History

සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා. එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ නම් ද තිබුණා. ලංකාවේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ නම් ගැන මා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

Monday 27 February 2017

බැඳුම්කරයට කැලෑ පත්තරයක්?


බැඳුම්කරයට කැලෑ පත්තරයක්?



බැඳුම්කර  මගඩිය තව තවත් අවුල් වෙනවා. දැන් කතාව හොර ගැසට් පත්‍රයක් ගැනයි. මෙහි ඇත්ත නැත්ත හරියට දැනගත යුතුයි. දේශපාලනඥයන් කියන කතා එක්වර ම පිළිගැනීම අපහසුයි. ඔවුන්ගේ ගොඩ පෙරකදෝරු කතා බොහෝ විට ජනතාව රවටා ඡන්ද එකතු කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. එය කුප්‍රකට බැඳුම්කර සම්බන්ධවයි. පුදුමයකට මෙන් ගැසට් පත්‍රයෙහි දිනය 2015 ජනවාරි මුල අටවැනිදාට කලින් දිනයක්. එයට අත්සන් කර ඇතැයි කියන්නේ මහින්ද රාජපක්‍ෂ. ඔහු එවකට සිටි ජනාධිපති මෙන් ම මුදල් ඇමති ද වෙනවා. එහෙත් මහින්ද රාජපක්‍ෂ ජනවාරි අටවැනිදාට පසු මුදල් ඇමති නොවෙයි.

Sunday 26 February 2017

සයිටම් විසඳුම්


සයිටම් විසඳුම්



මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා  ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ අදහස් ලෙස ඉදිරිපත් කළා ද දන්නේ නැහැ. ඔහු මගේ නමක් සඳහන් කරන්න කැමති නැති බව මා දන්නවා. ඒ පිළිබඳ මට අත්දැකීම් ද තිබෙනවා.  කොහොමටත් දේශපාලනඥයන් ප්‍රශ්න විසඳීමට සූදානමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයන් වීමට බලාපොරොත්තුවන ඊනියා උගතුන්ටත් අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පමණයි. සම්පූර්ණ ලිපිය කියවීම කාලය නාස්ත කිරීමක් නම් අවසාන ඡෙද කිහිපය පමණක් කියවන්න.

Saturday 25 February 2017

පශ්චාත් සත්‍යය


පශ්චාත් සත්‍යය



පසුගිය වසරේ ඉංගිරිසි භාෂාවට අලුතෙන් එකතු වූ ව්‍යවහාර අතරින් වඩාත් ම ජනප්‍රිය වී ඇත්තේ පශ්චාත් සත්‍යය හෙවත් පෝස්ට් ට්රුත් යන්නයි. මෙහි පශ්චාත් යන්නෙන් පෙන්නුම් කෙරෙන්නේ බටහිර ග්‍රීක යුදෙවු චින්තනයේ කඩා වැටීම මිස අනෙකක් නො වෙයි. දැන් කාලයක සිට බටහිර සමාජයීය විද්‍යාඥයන් පශ්චාත් යන්න යොදා ගන්නවා. පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනු ඒ බංකොළොත් කමට උදාහරණ පමණයි. වඩාත් ම බංකොළොත් බව හෙළිවන්නේ පශ්චාත් නූතනත්වය හා පශ්චාත් නූතනවාදය යන ව්‍යවහාරවලයි. ඊනියා නූතනත්වය එලෙස නම් කිරීමෙන් ම පළවන්නේ බටහිරයන්ගේ උද්ධච්ඡ භාවය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම


පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම



දැන් තවත් සංකල්පයක් පාර්ලිමේන්තුවට, පක්‍ෂවලට හා මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම. මේ ස්වාධීන වීම මේ රටේ බොහෝ සංකල්ප වගේ ම පැහැදිලි නැහැ. අප පැහැදිලි සංකල්ප ඇතිව කටයුතු කරන ජාතියක් නො වෙයි. සයිටම් ගැන කල්පනා කරල බලන්න. මේ රටේ උගත් ම කියන අය එක එක මත ප්‍රකාශ කරනවා. දේශපාලනඥයනුත් එසේ ම අදහස් ප්‍රකාශ කරනවා. ඒත් වෛද්‍ය සභාවෙ, සෞඛ්‍ය ඇමතිගෙ, උසස් අධ්‍යාපන ඇමතිගෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ බලතල ගැන ඇත්තේ මේ උගතුන්ට ඇත්තේ අවුලක්. ස්වාධීන වීමත් තවත් අවුලක්. ලක්‍ෂමන් කිරිඇල්ල සරල වීම නිසා ම ඔහුගේ අවුලත් සරලයි.

