කතෝලික සාමූහිකත්වයෙන් ක්‍රිස්තියානි
පෞද්ගලිකත්වයට
බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 ගැන කියන්න කරන්න දෙයක් නැහැ. එන්නත් තමයි එක ම උත්තරය. එහෙත් ඒ ඒ එන්නත් අතර තරගයක් තියෙනවා. ඒ පිටුපස ඉන්නේ වෙළෙඳ සමාගම්. බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් නොව සමස්ත බටහිර දැනුමට ම අද ප්‍රශ්නවලට උත්තර නැහැ. බටහිර භෞතික විද්‍යාව කඩා වැටෙන්න ගත්තෙ විසිවැනි සියවස මුල. දශක කිහිපයක් තිස්සෙ අඳුරු ශක්තිය (Dark Energy) හා අඳුරු ද්‍රව්‍යය (Dark Matter) කියන්නෙ මොනවද කියන්න කතන්දරයක් (ප්‍රවාදයක්) හදා ගන්න බැරි වෙලා. ක්වොන්ටම් භෞතිකය හා නිව්ටෝනීය සම්භාව්‍ය භෞතිකය ඒකාබද්ධ කරන්න අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ ගන්නා උත්සාහ අසාර්ථක වෙලා.
මෙරට බටහිර වෙද මහත්තුරු කොවිඩ් සම්බන්ධයෙන් මූලික ව දන්නේ ප්‍රස්තාර
අඳින්නත් ප්‍රතිශත ගණනය කරන්නත් පමණයි. එයත් හරියට කරන්නේ නැහැ. එයට අමතර ව ඔවුන්
කරන්නේ රට වහන්න කියන එක. උසස් පෙළ පරීක්‍ෂණයෙන් පළමු වතාවේ ම බටහිර වෛද්‍ය පීඨයකට
ඇතුල්වෙන අයගේ ප්‍රතිශතය මා දන්නේ නැහැ. එහෙත් මා දන්නවා 1933 උපන් කාලෝ ෆොන්සේකා එකල තිබූ එක ම වෛද්‍ය
පීඨයට ඇතුල් වුණේ 1955 දී කියල. එතකොට ඔහුගෙ වයස අවුරුදු
විසි දෙකයි. ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාව පමණක් නොව
රසායන විද්‍යාවත් අසමත්. ඔහු පසුව ක්වොන්ටම් ජාගොඩගෙන් ක්වොන්ටම් භෞතිකයත් ඉගෙන
ගත්තා. ඔහු දක්‍ෂයෙක්. ජාගොඩ ඊටත් වඩා දක්‍ෂයෙක්. ඔහු හයිසන්බර්ග් වැරදි බව පෙන්නා
දුන්නා.
බටහිර වෛද්‍ය විද්‍යාවටත් වඩා බටහිර සමාජයීය විද්‍යාවන් අනාථ වෙලා.
ආර්ථික විද්‍යාවට කොවිඩ් ආදර්ශ ආර්ථිකයක් හදා ගන්න බැහැ. බටහිර නූතනත්ව ක්‍රිස්තියානි
චින්තනයට යන එන මං නැහැ. අද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයටත් කොවිඩ් හැදිලා. බටහිර ක්‍රිස්තියානි
නූතනත්වයට පරිසරය රැක ගන්න බැහැ. එයට
විකල්ප ව වෙනත් චින්තනයක් තිබුණත් කිසිවකු පිළිගන්න පාටක් නැහැ. ඒ චින්තනය බෞද්ධ
චින්තනයක්. ඒත් ලංකාවේවත් එය පිළිගැනෙන්නේ නැහැ. බෞද්ධ චින්තනයෙන් ඉල්ලන්න එපා
සම්පූර්ණ දැනුමක්. එය ගොඩනගා ගන්න වසර සියයක්වත් යාවි.
බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තනය එක දවසකින් ගොඩ නැගුණු එකක් නො
වේ. එය ආරම්භ වුණේ පහළොස්වැනි සියවසේ ඉතාලියේ පිරෙන්ට්සි (ඉංගිරිසින්ට අනුව
ෆ්ලොරන්ස්) නගරයේ. එයටත් කලින් බටහිර නූතනත්ව සංකල්ප ඉතාලියේ ටික ටික තිබුණා.
අගමැති මහින්ද දේශනයක් පැවැත් වූ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය 1088 දී පටන් ගත් එකක්. ඩාන්ටේ නම් කවියා
දාර්ශනිකයා ඉතාලියේ ජීවත් වූයේ 1265 -1321 කාලයේ. අසාර්ථක රුසියන් විප්ලවයේ නියමුවකු වූ ලියොන් ට්‍රොට්ස්කි
ඩාන්ටේගේ ඩිවයින් කොමඩි කෘතිය මහත්සේ අගය කළා. ඩාන්ටේ ලතින් බසින් වෙනුවට ස්වදේශීය
බසකින් ලිවුවා.
පිරෙන්ට්සි නගරය කලා ශිල්පවලට ප්‍රසිද්ධයි. එහි මිචලාන්ජිලෝ
(ඉංගිරිසින්ට මයිකල් ඇන්ජලෝ 1475 –- 1564) විසින් නෙලන ලද ඩේවිඩ් ප්‍රතිමාව ලෝක ප්‍රසිද්ධයි. මා හිතන්නේ ඒ ප්‍රතිමාවෙන්
කියැවෙන්නේ ගෝලියාත් පරාජය කළ චරිතය මෙන් ම පෞද්ගලිකත්වය කියා. මිචලාන්ජිලෝ
බොලොඤ්ඤා නගරයේත් වාසය කර තියෙනවා. ඔහු රෝමයේ වතිකානුවේ අඳින ලද චිත්‍ර යුරෝපීය
පුනරුදයේ විශිෂ්ට චිත්‍ර බවට පත් වී තියෙනවා. ඔහු කවියකු කතුවරයකු පමණක් නොව ගීත
ප්‍රබන්ධයකු ද වූවා. ඔහු බහු කාර්ය හැකියා තිබූ අයෙක්. දා වින්චිත් පුනරුදයේ ඉහළ ම බුද්ධිමතෙක්. සමහරු
හිතනවා ඔහු යුරෝපයේ ජීවත් වූ බහු කාර්ය හැකියා තිබූ අය අතර අග්‍රතමයා කියා.
යුරෝපීය පුනරුදය
(Renaissance) ඒ ඒ අය එක් එක් අයුරින් අර්ථකථනය කරනවා. මා නම්
පුනරුදය දකින්නේ සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු වූ සංසිද්ධිය ලෙස. දා
වින්චිගේ මිලාන් නගරයේ ලෝක ප්‍රසිද්ධ අන්තිම භෝජන සංග්‍රහය චිත්‍රයේ සමූහයක් ඉන්න
බව ඇත්ත. මා දැක ඇත්තේ ඒ චිත්‍රයෙහි ඡායාරූප පමණයි. මට හැඟෙන්නේ ඒ චිත්‍රයෙන්
දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගල චරිතය මගින් නැවත ස්ථාපිත වීමක්
ලෙස.
පුනරුදයෙන් කතෝලික සාමූහික චින්තනය වෙනුවට ක්‍රිස්තියානි පෞද්ගලික
චින්තනය පැන නැංගා. මිචලාන්ජිලෝලා දා විංචිලා කෙළේ මේ පෞද්ගලිකත්වය චිත්‍රයෙන්
පිළිමයෙන් පිළිබිඹු කිරීමයි. පුනරුදය වැඩි කල් නොගොස් ම ප්‍රතිසංස්කරණයට යොමු
වූවා. තවදුරටත් බහු කාර්ය පුද්ගලයන් බිහි වීම නැවතුනා. ඉන් පසු එළඹියේ ඊනියා
විශේෂඥයන්ගේ යුගයයි. අද වන විට කණට හා ඇසට යනුවෙන් විශේෂඥ වෙදමහත්තුරු ඉන්නවා.
