History

Friday, 28 April 2023

එළහරක්ට එල

 

එළහරක්ට එල

 

උගතුන් යැයි සමාජයේ නමක් දිනාගෙන සිටින අය සමග නොව වෙනත් අය සමග කතා කරන විට ඇතැම් තොරතුරු දැන ගන්න ලැබෙනවා. වගේ අදහස් සිතට එනවා. මේ මට මිතුරකු ශුන්‍යය සම්බන්ධයෙන් එවා තිබූ සටහනක්. මා එය පළ කරන්නේ බිංදුව යන්න භාවිතයට පැමිණියේ කෙසේ දැයි දැන ගැනීමටත්. “අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ, මොග්ගල්ලාන කියල මහතෙරුන් වහන්සේ නමක් විශේෂ පාලි ව්‍යාකරණ පොතක් ලියා තිබෙනවා "අභිධානප්පදාපිකාපාඨ" නමින්. මේ පොතට ක්‍රිස්තු වර්ෂ 1313 (බුද්ධ වර්ෂ 1857) දී ටීකාවක් ලියල තියෙනව බුරුමයේ "චතුරංග බල" කියල ව්‍යාකරණයෙහි නුවණැති ඇමති කෙනෙක්. එහි ඇති කරුණු දෙකක් කෙරෙහි අවධානය වටිනවා කියා හිතෙනවා. 1. එහි මහා කල්පයට ඇති මනුෂ්‍ය වර්ෂ ගණනය කරන ක්‍රමයක් දක්වා තිබෙනවා. එය වනවිට ථෙරවාදීන් පිළිගත් ක්‍රමයක් වගෙයි පෙනෙන්නෙ. 2. එහි මෙහෙම සඳහනක් තිබෙනවා. "// ඛාකාසම්බරසද්දා සුඤ්ඤපරියායා. සුඤ්ඤඤ් ගණිතෙ බින්දුනා සඞ්ගහිතං.// "ඛාකාසමබර" ශබ්දය ශුන්‍යයට සමානව යෙදෙන්නකි. ශුන්‍යය ගණිතයෙහි බින්දුවෙන් (තිතෙන්) සංග්‍රහ වෙයි.”

 

උගතකු කවදාවත් අපේ මහා පරාක්‍රමබාහු රජතුමා කියන්නේ නැහැ. වැඩිම වුණොත් රජුගේ පාණ්ඩ්‍ය සම්බන්ධයක් කියාවි. අපේ කියා නම් කියන්නේ නැහැ. ඉංගිරිසින් අපට උගන්නලා තියෙන්නෙ වාස්තවික වෙන්න. ඒත් ඉංගිරිසින් වාස්තවික වෙන්නෙ ඔවුන්ගෙ ඇහින්. ඊයේ පෙරේදා අර ඉන්දීය සම්භවයක් තියෙන සෘෂිවරයකු නොවූ රිෂි සුනක් පාර්ලිමේන්තුවේ දි කියා තියෙනවා ඔහු වහලුන් ලෙස ගෙනා අයගෙන් පැවතෙන්නන්ගෙන් සමාව ගන්න සූදානම් නැහැ කියලා. ඇමරිකාවෙ අයර්ලන්තයෙන් ගෙන ගිය වහලුන්ගෙන් පැවතෙන්නන් ඉන්නවා. ඉංගිරිසින් ගෙන ගිය අය. සුනක් වහලා කියන එක වාස්තවික කරලා වගේ. ඔහු නියම ඉංගිරිසි ජාතිකයෙක්.

 

