Main Logo

Friday 14 July 2023

ආයුර්වේද පනත හා ඉන්දියාව

 

 ආයුර්වේද පනත හා ඉන්දියාව 

 

1961 ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා පනතක් ගෙනැල්ල. අදාළ රාජ්‍ය ඇමතිවරයා එය අධ්‍යයනය කර තියෙනවා කියා මා දන්නෙ නැහැ. පනත ගැන මේ වන විටත් බොහෝ දෙනා බොහෝ දේ කියා තියෙනවා. මෙය ඩයනා ගමගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කියාත් ඇතැමුන් ප්‍රශ්න කර තියෙනවා. එක් අයකු කියා තිබුණා පනතින් ආයුර්වේදය නැති වෙනවා කියා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඇති ජාතිකත්වයක් නැහැ. ලයිට් හවුස් ජාතිකත්වයක් තමයි තියෙන්නෙ.

 

ඒත් අද තියෙන තත්වය අනුව කිසිවකුට ආණ්ඩුවෙන් ගිහින් කරන්න දේකුත් නැහැ. අර සුවාදීන වුණු කණ්ඩායම්වලට මොකද වෙලා තියෙන්නෙ. ඇමතිකම් තිබුණත් නැතත් ආණ්ඩුවේ ඉඳගෙන යම් බලපෑමක් කරන එක විතරයි අද ඉතිරි වෙලා තියෙන්නෙ. අපි යන්නේ බටහිරයන් හා ඉන්දියාව පෙන්වන පාරේ. අද බටහිරයන් ඉන්දියාව යොදා ගන්න උත්සාහ කරනවා චීනයට විරුද්ධ . ඒත් රුසියාව නිසා ඉන්දියාවට එක පිම්මේ බටහිරට යන්න බැහැ. මෝදි බැස්ටීලය සංවත්සරයේ දී ප්‍රංසයේ ප්‍රධාන අමුත්තා වන්නේ ගිලටිනයට බෙල්ල තියන්න නො වෙයි.

 

රනිල් වික්‍රමසිංහ අතර ඉන්දියාවට යනවා. පහුගිය දා අරුන් සිද්ධාරථන් වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඉන්දියාව වෙල්ලාලයන් යොදා ගැනීම පිළිබඳ . ලන්දේසින් මෙන් ඉංගිරිසින් වෙල්ලාලයන් යොදා ගත්තා සිංහලයන්ට විරුද්ධ . දැන් ඉන්දියාව ඔවුන් යොදා ගන්නවා. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉන්දියාවෙ වක්‍ර පාලනයක් ඇති කරන්න. වෙල්ලාලයන් අද උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන නැති කිරීමේ ව්‍යාපාරයක යෙදිල. ඇතැම් පඬි නැට්ටන් ලංකාවෙ දෙමළ බෞද්ධයන් ගැන කතා කරනවා. තමන් ප්‍රබුද්ධ බව පෙන්වන්න.  රනිල්ගෙ ලයිට් හවුස් හදන්න ඇත්තෙ දෙමළ බෞද්ධයන් වෙන්න ඕන. නිකම් එක සෙල්ලිපියක් පෙන්නන්න මෙරට දෙමළ බෞද්ධයන් හදපු ලයිට් හවුස් එකක් ගැන. ලියපු බෞද්ධ පොතක් පෙන්වන්න. දකුණු ඉන්දියාවෙත් දෙමළ බෞද්ධ සිද්ධස්ථාන තියෙන්න වත්මන් ආන්ද්‍ර ප්‍රදේශයට කිට්ටු වෙන්න.

 

වෙල්ලාලයන් කියන්නෙ මෙරටට ස්වෙච්ඡවෙන් (රට යටත් කරන්නවත්) පැමිණි පිරිසක් නො වෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන් ලන්දේසින් විසින් ගෙනෙනු ලැබූ පිරිසක්. ඔවුන් එදත් උත්සාහ කෙළෙ ආපහු තම රටට යන්න. ලන්දේසින් හා ඉංගිරිසින් අවස්ථා  දෙකක දි තේසවලාමේ නීතිය පනවල අනෙක් අයගේ ඉඩම් ඔවුන්ට හිමිකර දීල තමයි ඔවුන් රඳවා ගත්තේ. උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන කැණීම් කරල හින්දු සිද්ධස්ථාන හොයා ගන්න පුළුවන් කතරගම අවුරූදු දෙදහසකට කලින් හින්දු කෝවිලක් තිබූණ කියන ඉතිහාසඥයන්ට පමණයි. එහෙත් අනෙක් පැත්ත නම් වෙනවා. ගෝකණ්නයේ තිබූ විහාරය වෙනුවට අද එතැන ඇත්තෙ කෝවිලක්. අපේ පියා තරුණ කාලෙ එහි යන විටත් තිබිල තියෙන්නෙ බෞද්ධ සිද්ධස්ධානයක්. සමරවිට එය දැන් මුහුදෙ තියෙන්න පුළුවන්. වෙල්ලාලයන් හැමදාමත් තම නිජ බිම ලෙස සැලකුවෙ තමිල්නාඩුව. ඔවුන් මෙරටට ගෙනෙනු ලැබූ පිරිසක් පමණයි.

