History

Friday, 22 December 2023

හෙළුවෙන් දිවුවේ ආකිමිඩීස් ද?

 

හෙළුවෙන් දිවුවේ ආකිමිඩීස් ?

 

අයින්ස්ටයින් පංතියේ පළමුවැන්නා වූ බවක් මා අසා නැහැ. විශ්වවිද්‍යාලයේ දී අප අද කියන විධියට බැච් ටොප් කළ බවකුත් අසා නැහැ. ඔහු ගණිතයේ අදක්‍ෂයකු නොවූ නමුත් දක්‍ෂතමයා වුණේ නැහැ. මෙරට සම්මතය අනුව ඔහු බ්‍රයිටකු නැත්නම් දීප්තිමත් ශිෂ්‍යයකු වුණේ නැහැ. එහෙත් අද බටහිර ලෝකය අවිවාදාත්මක පිළිගන්නේ අයින්ස්ටයින් නිවුටන්ගෙන් පසුව බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා බව. බොහෝ දෙනාට අනුව බටහිර ලෝකයේ ඉහළ විද්‍යාඥයන් තුන්දෙනා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් නිවුටන් හා අයින්ස්ටයින්.

 

අප සාමාන්‍ය පෙළට භෞතික විිද්‍යාවේ (එකල එවැනි විෂයක් තිබුණා) හරි ව්‍යවහාරික ගණිතයේ දි හරි (එවැනි විෂයක් තිබුණා) අයින්ස්ටයින් ගැන ඉගෙන ගත්තේ නැහැ. එහෙත් පාසල් පුස්තකාලයෙන් බැරි මර ගාතේ ඔහුගේ මීනින් ඔෆ් රෙලටිවිටි පොත කියෙවුවා. පන්තියේ දී ආකිමිඩීස් නිවුටන් ගැන ඉගෙන ගත්තා. සොක්‍රටීස් ප්ලේටෝ ඇරිස්ටෝටල් ගැන අසා තිබුණා. ඔවුන් ගැන කියවා තිබුණා. උසස් පෙළ පන්තිවල දී රසල් කියෙවුවා. පාණදුරේ මහජන පුස්තකාලයේත් රසල්ගේ පොත් තිබුණා.

 

අපට  සාමන්‍ය පංතිවල ගණිත විෂය තුන (ශුද්ධ ව්‍යවහාරික උසස්) ඉගැන්වූයේ වී අරසරත්නම් ගුරුතුමා. ඔහු අතිදක්‍ෂ ගුරුවරයෙක්. මට විද්‍යාඥයකු වීමට සිතුණේ ඔහු නිසා. අප ඉගෙන ගත්තේ ඉංගිරිසි මාධ්‍යයෙන්. ඉංගිරිසියෙන් ඉගෙන ගත්තා කියා අපට විශේෂ දැනුමක් ලැබුණේ නැහැ. එහෙත් අර උඩුකුරු තෙරපුම අමුතු කතාවක් වුණා. අප ඉගෙන ගත්තේ ද්‍රවස්ථිති විද්‍යාවේ කොටසක් ලෙස. ඇතැම් සිසුනට නම් වැදගත් වුණේ ආකිමිඩීස් හෙළුවෙන් දුවපු එක.

 

එහෙත් මිනිහකු නාන්න ගියා විස්ථාපනය වන ජල ප්‍රමාණය ගැන හිතන්නත් ඝනත්වය විශිෂ්ට ගුරුත්වය වැනි සංකල්ප සංස්කරණය කර ගන්නත් හැකි වන සම්ප්‍රදායක් ග්‍රීසියේ තිබී තියෙනවා. ආකිමිඩීස් රජුගේ ඔටුන්නේ රත්රන් ප්‍රමාණය රජු දුන් ප්‍රමාණය කියා කල්පනා කරන විට තමයි ඔය ඔක්කොම සිද්ධ වුණේ. කතාවේ තවත් දෙයක් තියෙනවා. එකලත් ග්‍රීසියේත් රජය දුන් වස්තුව ගසා කෑ නිලධාරීන් (රන් කැමියන්) ඉඳලා තියෙනවා.

 

අයින්ස්ටයින් අර ට්‍රැම් රියේ ගමන් කරමින් සිටින විට නගරයේ ඔරලෝසු කණුවේ වෙලාව සටහන් මුහුණත ඈතට පෙනෙන්නේ කිනම් වෙලාවකට යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගොස් විශේෂ සාපේක්‍ෂතාවාදය සංස්කරණය කළා. ඔරලෝසු  මුහුණත වෙනත් ඈත තැනකට පෙනෙන්නේ සටහන ආලෝකයේ වේගයෙන් ඈතට යෑමෙන් පසුව මිස ක්‍ෂණික නො වෙයි. අයින්ස්ටයින් නම් කල්පනා කෙළේ කවුරුන්වත් දීපු ප්‍රායෝගික ප්‍රශ්නයක් ගැන නො වෙයි. ඔහුට විවිධ චිත්ත පරීක්‍ෂණ තිබුණා.

 

පසු කලෙක බුදුදහම ගැන උනන්දුවක් දක්වන්න පටන් ගැනීමෙන් පසු මහායානික දාර්ශනිකයන් ගැන කියවන්න වුණා. මා විද්‍යාඥයකුවත් දාර්ශනිකයකුවත් නොවන බව නැවත නැවතත් අවධාරණය කරන්න ඕන. අසංග වසුබන්ධු නාගර්ජුන ආදීන් කියා ඇති කතා ලෙහෙසු පහසු දේ නො වෙයි. ඔවුන්ට කල්පනා කිරීමට ප්‍රශ්න තිබුණා. නම අසංග වූ පමණින් අසංගලා වෙන්නේ නැහැ. ආත්මයක් නැතුව පුද්ගලයකු ඉන්නේ කොහොමද විඥානය භවයෙන් භවයට යනවා ? විඥානය ඇති තැනක්, ආලය විඥානයක් තියෙනවා ?

