History

Thursday 31 January 2019

රාජපක්‍ෂ යුගයේ අවසානය


රාජපක්‍ෂ යුගයේ අවසානය



ඊයේ ලිපියෙහි රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් යනවා යනුවෙන් ලියූ වැකිය නිසා ඇතැමුන්ට හිත් වේදනාවක් ඇති වී තිබෙනවා. ඒ ලිපියෙහි වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය සසඳමින් සඳහන් කළ දේ. එහෙත් වාක්‍ය දෙකක් හෝ තුනක් හෝ ඇතැම් විට ආකර්ෂණය දිනා ගන්නවා. පසුගිය සතියේ චර්චිල් ගැන කියමින් සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කීමට කවුරුවත් නැද්ද යනුවෙන් කී දෙයට ජනමාධ්‍යයේත් ප්‍රසිද්ධියක් දී තිබුණා. මා හා ජනමාධ්‍ය අතර ඇත්තේ සුහද හැඟීම් නො වෙයි. එහෙත් ඔවුන් ඒ කතාවට ප්‍රසිද්ධියක් දුන්නා.

Wednesday 30 January 2019

ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය


ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය



ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා කරන්න බැහැ. එහෙම පංතියක් සංයුක්තවවත් වියුක්තවවත් නැහැ. 

Tuesday 29 January 2019

මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි


මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි



රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිතර කියන කතාවක් නම් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ආණ්ඩුව හිතන්නේ ජනාධිපතිවරණයක් තමන්ට වාසි සහගත බවයි. සමහර විට ඔවුන් පදනම් වන්නේ උතුරු හා නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයක දී තම අපේක්‍ෂකයාට ඡන්දය දෙනු ඇත යන්න මත වෙන්න පුළුවන්. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී එකී ජනතාව හවස් වරුවේ ඡන්දය දී කළ වික්‍රමය මෙවරත් කරාවි  ද යන්න ප්‍රශ්නයක්. ඒ වික්‍රමවලට ඉඩක් නොදීම විපක්‍ෂයේ ක්‍රියා පිළිවෙත වෙන්න ඕන. 

Monday 28 January 2019

එකක් ම නොවන එක් බමුණු කතාවක්


එකක් ම නොවන එක් බමුණු කතාවක්



පැරණි කතාවක එක් බමුණෙක් කියනවා මා අර බමුණන් ඒක භාර්යා සේවනයට කැමති කරවා ගත්ත කියලා. ඒ බමුණන්ගෙන් එක් අයකු කියනවා ඔව් අපි ඒක භාර්යා සේවනයට කැමති කියලා. ටික වෙලාවකට පස්සෙ තුන්වැනි බමුණෙක් දෙවැනි බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය ඔබ ඒක භාර්යා සේවනය කියන්නෙ කුමකට ද කියල.  එතකොට දෙවැනි බමුණ කියනව මා ඔය ලේබල්වලට කැමති නැහැ. අපේ ගෙදර ඇවිල්ල බලන්න වැඩ සිද්ධ වෙන ආකාරය. ඒක තමයි ඒක භාර්යා සේවනය කියන්නෙ කියල. යමක් තීරණය වෙන්නෙ ලේබල් වලින් නොවෙයි වැඩවලින් කියල. තුන්වැනි බ්‍රාහ්මණයා දෙවැනි බ්‍රාහ්මණයගෙ ගෙදර ගියේ නැහැ. තුන්වැනි බ්‍රාහ්මණය සමනල්ලු බලන්න ගියා.

Sunday 27 January 2019

විපක්‍ෂය ගත යුතු මග


විපක්‍ෂය ගත යුතු මග



මා ඊයේ ලිපිය ලියන විට දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් යම් පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වෙනස් කෙරී ඇති බව. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූ සභාවක් යැයි කීම වරදක්. ඒ වරද ගැන මා කණගාටු වෙනවා. එය දත්තයක් පිළිබඳ වරදක්.

