History

Sunday, 9 August 2020

රනිල්දාසලාගේ හා පඬියන්ගේ විප්ලවයේ ගමන් මග

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






රනිල්දාසලාගේ හා පඬියන්ගේ විප්ලවයේ ගමන් මග 

අද මහින්ද රාජපක්‍ෂ හතරවැනි වතාවටත් රටේ අගමැති ලෙස දිවුරුම් දුන්නා. මා ඔහුට සුබ පතනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දින කිහිපයකින් අමාත්‍ය මණ්ඩලය පත් කරාවි. ජී එල් පීරිස් විදේශ ඇමති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමති ලෙස පත්කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඔහු ඔය තනතුරු කලින් ද දරා තිබෙනවා. ඔහුගේ ඉතිහාසය නම් හොඳ නැහැ. 

ඔහු චන්ද්‍රිකා යටතේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කළා. ඔහු ජෙනීවා ගිහින් කෙළේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමයි. ඔහු චන්ද්‍රිකාගෙ අවලම් තවලම්වල මංගලත් එක්ක සුදු නෙළුම් අරගෙන ගියා. ජඩපාලන ආණ්ඩුව කාලෙත් ඔහු පළාත් සභා සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට යෝජනා කළා.  ඒ කියන්නේ ඔහුගේ වැඩවලින් රටට නරකක් මිස හොඳක් වුණෙ නැති බවයි. මට දැන ගන්න අවශ්‍ය ඔහු  ඉතිහාසයෙ කර ඇති දේ වැරදි බව පිළිගන්නවා ද කියන එක. ඔහු විජේදාස රාජපක්‍ෂට වඩා වෙනස් වෙන්නෙ පැනපු පැත්තක වැඩි කාලයක් ඉන්න එකෙන්. ඔහු විදේශ ඇමති වීම පෞද්ගලික ව නම් මට ප්‍රශ්නයක් නො වෙයි. මා විදේශ සේවයට අයත් නැහැ. මා රාජ්‍ය සේවකයකුත් නො වෙයි.  

මහින්ද දිවුරුම් දීමට කැලණිය රජමහා විහාරය තෝරා ගත්තු එක හොඳයි. ඒ වගේ ම ඇමති මණ්ඩලය මහනුවර මගුල් මඩුවෙ දිවුරුම් දෙන එකත් හොඳයි. එහෙත් ඇමතිවරුන්ගේ දිවුරුම් දීම හුදු සංකේතයක් නොවිය යුතුයි. අප දැන් ඉන්නේ සිංහල බෞද්ධ සංකේත පහුකළ යුගයක. සිංහල බෞද්ධයන්, පරාද කරන්න බැරි යැයි කී කොටි පරාජය කළා. ඒ කෙළේ හමුදා විසින් බව පැහැදිලියි. එයට ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ නායකත්වය සැපයුවා. එහෙත් ඒ සියල්ල වුණෙ සිංහල බෞද්ධ අවශ්‍යතාවට. ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වුණා. එයත් ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධයන්ගෙ වැඩක්. 

තවත් දේ පසුගිය කාලයෙ සිදු වෙලා තියෙනවා. එ එකක්වත් හුදු සිංහල බෞද්ධ සංකේත නො වෙයි. දැන් සිංහලයන්ගෙ අවශ්‍යතාවට තුනෙන් දෙකක බලයක් ලැබිල තියෙනවා. දහතුන හා දහනවය ඉවත් කරන්න ඕනෙ. හැබැයි ද්විත්ව පුරවැසියන්ට මැති ඇමතිකම් පමණක් නොවෙයි ආණ්ඩුවෙ උසස් නිලතල දරන්න බැරි වෙන විධියට ව්‍යවස්ථාව සකස් වෙන්න ඕන. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සංකේතවලට පමණක් සීමා වූ අයකු නො වෙයි. මේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුත් සංකේතවලින් ඔබ්බට යන්න ඕන. ඔවුන් එසේ කරන බවට ඔවුන්ට ඡන්දය දුන් අය වග බලාගන්න ඕන. විශේෂයෙන් ම මහා සංඝ රත්නයට මෙහි දී විශේෂ කාර්යභාරයක් හිමි වෙනවා. උන්වහන්සේ අපේ ඉතිහාසයෙ හැමදාමත් අපටත් රටේ භාරකරුවන්ටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. අදත්  එය එසේ ම විය යුතුයි. 

