History

Thursday, 4 June 2020

තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය






                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය

1.       තිරියාය ශිලාලේඛනය මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් ලැබී ඇති දීර්ඝතම පද්‍යමය ශිලාලේඛනය වශයෙන් වැදගත් වේ. ප‍්‍රධාන ශිලාලේඛනයට සම්බන්ධ යැ යි සැලකිය හැකි කුඩා ලේඛනයක් ද ඒ අසලින් ම ලැබී ඇත. එහි එන සිංඝලේන්ද්‍රශිලාමේඝ-මහාරාජස්‍යත‍්‍රයෝවිංශතිමේ වර්ෂේ රාජ්‍යෙ ලිඛිතම්. යන්නට අනුව අටවැනි සිවසේ සිංහලයේ රජ කළ ශිලාමේඝ රජු දවස මෙම කුඩාලිපිය ලියන ලද බව පෙනේ. ලිපි දෙකේ ම දක්නට ලැබෙන අක්‍ෂරවල සාම්‍යය සලකා බැලූ පරණවිතාන මහතා ලිපි දෙක ම අටවැනි සියවසට අයත් යැ යි අදහස් කළේ ය.


2.       ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට අයත් තිරියාය ත‍්‍රිකුණාමලය නගරයේ සිට සැතපුම් 30ක් පමණ උතුරින් පිහිටා ඇත. තිරියාය ගම්මානයේ පිහිටි කදු මුදුනක ගිරිහ`ඩුසෑය (තිරියාය වටදාගෙය) දක්නට ලැබේ. තිරියාය වටදාගේ නමින් අද ප‍්‍රසිද්ධ ස්ථානය සම්බන්ධ පැරණි තොරතුරු දක්නට ලැබෙන්නේ ගිරිහ`ඩු, ගිරිකණ්ඩික යන නම්වලිනි.

3.       ඉපැරණි පුරාවෘත්තයෙන් හා සෙල්ලිපියෙන් ද කියැවෙන පරිදි මෙම ස්ථානය ගිරිකණ්ඩික හෝ ගිරිහ`ඩු යන නමින් හැඳින්වුණු අතර සම්බුද්ධසාසනයේ ප‍්‍රථම ද්වේවාචික උපාසකයන් වන තපස්සු භල්ලූක දෙදෙනා විසින් බුදුරදුන් හමුවේ දී ම ලබන ලද කේශ ධාතු තැන්පත් කොට ගිරිහ`ඩුසෑය තනවන ලදි.

