Main Logo

Showing posts with label Naganathan. Show all posts
Showing posts with label Naganathan. Show all posts

Sunday, 14 June 2020

වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9


වත්මන් නැගෙනහිර ජනගහන සංයුතිය හා ව්‍යුහය

මෙරට බෙදුම්වාදයේ ඉතිහාසය කොාල්බෘක් කැමරන් කොමිසමේ සිංහල විරෝධී යෝජනා දක්වා දිව යන බවයි මා දත් කතාව වුණෙ. මෙරට පාසල්වල හා  විශ්වවිද්‍යාලවල තවමත් ඉගැන්වෙන්නේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ කියා. ඒ සිංහල විරෝධී යෝජනා ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබුයේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසින් මෙරට පාසල් පද්ධතිය සකස්කර ඇත්තේ ම ඔවුන් අනුකරණය කරන පිරිසක් ඇති කිරීමට බව ඉතා පැහැදිලියි. පාසල් හා එයට වඩා විශ්වවිද්‍යාල බලා සිටින්නේ බටහිරින් දැනුමක් ලැබෙන තුරු. 

Saturday, 19 October 2019

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම

    සිංහල ලිත් ඉලක්කම්

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම 


මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේ ජාතිවාදී ආගමිකවාදී ව්‍යාපාර පරාජය කිරීම, මෙරට නැවත ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම (ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීම යනු ව්‍යාජයක්. දහතුන්වැනි සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් වුණා), විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ආදියයි. ඒ අතර විවිධ සහන ගැනත් කතා කරනවා. මෙහි පළමු මාතෘකා දෙක එකිනෙකට සම්බන්ධයි. 

Thursday, 2 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13





1833 දී දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් දේශපාලනික ව බෞතීස්ම කළ දින සිට 1947 පමණ වන තුරු දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් වීමට මිස ඊනියා ඊළමක නායකයන් පාලකයන් වීමට නො වෙයි. මේ ඉතිහාසය අපට වැදගත් වන්නේ නිල වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම පාලනයක් ඉල්ලීමේ මුල 1947 පමණ දැක ගත හැකි වීම නිසයි. ඒ භාෂා පනතට මෙන් ම උඩරට දෙමළ කතාකරන ජනයා රටවැසියන් ලෙස නොපිළිගැනීමටත්  පෙරයි. යම්කිසි අයුරකින් වෙල්ලාලයන්ට රටේ ම නායකයන් වීමට හැකි වුණා නම් ඔවුන් ඊළමක් ඉල්ලන්නේ නැහැ. එහෙත් සර්වජන ඡන්දයෙන් පසු විශේෂයෙන් ම 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු චෙල්වනායගම් නාගනාදන් වැනි අය තමන්ට රටේ ම නායකයන් වීමට නොහැකි බව තේරුම් ගත්තා.

Thursday, 26 July 2018

දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය


දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය



විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගට ම දේශපාලනික ව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයා ව සිටිය දී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ වී සෝභිත හිමියන් හා ජ වි පෙ එක් පැත්තකටත් බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තකටත් යන විට ඔහු සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේ. එදා ඒ පැත්තේ සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්. අද මේ සම්බන්ධතා තරමක් වෙනස් වෙලා. එහෙත් නාලක හිමියන්ගේත් දිනේෂ් ගුණවර්ධනගේත් ජාතිකත්ව දේශපාලනය වෙනස් වෙලා නැහැ.

Tuesday, 17 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 9

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව

දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන්න යන බවට පුවත් පළ වෙනවා. මේ මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණයෙන් ම ඉවත් වන ලෙස අප කිහිප දෙනකු මහින්ද හමු වී ඉල්ලා සිටි නමුත් ඔවුන් ඉවත් වූයේ අනුකමිටුවලින් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති සංවිධානයක් ලෙසයි කතානායක සලකන්නේ. එහෙත් ව්‍යවස්ථා මණ්ඩලයේ එය කටයුතු කරනවා.