Thursday 23 February 2017

අධ්‍යාපනයේ නිදහස


අධ්‍යාපනයේ නිදහස



මෙරට 1870 වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව 1921 දී . එය යුනිවර්සිටි කොලේජ් හෙවත් විශ්වවිද්‍යාල ආයතනය ලෙස හැඳින්වුණා. 1942 දී වෛද්‍ය විද්‍යාලයත් විශ්වවිද්‍යාල ආයතනයත් එක් කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළා. නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පසුව ඇති කෙරුණු නමුත් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආයතන එකකවත් නිදහස් අධ්‍යාපනයක්වත් අධ්‍යාපනයේ නිදහසවත් තිබුණේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවුණා. එකල වෛද්‍ය විද්‍යාලයට ශාස්ත්‍ර (කලා) විෂය හැදෑරුවන් ද ඇතුල් වූනා. මා අසා ඇති අන්දමට ගුණපාල මලලසේකර මහතා ද මුලින් ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට. ශාස්ත්‍ර විෂය හදාරා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ අයත් වෛද්‍යවරු වූණා. කලක් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පරීක්‍ෂණයක් පවා තිබුණේ නැහැ. ලන්ඩන් මැට්රික්‍යුලේෂන් සමත් වූවනට කොළඹ ප්‍රභූ පාසල්වල ගුරුවරුන්ගේ නිර්දේශය ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

ඇගේ වෛරය



ඇගේ වෛරය 


චන්ද්‍රිකා රනිල් වගේ ම සිංහල බෞද්ධ විරෝධීයි. නයි පොළොං වගේ හිටිය දෙන්න දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති වෛරය නිසා එකතු වෙලා. ඔවුන්ගේ සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. දෙදෙනාගේ ම පිය පාර්ශ්වයේ නෑදැයන් අංංග්ලිකන් ක්‍රිස්තියානි. බණ්ඩාරනායක මහතා නම් බෞද්ධයකු වුනා. ඔවුන්ගේ පමණක් නොවෙයි. සේනානායකලා ද බෞද්ධයන් වීමට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ජයවර්ධනලාත් එහෙමයි. මෙරට දෙමළ නායකයන්ගේ ද සම්භවය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාමනාදන්ලා අරුණාශලම්ලා හින්දු වුනත් ඒ පවුල්වල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. චෙල්වනායගම් හින්දු වුනේවත් නැහැ. සුමන්තිරන් ද මෙතෝදිස්ත භක්තියෙක්. මේ රටේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලය තවමත් ක්‍රියාත්මකයි. අද මේ සියල්ලන් ම එකතුවෙලා පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන යොදා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරන්න හදනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෙවැනි ප්‍රකාශවලට කැමති නැහැ. ඔවුන් විවිධ පඬියන්.

Tuesday 21 February 2017

විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ  


විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ



විග්නේස්වරන් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කියන කතාවලට යම්කිසි වැදගත්කමක් ලැබෙනවා. දෙමළ ජනයා අවුරුදු දෙදහකට වැඩි කාලයක් මෙරට සිටි බව විග්නේස්වරන් කියනචා. මේ රටේත් පිටරටත් ඉතිහාසය පිළිබඳ ව ඔහු කියන කතා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බටහිරයන් ඒ වැරදි බව දැන දැන ම එකඟ වන බවක් පෙන්වනවා. එහෙත් ඒ කියන කතාවලට ඇති සාධක කුමක් ද කියා ඇසුවහොත් ඔහුට කියන්න තිබෙන්නේ මොනවා ද? යාල්පන වෛපව මාලෙයි හැරෙන්නට ඉදිරිපත් කළ හැකි ලිඛිත සාධකයක් තිබේ ද? වෛපව මාලෙයි ලිවුවේ ලන්දේසින්ගේ අවශ්‍යතාවට දහහත්වැනි සියවසේ දී. එයට පෙර ලියැවී ඇති ග්‍රන්ථ කවරේ ද?

