History

Saturday, 24 December 2011

කේරළය සහ ලංකාව

සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්‍රාන්තය කුමක් ද යන ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් පමණක් යැයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්‍රාන්තයක් නො වේ. එහි බෞද්ධ ජනගහණය 0.5% ක් තරමවත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්කෘතික සම්බන්ධකම් බොහෝ ය. එමෙන් ම දේශගුණය, තුරුලතා ආදිය සම්බන්ධයෙන් ද කේරළය හා ලංකාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ ඒ පිළිබඳ දිර්ඝ සාකච්ඡාවක් කිරීමට නොව එවැනි සාකච්ඡාවක් සඳහා මට වඩා අත්දැකීම් ඇති අයගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ය. කේරළය නමින් ප්‍රාන්තයක් ඇතිකරන ලද්දේ ඉන්දියාව ඉංගිරිසින්ගෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් ලබාගැනීමෙන් පසුව ය. ප්‍රදේශ හා රාජ්‍ය කිහිපයක් එකතුකිරීමෙන් කේරළ ප්‍රාන්තය ගොඩනැගී ඇත. මූලික වශයෙන් භාෂාව මත පදනම් ව ප්‍රාන්ත පිහිටුවීමේ දී මලයාලම් භාෂාව කතාකරන පිරිස ඉතා වැඩි වශයෙන් ජීවත් වූ ප්‍රදේශය කේරළය නමින් බෙදා වෙන් කෙරී ඇත. ආගමික වශයෙන් ගතහොත් හින්දු ජනතාව බහුතරය වෙයි. එහෙත් එය අති විශාල බහුතරයක් නොව යම්තම් හරි අඩක් ඉක්මවූ බහුතරයකි. සෙසු ජනතාව ප්‍රධාන වශයෙන් ඉස්ලාම් හා කතෝලික භක්තිකයෝ වෙති.

දේශපාලන වශයෙන් ගතහොත් ඉන්දීය කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී) ශක්තිමත් වෙයි. කලක් කොමියුනිස්ට් පාක්‍ෂික නම්බුදිරිපාද් මහතා කේරළයේ මහාඇමති ලෙස පත් වී සිටියේ ය. අද ද කේරළයේ සෑම ප්‍රදේශයක ම පාහේ ඒ පක්‍ෂයේ ශාඛා ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකි ය. ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂ බලවත් වූයේ කේරළයේ හා බටහිර බෙංගාලයේ වීමත් ඒ ප්‍රදේශ ලංකාවට යම්කිසි ආකාරයකින් සම්බන්ධවීමත් ලංකාවේ ද කලක මාක්ස්වාදී පක්‍ෂ ඉන්දීය ප්‍රාන්තවල තරම් බලවත් නොවුවත් යම් බලපෑමක් කිරීමේ හැකියාව සහිත වීමත් අතර කිසියම් වූ සම්බන්ධයක් ඇති බවත් සිතාගත හැකි ය. එහෙත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ලංකාවේ වඩා බලපෑමක් කිරීමට හැකිවූයේ ස්ටැලින්වාදීන්ට වඩා ට්‍රොට්ස්කිවාදීන්ට බව ය. එමෙන්ම කේරළයේ මෙන් ගමෙන් ගමට ව්‍යාප්ත වූ මාක්ස්වාදී ව්‍යාපාරයක් ජ වි පෙ බිහිවන තුරු ලංකාවේ ඇති නොවීමත් සඳහන් කළ යුතු ය. ට්‍රොට්ස්කිවාදය නාගරික උගතුන්ට වඩා ආකර්ෂණීය වීමට අමතර ව මාක්ස් එංගල්ස් ට්‍රොට්ස්කි භාවිතා කළ අපෝහකවාදය රූපිකත්වයෙන් කෙළවර වුවත් එය චතුස්කෝටිකයේ දුර්වල ප්‍රකාශයක් වීම ලංකාවේ ට්‍රොට්ස්කිවාදය නගරවල පැතිරීමේ දී හේතුවක් වී ඇතැයි සිතිය හැකි ය. ට්‍රොට්ස්කිගේ යුද්ධය ද නො වේ සාමය ද නොවේ වැනි ප්‍රකාශ දිරවා ගැනීමට සිංහල බෞද්ධයන්ට කිසිම අපහසුවක් නැත.

කේරළයේ පහත් ප්‍රදේශවල පොල් ඉතා බහුල වශයෙන් දැකගත හැකි ය. ලංකාවේ ඇති සෑම ගසක් ම පාහේ කේරළයේ ද ඇත. කේරළයේ ම පවතින එක් ජනප්‍රවාදයකට අනුව කේරළය යන්න පොල් හා විල් යන අර්ථ ඇති වචන දෙකක් එකතු වීමෙන් සෑදී ඇත. ඒ කෙසේ වෙතත් කේරළයේ පොල් ගස් මෙන් ම ඉතා විශාල විල් ඇත. විල් පැවතීම හේතුවෙන් එහි බෝට්ටු සේවාවල යෙදීමට ද බොහෝ දෙනාට අවස්ථාව ලැබී ඇත. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල මෙන් නොව කේරළයේ පොල් ගස ප්‍රධාන ගස වීම ද ලංකාව හා කේරළය අතර සමානත්වය වැඩිවීමට හේතු වී ඇත. කේරළයේ ජනතාව ද පොල් ගස කප් රුකක් ලෙස සලකති. ඔවුහු ද පොල් ගසේ ඉවත දමන කිසිවක් නැතැයි පවසති. ලංකාවේ මෙන් ම අප රටේ රටාවට ම වියන ලද පොල් අතුවලින් සෙවිලි කළ නිවෙස් කේරළයේ ද දැකගත හැකි ය.

ආප්ප, ඉදිආප්ප පිට්ටු වැනි කෑම පමණක් නොව මුංගුලි ද කේරළයේ ඇත. ඒ කෑම වඩාත් ම ඇත්තේ තරමක් උතුරට වූ මලබාර ප්‍රදේශයේ යැයි කියනු ලැබේ. කුරුම්බා ගෙඩියක් බී එය පළා ඇස්සක් ගසාගෙන ලොඳ කෑමට කේරළ වැසියෝ ද හපන්නු වෙති. පෘතුගීසින්ට යටත් ව සිටි සමයේ දී හඳුන්වාදෙනු ලැබූ හැට්ටය සමග රෙදි (රෙද්ද හැට්ට) හා විලුඹ තෙක් ඇති දිග ගවුම් අඳින කාන්තාවන් අද ද කේරළයේ පාර තොටේ දැකගත හැකි ය. ලුංගිය (සරම වැනි එහෙත් මූට්ටු කර නොමැති) හැඳගත් පිරිමි කැසපටක් කවා ගමන් බිමන් යති. ලංකාවේ තරමට කලිසම කේරළයේ ප්‍රචලිත වී නැත. කේරළයේ කාන්තාවන් සාරිය ඇඳීමේ දී ද සිංහල කාන්තාවන්ට සමාන කමක් දැකිය හැකි ය. එය දෙමළ හෝ උතුරු ඉන්දියාවේ හෝ කාන්තාවන් සාරිය ඇඳීමට වඩා වෙනස් වෙයි. කේරළයේ භාෂාව මලයාලම් වෙයි. එය සිංහලයට නොව දෙමළට සමීප වෙයි. එහෙත් කේරළ වැසියන් භාෂාව කතාකරන රිද්මය සිංහල කතාකරන රිද්මයට සමීප වෙයි. ඇතැම් අවස්ථාවක ඔවුන් කතාකරන්නේ සිංහල දැයි සිතෙන තරමට මේ සමීපත්වය වෙයි. ඔවුන්ගේ ගීත ද සිංහල ගීත මෙන් ඇසෙන අවස්ථා වෙයි. මලයාලම් භාෂාවේ අකුරු ලියන ආකාරය හා සිංහල භාෂාවේ අකුරු ලියන ආකාරය සමාන වෙයි. මේ සමානත්වය මියන්මාර තායි ආදී භාෂා සම්බන්ධෙැයන් ද දැකගත හැකි වෙයි. මලයාලම් අකුරු දෙමළ අකුරුවලට වඩා සිංහල අකුරුවලට සමීප වන්නේ කෙසේ ද? මලයාලම් හොාඩියේ ඇකාරය නැත. ඇකාරය සිංහලයන්ගේ ම නිර්මාණයකි. එහෙත් මලයාලම් හෝඩියේ ඉරු (සෘ) සහ ඉලූ දැකගත හැකි ය. භාෂා හා ආගම් වෙනස් වුව ද සිංහලයන්ගේ ජීවන රටාව හා ජීවන රිද්මය ඉන්දියාවේ ජන කොටස් අතරින් වඩාත් සමීප වන්නේ කේරළ වැසියන්ගේ ජීවන රටාවට හා ජීවන රිද්මයට ය.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නිවෙස් පැතලි වහළකින් සමන්විත වෙයි. එහෙත් කේරළයේ නිවෙස්වල වහළ හැඩතල ස්වරූපයක් ගනියි. පහළොස්වැනි සියවසේ පමණ බිහි වූ ත්‍රිවන්ද්‍රම් අගනුවර කරගත් ත්‍රාවන්කොර් රජවරුන්ගේ මාළිගා හා නුවර ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාළිගාව අතර සමානත්වයක් වෙයි. ඇම්බැක්කේ වැනි කැටයම් ද ඒ රජවරුන්ගේ මාළිගාවල දැකගත හැකි ය. ඒ රජ පරම්පරාවේ දහහත් දෙනෙක් අද ද ඒ මාළිගාවල වෙසෙති. ඔවුන්ට කිසිදු ආකාරයක රාජ්‍ය බලයක් අහිමි වුවත් පැරණි සිරිත් විරිත් පවත්වාගෙන යෑමට ඔවුහු සමත් වී සිටිති. මේ අතර යුද්ධ ශිල්ප අතින් ද සමානත්වයක් දැකිය හැකි ය. අංගම්පොර ශිල්පය මෙයට උදාහරණයකි. මේ ශිල්පය අනුරාධපුර සමයෙහි ද මෙරට තිබී ඇත.

කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක බවට සැකයක් නැත. එහෙත් සිංහලයන් හා කේරළ වැසියන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබෙන්නේ කෙසේ ද? එයට හේතු ගණනාවක් වෙයි. ඉතා මෑත ම හේතුව ලෙස සෑලකිය හැක්කේ පෘතුගීසි ආක්‍රමණය ය. පෘතුගීසින් කේරළ වැසියන්ට හා සිංහලයන්ට ලබා දී ඇති හැට්ට කබා ආදිය එහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. සිංහලයන්ටත් වඩා කේරළ වැසියෝ පෘතුගීසි බලපෑමට හසු වී සිටිති. කතෝලික ආගම කේරළයේ වඩා පැතිර ගොස් ඇත. එය පුදුමයට කරුණක් නොවන්නේ පෘතුගීසින් ගෝව හා කේරළය පදනම් කරගනිමින් අපේ කලාපය පාලනය කිරීම නිසා ය. ආසියාවේ ප්‍රථම කතෝලික පල්ලිය ලෙස සෑලකෙන ශාන්ත ෆ්‍රැන්සිස් පල්ලිය කොචින් නගරයේ පිහිටා ඇත. වස්කෝ ද ගාමාගේ සිරුර පළමුවෙන් භූමදාන කර ඇත්තේ මේ පල්ලියේ ය. දෙවැනි ආසන්න හේතුව දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට කේරළ ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව ය. මේ ජනතාවගෙන් යම් පිරිසක්් මෙරට විවිධ කුලවලට අවශෝෂණය කෙරී ඇත. ඔවුන් සමග විවිධ ආහාරපාන ද මිරිස් ද ගුරුකම් ද අපට ලැබී ඇත. තුන්වැනුව අපට දැක්විය හැක්කේ මෙරටට විටින් විට ගෙන්වන ලද මලයාලම් බස කතාකළ වේලක්කාර හමුදා ය. මේ පිරිස් නාගදීපයේ සිංහලයන් සමග පදිංචි වී සිට ඇත. ලන්දේසීන් වත්මන් තමිල්නාඩුවෙන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනෙන විට නාගදීපයේ හෙවත් යාපන අර්ධද්වීපයේ සිටියෝ සිංහලයෝ හා වේලක්කාරයෝ ය. යථා කාලයේ දී මේ සියල්ලන් දෙමළ වී ඇති නමුදු යාපනයේ දෙමළ බසට මලයාලම් වචන එකතු වී ඇත්තේ ඒ වේලක්කාරයන්ගෙනි. එහෙත් එයටත් වඩා ඈතට යන සම්බන්ධයක් මෙරට සිංහලයන් හා කේරළ වැසියන් අතර වූ බව පෙනෙයි. දෝශපාලන වශයෙන් ගතහොත් පැරණි පාණ්ඩ්‍ය දේශයට වත්මන් කේරළයෙන් කොටසක් අයත් වත ඇති අතර චේර රාජ්‍යයට ද කේරළයේ සම්බන්ධයක් ඇත. පැරණි පාණ්ඩ්‍යයෝ ද්‍රවිඩයෝ නොවුහ. සිංහලයන් පාණ්ඩ්‍යයන් හා චේරයන් සමග සමගියෙන් වාසය කර ඇති අතර චෝලයන්ට එරෙහිව එකිනෙකාට උපකාර ද කර ඇත. විශේෂයෙන් ම දෙපැත්තේ ම වාසය කළ නාවිකයන් වූ නාග ගෝත්‍රිකයන් අතර සම්බන්ධකම් ගොඩ නැගී ඇති බව ද පැහැදිලි ය. ඒ සඳහා සෘජු නිදර්ශනයක් නොවුණ ද නාගසලම් යනුවෙන් හැඳින්වෙන සංගීත භාණ්ඩය ගැන වචනයක් කිව යුතු ය. පඬිවරු නාගසලම් යන්න ශුද්ධකර නාදස්වරම් ලෙස භාවිතාකරති. එහෙත් කේරළයේ නාගසලම් යන්න කියැවෙන්නේ නාගස්වරම් යනුවෙනි. සිංහලයේ ර සහ ල අකුරු මාරුවීමේ රීතිය අනුව නාගස්වරම් නාගසරම් හා නාගසලම් බවට පත්වී ඇතැයි සිතිය හැකි ය. නාගස්වරම් හෙවත් නාගස්වර යන්නෙන් නාගයන්ගේ ස්වර හෝ නාගයන්ට ආමන්ත්‍රණය කරන ස්වර යන තේරුම දෙනවා විය හැකි ය. මේ සියල්ල පිළිබඳ පු්‍රළුල් ගවේෂණයක යෙදිය යුතු ය. උපසම්පදාව ලංකාවෙන් සියමට ගෙන ගොස් ආපසු ගෙන ආ පරිදි ඇතැම් සංස්කෘතික ලක්‍ෂණ පළමුවෙන් ලංකාවෙන් කේරළයට ගෙන ගොස් ආපසු ලංකාවට ගෙනැවිත් ඇති බව පෙනී යයි. ඈත අතීතයේ දී සිංහලයන් (සිංහල වූ නාගයන්) කේරළයට සංක්‍රමණය වී යැයි කියන ජනප්‍රවාදය ද අමතක නොකළ යුතු ය.

