History

Monday, 31 January 2022

මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය



මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය


රට ඇත්තේ භයානක අර්බුදයක. අද අපට විදේශ විනිමය නැහැ. ඒ කියන්නෙ ඩොලර් නැහැ. අපට අපේ තානාපති කාර්යාල පවත්වාගෙන යෑම අපහසු වෙලා. දැනටමත් තානාපති හා අවශේෂ කාර්යාල හතරක් වසා දැමීමට පියවර අරගෙන. ඉදිරියේ දී මේ තත්වය දිගට ම පැවතුණොත් තවත් කාර්යාල වසා දමන්න වේවි. මෙයට වග කියන්න ඕන මේ ආණ්ඩුව විතරක් නො වෙයි. ඒ බව මා කියන විට පඬි නැට්ටන් කියන්නේ මා ආණ්ඩුවට කඩේ යන බවයි. මා ආණ්ඩුව ආරක්‍ෂා කරන බවයි. 

Sunday, 30 January 2022

අලි හෙම්බිරිස්සාව ගැන බටහිරයනුත්

 

අලි හෙම්බිරිස්සාව ගැන බටහිරයනුත්

 

මා දැනන් හිටියෙ නැහැ පාරම්පරික වෙදමහතුන්ට මෙරට බලයක් තිබෙන බව. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඉහළ ම බලධාරියකු තම මාධ්‍ය සංදර්ශනයක දී කියා තිබුණා මෙරට ජනයා අර වර්ධකය නැත්නම් බූස්ටරය ලබා නොගන්නේ වෙදමහතුන් එය නොගන්න යැයි ජනතාවට කියා ඇති නිසා කියා. බලධාරියාත් තවත් බලධාරීනුත් නිතර කියන දෙයක් තමයි වර්ධකය ගන්න ඕන කියන එක. අද අප දන්නවා මෙරට ඉන්න බටහිර වෛද්‍ය විශේෂඥයන් රාශියකගේ නම්. ඔවුන් මාධ්‍ය සංදර්ශනවල දකින්න පුළුවන්. උපුල් රෝහණ, රවි කුමුදේශ් ඉන් ප්‍රධානයි. ඒ සියලු දෙනාත් මැති ඇමතිවරුත් කියද්දිත් ජනතාව පාරම්පරික වෙදමහතුනට සවන් දීමෙන් කියන්නේ එකී වෙදමහතුන්ට රටේ විශාල බලයක් තියෙන බවයි. මා ඒ බවක් දැන හිටියෙ නැහැ.

Saturday, 29 January 2022

සිංහල බෞද්ධයන් ගැන කතෝලික ඇසකින්

 සිංහල බෞද්ධයන් ගැන කතෝලික ඇසකින්

මෙහි පහත පළවන්නේ යුනියන් ඔෆ් කැතලික් ඒෂියන් නිවුස් සංගමය දිනපතා මෙන් ප්රකාශ කරන ආසියාවේ කතෝලිකයන් හා සම්බන්ධ ප්රවෘත්ති සඟරාවකට එක් ලේඛකයකු ලියා ඇති ලිපියක කොටසක්. ඔහු මේ ලිපියෙන් කියන්නේ ආසියාවේ කතෝලික ජනයාගේ දුක්ගැනවිලි ගැනයි. මෙහි රටවල් කිහිපයක් ගැන සඳහන් වෙනවා. ඒ හින්දු ඉන්දියාව, මුස්ලිම් ඉන්දුනීසියාව, කතෝලික පිලිපීනය හා ථෙරවාද බෞද්ධ මියන්මා, තායිලන්තය හා ශ්රී ලංකාවයි.

Friday, 28 January 2022

පොළොව පළාගෙන යන්න හිතෙනවා

 

පොළොව පළාගෙන යන්න හිතෙනවා

 

දැනට අවුරුදු විස්සකට පමණ උඩ දි මා කැලණිය විශ්වවිද්‍යාලයට ගිය අලුත එහි එක් කථිකාචාර්යවරයකු මට කී කරුණක් මතක් වුණා. ඒ ඉඳහිට දැනුත් එවැනි කතා කියැවෙන නිසා. ඒ කථිකාචාර්යවරයා කියා සිටියේ ඔහු ගරු කරන්නේ සුචරිත ගම්ලත්ට හා මට කියා. මට පොළොව පළාගෙන යන්න හිතුනා. ඒ කථිකාචාර්යවරයා අවශ්‍ය ලකුණු එකතු කර ගත්තා නම් අද වන විට මහාචාර්යවරයකු වෙන්න පුළුවන්. අදත් ඇතමකු මා අහවලා සමග ගරුත්වයෙන් සලකනවා. ඊයේ පෙරේදාත් රුසියන් උපාධිධාරියකු සමග මා සම්බන්ධ කර එවැනි කතාවක් කෙරුණා. මේ අහවල්ලු හැම විටක ම ගරුත්වයෙන් සැලකෙනවා. මේ අහවල්ලු හැම විටක ම ඊනියා වාමාංශික අදහස් දරණ අය. කිසිවකු මා වමකු නොවන අයකුට සමාන යැයි කියන්නේ නැහැ. ඒ වගේ ම සංසන්දනය සිදුවන්නෙත් වාමාංශික කියන අදහස් දරන්නන් අතින්.

Thursday, 27 January 2022

මූලධර්ම පඬිනැට්ටන් නිර්වචනය කරනවා

 

මූලධර්ම පඬිනැට්ටන් නිර්වචනය කරනවා

 

සිංහලයන් කවියන්. ඒ පොදුවේ ගත්තම. ඕනෑම සභාවක රැස්වීමක කවි කියන විට අපි හොඳට අහගෙන ඉන්නවා. අපට කවි නැතිව බැරුව වගේ. දරු නැළවිලි හැම සංස්කෘතියක ම වගේ ඇති. දරුවන් නළවන්න අපට කවි ඕන. එදා ඉඳන් අපි කවියට පුරුදු වෙනවා. පැල් කවි, කරත්ත කවි, පාරු කවි, නෙළුම් කවි ආදී වශයෙන් අපි කවි කියනවා. කවි අහගෙන ඉන්නවා. අපේ කවි කියන්න මිසක් කියවන්න නො වෙයි. කවි කියවීම (රීඩින් පොයට්රි) කියන එක බටහිර අදහසක්. අපි කවි කියවන්න වෙලා අවුරුදු හැත්තෑවකට අඩුයි. මා එසේ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ සමහර පීඨ පේරාදෙණියට ගෙන ගියේ පනස්දෙකේ හින්දා.

