Main Logo

Sunday 30 September 2012

සාධාරණ ත්‍රිකෝණ

වියුක්තය ගැන දැන සිටි ග්‍රීකයන් උද්ගමනය නොදැන සිටියා නො වෙයි. උද්ගමනය යනු අත්දැකීම් කිහිපයක් මත පමණක් පදනම් වෙමින් යම් ප්‍රපංචයක් සාධාරණීකරණය කිරීම ය. ඇරිස්ටෝටලීය න්‍යාය අපට මෙහි දී නැවතත් සිහිපත් වෙයි. කලින් සඳහන්කළ කරුණුවලට අමතරව සංවාක්‍ය (syllogism) සලකා බලමු. ඉතා සුප්‍රසිද්ධ සංවාක්‍යයට අනුව සියළු මිනිස්සූ මැරෙති, සොක්‍රටීස් මිනිසෙකි, එබැවින් සොක්‍රටීස් ද මියයයි. මේ සංවාක්‍යය ගැන කිවයුතු කරු ණු කිහිපයක් වෙයි. එහි කියැවෙන සියළු මිනිසුන් මැරෙන බව දැනගැනීමට නම් සොක්‍රටීස් ද මැරෙන බව දැනගත යුතු ය. එබැවින් සොක්‍රටීස් ද මැරෙන්නේ ය යන නිගමනය සියළු මිනිස්සු මැරෙති යන්නෙහි ම වෙයි. එසේ නම් මෙහි නිගමනය කිරීමට දෙයක් නො තිබුණි.

එය එසේ නමුත් මේ සංවාක්‍යය අපට තවත් පැත්තකින් ද බැලිය හැකි ය. දැන් ඒ වැදගත් වන්නේ එහි නිගමනයකට වඩා උද්ගමනයක් ඇති බැවින් ය. සියළු මිනිසුන් මැරෙන බව අප දැනගන්නේ නිරීක්‍ෂණයෙන් නොව උද්ගමනයෙන් ය. අප දන්නා මිනිසුන් රාශියක් ද ලොවෙහි අපට කලින් වාසයකළ සියළු දෙනා ද මියගොස් ඇති බැවින් මිය යෑම පොදු ධර්මතාවක් ලෙස ගැනෙයි. මිනිසුන් රාශියක් ගැන දැනගැනීමෙන් වුව ද සියළු මිනිස්සු මැරෙති යන තීරණයට අප එළඹෙන්නේ උද්ගමනයෙන් ය. එලෙස තීරණයකට පැමිණීමෙන් පසුව සොක්‍රටීස් ද මිනිසකු බැවින් ඔහු ද මියයන්නේ ය යන නිගමනයට එළඹිය හැකි ය. මෙයින් පෙනී යන්නේ සියළු මිනිසුන් ආදී වශයෙන් පරිමිත නොවන අවයව සංඛ්‍යාවක් සහිත කුලක පිළිබඳ වූ සංවාක්‍යයෙහි නිගමනය මෙන් ම උද්ගමනය ද අන්තර්ගත බව ය. අදාළ කුලකයෙහි අවයව සංඛ්‍යාව පරිමිත නම් ඇතැම්විට එවැනි උද්ගමනයක් අවශ්‍ය නොවනු ඇත. එයට හේතුව යම් ගුණයක් පරිමිත කුලකයක අවයව සම්බන්ධයෙන් ගත්කල ඒ සෑම අවයවයක් සඳහාම වලංගුවන්නේ දැයි ඇතැම් විට දැනගැනීමට ඇති හැකියාව ය. (ඇතැම් පරිමිත කුලකයක එවැනි හැකියාවක් නොමැති විය හැකි ය. වර්තමානයෙහි ජීවත්වන කපුටන් සංඛ්‍යාව පරිමිත වුව ද, ඒ කපුටන් සියල්ල නීරීක්‍ෂණය කර ඔවුන් කළු දැයි සොයා බැලීමේ හැකියාව අපට නො මැත) එහෙත් එවැනි අවස්ථාවක දී නිගමනයෙහි වැදගත්කමක් නැතිවෙයි. එයට හේතුව ඒ නිගමනය ලබාගන්නා වූ අවයවය සඳහා ද අදාළ ගුණය වලංගු බව නිරීක්‍ෂණයෙන් ම දැනගෙන සිටීම ය. උදාහරණයක් වශයෙන් පංතියක ඇති පුටුවල කකුල් කැඩී ඇතැයි සිතමු. දැන් මේ එක් එක් පුටුව ගෙන එක් එක් පුටුවෙහි කකුල් කැඩී ඇත්දැයි අපට දැනගත හැකි ය. ඒ අනුව පංතියේ සියළු පුටුවල කකුල් කැඩී ඇති බව අපි දැනගන්නෙමු. එහෙත් ඒ දැනුම අප වෙත ඇති නිසා ම අහවල් පුටුවෙහි කකුල් කැඩී ඇතැයි තීරණය කිරීම නිගමනයක් නො වෙයි. එය නිරීක්‍ෂණයක් ඔස්සේ කලින් ම දත් දෙයක් වෙයි.