Wednesday, 21 December 2011

ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම

අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදාගැනීමට සිදුවෙයි. ඒ එකක්වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමග යා යුතු නො වේ. බටහිර විිද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයකට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක් ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය සමග ද බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ඔවුන්ගේ දැනුම ලෝක පූජිත තත්වයකට පත්කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්වාධීනත්වය ගැන සියලු දෙනාම පාහේ කතාකරති. එහෙත් බටහිර නොවන විද්‍යාවක් ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරීමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක් නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස් සිතීමට කෙසේවත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක් බිහි නොවීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්, සංකල්පීය වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක්, බටහිර විද්‍යාව ඇතුලූ බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත්කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එකම සංකල්පයක්වත් සාකච්ඡාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳවවත් සාකච්ඡාවක් එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියන්ලා හා හෙංචක්කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූහ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක් නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍රවන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන්ගේ ලෝකය පංචේන්ද්‍රියයන්ට පමණක් අවසානයේ දී සීමාවෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. ුහද ඇති පරස්පරය යම් තරමකටවත් තේරුම් ගත්තේ අර්නස්ට් මාක් නමැති ඕස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතාකරති. ඒ අතර් ඔවුන්ට ක්වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ගැන කතාකිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතුව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මගින් ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච විස්තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක් වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යෑමට නම් ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. මෙහි දී අපට දැනට එක්තරා ආකාරයකට සීමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක් ඇතිකර ගතයුතු ව ඇත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක් තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන යැයි නිව්ටන් කීවේ ය. එය ඔහුගේ නිර්මාණයක් පමණකි. ඒ සංකල්පය පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නක් නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක් පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත්කල පවතින්නේ යැයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන්වත් නොපවත්නා දේ කියැවෙන්නේ ද?

ක්වොන්ටම් අංශු ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය පමණක් නොව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වන න්‍යුට්‍රීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත්කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක් පවතින දේ ය. ප්‍රෝටෝන ඉංද්‍රිය ගෝචර නොවූව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කරදීමට යෑමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිවහැක්කේ ප්‍රෝටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක් තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රෝටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රෝටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කරදීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්තු එකිනෙක ඇදගැනීම තේරුම් ගැනීම සඳහා පමණක් ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රපංචයක් තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක් නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක් ඒ නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක් සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක් සම්මුති අර්ථයකින්වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක් දැයි නොදනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක් යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක් බවත් එය මනසේ ම නිර්මාණයක් බවත් දනිති. ංප එකඟ නොවූව ද මනස හෘදයවස්තුව ආශ්‍රිතව පවතින්නේ යැයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නොවූව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන්වත් නොපවතින සංකල්පයක් නොව සම්මුති වශයෙන් පවත්නා ප්‍රෝටෝනයක් වැනි සංකල්පයකි. ප්‍රෝටෝන ද ඉන්ද්‍රිය ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නොකියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්විතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක් ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක් සතුන්ට මනස් නොමැති වීමටත් මිනිසුන්ට පමණක් මනස් ඇතිවීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක් වනුයේ මිනිසුන්ගේ මොළ අතර ඇති වෙනස්කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන්ගේ මනස් අතර වෙනස්කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්ටයින්ගේ හෝ ගර්ඩ්ල්ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් වෙනස්වන්නේ කෙසේ ද? ඒ වෙනස්කම් අද තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. එයට හේතුව අයින්ස්ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මියගොස් ඇති බැවිනි. එහෙත් අද ජීවත්වන උසස් යැයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මොළවලට ඉලෙක්ට්‍රෝඩ ඔබ්බවා මේ වෙනස්කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ෙසෙල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

බටහිර වි්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක් නොදුන්න ද මනස ඒ කිසිවක් ගණන් නොගන්නා බව පෙනෙයි. බටහිර වි්‍යාඥයන් එසේ තැනක් නොදෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.

ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා

ජාතික චින්තනයේ මතවාදය මාක්ස්වාදය අනුව සකස්විය යුතු යැයි ගුණදාස අමරසේකර මහතා කීවේ වැඩි ඈතක නො වේ. දැන් ඒ මහතා ඒ අදහස නොදරයි. එහෙත් ජාතික ව්‍යාපාරය අද යම් මාක්ස්වාදී දේශපාලනයක් විසින් ඩැහැගනු ලැබ ඇත. ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ඇරඹියේ 1986 දී ය. අමරසේකර මහතා රත්නපුරේ පැවති රැස්වීමක දී ජාතික චින්තනයක් ගැන කතාකළේ 1986 අගභාභයේ දී ය. එහෙත් ජාතික චින්තනය යන්න කුලියාපිටියේ ප්‍රනන්ද සූරින් එයට කලකට පෙර යොදාගෙන තිබිණි. ජී අයි ඩී ධර්මසේකර මහතා ප්‍රමුඛ පිරිසක් ජාතික වූ දේශපාලනයක් ගැන කතාකළේ හැත්තෑවේ දශකයේ දී ය. අපේ පැරණි ඉතිහාසය ගැන එදා ඒ මහතා කළ කතා එකල නව සමසමාජ පාක්‍ෂියකු ලෙස මම අවඥාවෙන් බැහැර කළෙමි. අමරසෙක්ර මහතා අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද යන කෘතිය පළකළේ ද හැත්තෑවේ දශකය අග භාගයේ දී ය. ඒ පොතට ඒ නම තැබීමට මුල්වූයේ අමරසේකර මහතාගේ අබුද්දස්ස යුගයක් කෘතිය කියවූ ජේ අර් පී සූරියප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. එසේ ඇසූ ප්‍රශ්නය පොතේ ද නම විය. අමරසේකර මහතා ඒ කෘතියෙන් කීමට අදහස් කළේ ධර්මපාලතුමා මාක්ස්වාදය දැන සිටියේ නම් එතුමා ද මාක්ස්වාදියකු වීමට තිබිණි යන්න ය. එකල අමරසේකර මහතාට අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. මම ඒ පොතෙහි අදහස් එකල සමසමාජ පාක්‍ෂිකයකු ලෙස විවේචනය කළෙමි. අද ද විිවේචනය කරමි. ඒ ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන්නකු ලෙස ය. අමරසේකර මහතා එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන නවකතා මගින් කීමට අදහස් කළේ ද යට කියන ලද සහජීවනය ය. ධර්මසේකර මහතා ප්‍රමුඛ එතුමාගේ දේශපාලන පක්‍ෂයේ අයට ද අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. ධර්මසේකර මහතා එකල ද වැව් කර්මාන්තය පැරණි ගොවිකම ආදිය ගැන කතා කළේ ය. එහෙත් අමරසේකර මහතාට එකල එවැනි දර්ශනයක් නො වී ය. දිවයින පුවත්පත අරඹා වැඩි කලක් යෑමට ප්‍රථම අසූවේ දශකයේ සූූරිය ගුණසේකර මහතා විවිධ නම්වලින් අපේ පැරණි දැනුම ගැන කතාකළේ ය. බොරුපන වෙදමහතා මුල්කරගෙන වෙදකමත් අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන් මහතා මුල්කරගෙන ගොවිකම හා වැව් ගැනත් ඒ මහතා පුවත්පතට ලිවී ය. එකල අමරසේකර මහතා ඒ අදහස් ගැන වචනයක්වත් සඳහන් කළ බවක් මට මතක නැත. අමරසේකර මහතා සන්නද්ධ වූයේ මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් ආදීන්ගේ මුල් කෘතිවල අදහස්වලින් නොව ඒ අදහස් රැගෙන ලියු එරික් ෆ්‍රොම්ගේ අදහස්වලිනි. එයට අමතරව ටේ‍රවෝ ලිංගේ අදහස් ද ඒ මහතාට බලපෑවේ ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා අමරසේකර මහතාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙයි. වික්‍රමසිංහ මහතාට පුනබ්බවය ගැන විශ්වාසයක් නොතිබිණි. ධර්මසේකර මහතා ලෙනින් ස්ටැලින් ගුරුකුලයෙන් පෝෂණය ලැබුව ද ඒ මහතා බුදුසමයෙන් ද පෝෂණය විය. ඒ මහතා පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරන පඬියකු නො වේ. සූරිය ගුණසේකර මහතාට මාක්ස්වාදය ප්‍රිය නොවී යැයි කීම අවම මට්ටමේ තක්ෙැස්රුවකි. එහෙත් ඒ අතර ඒ මහතා මහාවිහාර මහාවංසයට ද විරුද්ධ විය. ගුණසේකර මහතා අදත් අභයගිරියේ ලියැවිණි යැයි කියන උත්තර මූල වංසකතාවක් ගැන සඳහන් කරයි. ඒ මහතා මහරගම සමන් මුද්‍රණාලය හා එහි පළකළ පොත් ද තදින් විවේචනය කළේ ය. ගුණදාස අමරසේකර මහතාගේ කරුමක්කාරයෝ පළකරන ලද්දේ ද සමන් මූද්‍රණාලය මගිනි.

ධර්මසේකර මහතා (අද අනගාරික ධර්මසේකරතුමා) මාක්ස්වාදියකුට වඩා ජාතිකවාදියකු වුව ද ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ආරම්භ කිරීමට ඒ මහතාට නොහැකි වූයේ ඒ මහතා දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වීම නිසා යැයි සිතමි. ජාතික ව්‍යාපාරයට බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂයක් තිබිය නොහැකි ය. අමරසේකර මහතා සමසමාජ පක්‍ෂයේ හිතවතකු වුව ද ඒ මහතා කිසි දිනෙක දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නො වී ය. අසූවේ දශකයේ අගභාගය වන විට ජේ ආර් ජයවර්ධන විවෘත ආර්ථිකය නමින් ගෙන ගිය බටහිර සංස්කෘතියට රට විවෘත කිරීම හා දෙමළ ජාතිවාදයේ ආයුධ සන්නද්ධ දේශපාලනය හමුවේ හෙම්බත් වී සිටි ජනතාවට දේශපාලන පක්‍ෂවලින් තොර ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව විය. ජාතික චින්තන අදහස ජනතාව අතර එකල ප්‍රචලිත වීමට පටන්ගත්තේ ඒ අවශ්‍යතාව හේතුකොටගෙන ය. එහි මුල වූයේ දැනුම ඇතුළු බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. එය පක්‍ෂයක් නොවූව ද දේශපාලන ව්‍යාපාරයක් විය. දහනවවැනි සියවස අගභාගයේ සිට ම මෙරට යටත්විජිතවිරෝධී දේශපාලනය සංස්කෘතික මුහුණුවරක් ගත්තේ ය. පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහාවාද අන්කිසිවක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය මුල් කරගෙන කෙරුණු යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. අවාසනාවකට ඕල්කට්තුමා පැමිණ ඒ ව්‍යාපාරය පීලි පන්නා සිංහලකම නැති ඊනියා උගත් බෞද්ධයන් පිරිසක් ඇති කළේ ය. කෙසේ වෙතත් ධර්මපාලතුමා හුදු බෞද්ධ නායකයකු නො වී ය. එතුමා සිංහල බෞද්ධ නායකයකු විය. ඒ අරුතින් එතුමා යටත්විජිත විරෝධී දේශපාලන නායකයකු විය. ගුණදාස අමරසේකර මහතා ධර්මපාලතුමා සහ මාක්ස්වාදය ගැන විටින් විට කියා ඇති පරස්පර කතා අමතක කළ ද ධර්මපාලතුමාගේ දේශපාලනය ඉස්මතු කිරීමෙන් ජාතික ව්‍යාපාරයට අගනා සේවයක් කර ඇත. ධර්මසේකර මහතාට හෝ ගුණසේකර මහතාට හෝ වඩා අමරසේකර මහතාට ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදයට දායක වීමට ඉඩ ලැබුණේ දේශපාලන පක්‍ෂයකට කොටු නොවීමත් ධර්මපාලතුමාගේ දේශපාලනය අවබෝධ කරගැනීමත් අනෙක් දෙදෙනාට වඩා උගත් සිංහල මධ්‍යම පංතියට (මාක්ස්වාදී අර්ථයකින් නොව) ආකර්ෂණය වීමත් නිසා ය. උගත් සිංහල මධ්‍යම පංතිය තවමත් ෆ්‍රොම් ටේ‍රවෝ ලිං වැනි බටහිර පඬුවන් මගින් බෞද්ධ සංස්කෘතිය විවරණය කරගැනීමට කැමති වෙති. එහෙත් ජාතික ව්‍යාපාරයේ ඒ පරිච්ඡෙදය අද වසා දමා ඇත. එයට හේතුව ජනතා මිතුරෝ සංවිධානය පිහිටුවීමත් සමග ජාතික ව්‍යාපාරය දේශපලනීකරණයට ලක් වීම ඇරඹීම ය. බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂවලට හෝ එවැනි පක්‍ෂවල පෙරමුණු සංවිධානවලට ජාතික ව්‍යාපාරයට නායකත්වය දිය නො හැකි ය. එහෙත් ඒ අතර කිව යුත්තක් වෙයි. අද ජාතික ව්‍යාපාරයේ මේ ඉතිහාසය අමතක කර නව ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇතැම්හු උත්සාහ කරති. ඒ අයට විශාල දැනුම් සම්භාරයක් අසාමාන්‍ය ආකාරයෙන් ලැබෙයි. වෙදකම, ගොවිකම එහි දී ප්‍රධාන වුවත් ඔවුන්ට වෙනත් දැනුම් ද ඇත. දේශීය බීජවර්ග මෙරට ගොවි මහතුන් අතර තවමත් ඇත. එ ගැන දන්නා මතුගම සෙනවිරුවන් වැනි මහත්වරු අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ සිංහල ගොවිකමෙහි නිරත වී සිටිති. ඒ අය අමතක කර දෙවියන්ට වුවත් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි නො වේ.

