Main Logo

Friday 31 August 2018

මැකෝ සුද්දෝ හා සම්මතය


මැකෝ සුද්දෝ හා සම්මතය





කාලය වෙබ් අඩවිය කියන්නෙ විද්‍යාලංකාර පිරිවෙනේ අපවත් වී වදාළ පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිිමිපාණන් වහන්සේ ආරම්භ කළ පුවත්පතක වත්මන් අනුප්‍රාප්තිකය. 1987 චින්තන පර්ෂදය කාලය සඟරාව ඇරඹුවේ විද්‍යාලංකාර පිරිවෙනින් අවසර ලබා ගෙන. අප එය අද තිබෙන ආකාරයෙන් හරි පවත්වාගෙන යන්නෙ සකර්බර්ගෙ හරි වෙන කාගෙ හරි පිහිටෙන් නො වෙයි. එහි පළවන ලිපි ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු වන්නෙ නැහැ. කලක් නාරද කරුණාතිලක සතිපතා ඒ ලිපි පළ කළත් යම් බලපෑමක් නිසා එය නවතා දැමුවා.

Thursday 30 August 2018

නැවතත් පඬියෝ


නැවතත් පඬියෝ





මහින්දට භාරත රත්න දෙන්නෙ ඉන්දියාවෙන් මිසක් අර ලංකාවට යන එන මහින්දට හිතවත් ස්වාමි නො වෙයි. ඉන්දියාව ගැන අප පරෙස්සමෙන් කටයුතු නොකළොත් අපත් රටත් අමාරුවේ වැටේවි. අද සුපිරි මහින්දවාදීන් වී සිටින ඇතැමුන් ගැන මට ඇත්තේ සැකයක්. ඔවුන් 2015ට පෙර සිටියේ කොහේ ද කියා දේශපාලන වුවමනාවක් ඇති අය දන්නේ නැහැ. මේ සුපිරි මහින්දවාදීන් මහින්ද ගැන බොරු කියනවා. මහින්ද සර්වතෝභද්‍ර පුද්ගලයකු කරන්න හදනවා. මහින්ද පසු කලෙක 13+ ගැන මොනවා කිව්වත් කළත් ඔහු මුල දී 13+ දෙන බව කිව්වා. යමකු ඒ නැතැයි කියන්නේ නම් ඔහු මහා බොරු කාරයෙක්. දැනට ඉන්න නායකයන් අතරෙන් ජනතාවට ඇහුම්කන් දී තම ස්ථාවර වෙනස් කර ගන්නා ප්‍රධාන ම තැනැත්තා මහින්ද. ජනතාව ඔහු සමග සිටින්නේත් එබැවින්. ජාතිකත්වයට බලාපොරොත්තුවක් ඇති කර ගත්තේ ඔහු මගින් පමණයි. එහෙත් ඔහු සර්වතෝභද්‍ර තත්වයට පත් කිරීමට තැත් කරන්නන් ඔහුට හා ජාතියට කරන්නේ විපතක්.

Wednesday 29 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17

(බැසිල්ගේ වික්‍රම)



මුහුණු පොතේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලෙ ඉන්න බොහෝ අයටත් වඩා මෝඩයන් බව එන්න එන්න තව තවත් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලවල හිටපු සමහර මෝඩයන් මුහුණු පොතෙත් ඉන්නවා. මා කලින් දවසක කිව්වා සිරිසේන විරෝධය සංවිධානාත්මක ව කෙරෙන්නක් කියලා. ඒ කියමනෙන් සිරිසේන විරෝධී සියල්ලන් සංවිධානයකට අයත් කියලා කියන්නෙ අමුතු ම අනුමාන නීතියකට වෙන්න ඕන. සිරිසේන විරෝධය සංවිධානාත්මක ව ගෙන ඒමට තුන් හතර දෙනෙක් ඇති. ඒක කරන විධිය බටහිරත් ඉන්දියාවත් දන්නවා. යාන්ත්‍රණය තිබෙනවා නම් මෙවැනි සංවිධානයකට තුන් හතර දෙනකු හිටියා ම ඇති. දැන් කවුරු හරි මුහුණු පොතේ මෝඩයකු තීරණය කරන්න පුළුවන් මුහුණු පොතේ  සියල්ලන් මෝඩයන් කියා මා කියා තිබෙනවා කියා.

