History

Sunday, 18 October 2020

යොන් මැරිල්ල

 යොන් මැරිල්ල 


යොන් මැරිල්ල කියල සෙල්ලමක් තියෙනවා. සමහරු හිතන්නෙ මෙතන යොන් කියන්නෙ මුස්ලිමුන්ට කියල. ඒ ගැන වෙන ම කතාවක් තියෙන්නෙ. අපි ඉස්සර යෝන යොන් කියල කිවුවෙ ග්‍රීකයන්ට. ග්‍රීක කියල කිව්වත් පැරණි ග්‍රීසියේ වර්ග හතරෙන් එකකට (Ionians) . යෝන යවන කියල අප ඔවුන් හැඳින්නුවා. මේ යෝනයන් අතර ඇතැන්ස්හි විසූ අය නැත්නම් ඇතීනියන්වරුන් ද හිටියා. මේ යෝනයන් පණ්ඩුකාභය කාලයේත් ලංකාවෙ හිටි බව මහාවංසයෙත් සඳහන් වෙනවා. පණ්ඩුකාභය රජු යෝනයන්ට අනුරාධපුරේ එක් ප්‍රදේශයක් වෙන් කරල දීල තියෙනවා. 


මහාවංසය ගැන සමහරු කියන්නෙ එහි කියා ඇති දේ නොව කියා නැති දේ තමයි ප්‍රශ්නය කියල. මාත් හිතන්නෙ එහෙමයි. මහාවංසයෙ ලියල තියෙන ඒව අපේ රටේ දැනට පවතින ලියල තියෙන දේ සමග සංගත වෙනවා. ඒ මුසා කියල කියන්න බැහැ. දැන් ඒකෙන් කියනවාද ලියල නැති කාලෙ ගැන මහාවංසයෙ කියන ඒවා මුසා කියල. ඒවයෙ ප්‍රශ්න තියෙනව කියල. එහෙම තර්ක කරන්න පුළුවන් ග්‍රීකයො ගැන කතා කළාට ඇරිස්ටෝටල් ගැන නිබන්ධ ලිව්වට ඇරිස්ටෝටල් කියල තියෙන දේ දන්නෙ නැති මිනිස්සු. අර එකල කාලෝ ගණිතය ගැන ලිව්ව වගේ. ගණිතය නොදැන ගණිතය ගැන ලියන්න පුළුවන්. මහාවංස කතෘ දැනට පවතින පොත් ලියන්න පටන් ගත්තට පස්සෙ කාලෙ ඉතිහාසය හරියට ලියන්නත් ඊට ඉස්සෙල්ල කාලෙ ඉතිහාසය වැරදියට ලියන්නත් හේතුව මොකක් ද? 


ඒ කාලෙ, ඒ කියන්නෙ ලියු පොත්පත් අපට ඉතිරි වෙලා නැති කාලෙ ගැන මහාවංසය කියන ඒවට ලිඛිත සාක්‍ෂි නැහැ කියන එක මහාවංසෙ ඒ කාලෙ ගැන කියන ඒව සැක කරන්න හේතුවක් නො වෙයි. මට තියෙන ප්‍රශ්නෙ මහාවංසෙ ලියල නැති දේ ගැනයි. දැන් පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙ යවනයන් නැත්නම් යෝනයන් වෙනුවෙන් ප්‍රදේශයක් වෙන් කළා නම් ඒ කියන්නෙ යෝනයන් සැලකිය යුතු පිරිසක් එකල එහි සිටි බවයි. එහි ගැටළුවක් නැහැ. ඒත් මහාවංසය නොලියන දේ තියෙනවා. මෙන්න මේ නොලියූ දේ මොනව ද කියල දැනගන්න එකයි ප්‍රශ්නය. 


නොලියන ලිවීමකුත් තියෙනවා. නොලියූ පොත කියල පොත් තියෙන්නත් පුළුවන්. මහාවංසය ලියන කාලෙ හෙළ අටුවාත් තිබුණ. මහාවංසයත් ලියල තියෙන්නෙ එකල තිබූ වෙනත් පොතුත් ආධාරයෙන්. ඒ වෙනත් පොත්වල තිබූ එහෙත් මහාවංසයෙ නැති දේ මොනවා ද? ඒ වෙනත් පොත් නැතිව අප මොනවා කරන්න ද කියල කාට හරි අහන්න පුළුවන්. එහෙත් ජනප්‍රවාදයෙ තාමත් බොහෝ දේ ඉතිරිවෙලා තියෙනවා.


