History

Saturday 30 December 2023

ජවිපෙන් බැහැර වීම හා හරිත්

 

ජවිපෙන් බැහැර වීම හා හරිත්

 

මා ඊයේ (දෙසැම්බර් 29 ) කෙටි සටහනක මෙසේ සඳහන් කළා. “මා මෙතෙක් කීවේ ජෙප්පන්ට ඇත්තේ ඊර්ෂ්‍යාව වෛරය හා ක්‍රෝධය කියායි. එයට හතරවැන්නක් ලෙස මෝඩකම පස්වැන්නක් ලෙස මුසා පැවසීම හා විශ්වාස කිරීම එකතු වෙන්න ඕන. ජෙප්පන්ට සියල්ල ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය ප්‍රතිචාරවලට විවෘත වෙනවා.”

 

සැබවින් ජෙප්පන් ආරාධනය පිළිගෙන තම සියලු ගුණ ප්‍රදර්ශනය කරලා. ඔවුන්ට බෙහෙවින් පින්. අතර සෙප්පන් චම්පක ගෝලයන්   රනිල් ගැත්තන් හිටියා. ඔවුන් කවූරුත් එක වල්ලෙ පොල්.  මේ ලැබුණු ප්‍රතිචාර. 

 

"බෝසත් ගුණ ඇති බය්යන්, ඊර්ෂ්‍යාව ,කොු්ධය ඇත්තේ ඔබට නේද සර්.මොකද සමාජවාදයෙන් ආරම්භකරපු ඔබට ඒකතුලින් ගොඩනැගෙන්න බැරිවුන නිසා.වර්තමාන Jvp නායකයින් එදා ඔබ විශ්වාසකල දර්ශනය සමාජගත කර තිබෙනවා.සිංහල,බෞද්ධකම ගැන ඔබේ දර්ශනය සිංහල බෞද්ධ සංස්කෘතියේවත් පිළිගෙන නෑ නේද?ඔබතුමා වැරදි නෑ.අසාර්ථකයි.මට දැනුම දුන්නාට ඔබට පින්..., මහින්ද රාජපක්ශ බලයට ගෙන ඒමට ජේ වී පී එක ලොකු මෙහෙවරක් කලා. අර්ථයෙන් ජේ වී පී එකට කෘතඥ විය යුතු නැද්ද?, ඕක එක්තරා මානසික රෝග තත්වයක් ඉක්මනටම වෛද්‍ය වරයෙක් හමුවන්න., මහින්ද රාජපක්ෂ උත්තමයානෝ හා එතුමානෝගේ පුතානෝ වන නාමල් උතුමානෝ යනු, ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් තොර, අති මහත් නුවනැත්තා වූද??ජනතාවගේ මුදල් සොරා නොකන ලද්දා වූද, මහාචාර්ය බූරුවෙකුට වුවත් වනදනා මාන කල හැකි අය වෙති!!,සීයා ටිකක් විවේක ගන්න, නාථ පිහිටායි, මෛන්ද ගෝටා පීටයි, හෙළුවේ මහා ප්‍රාඥ්ඥයා,  ප්‍රොෆෙක් වෙන්නෝනි නෑ බං මොංගල් උන් අඳුරගන්න.. දැන් උඹලා දෙන්නා මන්ද බුද්ධිකයි කියලා දැනෙන්න පීඑච්ඩී ඕනෙද ,  මේ බයවෙලා දඟලන්නේ දූෂිත ක්‍රමයෙන් ලැබෙන වරප්‍රසාද අහිමිවෙයි කියලා නේද, මැද මුලනේ පිලි කන්නෙ වැටිලා ඉන්න මා නසික රෝගි යෙක් කියලා පෙන්වනවා නේද., එයා බයවෙලා පොහොට්ටු රාජ පක්ෂලගෙ කාලේ ඉවරවෙලා කියලා දැනිලා ..,  රාජ පක්ෂලගෙ පස්සෙන් ඔහොම හයියෙන් දුවන්න. පොහොට්ටු අසරණයන් තවමත් ලැජ්ජාවක් නැති හැටි, නාමල්ට වැදලා තනාපතිකමක් ගමුද ආචර්‍ය තුමා බේරේ නාපු බයියො ටිකත් ඇමරිකාවට ගමුද ලොක්කා..පොහොට්ටුවෙ බයියන්ට ගාලු පාර දිගේ riri දුවනකම් ගැහුවෙ,බේර්‍රෙ වතුර පෙව්වෙ ජෙප්පො නෙවෙයි   රනිල් චන්දේ දුන්නෙත් ජෙප්පො ඇමරිකාවෙ සුපිරි psychiatrist ලා ඉන්නවා පුතාට කියලා චැනල් එක්ක දාගන්න.. ජාතික චින්තනය,සිංහල ජාතිය ගැන කයිය ගහපු ඔබතුමාට උනේ imperialism founders ලගේ ගෙදර වෙලා ඉන්න..ඔයා ඇත්තටම පව්, රනිල්ට බැන බැන ගෝටාබය වගේ මැන්ටලේකට කඩේ ගිහින් ගෝටාබය රනිල්ව පත්කලාම , රීසෙට් කරන්න වෙන තරන් සිස්ටම් එක ස්ටක් වුනා, ආචර්‍යතුමාට homesick කියලා පුතාත් සමහර කට්ටියට කියලා..ජෙප්පො උනත් වැඩිපුර මෙතුමට බනින එකෙ තේරැමක් නෑ..වයසත් එක්ක මැන්ටල් වෙනවා කියලා ජෙප්පො උනත් දැනගන්න ඕන.., මහඑකාලා රට විනාසකලා කියලා උසාවියෙනුත් තීරනය කරලාෂ මේ පඬිරාල ජෙප්පන්ට බැනබැන යනවා, Bypass bayya live from America,  Jvp going to win next election. , expired lies."