මේ ඉතිහාසය සැකෙවින් නමුත් සඳහන් කිරීමට හේතු වූයේ පසුගිය සතියේ විවිධ විද්වත් භික්‍ෂූන් වහන්සේ හා උගතුන් සරත් ෆොන්සේකාට සමාව දීම ගැන කතාකිරීමත් මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ප්‍රකාශයත්් ය. ඒ පිටුපස ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී රටවල් ය. මේ ප්‍රකාශවලට විරුද්ධ වීමට ගුණදාස අමරසේකර මහතා ද ඇතුළු මෙරට ජාතික ව්‍යාපාරය තම දේශපාලනය තුළ සිකරගෙන සිටින කිසිවකුට නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා අද උත්සාහ කරන්නේ බටහිර බලපෑම්වලින් රට ආරක්‍ෂාකරගෙන මූලික වශයෙන් බටහිර පන්නයේ සංවර්ධනයක් ජනතාවට හිමිකර දීමට ය. එහෙත් බටහීර පන්නයේ සංවර්ධනයක් ලැබෙන්නේ ලෝක බැංකුවේ ණය ඔස්සේ ය. අද විශ්වවි්‍යාලවල ද ප්‍රධාන කාර්යය වී ඇත්තේ ලෝක බැංකු ණය ලබාගැනීම සඳහා ඊනියා යෝජනා ඉදිරිපත් කිරීම ය. එයින් ජනතාව ණය වීම හැරෙන්නට කිවයුතු තරමේ ප්‍රයෝජනයක් ඇතැයි නො සිතමි. ඇමරිකානු තානාපති කාර්යාලයේ එතරම් උසස් නොවන නිලධාරියකු රජයේ වැදගත් ඇමතිවරයකු කැඳවා සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් එසේ ෙැනාකළහොත් තදින් ක්‍රියාකිරීමට සිදුවන බවත් දන්වා ඇත. ඉංගිරිසි පාලන සමයේ සිට ම මෙරටට පැමිණි හා පැමිණෙන ආණ්ඩුකාරවරුන්, තානාපති නිලධාරීන් ආදීන් ඉතා වැඩි පිරිසක් ඒ රටවල තුන්වැනි පංතියේ අය බව ඔවුන් සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සාහ කරන මෙරට ඉහළ පංතියේ යැයි කියන්නන් නොදන්නවා විය හැකි ය. බටහිරයන්ට අවශ්‍ය සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා යුද්ධ අපරාධ පිළිබඳ නඩුවක දී සාක්‍ෂිකාරයකු ලෙස යොදා ගැනීම ය. අපට මෙහි දී බලපාන ප්‍රධාන සාධකය එය ය. ඒ වැළැක්විය හැක්කේ ඔහු කර ඇති පාවාදීම් පිළිබඳ අධිකරණ තීන්දුවක් මගින් ඔහු සිරගත කිරීමෙන් පමණක් නම් ඔහුට සමාවක් දිය යුතු නො වේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාට සරත් ෆොන්සේකා බටහිරයන්ට විරුද්ධව යොදාගත හැකි නම් ෆොන්සේකාගෙන් රටට සේවයක් ලබාගත හැකි නම් ඔහු නිදහස් කිරීමේ වරදක් නැත. එහෙත් ඒ තීරණය තුට්ටු දෙකේ බටහිර තානාපති නිලධාරීන්ගේ තර්ජන නිසා නොගත යුතු ය. කාදිනල්තුමා රත්මලානේ ප්‍රේම් නිවාසයේ තෙරේසා ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සිවිල් ආයතනයක් හා පොලීසිය ක්‍රියාකර ඇති (එතුමාට අනුව) වැරදි ආකාරය නත්තලට පෙර නිවැරදි නොකළහොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත. එතුමාට අනුව උසාවියට ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධව වෙනත් තැන්වල කතාකිරීම නුසුදුසු වුවත් (කාදිනල්තුමා ද දන්නා මේ කරුණ කැලණිය සරසවියේ ඇතැම් ඇදුරෝ නො දනිති.) බටහිරින් ප්‍රශ්න කරන නිසා එලෙස ප්‍රකාශ කිරීමට සිදු වී ඇත. මෙහි දී ද එක් පැත්තකින් බටහිර යම් බලපෑමක් නිසා කාදිනල්තුමා ඒ ප්‍රකාශය කර ඇති බව පැහැදිලි ය. අනෙක් අතට උසාවිය හමුවේ ඇති ප්‍රශ්නයකට තීන්දුව කාදිනල්තුමා ම දී එතුමාගේ තීන්දුව ක්‍රියාත්මක කරන තුරු රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ද කියයි. මෙය කාදිනල්තුමා අගයන බටහිර නීතියට වුවත් එකඟ නො වේ. කාදිනල්තුමාට ඒ බව කියා දීමට අද දේශපාලන පක්‍ෂවල සිරවී ඇති ජාතික ව්‍යාපාරයට නොහැකි වී ඇත.

Foreign Interferences

Foreign interference is not new to this country and during the past five hundred years or so after the western Christian colonialism was introduced to this country the Kings and later the Prime Ministers and Presidents have come under pressure from these invaders. After the entire country was captured by the English violating a treaty with the Sinhala leaders who were not in the game of making treaties to deceive the other party the entire country came under the direct rule of the colonial office. The English were the supreme power until the so called the second world war (it is not necessary that a “real” second world war had taken place in order to refer to the so called second world war. I can also refer to a so called God, whether a “real” God exists or not) after which the “mantle” of suppressing the non western countries had been passed over to the not so sophisticated Americans. The so called Tamil ethnic problem (there is no Tamil ethnic problem as such but only an emotion first among the Vellala leaders that has been installed in their minds by the sophisticated English) was created by the English after the Vellalas had been brought to this country by the Dutch in the seventeenth century and since the nineteenth century the English have used this so called problem to exert pressure on the Sinhala people.

The western countries with their knowledge dominating the whole world very often create concepts in order to suppress the others especially the cultures of the others. It does not mean that they do not exert political and economic pressure on the other nations but the cultural aspect has to be highlighted as it is very often neglected or not even considered by the intellectuals of the western Christian colonial countries. I find that a discussion on Academic Freedom in the Universities has been initiated but the participants at this dialogue always forget that we do not have the freedom to teach so called myths in our culture which is very often nothing but knowledge created by our intellectuals, not the intellectual types one finds at the universities, to our students officially. This knowledge that has been created by our intellectuals has been branded as myths by the western intellectuals using of course their concepts and theories and our intellectual types are happy to treat the same as myths imitating their masters and mistresses in the west. I know from experience the difficulties one comes across when one attempts to teach our knowledge even unofficially to our students. While at the University of Colombo when I attempted to teach our knowledge there was opposition from all quarters and the then esteemed Vice Chancellor of the University asked me why I was teaching Jathika Chinthanaya to the students. My reply was that if the others could teach Vijathika Chinthanaya why I should be barred from teaching Jathika Chinthanaya. Then the Vice Chancellor had the impudence to ask me whether I wanted to continue as a lecturer. I knew my days were numbered at the University and I was unceremoniously kicked out of the University after framing bogus charges which were not proved in the courts of law.

Then recently I was almost sacked from the University of Kelaniya over the reference to Natha Deviyan in respect of Rajarata Chronic Kidney Disease.(RCKD) One Professorial lady who is in charge of Ayurvedic and Indigenous Medicine was especially active in this regard and she conspired with others with the connivance of the Minister of Higher education to displace me as the Dean of the Faculty of (western) Science, probably as a first step. She with the others, especially a genius who has managed to obtain third class degrees in Engineering as well as in Sociology, was involved in driving the council of the Sri Lanka Association for the Advancement of Science to issue a statement against me which I replied in the process. Incidentally I was there on Monday at the inaugural ceremony of the 67th Annual Sessions of the Association, in order to remind those who were instrumental in issuing the statement that both Natha (Deviyan) and Nalin (de Silva) are still alive and kicking. However, I understand that the Faculty of Graduate studies at the University of Sri Jayawardhanepura, in collaboration with the Faculty of Medicine of the same University is organizing a seminar on RCKD on the 12th of this month at some place in Boralasgamuwa for an invited group of people. There is no harm in organizing seminars by Faculties of Graduate Studies but I find that none of the speakers are from what I may call the camp of Natha Deviyan. (I know that Natha Deviyan would not like the term camp of the Deviyan but I have to use terms which are familiar to human beings and not to Gods).This is nothing but cracking pots in an uninhabited house (palu gei valang bindeema), and I am not sure whether the Vice Chancellor of the University who is a national minded person is aware of the activities of two of the faculties. It may be that the husband of the Professorial lady who connived with the Minster of Higher Education do displace me as the Dean, is involved with this seminar. However, I know that many of the western doctors are treated for their various illnesses by the Vipassaka Deviayan who is much more knowledgeable than all the western doctors in the world, and the Dean of the Faculty of Graduate studies should have taken steps to invite a few of these doctors whose names I would divulge to the good lady if she is prepared to invite them.

I mention these facts in order to remind the readers how foreign influence, some times unknowingly takes place at Universities and other places as a result of western Christian colonialism. The two ladies and the husband of one f them I have mentioned above may not know that they are acting as agents of western Christian colonialism but that is not an excuse for them to engage in anti nationalistic activities. It is mainly a cultural aggression and the recent outburst by the Cardinal is nothing but a continuation of five hundred year programme against the culture of this country. The National Child Protection Authority (NCPA) has the right to investigate activities at Prem Nivasa or any other nivasa whether it is connected to any religious institution or not. The police has atken into custody one of the sisters of the Prem Nivasa and it is up to the legal system, after all not a Sinhala legal system but a system introduced by the Dutch and functioned under the English as well to come to a decision on this. Apparently the Cardinal knowing that the matter is subjudice had kept quiet but apparently has been influenced by the foreign sources to make a statement. The statement is an indirect threat to the government as it says unless action is taken to correct probably the procedure adopted by the NCPA and the police the Cardinal would not take part in state functions until Christmas. It is not clear why the Cardinal has said until Christmas unless he wants it to be “corrected” before Christmas. It is not proper for the Cardinal to interfere with action taken by the government officers and the police especially when the matter is subjudice. It is clear that the foreign sources who have made the Cardinal to issue a statement has no respect for their own legal system imposed on our countries by force.

Copyright Prof. Nalin De Silva

Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.

රනිල් සරත් සහ ටයිපටිය

පසුගිය ජනාධිපතිවරණයේ දී එ ජා පක්‍ෂය විසින් රනිල් වික්‍රමසිංහ වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරපත් කරනු ලැබුයේ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට කිසිම ඉඩක් නොතිබූ නිසාත් සරත් ෆොන්සේකා ජාතිකත්වයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ නිසාත් ය. හිටපු හමුදා නායක ලෙස සරත් ෆොන්සේකාට ජාතිකත්වය අගය කළ අය අතර යම් පිළිගැනීමක් තිබිණි. 2005න් පසුව ජාතිකත්වයක් ගෑවීවත් නැති අයකුට ජනාධිපති වීමේ අවස්ථාවක් උදාවනු ඇත්තේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මගින් ජනතාවට ජාතිකත්වය එපා කළහොත් පමණකි. එ ජා පක්‍ෂයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සංරචකය වූ රනිල් - රවි කරුණානායක –- ජයලත් ජයවර්ධන - ජෝන් අමරතුංග කල්ලියට සම්ම ජාතියේ බලයට පැමිණීමට නොහැකි බව නොදන්නේ ඔවුන්, ඔවුන්ගේ හෙන්චයියලා හා හෙන්චක්කලා පමණකි. සජිත් - කරු කණ්ඩායමට අවම මට්ටමේ ජාතිකත්වයක් ඇති නමුත් ඔවුහු දුර්වලයෝ වෙති. කලක සිට එ ජා පක්‍ෂය ගන්ධබ්බ තත්වයක පවතින්නේ එබැවිනි. ඒ ගන්ධබ්බ තත්වය හමුවේ සරත් ෆොන්සේකා ජනාධිපතිධුරාපේක්‍ෂකයා ලෙස නම් කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් එ ජා පක්‍ෂයට එකල නො වී ය. ජ වි පෙරමුණට සරත් ෆොන්සේකා හැරෙන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එලොවින්වත් මෙලොවින්වත් කිසිවකු සොයා ගැනීමට නොහැකි විය. එම පක්‍ෂය ජනාධිපතිවරණයක දී හුදු නිරික්‍ෂක මට්ටමට ඇද වැටෙයි. අද දෙකට බෙදී ඇති ජ වි පෙරමුණේ පාර්ශ්ව දෙක තම අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා තරගයක යෙදී ඇති ආකාරය දැක බලාගත හැකි ය. වඩාත් ම රැඩිකල් වන්නේ තම පාර්ශ්වය යැයි අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීම සඳහා තව තවත් ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගවලට එළඹී විනාශවීම හෝ එ ජා ප, ශ්‍රී ල නි ප යන පක්‍ෂ දෙකෙන් එකකට එකතුවීම හෝ හැරෙන්නට වෙනත් විකල්පයක් ජ වි පෙරමුණට නැත. ජ වි පෙ බෙදීමට ආසන්න හේතුවක් වූයේ ද සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය.

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කළ ඉටිගෙඩියක් නොමැති බව වඩාත් හොඳින් දන්නේ හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන පක්‍ෂය ය. ඒ පක්‍ෂය පසුගිය දා පැවති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණයට සහභාගි නොවූයේ එය රනිල් වික්‍රමසිංහගේ තවත් මෝඩ උප්පරවැට්ටියක් පමණක් බව දත් නිසා විය යුතු ය. ඒ කෙසේ වෙතත් අද රනිල් වික්‍රමසිංහ තම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සරත් ෆොන්සේකා වටා ගොඩ නැගීමට උත්සාහ දරනු පෙනෙයි. අද බටහිර බලවේග මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ම රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධන් ය. ජ වි පෙරමුණ ද බටහිරයන් විසින් යොදා ගැනෙන නමුත් තවමත් එය ද්විතීයික ක්‍රියාවලියක් පමණක් වෙයි. සම්බන්ධන් මගින් ඊළම පිහිටුවීමට දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ඔස්සේ බටහිරයෝ ක්‍රියාත්මක වෙති. මේ ව්‍යාජ ප්‍රශ්න සියල්ල අවුරුදු සියයකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇති බවත් එහි කූටප්‍රාප්තිය වූයේ ප්‍රභාකරන් ආයුධ මගින් කළ ගනුදෙනුව බවත් ඒ ගනුදෙනුව නන්දිකඩාල් කලපුවේ දී ගිල්වා දමා ඇති බවත් බටහිරයන් නොදන්නවා නො වේ. හමුදා ක්‍රියාමාර්ගවලින් පසු පැහැදිලි ජයග්‍රහණයකින් කෙළවර වන ගනුදෙනු නැවතත් ආරම්භ කළ නො හැකි ය. හමුදා ක්‍රියාමාර්ග උචිචතම දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. හමුදා ක්‍රියාකාරකම් ද එක්තරා ආකාරයක සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව අවියෙන් කෙරෙන්නකි. අප ශාරීරික හිංසාවට කැමති වුවත් නැතත් හමුදා ක්‍රියාමාර්ගවලින් ලැබූ ජයග්‍රහණ ඊනියා සාකච්ඡා මගින් වෙනස්කළ නො හැකි ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හිට්ලර් අනුගාමික නටිසිවාදීන් පිරිසක් චර්චිල් සමග සාකච්ඡාවක් ඉල්ලී නම් ඔහු සුරුට්ටුව විකා හොඳ කුණුහරුපයක් කීමට තිබිණි. මෙරට ඇත්තේ ඊනියා දෙමළ ජනයාට දෙමළ වීම නිසාම වූ ප්‍රශ්නයක් නොව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් හිමි තැන අහිමි කරනු ලැබීම පිළිබඳ ප්‍රශ්නයකි. නන්දිකඩාල් ජයග්‍රහණය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට බටහිරයන්ට ඉඩ තැබිය යුතු නො වේ.

