History

Monday, 4 May 2020

කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?



අප ඊයේ තර්ක ගැන කතා කළා. මිනිසුන් බොහෝ විට තර්ක ඉදිරිපත් කරන්නේ තම මතයක්, නිගමනයක් යුක්ති යුක්ත කිරීමට බව  අප සඳහන් කළා.   තර්කයකින් නිගමනයකට එනවාට වඩා ඊනියා නිගමනයක් සඳහා තර්ක ගෙනෙන එක තමයි කෙරෙන්නෙ. සාමාන්‍ය පෙළ ගණිතය හැදෑරූ සිසුන් මේ බව දැන සිටින්න ඕන. බොහෝ දෙනා හිතන්නේ ගණිතයේ තර්කයෙන් නිගමනවලට එනවා කියා. එහෙත් සිදු වන්නේ අනෙක් පැත්ත. නිගමන (හිතට ලැබෙන අදහස්) වෙනුවෙන් තර්ක කරනවා. 

ගණිතයේ විධික්‍රම උගන්වනවා. 9 දක්වා චක්‍ර දන්නවා නම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් වැඩි කරන හැටි දීර්ඝ වැඩි කිරීමේ දී උගන්වනවා. එය විධි ක්‍රමයක්.  එය පසු පස ගණිත නියම තියෙනවා. එහෙත් පාසලේ ඒ නියම උගන්වන්නේ නැහැ. ඒ නියම ලබා ගන්නෙත් අදහස්වලින්. විධි ක්‍රම ඉගෙනීමට පුරුදු වීම නිසා උපාධි අපේක්‍ෂකයන් බොහෝ දෙනකු කරන්නෙත් විධික්‍රම ඉගෙනීම. ගණිත නියම ඉගෙන ගත්තත් අදහස් ලැබීම, හිතට ඒම කියන්නෙ වෙනත් ම දෙයක් බව බොහෝ දෙනකු දන්නේ නැහැ.   

ජ්‍යාමිතියේ දී විවිධ නිර්මාණ කරනවා. ඒ තර්ක කිරීමෙන් ලබා ගන්නා නිර්මාණ නො වෙයි. නිර්මාණයක් හිතට එනවා. එය හරියනවා ද බලන්න තර්කය යොදා ගන්නවා. මිනිසුන්ට අදහස් ලැබෙන්නේ තර්ක කිරීමෙන් නො වෙයි. අදහස් හිතට එන්න ඕන. නිව්ටන් මේ වගේ ම වසංගතයක දි ගෙදර ගිහින් ඉන්න කොට තමයි ගුරුත්වාකර්ෂණ අදහස ඇවිත් තියෙන්නෙ. එය යම් ප්‍රමාණයකට හරි ගිහින්. හරි ගිහින් කියන්නෙ හරි නො වෙයි. 

කොවිඩ් වසංගතයේදීත් ලංකාවේ විපක්‍ෂයට අදහස් එනවා. ඉස්සෙල්ලා ම අදහස් ලැබුණෙ කාට ද? අනුරට ද, සජිත්ට ද, සුමන්තිරන්ට ද, චම්පකට ද, නීති මහාචාර්යවරියන්ට ද,  වෙනත් කාටවත් ද කියල අපි දන්නෙ නැහැ. දන්නෙ නැති එකත් හොඳයි. තර්කවල අඩුපාඩු කාගෙ ද කියල අපි දන්නෙ නැහැ. තර්කයක අඩුවක් නොදකින කල් එය තර්කානුකූල යැයි කියනවා. ට්‍රම්ප් වයිරසය නැති කරන්න විෂබීජහරණ බොන්න කිවුව එකත් තර්කානුකූලයි. ප්‍රශ්නය එය කටට ගත්ත වෙලේ ඉඳන් ශරීරයට මොක ද වෙන්නෙ කියන එකයි. 

තර්කයක් එය ඊනියා තර්කානුකූල වන අවධියෙන් ඔබ්බට ගියා ම තර්කානුකූල නොවන බවක් පේන්න පුළුවන්. ඒත් එහෙම කියන එකත් හරි නැහැ. තර්කයක් තර්කානුකූල වෙන්නෙ යම් යම් උපකල්පන යටතෙ. ට්‍රම්ප්ගෙ තර්කයත් නරක නැහැ. ඒ යම් උපකල්පන යටතෙ. තර්කයක උපකල්පන වගේම අනුමාන නීතිත් තියෙනවා. සමහර විට අනුමාන නීති යෙදා ගැනීමේ දී වැරදි සිදු වෙනවා. ඒ ගැන මෙහි කතාකරන්න යන්නේ නැහැ. 

අපේ විපක්‍ෂය ඊයෙ පෙරේදා ලොකු තර්කයක් හා නිගමනයක් ගෙනාවා. මෙවර මැතිවරණයට නාම යෝජනා පත්‍ර භාරගෙන තියෙන්නෙ රජයේ නිවාඩු දවස්වල බැවින් නාම යෝජනා අවලංගුය කියලා. හැම එකකට ම මත විමසන මැතිවරණ කොමිසමත් කලබල වෙලා මතය අහනවා. මත අහන්නෙ නැතිව අදාළ පනත්, ගැසට් නිවේදන ආදිය කියවනව නම් ඉවරයි. විපක්‍ෂය තමන් පදනම් වුණා කියල  හිතුවෙ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතෙ දහවැනි වගන්තිය මත. ඒ වගන්තියෙ අදාළ අනුවගන්ති ඉංගිරිසියෙන් තියෙන්නෙ මෙහෙමයි. 



