History

Monday 31 August 2020

විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා



මේ ලිපි විග්නේෂ්වරන් පිළිබඳ ලිපි බවට පත් කිරීමට මට වුවමනාවක් නැහැ. ඒත් ඔහු ඊයේ දෙරණ මොකද වුණෙ වැඩ සටහනෙහි ඔහුගේ මනස වැඩ කරන හැටි රටට ම පෙන්නුවා. විග්නේෂ්වරන් හා අනෙක් දෙමළ ජාතිවාදී වෙල්ලාල නායකයන් අතර විශාල වෙනසක් නැහැ. දේශපාලනඥයන් මුසා දොඩවනවා. ඒක එහෙම තමයි. ඊනියා ඉතිහාසඥයන් ද බොහෝ විට එහෙමයි. අනෙක් ශාස්ත්‍රඥයන් කියන අය එසේ නො වේ යැයි මා කියන්නේ නැහැ. මා ශාස්ත්‍රඥයකු නොවුණත් මා ද ඊනියා කරුණු (සාධක) තර්ක ඉදිරිපත් කරන්නේ මගේ මතය තහවුරු කිරීමට. අප මතවලට එළඹෙන්නේ තර්ක කිරීමෙන් නොවෙයි. ඒත් තර්ක කරන්නේ මතය තහවුරු කිරීමට. කාලෝගේ තේරුමෙන් නොව කාළාම සූත්‍රයේ තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් පිළිගන්න එපා කියන එක ඊනියා විද්‍යාත්මක කතාවක් නොවෙයි. 

Sunday 30 August 2020

ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?


ලෝකයේ පැරණිත ම භාෂාව සිංහලය වගේ කතා අප කියන්නේ නැහැ. භාෂාවක් අනෙක් සෑම දෙයක්,  සෑම කෙනකු,  වගේ ම විකාශය වෙනවා. මට වැරදුනා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විකාශය වන්නේ නැහැ. ඔවුන් දැන ගත යුතු සියල්ල උපදින කොට ම දැන ගෙන ආ අය. ඔවුන්ට ඇත්තේ එක ම එක කාර්යයක් පමණයි. කිසිම අරමුණක් විකල්ප ක්‍රමයක් නැති ඔවුන්ට කරන්න තිබෙන්නේ අනෙක් අයගේ අරමුණුවලට හිනා වෙන එක ඒ විවේචනය කරන එක පමණයි. ඊනියා මාක්ස්වාදී සමාජවාදය සම්මජාතියේ ඇති වන එකක් නොවන බව ඔවුන් දන්නවා. ඒ නිසා ම දෝ ජ වි පෙට හා කෙකරගාමීන්ට ඔවුන් හිනා වෙන්නේ නැහැ. 

Saturday 29 August 2020

විග්නේෂ්වරන්ගේ බයිලා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන්ගේ බයිලා


විග්නේෂ්වරන්ගෙ කතාවට තව තවත් ප්‍රචාරය දෙන්න ඕන. ඔහු ඒ ගමන ඉතිහාසය ගැන කතා කරල නිගමනයකට එන්න ජාත්‍යන්තර විශාරදයන් ද ඉන්න කමිටුවක් පත් කරන්න කියල. කවුරු හරි හිතනව නම් කමිටුවෙන් තීරණයකට එන්න පුළුවන් කියල ඒ ඊනියා විශාරදයන් ගැන නොදන්න අයෙක්. ඔය කමිටුවට ඉන්ද්‍රකිර්ති සිරිවීර, මයිකල් රොබට්ස්, ගණනාථ ඔබේසේකර සහ සාවිත්‍රි ගුණසේකර  ඇතුළු සිකුරාදා සංසදය කියන අටමගලේ විශාරදයන්, පාක්‍යසෝති සරවනමුත්තු, එරික් සොල්හයිම්, කමලා හැරිස්, සහ තව තවත් අය පත්කර ගන්න පුළුවන්. ඒකට ඉතිහාසඥයන් ම වෙන්න ඕන නැහැ. 

Friday 28 August 2020

තුනෙන් දෙක, මියන්මාර පළාත් සභා හා සිංහල වෙදකම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තුනෙන් දෙක, මියන්මාරයේ පළාත් සභා  හා සිංහල වෙදකම


පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ල එවකට රටේ ජාතිකත්වය තහවුරු ව තිබූ ප්‍රමාණයත් ඡන්ද ක්‍රමයත් සලකල මා කිව්ව සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ජනාධිපති වෙන්න පුළුවන් කියල. ඒත් වෙනත් ජාතිකවාදීන් එය විශ්වාස කළා කියා මා හිතන්නේ නැහැ. නමුත් එය එසේ වුණා. මහාමැතිවරණයේ දී මගේ ගණන් බැලීම වුණෙ තුනෙන් දෙකක බලයක් ගැනීම අසීරු බව. තුනෙන් දෙකක් ලැබීමට පුළුවන් කියා කිසිවකු හිතන්න නැතිව ඇති. රැස්වීම්වල කී කතා ගණන් ගන්න එපා.  එකසිය දහතුනට වඩා ලැබෙන බව නම් කවුරුත් වගේ දැන හිටියා.

