History

Sunday 30 April 2017

මහින්ද මෛත්‍රී සමගියක්


මහින්ද මෛත්‍රී සමගියක්



අනාගත මැතිවරණ දෙස පමණක් බලාගෙන දේශපාලනය කරන්න බැහැ. මැතිවරණ ලබා ගැනීම වුව ද දේශපාලන සටනක්. කම්කරුවන්ගේ නොවන කම්කරු දිනයේ දී හෙවත් දේශපාලන පක්‍ෂ තම බලය උරගා බලන දිනයේ දී මේ පිළිබඳ ව සිතා බලන එක වැදගත්. කම්කරුවන්ට මැයි දිනය අහිමි වූවා සේම බෞද්ධයනට වෙසක් දිනය අහිමි වීමට යනවා. මෙවර පවත්වන්නේ බෞද්ධයන්ගේ වෙසක් දිනයක් නොව එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයක්. එය ඊනියා සර්වාගමික කටයුත්තක් වීමට ඉඩ තිබෙනවා. කොහොමටත් එහි ප්‍රධාන අමුත්තන් හින්දූන්. ඒකට ජෙනීවාහි හුසේන්වත් ගෙන්වා ගන්ත තිබුණා. ථෙරවාදී රටකින් නායකයකු ගෙන්වා ගන්න බැරි ඇයි? එක්සත් ජාතීන්ගේ නත්තල් උත්සවයක්, තෛපොංගල් උත්සවයක්, රාමලාන් උත්සවයක් එහෙම තියෙනවා ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිල ද?

Saturday 29 April 2017

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම


ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම



පෘතුගීසීන් එළවා දැමීමට, පරාජය කිරීමට සීතාවක රාජසිංහ රජුට හැකි කම තිබුණා. එකල පෘතුගීසීන්ගේ තුවක්කු  බලාගෙන හොඳ ම තුවක්කු හැදීමට සමතුන් සිංහලයන් අතර සිටියා. සිංහලයන් ශිල්පයෙහි අති දක්‍ෂයන්. යුද්ධයත් ශිල්පයක්. එහෙත් රාජසිංහ රජු තම සිංහල ප්‍රතිවාදීන්ට තැනක් දුන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කළා. කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා ගියේ රාජසිංහ රජු ඔහුගේ පියා ඝාතනය කළ බැවින්. හාමුදුරුවන් ද රජුට විරුද්ධ වුණා. ඒ සියල්ලන් එකතු වී පෘතුගීසීන්ට පහර දුන්නේ නම් අපට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ. රාජසිංහ රජු අරිට්ටකි වෙන්ඩු නම් තක්කඩියකුට හසු වුණා.

Friday 28 April 2017

ජී එස් පී හා ටී එන් ඒ


ජී එස් පී හා ටී එන් ඒ



යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට ජී එස් පී + දෙන්න තීරණය කරලා. ආණ්ඩුව තොරතෝංචියක් නැතිව කියාවි ඒ ලැබුණේ කිසිම කොන්දේසියක් නැතිව බව. කිසිම කොන්දේසියක් නැතිව ජී එස් පී ලබා දීමට මේ ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා සංගමයට තිබිය යුතුයි. ඒ විශ්වාසය ලැබෙන්නේ කොහෙන් ද? රවි කරුණානායක ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති නිසා ද? නැත්නම් මංගල සමරවීරගේ දක්‍ෂ රාජ්‍ය තාන්ත්‍රික භාවය නිසා ද? රනිල් කෘතහස්ත දේශපාලනඥයකු නිසා ද? මෛත්‍රිපාලට එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් නැතිව අතට අත දුන් නිසා ද?

Thursday 27 April 2017

රනිල් - ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල  


රනිල් - ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල



සරත් ෆොන්සේකාට දීමට යන තනතුර ගැන නිශ්චිත තීරණයක් නැති බව පේනවා. ඒත් ආණ්ඩුව දරුණු මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි. සරත් ෆොන්සේකා ඇමතිවරයකු ලෙස සිටිය දී තවත් ඇමති ධුරයක් ඔහූට පැවරීමට යනවා ද? ඒ ඇමති ධුරය උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ධුරය ද? ඒ යටතට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ කොටස් ගෙනෙනවා ද? නැත්නම් සරත් ෆොන්සේකා දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් වී උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ලෙස පත් කෙරෙනවා ද? එසේත් නැත්නම් ඇමති ධුරයක් නැතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ ම අණ දෙන නිලධාරියා ලෙස පත් කෙරෙනවා ද? ඒසේත් නැත්නම් හමුදාවේ හා පොලීසියේ කොටසක් සරත් ෆොන්සේකාගේ අණට යටත් කරනවා ද?

Wednesday 26 April 2017

සයිටම් සාකච්ඡාව


සයිටම් සාකච්ඡාව



ජනමාධ්‍ය කිහිපයක සහභාගීත්වයෙන් ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවීම ගැන කණගාටුවෙනවා. මට ඒ සඳහා ආරාධනය ලැබුණේ ඉරිදා. එහි දී පළමුව කියැවුණේ සාකච්ඡාව විසිපස්වැනි දා පැවැත්වෙන බව. ආරාධනය ලැබුණු විගස මා එය පිිළිගත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඇති දුර්මත රාශියක් ඛණ්ඩනය කිරීමට ඉන් අවස්ථාව ලැබෙන බව මා දත් බැවින්. එහෙත් සාකච්ඡාව පැවැත්වෙන්නේ අඟහරුවාදා බව කී විට මට වෙනත් නාළිකාවක පටිගත කිරීමකට සහභාගි වීමට ඇති බව මතක් වුණා. එවිට මා ඒ බව පවසා අදාළ නාළිකාවට කතා කර හැකිනම් පටිගත කිරීම් දිනය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීමට එකඟ වුණා. එහෙත් අවාසනාවකට අදාළ වැඩ සටහන් නිෂ්පාදක පැවසුවේ දිනය වෙනස් කිරීමට නොහැකි බව. සඳුදා ද තවත් වැඩ සටහනක් පටිගත කිරීමට තිබුණු බැවින් දිනය වෙනස් කිරීමට නොහැකි බව ඔහු පැවසුවා. එබැවින් මා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි බව ආරාධනය ලත් දින ම දැන්වූවා.

මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීම  


මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීම



ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාලට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. ඔහු ශ්‍රී ල නි ප හැර දමා ඊනියා පොදු අපේක්‍ෂකයා නමින් ජනාධිපතිවරණයේ දී එ ජා ප අපේක්‍ෂයා වීම ඉතාමත් පිළිකුල් සගතයි. ඔහුට ලැබුණේ ඊනියා පොදු ඡන්දයක් නොව එ ජා ප දෙමළ හා මුස්ලිම් ඡන්ද. ශ්‍රී ල නි ප ඡන්ද ලැබුණේ නැහැ. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීම ගැන තවත් වරදකරුවන් ඉන්නවා. ඒ ඉන්දිය ඔත්තු සේවය රෝ පමණක් නො වෙයි. මෛත්‍රිපාල දක්‍ෂයකු නො වෙයි. එහෙත් ඔහුට පසුගිය ආණ්ඩුවේ අගමැතිකම නොලැබුණේ හුදෙක් ඔහුගේ අදක්‍ෂතාව නිසා නො වෙයි.  ඔහුට ඇතැම් රාජපක්‍ෂලා අතින් කෙණහිළිකම් සිදු වුණා. මහින්දගේ හා ගෝඨාභයගේ නම් ඒ අතර නැහැ. මෛත්‍රිපාල ද්‍රෝහි වී එ ජා ප අපේක්‍ෂකයා වීම අනුමත කරන්න බැරි වුවත් ඔහු එතැනට තල්ලු කළ අයත් එයට වග කිව කියන්න ඕන.



එහෙත් ඒ අය ගැන අද කතා වෙන්නෙ නැහැ. ඒ වෙනුවට අද නැවතත් ඔවුන් විපක්‍ෂය මෙහෙයවනවා. අද ඒකාබද්ධ විපක්‍ෂයේ බල සිඳලා. දිනේෂ් එහි නායකයා වුවත් ඔහුට නායකකමක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය හුදු පාර්ලිමේන්තු කණ්ඩායමක් පමණයි. කතානායක එය පිළිගන්නේ නැහැ. ඔහුට ඒ සඳහා හේතුවක් තියෙනවා. එය සදාචාර නොවන්න පුළුවන්. එහෙත් ඔහු වැඩ කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තරග කෙළේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් බව පිළිගනිමින්. ඔහුගේ තීරණය සංගත වන්නේ නැහැ. ඒ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂ සම්බන්ධයෙන්. ශ්‍රි ල නි පක්‍ෂයත් ඉහත කී පක්‍ෂත් සංධානයේ සාමාජික පක්‍ෂ.



එසේ වුවත් ශ්‍රී ල නි පක්‍ෂය ඇතැම් විට පාර්ලිමේන්තුවේ ස්වාධීන ව කටයුතු කරනවා. එහෙත් ඉහත සඳහන් අනෙක් පක්‍ෂවලට ඒ නිදහස නැහැ. ජාතික නිදහස් පෙරමුණ ගැන ඒ බවක් කියන්න බැහැ. ජා නි පෙ සංධානයේ සාමාජික පක්‍ෂයක් නො වෙයි. ජා නි පෙරමුණේ අය මැතිවරණයේ දී සංධානයෙන් තරග කර ඇත්තේ පෞද්ගලික ව. ඒ කොහොම වුණත් අද තත්වයට වග කිව යුත්තේ මැතිවරණයේ දී සංධානයෙන් වෙන් වී වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අය. අද ඒකාබද්ධ විපක්‍ෂය් ඉන්න අය එදා වෙන ම තරග කළා නම් සමහර විට ආණ්ඩු බලය ගන්නත් තිබුණා. එදා මෛත්‍රිපාල පක්‍ෂ හා සංධාන ලේකම්වරුන් මාරු කරමින් කළ නොමග යැවීම නිසා විශාල ඡන්ද ප්‍රමාණයක් සංධානයට අහිමි වුණා. ඒ ඔවුන් ඡන්දය දීමට නොගිය නිසා. මෛත්‍රිපාල කර ඇති පාවා දීම් කෙළවරක් නැහැ. එහෙත් ඒ අවස්ථාවේ වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අයත් එවැනි ම වූ පාවා දීමක් කළා. පාවා දීම් දෙපැත්තකින් සිදු වුණා.



එදා පක්‍ෂයක් බිහි කිරීමට විරුද්ධ වූ අය අද වෙනත් පක්‍ෂයක් නිර්මාණය කරලා. මෙවර මැයි දිනය පැවත්වන්නේත් ඒ පක්‍ෂයෙන්. එය අනුමත කරන්න බැහැ. මැයි රැළිය පැවැත්විය යුතුව තිබුණේ එක්කෝ ඒකාබද්ධ විපක්‍ෂයෙන් නැත්නම් එයට සහාය දෙන වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන්. මෙයින් කියන්නේ ජනතාව අවහිරයට පත් කරමින් වර්ජන කරන වෘත්තීය සමිතිවලින් රටට වැඩක් වන බව නො වෙයි. මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම වෙනුවට නව පක්‍ෂය කරන්නේ 2019/2020 මැතිවරණවලට සූදානම් වීම. එය වැරදි දේශපාලනයක්. 2019/20 වන විටත් මේ ආණ්ඩුව පැවතුණොත් රට බෙදෙන තැනකට තල්ලු වී නැවත රට ගොඩ නැගීමට බැරි තැනකට යාවි.



අද කළ යුත්තේ මැතිවරණවලට සූදානම් වීම නොව හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා හැරීමයි. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් ආණ්ඩුව පළවා හරින්නට වේවි. මැතිවරණ කොමිසමත් කෝලමක් බවට පත් වෙලා. ඉස්සර පොලිස් කෝලමක් තිබුණා. දැන් එවැනි නාට්‍ය නිර්මාණය කරන්න ගියොත් කෙළවරක් නැති වේවි. පොහොට්ටුව වටේ එක් රොක්වන පළාත් පාලන මන්ත්‍රීධුරාපේක්‍ෂයන්ටත් මැතිවරණ කෝලම තේරෙන්න ඕන. ඔවුන් තමන්ට නොව රටට සේවයක් කරන්නේ නම් පළමුව ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ යුතුයි. 



