History

Tuesday, 29 May 2018

සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම


සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම



ලංකාවෙබ් හි කතෘ ධර්මසිරි වීරසිංහ කලකට පෙර බුදුදහම, බුද්ධාගම, සිංහල බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම ආදිය  පිළිබඳ ව වාදයකට එළඹුණා බුද්ධාගම බුදුදහමෙන් වෙනස්බව ඔහු පිළිගත්ත ද සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට අනුව ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය පුනරුදය කළා. ඔහු එය ඕල්කට් බුද්ධාගමේ අධ්‍යාපනය බව පිළිගත්තේ නැහැ. එමෙන් ම ඔහු සිතන්නේ ධර්මපාලතුමා හා ඕල්කට්තුමා එකම මතයක් දැරූ බවයි. ධර්මපාලතුමා ඕල්ලකට්තුමාගෙන් කැඩුණු බවත් එතුමන් අතර විරසකයක් වූ බවත් ධර්මසිරි වීරසිංහ නොදත් බවක් ඇඟවුණා.






එහෙත් ඒ විවාදයෙහි දී ධර්මසිරි වීරසිංහ මෙහි අමුණ  ඇති ඡායාරූප
ඉදිරිපත් කළා. ඒ ඡයාරූප ඉන්දීය කෞතුකාගාර කොල්කතා
පත්‍රිකාවකින් උපුටා ගැණුනක්. එයින් කියැවෙන්නේ ඉතා වැදගත්
කරුණක්.   




ධර්මසිරි වීරසිංහ ඒ ලිපි හඳුන්වා දී තිබුණේ මෙසේයි.



“"පළමු රූප රාමුවෙන් දැක්වෙන්නේ විජය රජතුමාගේ පියරජුවන සිංහභාහු රජතුමාගේ මාලිගාවයයි සැලැකෙන ඉංදියාවේ බෙන්ගාල ප්‍රාන්තයේ අගනුවර වන කල්කටා නගරයට කිලෝ මීටර් 40ක් නැගෙනහිරව පිහිටි චන්ද්‍රකේතුගර් යන ස්ථානයෙන් සොයා ගන්නාලද රතට පිලිස්සූ දම් මැටියෙන් සෑදූ අර්ධගෝලා කාර කෞතුක වස්ථුවක් විශ්ලේෂණය කිරීමෙන් පළ කරන ලද වාර්තාවක අනුපිටපතකි. මෙහි අභිලේඛනය කර ඇත්තේ පුරාණ ඉන්දු-බ්‍රහ්මී අඛ්ශර වලින් ලියනලද පුරාණ පාකෘත වලින් ලිවූ සන්දේශයකි. සිංහල භාෂාවට පරිවර්තනය කල විට එයින් කියවෙන්නේ “සිංහභාහුගේ මුණුපුරාට පඩුවස්දේව යයි සිංහපුරදී නම්තැබිණ” යනුවෙනි.




දෙවන රූප රාමුවෙන් දැක්වෙන්නේ එම ස්ථානයෙන්ම සොයා ගන්නාලද
රතට පිලිස්සූ දම් මැටියෙන් සෑදූ අර්ධගෝලා කාර කෞතුක වස්ථුවක්
විශ්ලේෂණය කිරීමෙන් පළ කරන ලද තවත් වාර්තාවක අනුපිටපතකි.
මෙහි අභිලේඛනය කර ඇත්තේ පුරාණ ඉන්දු-බ්රහ්මී අඛ්ශර වලින්
ලියනලද පුරාණ පාකෘත වලින් ලිවූ සන්දේශයකි. සිංහල භාෂාවට
පරිවර්තනය කල විට එයින් කියවෙන්නේ “සිංහපුරවරයෙන් පැවත එන
විජය සිංහ තම්භපන්නියෙන් පැවත එන කුවෙනි නම් වූ කුලස්ත්‍රීය හා
විවාහ වූ බවයි” යනුවෙනි. මෙහි පාකෘත භාෂාවෙන් යක්කිනි කුවේනි
යනුවෙන් සඳහන් වී ඇත්තේ  කුලස්ත්‍රීය කුවෙනි යන්න හැඳින්වීමටය.”




මේ ලංකාවෙන් නොව වංග දේශයෙන් (බෙංගාලයෙන්) ලැබුණු සාක්‍ෂි.
මෙය මෙරට ඉතිහාසඥයන්ගේ විමර්ශනයට භාජනය වන්නේ නම්
හොඳයි. මෙරට ඉතිහාසඥයන් ලෙස මා හඳුන්වන්නේ දේවගැති ජී සී
මැන්දිස් පරපුරේ අය නො වෙයි. ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට



අරක්ගෙන සිටි ඔවුන්ට විජය ආදීන් ඓතිහාසික චරිත නො වෙයි.



මහාවංසයේ කියැවෙන දේවානම් පියතිස්ස රජු නොවන්නට ඉන්දීය
ඉතිහාසඥයන්ට අශෝක රජු හඳුනාගැනීමට නොහැකි වෙනවා.

වංගයෙන් මෙරටට විශාල පිරිසක් පැමිණ ඇති බව ජාන පරීක්‍ෂණවලින් ද
තහවුරු වෙනවා. විජය කතාව ලාට රටටත් සම්බන්ධයි. එය
මහාවංසයෙන් ද කියැවෙනවා. පඬුවස්දෙව් ගැන පමණක් නොව
කුවේණිය ගැන ද කියැවෙනවා. කුවේණිය හඳුන්වා දී ඇත්තේ යකිණියක්
ලෙස. එය එකල යක්‍ෂ කාන්තාවන් හැඳින්වූ ආකාරයයි.




චරිතයක් ඓතිහාසික වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට මැන්දිස් කුලකය
පිළිතුරු දෙන්නේ කෙසේ ද කියා අප දන්නේ නැහැ. මැන්දිස්ගේ කාලයේ
සිට අද දක්වා ඉතිහාසයට ද ඉතිහාසයක් තියෙනවා.




වංග භාෂාව හා සිංහල භාෂාව අතර සම්බන්ධයක් ගැන ද පතිරණ නම්
මහතකු ලංකාවෙබ් අඩවියේ ම ලිපියක් පළ කර තිබුණා.  ඒ සමහර වචන
වෙනත් පොදු භාෂාවකින් භාෂා දෙකට ම ලැබුණා ද කියා කියන්න බැහැ.
මාගධී භාෂාව ගැන උනන්දුවක් දක්වන අයට ඒ අධ්‍යයනය කළ හැකියි.
මේ භාෂාවල ව හා බ මාරුවෙනවා. වංගය බංගලිය වෙනවා. විමල්ලා
බිමල්ලා වෙනවා.




විජය සිංහගේ සිංහ කොටස ලැබෙන්නේ ලාට රටෙන්. සිංහ රූපයකුත්
ඉහත සඳහන් චිත්‍රවල තියෙනවා. ගණනාථ ඔබේසේකරට අනුව නම් අපට
සිංහයා ලැබී ඇත්තේ නෙදර්ලන්තයෙන් වගෙයි. අපේ ඉතිහාසය කාල
පරාසය ලෙස ගත්කල හැකිතාක් කුඩා කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී
ඇත්තේ මෙරට දෙමළ ඉතිහාසයක් ඇත්තේ නැති තරම් නිසා ද?