Monday 20 February 2017

සයිටම් ප්‍රශ්නය 01

සයිටම් ප්‍රශ්නය

01 වැනි කොටස මෙතනින්





මහින්ද නම් ප්‍රශ්නය  


මහින්ද නම් ප්‍රශ්නය



සයිටම් ගැන තවත් ලියන්න ඕන වුනත් ආණ්ඩුවේ, වෛද්‍ය සභාවේ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, අන්තරයේ  විවිධ රංගන, ජනමාධ්‍ය පඬියන්ගේ සත්ව (රෝගී) කරුණාව ආදිය හේතුකොටගෙන ඉන් ඵලක් වේ ය කියා හිතන්න බැහැ. එහෙත් සමාජවාදීන්ගෙන්, ප්‍රගතිශීලින්ගෙන්, තරාදියට දමා මතවල බර කිරන්නන්ගෙන් සහ වෙනත් එවැන්නන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ සමහර විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය එතරම් සතුටුදායක නැහැ. අප අදාළ වෛද්‍ය පීඨ අහෝසි කරනවා ද? නැත්නම් ජනසතු කරනවා ද? කවුරුන් හරි කියා දෙනවා ද? දැන් අහන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාල පීඨවල ප්‍රමිතිය සතුටුදායක නැති බව මා දන්නේ කොහොමද කියලා. වෛද්‍යවරයකුවත්, විද්‍යාඥයකුවත්, පෙරටුගාමියකුවත් නොවන මා ඒ බව දන්නේ කෙසේ ද?  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එසේ කියා නැහැ. වෛද්‍ය සභාවට අනුව පිටරට විශ්වවිද්‍යාල සිය ගණනක වෛද්‍ය උපාධිවල ප්‍රමිතිය සතුටුදායකයි. ඒ බව වෛද්‍ය සභාව විතරක් නොවෙයි  එකී විශ්වවිද්‍යාලවලට සිසුන් යවන මෙරට ඒජන්තයනුත් දන්නවා!  ඔවුන්ගේ මුදල් ලබන කවුරු කවුරුත් දන්නවා.

Sunday 19 February 2017

සයිටම් රැල්ල පසුපස එන සුනාමිය


 සයිටම් රැල්ල පසුපස එන සුනාමිය

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මට එතරම් පැහැදීමක් නැති බව පළමුවෙන් කිව යුතුයි. කාලයකට පසු පුවත්පතකට ලිපි ලිවීමට තීරණය කෙළේ මා ළඟින් ඇසුරු කරන කිහිප දෙනකුගේ ආරාධනය පරිදි බවත් කිව යුතුයි. අද මම සමාජයෙන් එක්තරා දුරකට වෙන් වී සිටිමි .එයට හේතු ගණනාවක් වෙයි. ඒ හේතු කවරේදැයි කීම අනවශ්‍ය යැයි සිතමි. මගේ බොහෝ අදහස් සමාජයට නොදිරවන බව පමණක් කීමට අවශ්‍ය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට රැල්ල අනුව යන බව දනිමි. අද රැල්ල අනුව නම් සයිටම් ආයතනයට අප විරුද්ධ විය යුතුයි. එහෙත් සයිටම් හා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දෙනාට ඇති වැටහීම මට නැත්තේ මගේ වරදක් නිසා විය හැකියි. එහෙත් වැඩි දෙනකු වෛද්‍ය ආඥාපනත හෝ විශ්වවිද්‍යාල පනත හෝ කියවා නැති බවත් පැහැදිලියි.  පහුගිය දා සයිටම් ගැන පළ කෙරුණු අභියාචනා තීන්දුව කී දෙනෙක් කියවා ඇත් ද?

