History

Sunday 31 December 2023

සසුන රැකේ නම් අපාය මොකේ

 

සසුන රැකේ නම් අපාය මොකේ

 

අප ඊයේ  (දෙසැම්බර් 30) අනුරාධපුරයට ආවා, බරකරත්තයෙන් නො වෙයි. අප ආවේ වැඳ පුදා ගන්න. අවුරුදු දාහකට අධික කාලයක් රටේ අගනුවර ලෙස පැවති නගර කීයක් ලෝකයේ තියෙනවා කියා මා දන්නේ නැහැ. අනුරාධපුරය නම් එකක්. අනුරාධපුරය වැටුණේ කොහොමද යන්න ගැන කිසිවකු සංගත අදහසක් ඉදිරිපත් කර නැහැ. ඊනියා වසංගත රජු දුර්වල වීම ආදිය වැඩ නොකරන හිතළු පමණයි.

Saturday 30 December 2023

ජවිපෙන් බැහැර වීම හා හරිත්

 

ජවිපෙන් බැහැර වීම හා හරිත්

 

මා ඊයේ (දෙසැම්බර් 29 ) කෙටි සටහනක මෙසේ සඳහන් කළා. “මා මෙතෙක් කීවේ ජෙප්පන්ට ඇත්තේ ඊර්ෂ්‍යාව වෛරය හා ක්‍රෝධය කියායි. එයට හතරවැන්නක් ලෙස මෝඩකම පස්වැන්නක් ලෙස මුසා පැවසීම හා විශ්වාස කිරීම එකතු වෙන්න ඕන. ජෙප්පන්ට සියල්ල ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය ප්‍රතිචාරවලට විවෘත වෙනවා.”

Friday 29 December 2023

රුපියල පාවේ බදු වැඩිවේ

 

රුපියල පාවේ බදු වැඩිවේ

 

ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීම නිසා වැට් හා වෙනත් බදු වැඩි කරන්න සිද්ධ වුනා කියන කෙටි සටහන එතරම් දෙනෙකු කියවා නැහැ. කෙටි සටහන් පළ කළ තරමින් මෙටාවන් කියවන්නේ නැහැ. එහෙත් පහුගිය දා එක් අයකු කීවේ මගේ මෙටා ලිපි තරුණයන් නොකියවන්නේ දිග වැඩි නිසා බවයි. කෙසේ වෙතත් අර ජෙප්පන් ගැන ලියූ කෙටි සටහන නම් දැනටමත් බොහෝ දෙනකු කියවා තියෙනවා. ජෙප්පන් පමණක් නොවෙයි. යසසින් පිරුණු රනිල් ගැත්තනුත් එය කියවා තිබෙනු ප්‍රතිචාරවලින් නිගමනය කරන්න පුළුවන්. රනිල් ගැත්තන්ට රනිල්ට පසුව ඉන්නෙ රනිල්දාස.

ජෙප්පො

මා මෙතෙක් කීවේ ජෙප්පන්ට ඇත්තේ
ඊර්ෂ්යාව වෛරය හා ක්රෝධය කියායි.
එයට හතරවැන්නක් ලෙස
මෝඩකම ද
එකතු වෙන්න ඕන.


එයට හතරවැන්නක් ලෙස
මෝඩකම ද
එකතු වෙන්න ඕන.
ජෙප්පන්ට ඒ සියල්ල ප්රදර්ශනය කිරීම සඳහා
මෙය ප්රතිචාරවලට විවෘත වෙනවා.

Thursday 28 December 2023

වැට්

 වැට් හා වෙනත් බදු පැනවීමට

මූලික හේතුව

ජාමුල අවශ්යතාවට

රුපියල පා කිරීම ද?

