Main Logo

Monday 31 July 2023

යාපනයේ සිංහපුරය

 

යාපනයේ සිංහපුරය

 

ඊයේ (30) සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ හිටපූ පුරා විද්‍යා කොමසාරිස් රාජා සිල්වා මහතාගේ ලංකා ඉතිහාසයේ එතරම් දැනුමක් නැති පැතිකඩ: චෝල කුමරියක් හා යාපනයේ පැරණි නම මැයෙන් වැදගත් ලිපියක් පළ වී තිබුණා. ලිපිය කොටස් දෙකකින් සමන්විතයි. එකක් නිකවැරටිය අසළ බුදුමුත්තාව ගමේ ඇති දෙමළ සෙල්ලිපියක් සම්බන්ධ . එය දෙමළ බිසවක විසින් කරවන ලද්දක් බවයි කියැවුණේ. ගැන පුරා විද්‍යා හා උරුමය සංවිධානය මගින් කෙරෙන මගේ දේශනවල දී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි කොණක් විජයබාහු රජු කරා යනවා. බොහෝ කලක සිට මෙරට රජවරු ඉන්දීය බිසොවුන් සරණ පාවා ගෙන තියෙනවා. නුවර යුගය දක්වා කතාව දකින්න පුළුවන්. එක් කතාවකට අනුව ධාතුසේන රජුගේ එක් බිසොවක් පල්ලව කුමාරීියක්. කාශ්‍යප ඔවුන්ගේ පුතා. පල්ලවයන් භාරතයේ වයඹ දිග රජ කළ ආර්ය සංස්කෘතියට අයත් පිරිසක් බවත් පසුව ඔවුන් දකුණු ඉන්දියාවට (භාරතයට) ගිය බවත් කියැවෙනවා. එකල භාරතයේ රාජ වංස හා ජනයා එක සංස්කෘතියට අයත් වීම අනිවාර්ය වී නැහැ.

Sunday 30 July 2023

මැනිං යෝජනා හා වෙල්ලාල ජාතිවාදය

 

මැනිං යෝජනා හා වෙල්ලාල ජාතිවාදය

 

ලංකා ජාතික සංගමයේ පළමු රැස්වීම පවත්වා ඇත්තේ 1919 දෙසැම්බර් 11 වැනි දා. එහි මූලිකත්වය ගෙන ඇත්තේ දෙමළ වෙල්ලාලයන්. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊනියා සමානත්වයක් යටතේ  ඊනියා ලාංකික ජාතිකත්වයක් ඇති කිරීමට. ඔවුන් තේරුම් නොගත් දෙය නම් මෙරට අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහල ජාතියක් පැවති බවත් වරින් වර භාරතයෙන් (ඉන්දියාවෙන්)  පැමිණි ජන කොටස් ජාතියට අවශෝෂණය වූ බවත්. ඊනියා ජාතික රාජ්‍ය යුරෝපයේ ඇති වීමට පෙර ලෝකයේ තිබුණේ සිංහල ජාතියත් චීන ජාතියත් බව ඔවුන් නොදැන ඉන්න ඇති.

Saturday 29 July 2023

වෙල්ලාලයන්ට කොළඹ අහිමි වීම

 

වෙල්ලාලයන්ට කොළඹ අහිමි වීම

 

වරද්දා ගත් තරුණ පරපුර හෙවත් ජේ ආර්ගේ දරුවන් ඉතිහාසය නොදැනීමත් ප්‍රශ්නයක්. ජේ ආර් සාහිත්‍යය කන්න කියා ඇසූ මුත් ඉතිහාසය කන්න කියා ඇසූ බවක් දැන ගන්න නැහැ. එහෙත් මෙරට ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්න නම් තියෙනවා. එක් පැත්තකින් ජී සී මැන්දිස්ගේ ඉතිහාසකරණය අනෙක් පැත්තෙන් සිංහල ඉතිහාසය මකා දැමීමට කරන ප්‍රයත්නය. ජේ ආර්ගෙ දරුවන් දෙමළ ජාතිවාදය පිළිබඳ හැදෑරීමක් කර ඇතැයි හිතන්න බැහැ. ඔවුන් දන්නේ සිංහල ආණ්ඩු විසින් කරන ලද ඊනියා අසාධාරණයක් ගැනයි. ඔවුන් ප්‍රබුද්ධයන්.

