අපි සීගිරි යමු
සීගිරිය ගැන ලියන්න හිතිලා ටිකක් කල්. ඒත් ඉඩක් හම්බ වුණෙ නැහැ. පාසලේ පනස්හයේ කණ්ඩායමේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන දැනට ඕස්ත්‍රේලියාවේ පදිංචි මිතුරකුගෙන් ඊයේ සීගිරිය ගැන රූහඬපටයක් ලැබුණා. එහි සබැඳිය ප්‍රතිචාරයක් ලෙස පළ කරනවා. බර්ගර් ජනවර්ගයට අයත් මිතුරා රට හැර ගොස් දැන් අවුරූදු හැටක් පමණ වෙනවා. එහෙත් ඔහු රට ගැන තවමත් උනන්දුවක් දක්වනවා. ඒ රූහඬපටය නැරඹීමෙන් පසු සීගිරිය ගැන ලිවීම තවත් කල්දැමීම නුසුදුසු යැයි හැඟුණා.