History

Monday, 15 January 2024

ප්‍රේමකුමාර හා නිර්මාල්ගේ පෝස්ටුව

 

ප්‍රේමකුමාර හා නිර්මාල්ගේ පෝස්ටුව

 

ඉතා නීරස කටයුතුවලත් අපට නිරත වන්න සිදුවෙනවා. මා පුවත්පත්වල කාලෝ ෆොන්සේකා අශෝක අමරතුංග අලවත්තාගොඩ පේමදාස වැනි මහාචාර්යවරුන් සමග දිගින් දිගට වාද කර තියෙනවා. ඔවුන් මා වාචික මුණ ගැසීමට කැමති වුණේ නැහැ. වරක් අශෝක අමරතුංග සමග වාදයක් මහනුවර දී සංවිධානය කළත් ඔහු පැමිණියේ නැහැ. කාලෝ දොරමඬලාවේ නම් සහභාගි වුණා. ඊනියා මෙහෙයවන්නකුගේ සහාය ඇතුව. ඔහු වරක් වැඩ සටහනක් අවසානයේ මා ගැන කීවේ මා අලුත් දෙයක් කියා නැත, යම් අලුත් දෙයක් කීවොත් වෙන අයකුගේ කියා. වැඩ සටහන අවසානයේ ඔහු එසේ කීවේ මට පිළිුතරු දීමට ඉඩ නොතබා. එබැවින් කැමරාවේ අවධානය යොමු කර ගැනීමට මට හිටගෙන කතා කිරීමට සිද්ධ වුණා. ඊනියා උගත් ප්‍රබුද්ධ ජනයා දොස් කීවේ තක්කඩි වැඩක් කළ කාලෝට නොව මටයි.

 

මගේ අවාසනාවට මට මේ ඊනියා උගතුන් සමග අවුරුදු හැටක් පමණ කටයුතු කිරීමට සිදු වෙලා තියෙනවා. මා මිය යන තුරු මට කරුමය ගෙවන්න සිදු වෙලා. ඔවුන් කිසිවකු කිසි දා කිසිම අලුත් සංකල්පයක් කතාවක (ප්‍රවාදයක්) ගොතා නැහැ. බොහෝ දෙනකුට ගොතා කියන චචනයවත් තේරෙන්නේ නැහැ. මා අලුත් දෙයක් කියා තිබේ කියා මට කියන්න බැහැ. අමරසේකර ඇතුළු උගතුන් නම් හිතන්නෙ මා කිසිවක් කර නැති බවයි. අලුතෙන් නම් මොලෝ දෙයක් කර නැති බවයි.

 

ප්‍රේමකුමාර සිල්වා කියන්නෙත් මහාචාර්යවරයෙක්. ඔහු මගේ ඊයේ (ජනවාරි 14) ලිපියට පිළිතුරු දී තියෙනවා. අපි එය එකක් නෑර කරුණෙන් කරුණ ගෙන සාකච්ඡා කරමු.

 

මා බුද්ධ්මය වශයෙන් හිරේ ව්ලංගුවේ වැට් ඇතැයි නලින් සර් කියනවා. ඒක ඔහුගේ පොස්ටුව අවසානයේ සංකේතාත්මකවත් ඉදිරිපත් කර තිබුණ. මා කී දෑ පිළිබඳ ඔහු දක්වන පරිදි "පළමුකොට කිව යුත්තේ මේ සියල්ල පිළිබඳ හැකි ඉක්මණින් (සතියකින් පමණ) කොළඹ මොටාවේ හරි වෙනත් තැනක හරි සංවාදයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් මා එයට සහභාගි වීමට කැමති බවය. දිගින් දිගට මෙටාවෙ කෙරෙන ලිපි ගණුදෙනු අතිශයින් නීරසයි".

 

පළමුවෙන් කිවයුත්තේ නිර්මාල් දාපු කොමෙන්ටුවට මා ප්‍රතිචාර දැක්වුයේ ඔබ සමග සංවාදයක පැටලිම සදහා නොවන බවත් එසේම එවැන්නක් මේ මොහොතේ දී සිදුකිරීම සදහා මට විවෙක බුද්ධිය ඉතාම සිමා සහිත බව දැනුම් දිමට කැමැත්තේම්.. “

 

විවේක බුද්ධිය ඉතා සීමිත නම් මට කරන්න දෙයක් නැහැ. මා නම් මොටාවෙ ඉන්න කාලෙත් විවේකයෙන් හිටියෙ. තමා ශිෂ්‍යයකු සිටි අවධියේ සිට මා දන්නා ප්‍රේමකුමාර මා ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ විවිධ පඬි නැට්ටන් සමග සංවාද කළ අයුරු සමහර විට දන්නවා ඇති. නිර්මාල්ගේ ප්‍රතිචාර මා සතපහකට ගණන් ගන්නේ නැහැ. උදේ කියන දෙයට විරුද්ධ දෙයක් සවසට කියන ඔහු තාමත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් වූ අසාධාරණය කුමක් පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයක යෙදෙනවා. ඔහු ප්‍රේමකුමාර මෙන් නොව සිංහල බෞද්ධ විරෝධියෙක්. මා හිතන්නේ දෙමළ ජාතිවාදය කුමක් කියා ඔහුට යම් ප්‍රමාණයකට අරුන් සිද්ධාර්ථන්ගෙන් දැන ගන්න පුළුවන් කියා.

