Main Logo

Showing posts with label ඔබාමා. Show all posts
Showing posts with label ඔබාමා. Show all posts

Sunday, 6 November 2011

ඊනියා මානව අයිතිවාසිකම් පසෙක ලා යටත්විජිතවාදයට එරෙහි වෙමු

අද බොහෝ දෙනා ගඩාෆිගේ මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙළඹෙනු දැකිය හැකි ය. ඒ අතර ඇතැමෙක් සුපුරුදු පරිදි බටහිරයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන කතාකරති. ඔවුහු ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කරන බටහිරයන් ගඩාෆිගේ මානව අයිතිවාසිකම් නොරැක්කේ ඇයි දැයි අසති. ප්‍රභාකරන් මියගියේ සටනේ දී ය. එබැවින් ඔහුගේ ඊනියා මානව අයිතිවාසිකමක් ගැන කතාකිරීමට පවා දෙයක් නැත. එබැවින් බටහිරයෝ මානුෂික මෙහෙයුම්වල අවසන් දින කිහිපයෙහි දී දෙමළ ජනයා’ගේ ඊනියා මානව අයිතිවාසිකම් නැති වී යැයි මැසිවිලි නගති. අවසන් දින කිහිපයෙහි දී තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ප්‍රභාකරන්ගෙන් බේරාගත් හමුදාවට එරෙහිව බටහිරයන් බේගල් ඇද බාන්නේ ඔවුන්ට ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාට හා ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙන ඒමට ඇති අවශ්‍යතාව සඟවාගත නොහැකිව ය. බටහිරයෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය නො කරති. ඔවුහු තම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරති. එහි දී ඔවුහු ලිබියාවේ දී තමන්ට විරුද්ධ වූ ගඩාෆි මරා දමති. ලංකාවේ දී තම නියෝජිතයකු වූ ප්‍රභාකරන් පරාජය කිරීමට එරෙහිව කටයුතු කරති. ඔවුහු හැකිනම් රනිල් වික්‍රමසිංහ හෝ කුමාර් මහත්තයා හෝ සම්බන්ධන් හෝ බලයට පත්කිරීමට කටයුතු කරති.

ඊනියා මානව අයිතිවාසිකම් යන්න බටහිරයන්ගේ තවත් ව්‍යාජ සංකල්පයක් පමණකි. දහසයවැනි සියවසේ දී බටහිර කතෝලික සංස්කෘතික දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට එරෙහිව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය කරළියට එද්දී මානව අයිතිවාසිකම් යන සංකල්පය, ඒ ආකාරයෙන් ම සංකල්පගත නොවූවත්, වැදගත් විය. කතෝලික චින්තනයෙහි සමාජයට හා සාමුහිකත්වයට තිබූ ප්‍රධානත්වය වෙනුවට නැගී ආ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ප්‍රධාන තැන හිමි වූයේ පුද්ගලයාට ය. පාප් වහන්සේට එරෙහිව මාටින් ලූතර් කළ සටනෙහි හරය වූයේ ද පුද්ගලයාට මේ නිදහස දිනාගැනීම ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ආරම්භයෙහි පුද්ගලයා හා රාජ්‍යය අතර සටන ඉස්මතු විය. එබැවින් ම එය පුද්ගලයා හා කතෝලික පල්ලිය අතර ද තිබූ සටනක් විය. බටහිර ඊනියා මානව අයිතිවාසිකම්වල අරමුණ වූයේ පුද්ගලයා රාජ්‍යයෙන් හා පල්ලියෙන් නිදහස් කර ගැනීම ය. එහෙත් එය කිසි දිනෙක අත්පත් කරගත නොහැකි වූ නිදහසක් විය. බටහිර රටවල මිනිසුන්ට අද ඇති මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍යය අද ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් ශක්තිමත් වී ඇත. ඇමරිකාවේ එෆ් බී අයි ආයතනය ඇත්තේ පුද්ගලයන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නො වේ. බටහිර ලෝකයේ වෙනත් රටවල ද විවිධ ඔත්තු සපයන ආයතන රාජ්‍යය මගින් පවත්වාගෙන යනු ලබයි. පුද්ගලයන්ට අද සිතීමටවත් නිදහස නැත. රාජ්‍යය, මාධ්‍යය, කලාව, පාසල්, විශ්වවිද්‍යාල හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද පුද්ගලයා වෙනුවෙන් සිතයි. බටහිර රටවල, විශේෂයෙන් ම ඇමරිකාවේ, තරම් නූගත් ජනකායක්, නොසිතන මිනිසුන් පිරිසක් ලෝක ඉතිහාසයේ ම වාසය කළ නැතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ සතිඅන්ත නිවාඩුව පමණක් නොව විදේශීය රටවල ගතකෙරෙන දීර්ඝ නිවාඩු ද වෙනත් අය සෑලසුම් කරති. මෙය ඉතා දීර්ඝ වශයෙන් විස්තර කළයුතු වුවත් තවමත් බුදුසසුනේ ආභාසයෙන් සිතන්නට යම් ප්‍රමාණයකට වුව හැකි මෙරට ජනතාවට ඒ කියා පෑම අවශ්‍ය නො වේ යැයි සිතෙයි. පුද්ගලයන්ට ඇති තෝරාගැනීමේ නිදහස පිළිබඳ මෙතරම් කතාකර ඇති යුගයක් මානව ඉතිහාසයෙහි නැත. එහෙත් අද බටහිර රටවල මිනිසුන්ට ඇති ඊනියා තෝරාගැනීමේ නිදහස කුමක් ද? එය කොකාකෝලා වෙනුවට පෙප්සිකෝලා තෝරාගැනීමට ඇති නිදහස ඉක්මවා යන්නක් නො වේ.

