History

Sunday 30 September 2018

දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම


දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම



කොටි පැරදවිය හැකි ය හා පැරදවිය යුතු ය යන්න මා කීවේ අවුරුදු විසිපහකටත් එහා. ඒ ගැන බොහෝ දෙනා කතා නොකිරීම වෙන ම ප්‍රශ්නයක්. අද නම් බොහෝ දෙනා කියන්නේ තමන් එදත් කොටි පැරදවිය හැකි බව කී බවයි.  මා ඒ නිගමනයට පැමිණියේ සිංහලයන්ගේ ඉතිහාසයත් කොටින්ගේ ක්‍රියාකලාපයත් පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම් ද සැලකිල්ලට ගෙන. 1987 පරිප්පු අත්දැකීම මෙන් ම ඉන්දු ලංකා ගිවිසුම හා ඊනියා සාම සාධක හමුදාවේ නොහැකියාව ද අපට හේතු වුණා. ඊනියා සාම සාධක හමුදාවට මෙරට සාමයක් ඇති කිරීමට පවත්වාගෙන යැමට හැකි කමක් තිබුණේ නැහැ. අනෙක් අතට ප්‍රේමදාස යන්න කී විට ඊනියා සාම සාධක හමුදාවට යන්න වුණා. ඊනියා සාම සාධක හමුදාව ආවේ ඉන්දු ලංකා ගිිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම වැන්නක් නැතිව ඉන්දියාවට තම හමුදා ලංකාවට එවන්න බැහැ.

Saturday 29 September 2018

ක්‍රිස්තියානි රටක සිංහල බෞද්ධයෝ


ක්‍රිස්තියානි රටක සිංහල බෞද්ධයෝ



අපි අදත් ත්‍රිත්ව කතාව හා කුමන්ත්‍රණ කතාව තවදුරටත් කරගෙන යමු. මා මේ ලිපි ලිව්වා කියලා ජාතික යැයි කියන ජනමාධ්‍යවලවත් මේ කිසිවකට වැදගත් කමක් දෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි දේශපාලනඥයන්වත් ප්‍රශ්නය හරියට කතා කරන්නෙ නැහැ. ප්‍රශ්නයක ඉතිහාසය, සමස්තය කතා කරන්න බොහෝ දෙනකු කැමති නැහැ. හැමෝ ම  කතා කරන්නෙ පූජිතගෙ රුපියල් මිලියන දොළහයි  නාමල් හා නාලක ගැනයි විතරයි. ත්‍රිත්ව විද්‍යාලෙ මිලියන දෙසීය ගැන කතා කරන්න බයයි. මා අහගෙන පෙරේදා එස් බී දිසානායකත් රොඩ් ගිල්බර්ට් ගැන කතා කරනවා. ඒ අර පූජිත සම්බන්ධ කොටස ගැන පමණයි. පූජිත සම්බන්ධ මිලියන දොළහ ගැන කතා කරන්න ඕන. ඒත් ඇයි ත්‍රිත්ව විදුහලේ මිලියන දෙසීය ගැන කතා කරන්නෙ නැත්තෙ. දැන් ඩෑන් ප්‍රියසාද් කියා කෙනකු ඇවිත්. ඔහු කවුද? මහාසෝන් බලකාය යනු කුමක් ද? එය නිර්මාණය කෙළේ කවුද? මේ ආණ්ඩුවේ ඇමති කෙනකු මෙයට සම්බන්ධ ද? ඥානසාර හාමුදුරුවන් යොදා ගෙන පසුව උන්වහන්සේ අතහැර දැමූ ඇමති කෙනෙකු ඉන්නවා ද?

Friday 28 September 2018

ත්‍රිත්ව විදුහලේ කොටි කතා


ත්‍රිත්ව විදුහලේ කොටි කතා



අප ඉන්දීය කතාව අද කියන්නෙ නැහැ. මේ කොටි කතාවට ඉඩ දෙන්න වෙනව. ඒකෙත් ඉන්දියාව නැතිවා නො වෙයි.  මේ දිනවල නාමල් කියන පොලිස් ඔත්තුකාරයකු යැයි කියැවෙන පුද්ගලයකුට හරි වැඩ. ඔහු දිනපතා මෙන් ප්‍රවෘත්ති සාකච්ඡා වොයිස් කට් දෙමින් විවිධ කුමන්ත්‍රණ තොරතුරු හෙළි කරනවා. ඒ කතාවල ප්‍රතිඵලයක් හැටියට මා දන්න විධියට අත්අඩංගුවට ගෙන තියෙන්නෙ කවුද ඉන්දීය ජාතිකයකු පමණයි.  ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය වහාම මැදිහත් වෙලා ඒ ඉන්දිය ජාතිකයා මානසික ආබාධයකින් පෙළෙන බව කිව්වා. නාමල්වත් නාලකවත් වෙනත් අයකුවත් තවම අත්අඩංගුවට ගත් බවට ආරංචියක් නැහැ. නාමල් හා නාලක එකට හිටි බවක් තමයි පේන්න තියෙන්නෙ. ඔවුන් වෙන් වුණෙ  මොකද කියන එක පැහැදිලි නැහැ.

Thursday 27 September 2018

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිළිතුරු තියෙන්නෙ.  ඉන්දියාව අවට තිබූ රටවලට මොකද වුණෙ කියා දැන ගන්න. මාල දිවයිනේ පහුගිය දවස්වල මොකද වුණේ කියා කල්පනා කරන්න. ඉන්දියාව මාලදිවයිනේ වගේ ම අපේ රටේත් ඡන්ද ප්‍රතිඵල මෙහෙයවනවා. අප දැන් දැන් මැතිවරණවලින් තෝරාගන්නේ ඉන්දියාවට අවශ්‍ය අය. අපට මෙයින් බේරෙන්නට ඇති හොඳ ම මග ලෙස මට තවමත් හිතෙන්නේ මහින්ද අගමැති කිරීමයි. ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ඒ සඳහා බලය තිබෙනවා. මෛත්‍රිපාල 2015 ජනවාරි 09 වැනි දා රනිල් අගමැති කෙළේ ඒ බලතල යොදා ගනිමින්. එදා කිසිවකු එයට පාර්ලිමේන්තුවේ දී හෝ පිටත දී හෝ විරුද්ධ වුණේ නැහැ.

