History

Wednesday, 22 July 2020

මැතිවරණ කොමිසමේ අපක්‍ෂපාතීත්වය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මැතිවරණ කොමිසමේ අපක්‍ෂපාතීත්වය 


මැතිවරණ කොමිසම හා එහි සභාපති ගැන පොදු ජන පෙරමුණේ බොහෝ දෙනාගේ විශ්වාසයක් නැති බව පැහැදිලියි. මැතිවරණ කොමිසමේ අපක්‍ෂපාතීත්වය ගැන ප්‍රශ්න තියෙනවා. කොමිසමේ සභාපතිට අමතර ව රත්නජීවන් හූල් ඉන්නවා. මේ කොමිසම දහනවවැනි සංශෝධනය යටතෙ පිහිටවපු තවත් ඊනියා අපක්‍ෂපාත කොමිසමක්.  කොමිසම වැඩ කරන්නේ නීතියට එකඟ ව ද කියන ප්‍රශ්නය හැම තැනින් ම මතුවෙනවා. 


අගෝස්තු පස්වැනි දා පැවැත්වෙන මැතිවරණයෙන් පොදු ජන පෙරමුණු සංධානය දිනන එක මැතිවරණ කොමිසමටවත් වළක්වන්න බැහැ. පොදු ජන පෙරමුණු සංධානය දිනන්නේ  මැතිවරණ කොමිසමකුත් තිබිය දී කියල අපට කියන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට කිහිපයක් එළියට ඇවිත්. ඒවා එළියට දමන්නේ කවුද කියන ප්‍රශ්නයත් අහන්න වෙනවා. 

සජිත්ගේ දේශපාලන පක්‍ෂය නීත්‍යානුකූල නැති බව මැතිවරණ කොමිසමේ සභාපති කියා තිබෙන බව පැවසෙනවා. ඒ හඬපටය එළියට ඇවිත්. නීත්‍යානුකූල නොවන දේශපාලන පක්‍ෂයක නාම යෝජනා පත්‍ර භාරගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසීමෙන් වැඩක් නැහැ. එය අධිකරණය විසඳීය යුතු දෙයක් බව පවසන්න පුළුවන්. මේ රටේ මිනිසුන් වැඩ කරන්නේ නීතිය බදාගෙන මිසක් නීතියට එකඟ ව නො වෙයි. 

අර මැතිවරණය සම්බන්ධ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන තෙක් මැතිවරණ කොමිසමේ සභාපතිට ඉස්පාසුවක් තිබුණේ නැහැ.  දැන් ගැසට් නිවේදනයෙන් පස්සෙ වෙන ප්‍රශ්නයක් මතු වෙලා. ඕන එකකට අහන්නෙ ගැසට් කරල ද කියලා. අර කුරුණෑගල භුවනෙක රාජ සභා මණ්ඩපය ගැනත් අහන්නෙ ගැසට කරල ද කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවෙ සියලු ඓතිහාසික ගොඩනැගිලි ගැසට් කරල ද? ඓතිහාසික යැයි ගැසට් නොරපු ගොඩනැගිල්ලක් ඓතිහාසික වීමට බැරි ද? 

පුරාවිද්‍යාවේ සංරක්‍ෂණය කියල සංකල්පයක් තියෙනවා. ඒක බටහිරින් ලැබුණු එකක්. බටහිර කිසිම රටක අපේ තරම් පැරණි සන්තතික ඉතිහාසයක් නැහැ. අපට ඔවුන්ගෙන් සංරක්‍ෂණය ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. අපේ ඉතිහාසයේ රජවරු සංරක්‍ෂණය කරල නැහැ. ඕන නම් ප්‍රතිසංස්කරණය කරල කියන්න පුළුවන්. මියන්මාරයේත් තත්වය එහෙමයි. රුවන්වැලි සෑය වගේ ම ෂ්වේදගොන් චෛත්‍යයත් කීප වතාවක් ම ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. ඒක තමයි පොදු බෞද්ධ සංස්කෘතිය. කිසිම තර්කයක් දන්නෙ නැති තර්කානුකූල ව හිතන්න බැරි පඬි නැට්ටන්ට නම් සංරක්‍ෂණය නොකළ යුතු ය කියන්නේ කඩා බිඳ දැමීම වගේ දෙයක්. මේ ද්විකෝටික න්‍යායෙන් ඇති වන අවුල්. 