අපි මැතිවරණ ප්‍රතිඵලය ටිකෙන් ටික විග්‍රහ කරමු. මා දේශපාලන විචාරකයකුවත් විශ්ලේෂකයකුවත් නො වෙයි. ජනමාධ්‍යවේදීන් නම් දැන් නම් මට විශ්ලේෂකයකු කියන්නේ නැහැ. එඩ්මන්ඩ් රණසිංහ, ගාමිණී සුමනසේකර, ගාමිණී වීරකෝන් ආදීන් නම් කලක් එසේ හැඳුන්නුවා. අද නම් විශ්ලේෂකයන් කියන්නේ දත්ත ටිකක් ඉදිරිපත් කරන අයට. මා විශ්ලේෂකයකු වීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. 

අපි ජාතික ජන බලවේගයෙන් පටන් ගනිමු. ඒ එය නොවැදගත් ම නිසා. සකර්බර්ග් පිටුවල සැරිසරන ජාතිකවාදීන් කිහිප දෙනකු පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් සමග ජාතික ජන බලවේගය ගැන කතා වෙනවා. පඬියන් හිතන්නේ ඒ ජාතිකවාදීන් ඊනියා ජාතික ජන බලවේගය ගැන කතා කරන්නේ එහි ඇති වැදගත්කම නිසා කියා. එහෙත් මට තේරෙන්නේ ඒ ජාතිකවාදීන් වින්දනයක් ලැබීම සඳහා පඬියන් පඬි පෝතකයන් සහ පඬි නැට්ටන් සමග කතාබහ කරන බවයි. අද දේශපාලනයේ වැඩියෙන් ම විනෝදය සපයන්නේ සකර්බර්ග් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. මාත් විනෝදය සඳහා ඔවුන් ලියන දේ ඉඳහිට කියවනවා. සකර්බර්ග් විනෝද සමය!

ඊනියා ජාතික ජන බලවේගයෙ ජාතිකත් නැහැ ජනත් නැහැ බලවේගත් නැහැ. නම දාපු තැනැත්තාට තෑග්ගක් දෙන්න වටිනවා. ඔවුන් අවසානයේ දී තරග කෙළෙ සිංහලයන් වැඩියෙන් ඉන්න පළාත්වල. දෙමළ කතා කරන ජනයා ඔවුන් මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරනවා ද? ඔවුන් ජාතිය ලෙස සලකන්නෙ සිංහල ද? ජාතික ජන බලවේගය සිංහල පළාත්වලට සීමා වූවක් ද? නොදන්න නිසයි අහන්නෙ? ඔවුන්ට නිකම් කන්න බොන්න දෙන අය අලිමංකඩින් එහා නැද්ද? යාපනයෙ ජාතිවාදී කියන ශ්‍රී ල නි පක්‍ෂය දිනලා. ජාතිවාදීන් නොවන්නන් කියන්නන්ට අලිමංකඩින් එහාට යන්න බැරි ද? 

මෙවර මැතිවරණයෙදි අප නොසලකා හැරි කරුණක් තිබුණා. ඉතා වැඩි ප්‍රමාණයක් ඡන්දය දෙන ජනාධිපතිවරණයක් සමග පැවැත්වෙන මැතිවරණයක දි ඡන්දය ප්‍රකාශ කරන සංඛ්‍යාව අඩු වෙනවා. අපි ඒක නිරීක්‍ෂණය කරල තිබුණා. ඒත් අපට මග හැරුණ දේ තමයි එසේ ඡන්දය නොදී ඉන්න අයගෙන් බහුතරය ජනාධිපතිවරණයෙන් පැරදුන ප්‍රධාන අපේක්‍ෂකයාගේ පක්‍ෂයේ අය වීම බව. එවිට ජයග්‍රහකයාගේ පක්‍ෂයට ඡන්දය දෙන අය වැඩි නූණත් ඡන්ද ප්‍රතිශතය වැඩි වෙනවා. 

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ඡන්ද 69,24, 255ක් ලැබුණා. සජිත්ට 55,64, 239කුත් රනිල්දාසට 4,18,556කුත් ලැබුණා. ප්‍රතිශත හැටියට ඒ පිළිවෙළින් 52.25, 41.99, 3.16යි. මැතිවරණයෙ දි ලැබුණු ඡන්ද සංඛ්‍යාවන් හා ප්‍රතිශත සුළු වෙනස්කම් සහිත ව නමුත් ඒ පිළිවෙළට ම මෙසේයි. 68,53,690 (59.09), 27,71,980 (23.90), 4,45,958 (3.84).  එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 2,49,435ක් 2.15ක ප්‍රතිශතයක් සමග ලැබිල තියෙනවා. එය සමගි ජන බලවේගයට එකතු කළොත් 30,21,415 (26.05)ක් ලැබෙනවා.  