ඇමරිකාවේ සාමාන්‍ය පුරවැසියකුට රාජ්‍ය ආයතනයකට එරෙහිව මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ නිදහසක් තිබේ ද? වියුක්තව ගත්කල පාසලේ හා විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන දේශපාලන විද්‍යාව හා වෙනත් සමාජයීය විද්‍යාවන් අනුව එවැනි නිදහසක් පොතෙහි වියුක්තව සඳහන් වෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මූලික වශයෙන් වියුක්ත සංස්කෘතියකි. වියුක්තව ඇති නිදහස සංයුක්තව මිනිසුන් භුක්ති විඳින්නේ කෙසේ ද? මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අධිකරණයට යෑම සාමාන්‍ය පුරවැසියකුට පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා යන වියදම, ගතකළ යුතු කාලය, නීතිඥයන් හමුවීමට ගතවන කාලය මෙන් ම ද’ක්‍ෂ නීතිඥයකු සොයාගැනීමට වෙහෙස වීම ද සාමාන්‍ය මිනිසකුට දැරිය හැකි සීමාව ඉක්මවා යයි. පොතෙහි ඇති මානව අයිතිවාසිකම් සාමාන්‍ය මිනිසකුට සාමාන්‍ය ජීවිතයේ දී හමු නො වේ. ලංකාවේ මේ තත්වය ඇමරිකාවේ තරම් නරක නැත්තේ බටහිර නීතියෙහි ඇති ගුණයක් නිසා නොව සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් කාලාන්තරයක් තිස්සේ පුරුදු කෙරී ඇති ජීවන ක්‍රමය නිසා ය.

කෙසේ වෙතත් ගඩාෆිට ලිබියාවේ දී නැතිවීමට තිබූ බටහිර ක්‍රිස්තියානි මානව අයිතිවාසිකම් කවරේ ද? ඔහු ලිබියාවේ රාජ්‍ය නායකයා විය. එංහලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් මහත්මියට ඒ රටේ දී නැතිවිය හැකි මානව අයිතිවාසිකම් කවරේ ද? රාජ්‍ය නායකයකු බටහිර ක්‍රිස්තියානි අර්ථයෙන් රාජ්‍යයට විරුද්ධව බලාපොරොත්තු වන්නේ කිනම් නිදහසක් ද? ගඩාෆි අවුරුදු හතළිහක වැඩි කාලයක් ලිබියාවේ රාජෘ නායකයා විය. ඔහු ඇතැම් විටක ඇමරිකාව සමග සූරතල්වීමට ක්‍රියා කළ ද, පොදුවේ ගත්කල, ඔහු බටහිර විරෝධී විය. ඔහු බටහිර රාජ්‍ය නායකයන් හැඳින්වූයේ සොර මුළක් ලෙස ය. ඔහුට අනුව බටහිරයෝ ත්‍රස්තවාදියෝ වූහ. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාචාරය හා දේශපාලන විද්‍යාව පොතපතට සීමා වූවක් බව අමුතුවෙන් කිවයුතු නො වේ. අපි කසිකබල් මාක්ස්වාදීන් මෙන් මේ සියල්ල ධනවාදයට ලඝු නො කරමු. ධනවාදය ද බිහිවූයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත දහසයවැනි සියවසෙහි බටහිර කතෝලික වැඩවසම් සංස්කෘතියට විරුද්ධව සිදුවිය. අනුරාධපුරයෙහි ඊනියා වැඩවසම් සමාජයක් දකින්නෝ බටහිර ලිබරල්වාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ ගෝලබාලයෝ ය. සිතීමට නොහැකි මේ පුස්සන්ගෙන් අනුරාධපුර යුගයෙහි දී රටෙහි ඊනියා ඉඩම් අයිතියක් තිබිණි ද යන්න සිතාබලන ලෙසටවත් ඉල්ලීමට නො හැකි ය.

