History

Wednesday, 23 September 2020

මියන්මාර වැසියන් හා සුදුසේකරලා

 මියන්මාර වැසියන් හා සුදුසේකරලා

මා ජයසේකර මුතුරන්වලගේ මේ ලිපිය බෙදා හදා ගන්නේ මියන්මාර වැසියන් ලංකාවටත් විශේෂයෙන් දළදා මැදුරටත් දක්වන ගෞරවය සිංහල බෞද්ධයන්ට දැන්වීම පිණිසයි. ඒ මිස මෙහි වෙනත් දේශපාලන කතාවක් නැහැ. මියන්මාරයේ ලංකා තානාපති ලෙස මියන්මාරයේ දේශපාලනයක් ගැන කතා කරන්න මට බැහැ.
මියන්මාර වැසියන්ට සිංහල බුද්ධාගම ගැන ඇති ගෞරවය ගණනාථලාට (කවුද සඳහන් කර තිබූ පරිදි ගණනාථ සුදුසේකරට හෙවත් සුදුසේවකට) හා ඔවුන්ගේ අවජාතක ගෝලයන්ට නැත්තේ ඇයි ද කියා මා අසන්නේ නැහැ. ඒ ප්රශ්නයට පිළිතුර පසුව පළ කරන්නම්.



දළදා සමිදුන් වැඳ
බුරුමයේ ජාතියේ පියා මහනුවර දි
අත්සන් කළ
බුරුමයේ නිදහස් ගිවිසුම
(සෙංකඩගලපුර පවත 40)
ගිවිසුම් ගැන කතාකළාම මුලින්ම අපිට සිහිපත් වෙන්නේ රට සුද්දාට පවරපු උඩරට ගිවිසුම.ඒක අත්සන් කළේ මහනුවර මගුල්මඩුවේදි 1815 මාර්තු 2 වෙනිදා.ඉතින් බ්රිතාන්යයේ ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හා උඩරට රදළ ප්රධානින් අතර තමයි මේ ගිවිසුම අත්සන් කළේ.
අද මම කියන්නේ ඒ වගේම අත්සන් කරපු තවත් ගිවිසුමක් ගැනයි.ඒක අත්සන් කළෙත් මහනුවරදි.හැබැයි රටක් තවත් රටකට පවරන්න නොවෙි.තවත් රටකින් තවත් රටක් නිදහස් කරගන්න.
මේ නිදහස් ගිවිසුම අත්සන් කළේ බුරුමය හෙවත් මියන්මාරයේ නිදහස සදහායි.බුරුමයේ නිදහස වෙනුවෙන් ලංකාවේදි ගිවිසුම් අත්සන් කරන්නේ මොකටද කියලා සමහරවිට ඔබ කල්පනා කරාවි.ඒ කතාව මෙහෙමයි .
බුරුමය නිදහස ලැබුවේ ශ්රී ලංකාව බ්රිතාන්ය පාලනයෙන් නිදහස් වන්නට හරියටම මසකට ඉස්සෙල්ලා , ඒ කියන්නේ 1948 ජනවාරි 4 වනදාය. එහෙත් ඒ නිදහසට මෙරට දී මුල් පියවර තැබූ මියන්මාරයේ නිදහසේ පියා එහෙම නැත්නම් ජාතියේ පියා ලෙස හදුන්වන ජනරාල් අවුන් සාන් (Aung san) එය සමරන්නට ඉඩක් ලැබුනේ නැහැ.ඊට හේතුව වුයේ ඊට පෙර වසරේ (1947) ඔහු සහ ඔහුගේ කැබිනට් මඩුල්ලේ සාමාජිකයන් වීමට සිටි සියලු දෙනා බිහිසුණු ඝාතනයකට ලක්වීමයි.
ජනරාල් අවුන් සාන් කියන්නේ වර්තමානයේ මියන්මාරයේ නායිකාව වන අවුංසාන් සුකිගේ පියා.
