History

Wednesday 20 December 2023

වෝක්කුවන්ගේ සිංහල බෞද්ධ රෙද්ද

 

වෝක්කුවන්ගේ සිංහල බෞද්ධ රෙද්ද

 

බටහිර රටවල විශේෂයෙන් විශ්වවිද්‍යාලවල  අද ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන විරෝධය පුස් වෙඩිල්ලක් පමණයි. මා ඊශ්‍රායලය රකිනවා නො වෙයි. එහෙත් එතරම් ප්‍රබල නොවන විරෝධය කළමනාකරණය කිරීමට බටහිරයන් දන්නවා. වත්මන් බටහිර ක්‍රමයට විකල්ප ක්‍රමයක් බටහිරින් මතුවෙලා නැහැ. නූතනත්වය නමින් හැඳින්වෙන වත්මන් ක්‍රමයෙහි ඇත්තේ ප්‍රධාන වශයෙන් කළමනාකරණයක්.

 

දැනට කලකට පෙර පශ්චාත්නූතනත්වය නමින් විලාසිතාවක් යුරෝපා මහාද්වීපයේ පැන නැගුණා. එය  ඈංග්ලිකන් ක්‍රිස්තියානි රටවල ව්‍යාප්ත වුණේ නැහැ. එක්තරා ආකාරයකට ගතහොත් එය ඇංග්ලිකන් ක්‍රිස්තියානියට විරුද්ධ ගැසූ ප්‍රංශ කැරැල්ලක්. ජර්මනියේත් යම් සහභාගීත්වයක් තිබුණා. මෙරට සිටින අනුකාරකයන් පිරිසක් එය වැළඳ ගත්තා. එහෙත් ඔවුන් අද සී සී කඩ . ඔවුනුත් විලාසිතාකරුවන් පමණයි.

 

පශ්චාත්නූතනත්වය නමින් නව සමජ ක්‍රමයක් නැහැ. ඇත්තේ නුතනත්වය පමණයි. පශ්චාත්නූතනත්වයේ ඊනියා මහා ආඛ්‍යාන නැහැ කියනවා. එහෙත් මහා ආඛ්‍යාන නැතැයි කීමට වඩා මහා ආඛ්‍යානයක් තවත් නැහැ. ප්‍රංශයටවත් ජර්මනියටවත් ප්‍රංශ යටත්විජිතයක් වූ ඇල්ජීරියාටවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානියට විරුද්ධ ඇඟිල්ලක් හොලවන්න බැහැ. එක්තරා ආකාරයකින් ගතහොත් පශ්චාත්නූතනවාදය ඇංගිලිකන් ක්‍රිස්තියානියට විරුද්ධ ගැසූ කතෝලික කැරැල්ලක් පමණයි.

 

කතෝලික ආධිපත්‍යය අද ලොවීන් තුරන් වී ගොස්. එහි නායකත්වය දැරුවේ පාප්තුමා ප්‍රමුඛ පූජකයන්. ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ ප්‍රධාන ලක්‍ෂණය එහි නායකත්වය ගිහියන් අතට පත්වීමයි. අටවැනි හෙන්රි එහි මූලිකත්වය ගත්තා. අදත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල නායකයන් ගිහියන්. අද එංගලන්ත ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ නායකයා තුන්වැනි චාල්ස්. ඇමරිකාවේ නයකයා බයිඩ්න්. ප්‍රංශයටවත් ජර්මනියටවත් ඉතාලියටවත් නැවත බටහිර නායකත්වයට පත්වෙන්න බැහැ.

 

අද ඇති ඊශ්‍රායල විරෝධය මූලික වශයෙන් කතෝලික විරෝධයක්. ඇමරිකාව විරෝධය කළමනාකරණය කරන බව පේනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානියට ඊශ්‍රායලය සමග කිව යුතු තරමේ විරෝධයක් නැහැ. කිසිවකුටවත් මේ ගැටුම් ඊනියා මාක්ස්වාදී පංති විග්‍රහයක් මත පදනම් තේරුම් ගන්න බැහැ. කෙසේ වෙතත් ඇමරිකාවේ ඊශ්‍රායල විරෝධය ඊනියා වෝක් වැඩක් පමණයි. නැහැ ජෝක් වැඩක් නො වෙයි.

 

මේ තරමක් දීර්ඝ පූර්විකාව මෙරට වෝක් ගැන කියන්නයි. වෝක් යන්නට මා අචධානග්‍රාහීයන වචනය තනා ගත්තා. මා හිතනවා එය අවශ්‍ය නැහැ කියා. අපි අවධානග්‍රාහීයාට  ඉංගිරිසි වචනය අනුව වෝක්කුවා කියමු. වෝකිසම් යන්නට වෝක්කුවාදය කියා කියමු. නැහැ බෝක්කුවාදය නො වෙයි. බෝක්කුවාත් නො වෙයි.