ගඩාෆි මරා දමනු ලැබුවේ නේටෝව විසිනි. ඔබාමා ම පවසා ඇති ආකාරයට නේටෝ හමුදාවලට නායකත්වය දී ඇත්තේ ඇමරිකාව ය. නේටෝව නොවන්නට ගඩාෆි අද ද ලිබියාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ලිබියාවේ රාජ්‍ය නායක ධුරයෙන් ඉවත්කිරීමට බෙන්ගාසි කැරළිකරුවන් සංවිධානය කරනූ ලැබුයේ බටහිරයන් විසිනි. බටහිරයෝ හුදෙක් බෙංගාසීන්ට ආධාර කළ පිරිසක් නොවුහ. ඔවුහු ගඩාෆිට විරුද්ධව කැරුල්ලක් සංවිධානය කර එයට ආයුධ සපයා එය මෙහෙයවීම ද කළහ. නේටෝව නොතිබිණි නම් කුමක් වීමට තිබිණි යන්න හුදු හිතළු ප්‍රශ්නයක් යැයි යමකුට කිව හැකි ය. ඒ එවැනි තත්වයක් දැන් ඇතිකර සිදුවන්නේ කුමක් දැයි ඊනියා බටහිර විද්‍යාවට අනුව පරීක්‍ෂා කළ නොහැකි බැවිණි. එහෙත් එවැනි අවස්ථාවල අපි වෙනත් පදනම්වල පිහිටා පිළිතුරු සොයා ගන්නෙමු. අනෙක් අතට බටහිර විද්‍යාඥයන් කෙතරම් කෑමොර ගැසුවත් කිසිම පරීක්‍ෂණයක් නැවත වතාවක් කළ හැකි නො වේ. බටහිරයන් විසින් බෙංගාසීන් මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසින් ඇතුළු බටහිරයන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදීන් යොදාගන්නා ආකාරයට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග ඉන් සිහි විකල් වී ඇති බටහිරයෝ හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයෙන් පහකිරීමට කටයුතු කරති.