රනිල් වික්‍රමසිංහ සහ බටහිරයන් අද උත්සාහ ගන්නේ සරත් ෆොන්සේකා ඊනියා දේශපාලන සිරකරුවකු ය යන මිථ්‍යාව වැපිරීමට හා එමගින් බටහිරයන්ට ඊනියා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම මුවාවෙන් මෙරට ආක්‍රමණය කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමටත් ය. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ අරමුණ එය වෙයි. සරත් ෆොන්සේකා අද සිරගත වී ඇත්තේ ඔහු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදුණු නිසා ද? ආණ්ඩු විරෝධීන් ඊනියා දේශපාලන සිරකරුවා යන ව්‍යාජ නාමය සරත් ෆොන්සේකාට ආරුඪ කිරීමට ඇති එකම හේතුව එය වෙයි. ආණ්ඩුවට විරුද්ධව දේශපාලන මතයක් දැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනී නැත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ද ඊටත් වඩා කොටි වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයන්ට හිතවත්කමක් දක්වන්නේ යැයි පෙන්වන එ ජා පක්‍ෂයේ යුදෙව් ක්‍රිස්තියානි සංරචකයේ පතාක යෝධයකු වූ ජයලත් ජයවර්ධන ද, එවැනි ම තවත් යෝධයකු වූ ද, සිරිමාවෝ බඬ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා 1962 දී අබෞද්ධ හමුදා හා පොලිස් උසස් නිලධාරීන් කළ කුමන්ත්‍රණයේ ප්‍රධානියකු වූ සී සී දිසානායකගේ මුණුබූරකු වූ ද රවි කරුණානායක ද අත්අඩංගුවට ගත යුතු ය. (මෙරට අධිකරණයෙන් එකී කුමන්ත්‍රණකරුවන් වැරදිකරුවන් ලෙස තීරණය කෙරුණු නමුත් ඉංගිරිසි නීතිය අනුව එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභාවට එකල කරන ලද අභියාචනයක දී තාක්‍ෂණික ප්‍රශ්නයක් මත ඔවුහු නිදහස් කරනු ලැබූහ. එය ඊනියා මානවහිතවාදී නඩු තීන්දුවක් ද එසේත් නැත්නම් බටහිරයන්ගේ යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ආරක්‍ෂාකර ගැනීම සඳහා වූ නඩු තීන්දුවක් ද යන්න රනිල් වික්‍රමසිංහ අර පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ ටයිපටිය පැළඳගෙන සිටින අවස්ථාවක ඇසිය යුතු ය). ආණ්ඩුව එවැනි මෝඩ වැඩ කර නන්නාත්තර වී ඇති මේ දේශපාලනඥයන්ට වැදගත් තැනක් හිමිකර නොදෙනු ඇත.

සරත් ෆොන්සේකා අද සිරගත කෙරී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් නොව මෙරට අධිකරණය මගිනි. ඔහුගේ සිර දඬුවම් කිහිපයකි. යුද්ධාධිකරණය ද එයට සම්බන්ධ වී ඇත. ඒ යුද්ධාධිකරණ නීති විරෝධී නොවන බව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරී ඇත. රනිල් වික්‍රමසිංහ හා බටහිරයන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? මේ සියළු අධිකරණ තීන්දු දී ඇත්තේ අපේ පැරණි සිංහල නීතියේ නීිති නිඝණ්ඩුවට අනුව නො වේ. ඒ තීන්දු සාමාන්‍ය ජනයා විසින් ඉංගිරිසි නීතිය (දැනටත් ඊනියා උතුම් මහරැජනගේ නීතිය) යනුවෙන් හැඳින්වෙන රෝම ලන්දේසි නීතියට එකඟව ය. බටහිරයන් හා බටහිරයන්ගේ සියළු සිරිත් විිරිත්, දැනුම , නීතිය හා ටයිපටිය ඉතා ඉහළින් අගය කරන රනිල් වික්‍රමසිංහ ඔහු අගයන නීතියට අනුව දෙන ලද තීන්දු නිසා සිරගත වී සිටින සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යැයි කියන්නේ කෙසේ ද? සුද්දන් විසින් පිහිටුවනු ලැබූ අධිකරණයෙන් සිරදඬුවම් නියම කෙරෙන ඇතැමුන්ට දේශපාලන සිරකරුවන් යන්න යොදාගැනෙන අවස්ථා ද වෙයි. 1971 ඒකරාත්‍රි විප්ලවයෙන් පසු සිරගත කෙරුණු විජේවීර ඇතුළු පිරිස දේශපාල සිරකරුවෝ ලෙස හඳුන්වනු ලැබූහ. එසේම ඇතැම්හු කොටින් ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වති. සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි නිසා නොව දේශපාලන මතවාදයක් හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම නිසා වැරදිකරුවන් බවට පත් වුවෝ එසේ ඇතැම් විට දේශපාලන සිරකරුවන් ලෙස හැඳින්වෙති. එහෙත් සරත් ෆොන්සේකා අද වරදකරුවකු වී සිටින්නේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් මෙහෙය වූ නිසා නො වේ. එමෙන් ම ඔහු ජනාධිපති අපේක්‍ෂකයා වීම නිසාවත් නොවේ. යම් අයරකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වී නම් ඔහු අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරාවි ද?

සරත් ෆොන්සේකා අද සිරදඬුවම් විඳින්නේ වෙනත් හේතු නිසා ය. ඔහුගේ සුදු කොඩි නඩුව නැවතත් උසාවිය ඉදිරියේ තිබීම නිසා ඒ ගැන කතාකිරීම ඉංගිරිසි නීතියට විරුද්ධව යැමක් බැවින් ඒ පිළිබඳ තව දුරටත් කතාකිරීමට අදහස් නො කරමි. ඉංගිරිසි නීතියට අප කැමති වුවත් නැතත් අපට එයට අවනත වීමට සිදු වී ඇත. එහෙත් අප සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යනුවෙන් හැඳින්වීමට බටහිරයන් හා එක්ව රනිල් වික්‍රමසිංහ ගන්නා නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත. මේ ව්‍යාපාරයේ අවසන් අරමුණ ඊනියා මානව අයිතිවාසිකම් මුල් කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට බටහිරයන්ට අවස්ථාව ලබා දීම ය. රනිල් වික්‍රමසිංහ මෙරට සංස්කෘතියෙහි ජීවත්නොවන්නකු බව ටයිපටිය සිද්ධියෙන් ද පැහැදිලි වෙයි. මෙරට ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍යයෝ පාසලේ ටයිපටියෙන් එකට බැඳී සිටිති. පාසල් ටයිපටිය පිළිබඳ ගෞරවයක් හැඟීමක් ඔවුන් අතර වෙයි. එය එක්තරා ආකාරයකට සහෝදරත්වයේ හා පොදු වටිනාකම්වල සංකේතයක් වෙයි. ඇතැම් සමිති සමාගම්වලට ද එවැනි ටයිපට ඇත. එහි දී ද ටයිපටියෙන් තමන් එක රැණේ කුරුල්ලන් ය යන හැඟීම ගෙන දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ද ටයිපටියක් ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ටයිපටියට ද ගෞරව කරන බව පෙනී යයි. ඒ ටයිපටියෙන් බටහිර පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බටහිර ව්‍යාජ වටිනාකම් සංකේතවත් වෙයි. ඉංගිරිසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ තමන් මෙන් සිතන පතන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ටයිපටියෙන් බැඳ තබාගැනීමට සමත් වී ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා ගැබෙහි එකී ටයිපටිය බැඳ ගෙන සිට පසුව ගැලවීමෙන් පෙන්වා ඇත්තේ බටහිර සම්ප්‍රදායට තමන් කෙතරම් ගැති ද යන්න පමණ ය. එය ද පෙන්වා ඇත්තේ බටහිරයන්ට ය. මෙරට සාමාන්‍ය ජනයාට මේ ටයිපටි බහුබූතය තේරුමක් ඇති දෙයක් යැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේ ද? ඔහු තමා ගැල වූ ටයිපටියෙන් සරත් ෆොන්සේකා බැඳ තැබීමට උත්සාහ කර ඇත.

On so called scientific knowledge – IX


Is there a method which is unique to western science? There have been philosophers of science who had claimed that the so called experimental method is used in western science, and according to the old scientific method the scientists investigated with an open mind and then observed or experimented (the so called controlled experiments were a later addition) as the case may be and then came up with a hypotheses to understand the experimental data. Having formulated a hypothesis the scientists were supposed to deduce results from it and then carry out more experiments (observations) in order to ascertain that the deduced results were in conformity with the observed. The theorists of the experimental method claimed that if the observed were in agreement with the deductions then the hypotheses was promoted to the status of a theory or discarded if there was no agreement between the deductions and the observations.

The essence of the so called scientific method was testing hypotheses with observations or experiments. It was said that Galileo introduced the experimental method and showed that objects fall with the same acceleration to the ground. Before Galileo, Aristotle reigned supreme and the latter’s theory was that the heavier objects fell to the ground quicker than the lighter objects. Apparently it was the negation of this theory (hypothesis) that Galileo had tested in Pisa where he is supposed to have dropped simultaneously two objects with unequal masses from the same height and showed that the objects reached the ground at the same time. According to Aristotle the heavier mass would have fallen to the ground before the lighter object.

It is very often assumed that Aristotle had come to the conclusion that the heavier object reached the ground before the lighter object without making any observations. It is as if Aristotle had just theorised or even speculated without appealing to any observations and his theory had no so called scientific or experimental basis. However, I am of the opinion that Aristotle would have arrived at his theory only after observing at least a few cases where the heavier body reached the ground before the lighter body. If one were to drop a feather and a stone from the same height one would observe that the stone come down to earth before the feather. Aristotle would have arrived at his theory after observing this phenomenon though he most probably did not carry out any experiment to establish the theory. What Aristotle did not mention was that the “heavier” objects fell to the ground quicker than the “lighter” objects in air while Galileo said that bodies dropped at the same height at the same time came down to earth simultaneously in a vacuum. They were referring to two different situations and it is unfair by Aristotle to claim that he only speculated without resorting to observations.

In any event during the time of Budun Vahanse the Brahmins had carried out an experiment in order to determine whether there was an Athma. They had killed a person, most probably a Shudra, to find out whether “something” escaped from the body at the time of death. Though an abhorred experiment it had the ingredients of the experiments supposed to have been carried out by Galileo except for the fact that the Brahmins would not have accepted the results of the experiment as it would have demonstrated that there was no Athma. However the Brahmins could have attributed the no Athma result to experimental errors not deviating very much from the modern western scientists. It should be pointed out that Galileo wanted to show that bodies came down with the same acceleration in a vacuum and not in air. Had he dropped a feather and a stone simultaneously from the leaning tower of Pisa he could not have shown what he wanted to demonstrate and it is clear that he had selected his objects very carefully. Neither did he create a vacuum around the leaning tower, and he left it to the “observers” to imagine that the experiment was carried out in a vacuum. In essence Galileo had come to the conclusion before the experiment was carried out and he designed his “experiment” in such a way to demonstrate what he had already concluded.

The experiments are not carried out with a so called open mind and western scientists are not persons who have perfected “upeksha” or if the readers insist equanimity though it does not give the same meaning. The philosophers and others who invented the so called scientific method could see that there was no testing of hypothesis in western science, as a few lecturers in the universities know, but some investigation based on preconceived ideas. In fact there are some “researchers” in Sri Lanka who find it difficult to come out with the so called hypothesis they are testing and they just cook up hypotheses when they have to write research proposals etc. No investigation can be carried out with an open mind and the word “gaveshanya” meaning search of the (lost) cows (gavayas) tells us that the “gaveshakaya” (investigator) would not have gone in search of the cows in any arbitrary direction but in certain specific directions dictated to him by his experience. The experiments are designed based on experience in particular and on culture in general. It has to be emphasised that a living thinking person cannot have an open mind on any matter as he or she cannot erase his or hers memories, experience, culture in general, in the manner of switching off a light. All that one can do is to attempt to improve “upeksha” whatever the outcome of experience may be.

The old scientific method had to be given up but the western philosophers, especially those of science, were not prepared to accept that western science was not unique among other systems of knowledge, and they had to invent something that was supposed to be present in western science that the other systems did not posses. Thus Karl Popper probably the well known Philosopher of Science in the last century (I wonder how many erudite lecturers who teach science in our universities have heard of him, though he is supposed to be well known among the western scientists), came out with his theory of falsification. In essence what he said was that scientific theories should be formulated in such a way that they could be falsified. He claimed that Astrology and Marxism cannot be falsified and hence they were not science meaning of course western science. Ironically in Sri Lanka we have Marxists who claim to be scientists and followers of Popper! We wish them luck but why do the westerners want to insist that western science is unique? The answer to that question is that western knowledge in general and western science in particular are upheld in high esteem and are supposed to reach Truth, Reality or whatever which the other systems of knowledge are not capable. The westerners clearly use their knowledge to suppress the others claiming directly or indirectly that the systems of others are myths. Western Science and western knowledge are the weapons more than anything else that are being used to maintain the western Christian colonialism. However, unfortunately for the westerners Popper was not successful and later in the sixties Thomas Kuhn came out with his scheme to uphold the supremacy of western science with his “The Structure of Scientific Revolution which would be discussed briefly in the next instalment. (To be continued)


Copyright Prof. Nalin De Silva

Saturday, 3 December 2011

මොළය හා මනස

වියුක්ත දැනුම ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. සංයුක්ත දැනුමේ සාපේක්‍ෂත්වය පිළිබඳ බොහෝ දෙනාට වැටහීමක් ඇතැයි සිතමි. සංයුක්ත දැනුම සාපේක්‍ෂ වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නිරීක්‍ෂකයන් එක සමාන නො වීම ය. මනසක් ඇති ඕනෑම අයෙක් නිරීක්‍ෂකයෙක් වෙති. මිනිස්සු නිරීක්‍ෂකයන්ගෙන් කොටසක්, උපකුලකයක් පමණක් වෙති. මිනිසුන් හැරෙන්නට දෙවිවරු ද බ්‍රහ්මයෝ ද, තිරිසන් සත්තු ද, අමනුෂ්‍යයෝ ද නිරීක්‍ෂකයෝ වෙති. කෙටියෙන් කිවහොත් බෞද්ධ සාහිත්‍යයෙහි සත්ව ලෙස හැඳින්වෙන සියල්ලෝ නිරීක්‍ෂකයෝ වෙති.

එහෙත් ඒ එක් එක් වර්ගයා නිරීක්‍ෂ’ණය කරන්නේ එක් එක් ආකාරයෙනි. එයට ප්‍රධාන හේතුව ඒ ඒ වර්ගයේ මනස් හා සිරුරු සමාන නො වීම ය. මිනිසුන්ට මනස හැරුණු විට ඉන්ද්‍රිය පහක් ඇත. එහෙත් ඇතැම් තිරිසනුන්ට මිනිසුන් විසින් චුම්බකත්වය ලෙස හැඳින්වෙන ගුණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්ද්‍රියක් ඇතැයි කියැවේ. සියළු නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහක් පමණක් තිබීම අනිවාර්ය නො වේ. ඇතැම් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට වැඩියෙන් ද වෙනත් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට අඩුවෙන් ද වෙයි. ඉන්ද්‍රිය පහට වැඩි නිරීක්‍ෂකයන්ට (සත්වයන්ට) මිනිසුන්ට ඇති ඉන්ද්‍රිය පහ අනිවාර්යයෙන් ම තිබිය යුතු ද නො වේ. එවැනි නිරීක්‍ෂකයන්ට මිනිසුන්ගේ ඉන්ද්‍රිය වැනි ඉන්ද්‍රිය කිහිපයක් ද, එයට අමතරව වෙනත් ඉන්ද්‍රියන් ද තිබිය හැකි ය. මේ අතර දෙවියන්ට ඇත්තේ ඉන්ද්‍රිය තුනක් පමණක් යැයි ඇතැම්හු කියති.