Wednesday, 26 January 2022

ඉන්දියාව චීනය හා අපි

 

ඉන්දියාව චීනය හා අපි

 

චීනය කිසිම ආකාරයකින් සමාජවාදී රටක් නො වෙයි. එය රාජ්‍ය ධනවාදී රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි පෞද්ගලික සමාගම්වලටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙත් ඒ සමාගම් රාජ්‍ය විසින් නියාමනය කෙරෙනවා. එහි ඊනියා විිද්‍යාත්මක මාක්ස්වාදී සමාජවාදයක් තියා මනෝරාජික සමාජවාදයක්වත් නැහැ. ඇති නැති පරතරය ඉහළයි. වමාලා කතාකරන්නේ සමාජවාදයක් ගැන නො වෙයි. අනාථ කඳවුරේ කිසිවකුට කිසිම සංකල්පයක් ගැන නිරවුල් අදහසක් නැහැ. ඔවුන් මෙරට දේශපාලනයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ.

 

Tuesday, 25 January 2022

ජාත්‍යන්තරයට යන්න හදන කාදිනල්තුමා

 

ජාත්‍යන්තරයට යන්න හදන කාදිනල්තුමා

 

කාදිනල්තුමා ජත්‍යන්තරයට යන්න හදනවා. මගේ ඇඟේ ලේ වතුර වුණා. මොකින් මොකක් වෙයි ද දන්නෙ නැහැ. මා විගහට බැලුවා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන්  ජඩමාධ්‍යවේදීන් මොනව කියනවා ද කියල. බලන කොට කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊනියා විශ්ලේෂණාත්මක ව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ජඩමාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා නිහඬයි. ජඩමාධ්‍යවේදීන්ට එය ප්‍රවෘත්තියක් පමණයි.

Monday, 24 January 2022

දියුණු වීම හා සමාජවාදය

 

දියුණු වීම හා සමාජවාදය

 

අප දියුණු වෙන්න ඕන කියනවා. පෞද්ගලිකවත් රටක් හැටියටත් දියුණු වෙන්න ඕන කියල අපි හිතනවා. මෙතන දි අපි කියන්නෙ පොදුවේ ගත්කල රටේ ජනතාව. මේ දියුණුව කියන එක අපි බලන්නෙ එක්කො අසල්වැසියාට සාපේක්‍ෂ ව. එහෙම නැත්තන් ලෝකෙ අනිත් රටවලට සාපේක්‍ෂව. අපි කොහොමටත් කියනව දියුණු රටවල වැඩ කෙරෙන්නෙ මෙහෙමයි කියල. දියුණු රටවල අරක තියෙනව මේක තියෙනව අපටත් ඒව ඕන කියන තේරුමක් තමයි මේ සියල්ලෙන් කියැවෙන්නෙ.

Sunday, 23 January 2022

කිසිදා ඇති නොවන සමසමාජය

 

                                   කිසිදා ඇති නොවන සමසමාජය

 

මේ ලිපිය තරමක් ප්‍රමාදයි. විවිධ කාලීන කරුණු ගැන ලිපි ලිවීමට සිදු  වූ බැවින් වමක් නැති වමාලා ගැන ලිපිය ප්‍රමාද වුණා. මෙය පසුගිය දෙසැම්බර් 10 වැනි දා, නොවැම්බර් 24 වැනි දා හා අදාළ ලිපි සමග සම්බන්ධයි. වමක් නැති වමාලා වැඩක් ඇතැයි සිතන වැඩක් නැති අය ද වෙනවා. සකර්බර්ග් අනාථ කඳවුරේ මේ වැඩක් නැතිව කුරුටු ගාන වමාලා දැක ගත හැකියි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වන ඔවුන් බයියන් ටොයියන් සහ තවත් අය අතර දැක ගන්න පුළුවන්. සකර්බර්ග් නැත්නම් මොවුන් ගැන කිසිවකුට මතකක් නැති වෙන්න තිබුණා.

 

Saturday, 22 January 2022

දින දෙකේ අසනීපය වෙන්ඩ ජනාධිපතිලා හා සංවර්ධනය

 

දින දෙකේ අසනීපය වෙන්ඩ ජනාධිපතිලා හා සංවර්ධනය

 

ඊයේ උසාවියේ සතුටුදායක පුවතක් කියැවිලා. චම්පක රණවකට නැත්නම් ඇතැමුන් කියන විධියට පාඨලීට කිසිම අසනීපයක් නැති බව අධිකරණ වෛද්‍ය නිලධාරි තැන නිගමනය කරලා. එය අර ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය අනුව පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ආධාරයෙන් කෙරුණක් වෙන්න ඕන. දින දෙකකින් පමණ සුළු කාලයකින් ඔහු සනීප වෙලා. බටහිර වෙදකමේ හාස්කම්වලට එයත් එකතු වෙන්න ඕන. මුලින් චම්පක පරීක්‍ෂා කළ බටහිර වෙද මහතා බොරුවක් කළා කියා හිතන්න බැහැ. ඒ වෙද මහතා තම අත්අකුරින් ම වෛද්‍ය වාර්තාව ලියල තියෙන්නෙ. අනෙක් අතට ඔහුට වැරදිලා කියල හිතන්නත් බැහැ. බටහිර වෙද මහත්තුරු අවංක දක්‍ෂ පුද්ගලයන්. ඔහුගේ දක්‍ෂකම නිසා වෙන්න ඕන චම්පක එතරම් දරුණු රෝගයකින් පෙළී සිටියත් දින දෙකක් වැනි සුළු කාලයකින් සුවපත් වුණෙ.

 

Friday, 21 January 2022

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ද?