 

පශ්චාත්නූතනවාදයත් එක් අතකින් වෝක්කුවාදයක්. එය නූතනත්වය ගැන විශ්ලේෂණයක් කළත් එහි නූතනත්වයට විකල්පයක් නැහැ. පශ්චාත්නූතනත්වය යන්න හුදු නමක් ලේබලයක් පමණයි. අදත් ඇත්තේ නූතනත්වයමයි. නුතනත්වයේ චින්තනයේ වෙනසක් වෙලා නැහැ. අර පැරණි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයමයි. කතෝලික චින්තනය යටපත් වී සියවස් ගණනාවක් වෙනවා. මා දන්නවා මෙරට ඊනියා පශ්චාත්නූතනවාදය සමග සම්බන්ධකම් පැවැත් වූ අය කියාවි මට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ කියා. ඔවුන්ට තමන්ගේ වූ අදහස් නැහැ.  බටහිර දාර්ශනිකයකුගේ කතාවක් කීම හැර ඔවුන්ට විකල්ප නැහැ.

 

බටහිර විද්‍යාවේ ක්වොන්ටම් භෞතිකයත් නැවත පැරණි කතාවට ගොනු කර ගෙන තියෙනවා. කතෝලික චින්තනයේ බිහි වූ මාක්ස්වාදය වැළලූ තැන්වල මහා ගස් හැදිලා. මෙරට වෝක්කුවන්ට කළ හැකි දෙයක් නැහැ. ඔවුන්ට කොහොමටවත් විකල්පයක්  නැහැ. ඔවුන්ට ඇත්තේ විරෝධයක් පමණයි. තම ප්‍රංශ බටහිර ස්වාමිවරුන්ට විකල්පයක් නැති විට මෙරට වෝක්කුවන්ට මොන විකල්පයක් ? ඔවුන්ගේ විරෝධය සිංහල බෞද්ධ විරෝධයක්. පාතාලය රජ කරන්නේ ගිය සතියේ සිට පමණක් නොවුවත් අද මෙරට පිටරට සිටින සියලුම ආකාරයේ වෝක්කුවාදීන්ට දේශබන්ධු තෙන්නකෝන් ප්‍රශ්නයක් වෙලා. මෙතෙක් වෝක්කුවන් පාතාලයට විරුද්ධ කළ ඉටි ගෙඩියක් නැහැ.

 

වෝක්කුවාදී කලාකරුවන්ට කළ හැක්කේ වේදිකාවේ විරෝධය දැක්වීම පමණයි. ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණය භීෂණයක් වුණේ කාට ? උදයසිරි භීෂණය නිසා තම තැන රැක ගැනීමට මා භිෂණයක් ලෙස පෙන්නනවා. ජෙපි භීෂණයක් ඊනියා කලාකරුවන්ට නැති වුවත් ජෙපි විරෝධීන්ට තියෙනවා.   

 

වෝක්කුවන්ට විකල්පයක් නැති බව පෙන්නුම් කෙළේ පරගලයේ දී. පරගලය ඔවුන්ගේ වැඩක් නොවූවත් එය ඇංග්ලිකන් බටහිරයන්ගේ මෙහෙයීමක් වුවත් (ඔවුන් එදා පරගලය කළා නම් අද රනිල් එළවන්න කිසිවක් නෙකරන්නේ රනිල් දේවදුතයෙක් නිසා ?) ඔවුන් කියා සිටියේ පළමු ගෝඨාභය හා මහින්ද ඉවත් කළ යුතු බවයි. ඔවුන්ට විකල්පයක් තිබුණේ නැහැ. විකල්පයක් තිබුණේ බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට. විකල්පය රනිල්. මෙරට වෝක්කුවන් කිවුවේ පළමුව රෙද්ද ගලෙවිය යුතු බවයි. විකල්ප රෙද්දක් ඔවුන්ට තිබුණේ නැහැ. විකල්පය තිබුණේ බිරිතානින්ට.

 

සංකේතාත්මක මෙරට වෝක්කුවන්ට අවශ්‍ය ඔවුන් කියන විධියට දෙදහස් පන්සිය වසරක සිංහල බෞද්ධ රෙද්ද ගැලවීම. ඔවුන්ට විකල්ප රෙද්දක් නැහැ. එහෙත් ඇංග්ලිකන් බටහිරයන්ට විකල්ප රෙද්දක් තියෙනවා.