ඇමරිකාව ඇතුළු බටහිරයන් ලිබියාවේ දී කර ඇත්තේ ඔවුන්ගේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙනත් රටක නායකයකු ඝාතනය කිරීමකි. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආක්‍රමණයකි. එයට ඊනියා නව යටත්විජිතවාදය යැයි කියන්නෝ බටහිරයන්ගේ ලිබරල්වාදී හා මාක්ස්වාදී ගෝලබාලයෝ ය. බටහිරයන් පසුගිය කාලයෙහි තමන්ට විරුද්ධ වූ බින් ලාඩන්, සදාම් හුසේන් හා ගඩාෆි ඝාතනය කළහ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සිරියාව ය. අවසානයේ දී ඔවුන් ඉරානයට ද යනු ඇත. බටහිරයන් ලෝකයේ බටහිර නොවන ජාතීන්ට කියන්නේ ඒ ජාතීන්ගේ නායකයන් තෝරන්නේ ඔවුන්් මිස ඒ රටවල ජනතාව නොවන බව ය. ඔවුන් ඒ අනෙක් රටවල රාජ්‍ය නායකයන්ට කියන්නේ නායකත්වයෙහි රැඳී සිටීමට නම් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීමට ය. මේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය නොවේ නම් වෙන කුමක් ද? අද ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය ආර්ථික වශයෙන් කඩාවැටෙමින් ඇත. එහෙත් ඒ කසිකබල් මාක්ස්වාදී ප්‍රවාදවලට අනුව නො වේ. ඒ රටවල ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වන ඊනියා කම්කරු පංතියක් නැත. ආර්ථික වශයෙන් කඩාවැටුණත් ලෝක දේශපාලන ආධිපත්‍යය ඇත්තේ බටහිරයන්ට ය. ඒ ආධිපත්‍යය තහවුරු කරගන්නේ බටහිර විද්‍යාව මගිනි. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් අවසන් වී නැත. අනෙක් රටවල ජනතාවට තම නායකයන් පත්කර ගැනීමට ඉඩ නොදෙන පොළොවට හා එහි සතා සර්පයා සිවුපාවාට අපරාධ කර ඇති ලෝකය අගාධය කරා ගෙන යන ඔබාමා ඇතුළු මානව විරෝධී පරිසර විරෝධී වත්මන් නායකයන් අත් අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතු ය. එහෙත් ඒ කරන්නේ කවු ද? එයට ශක්තිය ඇත්තේ කාට ද? අවාසනාවකට බටහිර නොවන්නන්ට ඒ ශක්තිය වර්තමානයේ නැත. එහෙත් මාක්ස්වාදී නොවන අර්ථයකින් වුවත් බටහිර ආධිපත්‍යය අවුරුදු පනහකට අඩු කාලයක දී වැටෙනු ඇත.

Saturday, 16 April 2011

ඇමරිකන් මානව හිතවාදී බෝමිබ

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය වන සමයෙහි එයට නායකත්වය දුන් රට ලෙස ඇමරිකන් එක්සත් ජනපද හෙවත් ඇමරිකාව ඉතිහාසගත වනු ඇත. අප විසින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලෙස හැඳින්වෙන සමාජ ප්‍රපංචය ඇරඹුණේ පහළොස්වැනි සියවසේ අගභාගයේ දී ඉතාලියෙහි ය. බටහිරයන් විසින් පුනරුදය නමින් හැඳින්වෙන මෙි ප්‍රපංචය පිරෙන්ටිසි යනුවෙන් ඉතාලි බසින් කියැවෙන, ඉංගිරිසින් ෆ්ලොරන්ස් නමින් හඳුන්වන නගරය ආශ්‍රිතව පටන්ගැනී ඇත. මුල දී චිත්‍රකලාව හා ප්‍රතිමා ශිල්පය වටා ගොඩ නැගුණු මෙි ක්‍රියාදාමය පසුව (බටහිර) විද්‍යාව හා තාක්‍ෂණය දෙසට ද විහිදිණි. ගැලීලියෝ, නිවිටන්, (ජේමිස්) වොටි ආදීහු බටහිර විද්‍යාවෙහි හා තාක්‍ෂණයෙහි පතාක යෝධයෝ වූහ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය දකුණු යුරෝපයේ ඉතාලියෙන් ක්‍රමයෙන් උතුරට ගියේ ය. අවසානයේ දී එහි ප්‍රධානත්වය එංගලන්තයට හිමිවුව ද කලා ශිල්ප අතින් ප්‍රංශය ද දර්ශනය අතින් ජර්මනිය ද නායකත්වය දැරී ය. පසුව කියැවුණු රටවල් දෙකම කතෝලික රටවල් බව ද ජර්මනියෙහි චින්තනය ඉතා මෑතක් වන තෙක් ම කතෝලික වූ බව ද අමතක නොකළ යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට තමන්ගේ ම වූ හරිහමන් දර්ශනයක් කිසි දා ගොඩනගා ගැනීමට නො හැකි විය. අනුභූතිවාදය හා එහි ප්‍රයෝජ්‍යවාදය වැනි විවිධ ප්‍රභේද විසින් පෙන්නුමි කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දර්ශනයේ දරිිද්‍රතාව වෙයි.

