History

Wednesday 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.

Tuesday 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Monday 29 July 2019

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා ඇමතිකම් බාරගන්න තීරණය කරලා. රනිල් ඒ ඇමතිකම් නිර්දේෂ කළ බවයි පේන්න තියෙන්නෙ. දිවුරුම් දීම අද හෙට සිද්ද වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. අතන මෙතන රතන හිමියන් උපවාස කෙළෙ බද්‍යුද්දීන් හිස්බුල්ලා හා අසාද් සාලි අස්කරන්න කියලයි. අසාද් සාලි හා හිස්බුල්ලා නම් දැන් තමන් දැරූ ආණ්ඩුකාර පදවිවලින් අස්වෙලා. අතන මෙතන රතන හිමියන් උපවාසය නතර කෙළෙ ඔවුන් දෙදෙනා අස්වුණාම. ඒ වෙලාවෙ බද්‍යුද්දීන් අස්වෙලා හිටියෙ නැහැ. ඔහු අනෙක් මුස්ලිම් ඇමතිවරුත් එක්ක අස්වුණෙ ඊට පස්සෙ.  අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසෙට බද්‍යුද්දීන් අදාළ නැති වෙන්න ඇති. බද්‍යුද්දීන් නැවත ඇමතිකමේ දිවුරුම් දුන්නත් අතන මෙතන රතන හිමියන් උපවාසයක් ආරම්භ කරාවිය කියල හිතන්න අමාරුයි. 

Sunday 28 July 2019

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම 


ඊයේ ලිපියේ සේපාල ඒකනායකගේ නම සේපාල රත්නායක ලෙස පළ  වී තිබුණේ අතපසු වීමකින්. ඒ පිළිබඳ මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. 

අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා විශේෂ නියෝජිතයකු පැමිණ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් බටහිරයන් මුදා ගැනීමට කටයුතු කරනවා. ඔහුට මෙරට විනිසුරුවන් ද හමුවීමට විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබුණා. පසුව දිනේෂ් විමල් ආදීන්ගේ මැදිහත් වීමකින් එය වැළකුණා. එහෙත් ඔහු උතුරේ සංචාරය කරලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. ඔහු තමා මෙරට පැවැත්වූ සාකච්ඡා සම්බන්ධ විස්තර දීමට බැඳී නැතැයි පවසනවා. එමෙන් ම ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ට වුවමනා ආකාරයකට කටයුතු කිරීමට ඉඩ සලසන්න ඔහු වෙහෙසෙන්නේ මෙරට අණ පනත්වලට ඇඟිලි ගසමින්.

Saturday 27 July 2019

බේරීම් කමිටුව ගැන තවදුරටත්

බේරීම් කමිටුව ගැන තවදුරටත්



ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති කාරක සභාවේ (එය ඊනියා තේරීම් කමිටුවක් නොවන බව කෙතෙක් කීවත් අනෙක් බොහෝ කරුණුවල දී මෙන් ම වැඩක් වන්නේ නැහැ) දී නීතිපති තම සේවාදායකයන් හමුවේ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂෙප කළා. කමිටුව ඒ ප්‍රතික්‍ෂෙප කිරීම පිළිගත්තා. මේ කාරක සභාව අධිකරණ කටයුත්තක් කරනවා වෙන්න බැහැ. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

Friday 26 July 2019

ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ


ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ



නූතන ජාතික ව්‍යාපාරයේ ආරම්භකයා අනගාරික ධර්මපාලතුමා. ඉන් පසු භාෂා ප්‍රේමීන් ක්‍රියාත්මක වුණා. කුමාරතුංග මුනිදාසයන්ට එක්තරා පාර්ශ්වයක් සමග හැරෙන්න බුදු සසුන සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුණා. පසුව ඊරියගොල්ල මහතා භාෂා පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ ජාතික ව්‍යාපාරයට අමතර ව සමසමාජ කොමියුනිස්ට් ඊනියා වාමාංශික ව්‍යාපාරයක් ද තිබුණා. එය පක්‍ෂ දේශපාලනිකයි. ජාතිකත්වයේ ඇතැම් භික්‍ෂූන් වහන්සේ වෙදමහත්වරු හා සිංහල ගුරුවරු වාමාංශික ව්‍යාපාරයට එක් වුණා. ඒ එය පක්‍ෂ දේශපාලනය මත යටත්විජිතවාදයට ක්‍රියාත්මක වූ නිසා. 

