයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වැඩිකල් නොගොස් ම කඩාවැටෙන බව ය. අද ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වගකිව යුතු බවත් ඔවුන් විසින් ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් ඔිස්ටේ‍රිලියාවෙි නවසීලන්තයේ ඇමරිකාවෙි මිනිසුන් සමූලඝාතනය කරමින් හා වෙනත් රටවල මිනිසුන් ඝාතනය කරමින් සිදුකරන ලද පාපකර්මවල වන්දිය අද ගෙවීමට සිදු වී ඇති බවත් පාලකයන් අධාර්මික වූ විට දෙවියන් කාලයට වැසි නොවස්සන බවත් අපි දනිමු. අද අපට ඇති එකම සැනසීම මෙි අධාර්මික මිථ්‍යාදෘෂ්ටික බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විිද්‍යාව සමගින් වැඩිකල් නොගොස් කඩාවැටීම ය. අපට වහාම විකල්පයක් අවශ්‍ය ය.

අපි එකල සිංහල බෞද්ධ ක්‍රමය විකල්පය ලෙස සලකමින් ෙසෙද්ධාන්තික ව ඒ පිළිබඳ හැදෑරුවෙමු. එහෙත් දැන් මාස හයක පමණ කාලයක සිට මෙි තත්වය වෙනස්වීමට පටන්ගෙන ඇත. එය සිද්ධාන්තයෙන් ප්‍රායෝගිකත්වයට මාරු වී ඇත. විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර ක්‍රිස්තියානි විිද්‍යාව උගන්වන අතර ම සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගිකව හැදෑරීමට අපි කුඩා කණ්ඩායමක් පිහිටුවා ගත්තෙමු. අවුරුදු විසිපහක පමණ කාලයක් මා විසින් බොහෝ විට ආචාර්යවරයකු ලෙස තනිවම එහෙත් කොළඹ හා කැලණියේ ශිෂ්‍යයන්ගේ ද ආධාරය සහිතව ෙසෙද්ධාන්තික මටිටමක කරන ලද අධ්‍යයන දැන් තවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සමගින් ශිෂ්‍යයන් ද එකතු කරගෙන ප්‍රායෝගික ව කිරීමට ඉඩක් ලැබී ඇත. මෙි කණ්ඩායමෙි අනෙක් ආචාර්යවරුන් බටහිර විද්‍යාව හා බටහිර දැනුම ගැන මා දරණ මතය සමග සමිපුර්ණයෙන් ම එකඟ වන්නේ යැයි මෙයින් නො කියැවෙයි. එහෙත් ඔවුහු සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගික අධ්‍යයනයක යෙදෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපි පැරණි සිංහල ක්‍රමයට අනුව කුඹුරක් කරන්නෙමු. දැනටමත් එහි කන්න දෙකක් වැඩ කිරීමට අපි සමත්වීමු. විිද්‍යා පීඨ භූමියේ ම පැරණි ක්‍රම අනුව එළවළු ගොවිතැන් කිරීම ඇරඹුවෙමු. ඒ සියල්ල කෙරෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ය. එපමණක් නො වෙි. එහි ඊනියා කාබනික ගොවිතැනක් ද නැත. ඇත්තේ හුදෙක් පැරණි සිංහල ගොවිතැන පමණකි.

මෙි අතර රජරට වකුගඩු රෝගය පිළිබඳ ව අධ්‍යයනයකට ද අපි යොමු වීමු. එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර ඒ ගැන පසුගිය සතිවල සඳහන් කෙළෙමි. අපට ඇත්තේ පැරණි සිංහල නිල වෙදකම ය. පැරණි සිංහල බෞද්ධ ජීවන ක්‍රමය ආධ්‍යාත්මිකව ද දියුණු එකක් විය. අද ඇතැමුන් සවස් යාමයේ සමාජ ශාලාවලට යන්නාක් මෙන් එකල රජකුමරුවෝ ද භාවනාවෙහි යෙදුණහ. ගැමුණු කුමරු යුද්ධය ජය ගත්තේ ආයුධ ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද යොදාගනිමිනි. සිංහල වෙදකම පමණක් නොව අනෙක් සිංහල දැනුම ලබාගැනීම ද ආධ්‍යාත්මික ගුණ වගාව මත පදනමි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම ලබා ගැනීම (සංස්කරණය කිරීම) හුදු පංචෙන්ද්‍රියෙන් පමණක් අරඹන එකක් නො වෙි. එය මනස දියුණු කිරීමෙන් සමාධියකට පත්වීමෙන් ද ලබාගත යුතු වෙයි. විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් නිවන අරමුණු කරගෙන භාවනා කරන අතර ඔවුන්ට අදාළ අතුරු ඵල ද හිමි වනු ඇතැයි සිතමි.

අද විද්‍යාලංකාරයේ ඇතැමුන්ගෙන් තර්ජන එල්ල වන්නේ මෙි භාවනා වැඩ සටහනට හා සිංහල බෞද්ධ විද්‍යාවට ය. ඔවුන්ට අනුව අප භාවනා කිරීමෙි දී යොදාගන්නා පැදුරු විශ්වවිද්‍යාලයට හරි නැත. අපේ භාවනාව මෛත්‍රී බෝසතාණන් වහන්සේ හා සමග සමිබන්ධ ය. එක් කණ්ඩායමක් ඒ පිළිබඳ ව හා වෙනත් සිංහල බෞද්ධ දැනුම පිළිබඳ ව ද උපකුලපතිතුමාට පැමිණිළි කර ඇත. විද්‍යා පීඨයේ කාමරයක් සතියේ් දිනක් හතරෙන් පසුව භාවනාව සඳහා වෙන්කිරීම හා වකුගඩු රෝගය පිළිබඳ ව ඔවුන් තමන් නොදන්නා ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඔස්සේ ප්‍රශ්න නගති. මෙය විශ්වවිද්‍යාලයට පමණක් බලපාන ප්‍රශ්නයක් නො වෙි. විශ්වවිද්‍යාල නඩත්තු වන්නේ මහජන මුදලිනි. මෙරට මහජනයාගෙන් අති මහත් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. මෙි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන්ට අවශ්‍ය වන්නේ මූලිකව සිංහල බෞද්ධයන්ගේ මුදලෙන් නඩත්තුවන විශ්වවිද්‍යාලවල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම පමණක් ඉගැන්වීමට ය. ඔවුන්ට අනුව සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන හැදෑරීම විශ්වවිද්‍යාලයේ සමිපත් නාස්තියකි. ඔවුන්ට අනුව අප මෙරට මහජන මුදල් වියදමි කළ යුත්තේ යටත්විජිතවාදී ක්‍රිස්තියානි දැනුමි ආධිපත්‍යය පවත්වාගෙන යෑමට ය. විද්‍යලංකාරයේ භාවනාවට වැට බැඳීමට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයෝ වෙර දරති. අපි මෙි දැනුමි ආධිපත්‍යය බිඳිමු. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන් ඔවුන්ට හිමිතැන තබමු.