 

අප මුහුණ දෙන්නේ විශාල ආර්ථික අර්බුදයකට බව ඇත්ත. එයට ඇත්තේ එක ම එක හේතුවක් පමණයි. ඒ අප රට ගැන නොව තමන් ගැන හිතීමයි. තම දරුවන් ගැන පමණක් හිතීමයි. ඇතැම් අය කියන කතාවකින් මෙය පැහැදිලි වෙනවා. ඔවුන් කියන්නේ රට සුද්දට තිබුණ නම් මෙයට වඩා හොඳයි කියන එක.  ඔවුන් කැමතියි පරාධීන රටක වුවත් තමන්ට හොඳය කියන තත්වයකින් ජීවත්වීමට ඇත්නම්. එහෙත් ඔවුන් නොදන්න දෙයක් තියෙනවා. අප අදත් සංස්කෘතික වශයෙන් පරාධීන බව. අප පරාධීන දැනුමක් මත පදනම් වෙලා ජීවත් වන බව. අපේ සංකල්ප හා ඒ මත ගොඩ නැගී ඇති ආකල්ප පරාධීන බව.

Thursday, 20 January 2022

සහෝදර දේශපාලනඥයෝ හා ලංකා මුදලිවරු

 

සහෝදර දේශපාලනඥයෝ හා ලංකා මුදලිවරු

 

මා මේ ලිපියට පාදක කරගන්නේ ලංකා මුදලිවරුන් මැයෙන් පළ වූ ලිපියක්. කුමාරස්වාමි පොන්නම්බලම් පවුල  දහනවවැනි සියවස අග භාගයේ සිට විසිවැනි සියවසේ මුල් දශක දෙක දක්වා ලංකාවේ ප්‍රධාන පවුල වුණා. මේ පවුලේ වඩාත් ම දන්නා පුද්ගලයන් වනුයේ පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම් ය. ඒ දෙදෙනා තවත් අය සමග ලංකා විශ්වවිිද්‍යාලය පිහිටුවීමට උනන්දු වුණා. ඒ දෙදෙනාගේ හා ජේම්ස් පිරිස් මාකස් ප්‍රනාන්දු ඩී බී ජයතිලක ඩී ආර් විජේවර්ධන ආදීන්ගේ නමින් පේරාදෙණියේ ශාලා (ශිෂ්‍ය නේවාසිකාගාර) ද පිහිටුවා තිබෙනවා.

Wednesday, 19 January 2022

වහාබ්වාදීන් එන්නේ මොකාට ද?

 

වහාබ්වාදීන් එන්නේ මොකාට ද?

 

නීලා වික්‍රමසිංහ අභාවයට පත්වෙලා. ඒ ගැන මට ඇත්තේ සංවේගයක්. මට ඇය කිසි දිනෙක හමුවෙලා නැහැ. එහෙත් මා ඇගේ බොහෝ ගීත ප්‍රිය කළා. ඉන් කිසිසේත් ම කියන්නේ නැහැ මා ඇගේ ගීත සියල්ල අසා තියෙනවා කියා. ඇයට ඉතාමත් ළයාන්විත කටහඬක් තිබුණා. ඇය කුලතිලක පරපුරේ ගායිකාවක නො වෙයි. රෝහණ බැද්දගේ, ලයනල් රන්වල ආදීන් කුළතිලක පරපුරේ. සී ද එස් කුලතිලක තමයි අපට පිරිත් ඕසේ නෙළුම් ගී ගැන කියා දුන්නේ. අපේ හාමුදුරුවරුන් පිරිත් කියන්නේ සිංහල නාද රටා අනුව බවයි මගේ හැඟීම. මියන්මාහි දී මට එය තවත් ප්‍රත්‍යක්‍ෂ වුණා. 

Tuesday, 18 January 2022

ජනාධිපතිතුමාගේ කතාව හා දේශීය දැනුම

 ජනාධිපතිතුමාගේ කතාව හා දේශීය දැනුම

 

අප ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්කර ගත යුතුයැයි කීවේ ඔහුගේ යම් ජාතිකත්වයක් ඇති නිසාත් ඔහු රාජ්‍යාරක්‍ෂාව ලබා දීමට සමත් නිසාත්. ඒ මිසක් ඔහුට දේශීය දැනුමක් ගැන එතරම් විශ්වාසයක් ඇති නිසා නො වෙයි. අද පාර්ලිමේන්තුවේ දේශීය දැනුමක් ගැන විශ්වාස කරන මැති ඇමතිවරුන් සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනට වඩා අඩුයි. මැති ඇමතිවරුන් කිසිවකු දේශීය දැනුමක් ගැන අප සමග සාකච්ඡාවක් කිරීමටවත් කැමති නැහැ.

Monday, 17 January 2022

කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව

 



කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව

 

කාදිනල්තුමා වහාබ්වාදය ආරක්‍ෂා කරන්නේ ය යන චෝදනාව මා කරන්නේ නැහැ. එහෙත් එතුමා පාස්කු ප්‍රහාරය සිදු කෙළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට ය යන හැඟීම ගෙන දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වහාබ්වාදයට උඩගෙඩි දෙන බව නම් පැහැදිලියි. එමෙන් ම එතුමා බොරුල්ලේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය පිළිබඳ ව පැය විසිහතරක් ගතවීමටත් පෙර කලබලයෙන් පොලීසියට දොස් පවරමින් කළ ප්‍රකාශයත් සැක උපදවනවා. කාදිනල්තුමා යමක් හැංගීමට ක්‍රියා කරනවා ද? පොලිසිය කියා තිබෙනවා දේවස්ථානයේ බෝම්බය තැබීමට කිසියම් පුද්ගලයකු රුපියල් පනස්දාහක්  දීමට කටයුතු කර ඇති බවක්. මේ කතාව ඇත්ත නම් ඒ පුද්ගලයා කවුද? අප කාදිනල්තුමා මෙන් පොලිසියෙන් ඉක්මන් දැනුම්දීමක් බලාපොරොත්තු වන්නේ නැහැ. අප පොලීසියේ වැඩට ඇඟිලි ගහන්නේත් නැහැ. පොලීසිය ආණ්ඩුවෙන් මෙන් ම ආගමික නායකයන්ගෙන් ද වෙනත් අයගෙන් ද නිදහස් වෙන්න ඕන.