Thursday 27 August 2020

සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක 


සිංහලයන්  බෞද්ධයන් වුණා නම් කෙතරම් හොඳ ද කියා මට වෙලාවකට හිතෙනවා. මෙතනදි ප්‍රශ්නයක් ඇති වෙනවා බෞද්ධයා කියන්නෙ කාටද කියන එක. මට තේරෙන බුදුදහම සමහර විට වැරදි වෙන්න පුළුවන්. අර ලන්ඩන් නුවර පළකරන ලංකා වෙබ් සංස්කාරකවරයා මගේ ලිපි පළ කිරීම නැවැත්තුවෙ මා කියන බුදුදහම වැරදි කියා. අප එකිනොකට තියෙන්නෙ විවිධ බුදුදහම්. කොයික ද හරි කියන එක වගේ ප්‍රශ්න මා අහන්නෙ නැහැ. මට තේරෙන බුදුදහම සිංහලයන් ඉතා වැඩි පිරිසක් ප්‍රතික්‍ෂෙප කරන බව මා දන්නවා. 

Wednesday 26 August 2020

ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු 


සමහරු ධනවාදයට විරුද්ධ වෙනවා ධනවාදය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව. ධනවාදය කියන්නෙ වෙළෙඳපොළ තිබීම කියල සමහරු කියනවා. සමහරු තාක්‍ෂණය අල්ල ගෙන. මෙතන ප්‍රශ්නය තාක්‍ෂණයවත් වෙළෙඳපොළවත් නො වෙයි. මේ අය මාක්ස්වාදීන් වෙන්න බැහැ. මාක්ස් ධනවාදය කියන්නෙ මොකක් ද කියන එක අර්ථදක්වල තියෙනවා. (මේ ධනවාදය ඔහුට පෙණුන හැටි නොවෙයි). ඔහු එතරම් හොඳින් දැන නොසිටියත් ආසියාතික නිෂ්පාදන මාතයක් ගැනත් කියල තියෙනව. ඒවා කියවනව නම් හොඳයි. 

Tuesday 25 August 2020

ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9

 

 

ජාතිකත්ව ජයග්‍රහණ හමුවේ දේශපාලන පක්‍ෂ

 

එක්සත් ජාතික පක්‍ෂයකට නායකයකු හොයනවා. මා කියන්නේ පත්තරේ දැන්වීමක් දාන්න කියල නො වෙයි. අද ඒ පක්‍ෂයට තියෙන්නෙ හැම පක්‍ෂයකට ම වගේ තියෙන ප්‍රශ්නයක්. එය දෙමළ කතාකරන ජනයාගේ පක්‍ෂවලටත් මුස්ලිම් පක්‍ෂවලටත් තියෙනවා. ඒ ප්‍රශ්නය නැත්තෙ පක්‍ෂ දේශපාලනයක නොයෙදෙන සකර්බර්ග් පඬි නැට්ටන්ට. ජ වි පෙරමුණටත් ඒ ප්‍රශ්නය තියෙනවා. සකර්බර්ග් පඬි නැට්ටන් ජ වි පෙරමුණට අද සහාය දුන්නත් පඬි නැට්ටන් අනාථ වන දවසක් එනවා. ඒ වැඩි ඈතක නොවෙයි. ජ වි පෙට අද මාඕවාදයවත් ජාතිකවාදයවත් නැහැ. ඔවුන්ට අනාගතයක් නැහැ. එදාට නාථ දෙවියන්වත් ඔවුන්ගේ පිහිටට එන්නෙ නැහැ.  

සමහර සකර්බර්ග් පඬියන් කියනව අප දේශපාලනයක් කරන්නෙ නැහැ කියල. අප දේශපාලන පක්‍ෂයකට අයත් නැති බව ඇත්ත. අපට ජනමාධ්‍යයෙන් ප්‍රචාරයක් නොලැබෙන එකත් ඇත්ත. ඒත් අපේ සංවිධාන තියෙනවා. ඒවා දේශපාලන පක්‍ෂ නොවන නමුත් දේශපාලන සංවිධාන. පහුගිය අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අප කර ඇත්තේ කුමක් දැයි මා කියන්න යන්නේ නැහැ. අප කිසිම දේශපාලන ජයග්‍රහණයක් කර නැතැයි කවුරු හරි කියනව නම් ඒකත් අපට ප්‍රශ්නයක් නො වෙයි.  

අද සියලු දේශපාලන පක්‍ෂවලට ඇති ප්‍රශ්නය තමයි තහවුරු වී ඇති සිංහල ජාතිකත්වය හමුවේ  ක්‍රිය කරන්නේ කොහොම ද කියන එක. අද ඉතා දක්‍ෂ ශිල්පීය වේදීන්ටත් පක්‍ෂ නායකයන් වෙන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ කිසිම අරුතකින් ශිල්පීය වේදියෙක් නොවෙයි. සකර්බර්ග් පඬි නැට්ටන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔහු යම් ආකාරයක ජාතිකවාදියෙක්. එහෙම කිව්ව ම ඇතැම් ජාතිකවාදීන්ට තරහ යනවා. අරය මෙහෙම කියල තියෙනව නේ ද මෙයා අරෙහෙම කරල තියෙනව නේ ද කියල අහනවා. අර ධන සෘන එකතු කරල බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මා කියන එකේ තේරුම දැන ගන්න. සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකෙ නැහැ.  