Saturday 18 February 2017

සඳහිරු සෑ බුද්ධ පූජාව  


සඳහිරු සෑ බුද්ධ පූජාව



සඳහිරු සෑයේ නිධන් කර ඇති බුදුන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරන් ද නැත් ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. පිළිම වහන්සේ ඝන රන් ද රත්තරන් ආලේප කරල ද ආදියත් මට ප්‍රශ්න නො වෙයි. ඒ රත්තරන් නම් හා එකී රත්තරන් ලැබුණේ රේගුවෙන් ද කියන එකත් මට ප්‍රශ්නයක් නො වෙයි. රත්තරන් රේගුවෙන් ලබා ගත්තේ නම් එයත් ප්‍රශ්නයක් නො වෙයි. රජය සෑයක නිදන් කිරීම සඳහා පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමට රේගුවෙන් රත්තරන් ලබා ගැනීම පාපයක් නො වෙයි. රේගුවේ රත්තරන් ජනතාවට අයිති බව ඇත්තයි. ඒත් බුදු පිළිම වහන්සේ නමක් තැනීමට විරුද්ධ වන්නේ කවුද?

Friday 17 February 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම




ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම මෙතැනින්


ඒකාබද්ධ විපක්‍ෂයේ හොඳ වැඩක්  


ඒකාබද්ධ විපක්‍ෂයේ හොඳ වැඩක්



ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකමිටු හයෙන් ඉවත් වෙලා. අදාළ මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ බව හෙළි කරලා. අප පළමුවෙන් ම ඒ පිළිබඳ ව ඒ මන්ත්‍රීවරුන්ට හා ඒකාබද්ධ විපක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණු අතර තමන් අනුකමිටුවලට ඉදිරිපත් කළ යෝජනා සම්පූර්ණයෙන් ම ඉවත දැමීම හා වාර්තා මගින් සන්ධීය රාජ්‍යයකට පාර කැපීම සඳහන් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. ඔවුන්ට ප්‍රවාද තිබිණි නම් මේ කරුණු කලින් ම දැනගත හැකි ව තිබුණා.



තවමත් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අස් වී නැහැ. ඔවුන්ටත් අත්දැකීමක් ලැබෙන තෙක් එහි රැඳී සිටිනවා ද? අනුකමිටු වාර්තා හය මත පදනම් වී ඔවුන්ටත් මෙහෙයුම් කමිටුවෙන් අස්වීමට තිබුණා. අනුකමිටු පත් කරනු ලැබුයේ මෙහෙයුම් කමිටුව විසින්. මෙහෙයුම් කමිටුවේ අවශ්‍යතාව ද ඒකාබද්ධ විපක්‍ෂයට පැහැදිලි විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ රැඳී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? තොරතුරු ලබා ගැනීම ද? ලබා ගැනීමට ඇති තොරතුර කුමක් ද? ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඒකාබද්ධ විපක්‍ෂය නො දන්නේ ද?



ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පත් කර ගනු ලැබුයේ ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. මහින්දට හා රණවිරුවන්ට දඩයම් කිරීමත් එක් අවශ්‍යතාවක්. එහෙත් ප්‍රධාන කාරණය දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ කර ගැනීම සුපිරිව්‍යුහයේ අරමුණයි. එහි තවත් පියවරක් ලෙසයි රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුව දෙමුහුන් විනිසුරුවන් පත් කිරීම ද ඇතුළත් යෝජනාවකට ජෙනීවාහි දී අනුග්‍රහය දැක්වූයේ. දැන් මංගල සමරවීර ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා.



එය ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යය ගලා එන්නේ සවරිනටි යන පදයෙන්. මේ එකල බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ රජුගේ අධිපත්‍යය ගැන කියැවෙන්නක්. සවරින් කිවුවේ රජුට. රජුට තිබුණේ පරම ආධිපත්‍යයක්. දැන් එය  ජනතාවට අයත් වී තිබෙනවා. මේ පරමාධිපත්‍යයට හානි කිරීම රජු සම්බන්ධයෙන් නම් රාජද්‍රෝහී ක්‍රියාවක්. අද ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීම ජනතාද්‍රෝහි එනම් රාජද්‍රෝහි ක්‍රියාවක්. මේ ආණ්ඩුව ජෙනීවාහි දී කරන්නේ රජයට ද්‍රෝහි වීමක්. එනම් රාජද්‍රෝහී ක්‍රියාවක්. විශේෂයෙන් ම මංගල හා රනිල් නිරත වී ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක. ඔවුන්ට දෙන දඬුවම මූල්‍ය අපරාධ විමර්ෂණ කමිටුවෙන් තීරණය කරන්න බැහැ.