Sunday, 16 January 2022

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ

 

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ

 

ඩොලර අර්බුදයේ හොඳ පැති ගණනාවක් තියෙනවා. මේ අර්බුදයට හේතුව සංචාරකයන් නැති වීම නොවෙයි. මේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකරණයක් නො වෙයි. ඒ එසේ නම් පසුගිය ජූලි මාසය වන තෙක් සාමාන්‍ය තත්වයෙන් ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය තත්වය කියන්නේ හොඳ තත්වයක් නො වෙයි. ඒ ණයට කෑම. අප ණය ගත්තා මිසක් රටට ඔබින සංවර්ධනයක් ගැන හිතුවේ නැහැ. මේ කසිකබල් අධ්‍යාපනයෙන් බිහිවෙන අයට අලුතෙන් දෙයක් හිතන්න බැහැ.

Saturday, 15 January 2022

කාදිනල්තුමාගේ හා තවත් අයගේ දේශපාලනය

 

කාදිනල්තුමාගේ හා තවත් අයගේ දේශපාලනය


වහාබ්වාදය හා ෆට්වා ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති චන්න ජයසුමන අධිකරණ ඇමති අලි සබ්‍රිට ලිපියක් ද යවා තියෙනවා. ෆට්වා පැනවීම යුක්ති යුක්ත කරන පනතක් චන්ද්‍රිකාගෙ ආණ්ඩුව 2000දි සම්මත කර තිබෙනවා. ඒ අනුව ඇතැම් සුෆී මුස්ලිම් බැතිමතුන්ට වහාබ්වාදීන්ගෙන් තර්ජන එල්ල වී තියෙනවා. මේ පිළිබඳ ව සවිස්තරාත්මක ව පසුව ලියන්න ඕන. අවුරුදු හතළිස්දෙකක් තිස්සේ සුෆීවරුන් වහාබ්වාදීන්ගෙන් පීඩා විඳිනවා. 

Friday, 14 January 2022

තෛපොංගල් හා අවුරුද්ද

 

තෛපොංගල් හා අවුරුද්ද

 

අද තෛපොංගල්. මෙය දෙමළ හින්දු උත්සවයක්. බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙන් ම තෛපොංගල් සම්බන්ධයෙන් ද විවිධ මත තියෙනවා. ඇතැමුන් කියන්නේ අද තමයි දෙමළ හින්දු අවුරුද්ද පටන් ගන්න දවස කියා. එය එහෙම වෙන්නත් පුළුවන්. එහෙත් තවත් අය කියන්නේ දෙමළ හින්දු අවුරුද්ද අප්‍රේල් මස 14 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ ඇරඹෙන බව. ලංකාවේ එය එතරම් ප්‍රශ්නයක් යැයි මා හිතන්නේ නැහැ. එහෙත් තමිල්නාඩුවේ එය විශාල දේශපාලන ප්‍රශ්නයක් වුණා.

 

Thursday, 13 January 2022

කාට කියන්න ද?

 

කාට කියන්න ද?

 

 

මේ මෙවර නේචර් සඟරාවේ සංස්කාරක සටහන හා  2021 වසරේ එම සඟරාවේ පළ වූ ඒ සමග බැඳුණු ලිපි කිහිපයකුයි.  නේචර් සඟරාව ලංකාවේත් විිද්‍යාඥයන් යැයි කියා ගන්නන් අතර සම්භාව්‍ය විිද්‍යා සඟරා දෙකෙන් එකක් ලෙස සැලකෙනවා. අනෙක සයන්ස්.

 

මේ සටහනෙන් කියැවෙන්නේ කොවිඩ් සමහ ජීවත් වීමට අප පුරුදුවිය යුතු බවයි. ලිපි අවසානයේ කියන්නේ ආණ්ඩු විද්‍යාඥයන්ගේ මග පෙන්වීම් හා අවවාද අනුව කටයුතු කළ බවයි!

 

කාට කියන්න ද? 

 

Nature

EDITORIAL

10 January 2022

COVID is here to stay: countries must decide how to adapt

The Omicron variant has laid bare the need to live with a disease that throws up an ever-changing set of challenges.

 

People wearing face masks walk the busy shopping streets of downtown Sao Paulo

As we enter the third year of the pandemic, countries need to find ways of living with SARS-CoV-2 while minimizing its harms.  Credit: Rodrigo Paiva/Getty

 

From a pandemic perspective, 2022 seemed poised to begin with a hefty dose of déjà vu, with COVID-19 cases on the rise in many countries in the lead-up to the new year. Meanwhile, a new coronavirus variant seemed poised to overwhelm health-care systems amid fears that vaccines — from first inoculations to boosters, depending on the country — could not be rolled out quickly enough to stem the impending tsunami of infections.

 

The welcome news that surges of the Omicron variant are associated with less severe disease in adults than are preceding variants of SARS-CoV-2 suggests that some of pandemic modellers’ worst-case scenarios will not come to pass. But life has again been disrupted. Widespread absences due to coronavirus infections have left hospitals in many countries understaffed, forced schoolchildren to return to remote learning, and limited global mobility. And even if a relatively small percentage of those infected require hospitalization, sky-high infection rates across large populations mean that many people will still face life-threatening disease and long-term disability. This is particularly true for the unvaccinated — a group that includes a large proportion of the world’s population, especially children.

 

For those who had hoped that 2021 would be the year that put the pandemic in the past tense, it was a harsh reminder that it is still very much present. Rather than laying plans to return to the ‘normal’ life we knew before the pandemic, 2022 is the year the world must come to terms with the fact that SARS-CoV-2 is here to stay.

 

 

The coronavirus is here to stay — here’s what that means

 

 

Countries must decide how they will live with COVID-19 — and living with COVID-19 does not mean ignoring it. Each region must work out how to balance the deaths, disability and disruption caused by the virus with the financial and societal costs of measures used to try to control the virus, such as mask mandates and business closures. This balance will vary from one place to another, and with time, as more therapies and vaccines become available — and as new variants emerge.

 

The emergence of the Omicron variant last November highlighted the ongoing challenges of life with SARS-CoV-2. Some countries were already facing surges in the highly transmissible Delta variant, but vaccines and prior infection conferred relatively high levels of protection against Delta, particularly against severe disease. Many researchers — and a fair few politicians — hoped that future waves would be less disruptive, thanks to the build-up of immunity in populations that would keep viral circulation in check and protect most people from the severe manifestations of disease that drain health-care resources.