Wednesday 26 September 2018

පිදුරංගල ගියේ කවුද


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

පිදුරංගල ගියේ කවුද



ඉන්දීය ප්‍රශ්නවලට පිළිතුරු පස්සෙ දෙන්නම්. ඒ කිසිවක් උභතෝකෝටික ප්‍රශ්න නො වෙයි. ඒ ප්‍රශ්නවලට මුල ඉන්දියාවට අප තම ග්‍රහණයට හසු කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එය 1947 පමණ සිට එන්නක්. මෙහි ඉන්දියාවයි අප කළමනාකරණය කරන්නේ. අපේ සමහරුන් හිතනවා අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. ඉන්දියාව යනුවෙන් අද හැඳින්වෙන රටෙහි ඇතැම් පෙදෙස් කළමනාකරණය කළ රජවරු ඈත අතීතයේ සිටියා. ඒත් ඒ ඉන්දියාව නො වෙයි. ඉන්දියාව කියා රටක් සුද්දන් ඒමට පෙර තිබුණේ නැහැ. අප ඉන්දිය කළමනාකරණයෙන් අවුරුදු දහයකට පමණ පෙර අනූනමයෙන් බේරුණේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබුණ නිසා. අද එහෙම දේශපාලනකරණීය නොවූ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැහැ. භයානකකම ඇත්තේ එතැනයි.

Tuesday 25 September 2018

ඉන්දීය ප්‍රශ්න


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ඉන්දීය ප්‍රශ්න



අපට එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් එකිනෙකට සම්බන්ධයි. එක එක ප්‍රශ්නෙට එක් එක්  පිළිතුරු (බොහෝ විට පරස්පර සහිත) දෙන එක ඇතැමුන්ගේ සිරිත වෙන්න පුළුවන්. ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ඒ ඒ තැන්වල ඉන්න ඕන නැහැ. බෞද්ධ ක්‍රමයට අනුව සාපේක්‍ෂ දැනුම (ඊනියා වාස්තවික නිරපේක්‍ෂ දැනුමක් නැහැ) ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන්. ඒ දැනුම නිවනට සම්බන්ධ දැනුම. එහෙත් වෙනත් දැනුම් අනුමානයෙන් ද ලබාගන්න වෙනවා. සෑම දෙයක් ම ප්‍රත්‍යක්‍ෂයෙන් පමණක් ලබාගන්න බැහැ. සිදුහත් කුමාරොත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ආදිය ද අප ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් දැනුම් නො වෙයි. මෙහි අනුමානයෙන් යන්න යෙදෙන්නේ ඉංගිරිසියෙන් inference කියන එකට. ඉංගිරිසි වචනයෙහි තේරුම නිගමනය යන්නට වඩා කිට්ටුයි.

Monday 24 September 2018

මහින්දගේ පොරොන්දුව



අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.


මහින්දගේ පොරොන්දුව



ඊයේ ලිපියෙන් ලලිත් වීරතුංග ට්‍රොයිකාව ගැන කළ විස්තරයක් සඳහන් කළා. ඒ ලිපියෙන් පසු දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතේ 2018 ජූනි මස 11 පමණ ලිපියක් ලියා තිබුණා ලලිත්ගේ ලිපියේ සඳහන් නොවූ කරුණු කිහිපයක් කියන්න. දයාන්ගේ ඒ ලිපියෙහි දහතුන්වැනි සංශෝධනය ගැන ද කෙටි විස්තරයක් තිබුණා. ස්මාට් ජාතිකවාදීන් දයාන් එතැන සිටියේ දැයි අහන එකක් නැහැ. ඒ සමාට් ජාතිකවාදීන්ගේ ස්මාට්කම. මේ දයාන්ගේ ලිපියෙන්. “The Troika was brilliantly managing the relationship with Delhi, but they were representing and operating on the pragmatic policy decided on by President Rajapaksa, namely the promise to his Indian counterpart, to proceed with the implementation of the 13th amendment. The Troika’s managerial excellence was building on the policy equation and axis with Delhi decided upon by President Mahinda Rajapaksa 

Sunday 23 September 2018

ස්වාමිගේ හෙළිදරවුව


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ස්වාමිගේ හෙළිදරවුව



ආචාර්ය ස්වාමි තම බ්ලොග් අඩවියෙ පණිවුඩයක් නිකුත් කරලා කියලා දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි ඊයේ ප්‍රචාරය වුණා. ස්වාමි දැන් ලංකාවෙ ම දේශපාලනඥයෙක් වෙලා වගේ. නරක ද ඉන්දියාවට ගිහිල්ල ඔහුගෙන් වොයිස් කට් එකක් ගත්තනන්. ස්වාමි හොඳ කතාවක් කියලා තියෙන්නෙ. ඔහුගේ පණිවුඩයෙ තියෙන්නෙ හමුදා මෙහෙයුම්වල අවසන් කාලෙ දි ඉන්දීය ආණ්ඩුව (එවකට කොංග්‍රස්)  ප්‍රභාකරන් බේරගන්න නැවක් එවන්න ඉඳලා. එහෙත් නැව එවන්න බැරි වෙලා. ඒ පණිවුඩය ප්‍රභාකරන්ට යැවීමේ දී ප්‍රශ්නයක් ඇති වෙලා. කොහොම හරි ප්‍රභාකරන් නැව නැති බව නොදැන යන්න එනකොට හමුදා ව වෙඩි තියලා.

