Main Logo

Tuesday 31 October 2023

හමාස් ඊශ්‍රායල් ප්‍රශ්නය හා පඬි නැට්ටෝ

 

හමාස්  ඊශ්‍රායල් ප්‍රශ්නය හා පඬි නැට්ටෝ

 

ඇමරිකානු හා පොදුවේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘති අද යම් අරබුදයකට පත් වෙලා. මාක්ස්ගෙ කසිකබල් කතන්දරවලට අනුව නො වෙයි. එය ඇති වී තිබෙන්නේ හමාස් ඊශ්‍රායල් ප්‍රශ්නය නිසා. අද ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල යුදෙවු විරෝධය (antisemitic) ඉස්මතු වෙලා. තවත් තැන්වල මුස්ලිම් විරෝධයක් ඇති වෙලා.

Monday 30 October 2023

මෙරට ක්‍රිස්තියානි මොටා

 

මෙරට ක්‍රිස්තියානි මොටා

 

ඊයේ මා මෙරට ක්‍රිස්තියානි පාසල් ගැන සඳහන් කළා. විශ්වවිද්‍යාල කියන ආයතන ගැනත් වචනයක් දෙකක් කියන්න ඕන. අප රටේ අද ඇති වී තිබෙන ශෝචනීය තත්වයට ඉතා විශාල ප්‍රමාණයකින් වග කියන්න ඕන මෙරට විශ්වවිද්‍යාල කියන ආයතන. මා දන්නා තරමින් මෙරට විශ්වවිද්‍යාල නැහැ. මෙරට ඇත්තේ පාසල්වල දිගුවක් පමණයි. එහෙම කියන එකත් එතරම් හරි නැහැ. මෙරට ඇත්තේ මොටා.

Sunday 29 October 2023

අපේ ක්‍රිස්තියානි පාසල් හා ක්‍රිස්තියානි අධ්‍යාපනය

 

 

 

අපේ ක්‍රිස්තියානි පාසල් හා ක්‍රිස්තියානි අධ්‍යාපනය

 

අපට වැරදිලා. හොඳට වැරදිලා. අපේ වැරදි ගොඩක් තියෙනවා. වැරදි අපට බටහිර ඇතැම් දේ අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට එහෙමත් නැත්තන් ඇතුල් කර ගැනීමට එහෙමත් නැත්තන් අපේ කර ගැනීමට නොහැකි වීම නිසා සිදු වූ දේ. අපට බටහිර දැනුම අපේ කර ගන්න බැරි වුණා. සර්වජන ඡන්දය අපේ කර ගන්න බැරි වුණා. අතර මාක්ස්වාදය විසින් අප මුළා කෙරුණා. අප බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා.

Saturday 28 October 2023

සසරක් නැති අපි ආතලෙන් ඉන්නවා

 

සසරක් නැති අපි ආතලෙන් ඉන්නවා

 

අද පෝය. ලංකාවෙ ඉන්න වෙලාවට පෝය මග ඇරෙන්නෙ නැහැ. හතරවැනි පස්වැනි සියවස්වලින් පටන් ගත්තොත් පෝය විසිදාහක් විතර ගෙවිලා ඇති. පෝය විසිදාහකට අප කරල තියෙන්නෙ මොනවා ? කිහිප වතාවක් මෙරටින් උපසම්පදාව නැති වුණා. පසුව සියමෙන් හා බුරුමයෙන් උපසම්පදාව ගෙනාවා. රටවලත් කිහිප වතාවක් උපසම්පදාව නැති වුණා. එවිට ලංකාවෙන් උපසම්පදාව ගෙනිච්ච. කොහොම හරි අද ථෙරවාද ලෝකයේ උපසම්පදාව නොකැඩී පවතිනවා. වලගම්බා රජු දවස ධර්මය ග්‍රන්ථාරූඪ කළ නිසා ධර්මයත් පවතිනවා. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. වැඩි වශයෙන් ලංකාවෙ.

Friday 27 October 2023

සිංහලයන්ට සොහොන් බිමක්වත් නැද්ද?

 

සිංහලයන්ට සොහොන් බිමක්වත් නැද්ද?