 

It was expected that mutations in the viral genome would slowly chip away at this immunity, particularly its ability to stop viral transmission. But Omicron dealt a swifter and more serious blow to immunity than predicted. It is now clear that SARS-CoV-2 reinfections are more common, and that some of the most widely used COVID-19 vaccines have faltered in the face of the variant. Existing vaccines, developed against an earlier variant, now require a booster to provide substantial levels of protection against infection.

 

 

How COVID vaccines shaped 2021 in eight powerful charts

 

 

But the news has not all been grim. Vaccines, particularly when boosted, still seem to provide substantial protection against severe disease and death. Early data from animal studies suggest that Omicron might generate a different pathology compared with previous variants, causing greater infection of the upper respiratory tract and less infection in the lungs. Data from several countries suggest that the variant is associated with less severe disease, although whether this is due to the variant itself or widespread pre-existing immunity requires further study.

 

Countries have charted a variety of courses through the latest surge. Many with the resources have accelerated the distribution of vaccine boosters, but many others do not have this luxury. Some countries have reinstituted lockdowns, whereas others are holding back, waiting to see the extent to which climbing infection rates affect hospitals.

 

With infection rates soaring around the globe and many countries still unable to access adequate vaccine supplies, more SARS-CoV-2 variants of concern will continue to emerge. And, as Omicron has illustrated, the ability to predict what course those variants will take becomes more difficult as the complexities of viral evolution and pre-existing immunity complicate the models that have previously been used to anticipate the course of the pandemic. Now modellers need to factor in the effects of vaccines, previous infections, waning immunity over time, booster shots and viral variants — and, as the year progresses, they will also have to consider the impact of emerging antiviral treatments.

 

 

But what is clear is that the hope that vaccines and prior infection could generate herd immunity to COVID-19 — an unlikely possibility from the start — has all but disappeared. It is widely thought that SARS-CoV-2 will become endemic rather than extinct, with vaccines providing protection from severe disease and death, but not eradicating the virus.

 

 

The fight to manufacture COVID vaccines in lower-income countries

 

 

As Omicron and other variants have shown, this only adds to the urgency with which vaccines must be distributed to countries that currently lack supplies. Efforts are under way to bolster vaccine production in countries such as South Africa, which have not historically been centres for vaccine manufacturing. These and other efforts to boost global access to vaccines remain in the best interests of all countries: devastating variants are particularly likely to emerge and seed blazing outbreaks in regions with low vaccination rates, and their spread will be further exacerbated where levels of testing and genomic surveillance are also low.

 

Fortunately, 2022 is poised to add to our defences against the pandemic. New vaccines — such as protein-based vaccines, which might cost less and have less-stringent storage requirements than mRNA vaccines currently do — will become more widely available. In December, the World Health Organization approved the long-awaited protein vaccine made by Novavax in Gaithersburg, Maryland, for emergency use. Ongoing clinical trials will establish whether upcoming vaccine candidates that target specific coronavirus variants, or that can be inhaled or taken orally rather than injected, will also be useful. Several nasal candidates are in clinical testing, including one from CanSino in Tianjin, China, and another developed by AstraZeneca in Cambridge, UK.

 

Meanwhile, new antiviral drugs, formulated in tablets that can be easily administered early in the course of infection to reduce the chance of serious disease and death, offer another approach against COVID-19. In the past few months, some countries have authorized the use of two such drugs: molnupiravir, made by Merck in Kenilworth, New Jersey, and Ridgeback Biotherapeutics in Miami, Florida; and Paxlovid, made by Pfizer, based in New York. Data from pivotal clinical trials of other candidates are expected in the coming year.

 

All of these will expand the world’s capacity to manage SARS-CoV-2 outbreaks. They are cause for hope and optimism, but with a hefty dose of realism: the virus will continue to circulate and change, and governments must continue to rely on the guidance and advice of scientists. We will not always be able to predict the virus’s path, and we must be ready to adapt with it.

 

Nature 601, 165 (2022)

doi: https://doi.org/10.1038/d41586-022-00057-y




නිවුටන් සකර්බර්ග් හා දෙවියන්

 

නිවුටන් සකර්බර්ග් හා දෙවියන්

 

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය අයිතිකරුවන් මෙන් ප්‍රබුද්ධයකු නොවූ මට අප්‍රබුද්ධ සිතුවිලි සිතට එනවා. ඒ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ කුලපති පත්වීම උපහාසයට හා අපහාසයට ලක්කරමින් එයට විරුද්ධත්වය දැක්වූ සියයට දශම තුනේ නැත්නම් දාහට තුනේ විස්තරය පෙන්වා උන්වහන්සේට උපහාර දැක්වීමේ උත්සවය නොපෙන්වූයේ ඇයි ද යන්න ගැන පමණක් නො වෙයි. ඒ අවස්ථා දෙක ම දේශපාලනිකයි. එක් අවස්ථාවක් පෙන්වා අනෙක් අවස්ථාව නොපෙන්වීමෙන් ජනමාධ්‍ය සහාය දෙන්නේ කාහට ද යන්න පැහැදිලි වුණා. සුනිල් පෙරේරාගේ හා ඩෙස්මන්ඩ් ද සිල්වාගේ අභාවයන් ගැන ශෝක වූ ජනමාධ්‍ය ඩග්ලස් වික්‍රමරත්න මියගිය බවක්වත් සඳහන් කෙළේ නැහැ. ජනමාධ්‍යයේ ඉන්නේ ප්‍රබුද්ධයන්.

Wednesday, 12 January 2022

ප්‍රවාදවල වටිනාකම

 

ප්රවාදවල වටිනාකම

 

පහත පළවෙනි සබැඳිය මට හිතවතකුගෙන් ලැබුණු එකක්. එහි කියැවෙන පරිදි ම නොවෙතත් බටහිර විද්යාවේ ප්රවාදවල වටිනාකම අඩුවෙමින් පවතිනවා.

 

පරිගණක විද්යාව විද්යාවක් ලෙස හැඳින්නුවත් එයට පාදක වූ මූලික ප්රවාද නැහැ. අපේ සිසුන් පරිගණක විද්යාවේ දක්ෂයන් වන්නේ ප්රවාද නැති නිසයි. ඒ ගැන මා කලින් කියා ඇති මුත් එතරම් පිළිගැනීමක් ලැබුණේ නැහැ.