 

මේ කතාව ආයුර්වේද පනත සමග සම්බන්ධ වෙන්නෙ කොහොම ? පනත කියවන්නෙවත් නැතුව පනතින් ආයුර්වේදය නැති වෙනවා කියන අයට නොතේරුණාට ඉන් සිද්ධ වෙන්නෙ සිංහල පාරම්පරික වෙදකම නැති වෙන එක. පාරම්පරික වෙදකම ආයුරවේදය යටතට තව තවත් පත් කරල පාරම්පරික වෙදකමේ හුස්ම හිර කිරීම.   ආර්ය ආක්‍රමණයකට යටත් වෙලත් සිංහලයන් යම් දැනුමක් සංස්කරණය කර ගෙන තියෙනවා නම් එය නැති කරන එක.

 

ආයුර්වේදය හා බටහිර වෙදකම එක් අතකින් සමාන වෙනවා. එහි ප්‍රවාද නැත්නම් කතන්දර තියෙනවා. සිංහල වෙදකමේ එවැනි වියුක්ත කතන්දර නැහැ. කොටින් කියනව නම් සිංහලයන් ඉන්දියාවෙ හරි බටහිර හරි බමුණන් වගේ තියරි කාරයන් නො වෙයි. බුදුහාමුදුරුවොත් තියරි දේශනා කළේ නැහැ. සිංහල දැනුම් ඉන්දියාවෙ දැනුම්වලට වඩා වෙනස්. ආයුර්වේදයෙ නැති බෙහෙත් හේත් ක්‍රම සිංහල පාරම්පරික වෙදකමේ තියෙනවා. ඊනියා තියරි නැති දැනුම් පහත් කියා හිතන අයට කියන්න තියෙන්නෙ බුදුදහමත් එහෙම නම් පහත් කියා.

             

ඉදිරිපත් කරල තියෙන පනත සකස් කරන්න ඇත්තෙ රාජ්‍ය ඇමති නොවන බව පැහැදිලියි. පනත් කෙටුම්පත් කෙරෙන්නෙ අදාළ නිලධාරීන්ගෙ අවශ්‍යතා පරිදි. අද ඉන්න නිලධාරීන් බොහෝමයක් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වුණු අය. ඉතිරි අය මුළුමනින් වගේ ඉන්දිය නැත්නම් උත්තර භාරතීය සම්ප්‍රදායන්ට යට වුණු අය. ඔවුන්ට සිංහල දැනුමක් අවශ්‍ය නැහැ. තියෙන ටිකත් නැති කිරීමේ අවශ්‍යතාව තියෙන්නෙ.

 

මා කියන්නෙ නැහැ මේ පනත ගෙනැත් තියෙන්නෙ ඉන්දියාවෙ වුවමනාවට කියලා. එහෙත් ඉන් ඉටුවන්නෙ ඉන්දියාවෙ වුවමනාව. ඉන්දියාව වෙල්ලාලයන් යොදා ගෙන ඉටු කරන්න හදන වුවමනාවෙ පැත්තක් පනතෙත් තියෙනවා. බටහිර වෙදකම ආයුර්වේදය වගේම පාරම්පරික වෙදකමත් රටේ තියෙන්න ඕන. සිද්ධ යුනානි වෙදකමුත් තියෙන්න ඕන. කටු චිකිත්සාවත් තියෙන්න ඕන. මා වැඩිපුර ප්‍රතිකාර ගන්නෙ සිංහල පාරම්පරික වෙද මහතුන්ගෙන්. බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර නොගන්නවා නො වෙයි.

 

මේ පනතට පාරම්පරික වෙදමහතුන්ගෙ විරෝධයක් තියෙනවා. එයට කන්දෙන්න ආණ්ඩුව සූදානම් නැත් ? බටහිර හා ඉන්දීය ගැත්තන්ට අවශ්‍ය තියෙන සිංහල දැනුමත් විනාශ කරන්න. පාරම්පරික දැනුම නැති වීම නිසා වැවු ටිකට සිදුවෙලා තියෙන දේ ඇස් පනා පිට පේන්න තියෙනවා. ඉංගිරිසින්ටත් ප්‍රශ්නයක් වුණා. කෝල්බෘක් කැමරන් විනාශය (පඬි නැට්ටන්ට නම් ප්‍රතිසංස්කරණ) ගැන ඉංගිරිසින්ටත් අවබෝධයක් තිබුණා. ගැන පසුවට.