Tuesday 28 August 2018

සම්මන්ත්‍රණය




මහා දාර්ශනිකයා, දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්




මහා දාර්ශනිකයා,  දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන්



මහා දාර්ශනිකයා සුපුරුදු පරිදි සිරිසේන ශක්තිමත් කිරීමට විරුද්ධ ව ලියනවා. ඔහුගේ තර්ක දෙකේ පන්තියේ තර්ක. 2019 ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාල මගින් නැතිව රනිල් ඉවත් කරන ක්‍රමයක් ගැන මේ එතෙර මෙතෙර සිටින දාර්ශනිකයන් මහාචාර්යවරුන් ආදීන් කියන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ හුදු සිරිසේන විරෝධයක්. මා නැවතත් කියනවා 2019 ජනාධිපතිවරණයට පෙර රනිල් ඉවත් කිරීමේ විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න. රනිල් එතෙක් හිටියොත් මැතිවරණ ලබා ගැනීම ම ප්‍රශ්නයක් වේවි. මහා දාර්ශනිකයා කෙතෙක් කීවත් ඔහු මට හමුවීමට දිනයක් වෙලාවක් තැනක් දෙන්නේ නැහැ. ඔහු ඇතුළු අනෙක් සිරිසේන විරෝධීන් අවසන් වශයෙන් කරන්නේ රනිල් රැක ගැනීමයි.

Monday 27 August 2018

අගමැති අස්කළ යුතුයි


අගමැති අස්කළ යුතුයි



අගමැති අස්විය යුතුයි කියලා මහින්ද කියලා. ඒක හොඳ කතාවක්. ඒ කියලා තියෙන්නෙ සීමා නීර්ණ පනත පරාද වීම සම්බන්ධයෙන්.  මහින්ද ජනාධිපති අස්විය යුතුයි කියන එක මුලින් කියලා ඒක නිවැරදි කර ගත්ත. ඒ ගැන මහින්දවාදීන්ට නම් කේන්ති ඇති. මහින්දට කොහොම වෙතත් මහින්දවාදීන්ට අවශ්‍ය මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් අස්කිරීමට මිසක් රනිල් අගමැතිකමෙන් අස්කරන්න නො වෙයි. මහා දාර්ශනිකයා හා මහාචාර්යවරයා හා තවත් එතෙර මෙතරඉන්න පඬියන් මහාචාර්යවරුන් දැන් මහින්දත් සිරිජාතිකවාදියකු ලෙස හඳුන්වයි ද දන්නෙ නැහැ. මේ ආචාර්ය මහාචාර්යවරුන් තම ක්‍ෂෙත්‍රවලට එකතු කළ අලුත් සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි තියෙනවා ද?