Friday 28 July 2023

ආ වැඩේ නොකර වෙන වැඩකට අර අඳින රනිල්

 

වැඩේ නොකර වෙන වැඩකට අර අඳින රනිල්

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ පරගලය හරහා. එහි දී ඔහුට ලැබුණු වරමක් නැති වුවත් ඔහු පැමිණියේ ආර්ථික අර්බුදය ජයගත හැකි ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති ජාත්‍යන්තරයේ ප්‍රසාදයට පත් පුද්ගලයා ලෙස. ඔහු ගැන ඔහුගෙ හෙංචයියන් අදත් කියන්නේ වගේ කතා. ඔහු ඉතා පැහැදිලිව බොරුවෙන් උපන් ජනාධිපති හා පරගලයේ දරුවා. ජාත්‍යන්තර සබඳතා කෙසේ වෙතත් මෙරට ඉන්න විදේශ තානාපති තානාපතිනියන් මහා කොමසාරිස්වරුන් කොමසාරිස්වරියන් නම් මෙරට ක්‍රියා කරන්නේ විසුරේ නමින් හැඳින්වුණු යුවරජුන් මෙන්. එයට අමතර රට රටවල විදේශ ඇමතිවරු විදේශ ලේකම්වරු ලෝක බැංකු නිලධාරීන් ජාමුල නිලධාරීන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් අයිතිකාරියන් කවුරු හරි හැමදා වගේ මෙරට ඉන්නවා. හෙට අනිද්දා ප්‍රංශ ජනාධිපති එනවා. ඔහු එන්නෙ හදිසියේ ප්‍රංශ ලංකා සබඳතා තර කරන්න ?  අද මෙරට ජාත්‍යන්තරයේ පාපන්දුවක් බවට පත් වෙලා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අපට කොන්ද්සි පණවන්නේ නිසා නම් නො වෙයි.

 

රනිල් එදා හා අද

 රනිල් එදා හා අද

යහපාලන අගමැති පාර්ලිමේන්තු බලය ඒත් දහතුන ගැන කතා නැහැ
පාර්ලිමේන්තුවේ එක ඡන්දයයි දහතුන මුළුමනින් ම දෙන්න කතා
ඒ ඇයි?

Thursday 27 July 2023

කවුද රනිල් පත් කෙළේ

 

කවුද රනිල් පත් කෙළේ

 

වරද්දාගත් පරපුර හෙවත් ජේ ආර්ගෙ දරුවන් මෙටාවෙ අහන ප්‍රශ්නවලින් එකක් නම් කවුද රනිල් පත් කෙළේ යන්නයි. රාජපක්‍ෂලා ඉවත් කෙළේ ඔවුන් හොරු හින්දා ඔවුන් රට කෑව හින්ද අප රාජපක්‍ෂලගෙ රෙදි හෝදන එවුන් කියල විදග්ධ නිගමනවලට එළඹෙන අය ඔවුන්ගෙ ගුරාලගෙන් වෙනස් වෙන්නෙ නැහැ. කිසිවකු රනිල් පත් නොකළ බව නම් කියන්න ඕන. ඔවුන්ට එහෙම හයියක් නැහැ. ඒත් ඔවුන් හිතනව තමුන් තමයි මහින්ද හා ගෝඨාභය ඉවත් කෙළෙ කියල. ඔවුන්ගෙ විදග්ධ තර්ක බුද්ධියට අනුව ඔවුන් හොරු ඉවත් කරල. ඒත් ඔවුන් බැසිල් ඉවත් කරල නැහැ නාමල් ඉවත් කරලත් නැහැ. බැරිකමට නැත්නම් ඔවුන් හොරු නොවන නිසා යන්න පැහැදිලි නැහැ. ඔවුන්ට බැරිකමක් නම් තියෙන්න බැහැ. රනිල් පත් කෙළෙ ඔවුන් නොවුණත් ඔවුන් අතිදක්‍ෂයන්. ඒත් මට නිගමනයකට එන්න බැහැ. මා ඔවුන් තරම් දක්‍ෂයකු නො වෙයි. 