Saturday 26 January 2019

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් 2




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් 2


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක් යන මැයෙන් පළ වූ ලිපියෙහි සඳහන් වූ දේ වැරදියි. පසුගිය සැප්තැම්බරයේ ව්‍යවස්ථා සභාවට   අදාළ 41 (අ)  යටතේ අලුතෙන් සභිකයන් පත් කර තිබෙනවා. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වී නැහැ. එහෙත් මහින්ද විපක්‍ෂ නායක වීමෙන් පසු අගමැති විපක්‍ෂ නායක එකතු වී පත්කෙරී ඇති සභිකයන් වෙනස් විය යුතුයි. මහින්ද ඒ සඳහා වහාම  ක්‍රියාත්මක විය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්





ජනාධිපති විසින් නිර්දේෂ කරන ලද විනිසුරුවන් නැවතත් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරිලා. බයිලා චක්‍රවර්ති රනිල් පාර්ලිමේන්තුවේ මොන බයිලා කිව්වත් ව්‍යවස්ථා සභාවේ ඊනියා අපක්‍ෂපාති බව ගැන ප්‍රශ්න තියෙනවා. රධිකා කුමාරස්වාමි ජයන්ත ධනපාල වැන්නන් අපක්‍ෂපාත ද? අපක්‍ෂපාත බව තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති මිණුම් දඬු කවරේ ද? රනිල් පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයට තර්ජනය කරනවා විනිසුරු මඬුල්ලේ අපක්‍ෂපාති බව ප්‍රශ්න කරන්න බැහැ කියමින්. අර රනිලුත් දන්න කියමනක් තියෙනවා සීසර්ගෙ භාර්යාව සැකයකට තුඩු නොදිය යුතු ය කියා. Caesar's wife must be above suspicion. මෙය පරණ රෝම කතාවක්. මා එය විස්තර කරන්නේ නැහැ. රධිකාලා ආරියරත්නලා ධනපාලලා ඉන්න ව්‍යවස්ථා සභාවක් ගැන නම් සැක තිබෙනවා.

Friday 25 January 2019

ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය


ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය



ඊයේ ජාතික සමතා බලවේගයේ රැස්වීමේ දී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනය සිංහල බෞද්ධයන් අවබෝධ කර ගනීවි ද යන්න ගැන මට සැකයක් තියෙනවා. උන්වහන්සේගේ අනුශාසනයේ හරය වූයේ දේශපාලනඥයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. පසුගිය දා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊනියා වාර්තාවේ ඇමිණුම් කියවන විට ඒ අදහස ඇති වෙනවා.

Thursday 24 January 2019

සුමන්තිරන් අපිත් සූදානම්


සුමන්තිරන් අපිත් සූදානම්





සුමන්තිරන් දෙරණ වාදපිටියට ඇවිත්. මා එය නැරඹුවේ ඊයේ. සුමන්තිරන් කී දේ ඉතා පැහැදිලියි. එයින් කියන්නේ ඔහු විවෘත ව කතා කළ බව නො වෙයි. ඔහු රනිල්ගෙ නිවුන් සොහොයුරෙක් වගේ. සුමන්තිරන් බොහෝ දේ හංගන්න තැත්කරත් ඔහුට රනිල්ට මෙන්ම එයට හැකියාවක් නැහැ. ඔහු සිංහලයන්ට තර්ජනයක් ද කළා. සිංහලයන් සුමන්තිරන්ලාට ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදුන්නොත් උතුරේ ජනතාව තමන්ට වඩා දැඩි ක්‍රියා මාර්ගවලට යන අය තෝරා ගනීවි කියා. අප එයට බය නැහැ. ඒ කරුණු දෙකක් නිසා. උතුරේ ජනතාව එවැනි ක්‍රියා මාර්ගවලට යෑමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. විග්නේස්වරන්ගේ අසාර්ථක උත්සාහයෙන් ඒ බව පැහැදිලි වෙනවා. දෙවනුව යම්කිසිවකු ප්‍රභාකරන් මෙන් බලහත්කාරයෙන් එවැන්නක් කළහොත් ඔහුටත් අත් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ඉරණම ම තමයි. බටහිරයන්ට, වෙල්ලාල ප්‍රභූන්ට හා සිංහල පඬියන්ට මිස දෙමළ කතා කරන ජනයාට සිංහල බෞද්ධ විරෝධයක් නැහැ. 