ඒ කෙසේ වෙතත් මේ සියළු නිරීක්‍ෂකයන්ට නැතිව ම බැරි ඉන්ද්‍රිය මනස වෙයි. එයින් කියැවෙන්නේ සියළු සත්වයන්ට, නීිරීක්‍ෂකයන්ට එක ම ආකාරයේ මනස් ඇති බව නො වේ. ඒ ඒ සතුන්ගේ මනස් අනිවාර්යයෙන් ම වෙනස් විය යුතු ය. බ්‍රහ්ම ලෝකවල වෙසෙන්නන්ගේ මනස් මිනිසුන්ගේ මනස්වලට සමාන කිරීමට යෑම විහිළුවකි. එමෙන් ම මිනිසුන් අතර ද එක සමාන මනස් ඇත්තෝ නො වෙති. මනස යනුවෙන් අප අදහස් කරන්නේ ඇතිවෙන නැතිවෙන, ඉපදෙන, මැරෙන සිත් පේළියකි. එකිනෙකාගේ සිත් වෙනස්වන විට, ඇතැම් විට මනස ද වෙනස් වෙයි. එහෙත් මෙයින් කියැවෙන්නේ ඒ ඒ අයගේ සිරුරෙහි මනස යනුවෙන් යමක් එක් තැනක පවතින බවවත් නො වේ.

බෞද්ධ සාහිත්‍යයෙහි මනස ඇත්තේ හෘදයවස්තුවෙහි යැයි කියැවෙයි. මෙය බුදුන් වහන්සේ වදාළ ධර්ම දේශනාවකින් ලබාගත්තේ යැයි නො සිතමි. ඒ පිළිබඳ සූත්‍ර දේශනාවක් ගැන මම නො දනිමි. අපේ රටේ ඇත්තේ සිංහල ථෙරවාදය ය. ඉතා පැහැදිලිව කියන්නේ නම් අපට ඇත්තේ තුන්වැනි ධර්ම සංගායනාවේ දී තෝරා ගැණුනු සුත්‍ර හා පසුව එකතු කරනු ලැබූ වෙනත් සුත්‍ර ය. මේ අතර අටුවා ටීකා ටිප්පණී ආදිය වෙයි. එයට අමතරව සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අපේ වංසකතා හා වෙනත් ග්‍රන්ථ ද ඇතුළත් වෙයි. මනස හා හෘදයවස්තුව අතර ඇති සම්බන්ධය බුදුන්වහන්සේගේ දේශනාවකින්් තොරව එකතු වූවක් යැයි සිතමි. එමෙන් ම ක්‍ෂණවාදය හා ධර්මවාදය ද තුන්වැනි සංගායනාවට ආසන්න අවධියක දී එකතු කරනු ලැබූ කරුණු යැයි සිතීමට ඉඩ ඇත.

මනස මොළය හා සම්බන්ධ යැයි බටහිර විද්‍යාඥයෝ කියතිි. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ද බොහෝ යැයි ඔවුහු කියති. එහෙත් ඒ පරීක්‍ෂණ සියල්ල මනසේ ඇතිවන හැඟීම් සමග මොළයේ යම් කොටසක් ක්‍රියාත්මක වීම පිළිබඳ ව වෙයි. මනසෙහි සතුට ඇතිවන විට මොළයෙහි යම් කිසි කොටසක් ක්‍රියාත්මක වන බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් ම කියන්නේ ඇතැම් අවස්ථාවල යම්කිසි හැඟීමකට අදාළ මොළයේ කොටස ඉවත්කළ විට හෝ එහි ආබාධයක් වූ කල හෝ මොළයේ ම වෙනත් කොටසක් ක්‍රියාත්මක වන බව ය. අළුතෙන් ක්‍රියාත්මක වන කොටස මුල් කොටස මෙන් “ කාර්යක්‍ෂම ව ” ක්‍රියාත්මක නොවන වා විය හැකි ය. එහෙත් මෙහි දී වැදගත් වන්නේ මොළයේ යම් කොටසක් අක්‍රීය වුව ද වෙනත් කොටසකට ඒ කාර්යය කළ හැකි බව ය.

බටහිර විද්‍යාඥයන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයකි. මොළය නැතිවූ විට මනස ද නැත. බොහෝ සතුන්ට ද මොළ වෙයි. ඒසේ වුවත් ඉතා මෑතක් වන තුරුම බටහිර විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත්කළ මිනිසුන් හැරෙන්නට අනෙක් සතුන්ට මනස් නැතැයි කීවෝ ය. දැනුදු එසේ කියන්නෝ වෙති. බොහෝ බටහිර වි්‍යාඥයන්ට අනුව මිනිසුන් හැරෙන්නට අනෙක් සත්තු නො සිතති. ඔවුන්ගෙන් (අනෙක් සතුන්ගෙන්) ඇතැමකුට මොළයක් තිබුණ ද මනසක් නැත. බටහිර විද්‍යාඥයන් කියන අන්දමට නම් සත්තු නො සිතති. ඔවුන්ට අනුව සතුන් කරන්නේ ප්‍රතිචාර දැක්වීමක් පමණකි. ඒ ප්‍රතිචාර සිතා මතා කරන ප්‍රතිචාර නොවේ යැයි ඔවුහු විශ්වාස කරති. බටහිර විද්‍යාඥයන්ට අනුව බල්ලකුට ගලකින් ගැසූ කල ඌ දුවන්නේ සිතා මතා නොව ප්‍රතිචාරයක් ලෙස ය. ඒ නටුවෙන් ගිළුහුණු පොල්ගෙඩිය පොළොවට වැටෙන්නාක් මෙනි.

පොල්ගෙඩිය පොළොවට වැටෙන්නේ සිතා මතා නො වේ. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙනත් අයින්ස්ටයින්ට අනුව අවකාශ කාලයේ වක්‍රතාව හේතුකොටගෙනත් පොල්ගෙඩිය පොළොවට වැටෙයි. පොල්ගෙඩියට සිතීමෙන් පසු උඩට යෑමට නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පොල් ගෙඩියක් හා බල්ලකු අතර මනස සම්බන්ධයෙන් ගත්කල වෙනසක් නැත. බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අනුව හිරු, සඳු, තාරකා, ගස්, ගල්, සතා සිවුපාවා මැවූ දෙවියන් වහන්සේ අවසානයේ දී තමන්වහන්සේගේ ප්‍රතිබිම්බයට (in the image of God) අනුව මිනිසා මැවී ය.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැහැදිලිව ම මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙන් වෙති. මිනිසුන් පමණක් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී ඇත. දෙවියන් වහන්සේට මනසක් ඇත. එබැවින් උන්වහන්සේ අනුව මවනු ලැබූ මිනිසුන්ට ද මනස් වෙයි. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අනෙක් සතුන් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී නොමැති බැවින් ඒ සතුන්ට මනස් නැත. බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ද, පෝෂණය වන්නේ ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගනිමින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එබැවින් බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසුන් හැර අනෙක් සතුන්ට මනස් නැතිවීම පුදුමයක් නො වේ. ඕනෑම විද්‍යාවක් යම් සංස්කෘතියක අංගයක් වෙයි. බටහිර විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අංගයක් වෙයි.

එහෙත් අප බටහිර විද්‍යාඥයන් සිතන ආකාරයෙන් ම සිතිය යුතු නො වේ. අපේ සංස්කෘතියෙහි මිනිස්සු ද සත්තු වර්ගයකට අයත් වෙති. මිනිසුන්ට තම සිත් උපේක්‍ෂාවට පත්කර ගැනීමට අනෙක් සත්වයන්ට වඩා හැකියාවක් ඇත. ඒ මිනිසුන් දෙවියන් මෙන් සැප නොවිඳිනා බැවින් හා අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ආදීන් මෙන් වේදනාවට පත් නොවන බැවින් ය. එහෙත් මිනිස්සු ද සසර සැරිසරන සත්වයෝ පමණක් වෙති. මේ භවයෙහි මිනිසකු වන සත්වයා මීළඟ භවයෙහි තිරිසන් සත්වයකු වීමේ හැකියාව ඇත. සසරෙහි දී මිනිසුන් මෙන් ම අනෙක් සත්තු ද කුසල් අකුසල් රැස්කරති. මිනිස් භවයක් ලත් අයකු නැවතත් මනසක් ලබාගැනීමට නැවතත් මිනිස් භවයක උත්පත්තිය ලැබිය යුතු නො වේ. සසරෙහි කිනම් භවයක වුව ද ඒ සත්වයා මනසක් සහිත උත්පත්තියක් ලබයි.

සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියෙහි සියළු සත්වයන්ට, එනම් සියළු නිරීක්‍ෂකයන්ට මනස් ඇත. මිනිසුන් ද අනෙක් සතුන් ද ඇතැම් අවස්ථාවල ප්‍රතිචාර දක්වනවා විය හැකි ය. එහෙත් මිනිස්සු ද අනෙක් සත්තු ද සිතති. ඒ සියල්ලන්ට ම සිත් පහළ වෙයි. ඔවුන් දැනුවත් ව කරන කියන දෑ වෙයි. එවිට සිත් පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතුවෙයි. සිත් පහළ වන්නේ මනසෙහි යැයි කීව ද ඊළඟ ප්‍රශ්නය වනුයේ මනස ඇත්තේ කොහේ ද යන්න ය. මනස හෘදයවස්තුව ආශ්‍රිත ව වේ ආදිය එයට දී ඇති පිලිතුරු වෙයි. මිනිසුන්ට පමණක් මනස් ඇතැයි කියන බටහිර විද්‍යාඥයෝ මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයක් ය යනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයති.

එහෙත් අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විද්‍යාඥයන් මෙන් සිතිය යුතු නො වේ. මොළය යන්න එසේ මොළය නමැති අවයවය ඇති සත්වයනට සිත් පහළ වීමෙන් ක්‍ෂණයකට පසුව යොදා ගැනෙන අවයවයක් විය හැකි ය. ඉතාමත් දැඩි ද්‍රව්‍යවාදීන් මනස යන්නට කිසිම ඉඩක් නො දීම සඳහා ගෙනෙන තර්කයක් වෙයි. ඔවුන් අතර ඇතැම් පශ්චාත්නූතනවාදීහු ද පශ්චාත්මාක්ස්වාදීහු ද වෙති. ඔවුන් ගෙනහැර දක්වන පර්යේෂණවලට අනුව මනස විසින් යමක් සිතීමට පළමුව මනුෂ්‍ය ශරීරය ඒ බව “ දැන ගනියි ”. උදාහරණයක් වශයෙන් යමකු සිනහ සෙන්නේ යැයි සිතමු. එවිට සිනහසීම පිළිබඳ ව මොළයේ අදාළ කොටසෙහි සනිටුහන් වීමට (ඉලෙක්ට්‍රෝඩ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයකට හෝ) ඉතා කුඩා ක්‍ෂණයකට පෙර අදාළ මස්පිඬු ක්‍රියාත්මක වන්නේ යැයි මේ දැඩි ද්‍රව්‍යවාදීහු කියා සිටිති.

එය ඇත්ත නම් එයින් ඊනියා ද්‍රව්‍යවාදයක් සනාථ නො වේ. අප කියා සිටින්නේ මනස සිරුරෙහි හැම තැනමත් ඇතැම් විට සිරුරෙන් බාහිරවත් තිබෙන බව ය. සිනහසීම පිළිබඳ සිත පහළවන්නේ මුවෙහි ය. ඒ අතර අප පාදයක් සොළවන්නේ නම් අදාළ සිත පහළවන්නේ පාදයෙහි ය. පාදයෙහි හෝ මුවෙහි හෝ සිත පහළවීමෙන් ඉතා කුඩා ක්‍ෂණයකට පසුව ඒ බව මොළයට දැනුම් දෙන බව පෙනී යයි. මේ මොහොත කොපමණ දැයි ගණනය කිරීම අඩුම තරමෙන් ෙසෙද්ධාන්තිකව අපහසු නො වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව නම් තොරතුරු සම්ප්‍රේෂණය කරන නියුරෝනවලට අදාළ ස්ථානයේ සිට මොළයට ගමන්කිරීමට ගතවන කාලය දැනගැනීම ය. එය නියුරෝනවල වේගය හා නියුරෝනවලට අදාළ අවයවයේ සිට මොළයට ඇති දුර දැනගැනීමෙන් කළ හැකි ය. මනස යනු ඒ ඒ අවයවයෙහි ඇතිවන සිත් පංති හෝ පේළි හෝ වෙයි. මනස ඇතිවීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ මනස යන ලිපිය කාලය වෙබ් අඩවියෙන් ලබාගෙන කියවිය හැකි ය.

දැඩි ද්‍රව්‍යවාදීන් ට අවශ්‍ය නම් අප කියන දෙය තවදුරටත් පරී්ක්‍ෂාකළ හැකි ය. එහි දී අවශ්‍ය නම් පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය ද යොදාගත හැකි ය. අසත්‍යෙක්‍ෂණය යනු යම් ප්‍රවාදයක සත්‍ය අසත්‍ය බව දැනගැනීම නොවන බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය. අප යෝජනා කරන්නේ අදහස් වශයෙන් ගත්කල ඉතා සරල පරීක්‍ෂණයකි. එහෙත් එය ප්‍රායෝගිකව කිරීමේ දී ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත. අපේ පරීක්‍ෂණය නම් අවයව කිහිපයක සිට මොළයට තොරතුරු සම්ප්‍රේ’ෂණය කිරීමට ගතවන කාල ප්‍රාන්තර මැනගැනීම ය. මේ කාල ප්‍රාන්තර අවයවයේ සිට මොලයට ඇති දුර අනුව වෙනස් විය යුතු ය.