ආණ්ඩුව පෙරළීම කියන්නෙ රනිල් ඉවත් කිරීම. මෛත්‍රිපාලට අද තමන්ට ඕන විධියට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ රනිල් මිස වෙනත් කිසිවකු නො වෙයි. රනිල්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්නයක් නො වෙයි. ඔහු කල්පනා කරන්නෙ බටහිරයන් වෙනුවෙන් තම බලය රැක ගැනීමට රට වුණත් විකුණන්න. ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙන රනිල් හම්බන්තොට චීනයට දෙනවා. මෛත්‍රිපාලට තනිව ම මේව නවත්වන්න බැහැ. චීනය හා ඉන්දියාව යන බලවතුන් දෙදෙනා ඉදිරියේ රනිල්ට රටට හිතවත්  ප්‍රතිපත්තියක් නැහැ. ඔහු දන්නේ තුලනය කිරීමට (බැලන්ස්) රට විකිණීමට. කොහොමත් වෙළදාමේදී තුලාවක් (තරාදියක්) අවශ්‍ය වෙනවා.



රනිල් ඉතා සියුම් ව තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. තෙල් ටැංකි දීම පිළිබඳ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති මැදිහත් වුණෙ වැරදි ආකාරයකට. ඔවුන් රනිල්ගෙ වෘත්තීය සමිති ද? ඔවුන් ජනතාවට හිරිහැර කරමින් කළ වර්ජනයෙන් රනිල්ගෙ දෑත් ශක්තිමත් වුණා. අද රනිල් ඉන්දියාවට යන්නෙ තෙල් ටැංකි ගැන ඉන්දියාවට සහතිකයකුත් අරගෙන. මෙතන ප්‍රශ්නය තෙල් ටැංකි බදු දීමට හෝ පැවරීමට හෝ වඩා ඉන්දියාව ත්‍රිකුණාමලයට ඇතුල් වීම. සුසිල් ප්‍රේමජයන්ත කියපු දේ වෘත්තීය සමිති ගණන් ගත්තෙ නැද්ද?  ඉන්දියාවට චීන මුහුදු සේද මාර්ගයට මුහුණ දීමට ත්‍රිකුණාමලය අවශ්‍ය වෙනවා. ඉන්දියාවට පුළුවන් තම තෙල් ටැංකි ආරක්‍ෂා කර ගැනීමට කියා අවශ්‍ය විටෙක හමුදා එවීමටත්. රනිල්ගෙ දේශපාලනය නිසා උතුරු හා නැගෙනහිර පළාත් ඉන්දියාවේ නිල නොවන ප්‍රාන්තයක් බවට පත් වෙනවා. ඉන්දියාව මන්නාරමේ සිට ත්‍රිකුණාමලය මුහුද ද ගොඩබිම ද අර හනුමා පාළම ද පාලනය කරාවි. චීනය දකුණ පාලනය කරාවි. අපට අයත් වන්නේ මැද ටිකක් පමණ ද? එයත් ජපානයට හා කොරියාවට දුන්නොත් ලංකාව නියම ආසියාතික රටක් වේවි.



මෛත්‍රිපාල මොන තරම් වැරදි කළත් අද රනිල් ඉවත් කරන්න පුළුවන් ඔහුට පමණයි. ඔය වෘත්තීය සමිතිවලට ඉදිරි දැක්මක් නැහැ. ඔවුන් කරන්නෙත් වෙන ම දේශපාලනයක්. ඔවුන්ටත් දේශපාලන බලාපොරොත්තු තියෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීිමට මෛත්‍රිපාලට බලය තිබෙනවා. අප මෛත්‍රිපාලට කෙතරම් අකමැති වුවත් රනිල් ඉවත් කිරීමට ඔහු යොමු කළ යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 






නලින් ද සිල්වා



2017 අප්‍රේල් 25                  


Monday 24 April 2017

බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ  


බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ



ඇතැමුන්ට අනුව බුදුදහමෙහි දැනුම ලබා ගැනීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සංජානනය. අනෙක අනුමානය. මේ දෙකම බටහිරයන් දුටු බුදුදහමක් සිංහලට පරිවර්තනය කිරීමේ දී යොදා ගත්  වචන. ඉංගිරිසියෙන් මේවා පර්සෙප්ෂන් හා ඉන්ෆරන්ස්. සංජානන කියන්නේ බාහිර වස්තුවලින් අපේ පංචෙන්ද්‍රියවලට ලැබෙන ඊනියා වාස්තවික ගුණ නිසා හටගන්නා දේ. මේ සංජානන සංකල්පවලින් තොරව හටගන්නා බවයි බටහිර දැනුමේ කියැවෙන්නේ. බර්ට්‍රන්ඩ් රසල් මේ සංජානන සංකල්පවලින් තොරව පවතින බව විශ්වාස කළා. ඔහු නිල් බව යන්න එවැනි වාස්තවික ගුණයක් ලෙස හැඳින්වුවා.

Sunday 23 April 2017

රනිල්ගේ ඉන්දියා ගමන  


රනිල්ගේ ඉන්දියා ගමන



රනිල් තකහනියක් ඉන්දියාවට යන්නෙ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට කියා කිසිවකු හිතනවා නම් එය දේශපාලනය ගැන වැටහීමක් නැති කමෙන් කෙරෙන්නක්. අපට විදුලිය ලබා දීම ගැන කතා කරන ඉන්දියාව රටෙන් කොපමණ ප්‍රමාණයකට විදුලිය දී තිබේ ද? මෝදී ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීමට තව සති දෙකකින් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ තවත් ව්‍යාජයක්. ජාත්‍යන්තර වෙසක් දිනය (පූර්නිමා) ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් නො වෙයි. සිංහල බෞද්ධයන් රැවටීමට හැමෝම කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ද රැවටෙන්නට දත කට මැදගෙන බලා සිටිනවා. සිංහල අවුරුද්දට රට පනින රනිල්ට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන ඇති කැක්කුම කුමක් ද? රනිල්ට වෙසක් වැදගත් ද? රනිල්ට මෝදි ලවා වෙසක් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගත හැකි ද? 

Saturday 22 April 2017

මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


අවුරුදු විසිපහකට පමණ පෙර 1992 මැයි මස 29 වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද රැස්වීමක ඉහත සඳහන් මාතෘකාවෙන් දේශනයක් කළා. එය පොත් පිංචක් ලෙස ඒ සංගමයෙන් මුද්‍රණය කෙරුණා. 1990 මැයි 29 වැනි දින ඒ මහතාගේ ජන්ම ශත සංවත්සරයේ දී මා විශේෂ දේශනයක් කළා. මට මතක හැටියට ඒ දේශනය කෙළේ නව රඟහලේ දී. එහි දී මා කීවේ කුමක් දැයි මතක නැහැ. එහෙත් මොරටුවේ දී මා කී දේ අර පොත් පිංචෙන් කියවා ගත්තා.

