History

Tuesday 19 December 2023

හාමුදුරුවරුන්ගේ හා බටහිර වෙද මහතුන්ගේ සේවය

 

හාමුදුරුවරුන්ගේ හා බටහිර වෙද මහතුන්ගේ සේවය

 

මා කලින් දවසක ඉංගිරිසියෙන් වෝක් යනුවෙන් හැඳින්වෙන අවධානග්‍රාහීන් ගැන ලිවුවා. ඇමරිකාවේ හා එංගලන්තයේ ඊශ්‍රායල විරෝධී පිරිසක් ගැන කියද්දී. එහි දී මහා ධන කුවේරයකු වූ මස්ක් අවධානග්‍රාහි අයකු ලෙස මා සඳහන් කළා. එයට ඇමරිකාවේ වෙසෙන භෞතික විිද්‍යාඥයකු අපහාසයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා මස්ක් අවධානග්‍රාහී නොවන බව සඳහන් කරමින්. ඔහු මා මෙන් නොව විිද්‍යාඥයෙක්. මෙරට වෙනත් පඬි නැට්ටන්ගේ මෙන් ඔහුගේ  නම ලෝ පුරා ප්‍රසිද්ධයි. ලෝ පුරා ඔවුන් ලොවට හෙළි කළ නව දැනුම් සාකච්ඡා වෙනවා. ඒත් ඔවුන් මස්ක් ඊශ්‍රායලය ගැන පළමුවෙන් කී දේ කියවා නැති වෙන්න පුළුවන්. මස්ක් පසුව ඊශ්‍රායලයට ගොස් තමාගේ අවධානග්‍රාහි කතා වසා ගත්තා.

 

බටහිර රටවල් විශේෂයෙන් ඇමරිකාව හා එංගලන්තය වැඩි කල් යෑමට පෙර තම සභ්‍යත්වයට ඇතුළෙන් පහර ගසන එහෙත් විකල්පයක් නැති අවධානග්‍රාහීන් පරාජය කරාවි. එහෙත් ලංකාවේ අපට මෙරට හා පිටරට සිටින විකල්පයක් නැති අවධානාග්‍රාහීන් පරාජය කිරීම ප්‍රශ්නයක්. කරුණු දෙකක් නිසා.

 

මෙරට අවධානග්‍රාහය ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව. මෙරට් අවධානග්‍රාහීන් මෙරට සංසකෘතියෙන් බිහි වු අය නො වෙයි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ බටහිරින්. ඔවුන් බටහිර අධ්‍යාපනයේ ඉතා ඉහළට ගොස් මා කලින් සඳහන් කර ඇති පරිදි බටහිර ඉවුරෙ දැනුම ආහාරයට ගනිමින් මළ පහ කරන අය. ඔවුන්ට විදේශීය ශිෂ්‍යත්ව රාජ්‍ය නොවන සංවිධානවල පිටරට තානාපති කාර්යාලවල විශ්වවිද්‍යාලවල  සහාය ලැබෙනවා. ඔවුන් මෙටාවෙත් මොටාවෙත් දැක ගන්න පුළුවන්. ඔවුන් දන්නේ බටහිර දැනුම පමණයි. ඔවුන් බටහිර දැනුම එකම දැනුම් පද්ධතිය ලෙස සලකනවා. එහෙත් මා කලින් සඳහන් කළ ඇමරිකාවේ වෙසෙන කීර්තිමත් භෞතික විද්‍යාඥයා වැනි කිහිප දෙනකු හැරුණු විට ඔවුන් බටහිර විද්‍යාව දැන ගන්නේ වැඩිම වුණොත් ජනප්‍රිය සඟරාවලින්. 

 

මෙහි ලා බලපාන දෙවැනි කරුණ සිංහල බෞද්ධ සංස්කෘතියේ අලුත් දැනුමක් බිහි නොකිරීම. අවුරූදු එක්දහස් පන්සීයකට පමණ අප අලුත් දැනුම් බිහිකර නැහැ. බටහිරයන් පසුගිය අවුරුදු හයසීයක පමණ කාලයක අලුත් දැනුම් නිතර බිහි කරනවා. මාටින් ලූතර් මේ ප්‍රවනතාවයේ ආරම්භකයා ලෙස හඳුනාගන්න පුළුවන්. මෙහි ඡායාරූපයේ දැක්වෙන්නේ මාටින් ලූතර්. බටහිරයන් එයට අමතර ග්‍රීකයන්ගේ හා යුදෙවුවන්ගේ විමසීමේ ආභාසය ලබා ගත්තා. එහෙත් අප විශේෂයෙන් ථෙරවාදී රටවල් අවුරුදු දහසකට පමණ අලුතෙන් දැනුමක් බිහි කර නැහැ.

 

අපට අලුත් දැනුම් බිහි කරන්න පුළුවන්. එහෙත් සඳහා යම් විමසීමක් අවශ්‍ය වෙනවා. එය කළු කුහර ගැන වෙන්න ඕන නැහැ. අපට අපේ සංස්කෘතියෙන් පටන් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අවිජ්ජා කියන්නේ කුමක් යන්න විමසන්න පුළුවන්. එය චතුරාර්ය සත්‍යය නො දැනීම නැත්නම් අනිච්ච දුක්ඛ අනත්ත නො දැනීම එහෙමත් නැත්නම් වෙනත් නොදැනුමක් කියා විමසන්න පුළුවන්. ඊනියා යථා ස්වභාවය කියන්නෙ මොකක් කියා විමසන්න පුළුවන්. යථා ස්වභාවය කියන්නෙ බටහිරයන් කියන යථාර්ථය ? යථා ස්වභාවය අනිච්ච දුක්ඛ අනත්ත ? වෙනත් වචනවලින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය ?