 

අද නම් රටක රටවැසියකු වීමට විවිධ ක්‍රම තියෙනවා. උත්පත්තියෙන් හරි දෙමව්පියන් රටවැසියන් වීම නිසා හරි රටවැසියන් නොවූ අය සඳහා ඉල්ලුම් කරන්න ඕන. එහෙත් ඉල්ලුම් කරන සැමට රටවැසිකම ලැබෙන්නේ නැහැ. ඇතැම් විටෙක රටවල් ඇතැමුනට රටවැසිකම පුදනවා. විශේෂ අවස්ථාවල දී. මෙරට පඬි නැට්ටන්ට නම් සමහර විට එවැනි පිදීම් වෙන්න පුළුවන්. ඔවුන් එතරම් විදග්ධ ප්‍රාඥයන් ශාස්ත්‍රඥයන් දාර්ශනිකයන් විද්‍යාඥයන්.

Thursday 26 October 2023

සිංහලයන්ට අහිමි උතුර හා නැගෙනහිර

 

සිංහලයන්ට අහිමි උතුර හා නැගෙනහිර

 

උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි ? දිවයිනේ ඕනෑම පෙදෙසක පදිංචි වීමට සිංහල නොවන ජනයාට බාධාවක් නැති නමුත් සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වීමට දෙමළ ජාතිවාදීන් බාධා පමුණුවනු පමණක් නොව සිටින සිංහලයන් පළාත්වලින් පිටමං කිරීමට කටයුතු කරනු දැක ගත හැකියි. 

Wednesday 25 October 2023

හරිශ්චන්ද්‍ර විජයතුංග

 දෙමළ ජාතිවාදයට විරුදධ ව සන්සෝනි කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් ද වෙනත් අයුරින්ද සිංහල ජාතිකත්වය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ අද (25) අනූදෙවැනි විය සපුරන හරිශ්චන්ද්ර විජයතුංග මහතාට දිර්ඝායු පතමු!

පොහොට්ටුවට ඇමතිකම් නැහැ

 

පොහොට්ටුවට ඇමතිකම් නැහැ

 

රනිල් ඇමතිවරු දෙතුන් දෙනකු එහාට මෙහාට කරලා. කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවත් කරලා. ඒත් රාජිතට සෞඛ්‍ය ඇමතිකම නැහැ. සෞඛ්‍ය ඇමතිකම කාට දුන්නත් බාල ඖෂධ ගෙන ඒමේ චෝදනාව නැති වන්නේ නැහැ. කොහොමටත් ආණ්ඩුවට එතරම් මුදලක් ඇත්තෙත් නැහැ. මේ ක්‍රමයට කොමිස් නැතිව පවතින්නත් බැහැ.

Tuesday 24 October 2023

පලස්තීනය හා වෙල්ලස්ස

 

පලස්තීනය හා වෙල්ලස්ස

 

අද ගාසා තීරයේ සිදුවන්නේ ඉතාම කෘර මිනිස් ඝාතනයක්. රෝහල්වලට බෝම්බ හෙලීම් දරුවන් ඝාතනය කිරීම් ජනයා තොග පිටින් තමන් ජීවත් වූ ප්‍රදේශවලින් පන්නා දැමීම් ආදිය පලස්තීනුවන්ට විරුද්ධ කෙරෙනවා. එහෙත් බටහිර රාජ්‍යවලින් එයට විරුද්ධ කිසිම හඬක් නැගෙන්නේ නැහැ. ඇතැම් සංවිධාන විශේෂයෙන් පලස්තීනයට පක්‍ෂ යුදෙවු විරෝධී සංවිධාන හඬක් නැගුවත් එසේ කරන්නන්ට විරුද්ධ භීෂණය යොදනවා.

Monday 23 October 2023

සුද්දන්ටත් එහා යන රනිල්

 

සුද්දන්ටත් එහා යන රනිල්

 

මන්නාරමේ මුසාලි ජාතික පාසලේ පැවති උත්සවයක දී පාර්ලිමේන්තුව මගින් ජනාධිපති කෙරුණු රනිල් වික්‍රමසිංහ කියා තියෙනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සියලු ආගම්වලට එක හා සමාන සලකීමත් සෑම රටවැසියකුට සමාන අයිතිවාසිකම් සැලසීමටත් කියා. මා දන්නේ නැහැ එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාගේ ප්‍රතිපත්තිය කියා. සෑම රටවෑසියකුට මෙරට සමාන අයිතිවාසිකම් නැහැ.