Wednesday 23 January 2019

සේනා දළඹුවා හා ජනමාධ්‍ය


සේනා දළඹුවා හා ජනමාධ්‍ය



සේනා දළඹුවා ගැන දැන් බොහෝ දෙනා දන්නවා. මේ දළඹුවා ගැන කරන ලද අධ්‍යයනයක් නිසා ආචාර්ය උපාධියක් ලත් මා දන්නා හඳුනන රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂගේ ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පෙරේදා පළ වී තිබුණා. ඒ මහතාත් මාත් අර විශ්වවිිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ  6% ඉල්ලීම ගැන රූපවාහිනියේ (නාළිකාව මට මතක නැහැ) එක පැත්තක ඉඳ කතා කර තිබෙනවා. ඒ සටනෙන් කිහිප දෙනකුට ටීෂර්ට් ලැබීම හැරෙන්න වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ කතාව කොහොම වුණත් ලිපියේ සඳහන් අන්දමට මේ දළඹුවා ඇති වී තිබෙන්නේ එක්සත් ජනපදවල. දළඹුවා 2016 දී අප්‍රිකානු කලාපයටත් ඉන්පසු 2017 ඉන්දියාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. දැන් දළඹුවා ලංකාවටත් ඇවිත්. ඇතැමුන් කියන විධියට 2018 අගෝස්තු මාසයේ පමණ. රොහාන්ගේ ලිපියේ සඳහන් අන්දමට දළඹුවා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ද තිබෙනවා.  එමෙන් ම ජෛවීය ක්‍රම ද තිබනවා.

Tuesday 22 January 2019

ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය


ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය





ඒබ්‍රහම් සුමන්තිරන් එක්තරා රූපවාහිනී නාළිකාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී මේ ආණ්ඩුව හා නව ව්‍යවස්ථාව ගැන තම අදහස් ප්‍රකාශ කර තියෙනවා. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා කියන කතාවක් සනාථ කර තිබෙනවා. මේ ආණ්ඩුව එ ජා පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණඩුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුවට බහුතරයක් ලැබෙන්නේ, එනම් 113 ලැබෙන්නේ දෙමළ ජාතික සංධානයෙන්. එහි කටයුතු කෙරෙන්නේ දෙමළ ජාතික සංධානයේ අවශ්‍යතාවන්ට යටත් ව. ආණ්ඩුවේ නිල අගමැති රනිල්. නිල නොවන අගමැති සුමන්තිරන්. මෙය රනිල් සුමන්තිරන් ආණ්ඩව, ඇංග්ලිකන් මෙතෝදිස්ත ආණ්ඩුව ආදී නම්වලින් හඳුන්වන්න පුළුවන්.

Monday 21 January 2019

පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව


පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව



පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීම කල් ගියේ දේශපාලන මාතෘකා නොකඩවා පැමිණි නිසා.  අප සියල්ලන් ම දේශපාලනික මෙන් ම සංස්කෘතික මිනිසුන්. අපේ සංස්කෘතිය මගින් දේශපාලනයත් දේශපාලනය මගින් සංස්කෘතියත් තීරණය වෙනවා. ආර්ථික කරුණු බල නොපානවා නො වෙයි. පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීමේ දී මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන. පේරාදෙණියට ශාස්ත්‍ර පීඨය ගෙන ගියේ 1952 දී වුවත් අද පේරාදෙණි ගුරුකුලය යනුවෙන් හැඳින්වෙන්න ඇරඹුණේ 1921 කොළඹ විශ්වවිද්‍යාලයීය ආයතනය පටන් ගැනීමටත් පෙර.

