Main Logo

Monday 3 July 2023

රනිල් ජාතිකත්වයට ගන්න පුළුවන් කාට ද?

 

රනිල් ජාතිකත්වයට ගන්න පුළුවන් කාට ?

 

මගේ මිතුරන් දෙදෙනකු මුණ ගැසුණු එක් රාජ්‍ය ඇමතිවරයෙක් හොඳ ප්‍රශ්නයක් අසා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජාතිකත්වයට ගන්න බැරි ? බැරි කමක් නැහැ. ප්‍රශ්නය අනෙක් පැත්තට අසමු. රනිල් ජාතිකත්වයට ගන්න පුළුවන් ? පුළුවන් නම් එසේ කරන්න පුළුවන් කාට ? ජාතිකවාදීන්ට පුළුවන් ? ප්‍රශ්නය තවත් අයකු සම්බන්ධයෙන් අහමු. බැසිල් ජාතිකත්වයට ගන්න පුළුවන් ?

 

රාජ්‍ය ඇමතිවරයා මතක් කර දී තියෙනවා මහින්ද 2005 දී  ජාතිකත්වයක හිටියේ නැති බවත් ඔහු ජාතිකත්වයට ගෙනෙනු ලැබුවේ ජාතිකවාදීන් විසින් බව. ඒක ඇත්ත. මෙහි ඇත්ත කියන්නේ මුසාවක් නොවන තේරුමෙන්. ඔහු  දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට හිතලවත් තිබුණේ නැහැ. එහෙත් ක්‍රමයෙන් ඔහු මතයට ආවා. ඔහු අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නා.

 

එක් එක් අයගේ ජාතිකත්ව විවිධයි. මහින්දගේ ජාතිකත්වයට වඩා ගෝඨාභයගේ ජාතිකත්වය වෙනස්. ගෝඨාභයට මුල සිට ජාතිකත්වයක් තිබුණා. බැසිල්ට ජාතිකත්වයක් තිබුණේ නැහැ. අදත් නැහැ. ඔහු සහ රනිල් අතර වැඩි වෙනසක් නැහැ. ඇති එක වෙනසක් නම් බැසිල්ට මැදමූලන ඉතිහාසයක් තිබීම හා රනිල්ට එවැනි කිසිවක් නොමැතිවීම. රනිල් ඉතිහාසය දන්නවා වෙන්න පුළුවන්. ඔහු මානවර්මන් රජුගෙන් පැවත එන්නෙක් වෙන්න පුළුවන්. එහෙත් ඔහුට මෙරට ඉතිහාසය ගැන ඇත්තේ දෙමළ විසිරුණු ජනයාගේ පැවැත්ම යුක්තියුක්ත කරන උපකල්පන. බටහිරයන් කියා දෙන කතා. ඔහු දෙමළ බෞද්ධයන් ගැන ලයිට් හවුස් ගැන වෙනස් ඉතිහාසයක් ලිවීම ගැන පුරාවිද්‍යාවේ  ගමන්මග ගැන කියවනවා. ඔහුට දේශීය දැනුම් ගැන ඇති විශ්වාසයක් නැහැ.

 

එහෙත් මහින්දටත් එවැනි විශ්වාසයක් නැහැ. ඔහුත් රනිලුත් තිරුපති යනවා වෙන්න පුළුවන්. එහෙත් තිරුපති යෑම සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක් නො වෙයි. දැන් කවුරු හරි අහන්න බැරි නැහැ සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියන් නැද්ද කියා. දෙවියන් ඉන්නවා. දෙවියන් සියල්ලන් ලංකාවෙ ඉන්නවා. භාරතයෙන් දෙවියන්වත් අප අවශෝෂණය කරගෙන.

 

ඇතැම් සිංහල බෞද්ධයන්ට මහාවංසය මුළුමනින් විශ්වාසයි. මා එහි ඇතැම් දේ ප්‍රශ්න කිරීම ඔවුන්ට ප්‍රශ්නයක්. ඔවුන්ට යක්‍ෂයන් අමනුෂ්‍යයන්. මට යක්‍ෂයන් මිනිස් ජන කොටසක්. මා එසේ කීම ගැන ඔවුන් මට විරුද්ධ වෙනවා. ඇතැමුන් මගේ සමහර අදහස් යොදා ගන්න උත්සාහ කරනවා මා ජාතිකත්වයෙන් පහ කරන්න. ඩෙනිස් ප්‍රනාන්දු මහතා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලියූ ලිපියක තියෙනවා ටොලමි මහවැලි ගඟ පර්සියන් ගඟ ලෙස හැඳින්වූ බව. ටොලමි හිටියේ බොහෝ කලකට පෙර දෙවැනි සියවසේ.