Thursday 25 July 2019

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව 

ඊනියා තේරීම් කමිටුව තවදුරටත් රැස්වෙනවා. එයට කොපමණ මුදලක් වැය වී ද යන්න කතානායක හරි වෙනත් නායක කෙනකු හරි ඉදිරියේ දී කියනවා නම් හොඳයි. එයින් වැඩක් වෙනවාට නොවෙයි. ඊනියා උගතුන්ට තවත් දත්තයක් සැපයීම සඳහායි. මේ කමිටුව විශේෂ කාරක සභාවක් බවත් එය ඉංගිරිසියෙන් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100-110 Select Committee යටතේ සඳහන් වන බවත්  තේරීම් කමිටුව යන්න එකී ස්ථාවර නියෝගවල 114න් ඉංගිරිසියෙන් Committee of Selection යටතේ සඳහන් වන බවත් කලින් ලිපිවල කියා ඇති. අද   ඉංගිරිසි Select Committee යන්න ස්ථාවර නියෝග පරිවර්තනයට පටහැණි ව තේරීම් කමිටුව ලෙස පරිවර්තනය වෙනවා.

Wednesday 24 July 2019

බිරිතානියට අහිමි වුණු අගමැති රනිල්

බිරිතානියට අහිමි වුණු අගමැති රනිල් 

ඊයේ එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂය තම නායකයා ලෙස බොරිස් ජොන්සන් තෝරාගෙන. ඔහු අද බිරිතානි අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඔහු කලක් ලංඩනයේ නගරාධිපති වෙලා හිටියා. ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් නැහැ. ඔහුට සුළු පක්‍ෂවල සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඔහුට ඇති ප්‍රධාන ප්‍රශ්නය බ්‍රෙක්සිට් හෙවත් බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි. ඔහු බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ නායකයෙක්. 

Tuesday 23 July 2019

මෛත්‍රිපාලගෙ කොන්ද

  මෛත්‍රිපාලගෙ කොන්ද

මෛත්‍රිපාල සිරිසේන තමන්ට පිටකොන්දක් ඇති බව නැවත වරක් පෙන්නලා. ඔහු ඒ ගමන රනිල් එක්ක එකතු වෙලා. දෙන්න ම දැන් කියන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කරන්න ඕන සියල්ල කරල හමාරයි කියල. ඕන නම් පොලිස්පතියි හිටපු ආරක්‍ෂක ලේකමුයි වරදකරුවන් වෙන්න ඇති. ඒත් තමන්වත් රනිල්වත් මේ කිසි දේකට වරදකරුවන් නොවන බවයි මෛත්‍රිපාල කියන්නෙ. 

Monday 22 July 2019

සිංහලයන්ට වින කරන නායකයෝ

සිංහලයන්ට වින කරන නායකයෝ 

ඊයේ පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරීම නිමිත්තෙන් විවිධ සැමරීම් පැවැත්වුණා. කටුවපිටිය පල්ලිය නැවත බැතිමතුන්ට විවෘත වුණා. සමහර පල්ලිවල බෞද්ධ ක්‍රමයට පින් දීලා. ක්‍රිස්තියානි (කතෝලික) ආගම මෙරටට පැමිණියේ යටත්විජිතවාදීන් සමග. එමෙන් ම බටහිරින් පැමිණි යටත්විජිතවාදීන් බුදුදහමට බුද්ධාගමට (බෞද්ධ සංස්කෘතියට) නිගා කළා, පහර දුන්නා. මේ සියළු දේ සමගින් බෞද්ධයන් හා කිතුණුවන් අතර ප්‍රශ්න ඇති වුණා. එහෙත් ඒ අතරත් කුල වශයෙන් ගත් කල බෞද්ධයන් හා කිතුණුවන් අතර ආවාහ විවාහ කටයුතු කෙරුණා. ඇතැම් විට ආගමට වඩා කුලය වැදගත් වුණා.