පොදු ජන පෙරමුණු සංධානයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව එතරම් අඩුවෙලා නැහැ. සජිත්ටයි රනිල්ටයි ලැබුණු ඡන්ද එකතු කළත් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා. ඒ කියන්නෙ ඔවුන්ගෙ ඡන්දදායකයන් ඡන්ද පොළට ගිහිල්ල නැහැ කියන එකයි. ඒ නිසා තමයි සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන් වුණෙ. ඡන්ද පොළට ගිය අයගෙන් ඉතා වැඩි පිරිස සංධානයෙ ඡන්දදායකයන්. ඡන්දයට කලින් ගණන් බැලීමේ දී  අපට අතපසු වූයේ මේ කරුණයි.  

මෙවර ඊනියා ජාතික ජන බලවේගයට රනිල්දාසට නැති බලයක් එකතු වුණා. මොන තරම් දෙයක් ද? ඒ විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන් ආදීන්. එහි ප්‍රතිඵලයක් ලෙසදෝ ඡන්ද සංඛ්‍යාව 27, 402කින් වැඩි වෙලා. එය බලාපොරොත්තු ඇති කරන්නක්. ප්‍රතිශතයත් ටිකක් වැඩි වෙලා. සාමාන්‍යයක් ලෙස ගත්තොත් එක් විද්වතෙක් ඡන්ද දාහක් පමණ එකතු කර තිබෙනවා. මේ එක් උපකල්පනයක් පමණයි. තවත් උපකල්පන රාශියක් තියෙනවා. සමහර කලාකරුවන් මනාප වශයෙන් 27,000ට වඩා අරගෙන තියෙනවා. එය වෙනත් කරුණක්. පඬියන් කියන්නේ ඒ ගැමුණු රජු වගේ රඟපාල කියලා. ලෙනින් වගේ රඟපෑව ම එච්චර ඡන්ද ලැබෙන්නෙ නැද්ද?

සජිත්-රනිල් පසුබැස තිබියදීත් ඊනියා ජාතික බලවේගයට තුන්වැනි බලවේගයක් ලෙස මීට වඩා ඡන්ද ලබා ගන්න බැරි වුණෙ මොක ද? මන්ත්‍රී ධුර හයෙන් තුනට බැස්සෙ ඇයි? 2010 දි සරත් ෆොන්සේකත් එක්ක එකතුවෙලානෙ තරග කළෙ. 2015 දි විප්ලවය ජඩපාලනයට ගියා නොවැ. සරත් ෆොන්සේකත් එක්ක නම් 2010දි මන්ත්‍රී ධුර හතක් ලැබුණා. ඡන්ද නම් 4,41,251යි. ප්‍රතිශතය 5.49යි. රනිල්දාසලාට හැමදාමත් හම්බ වෙන්නෙ ඡන්ද හාරලක්‍ෂයයි ටිකක්. මේ හාර ලක්‍ෂ මංකොල්ලෙ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය ද?  ප්‍රතිශත එහාට මෙහාට වෙනස් වෙනවා. රනිල්දාසල ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු. ඒ නිසා ස්ථිර ඡන්ද සංඛ්‍යාවක් තියාගෙන ඉන්නවා. මට මතක නැති වුණා. ඇත්ත මිනිස්සු නොවැ. 

මෙරට දේශපාලනයට අනුව සජිත් හරි ඔහුගෙ අවතාරයක් හරි  නැති වෙන්නෙ නැහැ. ඒ නිසා රනිල්දාසට දෙවැනි බලවේගයක් තියා ඊනියා තුන්වැනි බලවේගයවත් ගොඩනගන්න බැහැ. රනිල්දාස ටික කලක් ගිහින් සජිත්දාස වේවි. එතකොට විද්වතුන්. ඔවුන් දැනටමත් සජිත්දාසල වෙලා. අර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජාතික ලැයිස්තුවෙන් පිට ඉන්න පඬි නැට්ටකු පත් කර ගන්න පුළුවන් ද?