කුරුණගල කඩා බිඳ දමා ඇත්තේ කවුරුන් හදපු එකක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් එය කවුද චන්දරේ කෙනකුගෙ වැඩක් කියල නම් හිතන්න බැහැ. ඒ කුමක් වුවත් ගැසට් පත්‍රයෙහි එල්ලිලා තර්ක කරන එකෙන් නම් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. ගැසට් පත්‍රයෙහි පළ නොකළ ඓතිහාසික භූමි ගොඩනැගිලි මෙරට නැති වෙන්න බැහැ. 

මැතිවරණ කොමිසමේ සභාපතිත් ගැසට් ගැන කියනවා. අධිකරණ තීන්දු ගැන කියනවා. ඒ අතර අවශ්‍ය පරිදි කොමිසමත් තීරණ ගන්නවා. සජිත්ගේ නාම යෝජනා පිළි අරන්. කොමිසමට කරන්න තිබුණෙ ප්‍රශ්නය අධිකරණයට යොමු කරන්න නැත්නම් සජිත්ගෙ පක්‍ෂය නීත්‍යානුකූල නොවන බව දන්නවා නම් නාම යෝජනා ප්‍රතික්‍ෂෙප කරන්න. ප්‍රතික්‍ෂෙප කළා නම් සජිත් අධිකරණයට යන්න තිබුණා.  

මැතිවරණ කොමිසම ඒ අස්සෙ පහුගිය දා වැඩ බලන පොලිස්පතිට ලියුමක් ඇරල මැතිවරණ කාලයෙහි රිෂාඩ් බද්‍යුද්දීන් පොලීසියට කැඳවන්න එපා කියල. කොමිසම අදාළ පනත් වගන්ති උපුටා දැක්වූවා ද කියා දැන ගැනීමට නැහැ. අඩු තරමෙන් ගැසට් පත්‍ර දැන්වීමක්වත් සඳහන් කළා ද දන්නෙ නැහැ. ඒ නැතත් අප දැන ගන්න කැමතියි අදාළ පනත් රෙගුලාසි ආදිය. බද්‍යුද්දීන් හා පාසකු ප්‍රහාරය අතර සම්බන්ධයක් තිබේ නම් එය පොලිස් විමර්ෂණ කණ්ඩායම් හා පත් කර ඇති කොමිසම සොයා ගනීවි. තමන් මැතිවරණයක තරග කරනවා කියා කිසිවකුට නෛතික මුක්තියක් නොලැබෙන බවයි මගේ හැඟීම. 

ඉතිහාසඥයකු හරි නීතිඥයකු හරි නොවන මට මේ කිසිවක් ගැන කතා කිරීමට අයිතියක් නැතැයි පඬි නැට්ටකු කියන්න පුළුවන්. මා ඒ විෂය හදාරලා නැති බව ඇත්ත. ඒත් මට කුතුහලයක් තියෙනවා ඒ ගැන දැන ගැනීමට. ඒ ගැන ලියන්නත් මට බාධාවක් නැති බවයි මගේ හැඟීම. මා ලියන්නේ කාලය බ්ලොග් අඩවියෙ. ඒක චින්තන පර්ෂදයයි පවත්ව ගෙන යන්නෙ. ඒක තමයි මගේ ප්‍රචාරණ ආයුධය. කිහිප දෙනකුගේ ඉල්ලීම පරිදි මා මුහුණුපොතෙත් ඒ ලිපිය පළ කරනවා. මුහුණුපොතේ ගිණුම අවුරුදු හතරක් පමණ පරණයි. 

මැතිවරණ කොමිසමට හරි එහි සභාපතිට හරි අපක්‍ෂපාත වෙන්න කියන්නෙවත් අපක්‍ෂපාත බව පෙනෙන අයුරින් කටයුතු කරන්න කියල කියන්නෙවත් නැහැ. මැතිවරණ කොමිසම කියන්නෙ දහනවවැනි සංශෝධනයේ ප්‍රතිඵලයක්. දහනවය අපක්‍ෂපාත කියල කවුරු හරි හිතනවා නම් ඒක ප්‍රශ්නයක්. කිසිම පනතක් නීතියක් අපක්‍ෂපාත නැහැ.