ෆොන්සේකාට කළු කොඩියක් වූ සුදු කොඩිය

සුදු කොඩි නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වී ඇති නිසා ඒ පිළිබඳ යමක් සඳහන් කිරීමට නීතියෙන් බාධාවක් නැතැයි සිතමි. උසාවිය හමුවේ විභාග කෙරෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් කතා කිරීම බටහිර රෝම ලන්දේසි නීතියෙහි ඇවැතක් වෙයි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියා ඇති බව මහාධිකරණය විසින් පිළිගනු ලැබ ඇත. එහි දී අපට කරුණු කිහිපයක් වැදගත් වෙයි. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇතැම් නීතිඥයන් හැසිරී ඇති ආකාරය ය. ඔවුන් උසාවි භූමියේ ම ආවේගකාරී ලෙස හැසිරෙමින් තීන්දුවට විරුද්ධතාව පළ කර ඇත. ඒ කෙතරම් දුරදිග ගොස් ඇත් ද කිවහොත් නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපතිනියට ඒ නීතිඥයන්ගේ ආවේගකාරී හැසිරීම ගැන තම කණස්සල්ල පළකිරීමට සිදු වී ඇත. බටහිර පද්ධතීන්හි ඇති ව්‍යාජ හැසිරීම් රටා ගැන මම හොඳාකාරව ම දනිමි. විශ්වවිද්‍යාලවලට සම්බන්ධව අවුරුදු හතළිස්අටක් ගතකර ඇති මම පුහු උගතුන්ගේ සෝබන රඟපෑම් හොඳාකාරව ම දනිමි. සරසවිවල ගෞරවය රැකගැනීම යන ව්‍යාජ සටන් පාඨයට මුවා වී ඇතැම්හු තම ආධිපත්‍යය පවත්වා ගැනීමට පමණක් ක්‍රියා කරති. සරසවියක හතර මායිමට වද්දා නොගතයුතු මොවුන්ට රැකගැනීමට හැකි ගෞරවය කුමක් ද? මෙරට බටහිර උගතුන් අතර ඉතා බහුල ව ඇත්තේ අනුකාරක කුහකයන් බව ද ඔවුන්ගෙන් රටට සත පහක වැඩක් නැති බව ද මම දනිමි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදීමට ජනතාවගේ මුදල් වියදම් කිරීම බටහිර අර්ථයෙන්වත් ආයෝජනයක් නොවන බව ද දනිමි. එදා මෙන් ශරීර ලක්‍ෂණ බලා දුර්ජනයන් ඉවත්කර අනෙක් අයට පමණක් අධ්‍යාපනය ලබාදීම බටහිර ක්‍රමයට එකඟ නොවන බැවින් මූසිලයන් වූ බොහෝ නුසුදුස්සන් අද සමාජයේ වැදගත් යැයි සැළකෙන පදවි දරණ බව ද රහසක් නො වේ. කිසිසේසත් ම විශේෂිත පිරිසක් නොවන සරසවි ඇදුරන්ගෙන් එකකු විවෘත විශ්වවිද්‍යාලයේ සිට ආචාර්ය උපාධියේ මහඟු බව උඩ දමමින්, ජනාධිපතිතුමා ඉදිරිපත්කළ අයවැයට විරුද්ධව තම මඩිය තරකර ගැනීම සඳහා තමන් අතර බොහෝ මූසිලයන් වූ ද ගුත්තිලයන් නොවූ ද ඇදුරන් තවත් වර්ජනයකට කැඳවීමට උත්සාහ දරනු මම රූපවාහිනියේ දුටුවෙමි. උසස් පෙළ පරීක්‍ෂණයේ දී එක් විෂයයකින් (මා සමත් විය යුතු විෂයයක් ලෙස නොසැලකූ රසායන විද්‍යාවෙන්) අසමත් වූ මට ද ආචාර්ය උපාධියක් ඇත. ඒ උපාධියේ තරම මම දනිමි. සාමාන්‍ය බුද්ධියක් ඇති උසස් පෙළ පරීක්‍ෂණයේ දී සියළු විෂයයන්ගෙන් සමත්වීමට හැකි ඕනෑම අයකුට උපාධිය පංති සහිත ව හෝ රහිත ව හෝ සමත්වීමෙන් පසු හෝ උපාධිය දෙතුන් වතාවක් අසමත්වීමෙන් පසු සමත්වීමෙන් හෝ නිරවුල් ව සිතීමේ හැකියාවක් නැතිවුවත් අවුරුදු කිහිපයක් මහන්සි වී ක්‍රමානුකූලව වැඩකිරීමෙන් උපදේශකවරයා අමනාපකර නොගතහොත් ආචාර්ය උපාධියක් ලබාගත හැකි ය. රජය ඉහත සඳහන් ඇදුරා යෝජනා කරන ක්‍රියා මාර්ගවලට එරෙහිව තදින් ක්‍රියා කළ යුතු අතර සරසවිවල විශේෂිත සේවයක් කරන අනධ්‍යයන සේවකයන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඒ කෙසේ වුවත් මහාධිකරණයෙන් දුන් නඩු තීන්දුවකට විරුද්ධව එයට ඉහළ උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය දී ඇතැම් නීතිඥයන් නීති ප්‍රකාර නොවන ආකාරයකින් නඩු තින්දුවට අභියෝග කිරීම පිළිබඳ අපේ විරුද්ධතාව ප්‍රකාශ කළ යුතු ය. හුණුවටයේ කතාවේ අසැඩක් නීතිය රැකීමට නීති කැඩුවේ ය. එහෙත් මහාධිකරණයේ දී නීතියට අභියෝග කළාහු අසැඩක්ලා නො වෙති.

මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනා කළේ ජනාධිපතිවරණය පිළිබඳ වූ නිලවරණ ව්‍යාපාරයේ දී ම ය. කුරුණෑගල පැවැත්වූ රැස්වීමක දී මම ඒ බව ප්‍රකාශ කළෙමි. ඒ පුවතට කිසිම ප්‍රසිද්ධියක් නොලැබුණේ දැන් වසර ගණනාවක සිට ජනමාධ්‍යවල ප්‍රවෘත්ති කතෘවරුන් තම අවධානයෙන් මා බැහැර කර ඇති බැවිනි. විශේෂයෙන්ම රජයේ ජනමාධ්‍යවල එසේ බැහැර කෙරෙයි. මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනා කළේ ඔහු ඒ පිළිබඳ ව රත්නපුරයේ දී හා අම්බලන්ගොඩ දී කළ කතා ජනමාධ්‍යය ඔස්සේ දැනගැනීමෙන් පසුව ය. අවාසනාවකට නඩු විභාගයේ දී සරත් ෆොන්සේකා විසින් කරන ලද ඒ කථා එතරම් අවධානයකට ලක් නො කෙරිණි. ඒ වෙනුවට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ෆ්‍රෙඩරිකා ජෑන්ස් මහත්මියගේ වාර්තාවක් ගැන උසාවියේ විශේෂ අවධානයට ලක් කෙරිණි. නීතිය පිළිබඳ විශේෂඥයකු නොවූ මට ඒ එසේ වූයේ කිනම් හේතුවක් නිසා දැයි කීව නො හැකි ය. සන්ඩේ ලීඩර් නම් පත්‍රය නොකියවන මා ඒ දැනගත්තේ ප්‍රධාන වශයෙන් ම රූපවාහිනී මාධ්‍යයෙනි. අදාළ රූපවාහිනී වීඩියෝ පට සංරක්‍ෂණය වී නැද්දැයි නො දනිමි.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා කී කතාව භයානක වුවත් සරල ය. ඔහු මේ කතාව කීමට පටන් ගත්තේ ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද චාරිකාවකින් පසුව ය. ඒ කතාවට අනුව සුදු කොඩි රැගෙන යටත්වීම සඳහා පැමිණෙන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට පැවසූ බව එක්තරා හඳුනා නොගත් ජනමාධ්‍යවේදියකු සරත් ෆොන්සේකාට කියා ඇත. මේ කතාව ඉතා භයානක එකක් බව එය ඇසූ විගස මට හැඟී ගියේ ය. බටහිරයන් ජනාධිපති රාජපක්‍ෂ මහතාට හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ “යුද්ධ අපරාධ” පිළිබඳ ව නඩු පැවරීමේ සූදානමක් තිබූ බව අප ඒ වන විට ද ප්‍රකාශ කර තිබිණි. ඇමරිකාව එක් ප්‍රාන්ත අධිකරණයක ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් සරත් ෆොන්සේකා මහතාටත් නඩුවක් පවරා තිබිණි. එහෙත් ඒ සරත් මේ සරත් බවට පත්වීමෙන් පසුව (අර මොකක්දෝ කමිසය ගැලවීමෙන් පසුව නොව හෘදය සාක්‍ෂිය අමතක කිරීමෙන් පසු –- හෘදය සාක්‍ෂියක් නැත්තකුට ද අර කමිසය මේ කමිසය ඇඳගත් පමණින් මහත්වරුන් විය හැකි යැයි උගන්වන ජඩ බටහිර යුදෙව් ක්‍රිස්තියානි පාරිභෝගික සමාජයක ජීවත්වීමට අපට සිදු වී ඇත. කෙසේ වෙතත් අද මෙරට විශ්වවිද්‍යාලවල ද විලාසිතා සන්දර්ශන ඔස්සේ මේ ජඩ කතා ද ශිෂ්‍යයන්ගේ මනස්වලට විදීම ඛෙදවාචකයකි. එක් අතකට බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය අනුකරණය කරන මෙරට අපේ නොවන විශ්වවිද්‍යාලවලින් වෙනත් යමක් බලාපොරොත්තු විය හැකි ද නො වේ), එනම් සරත් ෆොන්සේකා මහතා සරත් ෆොන්සේකා බවට පත්වීමෙන් පසුව ඇමරිකාවේ ඒ නඩු විභාගය පිළිබඳ ව ආරංචියක් නැති වූ අතර ඊනියා යුද්ධාපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ සහෝදරවරුන්ට විරුද්ධ ව දිගින් දිගට ම එල්ල විණි. එකලත් මෙකලත් මගේ අනුමානය වනූයේ බටහිරයන් සරත් ෆොන්සේකා ජනාධිපතිතුමාට හා විශේෂයෙන් ම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයක සා’ක්‍ෂිකරුවකු ලෙස යොදාගැනීමේ උත්සාහයක් ඇති බව ය. මා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගත යුතු යැයි ජනාධිපතිවරණ නිලවරණ ව්‍යාපාරයේ දී ම ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා කිරීමට බලාපොරොත්තු වූ පාවාදීම පිළිබඳ අවබෝධයක් තිබූ බැවිනි. කෙසේ වෙතත් ජනාධිපතිවරණය අවසන් වන තුරු කිසිවක් නොකළ යුතු යැයි ආණ්ඩුව කල්පනා කරන්නට ඇත.

සරත් ෆොන්සේකා නිදහස් කළ යුතු යැයි කෑ ගසන පල්ලි නිකායේ භික්‍ෂූන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා ජාත්‍යන්තර අධිකරණයෙහි සාක්‍ෂිකරුවකු බවට පත්කිරීම ය. එසේ කිරීමෙන් අවසාන වශයෙන් වාසිවන්නේ් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන දෙමළ ජාතිවාදයට ය. සරත් ෆොන්සේකාට දඬුවම් දී ඇත්තේ අධිකරණයෙන් මිස කැබිනට් මණ්ඩලයෙන් නො වේ. ඒ දඬුවම හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අතර බොරු සම්බන්ධයක් සෙවිය හැක්කේ කසිකබල් පඬියන්ට ය. එ ජා පක්‍ෂයේ හා ජ වි පෙරමුණේ බංකොළාත් නායකයෝ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිසාය යන තුට්ටු දෙකේ හේතුව ඉදිරිපත් කරති. එය බටහිරයන්ගේ හිතට අල්ලන හේතුවකි. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාකරන්නේය යන්න තහවුරු කිරීමට එවැනි කතා ඉවහල් වෙයි. එහෙත් සරත් ෆොන්සේකා සුදු කොඩි සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය කෙතරම් දේශද්‍රෝහී වූවක් ද යන්න අප වටහාගත යුතු ය.

යම් අයුරකින් සරත් ෆොන්සේකා කියන්නේ සත්‍යයක් යැයි සිතමු. සුදු කොඩි රැගෙන එන්නන්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් දුන්නේ යැයි සිතමු. එය සිදු වූයේ සරත් ෆොන්සේකා නොදැනුවත් ව යැයි ද සිතමු. ඔහුට නොදැන්වීමෙන්් ඔහුගේ ප්‍රෞඪත්වයට පහරක්්් වී යැයි ද සිතමු. එසේ වුවත් ඔහු ඒ වන විට හමුදාවේ අණ දෙන්නා විය. හමුදාවේ සිදු වූ සියළු දේට අවසාන වශයෙන් වගකිවයුත්තේ ඔහු ය. ඔහු ඒ සිද්ධියට විරෝධය පා ඉල්ලා අස්නොවුණා පමණක් නොව පසුව ත්‍රිවිධ හමුදාවේ ම මාණ්ඩලික නිලධාරි පදවියට ද පත්විය. එබැවින් සුදු කොඩි සිද්ධිය සත්‍යයක් වුවත් ඒ වකවානුවේ හිටපු හමුදාපති ලෙස එවැනි ප්‍රකාශයක් කිරීම හමුදාව පාවාදීමකි. එයට ඔහුට දඬුවම් නොකළ යුතු යැයි යමකු කියන්නේ කිනම් පදනමකින් ද? අනෙක් අතට එවැනි සිද්ධියක් සිදු නොවී නම් ඔහු එය හිතා මතා හෝ වෙනත් අයකුගේ බහට හෝ කියන කතාවකි. එහි අරමුණ කවරේ ද? රාජපක්‍ෂවරුන් බටහිරයන්ට පාවාදීම ද? එමගින් රට ම පාවාදීම ද? දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී සරත් ෆොන්සේකා වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව සැබෑ ය. එහෙත් ඉන්පසු ඔහු කරන්නේ දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. ඔහුට නිදහසේ හැසිරීමට ඉඩදීම භයානක කාර්යයකි. අප බටහිරයන්ගෙ අවශ්‍යතාවට කිසි විටෙකත් යටවිය යුතු නො වේ.

White flag saga

The verdict on white flag story has been given and I suppose that it is not subjudice any more. Many people, especially of the middle class who generally vote UNP, would say that they respect the verdict given by the courts but would fight to see that Sarath Fonseka is allowed to go home. They would most probably not request a Presidential Pardon as they believe that the President should have intervened at the very beginning and taken steps to prevent the arrest of Sarath Fonseka. However, there was a group of people among this middle class who thought that niceties of the Roman Dutch legal system were not for them. Most probably for the first time in the history of the western type courts in Sri Lanka, after the verdict was given by the high court judges, some lawyers have taken upon themselves the task of protesting against the judgment in an unruly manner to say the least, reminding us throwing of stones at the houses of Judges during the J. R. Jayawardhene regime. It is reported that the President of the three member panel of judges had expressed her concern over such behaviour, and pointed out that if the said lawyers did not agree with the judgment they could have appealed against it. We have to condemn the action of these lawyers unreservedly as if the lawyers behave like the lawmakers the courts would not be able to interpret the law independent of non legal influences.

In any event the story is spread that the former General was arrested since the at least one of the Rajapakses did not like him contesting the Presidential Elections. There are many a middle class people who would buy that story and talk big of democratic values being eroded under the Rajapakses. Unfortunately what these champions of democracy do not consider is the gravity of the statement made by Sarath Fonseka, and that democracy in any form does not guarantee the freedom of wild donkeys (val buru nidahasa). Perhaps Sarath Fonseka was new to the game of politics and did not know where to draw the line. At the Presidential Election campaign he came out with verbal diarrhea to such an extent people were more interested in identifying the zoo of animals, such as hothambuva the former general referred to. Of course he came out with the white flag story at Ratnapura, Ambalngoda, in the process of his election campaign, and the electronic media gave wide publicity to Fonseka’s rhetoric including the infamous story referred to above..

When I first heard the white flag saga from some of the news media I thought that the former General should have been taken into custody. In fact at a meeting held in Kurunegala during the Presidential Elections, I referred to the white flag story by the former General and suggested that he should be taken into custody as early as possible. However, the former general was in the middle of a Presidential election campaign and probably the government thought that it was not the ideal time to bring him before a court of law. Perhaps the government wanted the verdict of the people before any action was taken, and if the voters had sympathized with the former General he could have been elected the President. However, it was not to be the case, and we did not have to turn to be animals of a zoo.

The UNP and the JVP did not have anybody in their ranks capable of contesting Mr. Mahinda Rajapakse, and had to form a makeshift alliance and nominate Sarath Fonseka as their Presidential candidate. We now know that the JVP had not been unanimous in their choice and a section, now generally called the dissidents, had opposed it. It is clear that the choice of Sarath Fonseka has accelerated the splitting of the JVP and the former General who was a high ranking officer in the armed forces during the JVP terrorism in the late eighties could be happy at least on the score of his contribution to the split. I am sure that the JVP has mixed feelings on the outcome of the trial but most probably the dissidents would not comment claiming that they are not interested in the verdicts of bourgeois courts of law.