මා ඔහුට එහි විශාල ගෞරවයක් කර තිබෙනවා. ඒ අතර ඔහු ගැන විවේචනයක් ද කර තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවෙන් (අන්තර්ඥානයෙන්) දැන ගත්තා. ඔහු අපේ සංස්කෘතිය භාරතයෙන් ස්වාධීන බව පෙන්වීමට උත්සාහයක් ගත්තා. අප එය අගය කළ යුතුයි. එහෙත් ඔහු බටහිර දැනුමේ අනුගාමිකයකු වුණා. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බටහිර සංස්කෘතිකාංග ඇති බව පෙන්වීමට ඔහු කටයුතු කළා. අප එය කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ.

Friday 21 April 2017

කුණු වෙන කුණු ප්‍රශ්නය


කුණු වෙන කුණු ප්‍රශ්නය



ලෝකයේ ලොකුම නගරය කොළඹ ද කියලා දැන් අහන්න වෙනවා. චම්පක රණවක ඔහුට සුපුරුදු විධියට මීතොටමුල්ලේ කුණු කන්දේ වට ප්‍රමාණය, උස ආදිය ගැන දශමයට ජනතාව දැනුවත් කළා. ඔහු සංඛ්‍යානයෙහි විශේෂඥයකු නොවූවත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න දක්‍ෂයෙක්. ජාතික හෙළ උරුමයෙන් හාමුදූරුවරුන් කී දෙනකු අස්වුණා ද කියලා ඇහුවොත් ඔහු උපසම්පදා භික්‍ෂූන් වහන්සේ මෙපමණ ය සාමණේර භික්‍ෂූන් වහන්සේ මෙපමණ ය ආදී වශයෙන් ගණන් හිලවු කියාවි. ඒකට රතන හාමුදුරුවන් ඇතුළත් කරනව ද නැද්ද කියන එක නම් ප්‍රශ්නයක් වේවි. චම්පක කියන අන්දමේ ලොකු කුණු කන්දක් ලන්ඩනයේවත් නිව්යෝක්හිවත්, තෝකියෝවෙවත්, සිංගප්පූරුවෙවත් නැතිව ඇති. මෙරට ජනයාත්,  දේශපාලනඥයනුත්,  උගතුනුත්, නිලධාරීනුත් හැම තිස්සෙ ම කතා කරන්නෙ බටහිර වගේ දියුණු වෙන්න. අප සිංගප්පූරුවක් වෙන්නෙ කවද ද කියලා ඒ අය ඇඟිලි ගණන් කරමින් ඉන්නෙ. ඒ දියුණුව ගැන හොයලා බලන්න මෙරට සාමාන්‍ය ජනයා හැර ඉතිරි අය නිතර ඒ රටවලට යනව එනවා. ඔවුන් යන්නෙ ගුවනින් වෙන්න ඕන. මේ කාලෙ කවුරුන්වත් නැවෙන් යනව වෙන්න බැහැ. ඒ හින්ද ද කොහෙද ඊයෙ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් කියවුණා ගුවන් ගමන් බලපත්‍රය ඉලෙක්ට්‍රොනික ව ලබාගන්න ක්‍රමයක් හදන්න යනවා කියලා. එ බලපත්‍රය ලැබුණට පස්සෙ නිකමටවත් නැවකින් යන්න ලැබෙන එකක් නැහැ. ගුවනින් ම යන්න වෙයි. අපේ දියුණුව ඒ තරමට ඉක්මන්.

Thursday 20 April 2017

ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද?


ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද?



විදග්ධයන්ට අනුව පුනබ්භවය, සාමාන්‍ය මිනිසුන්ට අනුව පුනරුත්පත්තිය විද්‍යානුකූල ද විද්‍යාත්මක ද විද්‍යාවට එකඟ ද ආදී ප්‍රශ්න අසන පඬියන්ගෙන් අප ද ප්‍රශ්නයක් අසනවා. ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද, ධර්මයට එකඟ ද? දැන් මේ ප්‍රශ්නය ඇසූ විගස පඬියන්ට හිනා යන්න පුළුවන්. බොහෝ පඬියන් සාමාන්‍ය පෙළෙන් ඔබ්බට විද්‍යාව හදාරා නැති වුවත් ඔවුන් අසාවි ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද වැනි ප්‍රශ්නයක් අසන්නේ ඔළුවේ අමාරුවකින් ද කියා. එසේත් නැත්නම් අප වාඩි වී සිටින්නේ මොළයේ ද කියා. පුනරුත්පත්තිය විද්‍යානුකූල ද කියා අසන්නේ මොළය කොහේ තියෙන නිසා ද?

Wednesday 19 April 2017

සම්බන්ධන් ඉන්දියාව හා මහින්ද


සම්බන්ධන් ඉන්දියාව හා මහින්ද



සම්බන්ධන් හා යුද්ධාපරාධ ගැන අප මේ ලිපිවල මාර්තු මාසයේ තිස්එක්වැනි දා සඳහන් කළා. දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කිහිප වරක් ම සඳහන් කර තිබුණා. රංජිත් සොයිසා මෙල්බන් නුවර සිට ඒ පිළිබඳ දි අයිලන්ඩ් පුවත්පතට ලියා තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන නිහඬයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ප්‍රකාශය එතරම් ගණන් ගන්නේ නැත් ද? මේ පොඩි දේකට සම්බන්ධන් පසු පස යන්නේ ඇයි ද කියා ඔවුන් හිතනවා ද?

Tuesday 18 April 2017

ආණ්ඩුව පළවා හැරීම  




ආණ්ඩුව පළවා හැරීම



මේ ආණ්ඩුව පළවා හැරිය හැක්කේ කෙසේ ද? ඒ සඳහා තව කොපමණ කාලයක් බලා සිටිය යුතු ද? මේ ආණ්ඩුව යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න අසන්නේ පළමු වතාවට නොවන බව මේ ලිපි සිහි බුද්ධියෙන් කියවන අය දන්නවා. එහෙත් ප්‍රශ්නයට අද ඊයේ අත ගැසූ අයට නම් ඒ කිසිවක් ගැන දැනුමක් නැහැ. ඇතැමුනට  ආණ්ඩුව පළවා හැරීමේ වුවමනාව මතු වී ඇත්තේ දැන්. බොහෝ විට වන පරිදි ඔවුන් පසුව අවදි වී ප්‍රශ්නය අතට ගන්නවා. අතට ගෙන අවුල් කරනවා. සයිටම් ප්‍රශ්නයත් එසේමයි. රාජිත හා කිරිඇල්ල නොසිටින්නට ප්‍රශ්නය මෙතරම් අවුල් වන්නේ නැහැ.