Sunday 26 August 2018

ජී එල් හා මුස්තාෆා


ජී එල් හා මුස්තාෆා



මා ලියන කියන බොහෝ දේට බොහෝ දෙනා (අතිවිශාල බහුතරය -– හතරපස්දෙනකු මගේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒවාට කැමැත්ත පළ කරන්නේ ඉතා සුළු පිරිසක්. – බොහෝ මහින්දවාදීන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්. සිරිසේනවාදීන් මා ගැන දන්නෙවත් නැහැ.) අකමැති බව මා දන්නවා. මේ ලියන දේ කියවන්නන් ඉන්නේ ඉතා ම අඩු පිරිසක් බවත් දන්නවා. මේ ලිපිවලින් සතපහක වැඩක් වන්නේ නැති බවත් දන්නවා. ඒත් මා මෙයට ඇබ්බැහි වෙලා. මේ දවස්වල නීතිය ගැන වැඩිපුර කතා වෙනවා. පාර්ලිමේන්තුව කියන්නෙ නීති හදන තැන. අධිකරණය කියන්නේ පාර්ලිමේන්තුව වෙනුවෙන් නීති විවරණය කරන තැන. අද ප්‍රධාන කතා දෙකක් කියැවෙනවා. එකක් මහින්දට (හා චන්ද්‍රිකාට) නැවතත් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්න පුළුවන් ද කියන එක. දෙවැන්න සීමා නීර්ණ වාර්තාවට ෆයිසර් මුස්තාෆාත් විරුද්ධ ව ඡන්දය දීම. මුස්තාෆාත් ජනාධිපති නීතිඥයෙක්. මහින්දට පුළුවන් කියන ජී එල් සම්ම ජාතියේ උසාවි ගිහින් නැහැ. ඔහු නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයෙක්. නීතිය පිළිබඳ පොත්පත් ලියල තියෙන කෙනෙක්. නීතියට කිසිම දෙයක් අලුතෙන් එකතු කරලා නැති කෙනෙක්. මෙරට කිසිම නීතිඥයෙක් නීතියට අලුත් දෙයක් එකතු කර නැති නිසා ඒකෙ ගාණක් නැහැ.

Saturday 25 August 2018

බටහිර දැනුම හා සිංහල ජාතිය


බටහිර දැනුම හා සිංහල ජාතිය





මෙරට අවුරුදු ලක්‍ෂයකට වැඩි කාලයක් මිනිසුන් ජීවත් වන්න ඇති. මා බටහිර විද්‍යාඥයන්ගේ අප්‍රිකාවෙන් පිටතට කියන කතාව පිළිගන්නේ නැහැ. පසුගිය දා චීනයේ  අප්‍රිකාවට වැඩි කාලයක් මානවයන සිටි බවට ඊනියා සාක්‍ෂි ලැබුණා. මේ ඊනියා සාක්‍ෂි තමයි. ඒවාට අප සාක්‍ෂි කියන්නේ බටහිර විද්‍යාඥයන් එසේ කියන නිසා. ඒ සාක්‍ෂි ලෙස පිළිගැනීමට අපට බලකරන්නේත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන්. බටහිර විද්‍යාඥයන්ගේ ඊනියා සාක්‍ෂි අනුව අප අදහස් වෙනස් කර ගන්නවත් අදහස් ඇති කර ගන්නවත් අවශ්‍ය නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ අවජාතක දරුවන් නම් අදහස් ලබා ගන්නේ බටහිරින්.

Friday 24 August 2018

මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන


මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන



ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ ප්‍රශ්නය අපට තේරෙනවා. ඒත් ඒකට බුද්ධාගමට පහර දීල හරියන්නෙ නැහැ. ඔවුන් කියන කසිකබල් සමාජවාදයෙත් එයට පිළිතුරු නැහැ.

Thursday 23 August 2018

ලකුණු දමා ගැනීම් හා මාධ්‍ය සංදර්ශන




                              ලකුණු දමා ගැනීම් හා මාධ්‍ය සංදර්ශන



අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ දේශපාලනඥයන් විතරක් නො වෙයි. ඒකට කරන්න දේකුත් නැහැ. මාධ්‍ය අද බලවත් වෙලා. මාධ්‍ය නැතිව කිසිම අදහසක් රටට දෙන්න බැහැ. විශේෂයෙන් ම රූපවාහිනිය අද බලවත්. මාධ්‍යත් දේශපාලනඥයන් හා වෙනත් ගිහි පැවිදි ප්‍රභූන් දැක්කම මයික්‍රොෆෝන අරගෙන දුව ගෙන යනවා. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් ද ප්‍රභූන් ද මාධ්‍ය කතා කර ගෙන්වා ගන්නවා ඊනියා වොයිස්කට් ගැනීමට.