Sunday 22 October 2023

බටහිරයන් ලංකාව හා පලස්තීනය

 

බටහිරයන් ලංකාව හා  පලස්තීනය

 

ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එලල කර ඇත්තේ ඊශ්‍රායලය බව සම්බන්ධයෙන් කියැවෙන කරුණු (ඊනියා ෆැක්ට්ස් නො වෙයි) අනුව  පැහැදිලියි. එහෙත් ඊශ්‍රායලයට විරූද්ධ ඊනියා මානව අයිතිවාාසිකම් කඩ කිරීමේ චෝදනා ඉදිරිපත් වේය කියා හිතන්න බැහැ. ඉදිරිපත් වුණත් ඊශ්‍රායලය එය සතේකට මායිම් කරන එකක් නැහැ. ඊශ්‍රායලයට ඇමරිකාවේ මෙන් එංගලන්තයේ සහාය ලැබෙනවා. යුදෙවු ක්‍රිස්තියානි කැමති අකමැති සම්බන්ධය අනුව. එහෙත් සිංහලයන්ට බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් කිසිම සහායක් නැහැ. බටහිරයන්වත් ඉන්දියානුන්වත් සිංහලයන්ට නන්දිකඩාල් පරාජය ගැන සමාව දෙන එකක් නැහැ.

Saturday 21 October 2023

මට අසූව ලැබුවා පමණයි

 

මට අසූව ලැබුවා පමණයි 

 

මට ඊයේ යම්තම් අවුරුදු හැත්තෑනවයක් පිරුණා. දැන් අසූ වියට පා තබලා. මා මහළු බවක් දැනෙන්නේ මගේ විරුද්ධවාදීන්ට. ඔවුන් ඉතා ඉහළ ගණයේ බුද්ධිමතුන් වෙන්න ඕන. නැත්නම් මා මහළු යැයි තීරණය කරාවි ? මැදි විය පසු කළ අයත් මට මෙටාවේ දී සීයා කියනවා. කෙසේ වෙතත් බුද්ධිමතුන් යැයි සිතන්නන් උදෙසා මා තව කාලයක් ජීවත් වන්න බලාපොරොත්තු වෙනවා. මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ වැනි කතා මට අදාළ නැහැ. වෙණ ගායනා පමණක් නොව වෙන වෙන ගායනාත් මට පුළුවන්.

Friday 20 October 2023

අපේ ක්‍රිකට් හා අපි

 

අපේ ක්‍රිකට් හා අපි

 

පසුගිය දා අපේ ක්‍රිකට් ගැන ලෝක ශූරයන් දෙදෙනකු කතා කර තිබුණා. එක් අයෙක් දක්‍ෂ පිතිකරුවෙක්. අනෙක අය දක්‍ෂ පන්දු යවන්නෙක්. සුනිල් ගවස්කාර් හා මුත්තයියා මුරලිදරන්. මා හිතනවා ඔවුන් කියා ඇති දේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පමණක් නොව පොදුවේ ජාතියටත් ජාතික ව්‍යාපාරයටත් ගැලපෙනවා කියා.

Thursday 19 October 2023

රොමේෂ් ද සිල්වාා වාර්තාව වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක්

 

රොමේෂ් සිල්වාා වාර්තාව වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක්

 

මට අද මිතුරකුගෙන් දැන ගන්න ලැබුණා ජාත්‍යන්තර ප්‍රජාවගේ නම්වලින් (ගිණුම්වලින්) ප්‍රතිචාර දක්වන කණ්ඩායම් සිටින බවත් ඔවුන්ට මුදල් ගෙවීමෙන් අවශ්‍ය පරිදි ප්‍රතිචාර දක්වා ගත හැකි බවත්. මගේ ලිපිවලට ජාත්‍යන්තර ප්‍රජාව "හා හා" දක්වන්නේ එසේ මුදල් ගෙවන අයකු විසින් කුලියට ගනු ලබන කණ්ඩායමක් බව ඉන් මට හැඟී ගියා. එයින් පැහැදිලි වන්නේ මගේ ලිපිවලටහා හා” දැක්වීමට කණ්ඩායමකට මුදල් ගෙවන දානපතියකු හරි දානපතියන් හරි මෙරට ඉන්නා බව.