 

මා හිතන්නෙ නැහැ මේ ප්‍රතිචාර ගැන අමුතුවෙන් කියන්න ඕන කියා. ඉන් රටේ උගත්කම ප්‍රදර්ශනය වෙනවා. වමේ දේශපාලනය 1931 සිට විකාශය වෙලා විනාශ වූ අයුරු වෙන ලියන්න ඕන. අද ඇති වමක් නැහැ. අද ඉන්නෙ ඉහත සඳහන් ප්‍රතිචාර වැනි පඬි කතා කියන ඊර්ෂ්‍යා සහගත වෛරී මෝඩ රැලක් පමණයි. මෙරට ඊනියා උගතුන්ගේ තරම මට ඊයේ හරිත් ගුණවර්ධනට අවසන් ගෞරවය දැක්වීමට ගිය අවස්ථාවේ මැනවින් ප්‍රත්‍යක්‍ෂ වුනා. එහි සිටි ජනමාධ්‍යවේදියකු තමන් ක්වොන්ටම් භෞතිකය ඉගෙන ගන්නා යූටියුබරයන්ගේ උගත්කම   මහා ඉහළින් වර්ණනා කළා. මට ඇති ප්‍රශ්නය ජෙප්පන් හා සෙප්පන් හා පඬි නැට්ටන් මෙතරම් කෙරුමන් වීත් රනිල් ඉවත් කරන්නේ නැත්තේ ඇයි යන්නයි. මේ දිනවල රනිල් ඉන්න තැනක් රනිල්දාස දන්නවා ?

 

අද තවත් අයකු අප හැර යනවා. ඔහු ජවිපෙන් බැහැර වී නම් හුඟක් කල්.  හරිත් ගුණවර්ධන. මා ඔහුත් ඔහුගේ බිරිඳ වූ එකල ඔහුගේ පෙම්වතියත් හඳුනන්නේ කොළඹ මොටාවේ සිටි කාලයේ සිට. ඔහු මගෙන් කිසිවක් ඉගෙන නැහැ. ඔහු සිංහල විශේෂ උපාධිය ලබා ගත්තා. මා එකල ශාස්ත්‍ර පීඨයේ හා නීති පීඨයේ සිටි ඇතැම් සිසුන් දැන සිටියා. අද රටේ යම් යම් තැන්වල එකල කොළඹ මොටාවේ හරි කොළඹ මොටාව ඇසුරින් වෙනත් මොටාවල හරි සිටි සිසුන් වැජඹෙනවා.

 

හරිත් ජනමාධ්‍යවේදීයකු නොවූ ජනමාධ්‍යවේදියෙක්. ඔහුට ලේඛන කලාව පිහිටා තිබුණා. කිං බානට් ඇට මැස්සා ආදී තීරු ලිපි ඔහු අතින් ලියැවුනා. එක් ඇටමැස්සා තීරුවක් මා සඳහා වෙන් තිබුණා. ඔහු ලියූ ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඉතා ජනප්‍රිය රූපවාහිනි වැඩ සටහනක් වුනා.

 

මා කොළඹට ගියේ 1979 දී. කොළඹින් පිට කෙරුවේ 1992 දී. අවුරුදු දහතුන මගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය ලෙස සලකන්න පුළුවන්. එකල එහි සිටි සිසුන් අද මගේ මිතුරන්. හරිත් මගේ හොඳ මිතුරෙක්. මා ඔහුට වඩා අවුරූදු විසිපහක් පමණ වැඩිමහල්. එය මිත්‍රත්වයට ප්‍රශ්නයක් වුනේ නැහැ.

 

හරිත් ජාතිකත්වයට පක්‍ෂපාති අයෙක්. ඔහුට ජාතිකවාදී මනසක් තිබුනා.  ඔහුගේ තීරු ලිපිවලින් හා වෙනත් කෘතිවලින් බව පැහැදිලි වුනා. ඔහුට බව හංගන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. අද කලා ලෝකයේ, ඊනියා ප්‍රබුද්ධයන් අතර  වැදගතකු වීමට නම් තමන් ජාතිකත්වයට විරුද්ධ බව අඩු තරමෙන් දැනෙන්න සලස්සන්න ඕන. එහෙත් හරිත්ට වැදගතකු වීමේ අවශ්‍යතාවක් තිබුනේ නැහැ. ඔහුගේ හැකියාව පිළිබඳ ඔහුට විශ්වාසයක් තිබුනා. මට ඔහු අවසන් වරට හමුවුනේ ගුණදාස අමරසේකර උපහාර උළෙලේ දී. එදා ඔහු පැමිණ සිටියේ තම බිරිඳත් සමග.

 

මා දැක්කා සමහරු හරිත්ට සුබ ගමන් ප්‍රාර්ථනා කරල තියෙනවා. පොඩි ශේක්ස්පියර්ලා. මා එහෙම කරන්නේ නැහැ. හරිත්ගේ සසර ගමන ඉක්මණින් කෙළවර වේවා කියා මා බෞද්ධයකු ලෙස ප්‍රාර්ථනය කරනවා.  ඔහුගේ බිරිය නිශානිටත් එක පුතාටත් මගේ සංවේගය!