10.

(1) The President shall, in every Proclamation Nomination dissolving Parliament or in any Order requiring the holding date of an election, specify
(a) the period (hereinafter referred to as the "nomination period") during which nomination papers shall be received by the returning officer during normal office hours at his office; and
(b) the date on which the poll shall be taken.


(2)
(b) The date fixed under paragraph (b) of subsection (1) shall be

(ii) any day other than a Full Moon Poya day or any public holiday specified in the First Schedule to the Holidays Act, No. 29 of 1971 ; and if, after the publication of the Proclamation or Order referred to in subsection (1), the day specified in such Proclamation or Order is declared to be a public holiday, such declaration shall in no way affect the validity of anything done on such day for the purpose of taking the poll. 



මෙයින් කියැවෙන්නෙ නාම යෝජනා භාර ගැනීමේ කාල පරිච්ඡෙදය හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු  හෝ වෙනත් නිවාඩු හෝ අතර කිසිම සම්බන්ධයක් නැති බවයි. එහෙත් විපක්‍ෂය ඒ බව උපකල්පනය කරලා. සමහර විට උපකල්පනය ඔවුන්ගෙ නිගමනයක් වෙන්නත් පුළුවන්. ඒක චම්පකගෙන් අහන්න ඕන. මා ඔහුගේ නිගමන ගැන දන්නවා.  විපක්‍ෂය  උපකල්පන හෝ ඊනියා නිගමන හෝ මත පදනම් වෙලා තවත් යම් යම් නිගමනවලට පැමිණිලා තර්කයෙන්. එහෙත් තර්කයේ උපකල්පන ලංකාවට වලංගු නැහැ. 

තර්ක උපකල්පන මත රඳා පවතිනවා. තර්කයේ තියෙන එක් ප්‍රශ්නයක් එයයි. බුදු හාමුදුරුවො අවුරුදු දෙදහස් පන්සියකට පමණ පෙර අර සුප්‍රසිද්ධ කාලාම සූත්‍රයෙන් දේශනා කළා තර්කානුකූල වූ නිසා ම යමක් පිළිගන්න එපා කියලා. බුද්ධිවාදියකු වූ කාලෝ ෆොන්සේකා මෙය කිසි දා තේරුම් ගත්තෙ නැහැ. ඔහු හිතුවෙ කාලාම සූත්‍රය බුද්ධිවාදී විද්‍යාත්මක විධි ක්‍රමයක් ඇති කතාවක් කියලා. කාලෝ කාලාම සූත්‍රය කාලා යැයි එක් හාමුදුරුනමක් දේශනප්‍රකාශ කළේ නිකම් ම නො වෙයි.

ඉහත සඳහන් 10 වැනි වගන්තියෙන් නාම යෝජනා භාර ගැනීම හා කිසිම නිවාඩුවක් සම්බන්ධයෙන් කිසිවක් කියන්නෙ නැහැ. නාම යෝජනා භාර ගැනීමට කාල පරිච්ඡෙදයක් නියම වෙනව. ඒක එච්චරයි. නිවාඩු ද නැද්ද කියල ප්‍රශ්නයක් නැහැ. ඔය කියන දවස් තුන ප්‍රසිද්ධ නිවාඩු හරි වෙනත් නිවාඩු හරි ද, නැද්ද යන්න ප්‍රශ්නයක් නො වෙයි.  

එහෙත් 10(2) (b) (ii) යටතේ මැතිවරණයට නම් නිවාඩු දින බලපවත්වනවා. පෝය දිනවල ප්‍රසිද්ධ නිවාඩු දිනවල මැතිවරණ පවත්වන්න බැහැ.  යම් විධියකින් මැතිවරණයට දිනයක් නියම කර එය පසුව ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළත් එය මැතිවරණය පැවැත්වීමේ දිනයේ කෙරෙන කාර්යයන්ගේ වලංගුතාවට බලපාන්නේ නැහැ. විපක්‍ෂයට හැදිල තියෙන කඩිකුලප්පුව මොකක් ද

අනෙක් අතට මේ නිවාඩු දින ප්‍රශ්නය මොකක් ද? මාර්තු 17, 18, 19 දින තුන විශේෂ නිවාඩු තුනක් මිස ප්‍රසිද්ධ නිවාඩු (public holiday) නො වෙයි. ඒ බව මේ සමග අමුණා ඇති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරල් නාලක කලුවැවගේ නිවේදනයෙන් පැහැදිලි වෙනවා. 10(2) (b) (ii) යටතේ කියැවෙන්නේ ප්‍රසිද්ධ නිවාඩු ගැන මිස වෙනත් නිවාඩු ගැන නො වෙයි. එයත් මැතිවරණ පැවැත්වෙන දිනය ගැන මිස නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් නො වෙයි. විපක්‍ෂය ඉන්නෙ මේ රටේ ද?  

Image may contain: text