Wednesday 22 August 2018

ඊනියා යුද්ධ ස්මාරක


ඊනියා යුද්ධ ස්මාරක



විග්නේස්වරන් හුදෙක් පුවත් මවන්නකු නො වෙයි. ඔහු සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ කතා කරන ජනයා උසිගන්වන නූතන චෙල්වනායගම් කෙනෙක්. ඔහුට අවශ්‍ය තවත් ප්‍රභාකරන් කෙනකු බිහි කිරීම පමණයි. හිටපු විනිශ්චයකාරයකු දෙමළ කතා කරන ජනයාට මෙරට තැනක් නැහැ කියන එක ගැන පුදුම වෙන්නත් බැහැ. ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට යන්න පෙර ඉංගිරිසි කතා කරන අයෙක්. ඉංගිරිසි කතා කරන කියන එකෙන් මා අදහස් කරන්නෙ ඉංගිරිසි කතා කරන්න පුළුවන් කියන එක නො වෙයි. තම සමාජ ආශ්‍රයේ දී වැඩි පුර යොදා ගන්න භාෂාව ඉංගිරිසි කියන එකයි.

Tuesday 21 August 2018

පරංගි සමයම





පරංගි සමයම





අර 140 සීමාව සකර්බර්ග්ගෙ වැඩක් නොව ට්විටර් සීමාවක් කියලා මුහුණු පොතෙත් සැරිසරන අයකු පෙන්වා දී තිබුණා. ඔහුට පින්. ඔහු මගේ ලොකු පුතාගෙ මිතුරෙක්. ඔවුන් පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් එකට ඉගෙන ගෙන තියෙනවා. නෑ නෑ ඒක ලංකාවෙ විශ්වවිද්‍යාලයක්. මා පුතාලගෙන් පමණක් නොව මුණුබුරාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒත් මුහුණු පොතේ සැරිසරන බොහෝ දෙනකු නම් හිතන්න බැරි අය. දෙමළ කියා ජාතියක් නැත්නම් දෙමළ ජාතිවාදයක් තියෙන්න පුළුවන් ද කියල ඔවුන් අහනවා. ජාතිය ජනවර්ගය භාෂාවක් කතා කිරීම ජාතිවාදය ආදිය ගැන ඔවුන්ට කිසිම පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි ලියන්නෙ සියල්ල දත් මහා තාර්කික ඥානයක් ඇති අය ලෙස.  විවිධ සපත්තු ජාතිත් තියෙනවා. සපත්තුවලත් ජාතිවාදයක් තියෙනව ද කියල ඔය පඬියකු අහන්න බැරි නැහැ. තවත් පඬියකු අහලා තිබුණෙ අපට ඕන විද්‍යාව වෙනුවට ජාතික චින්තනයට යෑමට ද කියා. ඔහුට චින්තනය විද්‍යාව ආදිය ගැන තේරුමක් නැහැ. විද්‍යාවක් එය පදනම් වන හෝ නොවන හෝ චින්තනයකින් ආදේශ කරන්න බැහැ.

Monday 20 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16





අද මෙරට පාලනය ඉන්දියාව බොහෝ දුරට අත් කර ගෙන ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ බටහිරයන් ඉන් ඈත් වී ඇත කියන එක නොවෙයි. බටහිරයන් හා ඉන්දියාව අද ඉන්නේ එක ම පිළක. මෙරට දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුවේ එංගලන්තය (හා නෙදර්ලන්තය ඒ දිනවල ඕලන්දය) විසින් බව මේ ලිපි පෙළේ පමණක් නොව මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ බව කියා ඇති. ඒ සඳහා අවශ්‍ය ඊනියා සාධක ද ඉදිරිපත් කර ඇති. මෑත කාලයෙහි යුරෝපා සංගමය, විශේෂයෙන් නෝර්වේ, ස්වීඩනය හා එක්සත් රාජ්‍ය ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඒ මූලික වශයෙන් එංගලන්තයේ අවශ්‍යතාවට. එක්සත් රාජ්‍ය අද වෙනත් දේශපාලනයක යෙදෙනවා. ඒ ට්‍රම්ප්ගේ නායකත්වයෙන්. අප රටේ කිසිවකු ට්‍රම්ප් සමග සම්බන්ධකම් ගොඩ නගා ගන්න උත්සාහ ගන්නේ නැහැ. තවමත් ධනවාදය - සමාජවාදය කණ්නාඩියෙන් ලෝකය බලන අයට එසේ කළ යුත්තේ ඇයි ද යන්න තේරෙන්නේ නැහැ.