ඉතින් බුරුමයට නිදහස ලබාගැනිමට අධිරාජ්යවාදීන් සමඟ ගිවිසුමක් අත්සන් කිරිමට තිබුණා.ඒ ගිවිසුම අත්සන් කිරිමට ජනරාල් අවුන් සාන් ලංකාවේ මහනුවර තෝරාගත්තේ ව්ශේෂ හේතුවක් නිසා.ඔහු දළදා වහන්සේට අසීමිත ලෙස ගරුකළා.ඔහු හොඳ බෞද්ධයෙක්.ඒ නිසා ඔහු සියළු කාර්යයන් කිරිමට පෙර බුරුමයේ ස්වේදගොන් චෛත්ය ළඟට ගිහින් ආගමික වතාවත්වල යෙදෙනවා.ඒ නිසා තමන්ගේ රටට නිදහස ලබාගැනිමේ මුලික ලියවිලි හෙවත් ගිවිසුම් වලට අත්සන් කිරිමේ වැදගත් කාර්යයත් ජීවමාන බුදු හාමුදුරුවෝ ලෙස සලකන දළදාවහන්සේ ගේ ආශිර්වාදය ලබාගෙන ඉටුකිරිමට ජනරාල් අවුන් සාන් කල්පනා කළා.
ඒ අනුව ජනරාල් අවුන් සාන් ඇතුළු නියෝජිත පිරිසක් ලංකාවට ආවා.ගිවිසුම අත්සන් කිරිමට තිබුණේ 1945 සැප්තැම්බර් 4 දා.
මුලින්ම දළදා මාලිගාවට ගිය ජනරාල් අවුන් සාන් ඇතුළු පිරිස එවකට දියවඩන නිලමේ විසින් පිළිගත්තා.පස්සේ ඔහු දළදා වහනසේට සමන් පිච්ච මල් වට්ටියක් පුජාකරලා තමන්ගේ රටට ආශිර්වාදය ප්රාර්ථනා කළා.තමන් ජිවිතයේ බොහො ගරුකරන තැනක්වු දළදා මාලිගාවෙි බොහෝ වේලාවක් ජනරාල් ඔින්සාන් ගතකර තිබෙනවා.
පසුව මහනුවර පේරාදෙණියේ බ්රිතාන්ය ඇමෙරිකන් අග්නිදිග ආසියා යුද මුලස්ථානයට ඔහු ගිහින් තිබෙනවා.
බුරුමයට පූර්ණ නිදහස ලබා ගැනීමේ මුල් පියවර වශයෙන් එරට ජාතික විමුක්ති සටන දියත් කළ දේශප්රේමී හමුදාව විසුරුවා හැර එය රජයේ නිල හමුදාවක් වශයෙන් ප්රතිසංවිධානය කිරීමට එකඟත්වය ලබා ගැනීම තමයි නියෝජිත පිරිසේ අරමුණවුනේ. ඒ ගිවිසුම අස්සන් කළේ ජනරාල් අවුන් සාන් හා සහ අග්නිදිග ආසියා යුද මුලස්ථානයේ ප්රධාන සේනාපති ලුවී මවුන්ට් බැටන් සාමිවරයායි .යටත් විජිත පැවති ආසියාවේ ප්රධානම අණදෙන නිලධාරියාවුනේ මවුන්ට් බැටන් සාමිවරයායි.
ඒ වගේම ඒ ගිවිසුමෙන් කියවුණු වැදගත්ම කාරණය තමයි බ්රිතාන්යයන් බුරුමයේ පාලන බලය අත්හැරිය යුතු බවයි.
ඉතින් දළදා වහනසේගේ ආශිර්වාදය ලබාාගන මහනුවර දි අත්සන් කළ මේ බුරුම නිදහස් ගිවිසුම බුරුමයේ ප්රසිද්ධ කාරණයක්.ඒ වගේම බුරුමයේ පාසල්වල ජාතියේ පියා ගැන උගන්වන පාඩම්වල මහනුවර ගිවිසුම ගැන විශේෂයෙන් සදහන් කරනවා.මේ හේතුව නිසා එරට දරුවන් තුළ පවා ලංකාවේ මහනුවරට තියෙන්නේ සුවිශේෂි ගෞරවයක්.
ලංකාවට ඇවිත් මහනුවරදි නිදහස් ගිවිසුම අත්සන් කරලා බුරුමයට ගිය ඔහුට එරට වැසියන්ගෙන් ලැබුණේ ඉහළම ප්රතිචාරයක්.