 

අපට කල්පනා කිරීමට ඇති ප්‍රශ්න මොනවා ? මහින්ද හොරකම් කළා ? රනිල් වැඩකාරයෙක් ? එසේ නම් එංගලන්තයේ රජ මාළිගාවේ ?   සිරිල් ගාමිණී පූජකතුමා ඇතුුළු කතෝලික  සභාව දේශබන්ධු දොස් කියමින් ඔහුගෙන් උපකාර ගන්නේ කෙසේ ? පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද? කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට වාචික නොවන උපදෙසක් දී තියෙනවා ? අර දෙරණේ ප්‍රචාරය වෙන ඉස්කෝලේ නාට්‍යයේ මිනීමැරුමට සුනෙත් ඇමතිතුමා හසුවේවි ?

 

සියල්ල තනි තනි සිද්ධි. අපේ ඊනියා පර්යේෂණත් තනි තනි සිද්ධි. අහවලා සමසමාජ ව්‍යාපාරයේ ඉටු කළ භූමිකාව කුමක් ?  අහවල් දාර්ශනිකයා කර ඇත්තේ කුමක් ? චූන් පාන් කාරයන් සාමාන්‍යයෙන් දිනකට බනිස් කීයක් විකුණනවා ? බනිස් ටී බනිස් ආදී වශයෙන් වර්ග කළ විට ලැබෙන ප්‍රතිඵලය කුමක් ? බනිස් කෑම නිසා මේ සතියේ කී දෙනකුට අජීර්ණය වැළඳී තියෙනවා ? ගැන පත්‍රිකා කීයක් ලියන්න පුළුවන් ?

 

මා 1963 සිට මොටාවෙ කෙරුමන් දන්නවා. ඔවුන්ගේ ඊනියා පර්යේෂණ තනි තනි සිද්ධි. අපට සාධාරණීකරණය ගැන හැඟීමක් නැහැ. අප සිද්ධි පසුපස හඹා යන තොරතුරු සොයන්නන් පමණයි. තොරතුරු සෙවීම වැදගත් නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. ඊනියා ප්‍රමාණික උගතකු වෙන්න නම් හොඳයි. අපට ආකිමිඩීස් මෙන් රජුගෙ ඔටුන්නෙ ප්‍රශ්නය දුන් විට විශිෂ්ට ගුරුත්වය කතාව සංස්කරණය කර ගන්න බැහැ.

 

අප එදා සිට ශිල්පීන් පමණයි. ශාස්ත්‍රඥයන් නොවෙයි. අප සිප්සතර ගැන කතා කළත් සතරක් නැහැ. සමහරුන්ට සසරත් නැහැ. ඔවුන් විශිෂ්ට බුද්ධිමතුන්. විශිෂ්ට බුද්ධිමතකු බුදුදහම ගැන එළියේ මොනවා කිව්වත් ගෙදර පින්කමේ දී ධාතු කරඬුව හිස මත තබාගෙන වඩම්මන බව මට පේරාදෙණි මොටාවෙන් ආරංචි වුණා. දර්ශන අංශයේ මහින්දගෙන් ලැබුණු ලිපියක් තියෙනවා. සිරිල් ගාමිණී පුජකතුමන් මෙන් මහින්දට බැණ බැණ මහින්දගෙන් ප්‍රයෝජන ගත් අයත් ඉන්නවා. මේ ප්‍රවණතාව අප හැඳින්විය යුත්තේ සිරිල් ගාමිණී ප්‍රපංචය ලෙස ඩෙස්මන්ඩ් ප්‍රපංචය ලෙස බටහිර ඉවුරු ප්‍රපංචය ලෙස ? 

 

අපට වැව තියෙනවා. පාරම්පරික වෙදකම තියෙනවා. වැව ලොවේ වෙන කොහේවත් තියෙනවා නම් කාම්බෝජයේ පමණයි. එයත් අපෙන් ගිය එකක්. එහෙත් අපට වැව ගැන ශාස්ත්‍රීය දැනුමක් නැහැ. පාරම්පරික වෙදකමත් එහෙමයි. භාරතයේ ආයුර්වේදයට ශාස්ත්‍රයක් තියෙනවා. එහෙත් පාරම්පරික වෙදකමට එවැනි ශාස්ත්‍රයක් නැහැ. නිසා පාරම්පරික වෙදකමට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකීම. වැව ලෝකයේ පුදුමයක් විය යුතු නමුත් එහි ශාස්ත්‍රය (තාක්‍ෂණය) නොදැනීම නිසා දෝ ජෙප්පන්ගේ වැව් දහසේ ව්‍යාපෘතියටත් වූ දෙයක් නැහැ.

 

අප දක්‍ෂ ශිල්පීන් බවට සැකයක් නැහැ. එහෙත් අප ශාස්ත්‍රඥයන් නො වෙයි. අප නිකම නිකම් පිටකසා  ගැනීමෙන්  බුද්ධිමතුන් ශාස්ත්‍රඥයන්   විද්‍යාඥයන් දාර්ශනිකයන් පමණයි.  අප මේ තත්වය වෙනස් කළ යුතුයි. බැච් ටොප් මානසිකත්වයෙන් සතරත් සසරත් ගලවා ගත යුතුයි.  සසර කෙළවර කරන්නත් තියෙනවා. ඒක වෙන දෙයක්. නිවන දැනුමක් නූණත් නිවන ගැන දැනුම් තියෙනවා.