Sunday 20 January 2019

මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය


මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය



අපට අදත් නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු ව්‍යවස්ථාවෙන් ම නැවතත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නව ව්‍යවස්ථාව කිසිසේත් ම ඒකීය රාජ්‍යයක් සඳහා නොවෙයි. මෙය සම වන්නේ සහසන්ධීය රාජ්‍යයකටයි. ඊනියා ඒකීය කතාවක් කියන අතර ම ඔරුමිත්තනාඩුවක් ගැන ද සිංහල මෙන් ම ඉංගිරිසි පිටපත්වල කියනවා. දෙමළ පිටපතේ ද එසේ ම වන්න ඕන. ඒකීය රාජ්‍යයක් ගැන කීව ද පළමුවැනි ව්‍යවස්ථාවෙන් නිර්වචනය කෙරෙන්නේ සංධීය රාජ්‍යයකට එහා ගිය එකක්.  අප කලින් දිනයක ද උපුටා දැක් වූ පළමවුැනි ව්‍යවස්ථාව මෙසේයි.

ඒකීය රාජ්‍යයක බලය බෙදන්න බැහැ




ඒකීය රාජ්‍යයක බලය බෙදන්න බැහැ




සබැඳිය මෙතැනින්



Saturday 19 January 2019

සේන දළඹුවා ඇවිත්


සේන දළඹුවා ඇවිත්



සේන දළඹුවා යාපනය හැර අනෙක් දිස්ත්‍රික්කවල පැතිර යන බවයි වාර්තා වෙන්නෙ. සමහර විට යාපනයේත් පැතිරෙන්න පුළුවන්. නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේ පණුවාට දළඹුවා කියන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක්. සේන කියන්නෙ ඉංගිරිසියෙන් හරි වෙනත් භාෂාවකින්  හරි කියන නමක් මිසක් සිංහල නමක් වෙන්න බැහැ. සිංහල සේන කෙනෙක් මේකට සම්බන්ධයි කියා හිතන්න බැහැ. දළඹුවන්ගේ වැඩේ කන එකමයි කියල කතාවක් තියෙනවා. සේන දළඹුවන් නම් හරිම හරි බඩගිනිකාරයන් බව පේනවා.

Friday 18 January 2019

කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?


කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?



සුමන්තිරන් කියන්නේ නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි නොවන බවයි. ඔහු කුමක් කීවත් රනිල් කුමක් කීවත් මේ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. ඒ කියන්නේ අහෝසි වන්න මෙරට ඒකීය රාජ්‍යයක් නැති බවයි.  දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේ විනිසුරුවන් හතර දෙනකු කියා සිටියේ ඉන් ඒකීය රාජ්‍යය අහෝසි වන බවයි. විනිසුරුවන් හතරදෙනකු කියා සිටියේ ඒකීය රාජ්‍යය එසේ ම තිබෙන බවයි. පාරින්ද රණසිංහ විනිසුරුතුමා තම තීන්දුවෙන් කියා සිටියේ 154(උ)(2) අනුව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් මෙන් ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුයි. ඒ අනුව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි වන බව එතුමාගේ අදහස වුණා. ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එතුමා තීරණය කෙළේ එබැවිනුයි. ජේ ආර් එම අනුව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කෙළේ නැහැ. ඒ වගන්තිය මෙසේයි.

Thursday 17 January 2019

කාට කියන්න ද?

කාට කියන්න ද?

ඊනියා විද්වතුන්ගේ හෙවත් විශේෂඥයන්ගේ කමිටුවේ වාර්තාව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බව රනිල් එකහෙළා කියනවා. නිල වශයෙන් ගත්තම ඒක වාර්තාවක් තමයි. ඒත් නොනිල වශයෙන් ගත්තම ඒක තමයි නව ව්‍යවස්ථාව. ඒ වාර්තාවෙහි  සංශෝධන කිහිපයක් පසුව ඇති වෙයි. එහෙත් නව  ව්‍යවස්ථාව දැන ගැනීමට නම් ඒ ඊනියා විද්වත් වාර්තාව කියවන්න ඕන.

Wednesday 16 January 2019

වම හා වම


වම හා වම



පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම ඇතැමුනට වැදගත් යැයි සිතනවා. එය සිංහල සමාජයේ බෙදීම් ගැනත් යම් හැදෑරීමක් වෙනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්‍ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ නෂ්ටාවශේෂයක් පමණයි.