4.       තපස්සු භල්ලූක දෙදෙනා පිළිබඳ ව මහාවග්ගපාලියේ (පිටුව 8) එන සඳහන ඉහත කී පුරාවෘත්තය හා සෙල්ලිපිය  සමග ගත් කල මූලික සඳහනකි. උක්කල ප‍්‍රදේශයෙන් පැමිණි තපස්සු භල්ලික වෙළෙඳුන් දෙදෙනකු විසින් බුදුරදුන්ට මන්ථ හා මධුපිණ්ඩික (අත්සුණු හා මී පිඩු) පිළිගැන්වූ බවත් ඔවුන් දෙදෙන ප‍්‍රථම ද්වේවාචික උපාසකයන් වූ බවත් පමණි එහි සඳහන් වන්නේ.   6. අථ ඛො භගවා සත්‌තාහස්‌ස අච්‌චයෙන තම්‌හා සමාධිම්‌හා වුට්‌ඨහිත්‌වා මුචලින්‌දමූලා යෙන රාජායතනං තෙනුපසඞ්‌කමිල උපසඞ්‌කමිත්‌වා රාජායතනමූලෙ සත්‌තාහං එකපල්‌ලඞ්‌කෙන නිසීදි විමුත්‌තිසුඛපටිසංවෙදීග තෙන ඛො පන සමයෙන තපුස්‌ස ඤතපස්‌සු :සීග*% භල්‌ලිකා වාණිජා උක්‌කලා තං දෙසං අද්‌ධානමග්‌ගප්‌පටිපන්‌නා හොන්‌තිග අථ ඛො තපුස්‌සභල්‌ලිකානං වාණිජානං ඤාතිසාලොහිතා දෙවතා තපුස්‌සභල්‌ලිකෙ වාණිජෙ එතදවොච –ි‘අයංල මාරිසාල භගවා රාජායතනමූලෙ විහරති පඨමාභිසම්‌බුද්‌ධොත ගච්‌ඡථ තං භගවන්‌තං මන්‌ථෙන ච මධුපිණ්‌ඩිකාය ච පතිමානෙථත තං වො භවිස්‌සති දීඝරත්‌තං හිතාය සුඛායා’’තිග අථ ඛො තපුස්‌සභල්‌ලිකා වාණිජා මන්‌ථඤ්‌ච මධුපිණ්‌ඩිකඤ්‌ච ආදාය යෙන භගවා තෙනුපසඞ්‌කමිංසුල උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨංසුග එකමන්‌තං ඨිතා ඛො තපුස්‌සභල්‌ලිකා වාණිජා භගවන්‌තං එතදවොචුං –ි‘පටිග්‌ගණ්‌හාතු නොල භන්‌තෙල භගවා මන්‌ථඤ්‌ච මධුපිණ්‌ඩිකඤ්‌චල යං අම්‌හාකං අස්‌ස දීඝරත්‌තං හිතාය සුඛායා’’තිග අථ ඛො භගවතො එතදහොසි –ි‘න ඛො තථාගතා හත්‌ථෙසු පටිග්‌ගණ්‌හන්‌තිග කිම්‌හි නු ඛො අහං පටිග්‌ගණ්‌හෙය්‍යං මන්‌ථඤ්‌ච මධුපිණ්‌ඩිකඤ්‌චා’’ති? අථ ඛො චත්‌තාරො මහාරාජානො භගවතො චෙතසා චෙතොපරිවිතක්‌කමඤ්‌ඤාය චතුද්‌දිසා චත්‌තාරො සෙලමයෙ පත්‌තෙ භගවතො උපනාමෙසුං –ි‘ඉධල භන්‌තෙල භගවා පටිග්‌ගණ්‌හාතු මන්‌ථඤ්‌ච මධුපිණ්‌ඩිකඤ්‌චා’’තිග පටිග්‌ගහෙසි භගවා පච්‌චග්‌ඝෙ සෙලමයෙ පත්‌තෙ මන්‌ථඤ්‌ච මධුපිණ්‌ඩිකඤ්‌චල පටිග්‌ගහෙත්‌වා පරිභුඤ්‌ජිග අථ ඛො තපුස්‌සභල්‌ලිකා වාණිජා භගවන්‌තං ඔනීතපත්‌තපාණිං විදිත්‌වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං :ඔනීතපත්‌තපාණිං විදිත්‌වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං* ඤ: * සීග ස්‍යාග පොත්‌ථකෙසු නත්‌ථි% එතදවොචුං –ි‘එතෙ මයංල භන්‌තෙල භගවන්‌තං සරණං ගච්‌ඡාම ධම්‌මඤ්‌චල උපාසකෙ නො භගවා ධාරෙතු අජ්‌ජතග්‌ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’තිග තෙ ච ලොකෙ පඨමං උපාසකා අහෙසුං ද්‌වෙවාචිකාග (ක්‍ීඔ 4 ු යඑඑචිථරැුරැුඅඅඅගඑසචසඒන්ගදරටරැුජිඑ4)

5.       මහාවංසයේ (10 .28) පණ්ඩුකාභය රජු පිළිබඳ විස්තරයේ ගිරිකණ්ඩ නමැති දිස්ත‍්‍රික්කයක් හා කන්දක් ගැන සඳහන් වේ. ප‍්‍රථම විජයබාහු රජු විසින් ගිරිකණ්ඩික විහාරය ප‍්‍රතිසංස්කරණය කරන ලද බව ද මහාවංසයේ (58.60) සඳහන් වේ.

6.       බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද විසුද්ධිමග්ගයේ ද ගිරිකණ්ඩ විහාරය සහ ස්තූපය ගැන සඳහන් වේ. (තථා ගිරිකණ්‌ඩකවිහාරස්‌ස උපනිස්‌සයෙ වත්‌තකාලකගාමෙ එකා කුලධීතාපි බලවබුද්‌ධාරම්‌මණාය උබ්‌බෙගාපීතියා ආකාසෙ ලඞ්‌ඝෙසිග). පරාක‍්‍රමබාහු රජු විසින් පාලි විසුද්ධිමග්ගයට කරන ලද විසුද්ධිමාර්ග සන්නයේ ගිරිකණ්ඩිමහාවිහාර යන්න ගිරිහ`ඩු වෙහෙර යනුවෙන් සිංහලයට නගා තිබීමෙන් පෙනී යන්නේ මෙම ස්ථානය හඳුන්වන නාමයන්ගේ පුරාණත්වය යි. 18 වැනි සියවසේ දී කරන ලද නම්පොත නම් කෘතියේ නිතුපත්පාන යනුවෙන් දක්වා ඇත්තේ මෙම ස්ථානය යැ යි සැලකේ. නිතුපත්පාන යන්නට වඩා ගිරිහ`ඩු යන්න ම පැරණි නාමය බව තහවුරු කෙරෙන සඳහනක් පූජාවලියෙන් ද ලැබේ. ඉහත කී පුරාවෘත්තය පූජාවලියේ මැනවින් දක්වා තිබේ. අභිධර්මයට කරන ලද අටුවාවක් වන අත්‍ථසාලිනියෙහි ද ගිරිකණ්ඩ චෛත්‍යය ගැන සඳහන් වේ.