Sunday 19 August 2018

මහින්දාගමනය

මහින්දාගමනය

මහින්දට නැවතත් ජනාධිපතිධුරයට තරග කළ හැකි ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා. මෙය කාගෙන් එන එකක් ද යන්න පැහැදිලි නැහැ. සමහරවිට එය නිහාල් ජයවික්‍රමගේ තර්කයක් මත පදනම් වනවා විය හැකියි. මා නීතිඥයකු නො වෙයි. එහෙත් මට පෙනෙන විධියට මේ තර්කය වලංගු වන්නේ 1977සම්මත වූ ව්‍යවස්ථාවෙන් පත් කළ ජනාධිපති වෙනුවට දහනවවැනි සංශෝධනයෙන් වෙනත් ජනාධිපතිවරයකු පත් කෙරෙන්නේ නම් පමණයි. ඒ කියන්නේ ජනාධිපති ධුරයේ පැහැදිලි ගුණාත්මක වෙනසක් ඇති වී තිබෙනවා නම් පමණයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා හැත්තෑහතේ ව්‍යවස්ථාවෙන් මුළුමනින් ම වෙනස් වුණා. නාමික ජනාධිපතිවරයකු වෙනුවට විධායක ජනාධිපතිවරයකු ලැබුණා. ජනාධිපති ධුරයේ එවැනි ගුණාත්මක වෙනසක් දහනවවැනි සංශෝධනයෙන් සිදු වී ඇත් ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕන. ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑම  ජනවාරි මාසයට කලින් කරගන්න වෙනවා. ඒ ඉන්පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබෙන නිසා. 

Saturday 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.

Friday 17 August 2018

රනිල්ගේ සුදු වෑන් රිය


රනිල්ගේ සුදු වෑන් රිය



ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත් රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.

Thursday 16 August 2018

සරසවි නැහැදිච්චකම

සරසවි නැහැදිච්චකම

පේරාදෙණියේ හිල්ඩා ඔබේසේකර ශාලාව ඉදිරිපිට මෝටර් රථයක් නවතා දුරකතනයෙන් කතා කරමින් සිටි බටහිර වෛද්‍යවරයකුට පේරාදෙණි ශිෂ්‍යයන් පිරිසක් පහර දීලා. ඒ වෛද්‍යවරයාත් එම විශ්වවිද්‍යාලයෙහි ම ඉගෙන ගත් අයකු බවයි පැවසෙන්නෙ.  මේ පහර දුන් ශිෂ්‍යයන් මොන පීඨයේ ද? ඔවුන් විශ්වවිද්‍යාලයේ සිටිය ද එහෙම නැත්නම් ගලහ පාරේ ගමන් කරමින් හිටිය දී තම අණසකට යටත් නොවී රථයක් නවතා තිබෙනු දැක ඇත් ද? මා මේ ප්‍රශ්න අසන්නේ මේ දිනවල විශ්වවිද්‍යාලයේ ඇතැම් පීඨ වසා ඇති බව මගේ දැනුම නිසා. මගේ දැනුම වැරදි වෙන්න පුළුවන්.

Wednesday 15 August 2018

අපේ ශක්තිය




අපේ ශක්තිය



සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?