එහෙත් කොවිඩ් සඳහා කවුරුන්වත් නැහැ. කොවිඩ් මර්දනය සඳහා සාමූහිකත්වය අවශ්‍යයි.
ප්‍රතිසංස්කරණයේ මූලිකයා වූයේ මාටින් ලූතර් (1483- 1546) . ප්‍රතිසංස්කරණය (Reformation) දේශපාලන ව්‍යාපාරයක්. එහි ආගමික පක්‍ෂය ගැන තමයි
බොහෝ විට කියැවෙන්නේ. ප්‍රතිසංස්කරණය විරෝධතා ව්‍යාපාරයක් ද වූවා. එය පාප් වහන්සේට
හා කතෝලික චින්තනයට විරුද්ධ ව්‍යාපාරයක්. එක ම දෙවියන් වහන්සේ සාමූහිකත්වයේ සිට
පෞද්ගලිකත්වයට මාරුවීමක් එහි දකින්න පුළුවන්. ගණනාථ ඔබේසේකර වැනි මතුපිටින් කරුණු
ගෙන ඊනියා ගැඹුරු කෘති ලියන අය දහනවවැනි සියවසේ බෞද්ධ නැගිටීම ඊනියා විරෝධතා
බුද්ධාගමක් ලෙස හඳුන්වනවා. එය බෞද්ධ පුනර්ජීවනයක් ලෙස හැඳින්වීමත් වැරදියි.
බෞද්ධයන් නැගී හිටියේ තමන් පාගා දැමීමට එරෙහි ව. ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් බෞද්ධයන්ට
එරෙහිව කෙරුණු අසාධාරණකම්වලට එරෙහි ව. එය විරෝධයක්වත් පුනර්ජීවනයක්වත් නොව තමන්ට
නැති කර තිබූ අයිතිවාසිකම් නැවත දිනා ගැනීමට කරන ලද සටනක්. ඒ සටන තවම ඉවර නැහැ. අද
ඒ සටන කෙරෙන්නේ ගණනාථ ඔබේසේකර වැන්නන්ටත් එරෙහිවයි. ගණනාථ වැන්නන්ට මාටින් ලූතර්
කෙළේ කුමක්ද යන්න ගැනවත් වැටහීමක් නැහැ.
මාටින් ලූතර් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සලකන්න පුළුවන්.
පියා යන්න ද බටහිර සංකල්පයක් බව අමතක නොකළ යුතුයි. මාටින් ලූතර් ජර්මනියේ උපත
ලැබුවේ. ඉතාලියේ ඇරඹුණු පුනරුදය උතුරට යෑම ඇරඹුණේ මාටින් ලූතර්ගෙන්. ගැලීලියෝ ද
ඉතාලියේ උපන් නමුත් නිව්ටන් ෂේක්ස්පියර් උපත ලැබුවේ එංගලන්තයේ මාටින් ලූතර් මිය
යෑමෙන් පසුව. පුනරුදය ජර්මනියේ දී ප්‍රතිසංස්කරණවාදයක් වුණා. එය එංගලන්තයේ දී
රාජාණ්ඩු පෙරළන ව්‍යාපාරයක් වුණා. ප්‍රංශයේ දී නිදහස සමානත්වය හා සහෝදරත්වය යන ප්‍රජාතන්ත්‍රවාදයකට
පෙරළුණා. එය ව්‍යාජයක් බව වැටහෙන අතර අද
එය දිරවාගත නොහැකි දෙයක් බවටත් පත් වී තියෙනවා. රුසියාවේ දී නැවතත් සාමූහිකත්වයට
යෑමට ගොස් අසාර්ථක වුණා. පෞද්ගලිකත්වය මත ගොඩනැගුණූ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ
ආරම්භකයා මාටින් ලූතර්. අපි ඔහු ගැන පසුව තවදුරටත් කතා කරමු.