Wednesday 18 October 2023

කබරගොයා තලගොයා වීම හා සාප්පු යන මෝල්ලු

 

කබරගොයා තලගොයා වීම හා සාප්පු යන මෝල්ලු

 

අද වත්මන් ලෝකයේ වැදගත් දවසක්. එය අනාගතයට වැදගත් වෙනවා. අද ඇමරිකන් ජනාධිපති බයිඩ්න් ඊශ්‍රායලට යෑමට නියමිතයි. බයිඩ්න් හා ඊශ්‍රායල අගමැති නෙතන්යාහු අතර අවුරුදු හතළිහක පමණ මිත්‍රත්වයක් ඇතැයි කියනවා. ඒත් බයිඩ්න් තකහනියක් ඊශ්‍රායලයට යන්නේ තම මිතුරා හමු වී සතුටු සාමීචි කතාවක යෙදීමට නො වෙයි.

Tuesday 17 October 2023

රයිගමයා ගම්පලයා හා මාගධිය

 

රයිගමයා ගම්පලයා හා මාගධිය

 

ඊයේ ලිපිය ගැන ප්‍රතිචාර කිහිපයක් ලැබුණා. ප්‍රතිචාර රයිගමයා ගම්පළයා ගැන, සංවාදයේ යෙදුන රයිගමයා ගම්පළයා කවුද යන්න ගැන, මාගධිය ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව ලෙස දිගට පැවතුණද යන්න ගැන. ගැන සඳහන් කිරීමට පෙර කිව යුත්තේ ඊයේ ලිපියට මේ ලිපිය ලියන මොහොතේත් ජාත්‍යන්තර "හා හා" ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි. ප්‍රතිචාර ජෙප්පන්ගේ බව පැහැදිලියි. ජෙප්පන් ව්‍යාජ ගිණුම්වලින් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ කොඳු නාරටිවල ප්‍රශ්නයක් නිසයි. ඔවුන්ට අඩු තරමේ සිංහල නම්වලින් ව්‍යාජ ගිණුම් සකස්කර ගන්නවත් කැඩී ඇති කොඳු නාරටිය ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර නම්වලින ව්‍යාජ ගිණුම් සකස් කර ගෙන.

Monday 16 October 2023

බුද්ධඝෝෂ හිමි හා ජෙප්පෝ

 

බුද්ධඝෝෂ හිමි හා ජෙප්පෝ

 

ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව සිංහල වීමට ඉඩ තිබුණා. එහෙත් යම් යම් හේතු නිසා පාළි භාෂාව ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව වෙලා. එහි දී උත්තර භාරතීය සංස්කෘතිය අපට විශාල බලපෑමක් කර තිබෙන බව පැහැදිලියි. එය තරමක සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි මට හැඟෙන්නේ.

Sunday 15 October 2023

විද්‍යා පරගල කතා හා රනිල්ගේ අවශ්‍යතාව

 

විද්‍යා පරගල කතා හා රනිල්ගේ අවශ්‍යතාව

 

මෙරට ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට අනුව විද්‍යාත්මක විධික්‍රමය යනු පරීක්‍ෂණ නිරීක්‍ෂණ හා නිගමනයි. ඉන් කියැවෙන්නේ බටහිර විද්‍යාව විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කරන බවයි. මේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතාව පාසල් පොත්වල තියෙන බව කියනවා. ඒ් ගැන මට කිසිවක් කියන්න බැහැ. මා කාලයකින් පාසල් පොතක් ඊනියා ශාස්ත්‍රීය පොතක් අල්ලලා නැහැ.

Saturday 14 October 2023

පලස්තීන අරගලය ඉවර ද?

 

පලස්තීන අරගලය ඉවර ?

 

අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට  නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ   අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ  බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.