Sunday 21 July 2019

කුවේරලා හා රාවණලා

කුවේරලා හා රාවණලා



දෙරණේ විකාශය වන රාවණ ටෙලිනාට්‍යය නරඹන සමහර අයකුට හිතෙන්න පුළුවන් දැනුත් සිද්ධ වෙන්නෙ එදා සිද්ධ වුණු දේ ම තමයි කියල. ටෙලිනාට්‍යයෙ කියන විධියට එදා කුවේර හෙළයේ රජකම භාරතීයන්ගේ උපකාරයෙන් ලබා ගත්ත. ඒ රජකම රැක ගැනීම සඳහා කුවේර හෙළයේ සෑම දෙයක් ම, විශ්ව ශක්ති කේන්ද්‍රය පවා, භාරතීයයන්ට ලබා දෙනවා. ඔහු එසේ කරන්නේ අර භාරතයෙන් පූජකයන් ගෙන ආ දේවි රඳවා ගැනීමට පමණක් නො වෙයි. විශ්ව ශක්තිි කේන්ද්‍රය ලබා දීමට කටයුතු කළ ද, ඒ සාර්ථක විණි දැයි දැන ගැනීමට හැකි වන්නේ පසුවයි. 

Saturday 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.

Friday 19 July 2019

ගෝඨාභයගේ අනාගතය

ගෝඨාභයගේ අනාගතය



ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙන බව පැහැදිලියි. ඉන් කිහිප දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් කල් යෑමේ දි නිදොස් කර නිදහස් කරන්නත් පුළුවන්. එහෙත් මේ කාලයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමහරුන්ට අවශ්‍ය වෙලා. 

Thursday 18 July 2019

මෙහෙමත් වැඩ්ඩෙක්

මෙහෙමත් වැඩ්ඩෙක් 


රනිල් කියන විධියට මුස්ලිම් අන්තවාදය සම්පූර්ණයෙන් ම පරාජය කරලා ඉවරයි. පොලිසිය කියන විධියට බද්‍යුද්දීන් කිසිම චෝදනාවකට වැරදිකරුවකු නොවෙයි. අර ජාතික තව්ෆීඩ් ලොක්කටත් ඇප දීලා. ඇප දෙනව ද නැද්ද යන්න තීරණය කරන්නෙ අධිකරණය වුණාට එතැනට ඇප ඉල්ලුම් කරන්න හරි නොකරන්න හරි අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නෙ පොලීසියයි. පොලීසියට ඕන නම් ඇප දෙන විධියට ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට ඇප ලැබෙනවා. ඇප දෙන්න එපා කියන විධියට ලේඛන ඉදිරිපත් කළහොත් තමයි අධිකරණයට තීන්දුවක් ගන්න වෙන්නෙ.

Wednesday 17 July 2019

ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?


ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?

ශූන්‍යය සඳහා පළමු වරට සංකේතයක් යොදා ගත්තේ සිංහලයන් බවට මට තවමත් නිගමනය කිරීමට බැහැ. එහෙත් එසේ වීමට ඇත්තේ විශාල ඉඩකඩක්. මේ සංකේත නිර්මාණය දෙවැනි සියවස හා හතරවැනි සියවස අතර සිදු වන්න ඇතැයි මා විශ්වාස කරනවා. මා කලින් ලිපිවලත් සඳහන් කර ඇති පරිදි ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට අවශ්‍යතා තුනක් සපුරා ලන්න ඕන. 

Tuesday 16 July 2019

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නැහැ. සහරාන් නොමැරුණා නම් ඔහුත් නිදහස් වෙනවා. දැන් වුණත් නිදහස් කරන්න පුළුවන්. සහරාන් මිය ගියේ වෙන අයකු පිපිරවූ බෝම්බයකට වෙන්න පුළුවන්. පොලීසියට බද්‍යුද්දින්ට විරුද්ධ ව ඉදිරිපත් කරන්න තරම් චෝදනාවක් නැහැ. කොහොමටත් අධිකරණයට කලින් තීරණ ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. හොරාගෙ අම්මගෙන්වත් පේන අහන්නෙ නැතිව ඉන්න පොලීසියට පුළුවන්. 