ගැහැණු මනස  


ගැහැණු මනස



බටහිර විද්‍යාවට අනුව ඊයෙ පෙරේදා කියලා තිබුණා පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් තියෙනවා කියලා. හැබැයි ඒ වන තුරු බටහිර විද්‍යාඥයන් එක හඬින් කියා සිටියෙ පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් නැහැ කියලා. ඒ අර ඊනියා සමානත්වතාවෙන් මතුවෙච්ච අදහසක්. දැන් බටහිර විද්‍යාඥයන් මේ අලුත් නිගමනයට ඇවිත් තියෙන්නෙ මොළ දහස් ගණනක් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව කියලයි කියන්නෙ. මේ නිරීක්‍ෂණය පිරිමි විද්‍යාඥයන්ගෙ ද කියල අහන්න එපා. කොහොමටත් බටහිර විද්‍යාවෙ හැටි ඔහොම තමයි. අද කියපු දේ හෙට නැහැයි කියනවා. එසේ වීමට හේතුත් කියනවා!

Sunday 16 April 2017

කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ  


කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ



මීතොටමුල්ල කුණු කන්දට යට වී ජනතාව මිය යෑම ගැන කණගාටුයි. ඒත් ඒ කණගාටුවෙන් ඒ ජනතාවට වැඩක් නැහැ. ඒ ජීවිත ලබා දෙන්න කිසිවකුට බැහැ. ඒ ජීවිත හානියට වග කිව යුත්තේ කවු ද?  දේශපාලනඥයන්, නිලධාරීන් ආදීන් මෙන් ම ජනතාවත් එයට වග කිව යුතුයි. අප සියලු දෙනාම වග කිව යුතුයි. මේ තමයි ඊනියා දියුණුව. ශිල්ප දන්නා අයට වැදගත්කමක් නොදී ශාස්ත්‍ර නොදැන ශාස්ත්‍ර ගැන පුරසාරම් දොඩන අය මෙයට වග කිව යුතුයි.


මේ ලෝකයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව නො වෙයි. මෑතක දී ඊනියා තුන්වැනි ලෝකයේ තවත් රටක කුණු කන්දකට යට වී ජනතාව මිය ගියා. දැන් ඔවුන්ට එය අමතක වී ඇති. අපටත් මීතොටමුල්ල ටික දිනකින් අමතක වේවි. ඉස්සර අපේ රටවල කුණු කඳු තිබුණේ නැහැ. අදට වඩා ජනගහණය වැඩි කාල මෙරට තිබී තියෙනවා. ඒ කාලෙ කුණු තිබුණෙ නැද්ද? සුද්දන්ගෙ කාලෙත් අනුරාධපුරේට එකතු වුණු මහා සෙනග තමන් ආපසු ගම් රටවල් බලා යන්න ඉස්සර හිටපු තැන් සුද්ද පවිත්තර කරල ගියයි කියලා සුදු නිලධාරීන්ගෙ වාර්තාවල ම සඳහන් වෙනවා. අපට ඉතා මැතක් වන තුරුම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු පිළිවෙළක් තිබුණා. දැන් ඒ පිළිවෙළ නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ. අපට බටහිරයන්ගේ පිළිවෙළත් නැහැ.


අපේ වත්මන් දියුණුවේ ආකෘතිය බටහිරයන්ගෙන් ලැබුණු එකක්. ඒ අප මත පටවනු ලැබූ එකක්. අපට පිළිවෙළකට රථවාහන පදවන්න බැහැ. අප බටහිරයන්ගේ පිළිවෙළ අරගෙන නැහැ. අප වේගයෙන් දියුණු වෙන්න හදනවා. ඒ කියන්නෙ වේගයෙන් බටහිර දියුණුවේ ආකෘතිය පසු පස යනවා. බටහිරයන් අද ඉන්නා තත්වයට පත් වුණෙ අවුරුදු තුන් හාරසීයක් ගිහිල්ලා. බටහිර රටවල කුණු ප්‍රශ්නය නැහැ. අප ඔවුන්ගේ විසඳුම ගන්නෙ නැත්තෙ ඇයි? ගන්න බැරි නිසා ද? ඒ සඳහා මුදල් නැද්ද? අප අනුකාරකයන් නොවේ යැයි ඊනියා ශාස්ත්‍රවන්තයන් සිතන නිසා ද?


බටහිරයන්ගෙ විසඳුම් ගණනාවක් තිබෙනවා. කුණු වර්ග කරලා ඔවුන් විශේෂ ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය දා ලංකාවෙත් කුණු වර්ග කරන්න පියවර ගත්තා. කවුරු හරි බටහිර රටවලින් ඉගෙන ගත්ත දෙයක් මෙහෙ කරන්න ලැහැස්ති වෙන්න ඇති. ඒත් ඔය බටහිර දිහා බලාගෙන පාරෙ කහ ඉරි සුදු ඉරි කරනවා වගේ අනෙක් දේවල් කිරීම ලෙහෙසි නැහැ. අපට ගැලපෙන ක්‍රමයක් සකස් කරන්න ශිල්පත් බැරි ශාස්ත්‍රත් බැරි ඊනියා ශාස්ත්‍රවන්තයන්ට බැහැ. අලුත් අවුරුදු නැකැත් සියල්ල බටහිර දෙස බලා අනුගමනය කරන ආකාරයට සකස් කර ගත්ත නම් හොඳ ද කියලත් හිතෙනවා. කොහොමටත් මේ අවුරුද්ද නම් හොඳ වෙන පාටක් නැහැ.