පොදු ජන එක්සත් පෙරමුණු සංධානය ජයග්‍රහණය කෙළෙ ශිල්පීය වේදයක් හින්ද නො වෙයි. ජාතිකත්වය හින්ද. ශී ල නි පක්‍ෂය ගැන බොහෝ දෙනා හිතන්නෙ 2015 දි ජාතිකත්වයට විරුද්ධ වූ පක්‍ෂයක් ලෙස. ඇතැමුන් මට සිරිජාතිකවාදියා කිවුවත් මා එය වැරදි බව කියනවා. ඡන්දදායකයන් සිරිසේනත් ඇතුළු ව ශ්‍රී ල නි පාක්‍ෂිකයන් දහසය දෙනකු පාර්ලිමේන්තුවට පත් කර තියෙනවා.  ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයට  ගොඩ එන එක අමාරුයි. ඒ ගෝඨාභය රාජපක්‍ෂ අද ජාතිකත්වයට නායකත්වය දෙන නිසා. ශ්‍රී ල නි පක්‍ෂයට පොදු ජන එක්සත් පෙරමුණු සංධානය තුළ ක්‍රියාත්මක වීම හැර වෙනත් විකල්පයක් නැහැ.  

අද ඉංගිරිසින් විසින් ඇති කරන ලද සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදය පරාජය කරල ඉවරයි. දෙමළ ත්‍රස්තවාදය 2009 දි පරාජය වුණා නම් දෙමළ ජාතිවාදය 2019 දි ජනාධිපතිවරණයෙ දි පරාජය වුණා. ඉතිහාසය ප්‍රථම වරට සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් ජනාධිපති (අගමැති) කෙනකු පත් වුණා පමණක් නොව ඒ ජනාධිපති ඒ බව පිළිගත්තා. ඒ වෙන තැනක දි නොවෙයි සිංහල බෞද්ධ සංකේතය බඳු වූ රුවන්වැලි මහා සෑ මළුවෙ. කවුරු හරි හිතනව නම් ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජය ගත්තෙ ශිල්පීය ඥානයකින් කියල ඒ මෝඝ පුරුෂයෙක්. මහා මැතිවරණයෙ දි මහා රැස්වීම් තිබුණෙත් නැහැ. මහා සංවිධාන ශක්තියක් අවශ්‍ය වුණෙත් නැහැ. ජාතිකත්වය හොඳට ම ප්‍රමාණවත් වුණා. 

අද දෙමළ පක්‍ෂ සී සී කඩ වෙලා. ඒ සිංහලයන්ගෙ බහුතරයක එක්සත්කම නිසා. සිංහලයන් සම සම ව වගේ බෙදිල ඉන්නකන් තමයි දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ට තමන්ගෙ කේවල් නැත්නම් ඩීල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණෙ. එක් පක්‍ෂයකටවත් පැහැදිලි බහුතරයක් නැති වෙලාවට ජාතිවාදීන් ඔවුන්ගෙ ඉල්ලීම් මුල් කරගෙන ආණ්ඩු පිහිටුවන්න සහාය දුන්න. අද එය කරන්න බැහැ. ඔවුන් අද නන්නත්තාර වෙලා. ඒකෙන් කියන්නෙ නැහැ අප තනි සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියල. දෙමළ මුස්ලිම් අයත් කැබිනට් හරි කැබිනට් නොවන හරි ඇමතිවරුන් හැටියට ඔවුන්ගේ කොන්දේසි යටතේ නොව අපේ කොන්දේසි යටතෙ පත් කරන්න ඕන. මා කැමතියි අතාවුල්ලට තැනක් ලැබුණ නම්. එහෙත් එයට විරුද්ධ අභ්‍යන්තර හේතු තියෙනවා ද කියල මා දන්නෙ නැහැ. 

අද සුමන්තිරන්ටත් ප්‍රශ්න මතුවෙලා. දෙමළ ජාතික සංධානයෙ බලය අඩුවෙලා. විග්නේෂ්වරන්ට ඇති ශක්තියක් නැහැ. ඔහුගේ පක්‍ෂයට යාපන දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට අඩුයි. ඉංගිරිසින්ට අද විසුරුණු දෙමළ ජනයා මෙහෙයවන්න බැහැ.  මේ තමයි පොදු ජන එක්සත් පෙරමුණට උතුරේ සෘජු ව දේශපාලනය කිරීමට ඇති අවස්ථාව. තම ප්‍රතිපත්ති දෙමළෙන් කීමට අවස්ථාව. තමිළන් පත්තරේට තැනක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. දෙමළ කතා කරන ජනයාට ඇති ඊනියා අසාධාරණය කුමක් ද කියා පඬි නැට්ටන්ට හොයා ගන්න බැරි වෙලා. ඒ අතර දෙමළ කතා කරන ජනයා තමන්ට ඇති ප්‍රශ්නය කුමක් ද කියා නායකයන්ට කියා තියෙනවා. පඬි නැට්ටන් දැන් අර නැති යථාර්ථය හොයනවා.  

එ ජා පක්‍ෂයට ඉතා හොඳ ශිල්පීය ඥානයක් ඇති නායකයකු හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ. සජිත්ට ඔහුගෙ අහළකටවත් එන්න බැහැ. රනිල් ඉතා හොඳ කොන්සර්වැටිව් නායකයෙක්. ඔහු සුුදුසු බිරිතානියේ අගමැතිකමට. ඔහුගේ ප්‍රශ්නය ඔහු ලංකාවට නුසුදුසු වීමයි. ඔහුට ජාතිකත්වය තේරෙන්නෙ නැහැ. ඔහු පොත පත කියෙව්වා. සිංහල ජාතිකත්වය ගැනත් කියෙව්වා. රතන හාමුදුරුවන් යහපාලන මුල් දවස්වල ඒකට සාක්‍ෂි කිව්වා. ජාතිකත්වයක් පොතෙන් පතින් ගන්න බැහැ.  