Friday 13 October 2023

මේ ජැක්සන් ගැන නො වෙයි

 මේ ජැක්සන් ගැන නො වෙයි


මට ජැක්සන් ඇන්තනි ගැන ලියන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් පඬි නැට්ටන් කියනවා ජැක්සන් සිංහල බෞද්ධ සංස්කෘතියට කඩේ ගියා කියලා. සමහරු කියනවා ඔහු සල්ලිවලට කඩේ ගියා කියලා. මුදල් හුවමාරු ගැන මා දන්නේ නැහැ. අපේ රටවල පමණක් නොව ඇමරිකාවේ හා අනෙක් බටහිර රටවලත් මුදල් ගණුදෙනු සිද්ධ වෙනවා. මුදල් ගණුදෙනුවත් අපට ලැබී ඇත්තේ බටහිරින්මයි. සිංහල බෞද්ධ රාජ්‍යයේ ඔය විධියේ මුදල් ගණුදෙනු තිබුණේ නැහැ.

Thursday 12 October 2023

බුද්ධිමතුන් පඬි නැට්ටන් ගෝත්‍රිකවාදය හා සභ්‍යත්වය

 

බුද්ධිමතුන් පඬි නැට්ටන් ගෝත්‍රිකවාදය හා සභ්‍යත්වය

 

සභ්‍යත්ව කතා නැවතත් ඇවිත්. දේශපාලන පක්‍ෂ මෙන් ජාතිකවාදී බුද්ධිමතුන් සභ්‍යත්ව කතා කියනවා. සිංහල බෞද්ධ සභ්‍යත්වයක් කියා එකක් තියෙනවා ? සභ්‍යත්ව රාජ්‍යය කියන්නේ කුමක් ? කොටින් සභ්‍යත්වය යනු කුමක් ? මා දන්නේ නැහැ බුද්ධිමතුන් කොපමණ කාලයක සිට සභ්‍යත්වය කියන වචනය යොදා ගන්නවා කියා.  ජාතිකවාදී බුද්ධිමතුන් කියන්න බැරි නැහැ අවුරුදු දෙදහස් පන්සීයක කාලයක් තිස්සෙ අප සභ්‍යත්වය කියන වචනය යොදාගෙන තියෙනවා කියල. මා ඉතිහාසය එතරම් හදාරල නැහැ. පැරණි පොතපත සියල්ල කියවලත් නැහැ.

Wednesday 11 October 2023

කුසල් නැති රටක්

 

කුසල් නැති රටක්

 

මා මෙරට ඈත අනාගතය ගැන කියන්න තරම් උගතකුවත් බුදධිමතකුවත් නො වෙයි. රනිල් වික්‍රමසිංහ නම් කටයුතු කරන්නේ 2048 සුඛිත මුදිත රටක් බිහි කරන්න. 2048 වන විට මා නම් නැහැ. මා හිතන්නේ රනිල්ටත් වයස අවුරුදු සියයක් පමණ වේවි. අගමැති දිනේෂ් ගුණවර්ධනටත් වයස වේවි. රනිල්ට දේශය බිහි කරන්න රනිල්දාස ඇතුළු පිරිස උදවු උපකාර කරාවි. රනිල්ට ආධාර කරන පිරිස සමාජයේ මහජනයා කියන අය අතර නැති වුවත් දේශපාලනයේ මහාජනයා අතර නම් ඉන්න බව පැහැදිලියි.

Tuesday 10 October 2023

වැවයි දාගැබයි සීගිරියයි ශූන්‍යයයි

 

වැවයි දාගැබයි සීගිරියයි ශූන්‍යයයි

 

අප හිතන විධියට අප (සිංහලයන්) ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කර තියෙනවා. එය නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. ලෝකයේ අපට එවැනි පිළිගැනීමක් නැත්තේ ඇයි කියා. අපට පමණක් නොව අද දකුණු ඉන්දියාව ලෙස හැඳින්වෙන ද්‍රවිඩ දේශයටත් එවැනි පිළිගැනීමක් නැහැ. මේ කලාපයේ යම් පිළිගැනීමක් ඇත්තේ මොහෙන්ජදාරෝ හරප්පා සංස්කෘතියේ නිපැයුම්වලට. ඉන් බාහිර යමක් කියැවෙනවා නම් ඊනියා අරාබි හින්දු ඉලක්කම් ගැනයි.