කුණු කන්ද මීතොටමුල්ලෙන් ගෙන යනවට ඒ ප්‍රදේශයෙ අය පක්‍ෂ වේවි. කොළඹ කුණු මීතොටමුල්ලෙ දාන්නෙ නැතිව වෙනත් තැනක දානවට ඒ අදාළ ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වේවි. මීතොටමුල්ලෙ කුණු කන්ද වෙනත් තැනකට ගෙනියලා ප්‍රශ්නෙ විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ වෙනත් ප්‍රශ්න හැදෙන එක. කොහොමත් කුණු කඳු ගහන එක අර ඩෙංගු මදුරුවාට සුභ ද? හිස් ඉඩමක කුණු ටිකක් දැක්කම ඩෙංගු මදුරුවන් එනවයි කියලා ඩෙංගු නිලධාරීන් ඉඩම් අයිතිකාරයට නඩු පවරන්න හදනවා. නිලධාරීන්ට කුණු දාන මිනිසුන් අල්ලගන්න බැහැ. ඩෙංගු මදුරුවන්ට මීතොටමුල්ල පෙනුනෙ නැද්ද? ඩෙංගු නිලධාරීන්ට කුණු දාන අය පේන්නෙ නැද්ද? මීතොටමුල්ලට කොළඹ කුණු දාන්නෙ හොරෙන් ද?  කොළඹ මහ නගර සභාව මේ ගැන මොකුත් දන්නෙ නැද්ද? ඩෙංගු මදුරුවා පිිරිසිදු ජලයට කැමති කියලයි ඒ දවස්වල කිවුවෙ. දැන් බටහිර විද්‍යාඥයන්ට අනුව ඩෙංගු මදුරුවන් අපිරිසිදු තැන් හොයනවා ද? පඬියකු කියන්න බැරි නැහැ ඩෙංගු නොවෙයි ඩෙංගි කියලා. එහෙම කිවුව ම ප්‍රශ්නෙ විසඳේවි!

කුණු ප්‍රශ්නයට බටහිර රටවල් දී ඇති විසඳුම් දෙන්න අපට සල්ලි නැද්ද? බටහිරයන්ගෙ දියුණුව ම දේශපාලනඥයන්ට, නිලධාරීන්ට හා ජනතාවට ඕන නම් බටහිරයන් ක්‍රමයෙන් මේ තත්වයට ආපු හැටි ඉගෙන  ටිකෙන් ටික ඊනියා දියුණුව කරා අපට ඔරොත්තු දෙන වේගයකින් යන්න ඕන. කොහොමටත් පිටරට සවාරියක් ගහල විසඳුම් හොයන ශිල්ප නොදන්නා ශාස්ත්‍රවන්තයන් ද නොවන අයට ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැහැ. බටහිර දියුණුව අත්පත් කර ගැනීමට යෑමේ විපාක අද මීතොටමුල්ලෙ ජනතාවට විඳින්න වෙලා. ඒ ඔවුන්ගෙ වරදකට නො වෙයි. කුණු ප්‍රශ්නයට විතරක් නොවෙයි ගංගා ඇළ දොළ ආදී වශයෙන් පරිසර දූෂණයට යොමු වුණු පරිසර ඝාතකයන් ද බිහි වී ඇත්තේ ළදරු බටහිර දියුණුවේ ආකෘතිය අනුගමනය කරන්න ගිහින්. ඔවුන් අඩුම තරමෙන් බටහිරයන් දැන් අනුගමනය කරන ක්‍රම දන්නෙ නැහැ. මා එයින් කියන්නෙ ඒ ක්‍රමවලින් අවසානයේ දී වැඩක් වෙනවයි කියන එක නො වෙයි. 


කුණු ප්‍රශ්නයට විසඳුම් මේ රටෙන් ම හොයා ගන්න පුළුවන්. ඊනියා ශාස්ත්‍රවන්තයන් ශිල්පීය හැකියාවන් ඇති තරුණයන්ට වැදගත්කමක් දෙනවා නම් ඒ තරුණයන් ප්‍රශ්නයට විසඳුම් දේවි. ඔවුන් බටහිර විද්‍යාවට අනුව වුවත් කුණු ශක්තිය බවට පත්කිරීමට ක්‍රමයක් කියලා දේවි. ඒත් ඔවුන්ගෙන් සහතික ඉල්ලන්න නම් සූදානම් වෙන්න එපා. මෙරට ප්‍රශ්න බොහොමයකට හේතුව දේශපාලනඥයන්ටත් වඩා සහතික ලත් උගතුන්.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.  

https://www1.kalaya.org  



නලින් ද සිල්වා

2017 අප්‍රේල් 16






Saturday 15 April 2017

අහස හා නැකැත්



අහස හා නැකැත් සබැඳිය මෙතැනින්



සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්


සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්



එක්සත් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ යම් ප්‍රදේශයකට මහා විශාල බෝම්බයක් අත් හැරලා. ඒක න්‍යෂ්ටික නොවන වඩාත් ම භයානක බෝම්බය ලෙස හැඳින්වෙනවා. බෝම්බවල මාතාව නමින් ද එය හඳුන්වනවා. මාතාව කියන එක අපේ සංස්කෘතියෙ නම් උපරිම කැප කිරීම, සෙනෙහස ආදී ගුණාංග සමග බැඳුනක්. අප ඒ සංකල්පය බෝම්බ සමග යොදා ගන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට ඒ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් මාතාව යන්න යොදා ගන්නේ වෙනත් අර්ථ සමග. සංස්කෘතික දෙකක වෙනස ඒ උදාහරණයෙනුත් පේන්න තියෙනවා.

Friday 14 April 2017

අවුරුද්ද ගැන තවදුරටත්  


අවුරුද්ද ගැන තවදුරටත්



සිංහල අවුරුද්ද සිංහල අපට ඇති අවුරුදු දෙකෙන් එකක්. අනෙක් අවුරුද්ද වෙසක්. මේ දෙක ම බුදුන් වහන්සේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. වෙසක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එය බුදුන් වහන්සේ හා සම්බන්ධ බව කුඩා දරුවකු වුවත් දන්නවා. සිංහලයන්ගේ වර්ෂත් මාස ක්‍රමයත් පටන් ගන්නෙ වෙසක් සමග. අප වෙසක් පොසොන් ඇසළ ආදී වශයෙන් මාස ගණන් කරනවා. ඒ චන්ද්‍ර මාස. සූර්ය වර්ෂයකට, එනම් සෘතු පදනම් වන වසරකට, චන්ද්‍ර මාස දොළහකට වඩා තිබෙනවා. එබැවින් ඇතැම් විට අපට අධි මාස ගැන කතා කරන්න වෙනවා.

