කාලය | Kalaya.org  |  Nalin de Silva | චින්තන පර්ෂදය

History

▼

Sunday, 2 August 2020

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම



෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9



මේ මා වෙත ලැබුණු විද්‍යුුත් ලිපියක් හා  මා යැවූ පිළිතුරයි.  

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම


Inbox
x

Nishan Palliyaguruge <nishanpalliyaguruge@gmail.com>

Sat, Aug 1, 3:31 PM (16 hours ago)
to chairman, member.abeysekara, member.rathnajeewan, info, me, mahindadeshapriya
මැතිවරණ කොමිෂන් සභාවේ

ගරු මහින්ද දේශප්‍රිය මහතා (සභාපති)
ගරු එන්. ජේ. අබේසේකර මහතා
ගරු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා


ගරු සභාපතිතුමනි, සාමාජික මහතුනි,

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති ධූරය දරණ තකුරර්ත දේවදිත්‍ය ගාර්දියවසම්
ලින්ඩාමුලගේ නලින් කුමාර ද සිල්වා (Thakurartha Devadithya Guardiyawasam
Lindamulage Nalin Kumara de Silva) තම http://www1.kalaya.org වෙබ්
අවඩිය හා https://www.facebook.com/profile.php?id=100010705268858
ෆේස්බුක් ගිණුම හරහා සූක්ෂම ලෙස පොදු ජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයක නිරතව සිටියි.

ඔහු සමහර අවස්ථාවන්හීදී දිනේෂ් ගුණවර්ධන, චන්න ජයසුමන හා මෛත්‍රිපාල
සිරිසේන වැනි අපේක්ෂකයින්ට ඡන්දය පළ කරන සේ කෙළින්ම ඉල්ලා තිබේ. එසේම
අසාධාරණ ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් අපකීර්තියට පත් කොට තිබේ.

මීට සාක්ෂි කිහිපයක් පහත සපයමි.

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්
http://www1.kalaya.org/2020/08/blog-post.html#more Saturday, 1 August
2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.
http://www1.kalaya.org/2020/07/blog-post_29.html#more Wednesday, 29
July 2020

මැතිවරණය හා කන්දකාඩු http://www1.kalaya.org/2020/07/blog-post_15.html
Wednesday, 15 July 2020

මනාප පොරය හා සිරිසේන විරෝධය
http://www1.kalaya.org/2020/07/blog-post_8.html Wednesday, 8 July 2020

සිංහල සමගියට අකුල් හෙළන හරින්
http://www1.kalaya.org/2020/06/blog-post_23.html Tuesday, 23 June 2020

ලොකු චිත්‍ර කතාවක් http://www1.kalaya.org/2020/06/blog-post_29.html
Monday, 29 June 2020
බද්‍යුද්දීන් හා සිවල් නිගමන
http://www1.kalaya.org/2020/06/blog-post_25.html Thursday, 25 June
2020

මෙම ලිපිම ඔහුගේ ඉහත දක්වා ඇති ෆේස්බුක් ගිණුම හරහාද බෙදා ගෙන ඇත.

ශ්‍රී ලංකා රජයේ වැටුප් ලබන සේවකයකු සේ, මැතිවරණ නීති ප්‍රකාරව, මේ නීති
විරෝධී හා අසදාචාරාත්මක කටයුත්ත ඔහු විසින් නොකළ යුතුය සිතමි.

ඔහුව මේ අනීතික අසදාරාචාත්මක කටයුත්ත ගැන දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා
සේ ඉල්ලා සිටිමි. ඔහුගේ ඊ-මේල් ලිපිනය nalindesilva48@gmail.com වේ.

මේ ගැන මීට පෙර කිහිප වතාවක්ම පැමිණිළි කළද ඔබ කොමිසම මඟින් ඒ පිළිබඳව
කිසිම පියවරක් ගෙන නැති බව පෙනේ.

ස්තූතියි.

මීට විශ්වාසී,

නීතිඥ නිෂාන්ත පල්ලියගුරුගේ


Nalin de Silva

8:03 AM (0 minutes ago)
to Nishan, chairman, member.abeysekara, member.rathnajeewan, info, mahindadeshapriya
ඔබට පින්! 

මා විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති මැතිවරණ නීති දැනගනු කැමැත්තෙමි.

මා රජයේ සේවකයකු නොවන බව ද දන්වනු කැමැත්තෙමි.

මම ලින්ඩාමුලගේ කෙනකු නොව ලිඳමුලගේ කෙනකු බව ද දැන්වීමට කැමැත්තෙමි. 

නලින් ද සිල්වා
ReplyReply allForward


ReplyReply allForward
Kalaya at 08:13
Share
‹
›
Home
View web version
Powered by Blogger.