Tuesday 15 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?


ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?



රනිල් සුමන්තිරන් ආණ්ඩුව අවුරුදු තුනකට පමණ පසුව ව්‍යවස්ථා මණ්ඩලයට වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ  ක්‍රියාවලිය ඇරඹුණේ 2016 ජනවාරි මාසයේ දී. දැනට පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 1978 ව්‍යවස්ථාවට අනුකූලව මිස එයින් පිටතට ගොස් නො වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි.

Monday 14 January 2019

රනිල් බුදුවෙලා ද?


රනිල් බුදුවෙලා ද?



අනෙක් අය පන්සල් යෑම ගැන මැසිවිලි දොඩන අතරෙ රනිලුත් පන්සල් යනවා. ඒ අහවල් දේකට ද කියලා හිතෙනවා. බුදුහාමුදුරුවො පන්සල්වල (ඒවාට එකල පන්සල් කිව්ව ද ආරාම කිව්ව ද විහාර කිව්ව ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි) වැඩ හිටිය මිසක් පන්සලක් ගානෙ වැඩම කළේ නැහැ.

Sunday 13 January 2019

කළු සුදු

කළු සුදු

ඊයේ මගේ අතින් වරදක් සිදු වුණා. මා අර සිංහල බෞද්ධ විරෝධී චිත්‍රපටි නිපදවා භාවනාවට ගිය බව කී විමුක්ති ඇතුළු කණ්ඩායම කළු නඩයක් ලෙස හැඳින්වුවා. ඒ රනිල් සමහර ජනමාධ්‍ය කළුමාධ්‍ය ලෙස හැඳින්වූවාට පස්සෙ. මා අර නඩය හඳුන්වන්න තිබුණෙ සුදු නඩයක් කියා. අප ඉතිහාසයේ යම් යුගයක කළු  දුර්වර්ණයක් ලෙස හැඳින්වීමට පුරුදු වී තිබෙනවා. ඒ සීගිරියෙ නිල් කට්රොල් මල් ගැන ලිව්වට පස්සෙ ද කියල හරියට කියන්න බැහැ. ඒ කොයි කාලෙද කියල දැනගන්න උත්සාහයක් ගන්න අවශ්‍ය ද කියන එකත් දැන් නම් ප්‍රශ්නයක්. සමහරවිට නිල් කට්රොල් මල් ගැන ලියන්න ඇත්තෙ යක්‍ෂ ජනතාව වෙන්න ඇති.

Saturday 12 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු


ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු



ඊයේ ව්‍යවස්ථා මණ්ඩලයට මෙහෙයුම් කමිටුවේත් අනුකමිටුවලත් ඊනියා විශේෂඥ කමිටුවකත් වාර්තා ඉදිරිපත් කෙරී තිබෙන බව පේනවා.  ඊනියා විශේෂඥ කමිටුව ව්‍යවස්ථා මණ්ඩලයෙන් පත් කෙරුණු කමිටුවක් නො වෙයි. එහි වාර්තාව ඉදිරිපත් කෙරිය යුතුව තිබුණේ මෙහෙයුම් කමිටුවටයි. එකී වාර්තාව ආපසු මෙහෙයුම් කමිටුවට යැවිය යුතුව තිබුණා. ඊයේ රනිල් තම හිතේ තියෙන අදහස් ප්‍රකාශ කෙළේ නැහැ. ඔහු කෙළේ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කොළේ වහලා ගැහීමක්. අනුර දාසනායක සුපුරුදු ආකාරයට මහින්දට බණින්නට ඒ අවස්ථාවක් කර ගත්තා. චම්පක තම දේශද්‍රෝහි දේශපාලනය වසා ගැනීමට ව්‍යවස්ථා මණ්ඩලය දැන් වැඩක් නැති බව කිව්වා.