Thursday 13 April 2017

අවුරුද්ද හා නැකැත් කෙළි  


අවුරුද්ද හා නැකැත් කෙළි



අද ද්‍රවිඩ දේශය යැයි හැඳින්වෙන ප්‍රාන්තවල අලුත් අවුරුද්ද එකම දිනයක ඇරඹෙන්නේ ද යන ප්‍රශ්නය සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්දක් ගැන කියන අයගෙන් ඇසුවහොත් ඔවුන් අමාරුවේ වැටෙනවා. එයට හේතුව ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටක හා තෙළඟනා ප්‍රාන්තවල එක් දිනයකත් තමිල් නාඩුවේ හා කේරළයේ තවත් දිනයකත් අලුත් අවුරුද්ද ඇරඹීම. ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල අලුත් අවුරුද්ද යුගාදි යනුවෙන් හැඳින්වෙයි. යුගාදි යන්නෙහි තේරුම යුගය (වසර) ඇරඹීම යන්න ය. එය යුග ආදි(මුල) වචනවලින් සකස් වී ඇත.  මේ යුගාදි අවුරුද්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි ද එදින ම හෝ ආසන්නයේ හෝ  පැවැත්වෙයි.

Wednesday 12 April 2017

රාජිතගෙ තාවකාලික විසඳුම හා පාදෙණිය  


රාජිතගෙ තාවකාලික විසඳුම හා පාදෙණිය



රාජිත සේනාරත්න කියලා තිබුණා යුද්ධය තාවකාලික විසඳුමක් පමණයි කියලා. ස්ථිර විසඳුම් ලෝකෙ තියෙනව ද කියලා රාජිතගෙන් අහන්න මට ඕන කමක් නැහැ. ඒත් මට දැනගන්න ඕන මේ යුද්ධය මොකක් ද තාවකාලික ව විසඳුපු ප්‍රශ්නය මොකක් ද කියලා. රාජිත දත් දොස්තර කෙනෙක්. මේ දිනවල ඔහු සයිටම් ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය එක්ක වචන හුවමාරුවක යෙදිලා ඉන්නෙ. ඒ සංගමයෙ නිලධාරින් අතර විදේශීය රටවල උපාධිධාරී වෛද්‍යවරුනුත් ඉන්නවා. ඔවුන් හා සංගමය කියාවි ඒ අයට ඒ විදේශීය විශ්වවිද්‍යාලවල විධිමත් පුහුණුවක් ලැබුණා කියලා. මා ඒ ගැන තර්ක කරන්නෙ නැහැ. සහතික සමග තර්ක කරන්න බැහැ.

Tuesday 11 April 2017

රනිල් බන්දුල හා අවුරුද්ද  


රනිල් බන්දුල හා අවුරුද්ද



සිංහල අවුරුද්ද එන කොට රනිල් රට පනිනවා. ගිය අවුරුද්දෙ කොහෙ ගියා ද කියන එක මතක නැහැ. මේ ගොල්ලන් පිටරට යන හැටියට ඒවා මතක තියාගන්න වෙන ම දත්ත බැංකුවක් තියා ගන්න වේවි. මේ පාර නම් රනිල් ගිහින් තියෙන්නෙ ජපානෙට. අවුරුදු නැකත අසුබ කියා දැන් විද්‍යාඥ බන්දුලත් කතා කරන එකේ රනිල් සකුරා මල් පිපී දැයි බලන්න යන්න ඇති. රනිල් දන්නෙ චෙරි බ්ලොසම්ස් මිසක් සකුරා මල් නො වෙයි.

Monday 10 April 2017

නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද  


නාගදීපයට වැඩම කිරීම හා අවුරුද්ද



අද බක් පුූර පසළොස්වක දිනය. බොහෝ පන්සල්වල බණට අද බුදුන් වහන්සේ ලක්දිවට දෙවැනි වරට වැඩම කළ දිනය ලෙස සඳහන් කරාවි. පුවත්පත්වල ද ඒ බව සඳහන් වේවි. රූපවාහිනි නාළිකාවල ප්‍රවෘත්ති ප්‍රචාරවල ද ඒ බව කියැවේවි. එහෙත් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කෙළේ බක් මස අමාවක දිනයේ බවයි මහාවංසයේ සඳහන් වෙන්නේ. මේ කරුණ අවුරුදු දහසයකට පෙර සිංහල අවුරුද්ද  කෘතියට මා ලියූ පෙරවදනෙහි සඳහන් කර ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් වූ බවක් පෙනෙන්නේ නැහැ. මේ ලිපියටත් එවැනි ම ඉරණමක් අත්වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි.

Sunday 9 April 2017

රොමිලා තාපර්ගේ ජාති


රොමිලා තාපර්ගේ ජාති



රොමිලා තාපර් කලට පෙර කියා තිබුණා ඉන්දියාවේ නැවතත් ආගම මත පදනම් වූ ජාතිකවාද ගොඩ නැගෙමින් පවතින බව. බටහිර සමාජයිය විද්‍යාඥයන්ට බටහිර ස්වාභාවික විද්‍යාඥයන්ට තරම් නිරවුල් ව කල්පනා කරන්න බැහැ. ලංකාව ඉන්දියාව වැනි රටවල සිටින බටහිර ස්වාභාවික විද්‍යාඥයන් යැයි කියන අයටත් එතරම් ම නිරවුල් ව කල්පනා කරන්න බැහැ. අප වැනි රටවල සිටින බටහිර සමාජයීය විද්‍යාඥයන් කියන අය ගැන කියනුම කවරේ ද? ඒ රටවල පිහිටි රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවලින් නිර්මාණය වී ඇති නව සංකල්ප කවරේ ද? මේ සංගම් බොහෝ විට මීතුරු කල්ලි. ඒවා පවුල් කල්ලි වන අවස්ථා ද නැතිවා නො වෙයි.

සිංහල අවුරුද්ද


මෙය ඉරිදා රිවිර පත්‍රයට යවන ලද ලිපියකි









සිංහල අවුරුද්ද



මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් ද පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් ම කිව යුත්තේ ඊනියා විද්‍යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව ය. පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්‍ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක්‍ෂ නැත. සෑම චලිතයක් ම සාපේක්‍ෂ වෙයි. ඉරේ සිට නිරීක්‍ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්‍ෂණය කළහොත් ග්‍රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්‍ෂණය වේ ද? පැරණි නාවිකයන් තාරකා නිරීක්‍ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ ද දනිති. ඔවුන් යාත්‍රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.