මෙි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දර්ශනය ගැන කතාකිරීමෙි අවස්ථාවක් නො වෙි. එහෙත් ඒ සඳහන්කිරීම අවශ්‍ය වන්නේ ඉංගිරිසින්ගෙන් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නායකයන් වූ ඇමරිකානුවන්ට ද ඉංගිරිසින්ට මෙන් ම ගැඹුරු දර්ශනයක් නොමැති බව කීමට ය. මෙි නොගැඹුරු දර්ශනය ද මුළු ලෝකය ම අගාධයට ගෙන යෑමට දායක වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන ලක්‍ෂණ අතර පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම, ඉන්ද්‍රිය පිනවීම, ස්වාභාවික සමිපත් සූරාකෑම, මනුෂ්‍යා ස්වභාව ධර්මයෙහි ඊනියා ස්වාමියා වීම, ස්වභාව ධර්මය මිනිසා වෙනුවෙන් නිර්මාණය කර ඇතැයි උපකල්පනය කිරීම, වියුක්ත චින්තනය, රේඛීය චින්තනය ආදිය වෙයි. මෙි සියල්ල ග්‍රීක, යුදෙවු, ක්‍රිස්තියානි චින්තනවල එකතුවකින් නිර්මාණය වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයකි. මෙි චින්තනය එක් රැයකින් බිහි වී යැයි අපි නො කියමු. පහළොස්වැනි සියවසේ ඇරඹුණු ක්‍රියාදාමය විසිවැනි සියවසේ පළමු කාර්තුව සමග උචිචස්ථානයකට පත්විණි. ඉන්පසු එහි කඩාවැටීම ඇරඹිණි.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියට මුල දී අභියෝගයක් වූයේ යුදෙවු සංස්කෘතිය ය. ෂේක්ස්පියර් යුගයෙහි මෙි සංස්කෘතීන් දෙක අතර අරගලයක් වූ බව පැහැදිලි වෙයි. කෙසේ වෙතත් මෙි සංස්කෘතීන් අතර වූ සාම්‍යයක් ද හේතුවෙන් ඒ මිශ්‍ර වී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බවට පත් වී ඇති බව පෙනී යයි. ඉබෙිරියානු අධිරාජ්‍යයෙන් පසු අද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එරෙහි ව දැඩි ආක්‍රමණශීලී සංස්කෘතියක් ලෙස ඉස්ලාමි සංස්කෘතිය ඉදිරියට පැමිණ ඇත. එය පදනමි වී ඇත්තේ අරාබි ඉස්ලාමි චින්තනයෙහි ය. එහෙත් අරාබි ඉස්ලාමි චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යුද්ධමය වශයෙන් හැරෙන්නට විශාල අභියෝගයක් නො වෙි. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අභියෝගයක් වන්නේ යුද්ධ ශක්තියට ආධ්‍යාත්මික ශක්තිය ද එකතුකළ ගැමුණු රජතුමාගේ සිංහල බෞද්ධ චින්තනය බව බටහිරයෝ ද දනිති. බටහිරයන් හා ඔවුන්ගේ හෙන්චයියන්ට සිංහල බෞද්ධයන් මෙන් ම ගැමුණු රජු ද නයාට අඳුකොළ මෙන් වන්නේ එබැවිනි. මාවිල්ආරු මෙහෙයුම මනුෂ්‍යත්වයේ මෙහෙයුමක් වූයේ ගැමුණු රජු අනුගමනය කරමිනි. ගැමුණු රජු බෞද්ධයන්ට යුද්ධ කළ හැකි බව කියා දුන්නේ ය. එතුමා නොවන්නට ඉන්දියාවෙි, ඇෆ්ගනිස්ථානයේ, ඉන්දුනීසියාවෙි මෙන් ම ලංකාවෙි ද බුදුසසුනක් නොතිබෙන්නට විශාල ඉඩක් විය. ගැමුණු රජුට පහරදුන් හෙන්චයියෝ, ඊනියා යුද්ධයට එරෙහිව උද්ඝෝෂණය කළ අමන සිංහල බෞද්ධ විරෝධියෝ, ප්‍රභාකරන් පැරදවීමට පෙර ගැමුණු රජුගේ උපාසකකම ඉස්මතුකිරීමට උත්සාහ කළ ව්‍යාජ සාම වෙළෙන්දෝ, අද හීන්සූරුවෙි සතපහක් නොවටිනා දාර්ශනිකයන් වී සිංහල බෞද්ධයනට අළුත් බයිලා කීමට උත්සාහ කරති. අපි එය පසුව වෙන ම මාතෘකාවක් ලෙස ගනිමු. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව යුද්ධ ශක්තියක් ඇති ප්‍රධානම සංස්කෘතිය ඉස්ලාමි සංස්කෘතිය වෙයි. පැහැදිලිව ම බටහිරයන්ට ඉස්ලාමි සංස්කෘතිය පැරදවීමට අවශ්‍ය වී ඇත.