1814 පමණ සිට ලංකාවේ ඉංගිරිසි උගන්නනවා. මා දන්නා එක් අයකු පහුගිය දවසක තමන් ඉංගිරිසි ඉගෙන ගත් අන්දම කියා තිබුණා. ඔහු විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගත්තා. ඒත් මා හිතන්නෙ නැහැ ඔහුටවත් වෙන කිසිවකුටවත් ඉංගිරිසි ජාතිකත්වය ලබා ගන්න පුළුවන් වුණා කියල. ඔහුට එය අවශ්‍ය වුණා කියන එක නොවෙයි මා කියන්නෙ. එය පොදුවේ කියන එකක්. මා ඉංගිරිසි ජාතිකත්වය කියන්නෙ රටවැසිකමට නො වෙයි. රටවැසිකම ලියවිල්ලකින් ගන්න දෙයක්.  

රනිල්ගෙ අම්මා විජේවර්ධන වුණත් සිංහල බෞද්ධ වුණත් කැලණිය පන්සලට සම්බන්ධ වුණත් විජේවර්ධනලාවත් වික්‍රමසිංහලාවත් ජාතිකත්වයක හිටියෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහ වැඩ කෙළෙ විජේවර්ධනගෙ ලේක්හවුසියෙ. ලේක්හවුසියෙන් තමයි ධර්මපාලතුමාට පහර දුන්නෙ. අර කියන්නා වගේ රනිල්ගෙ ඇඟේ ජාතිකත්වයක් නැහැ. රතන හාමුදුරුවන්ගෙ ඇඟෙත් නැහැ. ඇඟේ සිවුරක් තිබුණු පමණින් ජාතිකත්වය ඇඟට කාන්දු වෙන්නෙ නැහැ. ජාතික හෙළ උරුමය කියන්නෙ ජාතිකත්වය ගසාකන්න හදපු පක්‍ෂයක්. ඒකෙ නම විතරයි ජාතික හෙළ. ඒකෙ උරුමය අවස්ථාවාදය.  

එ ජා පක්‍ෂය අද නායකයකු හොයනවා. ඔවුන්ට තේරෙනවා නායකයා ජාතිකත්වයේ විය යුතු බවත් ජනතාවට ආකර්ෂණීය පුද්ගලයකු විය යුතු බවත්. එහෙත් එහෙම අයකු එ ජා පක්‍ෂයේ නැහැ. එවැන්නන් එ ජා පක්‍ෂයට යන්නෙත් නැහැ. අද ඔවුන් එක් එක්කෙනා සුදුසු ද කියා බලනවා. සජිත්ට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු යළි උපන් අයෙකු. ඔහුට ඇති ආකර්ෂණයකුත් නැහැ. ඔහු සුදුසු මොන තනතුරට ද කියල පියාණන් ඉන්න කාලෙ අහගන්න තිබුණෙ. රනිල් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න ඕන කාලෙ.  

මංගල සමරවීර එ ජා ප නායකත්වයට ඉව අල්ලන බවක් පේනවා. කිසිම ජාතිකත්වයක් නැති මංගල පත් කළොත් එ ජා පක්‍ෂයේ භූමදාන කටයුතු කරන්න වෙන්නෙ මංගල ආදාහනයකට කැමති වෙන එකක් නැති නිසා. කරු ජයසූරියට වැඩිම වුණොත් කරන්න පුළුවන් වැඩ බැලීමක් පමණයි. ඩී එස්ගෙ කාලෙ ඉඳන් එ ජා පක්‍ෂෙය ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඒකෙ නම එක්සත් විජාතික පක්‍ෂය.  

මේ සියල්ලෙන් සිංහලයන් හා පොදුජන එක්සත් පෙරමුණු සංධානය පාඩම් ඉගෙන ගන්න ඕන. අපට විවිධ විජාතික බලවේග පරාජය කරන්න පුළුවන් වුණා. ඒ ජාතිකත්වය මත. අපට එකතු වෙන්නත් පුළුවන්කම තිබුණා. එත් ජාතිකත්වය මත. මාක්ස්වාදය ලිබරල්වාදය ආදිය අපට බාධා කළ එක පමණයි කෙළෙ. මාක්ස්වාදය අද සකර්බර්ග්ට පින්සිද්ද වෙන්න බඩගානවා. සාමාන්‍යයෙන් දරුවකු බඩ ගා දණ ගා ඇවිිදිනවා. ලංකාවෙ මාක්ස්වාදය ඒකෙ අනෙක් පැත්ත. ලිබරල්වාදය අද ලංකවෙ ඇත්තෙ බටහිරට පින් සිද්ද වෙන්න.  

ජාතිකවාදීන්ගෙ එකතුව ඉතා වැදගත්. ජාතිකවාදීන් අතර නොගැලපීම් හැල හැප්පීම් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නො වෙයි. ඒ කුමක් වුණත් අපට ජාතිකත්වයෙන් තොර මගක් නැහැ. මාක්ස්වාදීන් ලිබරල්වාදීන් අවසානයේ දී බටහිර ගැත්තන් පමණයි. අප තේරුම්ගත යුතු අනෙක් කරුණ තමයි ශිල්පීය දක්‍ෂතාවන් තිබූ පමණින් ජයග්‍රහණය කරන්න බැරි බව. රනිල් තමයි එයට හොඳ ම නිදර්ශනය. අපේ නායකත්වයේ ලක්‍ෂණ විය යුත්තේ ජාතිකවාදී වීම හා ජනතාවට විරුද්ධ නොවී ඔවුන් දිනා ගැනීම.  