Tuesday 14 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15 (ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15
(ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)


ලංකාවේ දේශපාලන පක්‍ෂ බොහොමයකට ඉන්දියාව බලපෑම් කරනවා. ඉන්දියාව දකුණු ආසියාව තම ග්‍රහණයට නතු කර ගන්න උත්සාහ කරන බව අප කලිනුත් පැහැදිලි කළා. අද ඉන්දියාව මාල දිවයිනේ මැතිවරණවලට බලපෑම් කරනවා. දකුණු ආසියාවේ ඉන්දියාවට තවමත් නතු වී නැත්තේ මුස්ලිම් රටවල් පමණයි. මාල දිවයිනට උමා මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානය ලවා ඉන්දියාව බලපෑම් කෙළේ තරමක කාලයකට පෙර. කුඩා මුස්ලිම් රටක් වූ මාල දිවයින ඉන්දියන් බලපෑමට කෙසේ මුහුණ දේවි ද යන්න ප්‍රශ්නයක්.

Monday 13 August 2018

දයාන්ගේ පත්වීම


දයාන්ගේ පත්වීම



දයාන් ජයතිලක රුසියාවේ ලංකා තානාපති ලෙස පත්කිරීමට තීරණය වෙලා. ඔහුගේ නාම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරු පිළිබඳ කමිටුව මුල දී අනුමත කෙළේ නැහැ. ඒ සිවල් සංවිධාන රාශියක් ඔහුගේ නාම යෝජනාවට විරුද්ධ වූ නිසා. ඒත් දැන් මෛත්‍රිපාලගේ මැදිහත් වීමෙන් නාම යෝජනාව අනුමත වූ බවයි කියන්නෙ. මෙය අවසන් වරට සාකච්ඡා කරන දවසේ  ඒ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන් කී දෙනකු රැස්වීමට සහභාගි වුණා ද? එය ඒකමතික ව සම්මත වුණා ද? ඇතැමුන් ඒ රැස්වීමට සහභාගි නොවූයේ ඇයි? ඒ ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලබා ගත හැකි ද?

Sunday 12 August 2018

ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව




                             ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව



අද හර්තාල් දවස. හර්තාලයට අදට අවුරුදු හැටපහක් වෙනවා. ඒ ගැන ලියන්න තියෙන්නෙ ඒකෙන් එතරම් මිනිසුන් සංඛ්‍යාවක් මැරුණෙ නැහැ කියන එක විතරයි. සමහරු කියන විධියට පනස්හය ඇති වුණෙ පනස්තුනේ හර්තාල හින්ද! පනස්හයට හර්තාලයෙන් කිසිම බලපෑමක් වුණෙ නැහැ. පනස්හය ජාතිකත්වය ඉදිරියට ඒමක්. හර්තාලයෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. හර්තාලයෙ බලපෑම කෙසේ වෙතත් පිලිප්ලා ඇන් ඇම්ලා කොල්වින්ලා එස් ඒ වික්‍රමසිංහලා අන්තිමේ දි ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවල කොටස්කරුවන් වුණා. ඒක මහජන පෙරමුණු දේශපාලනය කියල කිව්ව අය තවමත් ලෙනින් කියවනවා. ලෙනින් ලෙනින් කියෙව්ව නැතිව ඇති. නැත්තන් ලෙනින්ටත් ලෙනින් කියව කියව ඉන්න තිබුණා.

Saturday 11 August 2018

What is Science 4 (Pattapal Boru)


What is Science 4

(Pattapal Boru)





Verification of “axioms”



Guessing of “axioms” belong to rationalism and not empiricism in Western Philosophy. The “axioms” are abstract statements, and one can go on deriving results as in Mathematics using rules of inference, as Greeks used to do with Euclidean Geometry. However, Science is not Mathematics, and one is interested in finding out whether the “axioms” have any sense with respect to observations.

Friday 10 August 2018

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා තියෙනවා.  මා ඔවුන් තරම් බුදුදහම (දහම්) අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.

Thursday 9 August 2018

ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව


ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව



ඒකාබද්ධ විපක්‍ෂයට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. අද ඔවුන් තමන්ට විපක්‍ෂ නායකකම නොලැබීම පිළිබඳ අඳෝනා කියනවා. විපක්‍ෂ නායකකම දෙන්නෙ කාට ද කියන එක තරමක ප්‍රශ්නයක්. මේ පිළිබඳ එක එක අය විවිධ කතා කියනවා. හැත්තෑව දහයට වැඩි ද වගේ කතා එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ඒ කතාව වලංගු වෙන්නෙ විපක්‍ෂ නායකකම දෙන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරනව නම් පමණයි. එහෙම කතාවක් ස්ථාවර නියෝගවල තියෙනවා ද?