Wednesday 26 July 2023

මෙරට රනිල්ගේ බූදලයවත් ඉන්දියාවෙ යටත්විජිතයක්වත් නො වෙයි

 

මෙරට රනිල්ගේ බූදලයවත් ඉන්දියාවෙ යටත්විජිතයක්වත් නො වෙයි

 

දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න යන බව වෙල්ලාල කුලවාදී මන්ත්‍රීවරු කියනවා. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් දී ඇති බව කියනවා. අපි කෙලින් ප්‍රශ්නය අගමැති දිනේෂ් ගුණවර්ධනට ඇමති මණ්ඩලයට හා පොදු ජන පෙරමුණට යොමු කරමු. ඔවුන් රනිල් සමග එකඟ වෙනවා ? එයට එකඟ ? අර සුවාදීන වූ අය කී දෙනකු එයට එකඟ ? මා වි පෙන් ප්‍රශ්නය අහන්නේ නැහැ. ඔවුන් කියන්නේ මොකක් කියන එක වැදගත් නැහැ. එය දැන් රනිල්ගේ වලිගයක් පමණයි.

Tuesday 25 July 2023

ඉන්දියාව හා දහතුන

ඉන්දියාව හා දහතුන

India and 13 A, Solve your problems first

ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ

අපේ ප්‍රශ්න විසඳීමට පෙර ඔබේ ප්‍රශ්න විසඳා ගන්න. මනිපුර් පමණක් නොව සික් ක්‍රිස්තියානි මුස්ලිම් සහ තවත් ප්‍රශ්න.

සබැඳිය

ගණිතයේ ඵලදායී බව

  

ගණිතයේ ඵලදායී බව

 

පහුගිය දවසක අපි ගියා සිලිකන් මිටියාවතේ පරිගණක කෞතුකාගාරය බලන්න. එහි අවුරුදු සිය ගණනක පමණ මිනිසුන් එකතු කරන්න වෙනත් සංඛ්‍යා අතර කෙරෙන වැඩි කිරීම ආදී ක්‍රම (පාරිභාෂික වචනය කර්ම - operations) සඳහා යොදා ගත්ත උපකරණ ආදිය තියෙනවා. එමගින් බොහෝ දේ දැන ගන්න පුළුවන්. පරිගණක ආවෙ බොහොම කාලෙකට පස්සෙ. අද බොහෝ දේ පරිගණක යොදා ගෙන කෙරෙන්නෙ. තොරතුරු තාක්‍ෂණය අද රැකියා ක්‍ෂෙත්‍රයේ බොහෝ අවස්ථා ඇති කොටස.

Monday 24 July 2023

රනිල් හා ලෝකය

 රනිල් හා ලෝකය

රනිපයකට රට බරනිල් හා ලෝකය
රනිල් ඩොලර් කිහිපයකට රට බටහිරට හා ඉන්දියාවට විකුණනවා නොවෙයි. ඔහුට එහෙමවත් කරන්න බැහැ. ඔහු තමා පත් කළවුන්ට අවශ්ය අන්දමට වැඩ කරනවා පමණයි.

මනිපුර් ප්රශ්නය තෙළඟනාවට ද පැතිරිලා.
ඩෙන්මාර්කයේ ද කෝරාන් පුච්චලා. අපට බැරි ද 
                    ඒ ප්රශ්න විසඳන්න.ටහිරට හා ඉන්දියාවට විකුණනවා නොවෙයි. ඔහුට එහෙමවත් කරන්න බැහැ. ඔහු තමා පත් කළවුන්ට අවශ්ය අන්දමට වැඩ කරනවා පමණයි.
මනිපුර් ප්රශ්නය තෙළඟනාවට ද පැතිරිලා. ඩෙන්මාර්කයේ ද කෝරාන් පුච්චලා. අපට බැරි ද ඒ ප්රශ්න විසඳන්න.