Saturday 22 September 2018

එස් බී හා ඉන්දියාව


මේ ලිපි මුහුණු පොතේ පළ කිරීමට කිසිවකුටවත් කිසිම අවසරයක් නැති බව සලකන්න.

එස් බී හා ඉන්දියාව



අද ඇතැමුන් සිතා සිටින්නේ මහින්ද නොවරදින සුළු පුද්ගලයකු කියායි. ඔහුගේ දේශපාලන නායකත්වයෙන් කොටි පැරද වූ බව සැබෑ ය. එහෙත් ඔහු එතැනට ඉබේ ආවා නො වේ. 2005 දී ඔහු ජනාධිපති පදවියට පත්වන විටත් ඔහු කොටි සමග සාකච්ඡා කළ යුතුය යන ස්ථාවරයේ පිහිටියා. ඔහුට විසඳීම සඳහා දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් තිබුණා. ඒ විසඳීම සඳහා ඔහු කොටින් සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටියා. කොටි පැරදවීම සඳහා හමුදා මෙහෙයුමක් කළ යුතු ය යන තැනට ඔහු පත් වූයේ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන්. මෙය යම් කිසිවකුට වෙනත් ආකාරයකින් විවරණය කරන්න පුළුවන්. කොටි පැරදවීම සඳහා හමුදා ශක්තිමත් වන තුරු හමුදා මෙහෙයුමක් නොකළ යුතු ය යන ස්ථාවරයේ මහින්ද සිටියේ යැයි කෙනකුට කියන්න පුළුවන්. සිද්ධියකින් පසුව ඒ සිද්ධියට විවිධ අර්ථකථන දීම සුලබයි. එහෙත් සිද්ධියෙන් පෙර මහින්ද හමුදා මෙහෙයුමක් කිරීමට කල්පනා කරගෙන සිටියේ නැහැ. මහින්ද 2005ට පෙර සිටියේ කුසල් පෙරේරා වැනි සිංහල විරෝධීන් සමග.

Friday 21 September 2018

ප්‍රශ්න හා විසඳුම්


ප්‍රශ්න හා විසඳුම්



දින කිහිපයකට පෙර එක් පඬියකු තමා මා හා ඊ ඩබ්ලිව් අදිකාරම් මහතා අතර කෙරුණු (ගුවන් විදුලි) සාකච්ඡා අසා ඇති බව කීවා. ඒ බවක්  කියා ඔහු හිතන විධියට මගේ වෙන වරදක් ඇති බව කියන්න හැදුවා. මා කිසි දිනෙක අදිකාරම් මහතා සමග එවැනි සාකච්ඡා පවත්වා නැතිවා පමණක් නොවේ. එතුමන් සමග වචනයක්වත් කතා කර නැහැ. ඒ පඬියා ඊයේ මට කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති ලිපියේ ප්‍රශ්න නැතිව කළ යුත්තේ කුමක් ද කියා කිව යුතු බව කියනවා. මෙවැනි පුද්ගලයන් කිහිප දෙනකු මුහුණු පොතේ ඉන්නවා. ඒ මට ඔළුව අතගා ටොකු අනින අය. ඇතැමුන්ට අනුව මා නොවන්නට (මගේ ගතිගුණ) ජාතික ව්‍යාපාරය මෙයට වඩා ඉදිරියට යන්න තිබුණා. ගුණදාස අමරසේකර හා මා ජාතික ව්‍යාපාරයට යමක් කළ බව කියමිනුයි ඔවුන් එසේ කියන්නේ. මගේ ගතිගුණ (එක් අයකුට අනුව මනුස්සකමක් නැති වීම) නිසා ජාතික ව්‍යාපාරය ඉදිරියට නොගියා ය කියා කීම ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වන අමරසේකරට කරන නිග්‍රහයක්. ඔවුන්ට අනුව අමරසේකරට ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. අවුරුදු 16/17 කාලයේ රත්නපුරේ පාසලක ක්‍රීඩා කටයුතු ගැන උනන්දුව දැක්වූවකු එකල සිට මා සමග වාද කර බවත් චින්තන පරෂදයේ අය ඒ වාද ගැන දන්නා බවත් කියනවා. රත්නපුරේ අය නම් ඒ බවක් දන්නේ නැහැ.

Thursday 20 September 2018

කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති






කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති

               

මෙරට ආණ්ඩු කරන්නේ කවුද? ඒකාධිපති රටක වුවත් ඒකාධිපතියා වටා ඔහුට සමීප යම් පිරිසක් ඉන්නවා. එය පාලක කල්ලියක් වනවා. සමහර රටවල ඔත්තු සේවා බලවත්. ඒ සේවාවල ප්‍රධානීන් රටේ බලය හසුරවනවා එකල සෝවියට් දේශයේ බෙරියා  හොඳ උදාහරණයක්.  පුටින් කලකට පෙර රුසියාවෙ ඔත්තු සේවා ප්‍රධානියෙක්. ට්‍රම්ප් හා ඔත්තු සේවය අතර අද ප්‍රශ්න තිබෙන්නේත් මේ බල ගැටුම් නිසා.

Wednesday 19 September 2018

ඝරසර්ප 3 (කළු කුමාරයා)


ඝරසර්ප 3

(කළුකුමාරයා)



තරුණිය සුවපත් කරනු ලැබුයේ පියතුමා විසින් ද නැත්නම් වෙනත් කිසිවකු  විසින් ද? පියතුමා නම් කියන්නේ ඇය තරුණයාගේ ආදරය විසින් සුව කරනු ලැබූ බවයි. එහෙත් පල්ලියට රැස් වූ ජනයා සිතන්නේ කෙසේ ද? පූජාවන් පැවැත් වූයේ පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට පේන්න පල්ලියේ පූජාවන් හැර තොවිල් පවිල් සිදු වූයේ නැහැ. පියතුමා කුමක් කීවත් පල්ලියේ රැස්වූවනට පියතුමා තමයි තරුණිය සුවපත් කෙළේ.