7.       වටදාගෙය පිහිටි පර්වතය පාමුල දකුණු දෙසට ඉපැරණි නෂ්ටාවශේෂයන් දක්නට ලැබේ. පර්වතය බෑවුමේ ලෙන් කිහිපයක් ද ඇත. එම ලෙන්වල බ‍්‍රාහ්මී අක්‍ෂරවලින් ලියන ලද ලිපි දක්නට ලැබේ. එම ලිපිවලින් සමහරක් ක‍්‍රි.පූ. යුගයට අයත් වන අතර අනෙක්වා ක‍්‍රි.ව. 1 වන සියවසට පමණ අයත් ය. මෙම ලෙන් ලිපිවලින් පැහැදිලි වන්නේ මෙම ඓතිහාසික ස්ථානය ක‍්‍රි.පූ. යුගයේ පටන් ම බෞද්ධ ආරාමක් ව පැවැති බව යි.

තිරියාය වටදාගෙයට අඩි 200ක් පමණ දකුණු පැත්තේ තිබී සොයා ගන්නා ලද තිරියාය ශිලාලේඛනය දිගින් අඩි 20 කින් හා පළලින් අඩි 5 කින් යුක්ත වෙයි. ලේඛනය කිරීමේ දී ගල ඔප දමා මට්ටම් කොට නොලියන ලද හෙයින් ඇතැම් තැන්වල අකුරු කියවීමට දුෂ්කර ව පවතී.

පල්ලව ග‍්‍රන්ථාක්‍ෂරයෙන් ලියා ඇති තිරියාය ශිලාලේඛනයෙහි නර්දටක විරිතෙන් රචිත පද්‍ය 11ක් සහ කෙටි ගද්‍ය පාඨයක් ද ඇතුළත් වේ. ප‍්‍රථම පද්‍යත‍්‍රයෙන් ගිරිකණ්ඩික චෛත්‍යයේ මහත්වය විස්තර කරන කතුවරයා හතරවැනි පද්‍යයේ දී චෛත්‍යයට තම නමස්කාරය ඉදිරිපත් කරයි. පස්වැනි හයවැනි පද්‍යවල දී අවලෝකිතේශ්වර සහ මඤ්ජුශ‍්‍රී (බෝසතුන්) මුනිවරුන්ගේ සම්බන්ධය ද දක්වමින් චෛත්‍යයට නමස්කාර කරයි. හත්වැනි, අටවැනි සහ නවවැනි පද්‍යවලින් නැවතත් සුර-නර  පූජිත ගිරිකණ්ඩික චෛත්‍යය වර්ණනා කරයි. දසවැන්නෙන් කතුවරයා තමා විසින් කරන ලද කුශලයෙන් ලෝකයා දුකින් මිදුණෙක් වේවා යි ප‍්‍රාර්ථනා කරයි. එකළොස් වැන්න මගින් තපස්සුභල්ලික (ත‍්‍රපුෂ්‍යකවල්ලික) දෙදෙනා විසින් චෛත්‍යය කරන ලද බව නැවත අවධාරණය කරයි. සියලූ ධර්මයෝ නැසෙන ස්වභාව ඇත්තෝ ය යි. (අභාවස්ස්වභාවාස්සර්වධර්ම්මාඃ) සිහි කරමින් ලේඛනය අවසන් කොට ඇත.

1.       මහාවග්ගපාලියේ තපස්සුභල්ලික තිරියාය ශිලාලේඛනයේ ත‍්‍රපුෂ්‍යකවල්ලික

2.       තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් ගැන කීව ද ශිලාලේඛනයේ ‘‘ත‍්‍රපුෂ්‍යකෛර් වල්ලිකෛර් වණිග්ගෙණෙර්’’ යනුවෙන් තෘතීයා විභක්ති බහු වචනයෙන් දක්වා ඇත. ඔවුන් දෙදෙනකු ගැන පමණක් සඳහන් කළ යුතු වී නම් සංස්කෘත ව්‍යාකරණයට අනුව ද්විවචනය භාවිත කළ හැකි ව තිබිණ.