භික්‍ෂු විනය

 

භික්‍ෂු විනය

 

භික්‍ෂූන් වහන්සේගේ විනය ගැන ඇතැමුන් කතා කරනවා. බොහෝ දෙනකු තමන් ඊනියා නිරාගමිකයන් ලෙස හඳුන්වාගන්නා අය. ඊනියා නිරාගමිකයන්ට බුදුසසුන ගැනත් උනන්දුවක් ඇති වීම හොඳයි. ඔවුන්ට කොහොමත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන තමයි ලොකු වේදනාව. මේ නිරාගමිකයන් බොහොමයක් වමාලා හරි හිටපු වමාලා හරි. ධනපති පංතියට විරුද්ධ පරගලයක් කරල රනිල් බලයට පත් කරල විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගෙන ඇති වමාලාට හා හිටපු වමාලාට දැන් තවත් ධනේශ්වරයට විරුද්ධ කරන්න දෙයක් නැහැ. නිසා නැතත් ඔවුන් සිංහල බුදුසසුන වෙනුවෙන් කරන අරගලය අගය කරන්න ඕන. ඔවුන්ට ආගමික ආයතන පල්ලි කෝවිල් ආදිය ගැන එතරම් උනන්දුවක් නැත්තේ එහි අඩුපාඩුකම් නැති නිසා වෙන්න ඕන.

 

Sunday 23 July 2023

විහාර මහා දේවියගේ වංසය

 

විහාර මහා දේවියගේ වංසය

 

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලබන ඉතිහාසයට නව සුසමාදර්ශයක් දේශන මාලාව පදනම් කර ගෙන විවිධ ප්‍රශ්න අහනවා. ඇතැම් ප්‍රශ්න යමක් දැන ගැනීම සඳහා. එහෙත් ඇතැම් ප්‍රශ්න තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීම සඳහා. ප්‍රශ්නවලින් පැහැදිලි වන්නේ ඔවුන්ට බොහෝ විට දේශනය නොතේරෙන බවයි. එක් අයකු කියා තිබුණා මා විශ්ලේෂණය එහෙමත් නැත්නම් වෙන් කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව, එයට විරුද්ධ බව.

Saturday 22 July 2023

මගේ ලෝකයට පසුවදනක්

 

මගේ ලෝකයට පසුවදනක්

 

මගේ ලෝකය ඊනියා උගතුන් අතරට නොගියාට ඊයේ (21) උදැසන මා ලියූ ලිපිය බොහෝ දෙනකු අතරට ගිහින් තියෙනවා. අය නූගතුන් වෙන්න ඇති. උගතුන් තුන් දෙනකු හැර අනෙක් අය වරදක් කියා තිබුණේ නැහැ. දේශපාලන විරුද්ධවාදීන් දක්වන අදහස් ගැන මා එතරම් උනන්දු වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ ලිපියට වඩා මට. ඔවුන් වැරදි මවනවා. සමහර විට ඔවුන්ට තේරෙන හැටි වෙන්න ඇති.  අද දේශපාලනයේ ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. පුද්ගලයකු පසුපස යෑම හැරෙන්නට ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. පුද්ගලයා මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් මාඕ චේ ගෙවාරා නිවුටන් ඕපන්හයිමර් බෝර් අයින්ස්ටයින් විට්ගන්ස්ටයින් මෝදි රනිල් බැසිල් යන්න ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයකු පමණයි. මා බුදුහාමුදුරුවන් පසුපස යනවා කියා කිසිවකු කියන්න පුළුවන්. මා බුදුහාමුදුරුවන් තේරුම් ගන්න උත්සාහ කරනවා පමණයි.

Friday 21 July 2023

රනිල් ඉන්දියාවේ

 රනිල් ඉන්දියාවේ

ඉන්දියාවෙන් (භාරතයෙන් - දඹදිවෙන්) අපට ලැබුණු එකම තෑග්ග බුදුදහමයි. ඉන් පෙර හා පසු දැනුදු ලැබුණේ ලැබෙන්නේ ආක්රමණ උගුල් බැඳ තැබීම් ආදිය. ඔවුන් පන්නා දැමූ බුදුදහම අපට කෙතරම් කලක් රැක ගන්න පුළුවන් ද?