Friday 11 January 2019

ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම


ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම



සංධානයේත් පොහොට්ටුවෙත් එ ජා පක්‍ෂයට හා රනිල්ට උදවු කරන අය ඉන්නවා. ඔවුන් මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න කළ හැකි සෑම දෙයක් ම කරනවා. ඒ මගින් රනිල්ට ආධාර කරනවා. දෙපැත්තේ ම ඉන්නවා ව්‍යවස්ථාව පරාද කිරීම ප්‍රධාන ප්‍රශ්නය කර ගන්නෙ නැතිව ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ තවත් පක්‍ෂ සමග එකතු වී හදන සංධානයේ නායකයා කවුද, ඒකෙ ලකුණ මොකක් ද, ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද වගේ ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න කර ගන්න අය. ඔවුන් පැහැදිලිව ම රට ගැන නොව තම මන්ත්‍රීකම, ආසන සංවිධායකකම,   මෛත්‍රිපාලට නැත්නම් මහින්දට අනින්නෙ කොහොමද ආදිය ගැන සිතන අය. එමගින් රනිල් බලයේ තබා ගැනීමට කටයුතු කරන අය.

Thursday 10 January 2019

බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?


බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?



මා බැසිල් රාජපක්‍ෂ සමග සංසන්දනය කළ විට ඉතාමත් නොවැදගත් චරිතයක්. මට ඔහු හමු වී ඇත්තේත් දෙතුන් වතාවක් පමණ. මා මෙන් නොව ඔහු මහා මොළ කාරයකු හා වැඩ කාරයකු ලෙසයි ප්‍රසිද්ධ. එහෙත් ඔහුගේ දේශපාලනය හා කතාබහ මා අනුමත කරන්නේ නැහැ. ඔහු ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර තිබූ ප්‍රකාශ සමග කිසිසේත් එකඟ වෙන්න බැහැ. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් නොවෙයි දේශපාලනය පටන් ගත්තේ. ඔහු ගාමිණී දිසානායක ළඟ වැටුපට වැඩ කළ බව මා අසා තිබෙනවා. ඒ එසේ නොවන්න පුළුවන්.

Wednesday 9 January 2019

මෙන්න බැසිල් -- පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ


අනිද්දා පුවත්පත



Wednesday, January 9, 2019



පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ



බැසිල් රාජපක්‍ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෝගය දෙනවාද?

අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යෑම ඒ තරම් සුදුසු නැහැ. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය වැරදියි කියලා. මම ඒ තීරණයේ හරි වැරැද්ද ගැන අදහසක් කියන්නේ නැහැ. එහෙත්, එහෙම සාකච්ඡාවක් තියෙන වෙලාවක හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම අවාසියක් වේවි. අනෙක ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන්නේ වසර හයක් සඳහා. ජනාධිපතිවරයා වසර පහකට ඒ කාලය සීමා කරගත්තා. ඊටත් ඉහා ගිහින් තවත් කාලය සීමා කරගැනීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. කෙසේ වෙතත් 2019 අග ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි


ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස කතානායක නැවතත් නම් කරලා. සුමන්තිරන්ගේ පරාජයේ ගමන ඇරඹිලා. ඔහුගේ බොරු තර්ක තවදුරටත් වලංගු වන්නේ නැහැ. අනුර දාසනායකටත් දැන් යන එන මං නැහැ. ඔහු ජනමාධ්‍යයට බණිනව. වොයිස්කට් දේශපාලනය ගැන. ඔහු කරන්නේ මොන දේශපාලනයක් ද? ඒකත් වොයිස්කට් ම තමයි. ජඩමාධ්‍ය මොන තරම් සාධාරණ දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් දාසනායක මොන තරම් සමාජවාදියකු දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් ජඩමාධ්‍ය නැත්නම් අනුර දාසනායක නැහැ. ඔහු අද ෆෙඩරල්වාදියකු වෙලා. ඔහු ෆෙඩරල් ක්‍රමයට ආවඩමින් කරන ප්‍රකාශවලට ජඩමාධ්‍යවල ඉතාමත් අවම ප්‍රචාරයක් ලැබෙන්නෙ. ඒ ඔහු ආරක්‍ෂා කිරීමට. දාසනායක විධායකය අහෝසි කරන්න කියල බෙරිහන් දෙන්නෙ පළාත් සභා තියාගෙන.