 

සිංහල බෞද්ධයන්ගේ හිසට හිමාලය පරිමාවෙන් අත් හේදීම

 

අර හිමාලය ප්‍රමාණයේ බොරුව ගැන තවත් යමක් කියන්න ඕන. හැබැයි කිවුවයි කියල මෙරට ජාතිකවාදීන්ට එයින් අබමල් රේණුවක වැඩක් වෙන්නෙ නැහැ. ජාතිකවාදීන් අතර තමයි සිංහලයන්ගෙ දුර්වලකම් වැඩියෙන් පිළිබිඹු වෙන්නෙ. සිංහලයන්ට හා සාමාන්‍යයෙන් බොහෝ දෙනාට ඇත්තෙ කරුණු මිස අදහස් නො වෙයි. ඔවුන් අනුන්ගෙ අදහස් කරුණු හැටියට දන්නවා. සිංහලයන් නම් කවුරුන් වුවත්, ජාතියක් නැතැයි කියන පඬි නැට්ටනුත්, අදහස් අතර සම්බන්ධය වියුක්ත දකින්න බැරි පිරිසක්. පඬි නැට්ටන් නම් වියුක්ත කියන එකේ තේරුමවත් දන්නෙ නැහැ. ඒත් ඊනියා අමූර්ත කලාව ගැන මහා පතරංග පඬි කතා කියාවි.

Wednesday 27 December 2023

සිංහල මෝඩයා හා ඊනියා වමේ ව්‍යාපාරය

 

සිංහල මෝඩයා හා ඊනියා වමේ ව්‍යාපාරය

 

සිංහලයා මෝඩයා යැයි මුලින් කියන්න ඇත්තේ පෘතුගීසියකු යැයි මට හිතෙනවා. යම් කිසි අයුරකින් එසේ නොවන්නේ නම් ලන්දේසියකු හරි ඉංගිරිසියකු හරි වෙන්න ඕන. කවුරුන් වුවත් සිංහල කියමනක් අනුව කී අයගේ කටේ මසුරන් දාන්න ඕන. කිසිවකු කියන්න බැරි නැහැ කියමනත් මෝඩ කියමනක් කියා.

වැට් රනිල් වැට්ටවීම

 පරගලයෝ

කලාකරුවන් ද පූජකයන් ද කුරුසකරුවන් ද යාඥා කරුවන් ද ජෙප්පන් ද සෙප්පන් ද සමග
වැට් රනිල් වැට්ටවීමට ආතල්ගමට
වැදෙති!

Tuesday 26 December 2023

හිමාලය ප්‍රමාණයේ දෙමළ හිමාලයන් බොරුව හා දිසාගේ නික්ම යෑම

 

හිමාලය ප්‍රමාණයේ දෙමළ හිමාලයන් බොරුව හා දිසාගේ නික්ම යෑම

 

තවත් හිමාලය ප්‍රමාණයේ බොරුවක් එළි දක්වලා. එයට හිමාලයන් ප්‍රකාශය (Himalayan Declaration) කියා කියනවා. ප්‍රකාශය නිකුත් කිරීමට පෙර දෙමළ ගෝලීය සංසදය හා යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ භික්‍ෂූන් වහන්සේ නමින් වූ සංවිධානයක් හිමාලය අඩවියේ නේපාලයේ එකතු වී සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන් වෙනවා. මේ හිමාල ප්‍රමාණයේ බොරුව රනිල් නම් ජනාධිපතිට පිළිගන්වා ඇතැයි වාර්තා වෙනවා.

Monday 25 December 2023

මා අක්තපත්‍ර දුන් හැටි

 

මා අක්තපත්‍ර දුන් හැටි

 

ඊයේ (දෙසැම්බර් 24) ලිපියෙන් පසුව පඬි නැට්ටන් හා ජෙප්පන් අහල තිබුණා මා මියන්මාහි අක්තපත්‍ර දීම පිළිබඳ . ඔවුන් මා සැරසී සිටි ඇඳුම ප්‍රශ්න කරල තිබුණා. පඬි නැට්ටන් හා ජෙප්පන් කියන කතාවලට පිළිතුරු සැපයීම නිරර්ථක වුනත් මෙය පොදු ප්‍රශ්නයක් නිසා සකර්බර්ග් යොදා ගන්න තීරණය කළා.