සත පහකට වැඩක් නැති පඬි නැට්ටන් එයට ෆැසිස්ට්වාදය කියාවි. පඬි නැට්ටන් ද ඇතුලු සියලු සත්වයන්ට මෛත්‍රි කරන බෞද්ධයන්ට ෆැසිස්ට්වාදීන් වෙන්න බැහැ. ෆැසිස්ට්වාදයත් ලිබරල්වාදය හා මාක්ස්වාදය මෙන් ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිර්මාණයක්. පඬි නැට්ටන් දැන් බෞද්ධයන් මිනීමරන්නෙ  නැත් ද වගේ ප්‍රශ්න අසාවි. ඒව ස්ටැන්ලි තම්බයියහෙ මිතුරන්ගෙන් අහන්න.

 

 

 


Monday 24 August 2020

දහතුන, ඉන්දියාව හා චීනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දහතුන, ඉන්දියාව හා චීනය


පසුගිය දා මා ජාතික ව්‍යාපාරය විග්නේෂ්වරන් හා මියන්මාරය මැයෙන් ලියූ ලිපියෙහි විග්නේෂ්වරන් ජාතික ලැයිස්තුවෙන් පත් වූ අයකු ලෙස කියා තිබුණා. එය වැරදියි. විග්නේෂ්වරන් යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පක්‍ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 10%ක් ලැබී තිබුණා. ශ්‍රී ල නි පක්‍ෂයට 13%ක පමණ ඡන්දයක් ලැබිල. විග්නේෂ්වරන්ට ශ්‍රී ල නි පක්‍ෂයට තරම්වත් ඡන්දයක් යාපනය දිස්ත්‍රික්කයෙන්වත් ගන්න බැහැ. ඔහු යාපනයේත් දෙමළ කතා කරන ජනයා අතර ජනප්‍රිය අයකු නොවෙයි. ඔහු කරන ප්‍රකාශ ඔහුගේත් පඬියන්ගේත් හිත් හදාගැනීමට පමණයි. දෙමළ විසුරුණු ජනයා අද එතරම් බලවත් නැහැ. ඒ එංගලන්තයට ඔවුන් අද අවශ්‍ය නැති නිසා. එංගලන්තයට අද ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය මෙහෙයවන්නේ කෙසේ ද යන්න අලුතෙන් හිතන්න වෙලා. අද දෙමළ කතා කරන ජනයා අතර ඉංගිරිසින් ඇති කළ වෙල්ලාල දෙමළ ජාතිවාදය නැති වේගන යනවා. 

Sunday 23 August 2020

Paradox puts objectivity on shaky footing

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9





Paradox puts objectivity on shaky footing

 

 

මා දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් නො වෙයි. මෙහි පහත පළවන්නේ අගෝස්තු 21 වැනි දා සයන්ස් සඟරාවෙහි පළ වූ ලිපියක්. එහි කියැවෙන්නේ නිරීක්‍ෂකයන් දෙදෙනකුගේ මිනුම් ඒ දෙදෙනාට සාපේක්‍ෂ බවයි. නිරීක්‍ෂකයන්ට එක ම මිනුමක් ගැන එකඟතාවකට පත්විය නොහැකි බවයි කියැවෙන්නේ. මිනුම් ඊනියා සාධක (facts) සාපේක්‍ෂ බව කියනවා. යථාර්ථය වාස්තවිකත්වය ආදිය ඇත්තේ දුර්වල පදනමක බවයි කියැවෙන්නේ. බටහිර විද්‍යාව අවසාන වශයෙන් යැපෙන්නේ මිනුම් මත. දෙදෙනකුට මිනුමක් ගැන එකඟ වීමට නොහැකි නම් කාගේ පිහිට ද? අර facts are sacred කතාවට මොකද වෙන්නෙ?

 

 කවුරු හරි අහන්න පුළුවන් බටහිර විද්‍යාව කියන දේ ඇත්ත ද කියල. එය පට්ටපල් බොරුවක්. මා කියන්නෙ බටහිර විද්‍යාවේ කතා (හිතළු) ඇතැම් විට හරි යන බව මිස හරි බව නොවෙයි. වාස්තවිකත්වයක් නැතැයි කියන එක එහෙමත් නැත්නම් යථාර්ථයක් නැහැයි කියන එක යථාර්ථය ද කියල අහන්නත් පුළුවන්. එහෙම කීමත් හරියන දෙයක් වැඩ කරන දෙයක් පමණයි. අප ජීවත් වන්නේ වැඩ කරන සංකල්ප ප්‍රවාද ආදිය සංස්කරණය කර ගෙන. යථාර්ථයක් ඇතැයි කීම වැඩ කරන කතාවක් නො වෙයි. එය හුදු හිතළුවක් පමණයි.