The UNP on the other hand is determined to see that the former General is given a pardon but it is Sarath Fonseka who would have to pardon the UNP for his imprisonment. Had the UNP decided to field Ranil Wickremasinghe as their Presidential candidate he could have easily lost another election after making sweet statements such as “pas dun rata” and demonstrating to the electorate how far he is from the history and culture of the country. Nevertheless I enjoy his utterances in the English Parliamentary tradition and it may be that displaying posters during the budget speech is his “radical” way of expressing protest. The government MPs should have left him and his boys alone as these protests are not going to make any impact on the people. The protests only give self satisfaction to the UNP that is not capable of organizing any movement against the government. If the government MPs had taken no notice of the posters the matter would have ended up that evening without initiating a discussion on bogus democracy.

The UNP and the JVP had to turn to Sarath Fonseka as nationalism has grown to such an extent only Sarath Fonseka who had been the commander of the army when the LTTE was defeated militarily (politically under the leadership of the President) could even think of giving a fight to Mr. Mahinda Rajapakse. However, unfortunately Sarath Fonseka had begun to think that it was he who was responsible for the defeat of the LTTE forgetting that even Nandimitras, Velusumans and Sapumal Kuamrayas are not ranked with the respective kings who gave the political leadership in the respective wars. I know that it could be said that those days the kings not only gave political leadership but were actually involved in the war in the battle field. However, what is forgotten is that these days even the army commanders are not supposed to move into the battle field as the subordinate officers now lead the rank and file physically in the battle.

In any event it is clear that Sarath Fonseka made the infamous statement on White Flags perhaps due to egoistic feelings. Even if somebody had actually instructed Major General Shavendra de Silva to shoot those who came with White Flags, it is a crime for Sarath Fonseka to publicly come out with the story as whether he knew it or not, or whether he was bypassed or not thus hurting his ego, he as the commander of the army was ultimately responsible for any action of his army. If no instructions had been given to the Major General, then it is a worst crime to cook up a story to discredit the army which he commanded quoting an unnamed journalist. Either way Sarath Fonseka had become a tool in the hands of the western forces who are hell bent on discrediting the President, the Secretary of Defense in particular and the armed forces in general. I was intrigued by the fact that so much depended on the evidence of Ms. Frederica Janz when everybody who watched news broadcasts during that period heard and saw Sarath Fonseka making those statements on white flags without any inhibition. I who does not read Sunday Leader had come to the conclusion that Sarath Fonseka should be arrested after watching the news broadcasts, and during the trial I wondered what happened to all the footages that showed Sarath Fonseka at his worst during the election campaign. However, I cannot comment further as I am not an expert in the intricacies of law.


Copyright Prof. Nalin De Silva

Saturday, 26 November 2011

සන්නිකර්ෂණයේ හා වාස්තවිකත්වයේ පරස්පරය

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් මෙරට වපුරා තිබූ මිථ්‍යා මත අද එකින් එක පුපුරා යමින් පවතිනු දැකිය හැකිය. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව යනු බටහිරයන්ගේ ම අර්ථයෙන් ගත්කල බටහිර තාක්‍ෂණ පමණකි) මහාචාර්යවරුන්ට බටහිර විද්‍යාව ගැන කීමට ඇත්තේ එහි විශ්වාසනීයත්වය හා එය යොදා ගැනීමට හැකි වීම පමණ ය. එහෙත් කලකට පෙර මේ මහාචාර්යවරු බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාව, එහි ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය, එය සත්‍යය කරා ළඟාවීම, එහි වාස්තවිකත්වය, සර්වත්‍රභාවය ආදිය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළහ. එහෙත් අද ඔවුන්ට ඒ ගැන කතාකිරීමට නො හැකි වී ඇත.

බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයට විශේෂිත වූ වැදගත්කමක් නැති බවත් එය යම් සංස්කෘතියක හා චින්තනයක බිහි වී ඇති බවත් එය අද පවතින්නේ මූලික වශයෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන ආධිපත්‍යය මත බවත් මේ දැනුම් ආධිපත්‍යය යුරෝපීය වැඩවසම් යුගයේ කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් අප වටහා ගතයුතු ය. කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යය එහි අනෙක් ආධිපත්‍ය මෙන් ම එක් පුද්ගලයකු, එනම් පාප් වහන්සේ, වටා ගොඩනැගිණි. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට නායකයකු නැත. එය ලෝ පුරා පවත්වාගෙන යන්නේ විවිධ ආයතන, ඊනියා ශාස්ත්‍රීය සංගම්, විශ්වවිිද්‍යාල, පාසල් හා ජනමාධ්‍ය ඔස්සේ ය. නායකයකු නැති ව්‍යාපාරයකට පහර දීම පහසු නො වේ.

මාටින් ලූතර්ට පාප්වහන්සේ විවේචනය කර පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදීමට හැකි විය. එමෙන් ම මාටින් ලූතර් එවකටත් ඉතාලියේ හා දකුණු යුරෝපයේ බිහිව තිබූ සාමූහිකත්වයට එරෙහිව පෞද්ගලිකත්වයට ප්‍රධාන තැන ලබා දෙන සමාජ ක්‍රමයක් බිහිකිරීමේ ව්‍යාපාරය මත පදනම් විය. අද අප අපේ සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් පෝෂණය කෙරුණු මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා වෙනත් ලක්‍ෂණ අපට එරෙහිව ක්‍රියා කරනු දැකිය හැකි ය. එමෙන් ම එහි දී ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society of London) යනුවෙන් හැඳින්වෙන සංගමයේ හා එහි ආකෘතිය අනුව විවිධ රටවල හා විවිධ ක්‍ෂෙත්‍රවල ගොඩනගා ඇති ශාස්ත්‍රීය සංගම්වල ආධිපත්‍යය මෙන් ම විශ්වවිද්‍යාලවල හා වෙනත් එවැනි ආයතනවල ආධිපත්‍යය ද අපට එරෙහිව අවි අමෝරා ගෙන සටන් වදියි.

පසුගිය දා නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සම්බන්ධ කරගනිමින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකය (අනෙක් හේතු වනුයේ රජරට ප්‍රදේශයේ ඇති පස හා කිවුල් ජලය ය. වකුගඩු රෝගය පැතිර යෑමට ඒ හේතු සියල්ල කාරක වෙයි) බටහිර කෘෂිවිද්‍යාව ඔස්සේ අප මත පටවා ඇති කෘෂි රසායනිකවල ඇති ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පැවසූ විට මෙරට ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මට විරුද්ධව කළ ප්‍රකාශ හා අපහාස මෙන් ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් නැගුණු විරෝධය කාහටත් මතක ඇතැයි සිතමි. බටහිර විද්‍යාව එයට විරුද්ධව යන කිසිවකට හෝ කිසිවකුට හෝ අබමල් රේණුවක ප්‍රමාණයක ඉඩක් නො දෙයි. එහෙත් මේ සියළු විරුද්ධතා මධ්‍යයේ අද වන විට රජරට ජලයේ ආසනික් තිබෙන බව හා රජරට වකුගඩු රෝගය ආසනික් විසවීමෙන් වැළඳෙන්නක් බව බටහිර විද්‍යාවන් ආශ්‍රයෙන් ම පෙන්වීමට හැකි වී ඇත. එහි දී ඒ බව අපට කලින් ම දැනුම් දුන් නාථ දෙවියන්ට හා විපස්සක දෙවියන්ට අපේ ප්‍රණාමය ප්‍රකාශ කළ යුතු ය. බටහිර විද්‍යාව පසුපස ගොස් තම රැකියාව තහවුරු කරගැනීමට උත්සාහ කරන නිවට බංකොළොත් පුද්ගලයන් මෙන් නොව අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි මානව විරෝධී ජඩ බව පෙන්වීමට ය.

බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කරා යන්නේ යැයි දැනගැනීමට කිසිම ක්‍රමයක් නැත. එයට හේතුව අප ඊනියා සත්‍යය යනු කුමක් දැයි නො දැනීම ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? යම් අයුරකින් සත්‍යය යනු කුමක් දැයි දැන සිටියේ නම් එවිට ඒ සත්‍යය දැනගැනීම සඳහා බටහිර විද්‍යාවක් හෝ වෙනත් කිසිම දැනුම් පද්ධතියක් හෝ අවශ්‍ය නො වේ. දන්නා දෙයක් නැවතත් දැනගැනීමට වෑයම් කරන්නේ අහවල් දෙයකට ද?

ඇතැමුන්ට අනුව විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි ය. එමෙන් ම ඔවුන් පවසන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සත්‍යයට ආසන්න බව ය. මේ අවස්ථා දෙකෙහි දීම ඔවුන් මතුකරන ප්‍රධාන කරුණ නම් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් ලෙස නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ප්‍රතිඵල ලබාගත හැකිවීමත්, නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රතිඵල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් වීමත් ය.

එක් ප්‍රවාදයකින් ලබාගත හැකි ප්‍රතිඵලවලින් තවත් ප්‍රවාදයක ප්‍රතිඵල සන්නිකර්ෂණ ලෙස ලබාගත හැකි වුවත් ඉන් ඊනියා සත්‍යයක් ගැන කිසිවක් නො කියැවෙයි. මෙහි දී සන්නිකර්ෂණ යනු බටහිර ගණිතය ආධාරයෙන් බොහෝ විට අනන්ත ශ්‍රේණියක ඇතැම් පද නොසලකා හැරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල වෙයි. එයින් ප්‍රවාදවල උපකල්පන, සංකල්ප, ආදිය පිළිබඳ ව කිසිවක් නො කියැවෙයි. ඊනියා සත්‍යය යනු කිසිම සත්‍යයක් ගැන කතා නොකරණ බටහිර ගණිතයේ සන්නිකර්ෂණ සමග බැඳී ඇත්තක් නම් එවැනි සත්‍යයක් ගැන කතාකිරීමෙන් ඇති ඵලයක් නැත.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය එකිනෙකින් වෙන් ව පවතියි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ එකිනෙක සමග බැඳී ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ වෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා අවකාශ ප්‍රාන්තරය නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වෙයි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ ප්‍රාන්තර නිරීක්‍ෂකයා මත රඳා පවතියි. එක් නිරීක්‍ෂකයකු සිද්ධි දෙක අතර මැනගන්නා කාල ප්‍රාන්තරය ඔහුට සාපේක්‍ෂ ව චලනය වන වෙනත් නිරීක්‍ෂකයකු මැනගන්නා කාල ප්‍රාන්තරයට වෙනස් වෙයි. ඒ නිරීක්‍ෂකයන් දෙදෙනාගේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කුඩා නම් එවිට ගණිතමය සන්නිකර්ෂණයෙන් ඒ කාල ප්‍රාන්තර දෙක සමාන බව පෙන්විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සංකල්ප සමාන බව නොවේ. ඒ සංකල්ප අහසට පොළොව මෙන් වෙනස් වෙයි. සංකල්ප කෙසේවත් සන්නිකර්ෂණය කළ හැකි නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි යැයි හෝ සත්‍යයට ආසන්න යැයි හෝ කිව නො හැකි ය.

සාධාරණ සාපේක්‍ෂතාවාදය හා නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණය ගත්කල ද මෙවැන්නක් සිදුවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵළ සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් අයින්ස්ටයිනීය ප්‍රවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එහි පොල් පොළොව කරා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නිසා නොව අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. අවකාශ කාලයෙහි වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය යනු එකකින් අනෙක සන්නිකර්ෂණය කළහැකි සංකල්ප නො වේ. ඒ එක් එක් අවස්ථාවෙහි දී එක් ප්‍රවාදයක් අනෙක් ප්‍රවාදයට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය. ඒ ඒ ප්‍රවාදවල යොදාගන්නා සංකල්ප අතර කිසිම වූ සම්බන්ධයක් නැත. අවකාශය හා කාලය වෙනුවට අවකාශ කාලයත් ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ වෙනුවට අවකාශ කාලයේ වක්‍රතාවත් ආදේශ කළ හැකි සංකල්ප නො වේ. සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නොමැතිව එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත (abstract) ප්‍රවාද වෙයි. එහි ඇත්තේ වියුක්ත සංකල්ප ය. එහෙත් වියුක්ත ප්‍රවාද යනු ඊනියා වාස්තවික (objective) ප්‍රවාද නො වේ. වියුක්තය ඇතිවන්නේ සංයුක්තයට එරෙහිව ය. සංයුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය ඉන්ද්‍රිය ගෝචර වෙයි. එනම් බටහිර විද්‍යාවේ දී පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. බටහිර විද්‍යාව මනස ඉන්ද්‍රියයක් ලෙස නොසැලකුව ද, මනස නොමැතිව හුදෙක් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් සංකල්ප නිර්මාණය කරගත නො හැකි ය. දැනුම නිර්මාණයේ දී මනසෙන් වන සුවිශේෂ කාර්යය නොසලකා හරින බටහිර විද්‍යාව ඒ නිසා ම ප්‍රතිවිරුද්ධතාවල සිරවෙයි.

වියුක්ත සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. එහි දී අනෙක් ඉන්ද්‍රියයන් භාවිතා නො වේ. සරල රේඛාවක් යනු වියුක්ත සංකල්පයකි. එහි රූපයක්, ප්‍රතිබිම්බයක් මනසෙහි නිර්මාණය කරගත නො හැකි ය. සරල රේඛාවක් යනු පොතක පතක ඇඳිය හැකි භූතාර්ථයක් නො වේ. එහෙත් පුටුව, මේසය, බල්ලා වැනි සංයුක්ත සංකල්ප ඇතිවන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වස්තු සම්බන්ධයෙනි. මේ වෙනස අපේ ප්‍රවාද ලිපිවල බොහෝ අවස්ථාවල සාකච්ඡා කෙරී ඇති බැවින් තවදුරටත් ඒ විස්තර කළ යුතු යැයි නො සිතමි.

වියුක්ත සංකල්පයක් වුව ද ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ විය හැකි ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට, එනම් ඇතැම් පුද්ගලයන්ට වියුක්ත සංකල්ප එතරම් හොඳින් ග්‍රහණය කරගත හැකි නො වේ. වියුක්ත වුවත් ඒ ඒ නිරීක්‍ෂකයාට, සංකල්ප, ප්‍රවාද ආදිය, ආත්මීය (පුද්ගල නිශ්‍රිත) විය හැකි ය. සංයුක්ත සංකල්ප සෑම අවස්ථාවක ම නීිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වන අතර වෙනස් වෙයි. ඇතැම් වියුක්ත සංකල්ප ද එලෙස ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. එනම් ඒ වියුක්ත සංකල්ප ඒ ඒ පුද්ගලයාගේ, නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ වෙයි. එවැනි සංකල්ප වියුක්ත වුවත් ආත්මීය වෙයි.

එහෙත් බටහිර විද්‍යාවෙහි ඊනියා වාස්තවික දැනුම් ද වෙයි. ඒ දැනුම් අනිවාර්යයෙන් ම වියුක්ත වන අතර නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වේ යැයි බටහිරයෝ උපකල්පනය කරති. ඊනියා සාර්වත්‍ර නියම (universal laws) මේ වාස්තවික දැනුම්වලින් කොටසකි. බටහිර විද්‍යාවට අනුව නිව්ටෝනීය අවකාශය වාස්තවික වෙයි. ඒ අවකාශය සියළු නිරී’ක්‍ෂකයන්ට පොදු වෙයි. සියළු නිරීක්‍ෂකයෝ අවකාශයෙහි සිද්ධි දෙකක් අතර අවකාශ ප්‍රාන්තරය සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙති. එහෙත් බටහිර විද්‍යාව ඒ බව දන්නේ කෙසේ ද? ඇතැම් නිරීක්‍ෂකයන්ට වියුක්ත සංකල්ප පවා අවබෝධ නොවන තත්වයක, සියළු නිරීක්‍ෂකයන් ඇතැම් වියුක්ත සංකල්ප සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට බටහිර විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් දෙන්නේ කෙසේ ද?