Sunday 24 December 2023

ශ්‍රී ලංකා ජායි

 

ශ්‍රී ලංකා ජායි

 

මේ ඡායාරූපයේ  දැක්වෙන්නේ ලංකාවේ නව ඉන්දීය මහා කොමසාරිස් ජා අක්තපත්‍ර දීමෙන් පසු මාධ්‍යයට පෙනී සිටි අවස්ථාව. මෙහි සිටින ඉන්දියානුවන් දෙදෙනා කාහටත් හිතා ගන්න පුළුවන්. ජා මහතා හා මහත්මිය. අනෙක් හයදෙනාගෙන් තුන්දෙනක් හමුදා නිලධාරීන්. තුන්දෙනෙක් ටයිකෝට් ඇඳි මහත්වරුන්. හය දෙනා මොන රටේ කියා දන්නේ කවුද?

Saturday 23 December 2023

ආකිමිඩීස් හා මෙරට බටහිර වෙද මහත්වරු

 

ආකිමිඩීස් හා මෙරට බටහිර වෙද මහත්වරු

 

මට හිතුනා ඊයේ (දෙසැම්බර් 22) ලිපියට පසුවදනක් ලියන්න. වෙන හේතුවක් නිසා නොවෙයි ආකිමිඩීස් මගින් දැනුමේ සාපේක්‍ෂතාව ගැන කියන්න. මා ලිපියේ මෙසේ සඳහන් කර තිබුනා. “එහෙත් අද බටහිර ලෝකය අවිවාදාත්මක පිළිගන්නේ අයින්ස්ටයින් නිවුටන්ගෙන් පසුව බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා බව. බොහෝ දෙනාට අනුව බටහිර ලෝකයේ ඉහළ විද්‍යාඥයන් තුන්දෙනා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් නිවුටන් හා අයින්ස්ටයින්.”

Friday 22 December 2023

හෙළුවෙන් දිවුවේ ආකිමිඩීස් ද?

 

හෙළුවෙන් දිවුවේ ආකිමිඩීස් ?

 

අයින්ස්ටයින් පංතියේ පළමුවැන්නා වූ බවක් මා අසා නැහැ. විශ්වවිද්‍යාලයේ දී අප අද කියන විධියට බැච් ටොප් කළ බවකුත් අසා නැහැ. ඔහු ගණිතයේ අදක්‍ෂයකු නොවූ නමුත් දක්‍ෂතමයා වුණේ නැහැ. මෙරට සම්මතය අනුව ඔහු බ්‍රයිටකු නැත්නම් දීප්තිමත් ශිෂ්‍යයකු වුණේ නැහැ. එහෙත් අද බටහිර ලෝකය අවිවාදාත්මක පිළිගන්නේ අයින්ස්ටයින් නිවුටන්ගෙන් පසුව බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා බව. බොහෝ දෙනාට අනුව බටහිර ලෝකයේ ඉහළ විද්‍යාඥයන් තුන්දෙනා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් නිවුටන් හා අයින්ස්ටයින්.

Thursday 21 December 2023

අපි වෙනුවෙන් අපි හා රටේ ප්‍රශ්නය

 

අපි වෙනුවෙන් අපි  හා රටේ ප්‍රශ්නය

 

වෝක්කුවන් ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. වෝක්කුවන් කියන්නේ සමාජයේ විවිධ අසාධාරණකම් ගැන අවදිියෙන් සිටින්නේ යැයි කියන එහෙත් පවත්නා ක්‍රමයට විකල්ප ක්‍රමයක් නැති පිරිසක්. ඔවුන් තමන්ගේ ප්‍රකාශවලින් තමන් කවුදැයි හඳුන්වා දී තියෙනවා. අර පරගලය වෙලාවෙ ඔවුන් රෙද්ද ගලවන්න ඕන කිවුවෙ වෙන රෙද්දක් ඇතුව නොවෙයි. විකල්පයක් නැති වෝක්කුවන් වෙනත් අය විසින් යොදා ගැනෙනවා.