අද ආණ්ඩුව රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී සිටින්නේ දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ මෙහෙයවීමෙන්. නව ව්‍යවස්ථාවත් එවැනි ම වූ රාජද්‍රෝහී ක්‍රියාවක් වේවි. ආණ්ඩුවට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අනුකමිටු වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව අප කාලයක සිට කියනවා. සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පොරොන්දු වීමෙන් නො වෙයි. එපමණක් නොවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට පොරොන්දු වෙමින්. අද මෛත්‍රිපාලටවත් සංධානයෙන් තේරී පත් වූ මැති ඇමතිවරුන්ටවත් කිසිම අයුරකින් ජනමත විචාරණයකටවත්, නව ව්‍යවස්ථා සම්පාදනයකටවත් එකඟ වන්න බැහැ. ඒ අය අනුකමිටුවලින් පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත් විය යුතුයි.



ඒ අතර ආණ්ඩුවේ මැති ඇමති ධුර දරණ සංධානයෙන් පත් වූ අයටත්, එනම් ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාලගේ කණ්ඩායමටත් ඒකාබද්ධ විපක්‍ෂය ආදර්ශයක් දී තිබෙනවා. ඒ මැති ඇමතිවරුනුත් අනූකමිටුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ටත් ඡන්ද ලැබුණේ සංධානයේ මැතිවරණ ප්‍රකාශයට මිස එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රකාශයට නො වෙයි. හැරත් ඔවුන් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුවත් කටයුතු කළ යුතුයි. එයින් කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතු බවයි.



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවේ දක්වා ඇති විධි විධානවලට අනුකූලවයි. ආණ්ඩුව එයට පිටින් ක්‍රියා කරන බව පැහැදිලියි.  ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. ඒ අතර පාර්ලිමේන්තුව පිටින් ගොස් ජනමත විචාරණයකට සූදානම් වෙනවා. මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපති ලෙස එවැනි ජනමත විචාරණයකට එකඟ වන්න බැහැ.



ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් පත් කළ අනුකමිටුවලින් ඉවත් වීම පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයට හා අදාළ මන්ත්‍රීවරුන්ට  ස්තුතිවන්ත වන අතර ඔවුන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළ යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 පෙබරවාරි 17







  


Thursday 16 February 2017

රැල්ල පිටුපස එන සුනාමිය


රැල්ල පිටුපස එන සුනාමිය



මේ යන පිළිවෙළ ගැන කිසිම ආකාරයකින් සෑහීමට පත්වන්න බැහැ. විශාල අනතුරක සේයාවක් වැටී තිබෙනවා. සයිටම් විරෝධී පෙළපාලි, උද්ඝෝෂණ අන්තරේ දෛනික කටයුත්තක් බවට පත් වෙලා. එය මෙහෙයවන්නේ පෙරටුගාමීන්. ජ වි පෙරමුණත් විශ්වවිද්‍යාලවල නැවතත් බලය සඳහා සටන් කරනවා.

Wednesday 15 February 2017

බටහිර කොට්ටෝරුවෝ


බටහිර කොට්ටෝරුවෝ


බටහිර භෞතික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් අනෙක් බටහිර විද්‍යාඥයන්ට වඩා පොදුවේ බටහිර දර්ශනය හා විශේෂයෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වනවා. ලංකාවේ නම් බටහිර දර්ශනය හා බටහිර විද්‍යාවේ දර්ශනය ගැන උනන්දුවක් දක්වන්නේ බටහිර භෞතික විද්‍යාඥයන් නොව බටහිර වෛද්‍යවරුන්. එහෙත් ඔවුන්ගෙන් ඒ කිසිම දෙයකට කිසිම දෙයක් අලුතෙන් එකතු වී නැහැ. ඔවුන් කරන්නේ අවුරුදු පනහකට පමණ පෙර බටහිර ලියු දේ ඊනියා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමයි. ඔවුන්ට අඩු තරමේ හැටේ දශකයේ තෝමස් කූන් කියා ඇති දේ ගැනවත් ප්‍රමාණවත් දැනුමක් නැහැ.