 

කෙසේ වෙතත් ප්රවාද නැත්නම් කතන්දර ප්රධාන වශයෙන් වැඩ කරන්නේ බටහිර භෞතික විද්යාවේ. ප්රවාදවල මූලික ව ඇත්තේ ඒක හේතුවාදය. ඇතැම්විට ඌනිතවාදය යන්නෙන් හැඳින්වෙන්නේ මේ ඒක හේතුවාදයයි. අද දැඩි ලෙස රෝගාතුර ව සිටින චම්පක රණවක කලක් ඌනිතවාදය ගැන උනන්දු වුණා. ඔහුට ඉක්මන් සුවය පතනවා.

 

අද පොහොර ප්රශ්නයේදීත් මේ ඒක හේතුවාදය බලපානවා. එය කෘත්රිම ව සකස් කරන ලද්දක්. ඒ ඒ බීජවලට ඒ ඒ පොහොර. අදාළ පොහොර නැත්නම් අස්වැන්නක් නැහැ. විස්තර පසුවට.

 

https://www.theguardian.com/.../are-we-witnessing-the...


 


 

කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

 


කුලපති හාමුදුරුවෝ හා විවිධ බමුණෝ

 

ඊයේ නෙළුම් පොකුණ ශාලාවේ වැදගත් උත්සවයක් පැවැත්වුණා. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උපහාර දැක්වීමට. උත්සවය සඳහා මට ද ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබී තිබුණා. දැන් මා උත්සවවලට සහභාගි වන්නෙ ඉතාමත් කලාතුරකින්. එහෙත් මේ උපහාර උත්සවයට  සහභාගි වූයේ ඉතා කැමැත්තෙන්.  මා සහභාගි වුණේ කරුණු දෙකක් නිසා . පළමුව උන්වහන්සේගෙන් මෙරටට සිදු වී ඇති සේවයට කරන ගෞරව පූජාවක් ලෙස. දෙවැනුව උන්වහන්සේට නින්දා අපහාස කිරීමට පෙළඹුණු සියයට දශම තුනටබලධාරීන්ට හා ජඩමාධ්‍යයට විරෝධය පෑමක් ලෙස.

Tuesday, 11 January 2022

ඩොලර් අර්බුදය දශම තිත වෙනස් කිරීම හා අල බැහීම

 

ඩොලර් අර්බුදය දශම තිත වෙනස් කිරීම හා අල බැහීම

 

ඩොලර් අර්බුදය ඇති කරන ලද්දක් බව පැහැදිලියි. කොවිඩ් පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ නො වෙයි. සංචාරකයන් නොපැමිණීමත් අද ඊයේ සිදු වූ දෙයක් නො වෙයි. මේ සමග ඇති සටහනෙන් මෙරට ඩොලර් සංචිත දැක්වෙනවා. ජූලි මාසය වන තුරු විශාල අහේනියක් සිදු වී නැහැ. එහෙත් ජූලි මාසයේ සිට තමයි කඩා වැටීම පටන් අරන් තියෙන්නෙ. අගෝස්තු මාසයේ  සුළු වැඩිවීමක් වෙලා තියෙනවා. එය අර උගතුන් කියන ව්‍යතිරේකයක්. එහෙත් ඉන් පසු කඩා වැටීම දිගට ම සිද්ධ වෙලා තියෙනවා. දෙසැම්බරයේ වැඩි වීම රත්තරන් සංචිතය අඩුවීමත් සමග ගලපන්න පුළුවන්.

Monday, 10 January 2022

අනේ මගෙ කට

 

අනේ මගෙ කට

 

චීන විදේශ කටයුතු පිලිබඳ ඇමති ඇවිත් ගියා. ඔහු දවස් දෙකකින් සියල්ල නිම කළ විශ්වකර්මයකු නො වෙයි. විශ්වකර්මලා ඉන්නේ ලංකාවේ. මා හිතන්නේ මාස ගණනාවක සාකච්ඡා යම් ආකාරයක කුළු ගැන්වීමක් තමයි ඊයේ පෙරේදා සිදු වුණෙ. අද අප ඉන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ලෝක අමාරුවක. මේ අමාරුව මේ ආණ්ඩුවේ නිර්මාණයක් යැයි කීමට සජිත් චම්පක රනිල්දාස බලකායන් පමණක් නොව මෛත්‍රිපාල බලකාය ද සූදානම්. එහෙත් මෙය ඒ සියල්ලන්ගේමත් රාජපක්‍ෂ ආණ්ඩුවලත් අමනොඥ ක්‍රියා නිසා ඇති වූවක්. සිංහලයන් වරද අනෙක් අය පිට පැටවීමේ උපන් හපන්නු.

Sunday, 9 January 2022

ණය, සැමරුම් හා චීන වෙළෙන්දා

 

ණය, සැමරුම් හා චීන වෙළෙන්දා

 

මට ලියන්න ඕන චීන විදේශ ඇමති සංචාරය පිළිබඳ ව. එතුමා මෙරටට පැමිණෙන්නේ හුදෙක් චීන ලංකා සබඳතා ඇති කරගත් දිනය සැමරීමට නම් නොවන බව ඊනියා භූ දේශපාලන යථාර්ථ පඬියකුට වුවත් තේරෙනවා. ඔය ලොකු වචන යොදා කතාකරන කී දෙනකුට තමන් කියන්නේ මොකක් ද කියල තේරෙනවා ද? සිංහලෙන් සරල ව ලියන ලිපියක් තේරුම් ගැනීමට බැරි අය ඩෙරීඩා ප්‍රංශ භාෂාවෙන් කියවනවා. හෙගල් ජර්මන් භාෂාවෙන් කියවනවා. ඩෙරීඩාගේ විසංයෝජනය, එංගල්ස්ගෙ අපෝහක ද්‍රව්‍යවාදය ගැන පඬි වදන් කියවනවා. පඬි නැට්ටන් පැත්තකින් තියමු. චීන විදේශ ඇමතිතුමාගෙ සංචාරය වැදගත්.  එහෙත් මට එයට පළමු කියන්න දෙයක් තියෙනවා. 