Tuesday 18 September 2018

ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම)


ඝරසර්ප 2

(යක්‍ෂයා පළවා හැරීම)



බටහිර මනෝ චිකිත්සාවේ "ආවේෂ" හා කතෝලික චින්තනයේ ආවේෂ යනු එකක් නොව දෙකක්. ඒ එකක් දෙවිධියකට හැඳින්වීමකුත් නො වෙයි. ඒ දෙක දැනුම් පද්ධති දෙකක වූ දැනුම්  දෙකක්. අප බොහෝ විට දැනුම් පද්ධති දෙකක ඇත්තේ වචනවල වෙනසක් පමණක් යැයි සිතනවා. වචන පරිවර්තනයෙන් ඒ එකක් ම ලෙස සැලකිය හැකිය කියා හිතනවා. චින්තනය හඳුන්වා දුන් මුල් කාලයෙ දී ම අප තේරුම් කළා සිංහල බෞද්ධ සංස්කෘතියේ අම්මා යනු බටහිර මදර යන්නෙහි  පරිවර්තනයක් ලෙස පෙනූන ද එ එසේ නොවන බව. සිංහල සංස්කෘතියේ අම්මලා තම දරුවන්ටත් මගෙ අම්මා කියා කියනවා.

Monday 17 September 2018

ඝරසර්ප


ඝරසර්ප



මේ ඝරසර්ප චිත්‍රපටිය ගැන ඊනියා විචාරයක්වත් ඊනියා කියවීමක්වත් නො වේ. 1930න් පමණ පසු ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයත් සමග බටහිර දැනුමේ යම් යම් වෙනස්කම් ඇති වුණා. ඊනියා කියැවීම (reading) යනු එසේ එකතු කරගත් දැනුමක්. ඒ සංකල්පය බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියට අයත් එකක්. මා මෙහි ලියන්නේ මට සාපේක්‍ෂ ව මා නිර්මාණය කරගත් ඝරසර්ප ගැනයි. මේ දැනුම් පද්ධති අතර වෙනසක්.

Sunday 16 September 2018

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම



මහින්දගේ ඉන්දීය ගමන ගැන මා ලියන ලිපි සම්බන්ධයෙන් උගතුන් කිහිප දෙනකුට ප්‍රශ්න මතුවෙලා. ඔවුන් අතර ඊනියා උගතුන් ද ඉන්නවා. මා මහින්දගේ දේශපාලන ජීවිතය යුග හතරකට බෙදා දැන් පස්වැනි යුගයකට පා තබන්නට යන බවක් සඳහන් කළා. මහින්ද මේ දේශපාලන ජීවිතයේ එක් පැත්තකට සිට සෘජුව වර්ධනය වූ අයකු නො වෙයි. ඔහු ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් ගියේ බොහෝ දේශපාලනඥයන් මෙන්. එසේ වෙනස් වෙද්දී ඒ වෙනසට හේතුව කුමක් ද කියා පැහැදිලි කළේ නැහැ. සිදුහත් තවුසනුත් වෙනස් වුණා. එහෙත් ඒ එක් පැත්තකින් අනෙක් පැත්තටත් නැවත මේ පැත්තටත් ආදී වශයෙන් නො වේ. එය එක් අතකට සිදු වූ වෙනසක්. එතුමා වෙනස් වූයේ නිවන සඳහා. ආළාර කාළාම උද්දකාරාමපුත්ත ගැන එතුමා තම මතය පැහැදිලිව කිව්වා. එතුමා ඔවුන්ගෙන් වෙන් වී නැවත ඔවුන් කරා පැමිණියේ නැහැ.

Saturday 15 September 2018

ට්‍රොයිකාවෙ වගතුග


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

ට්‍රොයිකාවෙ වගතුග



මා දැන් දින ගණනක් තිස්සෙ බලාගෙන ඉන්නවා මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති ඝරසර්ප ගැන ලියන්න. මා හිතන විධියට ඝරසර්ප ඊනියා සංහිඳියාකරුවන්ට දෙන පිළිතුරක්. එහි කතෝලික සංස්කෘතිය හා සිංහල බෞද්ධ සංස්කෘතිය මිශ්‍ර වෙලා. එහි දැනුම් පද්ධති තුනක් ගැන කියැවෙනවා. මේ ගැන ඉක්මණින් ලියන්න ඕන. ඒත් සෘජු දේශපාලනය එයට අදත් හෙටත් ඉඩක් දෙන්නෙ නැහැ.

Friday 14 September 2018

එන පොට හොඳ නැහැ


එන පොට හොඳ නැහැ



මහින්ද ඉන්දියාවේ දී කරන කතා එතරම් ඇඟට හොඳ නැහැ. ඒ කියන්නේ රටට හොඳ නැහැ කියන එකයි. වරක් මහින්ද 13+ දෙන බව කිව්වා. ඔහු එතැනින් මේ පැත්තට ආවේ සිංහල බහුතර ජනමතය එයට දැඩිව විරුද්ධ ව සිටි නිසා. භාරතීය ජනතා පක්‍ෂයේ ආචාර්ය ස්වාමිගේ ආරාධනයෙන් මහින්ද ඉන්දියාවට ගිය නමුත් ඔහුගේ ඇරයුමෙන් සම්මන්ත්‍රණයක කතාවක් පැවැත් වු නමුත් මහින්දගේ ඉන්දීය සංචාරය එයට පමණක් සීමා වූයේ නැහැ. ඔහු විවිධ ජනමාධ්‍ය සමග මෙන් ම මෝදි සමග ද සාකච්ඡා කර තිබෙනවා. එක් සමාජයීය මාධ්‍යයක් කියන ආකාරයට නම් මා ජනමතය විකෘත කරන්න හදනවා. එහෙත් මේ මාධ්‍යයෙහි අනුග්‍රාහකයන් ජාතික මතවාදයකට විරුද්ධ ව සිටි කාලයේත් මා මගේ මතයේ හිටියේ.