Monday 15 July 2019

ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය

ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය



ජනාධිපතිධුර කාලය අවුරුදු පහක් පමණක් බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරල. එහෙත් තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නය වනුයේ  ඒ අවුරුදු පහ පටන් ගත්තේ කවදා ද අවසන් වන්නේ කවදා ද යන්නයි. මේ ඒ ප්‍රශ්නය විසඳීමට කරන උත්සාහයක්. 

Sunday 14 July 2019

සීගිරිය ද සිහිගිරිය ද

සීගිරිය ද සිහිගිරිය ද



සීගිරිය ගැන මුළුමනින් ම නැවත හිතන්න කාලය එළඹිලා. ඒ වෙන කිසිවක් නිසා නොව ශූන්‍යය සඳහා සිංහලයන් ලිත් ඉලක්කම් යොදා ගනිමින් නිර්මාණය කරගත් හල් කිරීම ( ්) සීගිරියෙන් හමු වී ඇති නිසා. ඒ බව කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන. ඔහු අදාළපත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දශකයටත් වැඩි කාලයකට පෙර. මේ පත්‍රිකාව මට එකල ම නොලැබීම ගැන මා කණගාටු වෙනවා. ලිත් ඉලක්ම්වලින් සංඛ්‍යාංක ලියන්නේ මෙසේයි. එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.






Saturday 13 July 2019

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය

දෙවියන් ගුරුත්වාකර්ෂණය හා දේශපාලනය



පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ගුරුත්වාකර්ෂණය හා තවත් දේ පිළිබඳ ව විශ්වකර්ම සමග කළ සාකච්ඡාව මේ සබැඳියෙන්

https://youtu.be/ennNO8gU7sQ

විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්


විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්

විශ්වාසභංග යෝජනාවට විරුද්ධ ව ඡන්දය දීමට එස් බී දිසානායක ඇතුළු ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පස්දෙනකු  පමණ නොපැමිණියේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හෙවත් මාධ්‍ය සංදර්ශනයක දී ඩිලාන් පෙර්රා කියා ඇත්තේ ඔක්තෝම්බර් විසිහය සිද්ධියේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට ආධාර කළ පිරිසකට එසේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන්නේ නම් මන්ත්‍රීධුර අහෝසි වීමේ තර්ජනයක් තිබූ බවයි. 

Friday 12 July 2019

භංග වුණු විශ්වාසභංගෙ

භංග වුණු විශ්වාසභංගෙ

ඊයේ මා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් කියල ලිව්ව විධිය හරි ද? Trafford  කියන එක සිංහලෙන් ලියන්නෙ කොහොමද? මා හිතන්නෙ නැහැ අති විශාල බහුතර සිංහලයන්ට ඒ ප්‍රශ්නයක් කියා. ඉස්සර නම් ඉංගිරිසි උගත් සිංහලයන්ට Trafford  කියල ඉංගිරිසියෙන් හරියට ම ලියන්න ඕන. දැන් නම් මා හිතන්නේ ඉංගිරිසි ලියන කියන සිංහලයන්ට ඒකත් Traford  කියල ලිව්වත් Traffod  කියල ලිව්වත් වෙන විධියකට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අද හැමෝ ම ඉංගිරිසියෙන් මොනව හරි ලියන්න කැමතියි. ඒක වැරදියි කියල මා කියන්නෙ නැහැ. දකුණට හැරෙන්න කියල ඉංගිරිසියෙන් ලියන්නෙ Turn to the right  කියල ද?  ඉංගිරිසි සම්ප්‍රදාය මොකක් ද? 