 

නිර්මාල්ගේ ලිපියට ප්‍රේමකුමාර දැක් වූ ප්‍රතිචාරයටයි මගේ අවධානය යොමු වුණේ, පිලිබඳ මා පසුව මගේ අදහස ප්‍රකාශ කරන්නම්. කොළඹ මොටාවේ එසේ කිරීමටයි මා බලාපොරොත්තු වුනේ. මොටාවේ බැරි නම් මෙටාවේ කරනවා.   .

 

මා දන්නා පරිදි අප දෙදෙනාම එකම සංස්කෘතික කළාපය හැදුණු වැඩුණු දෙදෙනෙක් ඕනැනම් අප 'සිංහල ගැම් සංස්කෘතියේ' න් ව්‍යුත්පන්න වු ඕබේසේකර අනුව "ප්‍රොතෙස්තන්ත බෞද්ධ" හෝ ඔබට අනුව "ඕල්කොට් බෞද්ධයෝ" ලෙස සැළකිය හැකි සංස්කෘතික ප්‍රවාහයේ නිශ්පාදන ලෙස සැලකිය හැක. ප්‍රොතෙස්තන්ත බුදුදහම මෙන්ම මාක්ස්වාදී දේශපාලන දර්ශනය අප ජිවත් වු කළාපය තදින්ම මුල්බැස තිබ්ණී. අවමවශයෙන් 1977 මහමැතිවරණය හරහා 1980 වේ මුල් භාගය දක්වා පහේ වාමාංශික දේශපාලනය අපගේ ජිවිත වලට බලපෑම් එල්ල කලා. 1980 දශකය මෙරට පමණක් නොව ගොලීයවත් සුව්ශේෂ දශකය ක් වුණා.. නලීන් සර් ප්‍රකාශ කරන පරිදි ඔහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියේන් ගැලැවෙන්නේ මේ දශකයේ මුල්භාගයේ දී බවයි එනම් දැනට වසර හතලියක පෙරය.. ඔහු අනුව මා තාමත් එහි සිරකරුවකු වී "අනුකාරක ශ්‍රී ලාංකික උගතෙකු" ලෙස ලොකේට සත පහකට වැඩක් නැති

මාක්ස්වාදය හා පශ්චාත් මාක්ස්වාදය උගන්වන බවත් නමුත් එය "හුදු අධ්‍යයනික වැඩක් ලෙස හොඳ" බවත් ප්‍රකාශ කරයි .” 

 

මේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ අප පාණදුරේ වැසියන් හැටියට ගැමි සංස්කෘතියෙන්  බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියකට සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් බවයි. අප ඊනියා ප්‍රොතෙස්තන්ත බෞද්ධයන් නො වේ. අප රෙපරමාදු ක්‍රිස්තියානි ආගම අනුව හැඩගැසුණු පිරිසක් නො වේ. අප විරුද්ධ වූවා නම් අධිරාජ්‍යවාදයට මිස බුදුදහමට නො වෙයි. බටහිර ප්‍රොතෙස්තන්ත ආගම කතෝලික ආගමට විරුද්ධ වීම යන අරථයෙන් ප්‍රොතෙස්තන්ත වුණා. අප මෙරට බුද්ධ ශාසනයට විරුද්ධ වුණේ නැහැ. අනෙක් අතට අප ඕල්කට් බෞද්ධයන් නො වේ. ඕල්කට් බෞද්ධයා යනු සිංහල බෞද්ධකම අතහැර ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් වූ අයයි.

 

බෞද්ධයන් බුද්ධාගම්කාරයන් බවට පත්වීමට පටන් ගත්තේ පෘතුගීසි යුගයේ. පවු සමාකිරීම අනුව යමින් උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ ආදී කතා බෞද්ධයන් කතෝලික ආගම්කාරයන් නොවී බුද්ධාගම්කාරයන් බවට පත් කිරීමේ දී යොදා ගත් ව්‍යවහාර වෙයි. 

 

ඉතිරි වාක්‍යවලින් කියැවෙන්නේ මගේ අදහස් පමණයි. නිසා ප්‍රතිචාරයක් අවශ්‍ය නො වේ. ඉතිරි කොටස හෙට.