මහාවංසය අනුරාධපුරයෙ යවනයන් හිටි බව කියන නමුත් ඒ යවනයන් නැත්නම් යෝනයන් ආවෙ කොහොමද කියල කියන්නෙ නැහැ. ඒ නොකියූ දේ එකතු කර ගන්න ක්‍රම තියෙනවා. මා නවවැනි ශ්‍රේණියෙන් පසුව ඉතිහාසය ඉගෙන ගෙන නැහැ. පූජකවරයකු ව සිටි ජී සි මෙන්ඩිස්ගේ ගෝල බාල පරපුරට එක් වීමට නොහැකි වීම ගැන මට ඇත්තේ සතුටක්. පූජකවරයකු ඊනියා වාස්තවික ඉතිහාසයක් ලියන්නත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක සැක කටයුතු ඉතිහාසයක් ලියා ඇති බව කීමත් හොඳ වාස්තවික කතාවක්. ඒ වාස්තවික කතාවේ අගය තවත් වැඩි වන්නේ ඒ පූජකවරයා ම බෞද්ධ භික්‍ෂූන් චහන්සේ ලියා ඇති ඉතිහාසය සැක කිරීම. අනේ සකෝ බල ලෝ කිව්වලු.


අනුරාධපුරයට යෝනයන් ආවෙ කොහොම ද කියන එකට කතාවක් තියෙනවා. පරණවිතාන මහතාගෙ කතා ඇසුරෙන් ඒ ගැන කතාවක් මා කලින් කියල ඇති. ඒ කවද ද කියල මගෙන් අහන්න එපා. ඔය යෝනයන් හා සිංහලයන් ග්‍රිසියත් ලංකාවත් අතර ගමන් බිමන් කර තියෙනවා. ඒ නැවෙන් බවත් පැහැදිලියි. 


යොන් මැරිල්ලත් එවැනි ගමනක් හා සම්බන්ධයි. කොයි කාලෙ ද කියන්න දන්නෙ නැහැ. බොහෝ විට නොවිච්ච දෙයක් වෙන්න ඇති. සමහර විට යම් කාලයක ගණිතය ඉගැන්වීමේ දී මේ යොන් මැරිල්ල කතාව යොදා ගන්න ඇති. දැන් ඉන්න සිංහල ජාතිකවාදයට විරුද්ධ සුපිරි ජාත්‍යන්තරවාදී දෙඩුම් ශිල්පීන්ට නම් යොන් මැරිල්ල කියන්නෙ සිංහලයන් මුස්ලිමුන් මැරීම ගැන කියන්නක්. දෙඩුම් ශිල්පීන්ට ඇත්තේ එක ම එක දේශපාලනයක් පමණයි. ඒ සිංහල ජාතිකවාදයට විරුද්ධ වීම. සිංහල ජාතිකවාදය පැරදවීම සඳහා ඕනෑම අයකු සමග එකතු වීමට ඔවුන් සූදානම්.  


දිනක් නැවක යෝනයන් පහළොස්දෙනකු සහ සිංහලයන් පහළොස්දෙනකු යමින් ඉන්න කොට නැව ගිලෙන තත්වයක් ඇවිත්. එහි දී බේරෙන්න නම් පහළොස් දෙනකු මුහුදට දමන්න ඕන වෙලා තියෙනවා. එවිට සිංහල නැව්පති කියල තිස්දෙනා ම රවුමට හිටගෙන තමන්ගෙන් (වෙන්න පුළුවන්) පටන් ගෙන නවයට ගණන් කරල ඒ නවවැනිය මුහුදට දමනවා, ඉන් පස්සේ දහවැනියගෙන් පටන් ගෙන නැවත නවයට ගණන් කරල නවවැනියා මුහුදට දානව, ඔය විධියට පහළොස් වරක් නවයට ගණන් කරල බලන කොට යෝනයන් ඔක්කොම මුහුදෙ. දැන් නැව්පති දැනගෙන ඉඳලා තියෙනවා නාවිකයන් කොහොම හිට ගත්තොත් ද යෝනයන් මුහුදට දාන්න පුළුවන් වෙන්නෙ කියල. ඕක තමයි යොන් මැරිල්ල. රවුමෙ තිහට ගණන් කරන්න පුළුවන් අයකුට හැකි වේවි ඒ පිළිවෙළ හොයා ගන්න. ජාතික ව්‍යාපාරයෙ මෑත පුරෝගාමියකු වූ  හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා ඒ ගැන කවියක් දන්නවා. එතුමාගෙන් අහන්න. තවත් දන්න අය ඇති.      


ඒ යොන් මැරිල්ල ග්‍රීකයන් ගැන. අද වෙනත් යොන් මැරිල්ලක් තියෙනව. ඒකත් ගණිතයට සම්බන්ධයි. කාලෙක ඉඳන් පාර්ලිමේන්තුවෙ බලය තීරණය වෙන්නෙ මුස්ලිම් මන්ත්‍රී ඡන්දවලින්. ඒක සිංහල ජනමතය මුස්ලිමුන් ලවා මැරීම. ඒක නැවැත්වීමට සිංහල ඡන්දදායකයන් පහුගිය මැතිවරණවල වැඩ කළා. ඒත් අදත් මැරිල්ල කෙරෙනවා.