ඉතින් වසර 1947 වන විට බුරුමයට පූර්ණ නිදහස ලබා දෙන බවට අවුන් සාන් සිය ජනතාවට වූ පොරොන්දුව බොහෝ දුරට ඉටුකර තිබුණා.. එවකට බුරුමයේ බ්රිතාන්ය ආණ්ඩුකාරයාගේ අනුමැතියෙන් ඔහුගේ විධායක මණ්ඩලයේ නියෝජ්ය සභාපති ලෙස පත්වී සිටි තරුණ අවුන් සාන් නිදහස් බුරුමයේ ප්රථම අගමැති වීමට නියමිතව සිටියා.ඒ සඳහා ඔහු සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන්ද තෝරාගත්තා.. හැබැයි මේකට බ්රිතාන්ය අධිරාජ්ය ගැති බුරුම ප්රතිගාමීන් තුළ එතරම් සතුටක් තිබුණේ නැහැ
1947 ජුලි 19 දා බුරුමයේ රැන්ගුන් නුවර රජයේ ප්රධාන ලේකම් කාර්යාලයට උදේ 10 ට පමණ රැස්වු විධායක මඩුල්ලේ සාමාජිකයන් දසදෙනා ජනරාල් අවුන් සාන් එනතෙක් බලා සිටියා. විනාඩි දහයකට පසු ඔහු පැමිණ රැස්වීමේ කටයුතු ඇරඹිමට පෙර එහි තිබු බුදුරුවට මල්පුදා කණ්ඩායම සමඟ විනාඩි කීපයක් භාවනා කර තිබුණා.පසුව පෙරවරු 10.30 වන විටත් රැස්වීම තිබුණා.
හදිසියේම කාකි ඇඳුම් හැඳගත් තරුණයෝ පස් දෙනෙක් රැගත් ජීප් රියක් මහත් ශබ්දයක් නඟමින් වේගයෙන් අවුත් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්රධාන දොරටුව ඉදිරියේ නතර කළා.. සබ්මැෂින් තුවක්කුවලින් සන්නද්ධව සිටි ඔවුන්ගෙන් සතර දෙනෙක් විධායක මණ්ඩල රැස්වීම පවතී උඩ තට්ටුවට වේගයෙන් දිව ගිහින් බුරුමයේ ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් ජනරාල් අවුන් සාන් ඇතුළු ඔහුගේ කැබිනෙට් මණ්ඩලයට පත්වෙන්න සිටි සියළුම දෙනා සාහසික ලෙස ඝාතනය කළා.
. මිය යන විට ජනරාල්ගේ වයස අවුරුදු 32යි. (ඒ වනවිට වත්මන් නායිකාවු දියණියට අවුරුදු දෙකයි)නිදහස් බුරුමයේ ප්රථම අගමැති හා කැබිනට් ඇමැතිවරුන් ලෙස පත්වෙන්න සිටි අය එදා එලෙස ඝාතනයවුණා.දිවි ගැලවුනේ පස් දෙනෙකුගේ පමණයි.මේ විපත ගැන ඇසු බුරුම වැසියන් විලාප දෙන්න වුණා.. ජනරාල් අවුන් සාන් ඇතුළු මියගිය ඔහුගේ සගයන්ගේ සිරුරු යන්ගොන් (රැන්ගුන්) ලෝපතළ ස්වේදගොන් දාගැබ කරා යන මාවතේ පිහිටි ජුබිලි මන්දිරයේ තැන්පත් කළා.මාස දෙකක් පමණ ජනතා ගෞරවය සදහා එලෙස සිරුරු තැන්පත් කර තිබුණා.
කෙසේ නමුත් බුරුමයට නිදහස උදෙසා ජනරාල් ලංකාවට ඇවිත් අත්සන් කරපු ගිවිසුමට අනුව එය ක්රියාත්මක වුණේ නැහැ.ඒ අනුව බුරුමය⁣ට නිදහස ලැබුනේ 1948 ජනවාරි මස 4 වෙනිදායි.
ධර්ම ශ්රි තිලකවර්ධන