Tuesday 8 January 2019

ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය


ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය



අප ඊනියා ජාත්‍යන්තර තලයට යනවා කියන එකේ තේරුම මොකක් ද? අප ජාත්‍යන්තර තලයට යමක් එකතු කරන එක ද? එහෙම නැත්නම් අප ඊනියා ජාත්‍යන්තර තලයෙන් යමක් ලබා ගැනීම ද? ඔය ජාත්‍යන්තර තලය කියන එකත් වෙනස් වෙනවා. බටහිර යුරෝපීයයන් මෙරටට පැමිණුනාට පස්සෙ ජාත්‍යන්තර තලය නිර්මාණය වුණෙ බටහිර රටවල. ඊට පෙර ජාත්‍යන්තර තලය වුණෙ භාරතය හා ඇතැම් අවස්ථාවල චීනය. අද ඉන්දියාවත් බටහිර රටවල ඊනියා ජාත්‍යන්තර තලයෙ පසුවන බව  කියනවා. අප ඉන්දීය චිත්‍රපටයක් නරඹන විට බොලිවුඩ් හොලිවුඩ්ට යට වෙලා බව තේරුම් ගන්න එච්චර කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බොලිවුඩ් කියන නම ම හදා ගෙන තියෙන්නෙ හොලිවුඩ් අනුකරණයෙන්. අප සමහරවිට ඉන්දියාවෙන් ගන්නෙ ඊට ටික කලකට උඩින් ඉන්දියාව බටහිර රටවලින් ගත් දේ.

Monday 7 January 2019

දාස පෙරමුණේ පළල් පෙරමුණ


දාස පෙරමුණේ පළල් පෙරමුණ



ජනතා විමුක්ති පෙරමුණ හෙවත් රනිල් දාස පෙරමුණ අඩව්වක් අල්ලන්න ලැහැස්ති වෙන බව පේනවා. අනුර දාසනායක කියා තිබුණා ජ වි පෙ පළල් පෙරමුණක් ගොඩ නගන්න යනවා කියලා. මේ පළල් පෙරමුණ විප්ලවය වෙනුවෙන් වෙන්න බැහැ. ඒකට වික්‍රමබාහුත් දැන් නැහැ. එ ජා පක්‍ෂයත් පුළුල් පෙරමුණක අවශ්‍යතාවක් ගැන කියනවා. ජාතික හෙළ උරුමයටත් පළල් පෙරමුණක් ඕන. මේ කාට කාටත් පළල් පෙරමුණු ඕන වෙන්නෙ මැතිවරණයක් තිබ්බොත් කිසිවකුට තනියෙන් තරග කර පාර්ලිමේන්තුවෙ අවශ්‍ය ප්‍රමාණයට මන්ත්‍රීවරුන් ලබා ගන්න බැරි නිසාත්.

Sunday 6 January 2019

අලුත් ප්‍රේත වස්තුවක්


අලුත් ප්‍රේත වස්තුවක්



ඊයේ තවත් ඇමතියකු ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව තිස්පහ කරන්න ඕන කියලා. තවත් අයෙකු, හරීන් ප්‍රනාන්දු  තම නිල නොලත් නියෝජ්‍ය ඇමති හැටියට මනුෂ නනායක්කාර පත් කරලා. ඔය ඇමති මණ්ඩලය තිහට සීමා කරන්න ඕන කියලා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කෙළේ එ ජා පක්‍ෂයමයි. ඒ දිනවල ඔවුන් කපටි වැඩක් කෙළේ. ඇමති මණ්ඩලය තිහට අඩු කරනව කියල මිනිසුන්ට පේන්න සලස්සල ඊනියා ජාතික ආණ්ඩුවක් හදල ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරන්න උපක්‍රමයක් ඔවුන් යෙදෙව්ව.