Thursday 13 September 2018

මහින්ද හින්දු පත්තරේට කී දේ


මහින්ද හින්දු පත්තරේට කී දේ



සිංහලයන්ට, සිංහලත්වයට විරුද්ධ සිංහලයන්ට ද, වෙන් කිරීම, විශ්ලේෂණය, තර්කනය, න්‍යායාත්මක ව සිතීම ආදිය තරමක් අපහසුයි. සමහරවිට එයට හේතුවක් වන්නේ කාලාම සූත්‍රය අනුව තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් නොපිළිගැනීමට කියා දෙන නිසා වෙන්න පුළුවන්. අප විභජ්ජවාදයක් ගැන කතා කළ ද ථෙරවාදය යනු විභජ්ජවාදය නොවෙයි. තර්කය පමණක් පිළිගැනීම අපේ සංස්කෘතියේ නැහැ. තර්කයක් පටන් ගන්නේ යම් ප්‍රස්තුතයකිනි ඒ ප්‍රස්තුතය තර්කානුකූල ව පෙන්වන්නේ කෙසේ ද? රේඛීය චින්තනයක් යම් තැනකින් පටන් ගත යුතුයි. එය අනන්තය දක්වා දික් කරන්න බැහැ. අනන්තයේ ඇති ප්‍රස්තුතය කුමක් ද? අනෙක් අතට තර්කයට මූලික වන ස්වසිද්ධි මිනිසුන්ගේ නිර්මාණ වන අතර අනුමාන නීති උද්ගමනයෙන් ලබා ගන්නා දේ වෙනවා. ඒ කිසිවක් දේව භාෂිතයක්වත් ඊනියා වාස්තවික වූ දේවත් නොවෙයි. තුනෙන් ඉහළට සංඛ්‍යා නිර්මාණය කර නොගත් සංස්කෘතීන් ද තියෙනවා. ඒ අතර අප සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණන් ගැන කියනවා. තර්කයෙන් පමණක් න්‍යායෙන් පමණක් යමක් ඒත්තු ගැන්වීම අපේ සංස්කෘතියේ නැහැ. එහෙත් තර්කය, හේතුව, බුද්ධිය මත රැඳීම ආදිය පමණක් පිළිගන්නා අය සමග අප විවිධ අවස්ථාවල සඳහන් කරන කාරණාවල දී පමණක් අලුත් අදහසක් ඉදිරිපත් වුවොත් කටඋත්තර නැති වන තුරු තර්ක කිරීමට ද අපට පුළුවන්. එවැනි කරුණු දෙකක් ගැන පසුගිය තුන්වැනි දා පැවැත් වූ දේශනයේ කියා ඇති. අප සඳහන් කර ඇති කරුණුවල දී අලුත් අදහසක් ඉදිරිපත් වුවහොත් තර්ක කිරීම හා අලුත් අදහසක් ඉදිරිපත් නොවන්නන් සමග වුව ද අපට අවශ්‍ය තැන්වල එකට කටයුතු කිරීම යනූ එකක් නොව දෙකක් බව දැන ගැනීමට ඇතැම් පඬියන්ට නොහැකි වන්නේ ද ඔවුන් කෙතරම් සිංහල සංස්කෘතියට විරුද්ධ වුව ද ඔවුනුත් සිංහල සංස්කෘතියට අයත්වීම නිසයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී අනාගන්නවා කියන්නේ මෙවැනි පටලැවීම්වලට.

Wednesday 12 September 2018

ජෙනීවා හා නිව්යෝක්


ජෙනීවා හා නිව්යෝක්



ඊයේ ලිපියෙහි වරදක් වෙලා. එහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. "අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා."  

Tuesday 11 September 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 18 (ජෙනීවා වාරය)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 18

(ජෙනීවා වාරය) 



දැන් ජෙනීවා වාරෙ. අඹ වාරෙ, කජු වාරෙ වගේ ජෙනීවා වාරත් තියෙනවා. මේ කාලෙට අපේ සමහරු ජෙනීවා යනවා. ඒක හොඳයි. නැත්නම් දෙමළ ජාතිවාදීන් පාළු ගෙයි වළං බිඳිනවා. අප වෙනුවෙන් ජෙනීවා යන අය අපේ වීරයන් වෙනවා. ඒත් ඒ අයට තමනුත් ගිහින් වළං බිඳිනවා හැරෙන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් මෙහෙම කිව්ව ම ජාතිකවාදීන් බොහෝ දෙනකු මට විරුද්ධ වෙනවා. මා ජෙනීවා යන්නෙ නැතිව එහෙම නැත්නම් යන්න අවස්ථාවක් නොලැබිලා යන අයට ඊර්ෂ්‍යා කරනවා කියන්න පුළුවන්. කොහොමටත් මා සිරිජාතිකවාදියකු නොවැ.