 

 

 

 

 

Paradox puts objectivity on shaky footing

IN SECTION: IN DEPTH | QUANTUM THEORY

Quantum test of venerable thought experiment suggests facts are relative

By George Musser

 

Nearly 60 years ago, Nobel Prize–winning physicist Eugene Wigner captured one of the many oddities of quantum mechanics in a thought experiment. He imagined a friend of his, sealed in a lab, measuring a particle such as an atom while Wigner stood outside. Quantum mechanics famously allows particles to occupy many locations at once—a so-called superposition—but the friend’s observation “collapses” the particle to just one spot. Yet for Wigner, the superposition remains: The collapse occurs only when he makes a measurement sometime later. Worse, Wigner also sees the friend in a superposition. Their experiences directly conflict.

Now, researchers in Australia and Taiwan offer perhaps the sharpest demonstration that Wigner’s paradox is real. In a study published this week in Nature Physics, they transform the thought experiment into a mathematical theorem that confirms the irreconcilable contradiction at the heart of the scenario. The team also tests the theorem with an experiment, using photons as proxies for the humans. Whereas Wigner believed resolving the paradox requires quantum mechanics to break down for large systems such as human observers, some of the new study’s authors believe something just as fundamental is on thin ice: objectivity. The puzzle could mean there is no such thing as an absolute fact, one that is as true for me as it is for you.

“It’s a bit disconcerting,” says co-author Nora Tischler of Griffith University. “A measurement outcome is what science is based on. If somehow that’s not absolute, it’s hard to imagine.”

Some physicists dismiss thought experiments like Wigner’s as interpretive navel gazing. But the study shows that the contradictions emerge in actual experiments, says Dustin Lazarovici, a physicist and philosopher at the University of Lausanne who was not part of the team. “The paper goes to great lengths to speak the language of those who have tried to merely discuss foundational issues away and may thus compel at least some to face up to them,” he says.

Wigner’s thought experiment has seen renewed attention in recent years. In 2015, Časlav Brukner of the University of Vienna tested the most intuitive way around the paradox: that the friend inside the lab has in fact seen the particle in one place or another, and Wigner just doesn’t know where it is yet. In the jargon of quantum theory, the friend’s result is a hidden variable.

Brukner sought to rule out that conclusion in a thought experiment of his own, using a trick—based on quantum entanglement—to bring the hidden variable out into the open. He imagined setting up two friend-Wigner pairs and giving each a particle, entangled with its partner in such a way that their attributes, upon measurement, are correlated. Each friend measures the particle, each Wigner measures the friend measuring the particle, and the two Wigners compare notes. The process repeats. If the friends saw definite results—as you might suspect—the Wigners’ own findings would show only weak correlations. But instead they find a pattern of strong correlations. “You run into contradictions,” Brukner says.

In 2018, Richard Healey, a philosopher of physics at the University of Arizona, pointed out a loophole in Brukner’s argument, which Tischler and her colleagues have now closed. In their new scenario they make four assumptions. One is that the results the friends obtain are real: They can be combined with other measurements to form a shared body of knowledge. The researchers also assume quantum mechanics is universal, as valid for observers as for particles; that the choices the observers make are free of peculiar biases induced by a godlike superdeterminism; and that physics is local, so that one observer’s choices do not affect another’s results.

Yet the analysis shows the contradictions of Wigner’s paradox persist. The team’s tabletop experiment, in which it made pairs of entangled photons, also backs up the paradox. Optical elements steered each photon onto a path that depended on its polarization: the equivalent of the friends’ observations. The photon then entered a second set of elements and detectors that played the role of the Wigners. The team found, again, a mismatch between the observations of the friends and the Wigners. What is more, when they varied exactly how entangled the photons were, they found that the mismatch occurs for different conditions than in Brukner’s scenario. “That shows that we really have something new here,” Tischler says.

It also indicates that one of the four assumptions has to give. Few physicists believe superdeterminism could be to blame. Locality is already under fire in quantum theory, but a failure in this case would imply an especially potent form of nonlocality. So some are questioning the tenet that observers can pool their measurements empirically. “It could be that there are facts for one observer, and facts for another; they need not mesh,” says study co-author and Griffith physicist Howard Wiseman. It is a radical relativism, still jarring to many. “From a classical perspective, what everyone sees is considered objective, independent of what anyone else sees,” says Olimpia Lombardi, a philosopher of physics at the University of Buenos Aires.

And then there is Wigner’s verdict: that quantum mechanics itself breaks down. Of all the assumptions, it is the most testable, by efforts to probe quantum mechanics on ever larger scales. But the one position that doesn’t survive the analysis is having no position, says Eric Cavalcanti, a co-author at Griffith. “Most physicists, they think: ‘That’s just philosophical mumbo-jumbo.’” Now, he says, “They will have a hard time.”

George Musser is a journalist based in New Jersey and author of Spooky Action at a Distance.

