History

Sunday, 17 December 2023

කළු කුහරයෙන් වැවට

 

කළු කුහරයෙන් වැවට

 

කළු කුහර ගැන කියන විට විශ්වවේදී නියතය අමතක කරනවා. එයට එක් හේතුවක් වන්නේ විශ්වවේදී නියතය රැගත් විසඳුමක් ද්‍රව්‍ය ව්‍යාප්තියක අභ්‍යන්තරය සඳහා නොමැති වීම. දැනට තියෙන්නේ ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම නමින් හැඳින්වෙන විසඳුම පමණයි. එහෙත් විශ්වවේදී නියතය සහිත විසඳුමකින් ආකර්ෂණය වෙනුවට විකර්ෂණයක් යෙදෙනවා. විශ්වවේදී නියතය නිසා ඊනියා ගුරුත්වජ ආකර්ෂණයක් ඇති වන්නේ නැහැ. කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ කතා එහෙමයි. ඩි සිටර් විශ්වය යනුවෙන් හැඳින්වෙන විශ්වය තනිකර ප්‍රසාරණය වෙන විශ්වයක්. විශ්වවේදී නියතයට හුඟක් වෙනස්කම් කරන්න පුළුවන්.  අපේ දැනුම සාපේක්‍ෂයි.


 

වියලි කලාපය ගැන අදත් කෙටියෙන් නමුත් ලියන්න වෙනවා. එක් ප්‍රතිචාරයකට අනුව මුඵ ලංකාව තෙත් කලාපයට අයත් වෙන්නෙ. එහෙත් වර්ෂාපතනය සමාකාර නොවීම නිසා රජරට හා තවත් ප්‍රදේශ වියලි කලාපය ලෙස නම් කෙරී තියෙනවා. මෙයින් කියැවෙන කරුණ ඉතා වැදගත්. වියලි තෙත් යනුවෙන් තීරණය කරන්නේ මිනිසුන් විසින්. සඳහා ඔවුන් විවිධ නිර්ණායක යොදා ගන්නවා. නිර්ණායක හැම තැනම වගේ වැදගත්.

 

උදාහරණයක් ලෙස ක්‍රිකට් තරගවල අද හයේ පහරක් යනුවෙන් කියැවෙන පහරකට අටේ පහරක් කියා ලකුණු අටක් දුන්නොත් ඇතැම් තරගවල ජය පරාජය වෙනස් වෙන්න පුළුවන්. විභාගවල ලකුණු දීමේ පටිපාටිය වෙනස් කළොත් පළමුවැනියා දෙවැනියා අනුපිළිවෙළ වෙනස් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ ඡන්දය අනුව දේශපාලනයේ ජයග්‍රාහකයන් පමණක් නොව ඩ්‍රීම් ස්ටාර් වෙනස් වෙන්න පුළුවන්. මේ අනුපිළිවෙළ ගැන එතරම් විශ්වාසයක් තියන්න බැහැ.  ජය පරාජයත් එහෙමයි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අහවල් දිස්ත්‍රික්කයට වහිනවා කියනවා. ඒත් මුළු දිස්ත්‍රික්කයට වහින්නෙ නැහැ. මහරගමට වහිනවා අඩුයි. අවට ප්‍රදේශවලට වහිද්දිත් සමහර දා මහරගමට වහින්නෙ නැහැ. සාමාන්‍යය කියා එකක් තියෙනවා. යම් දිස්ත්‍රික්කයට වහිනවා කිවුවත් සාමාන්‍යයක් පමණයි.

 

ලංකාව තෙත් කලාපය වෙන්නෙත් යම් නිර්ණායකවලට අනුව. අතර මෙරට ඉංගිරිසින් යොදා ගත් ඇතැම් නිර්ණායකවලට අනුව ඊනියා වියලි කලාපයක් නම් කරලා. පහුගිය දිනවල මා හිටියේ දැදුරු ඔයට ටිකක් උතුරෙන්. පැත්තටත් දැන් මාස තුන හතරක් තිස්සේ වහිනවා. දැදුරු ඔයෙන් දකුණ මායා රට නැත්නම් දක්ඛිණ දේශය. දැදුරු ඔයේ උතුරට පායලා දකුණට වහින්නෙ නැහැ. මේ බෙදීම් හුදු දේශගුණික බෙදීම් නොවෙයි.

 

මේ රටේ පස දේශගුණය අනුව භෝගවලත් තත්වය වෙනස් වෙලා. අපට තේ ලැබුණෙ විජය රජුගෙන් නොවෙයි. ඊට කලින් තේ තිබුණු බවටත් ආරංචියක් නැහැ. මෙරටට තේ පිටින් ගෙනල්ල. පිටින් ගෙනාපු තේ මෙහෙ වැවුව ලෝකෙ හොඳ තේ වෙනවා. කුරුඳු ගැනත් එහෙම දෙයක් කියන්න පුළුවන්.

 

පිහිටි රටේ තේ වවන්නෙ නැහැ. පස දේශගුණය ආදිය නොසරිලන නිසා වෙන්න ඇති. එහෙත් පිහිටි රටේ වැවෙන භෝග තියෙනවා. පැරැන්නන් ගැන දැන හිටියා. එහි වැස්ස ටිකක් අඩු වෙන්න ඇති. ඔවුන් වැවු තැනුවා. එහෙත් අමතක කරන්න එපා ඊනියා තෙත් කලාපයෙත් වැවු ටිකක් තියෙන බව.

 

මෙරට ඉංගිරිසින් පිරිසක් කර ඇති බෙදීමක් නිසයි අප තෙත් කලාපය වියලි කලාපය වගේ නම් යොදා ගන්නෙ. දැනුම් ආධිපත්‍යයේ එක් කොටසක්. බලාගෙන ගියා ජෙප්පන් තමයි දැනුම් ආධිපත්‍යයට වැඩියෙන් යටවෙන්නෙ. ඔවුන් උගත් ගැමි තරුණයන්.