Tuesday 14 February 2017

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු

රනිල්ගේ ව්‍යවස්ථා සැලසුම් පරාජය කරමු


ව්‍යවස්ථාව ගැන ජාතිකවාදී බලවේග දක්වන උනන්දුව කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊනියා වාමාංශික බලවේගත් සයිටම්, බැඳුම්කරය ආදිය ගැන දක්වන උනන්දුවෙන්  සුළු කොටසක්වත් ව්‍යවස්ථාව ගැන නෙදැක්වීම කණගාටුදායකයි. රටේ ප්‍රධාන ම ප්‍රශ්නය ව්‍යවස්ථාවයි. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව (රනිල් සුමන්තිරන් ආණ්ඩුව) බලයට පත් කෙළේ ම රට දෙකඩ කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. අනෙක් සියළු ප්‍රශ්න ද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා සුදුසු පරිදි යොදා ගනීවි.

Monday 13 February 2017

රනිල් මෙන් ම මංගලත් ඉවත් කළ යුතුයි


රනිල් මෙන් ම මංගලත් ඉවත් කළ යුතුයි



මංගල කිනම් රටක විදේශ ඇමති ද යන ප්‍රශ්නය අසන්නට සිදුවෙලා. ජෙනිවාහි දී බටහිර රටවල්  එකතු වී ලංකාවට විරුද්ධව ගෙන ආ රණවිරු දඩයම් යෝජනාවකට ඔහු අනුග්‍රහය දැක්වූවා. ඒ සඳහා ඔහුට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය තිබුණා ද? අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතියි. ජනාධිපති මංගලගේ අනුග්‍රහය ගැන දැන සිටියේ ද? ජනාධිපති ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. රනිල් හා මංගල එකතු වී මෛත්‍රිපාලට නොදන්වා මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කරනවා ද? කොහොමටත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස තම වගකීමෙන් ගැලවෙන්න පුළුවන් ද?

Sunday 12 February 2017

බුද්ධාගම වෙනස්


බුද්ධාගම වෙනස්



සෑම ආගමකින් ම කියැවෙන්නේ එකම දෙය බවට මතයක් තිබෙනවා. ඊනියා සංහිඳියාවට එවැනි මතයක් අවශ්‍ය වනවා විය හැකියි. ඒ අතර බුදුදහම ආගමක් ද නැත් ද යන ප්‍රශ්නයත් ඇතැම් විට මතුකරනවා එය ප්‍රශ්නයක් වන්නේ ආගම යනු කුමක් දැයි නිර්වචනය කරන ආකාරයට. ඒ ගැන එතරම් කරදර වන්න දෙයක් නැහැ. ආගම එක විධියකට නිර්වචනය කළාම බුදුදහම ආගමක් වේවි. වෙනත් විධියකට නිර්වචනය කළාම ආගමක් නො වේවි. බුදුදහම ආගමක් නොවන විධියට ආගම නිර්වචනය කළොත් පඬියන් නම් අර්බුදයකට යාවි. බුදුදහම ආගමක් නොවේ නම් අනාගමික රාජ්‍යයක් ඇති කිරීම යන්න පිපිරුණු බැලුමක් මෙන් හැකිළේවි.

Saturday 11 February 2017

සයිටම් හා විග්නේස්වරන් බොරු  





සයිටම් හා විග්නේස්වරන් බොරු



විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. වගේ අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්යවස්ථාවක් ආදිය අවශ් නැහැ කියලා. මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ?  උදාහරණයක් දෙන්න පුළුවන් ? ජනමාධ් ඉදිරියේ එවැනි ප්රකාශ කළ යුත්තේ ගැන හරියට දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ.  සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.