ලිබියාවට එරෙහිව තම “හමුදාව එරටට යැවීමට ඇමරිකාව තීරණය කර ඇත්තේ මෙි සංස්කෘතික ගැටුම ද සිත්හි දරාගෙන ය. එය හුදෙක් තෙල් ගැටුමක් බවට පත්කරන්නෝ ආර්ථික ඌනිතවාදීහු ය. ඔවුහු සංස්කෘතිය වුවමනාවෙන් ම අමතක කරති. ලිබියාවෙි ඇත්තේ මුළු ලොවෙි ම තෙල්වලින් සියයට තුනක පමණ ප්‍රමාණයකි. මෙි සියයට තුනට පමණක් මෙතරමි විනාශයක් කිරීමට ඇමරිකානුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයි? කර්නල් ගඩාෆිට විරුද්ධව ලිබියාවෙි සටන් මෙහෙයවන්නන්ට අල් ක්වයිඩා සංවිධානයෙන් ආධාර ලැබෙන බව දැන් ප්‍රසිද්ධ කරුණකි. ගඩාෆිට විරුද්ධව කැරලි ගසන්නන්ට ඇමරිකාවෙි සහාය ද ලැබෙන්නේ කෙසේ ද? ඔසාමා (බින් ලේඩන්) හා (බැරැක්) ඔබාමා එකම පැත්තේ සිටින්නේ කෙසේ ද? මෙය ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයේ හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. බටහිරින් පෘතුගීසීන් ස්පාඤ්ඤයන්, ප්‍රංශයන්, ඉංගිරිසින්, ලන්දේසීන් පමණක් නොව කුඩා රටක් වූ බෙල්ජියමෙන් පිටත්වූවන්් ද අප රටවලට පැමිණි නැවිවල යුද්ධභටයන් මෙන් ම පූජකයෝ ද සිටියහ. යුද්ධභටයන් අවි පෙන්වා මරණීය තර්ජන එල්ල කර අපේ මුතුන්මිත්තන් විවිධ ක්‍රිස්තියානි නිකායන්ට බඳවාගැනීමට උත්සාහ කළ අතර පූජකයෝ යුද්ධභටයන්ට දොස් කියමින් ඒ මුතුන්මිත්තන්ව ම ඒ නිකායවලට ම බඳවා ගත්හ. ඇතැමි විශ්වවිද්‍යාල පීඨවල පැවැත්වෙන නවක වධයේ දී ද මෙවැනි ම වූ දෙයක් සිදුවෙයි. ජ වි පෙරමුණේ ඇතැමුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වධ හිංසා පමුණුවමින් ඒ සිසුන් තම දේශපාලනයට අවනත කරගැනීමට උත්සාහ ගන්නා අතර ඒ දේශපාලන පක්‍ෂයෙහි ම තවත් පිරිසක් නවක සිසුන් නවක වධයෙන් ගලවාගෙන තම දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට උත්සාහ දරති. ජ වි පෙරමුණ ද ව්‍යාජ ජාතිකත්වයක් සමග වුව ද ක්‍රියාත්මක වන්නේ කතෝලික චින්තනයෙන් බිහි වූ මාක්ස්වාදී දර්ශනය මත පදනමි වී බව තේරුමි ගත යුතු ය.