ජී එල්ට දෙන බෞද්ධ අධ්‍යාපනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



  ජී එල්ට දෙන බෞද්ධ අධ්‍යාපනය

 මට බෞද්ධ අධ්‍යාපනය ගැන කියද්දි ගණිත සංකල්පයක් දෙකක් යොදා ගන්න වෙනවා. ඇත්තට ම කුලක සම්බන්ධව. ඒ ගැන මා කණගාටුවෙනවා. ඒත් ඊට කලින් මා ඊයේ ලියූ ලිපිය ගැන වචනයක් දෙකක් කියන්න ඕන. මා එහි එක් තැනක  මියන්මාරය ගැන කියා තිබුණා. ඒ මගේ සීමිත නිදහස අනුව. මියන්මාරය සම්බන්ධයෙන් මා කෙළේ ප්‍රවෘත්තියක් ගෙන හැර දැක්වීම පමණයි. සුචී මැතිණිය හරි ද වැරදි ද කීමක් නො වෙයි. ඒත් පඬිනැට්ටන් හිතන විධියට මගේ අදහස්වල වෙනස්වීමක් නැහැ. බටහිරයන් ඒ ඒ රටවල් නතු කර ගැනීමේ දී මෙහෙයවීමේ දී යොදා ගන්නා උපක්‍රම පිළිබඳ ව මා අවුරුදු තිස්පහක් පමණ දරන්නේ එක ම මූලික අදහසක්. එහි වර්ධනයක් නම් හැම දා මෙන් සිදු වෙනවා. මට බටහිර අදහස් එන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ලංකාව සම්බන්ධයෙන් මා කීවේ (මට එය කියන්න පුළුවන්) අප බටහිර මතවාද උපක්‍රම ආදිය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පරාජය කර ඇති බව. 

Saturday 22 August 2020

මා, ජාතික ව්‍යාපාරය, විග්නේෂ්වරන් හා මියන්මාරය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9





මා, ජාතික ව්‍යාපාරය, විග්නේෂ්වරන් හා මියන්මාරය 

ඇතැමුන් මගෙන් අහනවා මා ජාතික ව්‍යාපාරයට කිසිවක් කර නැති බව කියන්නේ ඇයි ද කියා. එක් අයකු මුහුණු පොතේ මෙසේ තම අදහස් පළ කර සිටියා. "//මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි එහි ලා මගෙන් සිදු වූ කාර්යයක් නැහැ. උගතකු බුද්ධිමතකු වියතකු නොවන මට කරන්න දෙයක් තිබුණේ නැහැ.// I don't know why you should continue to say this. This is not the truth. Why should you undermine what you have been doing?"

Friday 21 August 2020

දහනවය අහෝසි කිරීම හා පරිසරය රැකීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දහනවය අහෝසි කිරීම හා පරිසරය රැකීම 


ඊයේ පාර්ලිමේන්තුවේ කළ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වුණා දහනවය අහෝසි කරනවා කියා. එය පැහැදිලි මදි. ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නෙ විස්තරාත්මක ලියවිල්ලක් නො වෙයි. විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සෙ තමයි විස්තර දැනගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රතිපත්තියක් ලෙස ගත්ත ම දහනවය අහෝසි කරන එක හොඳයි. එහෙත් එහි සාධනීය දෙයක් තියෙනව නම් එය ව්‍යවස්ථාවට විස්ස මගින් ඇතුල් කරන්න ඕන. 

Thursday 20 August 2020

ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව 


අද අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස්වෙනවා. මේ පාර්ලිමෙන්තුවේ ජාතිකවාදී මත දරණ පිරිසක් ඉන්නවා. සමහර විට ජාතික මතධාරී පිරිසක් වැඩියෙන් ම ඉන්න පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් සියලු දෙනා ම සෑම දෙයක් ගැන ම එකම මතයක ඉන්නවා කියා. ජාතික මතවාදයක් මෙරට ගොඩ නැගුණේ රටේ ස්වාධීනත්වය, පසු කලෙක ස්වෛරීභාවය, ආරක්‍ෂාව, ඒකීය භාවය, රාජ්‍ය භාෂාව,  බුද්ධාගමට හිමි තැන, සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට සුවිශේෂත්වය ආදී කරුණු මුල් කර ගෙන. එය එක ම මතවාදයක් නොවුණත් එහි යම් පොදු එකඟතාවක් තිබුණා. අද ඒ මතවාදය සමස්තයක් ලෙස ගත් කළ විශාල ප්‍රමාණයකට ජයග්‍රහණය කරලා.

Wednesday 19 August 2020

අම්බලමේ පිනා හා තවත් කතා



  සිංහල ලිත් ඉලක්කම්

                         

0  1    2     3      4    5   6   7    8    9




අම්බලමේ පිනා හා තවත් කතා



මගෙන් කිහිප දෙනකු ම අහල තිබුණ ජ වි පෙ අම්බලමට වළං කදක් ගෙනා පිනා කවුද කියලා. එක පිනෙක් නොවෙයි පිනාලා රාශියක් ම  වළං කදවල් ගෙනල්ලා. හැබැයි අර ළමයි සෙල්ලම් කරන වළං. ඒ වළං ඔක්කො ම අගෝස්තු පස්වැනි දා බිඳලා. දැන් පිනාලා ලොකු සාකච්ඡාවක් පටන් අරන්. ඒ වළං බින්දෙ මොක ද කියන එක ගැන නොවෙයි. වළං බිඳපු අය ගැනත් නො වෙයි. ඒ වළං හැදුවෙ කවුද කියලත් නො වෙයි. වෙන වළං හදන අය ගැන. වෙන වළං බිඳිලා නැත්තෙ ඇයි කියන එක ගැන. පිනාලට  ඒ වළං බිඳින්න පුළුවන් කියන එක ගැන. සමහර පිනාලා හිතනවා ඔවුන් ලෝකෙ ම පිනට පහළ වෙච්ච අය කියලා. පිනා කියන්නෙත් එහෙම නිසා කියල හිතනවා ද දන්නෙ නැහැ.