එක් සේසත් රාජ්‍යය ගැන හැඳින්වීමක්

මෙරට පැරණි යුගයේ තිබුණේ එක් සේසත් රාජ්‍යයකි. එය දශරාජ ධර්මය අනුව රජවරුන් විසින් කරවන ලදී. අප යොදා ගත්තේ රට පාලනය කිරීම යන්න නොව රට කරවීම යන්න ය. රට කරවීමට අදාළ සෙල්ලිපි රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. අදාළ සියලුම සෙල්ලිපි සිංහලෙන් තිබීමෙන් පෙන්නුම් කරන්නේ රට කරවීමට අදාළ භාෂාව, අවශ්‍ය නම් රාජ්‍ය භාෂාව, සිංහල මිස වෙනත් භාෂාවක් නොවූ බව ය. ගාල්ලේ ඇති ත්‍රෛභාෂික සෙල්ලිපිය පැහැදිලිව ම එකල මෙහි පැමිණි අරාබි, චීන හා දෙමළ වෙළෙන්දන් වෙනුවෙන් ලියැවුණක් මිස රටේ වැසියන් වෙනුවෙන් ලියැවුණක් නො වේ. ඒ සෙල්ලිපිය ආශ්‍රයෙන් මෙරට දෙමළ වැසියන් සිටි බව පෙන්වීමට උත්සාහ කරන්නන්ට චීන සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්නවලට පිළිතුරු නැත. සෙල්ලිපිවලින් අපේ පැරණි රාජ්‍ය භාෂාව කුමක් ද යන්නට ද නිසි පිළිතුරු ලැබේ.

කෙසේ වෙතත් රාජ්‍ය භාෂාව, ඒකීය රාජ්‍යය වැනි වර්තමානයේ දී අප බටහිරයන්ගෙන් ලබාගත් සංකල්ප අතීතයට යොදා ගැනීමේ දී අප ප්‍රවේසම් විය යුතු ය. ගැමුණු යුගයේ රාජ්‍ය භාෂාව කුමක් ද යන ප්‍රශ්නයට අප දෙන පිළිතුර කුමක් ද? සංකල්ප සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. ඊනියා වාස්තවික නිරපේක්‍ෂ සංකල්ප ලෝකයේ නැත. සිංහල භාෂාව ද අනෙක් භාෂා මෙන් ම සංස්කෘතික සංදර්භයක ව්‍යවහාර වෙයි. කෝට්ටේ යුගයේ ඉඟ සුඟ ගත හැකි මිටින යන්නෙහි සුඟ යොදාගෙන ඇති ආකාරයට වෙනස් ව එයට හාත්පසින් විරුද්ධාර්ථයකින් අද සුඟ යන්න යොදා ගැනෙයි. එමෙන් ම එකල යොදා නොගත් ඒකීය රාජ්‍යය, රාජ්‍ය භාෂාව වැනි සංකල්පවලින් මතුවන අදහස් එකල කිනම් වචනවලින් නියෝජනය වී දැයි අධ්‍යයනය කළ යූතු ය. එමෙන් ම එදා යොදාගත් වචන අද යොදා ගැනෙන වචන සමග සංසන්දනය කිරීමේ දී අප බොහෝ විට කල්පනාකාරී විය යුතු ය.

අපිදු ඇතැම් අවස්ථාවල එකල ලංකාවේ (සිංහලයේ) රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපට එකල ද ඒකීය රාජ්‍යයක් වූ බවත් පවසමු. එහෙත් අප කියන්නේ එකල ඒ වචන යොදා නොගත් බවත්, එකල තිබූ රාජ්‍යය අද ව්‍යවහාරකරන වචනවලින් ප්‍රකාශ කළහොත් එයට ඒකීය රාජ්‍යයක් යැයි කිවහැකි බවත් ය. එමෙන් ම එදා රාජ්‍යයේ වැඩ කටයුතු කෙරුණු භාෂාව සිංහල වූ බවත් එබැවින් අද පවත්නා වචන යොදා ගැනීමේ දී එකල රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපි පවසමු. ආණ්ඩුවට සම්බන්ධ එක්තරා දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවියට අවිචාර ප්‍රකාශ කරන මුග්ධයන්ට හා පක්‍ෂයේ නොවන අයගේ අදහස්වලට ඒ මුග්ධයන් ලවා ගැරහීම සඳහා තම වෙබ් අඩවියේ තම පක්‍ෂයේ නොවන අයගේ ලිපි පළකරන තවමත් මාක්ස්වාදයේ එක් කකුළක් ගසාසිටින්නන්ට මේ අදහස් නොතේරේ නම් ඒ ගැන කරන්නට දෙයක් නැත. මේ පක්‍ෂයේ න්‍යායාචාර්යවරුන්ට බටහිර විද්‍යාව සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි බව තවමත් වැටහී නැත. ඇතැම් විට ඔවුන් බටහිර විද්‍යාව ක්‍රිස්තියානි ලෙස හැඳින්වීම ආගම්වාදී ලෙස හඳුනගන්නවා විය හැකි ය.

එංගලන්තයේ ඇතැම් රජවරු ජර්මන් ප්‍රංශ උරුම ඇත්තෝ වූහ. ඔවුහු ඇතැම් විට ප්‍රංශ භාෂාවෙන් කටයුතු කළහ. එවැනි යුගයක එංගලන්තයේ රාජ්‍ය භාෂාව වූයේ ඉංගිරිසි නොව ප්‍රංශ ය. එහෙත් රජවරු එංගලන්තයේ ඉංගිරිසි රජවරු මිස ප්‍රංශයේ හෝ ප්‍රංශ හෝ රජවරු නො වුහ. එබැවින් ඉංගිරිසි රජවරුන් යටතේ එංගලන්තයේ ඇතැම් යුගයක ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාව විණි යැයි අපට කිවහැකි වෙයි. එහෙත් ලංකාවේ කිසි දිනෙක එසේ වූ බවක් සඳහන් නො වේ. නුවර යුගයේ අවසාන භාගයේ රජකළ රජවරු සතරදෙනා වඩිග වාර්ගිකයෝ වූහ. ඔවුන් ලංකාවට පැමිණියේ අද තමිල්නාඩුව යැයි හැඳින්වෙන ප්‍රදේශයෙන් වුව ද ඔවුන්ගේ මුල් ප්‍රදේශය ආන්ද්‍ර දේශය විය. ඔවුන් කතාකළ බස තෙළිඟු විය. රජ පවුලේ උදවිය තෙළිඟු හෙවත් අණ්ඩර දෙමළ බසින් කතාකළ ද රජු රට කරවූයේ සිංහල බසිනි. (සිංහලයන් තෙළිගු බසට අණ්ඩර දෙමළ යනුවෙන් කියන්නට ඇත්තේ එහි ප්‍රභවය ආන්ද්‍ර වීම නිසාත් එහි දෙමළට ඇති නෑකම නිසාත් යැයි සිතිය හැකි ය. ආන්ද්‍ර යන්න අද සිටින නාගරික අනුකාරකයන්ට මෙන් නොව නිර්මාණශීලී ගැමියන්ට අණ්ඩර විය.) ඒ අරුතින් ගත්කල පෘතුගීසීන් පැමිණෙන තෙක් අවුරුදු දෙදහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව මුළු රට ම කරවූයේ සිංහල බසිනි. එවැනි වාර්තාවකට හිමිකම් කිවහැකි වෙනත් රාජ්‍යයක් (රජදහනක්) වේ නම් ඒ චීනය ය.

අප අපේ පැරණි එක්සේසත් රාජ්‍යය ගැන කතාකිරීමේ දී මේ කරුණු සැලකිල්ලට ගත යුතු ය. එක්සේසත් රාජ්‍යය ලංකාවේ නිර්මාණය වූවක් යැයි සිතීමට ඉඩ ඇත. එය ඒකඡත්‍ර යනුවෙන් ද හඳුන්වා දී ඇති නමුත් ඒ වචනය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දක් විය යුතු ය. ඡත්‍ර යනු කුඩයට නමකි. එය සේසත යන තේරුම දෙන්නේ දැයි නිසැකව කිව නො හැකි ය. කෙසේ වෙතත් සේසත යන්න තවමත් ලංකාවේ යොදා ගැනෙන, දක්නට ලැබෙන භාණ්ඩයක් වන අතර එය බලයේ සංකේතයක් ලෙස අද ද භාවිතා වෙයි. එක් සේසත් යනු වචනාර්ථයෙන් ම සේසත් කිහිපයක් වෙනුවට එක් සේසතක් පමණක් බලය (අදිකාරිය අදි උපසර්ගයෙන් කියැවෙන ප්‍රබල කාරිය,) දක්වන සංකේතය ලෙස යොදා ගැනීම ය.

අදිකාරිය යන්න මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් වචනයක් යැයි සිතමි. කාරිය යන්න කරවීම සමග සම්බන්ධය. අදිකාරම්ලා කාරියවසම්ලා (වසම කරවන්නන් විය හැකි ය) කාරියකරවනලා පමණක් නොව මෙරට කාරියප්පර්ලා ද සිටිති. වරක් මුස්ලිම් කොංග්‍රසයේ නිසාම් කාරියප්පර් මහතා මා සමග පැවසුවේ ඔහුගේ පරම්පරාවේ අය ප්‍රාදේශික ව කාරිය කළ, එනම් ප්‍රදේශය කරවූ, ප්‍රධානීන් වූ බව ය. අප්පර් යන්නෙන් ප්‍රධානියා යන තේරුම ගෙන දෙයි. සෙනරත් රජු මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ අඩම් තේට්ටම්වලින් මුදවාගෙන වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙන් පසුව ඇතැමුන් රජු වෙනුවෙන් කුඩා ප්‍රදේශ කරවූ බවක් මෙයින් කියැවෙයි. කාරියප්පර් යන නමින් ද කියැවෙන්නේ රුහුණු රටේ කොටසක් වූ වත්මන් නැගෙනහිර පළාත සිංහල රජුගේ අදිකාරියෙහි පැවතුණූ බව ය. අපේ පැරණි රජවරු රට කරවූහ. එසේත් නැතහොත් ඒ ඒ රට කරවූ ප්‍රධානීහු සිටියහ. මෙහි දී රට යන්න ගැන ද කෙටි සඳහනක් කළ යුතු ය.

රට යන්න එදා යොදාගෙන තිබුණේ අද යෙදෙන අර්ථයෙන් ම නොවන බව පැහැදිලි ය. රුහුණු රට, මායා රට හා පිහිටි රට (රජරට) පමණක් නොව අටදහස් රට, දොළොස්දහස් රට ආදිය ද මෙරට විය. ඇතැම් පඬියන් එය විවරණය කරන්නේ එකල රටවල් ගණනාවක් තිබූ ලෙස සලකමින් ය. එහෙත් උඩරට පහතරට යන්න ද එසේ වෙන ම රටක් යන තේරුමකින් ව්‍යවහාර නොකරන බව පැහැදිලි ය. ගම්රටවල් බලා යනවා වැනි කියුම් ද අද ව්‍යවහාර කරන රට යන අරුතින් යෙදී නැති බව පැහැදිලි ය. එදා රට යනු අද ව්‍යවහාරයෙන් නම් පළාත, ප්‍රදේශය ආදිය හැඳින්වෙන්නක් වෙයි. අද රට යන්නෙන් කියැවෙන්නට ද එදා රට යනුවෙන් යොදාගන්නට ඇත. ඒ අතර ඒ ඒ අවධියෙහි මුළු රට ම (මේ ව්‍යවහාරය ද වැදගත් ය) ලංකාදීප, හෙළදීව, සීහළදීප ආදී වශයෙන් හඳුන්වන ලැබී ඇත.

ඒ කෙටි සටහනින්, ඇත්තට ම නිරීක්‍ෂණයෙන් පසු රටේ, එනම් මුළු රටේම දේශපාලන ව්‍යුහය ගැන සාකච්ඡා කිරීමට හැකි ය. රටේ කුඩා ම ඒකකය වී ඇත්තේ ගම ය. ගම හැරුණු විට නියම් ගම්, දනව්, පුර, නුවර ආදී ඒකක ද තිබී ඇත. මෙරටට විජයගෙන් සංකේතවත් වන අර්ධ වෛදීක සංක්‍රමණයට (මෙහි සංස්කෘතික සංක්‍රමණයක් ද වූ බව පැහැදිලි ය) පෙර සිට ම මෙරට පුර තිබූ බව ලංකාපුර යන්නෙන් පැහැදිලි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට යම් ආකාරයක පුර සංස්කෘතියක් තිබී ඇතැයි සිතිය හැකි ය. ඒ පුරවල ප්‍රාදේශීය නායකයන් සිටි බව ද ඒ අතර කියැවෙයි. ගම්වල ප්‍රධානීහු ගාමණීලා වූහ. ඒ ඒ ගම්වල නැත්නම් ගම් කිහිපයක වරිග සභා, ගම් සභා ආදී වශයෙන් ජනතාවගේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සභා පිහිටුවා ගෙන සිටි බවත් පැහැදිලි ය. ඒ අතර පන්සලේ හාමුදුරුවන් මුල් කරගත් සභා ද විය.

මේ සභා මුළුමනින් ම දේශපාලන සභා යැයි කිවයුතු නො වේ. මෙරට සංස්කෘතියෙහි කැපී පෙනෙන ලක්‍ෂණයක් නම් දේශපාලනය, සංස්කෘතිය හා ආර්ථිකය එකිනෙක සමග තිබූ සම්බන්ධය ය. බටහිර ක්‍රිස්තියානි (කතෝලික යන්නට ප්‍රතිපක්‍ෂව) සංස්කෘතියෙහි මෙන් ඒ ඒ කාර්යයෙහි ලා පැහැදිලි බෙදීම් මෙරට නො වී ය. බොහෝ දුරට එය අපේ ශක්තියක් විය. ගමේ හාමුදුරුවන් මුල් කරගත් සභාව කාළාම සූත්‍රයෙහි දැක්වෙන විඤ්ඤූන්ගේ, නැත්නම් කාරණාකාරණ දත් අයගේ සභාවක් විය. එය පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සකස් නොවිණි. පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කුලීනයන්ට, වහල් හිමියන්ට පමණක් සීමා විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වහළුන්ට අයත් නො වී ය. විඤ්ඤූන්ගේ සභාව ගැමියන් විසින් තෝරාපත්කරගනු ලැබූවක්වත්, සියළුම ගැමියන්ගෙන් සමන්විත වූ සභාවක්වත් නො වීය. විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් තෝරාගනු ලබන්නේ එතෙක් විඤ්ඤුන් ලෙස ක්‍රියාකරන අය විසිනි. අද ද විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් පත්කෙරෙන්නේ සිටින විඤ්ඤූන් විසිනි.