පනස් දෙකේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයටත් ඇන් ඇම්ගෙ සමසමාජ පක්‍ෂෙටත් ලැබුණෙ එක ම ආසන සංඛ්‍යාවක්. ඇන් ඇම් කැමති වුණා ශ්‍රී ල නි පක්‍ෂයට විපක්‍ෂ නායකකම දෙන්න. විපක්‍ෂ නායකකම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරන ක්‍රමයක් සකස් කර ගන්නව නම් මේ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. එහෙත් එය එක වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

Wednesday 8 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14



වඩුකොඩෙයි සම්මේලනයෙන් ටික කලකට පසු මුස්ලිම් ජනයා අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ද උඩරට වතු කම්කරු දෙමළ ජනයා තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ද සම්මේලන සංධානයෙන් ඉවත් වුණා. ඒත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය තවදුරටත් චෙල්වනායගම් නමැති ත්‍රස්තවාදයේ පියා යටතේ ක්‍රියාත්මක වුණා. දෙමළ ජාතිවාදීන් ද ඔහු පියා ලෙස සලකනවා. එමෙන් ම ඔහු අවිහිංසාව ගරු කළ අයකු ලෙස ද ලංකා ගාන්ධි ලෙස ද සලකනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ගාන්ධි අවිහිංසාවාදියකු ලෙස පෙනී සිටියත් ඔහුත් කෙළේ හිංසාවට මිනිසුන් පෙළඹවීමක්. ඉන්දියාවට ඩොමීනියන් නිදහස ලැබීම හිංසාව සමග බැඳී තියෙනවා. එමෙන් ම ඉන්දියාව දෙකඩ වීමේ දී ගාන්ධි ප්‍රතිපත්ති බලපෑවා. අවසානයේ දී ගාන්ධි මියගියේත් හිංසාවෙන්. සුද්දන් ගාන්ධි ඔසවා තැබීමටත් සුද්දන් හා ඔවුන්ගේ අනුගාමික අනුකාරක සිංහල පඬියන් ධර්මපාලතුමාට ගැරහිමටත් හේතුව කුමක් ද?

Tuesday 7 August 2018

What is Science 3




What is Science 3



Induction and Abduction in Western Science



Abduction is relevant to western science as it is the method that is used in arriving at “axioms” that explain generalized observations through induction.  We may call it the scientific method if such description is needed. However, in western science, there are two stages. In the first stage observations and induction take place in that order, and in the second stage abduction and observations take place in that order. Having said that it has to be emphasized that in the first stage the observations are dependent on theory or one’s beliefs, and that the observations could have been proceeded by thoughts. There are neither observations independent of conceptions, nor perceptions without conceptions, and the idea of perceptions without conceptions stem again from the dualities in western Chinthanaya.  

Sunday 5 August 2018

කළ යුත්තේ කුමක් ද?


කළ යුත්තේ කුමක් ද?



මේ ලෙනින්ගෙ පොතක නම. ඒත් ලිපිය ලෙනින් අනුගමනය කරන්න නො වෙයි. අප්පච්චි මොකද කරන්නෙ කියන ලිපියට  සුපුරුදු පරිදි මහින්දවාදීන් ඇතුළු තවත් බොහෝ දෙනකුට කේන්ති ගිහිල්ලා. මහා දාර්ශනිකයා කියන්නෙ එහි ඉන්දීය හා බටහිර බලපෑම් ගැන කිසිවක් නැති බව. මේ ලිපි  ලියන්නෙ ඒ බලපෑම් ගැනත් කියන්නට. එහෙත් හැම ලිපියක ම ඒක ලියන්න ඕන නැහැ. මා ළඟදී ම මහා දාර්ශනිකයා හමුවීමට බලාපොරොත්තුවෙනවා. ඔහුටත් තවත් බොහෝ දෙනකුටත් ප්‍රශ්නය වී තිබෙන්නේ මා මෛත්‍රිපාල ගැන කියන දේ. ඔවුන් මෑතක් වන තුරු ම කියා සිටියේ මෛත්‍රිපාල හා රනිල් රංගනයක යෙදෙන බව. අපි තරහයි නාට්‍යයට දැන් අධ්‍යක්‍ෂවරයකු නැති පාටයි.