Tuesday 18 August 2020

ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ


ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති. හරිනි මෙරට දේශපාලනයට සතපහක වැදගත්කමක් නැති බව ඇත්ත. මා ඇගේ නම අවසානයේදීත් මාතෘකාවේදීත් සඳහන් කෙළේ ජ වි පෙරමුණට වී ඇති ඇබැද්දිය කීමට පමණයි. ජ වි පෙරමුණ දැන් අවශ්‍ය වී ඇත්තේ නාගරික පුහු උගතුන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් අතර ඊනියා මහාචාර්යවරුන් මෙන් ම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට තරම් උසස් පෙළ පරීක්‍ෂණයෙන් ලකුණු ගැනීමට බැරිව තම දෙමව්පියන්ගේ මුදලින් හරි දෙමව්පියන්ගේ දේශපාලන සම්බන්ධකම්වලින් හරි පිටරට මොකක් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධිය ගත්ත අයත් ඉන්නවා. එ සමහරුන්ට පශ්චාත් උපාධිත් ඇති. අපි නොදන්න පශ්චාත් උපාධි! 

Monday 17 August 2020

හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

ජාතිකත්ව කරත්තයක් ගැන මා ඊයේ කතා කළා. කරත්තය ගැන කතාව මට අවශ්‍ය වුණෙ බල්ලන් බිරුවත් කරත්තය ඉදිරියට යන බව කීමට. එය තේරුම් ගන්නේ කෙසේ ද යන්න සංදර්භය,  සිංහල දන්න අයට පැහැදිලියි. කවුරු හරි ඇහුවොත් කරත්තය ඇද ගෙන යන්නෙ කවුද, කරත්තය (ගොනා) දක්කන්නෙ කවුද, ගොනාට කන්න දෙන්නෙ කවුද, ගොම ටික අයිති කාට ද, කරත්තය අවශ්‍ය වුණොත් පිළිසකර කරන්නෙ කවුද  ආදී ප්‍රශ්න අප පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ගොනාට තරමක නිග්‍රහයක් වුණත් ගොන් ප්‍රශ්න කියල නිහඬ වෙනවා, එහෙම නැත්තන් සුද්ධ සිංහලෙන් ම හොඳවයින් දෙකක් කියනවා. 

Sunday 16 August 2020

ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා


කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සුවාදීනයන්ට, ඔවුන්ගෙන් පැවත එන අයට (ගෝලයන්ට)  හා ඔවුන් ඈසුරු කරන්නන්ට  සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නෙ මොකක් ද කියන එක ගැන කිසිම වැටහීමක් නැහැ. ඔවුන් අවුරුදු තිස්පහකට පමණ ඉහත දී හිතන් හිටියෙ ජාතික චින්තනය කියන්නෙ බරකරත්තෙන් ආපසු අනුරාධපුරයට යෑම කියලා. පඬියන් මෙන් නොව ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ සර්වතෝභද්‍ර පුද්ගලයෙක් නො වෙයි. එහෙත් පසුගිය මාස අටක පමණ කාලයක ඔහු කර ඇති දෙයින් පැහැදිලි වන්නෙ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය හඳුනන බවයි. දැන් අලි සබ්‍රි ගැන අහාවි. ඔහු ගැන මා ලියා තියෙනවා. ඊයේ එක් පඬියකුට අවශ්‍ය වුණා මා ඥානසාර හාමුදුරුවන් ගැන ලියල අලි සබ්‍රි ගැන ලියන්නෙ නැත්තෙ මොකද කියල දැනගන්න!  

Saturday 15 August 2020

මගේ ජන බල පක්‍ෂ තුන

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






මගේ ජන බල පක්‍ෂ තුන

එංගලන්තයේ කීනී මීනි සංවිධානයේ කුලී හේවායන් අසූවේ දශකයේ කොටි සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරම පිළිබඳ ව ලන්ඩන් පොලීසිය සොයන්න පටන් අරන්. අසූ ගණන්වල මුල එංගලන්තය කොටි සංවිධානයට විරුද්ධවයි කටයුතු කෙළේ. එකල තිබුණේ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව. එංගලන්තය ජේ ආර් ආණ්ඩුවට සහාය දීම පුදුමයක් නො වෙයි. දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී එංගලන්තය දෙමළ ජාතිවාදයට විරුද්ධ ව කටයුතු කළ එක ම කාල පරිච්ඡොදය එය වන්න පුළුවන්. මේ සම්බන්ධ ලිය කියවිලි ඉදිරියේ දී එළිදකීවි ද? 

Friday 14 August 2020

දහතුන, දහනවය, යාපනේ ඡන්ද හා දෙමළ ජාතිවාදය

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



දහතුන, දහනවය, යාපනේ ඡන්ද  හා දෙමළ ජාතිවාදය



දහනවය සංශෝධනය කරන එක තමයි මේ ආණ්ඩුවෙන් කෙරෙන මුල් ම ව්‍යවස්ථා සංශෝධනය. දහතුන ගැන කතාවක් තවමත් නැහැ. පසුව නව ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඒ ගැන කතා කරන්න වේවි. අපි පළමුව දහනවය ගැන කතා කරමු. කෙරෙන්නේ දහනවය ටින්කරින් කිරීම තමයි. ටින්කරින් කිරීමට විරුද්ධව එක ම ජාතිකවාදී හෝ නොවන හෝ ඇමතිවරයකු ආණ්ඩුවෙන් එළියට බහින්නෙ නැහැ. බැස්සොත් බැස්ස තමයි කියල කවුරුත් දන්නවා.