ඔබාමා බලයට පැමිණියේ ඇමරිකානුවන් යුද්ධයෙන් අයින්කිරීමට පොරොන්දු දෙමිනි. ඔබාමා ඒ පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කෙළේ නමි ඇමරිකාවෙි බලවත් යුදෙවුවන් හා ක්‍රිස්තියානීන් ඔබාමා අයින් කිරීමට තිබිණි. ඔසාමා බින් ලේඩන්ව කරලියට ගෙනාවෙි ඇමරිකානුවන් බව අද බොහෝ දෙනා දනිති. ඇමරිකානුවන් ඒ ඒ අයට උපකාර කරන්නේ තමන්ට අවශ්‍ය දේ කරවාගැනීමට මිස හුදු මානව දයාවකින් නො වෙි. ඇතැමි විට ටික කලකින් පසුව එසේ උදවු ලබාගත්තෝ ඇමරිකාවට විරුද්ධව කටයුතු කරති. ඒ ඔවුන්ට ඇමරිකානුවන්ගේ ව්‍යාජත්වය හෙළිවීමෙන් පසුව ය. එහෙත් සමහරු දිගින් දිගට ම ඇමරිකානුවන් සමග ඇති සමිබන්ධතා පවත්වති. තවත් කොටසක් ඇමරිකාවට බොරු විරුද්ධත්වයක් දක්වමින් ඇමරිකාවෙන් හොර රහසේ ආධාර ලබා ගනිති. අල් ක්වයිඩා සංවිධානය එවැනි සංවිධානයක් විය හැකි ද? අල් ක්වයිඩා සංවිධානය පිළිමවලට විරුද්ධ මුස්ලිමි සංවිධානයක් බව සැබෑ ය. මුස්ලිමුන් ඉන්දියාවෙි දී ද ඉන්දුනීසියාවෙි දී ද බුදු සසුනට එරෙහිව ක්‍රියාකළ බවත් සෑබෑ ය. එහෙත් අල් ක්වයිඩා සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේ විනාශ කිරීමට අද ඇති අවශ්‍යතාව කුමක් ද? ඒ පිටුපස බටහිර ක්‍රිස්තියානි නූතනත්ව බලවෙිග වෙි ද? ඒ විනාශ කරන ලද බුදු පිළිම වහන්සේ නැවත තනාදීමට බටහිරයන් ලෝක බැංකුව හෝ වෙනත් ආයතනයක් හෝ මගින් ඉදිරිපත් වන විට බටහිර හමුදා භටයන්ගන් සිංහලයන් මුදාගත් පූජකයන් සිහි ගැන්වෙි ද? ලංකාවෙි නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන එකින් එක අල්ලා ගැනීමට මුස්ලිමි ජනයා ක්‍රියාකරන්නේ අවසාන වශයෙන් ගත්කල කාගේ අවශ්‍යතාවට ද? එය ඉස්ලාමි අවශ්‍යතාවක් මෙන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද අවශ්‍යතාවක් විය හැකි ය.

අද ඇමරිකාවට පක්‍ෂ වූ ද ගැති වූ ද සවුදි අරාබිය වැනි මුස්ලිමි රටවල් මෙන් ම ඇමරිකාවට විරුද්ධ ඉරානය ලිබියාව ආදී රටවල් ද වෙයි. ඇමරිකාවට අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ වූ ද ඉස්ලාමි සංස්කෘතියට අයත් වූ ද රටවල් මර්දනය කිරීම ය. එහි තෙල් ආකර පාලනය කිරීමෙි අවශ්‍යතාව ද වෙයි. එහෙත් තෙල් එකම අවශ්‍යතාව නො වෙි. ඇමරිකාවට පොටක් පෑදුනහොත් ඔවුන් ඉරානය ද ආක්‍රමණය කරනු ඇත. තෙල් ආකර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැති මුස්ලිමි රටවල් සතුව තිබීම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ තෙල්වලින් ලැබෙන ආදායම ඇමරිකාවට ඇත්තට ම විරුද්ධ මුස්ලිමි රටවල් අතට පත්වීම වැළැක්වීම ය. එසේ වැළැක්වීම සඳහා ඇමරිකානුවන් ඇතුළු බටහිරයන් නොකරන මානව විරෝධී ක්‍රිියාවක් නැත. එහෙත් ඔවුන් ඒ සෑම ක්‍රියාවක ම නිරත වන්නේ මානව හිතවාදයේ නමිනි. ගඩාෆි තම රටෙි වැසියන්ට බෝමිබ දමන්නේ යැයි කියමින් බටහිරයෝ ලිබියාවට බෝමිබ දමති. බටහිරයන්ගේ බෝමිබවලින් අහිංසකයන් මිය නොයන්නේ යැයි බටහිරයන් ද ඔවුන්ගෙන් මුදල් ලබමින් මානව හිතවාදය විකුණන හෙංචයියන් ද සිතනු ඇත. එහෙත් ඇමරිකන් වුවත් බෝමිබ යනු බෝමිබම ය. මානව හිතවාදී බෝමිබ යනුවෙන් බෝමිබ වර්ගයක් ඔබාමාටවත් තැනීමට නො හැකි ය. ඔබාමා හා ඔසාමා අතර ඇති වෙනස බස (බ හා ස) පමණක් ද?
(2011/04/04 - දිවයින)