Saturday 4 August 2018

What is Science 2

What is Science 2

On the other hand, deductions in rationalism in Western Knowledge make use of rules of inference, which are obtained through induction. The rule if a=c and b=c, then a=b is nothing but a generalization from limited observations such as if two people are equal in height to a third person, then the two people concerned are themselves equal in height to one another.  The rule if a=b then b=a, or the rule a=a are rules of inference obtained through induction by observing a limited number of cases. These rules are not God given. Reasoning which depends on rules of inference, obtained by induction cannot be justified without induction that does not come under logic. 

Friday 3 August 2018

අප්පච්චි මොකද කරන්නෙ


අප්පච්චි මොකද කරන්නෙ



ඊයේ ජනබල සේනා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ලිප්ටන් වටරවුමෙන් විහාරමහා දේවි උද්‍යානයට පෙළපාළියක් ගියා. එහි රැස්වීමක් තිබ්බා. ගැලරි කතා ටිකක් කෙරුණා. සෙනග ආපහු ගියා. ඊළඟ රැස්වීම කවදා ද?

Thursday 2 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13





1833 දී දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් දේශපාලනික ව බෞතීස්ම කළ දින සිට 1947 පමණ වන තුරු දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් වීමට මිස ඊනියා ඊළමක නායකයන් පාලකයන් වීමට නො වෙයි. මේ ඉතිහාසය අපට වැදගත් වන්නේ නිල වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම පාලනයක් ඉල්ලීමේ මුල 1947 පමණ දැක ගත හැකි වීම නිසයි. ඒ භාෂා පනතට මෙන් ම උඩරට දෙමළ කතාකරන ජනයා රටවැසියන් ලෙස නොපිළිගැනීමටත්  පෙරයි. යම්කිසි අයුරකින් වෙල්ලාලයන්ට රටේ ම නායකයන් වීමට හැකි වුණා නම් ඔවුන් ඊළමක් ඉල්ලන්නේ නැහැ. එහෙත් සර්වජන ඡන්දයෙන් පසු විශේෂයෙන් ම 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු චෙල්වනායගම් නාගනාදන් වැනි අය තමන්ට රටේ ම නායකයන් වීමට නොහැකි බව තේරුම් ගත්තා.

Wednesday 1 August 2018

හෝමොසේපියන්ලා හා බටහිර දැනුම


හෝමොසේපියන්ලා හා බටහිර දැනුම



ලංකාවට මිනිසුන් ඉස්සෙල්ලා ම ආවෙ කවදා ද? ඒ මිනිසුන් සිංහල ද දෙමළ ද? වගේ ප්‍රශ්න අහන කොට ප්‍රබුද්ධ බවක් පේනවා. ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඒ ප්‍රකාශවලට වැදගත් තැනක් දෙනවා. ඒ කතා තම නාළිකාවල තලු මර මරා කියනවා. ඇතැම් මහින්දවාදිනියන් ඒ ප්‍රකාශ තම මුහුණු පොත් පිටුවල උපුටා දක්වනවා. මහින්දවාදීන්ට මා කියන ඇතැම් දේ රුස්සන්නේ නැහැ. ඒ නිසා මා කියන දෙයක් උපුටා දැක්වීමට මහින්දවාදීන් පෙළඹෙන්නේ නැහැ. මහින්දවාදීන් නොවන ඇතැම් ජාතිකවාදීන් ද එසේමයි.