3.       අපදානට්ඨකථාවේ (85 පිටුව) ‘‘ගැල් පන්සියයකින් උත්කල දේශයෙන් මධ්‍යම දේශයට යන්නාහු’’ යනුවෙන් (පඤ්චහි සකටසතෙහි උක්කලා මජ්ක්‍ධිමදේසං ගච්ඡුන්තා) සඳහන් වේ.

4.       අඕගුත්තරනිකායට්ඨකථාවේ (381 පිටුව), මහාවග්ගපාලි අට්ඨකථාවේ (ඪග959) සහ අපදානට්ඨකථාවේ (85 පිටුව) එම දෙදෙන කේසධාතු ලැබූ පුවත දැක්වේ.


තිරියාය සෙල්ලිපිය සම්බන්ධ විමර්ශන
1.       ෑචසටර්චයස් ’ැහකදබසජ්ල ඩදකග1ඪ ගචචග151-160312-319චචත ෑචසටර්චයස් ’ැහකදබසජ්ල ඩදකගඪග174-176 
2.       ඵ්ය්හ්බ්සිප සබ ක්‍ැහකදබල ඡු්ර්බ්ඩසඒබ්ල ීගක්‍න්‍ීක්‍ග ඪදකගෂෂ :ක්‍ැහකදබ න්‍දමරබ්ක දෙ ීජසැබජැ
3.       සාසනරතන හිමි, මොරටුවේ: ලක්දිව මහායාන අදහස්.
4.       ලක්දිව වටදාගේ, අනුරාධ සෙනෙවිරත්න, කොළඹ (ගුණසේන) 1966.
5.       තිරියායේ වටදාගෙය (පුරාණ ලිරිහ`ඩුසෑ විහාරය) ඇම්.එච්. සිරිසෝම. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)
6.       ගිරිහ`ඩු මහ වෙහෙර (කේශධාතු චෛත්‍යය) අමර හේවාමද්දුම, (පුරාවිද්‍යා ශතසංවත්සර ප‍්‍රකාශන මාලා අංක 2.
7.       ලංකාවේ සංස්කෘත සෙල්ලිපි, සද්ධමංගල කරුණාරත්න, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය-1991 (ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම).
8.       ලක්දිව සෙල්ලිපි තුළින් මතුවන මහායානික සාධක, මාලනී ඩයස්, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය-1992. (ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම).
9.       ඵමාසහ්බිැල භ්බා්ිැබ්ල ඵ්ය්හ්බ් ඵදබමපැබඑි සබ ක්‍ැහකදබල ක්‍දකදපඉදල 1967.
10.      ීසරසිදප්ල ඵග්‍යථ ඔයැ ඪ්ඒා්ටැ ්එ ඔසරසහ්හ්ල ක්‍දකදපඉදල 1983.

තිරියාය සෙල්ලිපියේ් සිංහල පරිවර්තනය

(පරිවර්තනය කරන ලද්දේ මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් විසිනි)

1.       නොවැළකුණු භක්තියෙන් යුත් හදවත් කරණ කොටගෙන, පිරිසිදු ගුණ කරණ කොටගෙන අසහාය ගුරු වූ භාග්‍යවත් වූ ශාක්‍ය රජවරුන්ට තිලකයක් බඳු වූ සුගතයන් වහන්සේ කෙරෙහි පළමු ව දන්දීම් ගුණයෙන් මූර්තිමත් වූ බුදුරජාණන් වහන්සේ හමුවේ ලබන ලද ධාතු බෙහෙවින් බබළයි.

2.       මුහුදු ගමන්හි දක්‍ෂ වූ නන්වැදෑරුම් නැව් නමැති පාත‍්‍රවල පුරවන ලද භාණ්ඩ සිය ගණන් ඇති වෙළඳුන් සමග (ඔවුන්ගේ) කුසල් හේතුවෙන් (ඔවුන් සමග) සැම කල්හි සහායක වූ දෙව්දුවක විසින් ද මතු කලෙක කුඩා ගිරිකණ්ඩික නම් චෛත්‍යක් වේ යැයි කියන ලද කල්හි.