Friday 7 April 2017

New Year

This is an interview published in te Daily Mirror






By Kelum Bandara





With the pulse and smell of New Year or Aluth Avurdu is in the air, people get nostalgic about celebrations, observation of rituals and all. It is noteworthy yet to throw some light on the origin   of this festival and its uniqueness with the Sinhala Buddhist culture.  According to Prof. Nalin de silva   who did extensive research into the astronomical and astrological aspect of Avurudu,   it is very much linked with Nekath system followed by people here from time immemorial.

Thursday 6 April 2017

රනිල් අගමැතිකමින් ඉවත් කරමු  


රනිල් අගමැතිකමින් ඉවත් කරමු



දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. විප්ලව, හර්තාල්, වැඩ වර්ජන ආදිය බොරු කයිවාරු පමණයි. මෙරට විප්ලවයකින් පසු ඇති කෙරෙන්නේ අනුර කුමාරගේ ආණ්ඩුවක් ද?  නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ ආණ්ඩුවක් ද? එයට කලින් විජේවීරගේ මරණය ගැන යුද්ධාපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඒ පක්‍ෂවලට පුළුවන් ද?

Wednesday 5 April 2017

සිංහලයන් පාලනය කරන ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය


සිංහලයන් පාලනය කරන ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය



මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළේ ලන්දේසීන් බව අප පුන පුනා කියනවා. ඒ දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් කෝරමණ්ඩල වෙරළෙන් යාපනයට ගෙන ඒමෙන්. එය සිදුවූයේ එක්දහස් හයසිය පනහෙන්  පසු. යාපනයේ වෙල්ලාලයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සිය පනහකට වැඩි නැහැ. අනාදිමත් කාලයක සිට මෙරට දෙමළ ජනයා සිටියේ යැයි කියන විග්නේස්වරන්ගේ ඉතිහාසයත් අවුරුදු තුන්සිය පනහක් නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න ඉතිහාසඥයන් යැයි කියන ඉතිහාස අඥානයන්ට  යාපනයට ගොස් තෝම්බු පරීක්‍ෂා කර මේ බව දැනගත හැකියි. විග්නේස්වරන් විතරක් නොවෙයි ඔහුගේ ඥාතීන් වූ අරුණාශලම්, රාමනාදන් ආදීන්ගේ ඉතිහාසයත් එබඳුයි. එහෙත් සිංහලයන්ටත් කොපමණ කිවුවත් ඒ ගැන හැඟීමක් නැහැ. ඔවුන් සිතන්නේත් වෙල්ලාලයන්  සේන ගුත්තික එළාර කාලවල සිට මෙරට සිටින බවයි.

Tuesday 4 April 2017

සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය


සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය



දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒබ්‍රහම් සුමන්තිරන් ඊයේ ඩේලි මිරර් පුවත්පතට කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව බලය බෙදීමට එකඟ වී ඇති බවයි. මේ අමූලික අසත්‍යයක් බව දිනේෂ් ගුණවර්ධන නිකුත් කර ඇති පණිවුඩයකින් කියැවෙනවා. පසුව ඒබූහම් සුමන්තිරන් තම ප්‍රකාශය නවමින් කියා ඇත්තේ තමා ප්‍රකාශ කෙළේ ආණ්ඩු පක්‍ෂ නායකයන් ඒ ගැන ජනාධිපති සමග සාකච්ඡා කළ බවයි.

Monday 3 April 2017

සීමාන්තික ජාතිකවාදය  


සීමාන්තික ජාතිකවාදය



මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත වුණත්, ඒ් අන්ත අත් හැරීම තීරණය වන්නේ චතුස්කෝටික න්‍යායට අනුව. ඒත් පඬියන් ඉන්නේ ද්විකෝටිකයේ. එහි අන්ත අත්හරින්න බැහැ. හේතුව ද්විකෝටිකයේ අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වීමයි. එහි එක් අන්තයක් සත්‍යයි. අනෙක් අන්තය අසත්‍යයයි. ඒත් සත්‍යය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නැහැ.

Sunday 2 April 2017

මා සහ ජාතික චින්තන මතධාරීන්  


මා සහ ජාතික චින්තන මතධාරීන්



ජාතික චින්තන මතවාදයක සිටින්නේ යැයි කියන අය සහ මා අතර පරස්පර පැන නැගී තිබෙනවා. රටේ ඉතා විශාල පිරිසකට මා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සමහර විට මා වැදගත් කිසිම දෙයක් කියා නැතිවා වන්නටත් පුළුවන්. බොහෝ දෙනා අද වස විස නැති ආහාර ගැන කතා කරනවා. කෘෂි රසායනවලට විරුද්ධ වෙනවා. වස විස නැති ආහාර ගැන මෙරට කතාබහ කරන්න පටන්ගෙන බොහෝ කල්. එමෙන් ම මෙරට සාම්ප්‍රදායික පොහොර යෙදීම ගැනත් කලක සිට කතා වුණා. වකුගඩු රෝගය ගැනත් රජරට වාසය කරන ඇතැමුන් මෙන් ම බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුත් සොයා බලා තිබුණා. එහෙත් මේ එකකටවත් ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැහැ.

Saturday 1 April 2017

සිංහලයෝ හා ලාංකිකයෝ


සිංහලයෝ හා ලාංකිකයෝ





ලාංකිකයා යනු කවුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? අප ලාංකිකයකු හඳුනා ගන්නේ කෙසේ ද? පඬියකු අසන්නට පුළුවන් අප සිංහලයකු හඳුනා ගන්නේ කෙසේ ද කියා. සිංහල භාෂාව ලිවීමට නොහැකි සිංහලයන් සිටිනවා. වැඩි පිරිසක් නොවූවත් සිංහල භාෂාව කතා කිරීමට නොහැකි සිංහලයන් ද සිටිනවා. සිංහලයකු හඳුනා ගැනීමට ඇති නිර්ණායක කවරේ ද? සිංහලයකු වන්නේ උත්පත්තියෙන් ද? දෙමව්පියන්ගෙන් එක් අයකුවත් සිංහල නම් යමකු සිංහල වන්නේ ද? සිංහල දෙමව්පියන්ගේ දරුවන් අනිවාර්යයෙන් ම සිංහලයන් වන්නේ ද? දෙමවුපියන් සිංහල නොවීත් යමකුට සිංහල විය හැකි ද?සිංහලයන් අනිවාර්යයෙන් ම ලංකාවේ රටවැසියන් විය යුතු ද?