 

ටොලමි එසේ හැඳින්වීමට පදනම් වූයේ කුමක් ? ගැමුණු කුමරු එළාර සමග යුද්ධයට යන විට මහවැලි (පර්සියන්) ගඟ දිහේ කඳවුරු තිස්දෙකක් පරාජය කළා කියනවා. කඳවුරු එළාරගේ. එළාරට පර්සියන් සම්බන්ධයක් තියෙනවා. මා මෙවැනි කරුණු  කීම ගැන ඇතැම් ජාතිකවාදීන් මට විරුද්ධයි. මහාවංසයේ නැති දේ මා කියනවා. එහෙත් මා මහාවංසය වෙනුවෙන් පෙනී සිටිනවා. එය ආරක්‍ෂා කරනවා. මට විරුද්ධ ජාතිකවාදීන්ට, මා ජාතිකත්වයේ නැතැයි කියන ජාතිකවාදීන්ට වඩා හොඳින් මට මහාවංසය වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. 

 

අදෘශ්‍යමාන බලවේග සමග කරන සන්නිවේදන ගැන කියන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියන විට ඇතැම් ජාතිකවාදීන් මට විරුද්ධයි. ඔවුන් විද්‍යාත්මක බුද්ධාගම්කාරයන්. ඇතැම් ජාතිකවාදීන්ට සසරක් ගැන විශ්වාසයක් නැහැ. සසර විද්‍යාත්මක නැති නිසා. මරණයෙන් සියල්ල කෙළවර වන බව ඔවුන් විශ්වාස කරනවා. එහෙත් සමහරු කතරගම යනවා. නාඩිවාක්‍ය අහන්න යනවා.

 

මා මේ කරුණු කියන්නේ ජාතිකවාදය යනු කුමක් පිළිබඳ නිශ්චිත මතයක් නැති බව සඳහන් කරන්න. සිංහල බෞද්ධ විරෝධීන්ට නම් මොන ජාතිකවාදියාත් අමු අමු මෝඩ ගෝත්‍රිකවාදියෙක්. තම තමුන් අතරත් වෙනස්කම් තිබුණත් ඔවුන් ඉහළ ගණයේ බුද්ධිමත් ප්‍රබුද්ධයන්. මේ සන්දර්භයෙහි මහින්ද හා රනිල් ගැන කියන්න පුළුවන් මොකක් ? ජාතිකත්වයක් නැතුව හිටි මහින්ද යම් ජාතිකත්වයකට ගෙන ඒමට ජාතිකවාදීන් සමත් වුණා. එහෙත් රනිල් ජාතිකත්වයකට ගෙන ඒමට පුළුවන් ජාතිකවාදීන් ඉන්නවා ? රනිල් ප්‍රබුද්ධයෙක් ? ප්‍රබුද්ධයන් තිරුපති යනවා ?

 

භික්‍ෂූන් වහන්සේට රනිල් ජාතිකත්වයට ගෙන ඒමට පුළුවන් ? අප රටේ ඉතිහාසයේ භික්‍ෂූන් වහන්සේ රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා  කළා. එයින් කියැවෙන්නේ නැහැ මෙරට තිබුණේ භික්‍ෂූන් වහන්සේගේ පාලන තන්ත්‍රයක් කියා. අද ප්‍රශ්නය වී ඇත්තේ එලෙස අර්ථයෙන් ධර්මයෙන් ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයට අනුශාසනා කරන භික්‍ෂුන් වහන්සේ නොමැති වීම. එහෙත් කාදිනල්තුමා අද පොලිස්පති පත්කිරීම වැනි කටයුතුවල දී බලපෑම් කරන බවට වාර්තා වෙනවා. කාදිනල්තුමා මහමොළකරු හොයා ගැනීම අත්හැරලා ? කෙසේ වෙතත් කාදිනල්තුමා රනිල් ජාතිකත්වයකට ගෙනෙන එකක් නැහැ. රනිල් ජාතිකත්වයට ගෙන ඒමට පුළුවන් කාට ?