3.       සමුද්‍රස්ථ වූ එක් වූ, ගුණයන්ගෙන් යුක්ත වූ සමීපයට පැමිණි නාගරාජයන් සහිත වූ අතිශයින් ශාන්ත වූ වෙළඳ සමූහයක් විසින් ගොඩ බැස සතුටින් ඉදිකරන ලද්දේ යැයි යම් හෙයකින් ලෝකයෙහි ප‍්‍රසිද්ධ වී ද ඒ මේ ගිරිකණ්ඩිත චෛත්‍යය මනා ව බබළයි. 

4.       නෙළුම් මල් සමූහයෙන් කරන ලද පූජා නිසා මනෝඥ වූ මිදුල් බිම් තලයක් ඇති සැම කල්හි ඉතා සන්තෝෂයෙන් පසු වන (වෙසෙසින් පැහැදුණු) ජන සමූහයා විසින් භක්තියෙන් නමස්කාර කරන ලද උතුම් වූ ගිරිකණ්ඩික නම් චෛත්‍යයට බෙහෙවින් නැමී නමස්කාර කරමි.

5.       කිරුළුමිණෙහි කරන (නෙලන) ලද පැහැදිලි ව පෙනෙන මහාමුනින්ද්‍රයන් වහන්සේගේ ප‍්‍රතිමාව දරන සිද්ධ, දේව, කින්නර යන මොවුන්ගේ අතිශය පූජාවට යෝග්‍ය වූ ගුරු වූ අවලෝකිතේශවර යැයි ප‍්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වාසය කරත් ද ඒ ගිරිකණ්ඩික චෛත්‍යය මම දිනපතා නමදිමි.

6.       මදනය, දෝෂය සහ ශෝකය දුරු කරන රනින් අලංකාර වූ බබළන විසිතුරු ශරීර කාන්තිය ඇති සුකුමාල සිරුරක් ඇති භාග්‍යවත් වූ මඥ්ජු ශ‍්‍රී මුනි තෙමේ ද නියත ලෙස යම් තැනෙකට එළඹේ ද ඒ උතුම් ගිරිකණ්ඩික චෛත්‍යයට මම ද ප‍්‍රණාමය කරමි.

7.       අහස් ගෙඟහි වූ නෙළුම් පත්වලින් ගැසූ ගොටුවල පුරවන ලද සුවඳ ජලය අතින් දරන, මල්, සුවඳ දුම්, මැණික් පහන්, නිවේද්‍ය දරන්නා වූ දෙව`ගනෝ ලීලාන්විත ව දෙව් ලොවින් බැස ගිරිකණ්ඩිකයෙහි වසන භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වති.

8.       ලීලා සහිත වූ දිවසක්, දිව බෙරවල උසස් නාදයෙන් සමන්විත නොයෙක් පරිවාර සහිත දෙවියන් විසින් අනුගත සක්දෙවිඳු ද දිවරුක්හි හටගත් පැන් ඉසින ලද මල් කැන් ඉසිමින් උතුම් ගිරිකණ්ඩියට බසින්නේ ඒ සත් කෘත්‍යය (එනම් වැඳීම) කරයි.

9.       නොයෙක් සිය ගණන් මහ නැණවතුන් විසින් දිනපතා පූජා කරනු ලබන, විරල නොවූ සිංහලේන්ද්‍රයන් සහ (සාමාන්‍ය) ජනයන් විසින් කරන ලද (පුදන ලද) සිය ගණන් පූජා වස්තු ඇති, සිය ගණන් ආර්යයන් විසින් සේවනය කරන ලද, විෂය (ආශාව) අත් හැරීමට කරුණු වූ ගිරිකණ්ඩිගත (ගිරිකණ්ඩියෙහි වසන) සුගතයන් වහන්සේ මම ද පුදමි.

10.      සියලූ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නා වූ භාග්‍යවතුන්ගේ (ද) උතුම් ගිරිකණ්ඩික චෛත්‍යාලය වෙත නතු වූ බුද්ධිය හේතු කොටගෙන .. (නුවතාමයත් භවත්) කුසලය රැුස් කරන ලද්දේ ද ඒ කරණ කොටගෙන ලෝකය භවසාගර දුකෙන් මිදුණක් වේවාෟ 

11.      කරන ලද ප‍්‍රතිඥා ඇති, කරන ලද අර්ථ (කාර්ය) ඇති ත‍්‍රපුෂ්‍යක-වල්ලික යන දෙදෙනා පිළිබඳ වෙළඳ සමූහයා විසින් ගිරිහඩු සෑය කරවන ලදි.

12.      සියලූ ධර්මයෝ නැසෙන ස්වභාව ඇත්තෝ ය.