Thursday 11 July 2019

ප්‍රබුද්ධයෝ, ඉන්දියාව හා රනිල්දාස


ප්‍රබුද්ධයෝ, ඉන්දියාව  හා රනිල්දාස

ඊයේ උදේ බිබිල ප්‍රදේශයේ නායක හාමුදුරුවන්වහන්සේ නමක් මගෙන් ඇහුවා දැන් මා නිහඬ ඇයි කිහායා. මා උන්වහන්සේට කියා සිටියේ ජනමාධ්‍යවේදින්ට පින් සිදුවන්න කියා. ඊයේ හවස බෞද්ධ සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන මගේ පාසල් මිතුරකු බෝධි භික්‍ෂූන් වහන්සේ බුදුදහම රැකෙන්න නම් බෞද්ධ සංස්කෘතියක් තිබිය යුතු බව කියා ඇති බව කිව්වා. මා ඔහුට කියා සිටියේ දැන් අවුරුදු විසිපහකට වැඩි කාලයක් මා එය ලියන කියන බව. ඔහු මා ලියූ එක ලිපියක්වත් කියවා තිබුණේ නැහැ. 

Wednesday 10 July 2019

ආදිවාසීන් හා බටහිර චින්තනය

ආදිවාසීන් හා බටහිර චින්තනය

එක්තරා ගුරුවරියක් හිබාබය හෝ බුර්කාව හෝ ඇඳීමට ඇති අයිතිය ඉල්ලා අධිකරණයට ගිහින්. මා ඒ නඩුව ගැන කතා කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය රෝම ලන්දේසි නීතිය යොදා ගැනීමෙන් රටට ඇති වන ප්‍රශ්න ගැන කතා කිරීමට පමණයි. එය කතා කිරීමෙන් එතරම් වැඩක් වන්නේ නැති බවත් මා දන්නවා. එය බොහෝ දෙනකුට විෂය වන්නක් නො වෙයි. ඊනියා ආදිවාසීන් පිළිබඳ කතාවත් ජනතාව අතරට යන්නේ නැහැ. ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් අතරටවත් යන්නේ නැහැ.

Tuesday 9 July 2019

වත්මන් සිංහල උගත්තු

වත්මන් සිංහල උගත්තු



ඊයේ ලිපිය ලිවීම ගැන මා කණගාටුවෙනවා. සිංහලයන්ට තම සංකල්පීය නිර්මාණ ගැන අවබෝධයක් අභිමානයක් නැහැ. වැඩිම වුවහොත් සිංහලයන්ට තම ශිල්පීය දැනුම හා දක්‍ෂතා ගැන පමණක් අභිමානයක් ඇති. වැව් දාගැබ් පිළිම වහන්සේ   සුළු ආනතියක් සහිත ඇළ ආදිය ගැන අප නිතර කතා කරනවා. අපේ බුද්ධිමය සංකල්පීය හැකියාවන් ගැන කතා කරන්නේ දේවානම්පිය තිස්ස රජු මිහිඳු හිමියන්ට දුන් පිළිතුරු ගැනයි. 

Monday 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.

Sunday 7 July 2019

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

සිංහලයන්ට වින කරන පක්‍ෂ දේශපාලනය

දයාසිරි ජයසේකර නිතර අතහරින බෝම්බ ගැන පොහොට්ටුවේ උදවිය මෙයට වඩා කල්පනා කරන්න ඕන. ඔහු මෛත්‍රිපාලත් සමග ම මෙන් යහපාලනයට ගිය කෙනෙක්. යහපාලනයට ගිය ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෛත්‍රිපාල මෙන් ම එක් කොටසක් ගියේ ඇතැම් රාජපක්‍ෂලාගේ තාඩන පීඩන ඉවසා ගන්න බැරුව. ඒ රාජපක්‍ෂලා හිතුවේ තමන් මහා බලසම්පන්න රජවරුන් කියා. අනෙක් අයට තිබුණේ ඔවුන්ට සවන් දී කියන දෙකක් කිරීම පමණයි. 