Saturday 5 January 2019

ද්‍රව්‍යවාදයේ බොරුව



ද්‍රව්‍යවාදයේ බොරුව

සබැඳිය


https://youtu.be/S7j0q8lQTMs


නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා


නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා



අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්‍රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි. අවුරුදු  තිහක් ඊනියා යුද්ධයෙන් කරන්න බැරි වුණු දේ පෑනෙන් කරනවා කියන එකයි මෙහි අදහස.

Friday 4 January 2019

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?


බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?



කඩුවෙල බුද්ධදාස හා තවත් කිහිප දෙනකු එක් වෙලා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන්න පටන් ගෙන. ඔවුන්ට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න ඕන වෙලා. ඔවුන් පැහැදිලිව ම චන්ද්‍රිකාගෙ පිරිසක්. එක් අයකු කියා හිටියා තම මාධ්‍ය සාකච්ඡාවෙ මහින්දගෙවත් චන්ද්‍රිකාගෙවත් පින්තූර නැහැ කියලා. ඔහු කීවේ මහින්ද පොහොට්ටුවට ගිය නිසා ඔහු තවදුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ නොවේය කියා. මහින්ද ගැන එහෙම කියද්දි බුද්ධදාස සහ පිරිස චන්ද්‍රිකා ගැන කිව්වෙ මොකක් ද? ඔවුන්ට අනුව චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලුවා නම් මාධ්‍යවේදීන් තමන් චන්ද්‍රිකාගෙ මිනිසුන් කියල හිතයිලු. ඒ කියන්නෙ ඔවුන් චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලල නැත්තෙ අනෙක් අය නොමග යවන්න! එහෙම නොමග යන අයත් ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.

Thursday 3 January 2019

බල්ලෝ බලු මස් නොකති


බල්ලෝ බලු මස් නොකති



අර්ජුන් ඇලෝෂියසුයි කසුන් පළිසේනයි ඇප මත නිදහස් කෙරිලා. ඔවුන් නිදහස් කෙරුණයි කියල පරීක්‍ෂණවලට බාධාවක් වෙන්න විධියක් නැහැ. පේන විධියට පරීක්‍ෂණයක් කෙරෙන්නෙ නැහැ. සමහරවිට අපට නොපෙනි පරීක්‍ෂණ කෙරෙනවා ද  දන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් ඇලෝෂියස්ගෙයි පළිසේනගෙයි අඹුදරුවන් අසනීප වෙලා. ඒකත් ප්‍රශ්නයක් තමයි. මනුෂ්‍යත්වයත් මේ වගේ කාරණාවල දී බලපානවා. සමහර ජාතිකවාදීන් නම් කියන්නෙ මට මිනිස්කමක් නැහැ කියලා. ඒක මා දන්නේ නැහැ. රවි කරුණානායක මේ දවස්වල හොඳින් ඉන්නවා ද? මංගලට නම් වැඩ ඇති. ලබන අවුරුද්දෙ මුල අයවැයකුත් ඉදිරිපත් කරන්න එපැයි.

Wednesday 2 January 2019

චන්ද්‍රිකාගේ වෛරය


චන්ද්‍රිකාගේ වෛරය



මා කියන්නේ නැහැ චන්ද්‍රිකා රනිල්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි කියලා. ඒ වුණත් චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් ගේන්න හරි දාසනායකගෙ පෙරමුණෙ විස්ස සංශෝධනය කරන්න හරි රනිල්ට සහාය දෙනවා. රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට එහෙම සහාය දුන්නෙ නැහැ. ජී එල් නම් චන්ද්‍රිකාට සහාය දුන්නා. ජී එලුත් මංගලත් තවත් අයත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. ඔවුන්ගෙන් සමහරකු තවම ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් හා මන්ත්‍රීවරුන්. තවත් සමහරු පොහොට්ටුවේ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගන්නම් කියලා මහින්දලා වෙනුවෙන් ලිපියක් දීල තාම වැඩිකලක් නැහැ. 

Tuesday 1 January 2019

ජාතික ආණ්ඩුව හා ඇමති ධුර

ජාතික ආණ්ඩුව හා ඇමති ධුර 


සබැඳිය 

https://youtu.be/8LGmRHCTkII



ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.