Monday 10 September 2018

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල



කාලෙකට පස්සෙ ලංකාවෙ කණ්ඩායමක් ශූරතාව  දිනලා. ඒ දැල්පන්දු ක්‍රීඩාවෙන්. කණ්ඩායමේ හිටිය දෙමළ කතාකරන ක්‍රීඩිකාවක් ගැන බොහෝ දෙනා කතා කරනවා.  ඇයත් කණ්ඩායමත් ගැන අපට ආඩම්බරයක් තියෙනවා. එහෙත් ඒ ක්‍රීඩිකාවගේ නම කුමක් ද? එය සිංහලෙන් ලියැවෙන්නෙ තර්ජනී කියලා. එහෙම නමක් තියෙන්න පුළුවන් ද? ප්‍රංශ නම් හරියට උච්චාරණය කරන්න වෙහෙසෙන දෙමළ සිංහල භේදයක් ඇතිකිරීමට බටහිරයන්ගේ (ප්‍රංශ කාරයන්ගේ ද ඇතුලුව) ආධාරයෙන් හා අනුග්‍රහයෙන් කටයුතු කරන ඊනියා මානව හිතවාදීන් මේ නම උච්චාරණය කරන හැටි ප්‍රංශ කාරයකුගෙන්වත් අහගන්නෙ නැහැ. දෙමළ නම් ඉංගිරිසි අකුරෙන් ලියන්නෙ එක එක විධියට. අපට ඉස්සර ධර්මරත්නම් කියා ආචාර්යවරයෙක් හිටියා. ඔහුගේ නම ලිව්වෙ (Tharmaratnam) කියා. අරුල්ප්‍රගාසම් කියා පීඨාධිපතිවරයකුගෙ නම ලිව්වෙ (Arudpragasam) ලෙස. දෙමළ බසට ගරු කරනවා කියන පඬියන් ඒ බසට ප්‍රංශ බසට තරම් ගරු කරන්නෙ නැති බව පැහැදිලියි. දෙමළ න ල ෂ ශබ්ද කිහිපයක් තියෙනවා. ඒ ඉංගිරිසියෙන් (පඬි වීමට රෝම අකාරාදියෙන්)  ලියන ක්‍රම තියෙනවා. මා හිතන්නෙ මේ ක්‍රීඩිකාවගේ නම දර්ශනී කියලා. මා වැරදි වෙන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න.

Sunday 9 September 2018

ෆොන්සේකා හා ජෙනීවා



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.


ෆොන්සේකා හා ජෙනීවා



ඊයේ දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ ජෙනීවා හා ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන්. අනෙක් පුවත්පත්වල එය කෙසේ වාර්තා වී දැයි මට නිශ්චිතව කියන්න බැහැ. එහෙත් ෂමින්ද්‍රගේ වාර්තාව ඉතා වැදගත්.

Saturday 8 September 2018

වටරවුමේ පහන් කණු

මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න. 



වටරවුමේ පහන් කණු



අනූවේ දශකයේ මුල මට කැමති මගේ අදහස් අනුමත කළ එක් අයකුට මට අකමැති මගේ අදහස්වලට විරුද්ධ අය දහස් ගණනක් හිටියා. අද එය දසදහසට වැඩි වෙලා. මා ඊයේ දෙරණේ අර ජාත්‍යන්තර ප්‍රමිතියේ 6.55 ප්‍රවෘත්ති නැරඹුවා එහි ඇති දෙබස් සංවාදයත් එක්ක.  මට නම් ජාත්‍යන්තර ප්‍රමිති නැහැ. ඒ මොනවා වුණත් ඔය කියන ජාත්‍යන්තර ප්‍රමිති අද හැම තැන ම. මට ඔය ජාත්‍යන්තර ප්‍රමිතිවලට කිට්ටු කරන්නවත් බැරි බව මා තේරුම් ගත්තේ අවුරුදු පනහකට පමණ පෙර. ඒ මට විද්‍යාඥයකු වීමට බැරි බව තේරුම් ගත් දින.

Friday 7 September 2018

ජනබලය හා මාධ්‍යබලය



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.



ජනබලය හා මාධ්‍යබලය



උදේ ම චතුර අල්විස්ගෙ බයිලා අහගෙන ඉන්න කොට මට මා ගැන ම කළකිරීමක් ඇති වෙනවා. චතුර වොයිස්කට් දේශපාලනය ගැන පක්‍ෂ දේශපාලනයෙන් තුරන් වීම ගැන කියනවා. ඒ ඔවුන් වොයිස්කට් දේශපාලනයටත් පක්‍ෂ දේශපාලනයටත් අනුග්‍රහ දක්වන අතරෙ. චතුර මේ බයිලා කියන්නේ කා රවටන්න ද? පසුගිය සඳුදා අප වොයිස්කට් නොවන පක්‍ෂ දේශපාලන නොවන රැස්වීමක් පැවැත්වූවා. දෙරණ පසුදා දහවල් ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ඒ රැස්වීමේ දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුශාසනයට  වැදගත් තැනක දී තිබුණා. ජාතික රූපවාහිනිය ඉන් ඉතා සුළු කොටසක් ජනබලය ගැන විවිධ දේශකයන්ගේ මත යටතේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ගුවන්ගත කෙළේ රැස්වීම ගැන කිසිවක් නොකියා. එහෙත් එය දුටු ඇතැමුන් කීවේ ආණ්ඩුවේ රූපවාහිනිය රැස්වීමට ප්‍රචාරය දුන් බවයි.



දෙරණවත් වෙනත් කිසිම ජනමාධ්‍යක්වත් මගේ කතාවට අබමල් රේණුවක ප්‍රචාරයක් දුන්නේ නැහැ. මා කතා කරන්නේ වල්පල් කියා අදාළ බලධාරීන් තීරණය කරන්න ඇති. අප බලපොරොත්තු වන්නේ පක්‍ෂ දේශපාලනයෙන් පිට කටයුතු කිරීමටයි. මා 1980න් පසු කිිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වී නැහැ. එහෙත් මෙරට ජනයා පක්‍ෂ දේශපාලනයට පමණයි කැමති. චතුර මොන බයිලා කිව්වත් දෙරණේ ප්‍රධානීන් ද කැමති පක්‍ෂ හා වොයිස්කට් දේශපාලනයටයි. එහි ඉහළ ම ප්‍රධානීන් අතර මා කොළඹ විශ්වවිද්‍යාලයේ වල්පල් කියද්දී එහි සිසුන් වූ තුන්දෙනකු ඉන්නවා. ඔවුන් දන්නවා මා කියන්නේ වල්පල් කියා. අපේ රැස්වීමටත් පැමිණියේ තිස් දෙනකු පමණයි. අපට රට දැය සමය වැටී ඇති අනතුරෙන් මුදා ගැනීමට නොහැකි බව ජනතාවත් ජනමාධ්‍යත් දන්නවා වෙන්න පුළුවන්. අද හාමුදුරුවරුන් සමග ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට උතුරේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන නැරඹීමට අවසර නුදුන් බව චතුර වාර්තා කළා. තිස් දෙනකු සමග අපට කළ හැකි දෙයක් නැති බව කවුරුත් දන්නවා වෙන්න පුළුවන්.