Wednesday 20 December 2023

වෝක්කුවන්ගේ සිංහල බෞද්ධ රෙද්ද

 

වෝක්කුවන්ගේ සිංහල බෞද්ධ රෙද්ද

 

බටහිර රටවල විශේෂයෙන් විශ්වවිද්‍යාලවල  අද ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන විරෝධය පුස් වෙඩිල්ලක් පමණයි. මා ඊශ්‍රායලය රකිනවා නො වෙයි. එහෙත් එතරම් ප්‍රබල නොවන විරෝධය කළමනාකරණය කිරීමට බටහිරයන් දන්නවා. වත්මන් බටහිර ක්‍රමයට විකල්ප ක්‍රමයක් බටහිරින් මතුවෙලා නැහැ. නූතනත්වය නමින් හැඳින්වෙන වත්මන් ක්‍රමයෙහි ඇත්තේ ප්‍රධාන වශයෙන් කළමනාකරණයක්.

Tuesday 19 December 2023

හාමුදුරුවරුන්ගේ හා බටහිර වෙද මහතුන්ගේ සේවය

 

හාමුදුරුවරුන්ගේ හා බටහිර වෙද මහතුන්ගේ සේවය

 

මා කලින් දවසක ඉංගිරිසියෙන් වෝක් යනුවෙන් හැඳින්වෙන අවධානග්‍රාහීන් ගැන ලිවුවා. ඇමරිකාවේ හා එංගලන්තයේ ඊශ්‍රායල විරෝධී පිරිසක් ගැන කියද්දී. එහි දී මහා ධන කුවේරයකු වූ මස්ක් අවධානග්‍රාහි අයකු ලෙස මා සඳහන් කළා. එයට ඇමරිකාවේ වෙසෙන භෞතික විිද්‍යාඥයකු අපහාසයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා මස්ක් අවධානග්‍රාහී නොවන බව සඳහන් කරමින්. ඔහු මා මෙන් නොව විිද්‍යාඥයෙක්. මෙරට වෙනත් පඬි නැට්ටන්ගේ මෙන් ඔහුගේ  නම ලෝ පුරා ප්‍රසිද්ධයි. ලෝ පුරා ඔවුන් ලොවට හෙළි කළ නව දැනුම් සාකච්ඡා වෙනවා. ඒත් ඔවුන් මස්ක් ඊශ්‍රායලය ගැන පළමුවෙන් කී දේ කියවා නැති වෙන්න පුළුවන්. මස්ක් පසුව ඊශ්‍රායලයට ගොස් තමාගේ අවධානග්‍රාහි කතා වසා ගත්තා.

Monday 18 December 2023

වමක් නැති වමාලා හා ජෙප්පෝ

 

වමක් නැති වමාලා හා ජෙප්පෝ

 

අද මෙරට වමක් නැහැ. පැරණි වාමාංශික පක්‍ෂ වාම කතාවෙන් මිදිල හුඟක් කල්. ශ්‍රී නි පක්‍ෂය වමේ පක්‍ෂයක් ලෙස පෙනී හිටියා. වම කියන්නේ බොහෝ කලකට පෙර  මට මතක හැටියට නම් ප්‍රංශ විප්ලවය කාලෙ එක් රැස්වීමක මුලසුනෙන් වමේ සිටි අය. අර්ථයෙන් අද මෙරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට වමෙන් ඉඳගන්නෙ සජිත් ප්‍රමුඛ විපක්‍ෂය බැවින් ඔවුන්ට වම කියන්න පුළුවන්.