Saturday 6 July 2019

ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා


ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා

මේ නඩු පවරන වාරයයි. අඹ වාරය පහුවෙලා රඹුටන් වාරය ඇවිත්. ඒ අතර නඩු පැවරීම්, චෝදනා සංශෝධනය කිරීම් ආදියත් සිදු වෙනවා. විවිධ නඩු. පොලිස්පතිට විරුද්ධ ව නඩු, පොලිස් නිලධාරීන්ට විරුද්ධ ව නඩු, මරණ දඬුවමට විරුද්ධ ව නඩු, සේනාධිපතිට හා පිරිසට විරුද්ධ ව නඩු ආදී වශයෙන් නඩු පැවරෙනවා. මේ නඩු වාරයට හේතුව පැහැදිලියි. ඒ ළඟ එන ජනාධිපතිවරණයයි. 

Friday 5 July 2019

අලි ජීප් බලන්න ඇවිත්

අලි ජීප් බලන්න ඇවිත්

වල් අලි බැලීමට බොහෝ දෙනා මින්නේරිය ජාතික උද්‍යානයට යනවා. අපට ජාතික ප්‍රතිපත්ති නැති වුණාට ජාතික පාසල් ජාතික උද්‍යාන ආදිය තියෙනවා. පසුගිය දා අපි මුණුබුරන් සමග වල් අලි බැලීමට මින්නේරි ගියා. මා හිතුවේ අපට වල් අලි කිහිප දෙනකු ඈතින් සිට බලන්න පුළුවන් වේවි කියා. මගේ හිිතිවිල්ල වැරදියි.

Thursday 4 July 2019

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි


පූජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව නඩු පවරලා. ඒ ගැන නඩුව ඉවරවන තුරු කතා කරන්න බැහැ. එහෙත් මේ නඩුව මෙසේ පැවරෙන්නේ දේශපාලන කුලල් කා ගැනීම නිසා. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව (මෙයට ඊනියා යන පදය එක් කරන්නේ ඇයි ද යන්න කලින් ලිපියක කියා ඇති) පත් නොකරන්න මේ නඩු පැවරෙන එකක් නැහැ. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති විසින් කියවන ලද ලිපියකින් පූජිත ජයසුන්දර නිදහස් කෙරුණා. 

Wednesday 3 July 2019

පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම


පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීම 

එක් සංස්කෘතියක ඇති අංගයක් වෙනත් සංස්කෘතියකට අවශෝෂණය කිරීම පහසු කටයුත්තක් නො වෙයි. බටහිර සංගීතයේ විශාරදයන් සේ පෙනී සිටින ඇතැමුනට බටහිර සංගීතය මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි  වෙලා තියෙනවා. බටහිර විද්‍යාඥයන් ලෙස ඉස්මතු වෙන්න දඟලන්නන් බටහිර විද්‍යාව මෙරට සංස්කෘතියට අවශෝෂණය කිරීම සඳහා කර ඇත්තේ කුමක් ද? සිනමාව, නවකතාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්. අනෙක් අතට ඒ ඒ ක්‍ෂෙත්‍රවලට මේ පඬියන් විශාරදයන් කර ඇති දායකත්වය (ප්‍රදානය) මොකක් ද? මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නන් බටහිර දර්ශනයට එකතු කර ඇත්තේ කුමක් ද?

Tuesday 2 July 2019

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්‍රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නය නීතිපති  කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.

Monday 1 July 2019

පාක්‍යසෝති හා රාජ්‍ය නොවන සංවිධාන

පාක්‍යසෝති හා රාජ්‍ය නොවන සංවිධාන

පසුගිය ජූනි විසිහයවැනි දා මා පාක්‍යසෝති ගැන ලිව්වා. ඔහු අස්ගිරි මහානායක හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීමට ඒ වන විට යෝජනා කර තිබූ බව ඔවුබිම පුවත්පත කියා තිබුණා. අද වන විට පාක්‍යසෝති කියන්නේ තමන් මහානායක හාමුුදුරුවන් අත් අඩංගුවට ගැනීමට යෝජනා නොකළ බවයි. ඒත් අදාළ පුවත්පත කියන්නේ තමන් සතු ව පාක්‍යසෝතිගේ හඬපටය තිබෙන බවයි.