ජනබලය කොළඹට කී දෙනකු පැමිණියාදැයි මා දන්නේ නැහැ. ඒ පිරිස මැයි දිනයකට එන පිරිසකට වඩා අඩු ද වැඩි ද කියන්නවත් මා දන්නේ නැහැ. ඔවුන් පිට්ටනියක සිටියා නම් යම් තක්සේරුවක් කරන්න තිබුණා. කෙසේ වෙතත් මේ පිරිසට උතුරේ පුරාවස්තු ගැන කළ හැක්කේ කුමක් ද? උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය රැක ගැනීමේ සටන් පාඨයක් ඒ පිරිසට තිබුණා ද? ජනබලයෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? කොළඹට පහන් වන්නේ මැදියම් රැය පසු වී විනාඩි එකට බව කීමට ද?



ජනබලය සංවිධානය කළ අය කොළඹ පිට්ටනි පහක් සඳහා අයදුම් කර තිබුණා. කොළඹ නගර සභාව අවසානය වන තෙක් කිසිවක් කීවේ නැහැ. එබැවින් සංවිධායකයන් දැන සිටියේ නැහැ කොහාට එන්න කියන්න ද කියා. අවසානයේ දී කොළඹ නගර සභාව කිසිම පිට්ටනියක් නොදෙන බව කිව්වා. එය අසාධාරණයි.  එයින් සංවිධායකයන් අසරණ වුණා. ඔවුන්ට ලේක්හවුස් වටරවුමට එන්න සිදු වුණා. 



ජනබලයේ විවිධ බලාපොරොත්තු තිබුණු බව පැහැදිලියි. මාර්කොස් පැන්නුවා මෙන් ආණ්ඩුව පන්නා දැමීමට සමහරුන්ට අවශ්‍ය වුණා. එහෙත් ආණ්ඩුව කුමක් දැයි ඔවුන් හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ රනිල්ගේ ආණ්ඩුව ද මෛත්‍රිපාලගේ ආණ්ඩුව ද? ආණ්ඩු දෙකම ද? එස් බී ඇතුළු පහළොස් දෙනාට නම් අවශ්‍ය වී තිබුණේ රනිල්ගේ ආණ්ඩුව පන්නා දැමීමට. එස් බී කියනවා ජනබලයට මෛත්‍රිපාලගේ ආශිර්වාදය තිබුණා කියා. තිබෙන්නත් ඇති. එහෙත් රනිල්ගේ ආණ්ඩුව පැන්නීම ගැන සැලසුමක් තිබුණු බවක් පේන්න නැහැ.



ආණ්ඩු දෙක ම පන්නා දැමීමට සමහරුන්ට අවශ්‍ය වන්න ඇති. එහෙත් එය කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද? අගමැති ඉවත් කිරීම නම් ජනාධිපතිට කරන්න පුළුවන්. අගමැතිට දෝෂාභියෝගයක් සංවිධානය කර ජනාධිපති ඉවත් කරන්න පුළුවන්. දෙදෙනාම ඉවත් කරන්නේ කෙසේ ද? ඒ ජනතාවට දුන් බොරු බලාපොරොත්තුවක් පමණයි. ජනතාව වටරවුමේ යන අතර ඔවුන් රැගෙන ආ බස්රථවල රියැදුරන්ට ආපසු යන්න වුවමනා වුණා. ටිකෙන් ටික මිනිසුන් ගම් රටවල් බලා යන්නට වුණා. ඩලස් මහින්දානන්ද නාමල් රාජපක්‍ෂ කොළඹට ඉක්මණින් පහන් කෙරෙව්වා. මැදියම් රෑ පසු වී විනාඩියට ලේක්හවුසිය අසලට පහන් වුණා. 



එස් බීට කෙසේ වෙතත් වෙනත් අයට වෙනත් බලාපොරොත්තු තිබුණා. මේ ජනබලයට ටික දිනකට කලින් මහින්දට තුන්වැනි වරටත් තරඟ කළ හැකිය යන මතයක් ජී එල් ඔහුගේ මස්සිනා නිහාල් ජයවික්‍රම හා සරත් සිල්වා කියන්න වුණා. සරත් සිල්වා ගැන එස් බීගෙන් අහන්න ඕන. කොහොමටත් ගෝඨභයට කැපීමක් මේ සමග සිද්ධවුණා. ගෝඨාභයත් පෙළපාලියේ ගියා. එහෙත් ඒ නාමල්ගේ නායකත්වයෙන්. කවුරු හරි කියන්න පුළුවන් මහින්දගේ නායකත්වයෙන් කියා. හිත සනසා ගැනීමට එහෙම කිවුවට කමක් නැහැ.  අද ජනබලයේ ප්‍රතිඵලයක් ලෙස නාමල් උඩට ඇවිත්. ගෝඨාභය පහළට ගිහින්. ගෝඨාභය වටා හිටි අය වැඩි කල් යන්න පෙර නාමල් වටා ඉඳීවි. ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම තවමත් තිබෙනවා ය කියා හිතනවා.