 

මෙවැනි ප්‍රශ්න මතු කළ විට අද බොහෝ දෙනා කරන්නේ අටුවාවේ තියෙන්නෙ මෙහෙමයි ආදී වශයෙන් කියා අලුත් මතය නිහඬ කිරීම. පිරිස සමහර විට බුදුදහම විද්‍යාත්මක බව පෙන්නන්න හදනවා. එහි දී ඔවුන් කරන්නෙ බුදුදහම විද්‍යාවට යට කිරීමක්. සසර විද්‍යාත්මක පෙන්නන්න පුළුවන් ? ඉන්ද්‍රිය ගේචර නැතැයි සසර ප්‍රතික්‍ෂෙප කරන අය ඉන්ද්‍රිය ගෝචර නොවන කතා කළු කුහර සම්බන්ධයෙන් පිළිගන්නවා. එක් ජෙප්පකුට අනුව නම් කළු කුහර කියන්නේ ශරීර අවයවයක කොටසකට. ජෙප්පන් විශිෂ්ට ගණයේ බුද්ධිමතුන්. නැත්නම් ජෙප්පන් වේවි යැයි. ඇතැම් හාමුදුරුවරුන් ජෙප්පන්ට බයයි. මා කලින් සඳහන් කළ විශිෂ්ට ගණයේ භෞතික විිද්‍යාඥයාට නම් ඉහත සඳහන් ප්‍රශ්න වැඩක් නැති වේවි. මා දන්නා තරමින් ඔහු සිංහල බෞද්ධ පවුලක උපත ලද්දෙක් නො වෙයි.  

 

අද තරම් භික්‍ෂූන් වහන්සේ විවේචනය කරන සමයක් තිබී නැතුව ඇති. විවේචකයන් කිසි දිනෙක කතෝලික/ක්‍රිස්තියානි පූජකයන් විවේචනය කරන්නේ නැහැ. මෙරට ළමා අපචාරක පූජකවරුන් ඉන්නවා. ඔවුන් ගැන අප ඉන්නේ නෑසු කණින්. මා කතා කරන්නේ නැහැ අර සමහර විට පාප් වහන්සේ වීමට සිටි ඉතාලියේ මූල්‍ය වංචාවකට හසු වූ කාදිනල්වරයා ගැන. අපේ රටේ නොවෙයි.

 

එක් පඬි නැට්ටකු කියා තිබුණා ලංකාවේ ජනගහනයෙන් පන්සීයකට එක් හාමුදුරූ නමක් සිටින බවත් එහෙත් බටහිර වෛද්‍යවරුන් ඇත්තේ ජනගහනයෙන් එක්දහස් හයසීයකට එක් අයකු බවත්. පඬි නැට්ටා අහන්නේ වැඩිය සේවයක් කරන්නේ හාමුදුරුවන් බටහිර වෛද්‍යවරයා කියා. මා දන්නවා පඬි නැට්ටන් හා ජෙප්පන් මගේ ගදවත් සැත්කම මතක් කරන බව. 

 

මේ සංඛ්‍යා ලේඛන කොතරම් දුරට නිවැරදි කියා මා දන්නේ නැහැ. මා හිතන්නේ නැහැ ජනගහනයෙන් පන්සීයකට එක් හාමුදුරුනමක් වැඩ වසනවා කියා. ඒත් පඬි නැට්ටා තම විශිෂ්ට බුද්ධියෙන් හාමුදුරුවරුන්ගේ සේවයත් බටහිර වෛද්‍යවරුන්ගේ සේවයත් සසඳන්න හදනවා. තමයි බුද්ධිය. අවුරුදු දහස් ගණනක් අප රැකුණේ හාමුදරුවරුන් නිසා. අපට ද්‍රවිඩ ආක්‍රමණවලට පමණක් නොව බටහිර ජාතීන් තුනක ආක්‍රමණවලටත් 1815 වන තෙක් සාර්ථක මුහුණ දෙන්න හැකි වූයේ හාමුදුරුවරුන් නිසා. 1815න් පසුවත් බ්‍රවුන්රිග්ලා බලාපොරොත්තු වූ පරිදි මෙරට හාමුදුරුවරුන් (ඔවුන්ට අනුව කහකඩයන්) පරාජය කරන්න බැරි වුණා.

 

එහෙත් අද බටහිර විද්‍යාවේ විශේෂයෙන් තාක්‍ෂණයේ මායාවෙන් මෙරට ඇතැම් හාමුදුරුවරුන් මුසපත් වෙලා. අද හාමුදුරුවරුන්ට බටහිරට මුහුණ දීමට ඇති ශක්තිය දුර්වල වීමට එය හේතුවක් වෙලා. අප මේ තත්වයෙන් ගොඩ එන්න ඕන.  භික්‍ෂූන් වහන්සේ කිහිප නමක හැරණු විට අනෙක් භික්‍ෂූන් වහන්සේ මා කියන දෙයක් සතපහකට ගණන් ගන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදී ගිහියන් මා ප්‍රතික්‍ෂෙප කරනවා. ඔවුන් අතර යෙච සංඝා අතීතාච අය ඉන්නවා. ඔවුන් බෙහෝ දෙනකු විජයගෙන් හා පිරිසගෙන් පැවත එන්නන්. සමහර විට ඔවුන් තවම සිංහල වෙලා නැතුව ඇති. කෙසේ වෙතත් ඔවුන්ට අනුව මා දේශද්‍රෝහියෙක්. අපට ඉන්දීය ගැත්තන් වී බටහිරට මුහුණ දෙන්න බැහැ. වගේ බටහිර විිද්‍යාවේ ගැත්තන් වී බටහිරට මුහුණ දෙන්න බැහැ.