 

Saturday, 8 January 2022

ඉන්දියාව, චීනය හා මියන්මා

 ඉන්දියාව, චීනය හා මියන්මා


මියන්මා දේශය සමග සහල් ටොන් ලක්‍ෂයක් මිල දී ගැනීමට ගිවිසුමක් අත්සන් කරලා. මියන්මා දේශයට ආසියාවට ම වුණත් සහල් සපයන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් අද මියන්මා ආසියාවේ සහල් ධාන්‍යාගාරය කියන්න පුළුවන්. කලක දි ලංකාව ඒ තත්වය දැරූ බව ඉතිහාසයෙ කියැවෙනවා. සිංහලයාගේ දක්‍ෂකමක් දකින්න අකමැති හිටපු මහා බැංකු ලොක්කකු කියල ඒ කාලෙ ලංකාව පිටින් සහල් ආනයනය කරල ප්‍රතිඅපනයනය කරල කියල. ඔවුන් දන්න කසිකබල් ආර්ථික විද්‍යාව තමයි එයින් කියැවෙන්නෙ. ඔවුන්ගෙ ආකෘති බටහිර ආකෘති. ඒ බැංකු ලොක්කා පරාක්‍රමබාහු රජු සහල් වෙළෙන්දකු බවට පත් කරලා.      මියන්මා දේශයෙන් අප ලබා ගන්නා සහල් ඔවුන් ප්‍රතිඅපනයනය කරන සහලක් නො වෙයි. ඔය බැංකු ලොක්කන්ගෙ උපදෙස් මත තමයි මෙරට ආර්ථිකය පල්ලම් බැහැල තියෙන්නෙ. මේ ලොක්කන් බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැන හිතන්නෙවත් නැහැ. 

Friday, 7 January 2022

අනුර උපාසක මහතා හා සිංහල බෞද්ධ සංස්කෘතිය

 

අනුර උපාසක මහතා  හා සිංහල බෞද්ධ සංස්කෘතිය

 

අනේ මූ මහාචාර්ය කෙනෙක්ද?

වයස ගැන සලකලා මොකුත් නොකියා ඉන්නවා

 

වැඩිහිටියෝ හින්ද මුකුත් කියලත් බෑ...නොකියත් බෑ...දැන් එතකොට පන්සල් යන්න පුලුවන් ඔහේගෙ මහලොකු හොරපවුලට(රාජපක්ෂ) විතරද?..... අනුර කුමාර උඩින් පාත් වෙච්ච එකෙක්ද?.... නිකම් ගොන් කතා කියන්න එපා.... ජී.එල්.පීරිස් ඔබතුමා කොලබ කැම්පස් එකෙන් එලෙවුවෙත් ඔය ගොන් කතා කියන නිසා වෙන්න ඇති නේද?

 

Mother f.....r .. if I become the leader of SL ...First one to be executed in Galle Face Green

 

 

නලින් ද සිල්වා යනු ජාතිකවාදී නරියෙකි

 

නලින් ද සිල්වා මහත්තයාට තව බොහෝ කලක් ජීවත් වෙන්න ලැබෙන්න ඕනැ ,එතකොට තේරේවි එතුම මොන තරම් ලොකු පඹ ගාලකද පැටලිලා ඉන්නෙ කියල”

Thursday, 6 January 2022

අනුර රජ සැප පිණිස හරිණි අත්හරිණවා ද

 

අනුර රජ සැප පිණිස හරිණි අත්හරිණවා ද

 

ජනප්‍රවාදයේ සඳහන් අන්දමට සාලිය කුමරු අශෝකමාලා නිසා ලක්දිව රජ සැප අත්හැරියා. ගැමුණු කුමරුත් විවාහ වුණේ රජ කුමරියක සමග නො වෙයි. සමහර විට එතුමාටත් ප්‍රශ්න තියෙන්න ඇති. මල්ලි තිස්ස කුමාරයා රජකමට උරුම කියලත් තියෙනවා. රජකම සම්බන්ධයෙන් මල්ලිලා ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. මල්ලි විහාර මහා දේවියයි කඩොල් ඇතයි අරගෙන ගිහින් තමයි රජකමට උරුමකම් කිවුවෙ. ඒ දවස්වල හාමුදුරුවරු ඉඳලා තියෙන්නෙ තිස්සගෙ පැත්තෙ. සමහර විට උන්වහන්සෙලා කුල මල ප්‍රශ්නත් ඇද්දද දන්නෙ නැහැ. මල්ලි යුදගනාවෙදි අයියත් එක්ක යුද වදින්න තරම් එඩිතර වුණා. ඔය යුදගනාවයි යුදගනවි ගිවිසුමයි අතර සම්බන්ධයක් තියෙනවා ද? මට එහෙම හිතෙනවා.

Wednesday, 5 January 2022

සුසිල් පොළේ ගිහින්

 

සුසිල් පොළේ ගිහින්

 

සුසිල් ප්‍රේම් ජයන්ත කඩේ ගිහින්. නැහැ පොළේ ගිහින්. ඔහු දෙල්කඳ පොළේ නිතර දකින්න පුළුවන් කියල කියනවා. ඒත් සාමාන්‍යයෙන් පොළේ යන විට මාධ්‍ය යන්නේ නැහැ. ඒත් පසුගිය දා අහම්බෙන් ද කොහෙද සුසිල් ප්‍රේම් ජයන්ත ලොතරැයියක් ගන්න පොළට ගිය වෙලාවෙ මාධ්‍යවේදීන් ද ඇවිල්ල. අර ගොවීන් පොහොර විසිකරන විටත් මාධ්‍යවේදීන් එනවා. කොහොම එනවා ද දන්නෙ නැහැ. ගෑස් නැති වුණාමත් මාධ්‍යවේදීන් යනවා. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නො වෙයි. පාරෙ පෝලිම් දැක්කම යන්න පුළුවන්. ඒත් ගොවීන් පොහොර විසිකරන වෙලාවල් සුසිල් ප්‍රේම් ජයන්ත පොළේ යන වෙලාවල් දැන ගැනීමට මාධ්‍යවේදීන්ට පුදුම ඉවක් තියෙන්න ඕන.

