History

▼

Friday, 16 November 2018

තවත් මගඩි විශ්වාසභංගයක් (නොවැම්බර් 16 දෙවැනි ලිපිය)


තවත් මගඩි විශ්වාසභංගයක්



හෙට විස්තරාත්මක ව ලිපිය ලියන තෙක් අද (නොවැම්බර් 16) සවස පාර්ලිමේන්තුවේ  සිදු වූ දේ පිළිබඳ කෙරෙන කෙටි සටහනකි.




1.            අද උදේ පක්‍ෂ නායක රැස්වීමේ දී ඊයේ පිහි ගෙනා මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු ය යනුවෙන් ආණ්ඩු පක්‍ෂයෙන් ගෙනා යෝජනාව ගැන ඊනියා කතානායක කිසිම සැලකිල්ලක් දක්වා නැහැ.

2.            අදාළ පිහිකරුවන් අද සවස මැති සබේ අසුන් ගෙන සිටිනු දක්නට හැකි වුණා.

3.            ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිහිකරුවන්ට විරුද්ධව කිසි ම පීියවරක් නොගෙනීම ගැන සභා ගැබේ විරුද්ධත්වය පා තිබෙනවා. එය වරදක් යැයි කිසිවකු පවසන්න පුළුවන්. එහෙත් ඊනියා කතානායක පිහිකරුවන්ට විරුද්ධව යම් පියවරක් ගත්තේ නම් එවැනි තත්වයක් උද්ගත වීමට ඉඩක් තිබුණේ නැහැ.

4.            ඊයේ ජනාධිපති පක්‍ෂ නායකයන්ට හා ඊනියා කතානායකට පවසා ඇත්තේ සාමාන්‍යාකාරයට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන ලෙස. එහි  පෙර දින ඉදිරිපත් කළ යෝජනාවේ පළමුවැනි ඡෙදය ඉවත් කිරීමට ද උපදෙස් දී තිබුණා.

5.            ඒ අනුව ප්‍රථමයෙන් ම පාර්ලිමේන්තුව සාමාන්‍ය තත්වයට පත් කළ යුතුව තිබුණා.

6.            නව සැසි වාරය ඇරඹීමෙන් පසු කාරක සභා පත් කර සාමාන්‍ය න්‍යාය  පත්‍රයක්අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු ව තිබුණා.

7.            ඒ අනුව පළමුව විශ්වාසභංග යෝජනාව පළමු ඡෙදය ඉවත් කර නැවත සකසා පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට භාරදිය යුතුව තිබුණා

8.            ඉන් පසු ඊනියා කතානායකගේ අවසරය පරිද න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහකින් පසුව විවාදයට ගැනීමට නියමිත ව තිබුණා.

9.            ඊනියා කතානායක අද පාර්ලිමේන්තුවට පිවිසියේ විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන් සභා ගැබට එන දොරටුවෙන්. එ ඔහුගේ දොරටුව බව අපි දනිමු. ඊනියා කතානායක පැමිණීමට මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ ද ඒ පැත්තෙන් ම සභා ගැබට පිවිසෙනු දැක ගත හැකි වුණා.

10.          ඊනියා කතානායක සභා ගැබට පැමිණියේ පොලිස් හමුදාවක් සහිතව. පොලීසිය සභා ගැබට පිට අය.

11.          ස්ථාවර නියෝග 21 යටතේ පිට අයට කතානායක සාදන රීතිවලට අනුව නියම කරන ලද ස්ථානවල රැඳී සිටින්න පුළුවන්.

12.          අද පොලිසීය පැමිණියේ කිනම් රීතියක් යටතේ ද? අද පොලිසීය නීති විරෝධි පිට අය පමණක් වුණා.

13.          ඊනියා කතානායක සුමන්තිරන්ට ස්ථාවර නියෝග අත්හිටුවීමෙ යෝජනාව ගෙනෙන්නට කී නමුත් ඔහු එය ගෙනාවේ ද කියා ඊනියා කතානායක දැක්කේ නැහැ. ඔහුට එංගලන්තයේ නියම කතානායකවරයකුට මෙන් ඇස් හරි කන් හරි තිබුණේ නැහැ.

14.          පසුව ඔහු කාටදෝ අර විශ්වාසභංග යෝජනාව ගෙනෙන ලෙස කී නමුත් පෙර පරිද ම ඔහු කිසිවක් දැක්කේ නැහැ. එය ස්ථිර වූ බවක් ද ඔහු දැක්කේ නැහැ.

15.          ඊළඟට ඔහු ඡන්දයක් ගත්තා. එය නමින් ගැනීමට බැරි යැයි කියමින් ඔහු කටහඬින් ගත්තා. එහෙත් ස්ථාවර නියෝග 47(1)න් කියැවෙන්නේ පක්‍ෂ හා විපක්‍ෂ අය දැක බලාගෙන තීරණයකට එන ලෙසයි. ඔහු ඒසේ කෙළේ නැහැ.

16.          ජනාධිපති විපක්‍ෂ පක්‍ෂ නායකයන්ට කිව්වේ සාමාන්‍ය ක්‍රමයට විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මිස කලින් දා ගෙන ආ ව්‍යවස්ථා විරෝධී ක්‍රමයට ම ගෙනෙන්න නො වෙයි.

17.          ඉතා පැහැදිලිව අදත් ඊනියා විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නැහැ.

18.          ඒ කියන්නේ තවමත් මහින්ද අගමැති.

19.          මේ අතර විපක්‍ෂ මන්ත්‍රීවරුන් සභා ගැබේ සිල් අරගත් අය මෙන් හිටියත් ගැලරියේ විපක්‍ෂයට ආ වඩමින් ඝෝෂා කළ පිරිස් රාශියක් හිටි බව ඇසින් දුටුවන් කියනවා. ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්‍ෂා කෙරී නැහැ.  ඇස් නැති ඊනියා කතානායකට ඒ කිසිවක් පේන්න නැතුව ඇති.

20.          පැහැදිලිව ම පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් ගෙන යන්න බැහැ.  

21.          මේ සිිිදුවන්නේ කාගේ කැමැත්ත ද? අධිකරණයට මේ ගැන කිව හැක්කේ කුමක් ද?