දැන් රනිල් තවත් ශක්තිමත් වෙලා. ඔහු 2030ක් ගැන කියනවා. අකිලත් ඒ ගැන කියවනවා. ඒ සැලසුම් එහෙම ම ද කියා අප දන්නේ නැහැ. නාමල් හා අකිල (රනිල්) ඒ වන විට එකතු වන්නත් පුළුවන්. ඒ අතර ජ වි පෙ විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. ඒ ඊළඟ මැතිවරණයේ රනිල් අගමැති කර මෛත්‍රිපාලට වෙනුවට ඔහුට බලතල ලබා දීමටයි. විස්ස සම්මත වුවහොත් මැතිවරණය කල් දාගන්නත් පුළුවන්. ඉන්දියාව මහින්දට භාරත රත්න දෙන්නේ අහවල් දේකට ද? විස්සේ බොරු සංශෝධනයකින් පසු එයට තුනෙන් දෙක ලැබේවි ද? මෛත්‍රිපාලට යන්න වේවි ද? අද ඇති කර තිබෙන සිරිසේන විරෝධය හමුවේ රනිල්ට ඕනෑ ම දෙයක් කර ගන්න පුළුවන්. මහින්දවාදීන් මට තව තවත් බනීවි. සිරිජාතිකවාදියා යැයි කියාවි. එහෙත් අද රට වැටී තිබෙන තත්වයට තාවකාලික නමුත් විසඳුමක් පැත්තට යා හැක්කේ මෛත්‍රිපාල ජනාධිපති හා මහින්ද අගමැති වීමෙන් පමණයි. ජනබලයට පමණක් කළ හැකි දෙයක් නැහැ. මැතිවරණයක දී නම් ජනබලය ඉදිරියට ඒවි. එතෙක් වටරවුම්වල වටේ යාවි. මැතිවරණයක් ඒන්නේ කවදා ද? එතෙක් රනිල් තමන්ට අවශ්‍ය දේ කරනවා.



චතුර අල්විස් දන්නවා අපට තිස් දෙනකු සමග කිසි දෙයක් කරන්න බැරි බව. ඔහුත් දෙරණත් වෙනත් ජනමාධ්‍යත් (දි අයිලන්ඩ් නොවන ඉංගිරිසි පුවත්පතක් හැරෙන්න) මා කියන්නේ වල්පල් කියා හිතනවා. මේ හෑලි ලියා මොනවද කරන්නෙ කියල මහින්දවාදීන් අහනවා.  මේ ගඟට ඉණි කැපීමක් ද? ගඟ දිහා බලගෙන ඉඳීමක් ද?    



        

Monday 3 September 2018

අලි ඇත්තු සහ තවත් සත්තු

අලි ඇත්තු සහ තවත් සත්තු

මේ රටේ අද ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට නීතිය ක්‍රිස්තියානි. අධ්‍යාපනය ක්‍රිස්තියානි. වෙදකම ක්‍රිස්තියානි. බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි. දෙවියන් වහන්සෙ එහි ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. නිකම් බොරුවට බටහිර විද්‍යාවෙ නාමික ව දෙවියන් වහන්සේ නැහැයි කිව්වට වැුඩක් නැහැ. ඔය බටහිර රටවල ඉන්න සිංහල විද්‍යාඥයන් කියන අය හඳුන්වාදි තිබෙන සංකල්පයක් ප්‍රවාදයක් තියෙනව නම් කියන්න. බටහිර විද්‍යාවෙන්  උපාධියක් ලබල තියෙන ඕනෑම අයකුට මා අභියෝග කරනවා මුහුණු පොතේ මුමුණන්නෙ නැතිව   බටහිර විද්‍යාවෙ මහා පිපිරුම එකඟ වන්නෙ බයිබලයේ සඳහන් ආරම්භය එක්ක ද අග්ගඤ්ඤ සූත්‍රය සමග ද කියන්න  කියා. 

Sunday 2 September 2018

වෙල්ලස්සේ වෙඩි හඬ (සුද්දා පළවා හැරීම)


වෙල්ලස්සේ වෙඩි හඬ

(සුද්දා පළවා හැරීම)



ඊයේ අසංග පෙරේරා අධ්‍යක්‍ෂණය කළ වික්ටර් බණ්ඩාර සේනාරත්න රචනය කළ වෙල්ලස්සේ හඬ නරඹන්න ලැබුණා. එය විශිෂ්ට කලා කෘතියක්. තුප්පහි (මේ පෘතුගිසි වචනය අප යොදා ගන්නේ අපට ම ආවේණික අයුරකින්) කලාකරුවන් ඊනියා විදග්ධයන් බවට පත් කර ඇති රටක අසංග වැනි කලාකරුවකු ඉන්න එකත් වාසනාවක්. සංගීතය දේශප්‍රේමි සංගීතඥයකු වූ සමන් ලෙනින්ගේ.  මේ නාට්‍ය නිපදවීමට ආධාර කර ඇත්තේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදයයි. එහි දී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලොක හිමිපාණන්ගේ විශේෂ දායකත්වයක් හිමි වී තිබෙනවා.

Saturday 1 September 2018

භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම


භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම



පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ සහ තවත් භික්‍ෂූන් වහන්සේ හතරනමක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගයක් කරලා. මේ හාමුදුරුවරුන් හතරනමට පොදු දේපොළවලට හානි කළා ය යන චෝදනාවක් යටතේ නඩු පවරලා තිබුණා. මෑතක දි දැනගත් අයුතු ජනරාශියත් චෝදනාවක්. මේ හාමුදුරුවරුන් එක් දිනක උසාවියට වැඩම කර ඇත්තේ රණවිරුවන් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන්. එහි දී තමයි අයුතු ජනරාශිය පොදු දේපොළවලට හානි සිදු වී යැයි කියන කතා ඇති වී තියෙන්නේ.