මගේ ලෝකය

මගේ ලෝකය

 

ශ්‍රි ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ ලේකම්වරයකු වන පුන්සර අමරසිංහ මහතා මෙවර ශ්‍රී ලංකා ගාඩියන් සඟරාවට ලියා ඇති ලිපියක් මා මෙහි පළ කරන්නේ හුදෙක් සකර්බර්ග් සඳහා නොව විවිධ අදහස් දැන ගැනීම සඳහායි.

 

මගේ ලෝකය ලියා දැන් අවුරුදු තිස්හතක් වෙනවා. එහෙත් එය සාකච්ඡාචට සුදුසු පොතක් ලෙස විද්වතුන් සලකන්නේ නැහැ. එයත් මා පසුව ලියා ඇති ලිපිත් සැලකෙන්නේ මිථ්‍යා මත පතුරවන ලේඛන ලෙසයි.  බටහිර දැනුම අතැඹුලක් සේ දත්තවුන්ට මගේ අදහස් යල් පැනපු ගෝත්‍රිකවාදී අදහස්. 

Thursday 20 July 2023

ඉන්දියාව පෝෂණය කරන වෙල්ලාල අධිපතිවාදය, දහතුන ජේ ආර් හා රනිල්

 

ඉන්දියාව පෝෂණය කරන වෙල්ලාල අධිපතිවාදය, දහතුන ජේ ආර් හා රනිල් 

 

අද දිනයේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ප්‍රවෘත්ති බලන විට සංස්කෘතික ගැටුම් ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතාලියේ නගරාධිපතිනියක් මුස්ලිමුන් නාන ඇඳුමෙන් නැතුව සාමාන්‍ය ඇඳුම් පිටින් වතුරට බැසීම ගැන විරෝධය පළ කරලා. ඊශ්‍රායලයේ බස්නාහිර තාප්පය නැරඹීමට පැමිණි කතෝලික පූජකවරයකුට එහි වැඩ කරන අය කුරුසිය වහා ගන්න කියලා. ඇමරිකාවෙ ප්‍රාන්තයක මුස්ලිම් මන්ත්‍රීවරියකට මුස්ලිම් පල්ලියක් අසල පහර දීම ගැන විමර්ෂණයක් ඉල්ලනවා. චීන කාන්තාවක් පිරිසක් ජපන් පොලිසියට පහර දීල. ඇමරිකාවේ මේ දිනවල ආසියානු අමෙරිකානු නමින් හැඳින්වෙන චීන සම්භවයක් ඇති අයට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දී සිදුවෙන අසාධාරණකම් ගැන කතාවක් ආරම්භ වෙලා. ඉන්දියාවේ හැමදාමත් මුස්ලිමුන්ට ක්‍රිස්තියානින්ට එරෙහිව සිදුවන කෙණහිලිකම් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. අතර ඊනියා කුලහීනයන්ට කෙරෙන අසාධාරණකම්.

 

විශ්වවිද්‍යාල අසාධාරණකම් කියද්දී මට කතාවක් මතක් වුණා. අවුරුදු තිහකට පමණ පෙර ජාතික රූපවාහිනියේ දෙමළ ජාතිවාදය ගැන වික්ටර් අයිවන් හා මා අතර විවාදයක් තිබුණා. එහි දී අයිවන් මට මතක හැටියට ප්‍රමිතිකරණය ගැන ලොකු දේශනයක් කළා. දේශනය අවසානයේ මා ඔහුගෙන් ඇහුවා ප්‍රමිතිකරණය කියන්නෙ මොකක් කියා. ප්‍රඥාංකුරයා ගැන හාන්කවිසියක් දැන සිටියේ නැහැ. මෙරට බොහෝ අය එහෙමයි. ලොකු කතා කියනවා තමන් කතාකරන දේ ගැන අවබෝධයක් නැතුව.  මෙටාවෙ හා මෙටාවෙ අය ඕන තරම් දැක ගන්න පුළුවන්.