Sunday 17 December 2023

කළු කුහරයෙන් වැවට

 

කළු කුහරයෙන් වැවට

 

කළු කුහර ගැන කියන විට විශ්වවේදී නියතය අමතක කරනවා. එයට එක් හේතුවක් වන්නේ විශ්වවේදී නියතය රැගත් විසඳුමක් ද්‍රව්‍ය ව්‍යාප්තියක අභ්‍යන්තරය සඳහා නොමැති වීම. දැනට තියෙන්නේ ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම නමින් හැඳින්වෙන විසඳුම පමණයි. එහෙත් විශ්වවේදී නියතය සහිත විසඳුමකින් ආකර්ෂණය වෙනුවට විකර්ෂණයක් යෙදෙනවා. විශ්වවේදී නියතය නිසා ඊනියා ගුරුත්වජ ආකර්ෂණයක් ඇති වන්නේ නැහැ. කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ කතා එහෙමයි. ඩි සිටර් විශ්වය යනුවෙන් හැඳින්වෙන විශ්වය තනිකර ප්‍රසාරණය වෙන විශ්වයක්. විශ්වවේදී නියතයට හුඟක් වෙනස්කම් කරන්න පුළුවන්.  අපේ දැනුම සාපේක්‍ෂයි.

කළු කුහර අධ්‍යයනය

 "Singularities don’t exist,” claims black hole pioneer Roy Kerr"""

අවුරූදු පනහකට ඉහත මට ද කළු කුහර අධ්යයනය කිරීමට අවස්ථාව ලැබුණා. එහි දී මා කර් නම් නවසීලන්ත විශ්වවේදියාගේ භ්රමණය වන වස්තුවල සාධාරණ සාපේක්ෂතා විසඳූම ද යොදා ගත්තා. ඔහූ ඒ විසඳුම ලබා ගෙන ඇත්තේ අවුරුදු හැටකට කලින්. ඒ විසඳුම අනුව මට කීමට පුළුවන් වුණා භ්රමණය වන දිශාවට විරුද්ධ දිශාවට ප්රක්ෂෙපණය කරන ලද වස්තුවක් ටික වෙලාවකින් ආපසු හැරී භ්රමණය වන වස්තුව දිශාවට ම කරකැවෙන බව.
මට එකලත් කළු කුහර ගැන තිබුණේ අවිශ්වාසයක්. වරක් කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ මහාචාර්ය ඩෙනිස් ශ්යාමා සසෙක්ස් විශ්වවිද්යාලයේ දේශනයකට පැමිණියා. මා කේම්බ්රිජ් ගියා නම් මගේ උපදේශකවරයා වීමට සිටියේ ඔහු. කෙසේ වෙතත් එදින ශ්යාමා සමග දිවා භෝජනය ගැනීමට මට ද ආරාධනය කර තිබුණා.
මා දිවා භෝජනය අතර තුර ශ්යාමාගෙන් ඇසුවා කර් විසඳූම ගැන. ඔහු ඒ ගැන විමසිලිමත් විය යුතු බව කියා දැන් රෝයි ඒ සම්බන්ධයෙන් වැඩ නොකරන බව කිවුවා. ඔහු රෝයි කිවුවේ මහාචාර්ය කර්ට.
එහෙත් පසුගිය දා කර් අලුත් පත්රිකාවක් ලියා අපූර්වතා (singularities) ප්රශ්න කළා. එය අවසාන වාක්යය යැයි මා කියන්නේ නැහැ. එහෙත් එය ඊනියා කළු කුහර ගැන සිතන්නට අප යොමු කරනවා.

Saturday 16 December 2023

ඉංගිරිසින්ගේ හා උගත් ගැම තරුණ පරපුරේ වියලි කලාපය

 ඉංගිරිසින්ගේ හා උගත් ගැම තරුණ පරපුරේ වියලි කලාපය

 

මගේ ඊයේ (දෙසැම්බර් 15) ලිපියට ප්‍රතිචාර ලැබී තියෙනවා. ඇතැමුනට අනුව, කෝට්ටෙයාවත්තට එම නම ලැබී තියෙන්නෙ වීදිය බණ්ඩාර තමා පැමිණියේ කෝට්ටෙන් බව කීම නිසා ගැමියන් ඔහු කෝට්ටයා ලෙසත් ඔහු පදිංචි සිටි ප්‍රදේශය කෝට්ටෙයාවත්ත ලෙසත් නම් කළ බවට ඇති ජනප්‍රවාදය නැත්නම් ජනකතාව ඇත්තක් වෙන්න ඕන.