ඒක පැත්තකින් තියමු. අර  සටහනෙන් එක් පැත්තකින් කියෑවෙන්නේ අප හා අනෙක් රටවල් අතර තිබූ ශාස්ත්‍රීය සම්බන්ධය. පස්වැනි සියවසෙන් පමණ පසු අප අභිසංස්කරාණත්මක දැනුමක් ලෝකයට දී නැතත් ව්‍යාකරණ පොත් අටුවා ටීකා ලියා තියෙනවා. මෙහි කියැවෙනවා  ඛාකාසමබර යන්න ශූන්‍යයට  සමාන යෙදෙන බව. යන්නෙන් හිස් බව කියැවෙනවා. මෙය තවත් විස්තර කරන්න පුළුවන් අය ඇති. අනෙක බිංදුව යන්න වන විට ථෙරවාදී ලෝකයේ භාවිතා වී තියෙනවා. අපේ හල් කිරීම බිංදුව (තිත) බවට පත්වුණේ දකුණු ඉන්දියාවෙ බුරුමයේ කාම්බෝජයේ වෙනත් රටක කියා මා දන්නේ නැහැ. භාෂා පිළිබඳ හා භාෂාවල විකාශය පිළිබඳ දැනුමක් ඇති අය හොයා බලනවා නම් හොඳයි. ඇතැම් භාෂාවල තිතෙන් කියන්නෙත් හල් කිරීම තමයි.

 

මා තවත් මිතුරකු සමග කතා කරන විට ඔහු මගෙන් ඇහුවා ශුන්‍ය වගේ පද සිංහලෙන් තියෙනවා කියා. මා ඔහුට මතක්කර දුන්නා සුන් කියන ව්‍යවහාරය. සුන් සමග තවත් යෙදුම් තියෙනවා. සුනේ සුන් කියන්නෙ හරිම වටින යෙදුමක්. එය අවශ්‍ය නම් බිංදුවේත් බිංදුව කියා ගන්න පුළුවන්. අපට බිංදුව නැත්නම් සුන් කියන්නෙ මොකුත් නැහැ කියන එක නොවෙයි. බිංදුවටත් අඩු අගය තියෙනවා. තෙල් බිංදුවක්වත් නැහැ කියන්නෙ බිංදුවක්වත් තිබුණ නම් ටික ගා ගන්න පුළුවන් නිසා. බිංදුවට අගයක් තියෙනවා වගේ අගයක් නැහැ.

 

සුන්නත් දූලි කියන යෙදුම සලකන්න. යමක් සුන්නත් දුලි කළා දුලි ලැබෙනවා. දුලියෙහි, දුවිල්ලෙහි අංශු කීයක් තියෙනවා ? මහමෙර සුන්නත් දුලි කළොත් දුවිල්ලෙන් මිහිතලය වැසී යාවි ? මේ බිංදුව හා අනන්තය අතර සම්බන්ධය වෙන්න පුළුවන්. අපි සුනු විසුනු වෙලා යනවා කියනවා. අපි හුනුසාල් බත් කන්න කැමතියි. මා නම් කැමතියි. ඇමරිකාවෙත් හුනුසාල් ගන්න පුළුවන්. අපට එවැනි දේ පිටරටවලට යවන්න පුළුවන්. මහා පරිමාන නිෂ්පාදන නැති වුවත් සුළු පරිමාන නිෂ්පාදන රාශීයක් කරන්න පුළුවන්.

 

කොහොම වුණත් අහන්න එපා ඇමරිකාවට ගියෙ හුනුසාල් බත් කන්න වගේ විදග්ධ ප්‍රශ්න. ඒත් හුනුසාල් කියන්නෙ අර , මාරුවීමෙන් සුනුහාල් යන්නෙන් ලැබෙන්නක් වෙන්න ඕන. සුනුහාල් නැත්තට නැති හාල් නො වෙයි. දැන් නැත්තට නැති කියන ව්‍යවහාරය වුනත් කියන්නෙ නැති කතාවක් එහාට ගිය දෙයක්. මා උගතකු වාග් විද්‍යාඥයකු නො වෙයි. ඒ නූගතකු වූ  මගේ හිතට එන කතා. 

 

ඒත් ඉලන්දාරීන්ට හා ඔවුන් පිටුපස ඉන්න න්‍යායාචාරීන්ට මේවා ආතල් ගෙන දෙන කතා පමණයි. ඔවුන් දන්නෙ එල බොක්ක වගේ වැදගත් ව්‍යවහාර. ව්‍යවහාරවලින් අපට සංස්කරණය කරන්න පුළුවන් දැනුම මොකක් ? ආතල් උගතුන් වැඩි කල් නොගොස් රට සුනේ සුන් කරනවා. එළහරක්ට  ඒක එල වෙන්නැති.