 

Tuesday, 4 January 2022

ආර්ථිකයට සහනයක්

                                ආර්ථිකයට සහනයක්

 

ටික කාලෙකට පෙර මහා බැංකුවේ හිටපු ප්‍රධානියකු වූ ඩබ් ඩී ලක්‍ෂමන් ආර්ථික විද්‍යාව ගැන මා සමග කී කතාවක් මට මතක් වෙනවා. ඔහු ඒ බව කීවේ ජී එල් පීරිස්ලා ඈපාසිංහලා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට පෙර. ඔහු මට කිවුවේ යම් ප්‍රශ්නයක් ගැන ආර්ථික විිද්‍යාඥයකුගෙන් විමසූ විට ඒ තැනැත්තා යම් මතයක් ප්‍රකාශ කර නොනවතින බවත් අනෙක් අතට කියා තවත් මතයක් ප්‍රකාශ කරන බවත්. ආර්ථික විද්‍යාව භෞතික විද්‍යාව වගේ නො වෙයි. පට්ටපල් බොරු වුවත් භෞතික විද්‍යාව තරමක් දත් අයකුට වුවත් පරිපථයක විලයනය නැතිවීමක්  (fuse) හදාගන්න හැටි කියන්න පුළුවන්. ඒ කියන්නෙ ඔහුට ඒ සංසිද්ධිය පිළිබඳ හරියන කතන්දරයක් තියෙනවා කියන එක. අද රටේ ආර්ථිකය විලයනය නැතිවීමකට ලක් වෙලා. ආර්ථික විද්‍යාඥයන්ට ඒ සම්බන්ධ හරියන වැඩ කරන කතන්දරයක් නැහැ. ඔවුන් බොහෝ විට  ඒත් අතට මේත් අතට අඟර දඟර පානවා. ඒ අතට එහෙමයි. මේ අතට මෙහෙමයි. හරියන අතක් නැහැ.

Monday, 3 January 2022

ගෝඨාභය හා හාමුදුරුවෝ

 

ගෝඨාභය හා හාමුදුරුවෝ

 

ඊයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ගෞරවනීය නාමයක් ප බැන්දා. මට වැදගත් වන්නේ පටබැඳි නාමය නො වෙයි. කවුරු හරි කියන්න බැරි නැහැ මට කිසිවකු කිසිම සම්මානයක්, අඩු තරමින් සම්මානිත මහාචාර්ය ධුරයක්වත් ලැබී නැති නිසා ඊර්ෂ්‍යාවට එසේ කියනවා කියා. ඉස්සර එංගලන්තයේ රජු හරි රැජන හරි පිරිනමපු ඊනියා නම්බු නාම මෙරට මහ ඉහළින් සැලකුණා. මාර්ටින් වික්‍රමසිංහටත් එවැනි නම්බු නාමයක් ලබුණා ඔහු එය පිළිගත්තා. මෙරට කී දෙනකුට පිලිපීනයෙන් පිරිනමන මැග්සේසේ ත්‍යාගය ලැබිල තියෙනවා ද? අමරදේව එම ත්‍යාගය ලබා ගැනීම හා සම්බන්ධ ව මහ සඟ ගණ කර ඇත්තේ කුමක් ද කියා ඇසුවා.  මියන්මා රජයෙන් පිරිනැමෙන නොයෙකුත් අභිධාන මෙරට ගෞරවයට පාත්‍ර වෙනවා. මා එහි සිටි සුළු කාලයෙහි එරට වැසියන්ට එකී අභිධාන ප්‍රදානය කෙරෙන ආකාරය ගැන දැන ගන්නට ලැබුණා.  එය එතරම් ප්‍රසාදයට හේතු වන්නක් නො වෙයි.

 

Sunday, 2 January 2022

පුංචි බණ්ඩ ගෙදර යන්නෙ නැහැ

 

පුංචි බණ්ඩ ගෙදර යන්නෙ නැහැ

 

මට ඊනියා මහජන නියෝජිතකමක් නැති වීම ගැන මා කණගාටුවෙනවා. එහෙම තිබුණ නම් මටත් කියන්න තිබුණ මා තනතුරු බලාගෙන ඉන්න අයකු නොවෙයි මහජන අපේක්‍ෂා ඉටු වෙන්නෙ නැත්නම් මා තනතුරු බල්ලට දාල ගෙදර යනව කියලා. සංස්ථා සභාපතිල ආණ්ඩුකාරවරු විදේශ අමාත්‍යාංශයෙ නිලධාරීන් නොවන  තානාපතිවරු ආදීන් කරන්නෙත් මහජන සේවයක්. ඔවුනුත් ඇමතිවරු වගේ ම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න සූදානමෙන් ඉන්නෙ. සමහරු හිතන්නෙ මා මියන්මා තානාපතිකම අත්හැරලා ගෙදර ඇවිල්ල කියලා. අපොයි නැහැ මා ගෙදර ආවෙ අසනීප වෙලා මරණයේ එළිපත්ත පාගන්න වුණ නිසා.

Saturday, 1 January 2022

අවුරුද්දේ ආධිපත්‍යය

 අවුරුද්දේ ආධිපත්‍යය


අද ජනේරුව. ඒ අපි පොඩි කාලෙ. අද නම් අලුත් අවුරුද්ද. මේ නත්තලෙන් දවස් හතකට පස්සෙ දවස. දවස් හත යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතීන්වල වැදගත්. දෙවියන් වහන්ස් තමන්ගෙ මැවීමේ කටයුතු ඉවර කරල නිවාඩු ගත්ත දවස. පෙරදිග සංස්කෘතීන්වල හත වැදගත්. යුදෙවුවොත් පෙරදිග. අපටත් සත් සතිය තියෙනවා. අපි කාලෙක ගඟට හත් ගවුවක් තියෙද්දි අමුඩ ගහපු ජාතියක්. ඒ කියන්නෙ අපි සැලසුම් කරපු අය කියන එක. ඒත් පස්සෙ කාලෙක සැලසුම් කිරීම උපහාසයට අපහාසයට ලක් වෙලා තියෙනවා. ඊට පස්සෙ කියල ගඟ හත් ගවුවක් තියෙද්දි අමුඩ ගහන්න එපා කියලා.