මෙහි දී අප සාකච්ඡා කෙළේ සරල නිරීක්‍ෂණ හා සම්බන්ධ උද්ගමන ය. එයට වඩා සංකිර්ණ නිරීක්‍ෂණ හා සම්බන්ධ උද්ගමන ද වෙයි. උදාහරණයක් වශයෙන් බොයිල් නියමය (Boyle’s Law) ගනිමු. දෙන ලද වායුවක නිශ්චිත උෂ්ණත්වයක දී පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික බව මේ නියමයෙන් කියැවෙයි. මෙය කපුටන් කළුපාටය යන නිරීක්‍ෂණයට වඩා තරමක් සංකිර්ණ වෙයි. හඳුනා ගැනීමේ අවශ්‍යතාව නිසා කපුටන් කළුපාටය යන ආකාරයේ නිරීක්‍ෂණ පළමු ගණයේ නිරීක්‍ෂණ ලෙසත් බොයිල් නියමයෙන් ප්‍රකාශවන ආකාරයේ නිරීක්‍ෂණ දෙවැනි ගණයේ නිරීක්‍ෂණ ලෙසත් වර්ගකරමු. දෙවැනි ගණයේ නිරීක්‍ෂණවල දී යම් විචල්‍ය අතර සම්බන්ධයක් ද ප්‍රකාශවෙයි. එවැනි නිරීක්‍ෂණ ඇතැම් විට නියම (law) ලෙස ද හැඳින්වෙයි. එහෙත් ඒ ප්‍රවාද ද යන්න ගැටළුවක් වෙයි. මෙය නිර්වචනය පිළිබඳ ප්‍රශ්නයක් යැයි යමකුට කිවහැකි වුව ද ප්‍රවාදයක් යනු නිරීක්‍ෂණවලට මග පාදන්නක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය යැයි සිතමි. බොයිල් නියමය ප්‍රවාදයක් නම් සියළු මිනිස්සු මැරෙති, සියළු කපුටෝ කළුපාට වෙති ආදිය ද ප්‍රවාද ලෙස හඳුනාගැනීමේ වරදක් නැත. මෙහි දී සඳහන්කළ යුත්තක් නම් නියම හා ප්‍රවාද ආදී පද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ලැබී ඇති බව ය. නියම යන්න පරණ තෙස්තමේන්තුවෙන් ලබාගෙන ඇති අතර ප්‍රවාද යන්නෙහි ඉංගිරිසි වචනය වූ තියරි යන්න දේවධර්මවාදය (Theology) සමග බැඳී ඇත. තියරි, තියරම් (Theorem - ප්‍රමේයය) ආදී වචනවල ප්‍රභවය දේවධර්මයෙහි වෙයි. දෙවියන් විසින් මවන ලද ලෝකයෙහි (විශ්වයෙහි) නියම හා දැනුම යන්න මේ වචනවලින් ගම්‍ය වෙයි. අද ද බටහිර විද්‍යාඥයන් බොහෝ දෙනකු සිතන්නේ ඔවුන් දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරන බව ය.

කෙසේ වෙතත් බොයිල් නියමය ද උද්ගමනයෙන් ලබාගන්නක් වෙයි. වායු නියැදි කිහිපයක් පමණක් නිරීක්‍ෂණයට භාජනය කර සියළු වායු සම්බන්ධයෙන් දෙන ලද අවස්ථාවල දී ඒ ප්‍රතිඵලය වලංගු වන්නේ යැයි කියනු ලැබෙයි. ඒ සාධාරණීකරණයක් වෙයි. සංයුක්ත නිරීක්‍ෂණ ආධාරයෙන් කරන සාධාරණීකරණයක් යනු උද්ගමනයක් වෙයි. මෙවැනි සාධාරණීකරණවලට පමණක් නොව නිරීක්‍ෂණවලට මග පාදන ප්‍රවාද ද අවසාන වශයෙන් ගත්කල ලැබෙන්නේ උද්ගමනයෙන් ය. අපි මෙහි දී උදාහරණ දෙකක් ගනිමු. ඒ උදාහරණ දෙක ම ගුරුත්වාකර්ෂණයට සම්බන්ධ ය.

පළමුවෙන් ම නිදැල්ලේ වැටෙන වස්තු පිළිබඳ ඇති ගැලීලීය නිරීක්‍ෂණය ගනිමු. එහි දී නිරීක්‍ෂණය වූයේ පොළොවට ආසන්නයේ වැටෙන ඇතැම් වස්තු එකම ත්වරණයෙන් පොළොව දිශාවට චලනය වන බව ය. ඒ නිරීක්‍ෂණය කිරීමෙන් පසු එය පොළොව ආසන්නයේ වැටෙන සියළු වස්තු සඳහා සාධාරණය කෙරිණි. ඒ සාධාරණය කිරීම යනු උද්ගමනය මිස අන්කිසිවක් නො වෙයි. දෙවැනි උදාහරණය නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණ ප්‍රවාදය ය. මේ ප්‍රවාදයෙන් නිදැල්ලේ චලනයවන වස්තු පොළොව ආසන්නයේ දී පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් කෙරෙයි. ප්‍රවාදයක් නිරීක්‍ෂණයකට හා නියමයකට වඩා දුරදිග යන්නේ එහි යම් තේරුම් කිරීමක් ද ඇති බැවින් ය. ප්‍රවාදයකින් තේරුම් කෙරෙන්නේ නිරීක්‍ෂණ ය. නිරීක්‍ෂණ කිහිපයක් මගින් එවැනි නිරීක්‍ෂණ අදාළවන යම් පරිමිත හෝ අපරිමිත හෝ කුලකයක් සඳහා නිරීක්‍ෂණය සාධාරණය කෙරී ඇති බැවින් ප්‍රවාදයක් පටන් ගැනෙන්නේ ම උද්ගමනයකින් ය. ඒ අදාළ කුලකයෙහි සියළු නිරීක්‍ෂණ ප්‍රවාදයෙන් තේරුම් කර දිය යුතු වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගැලීලීය නිරීක්‍ෂණ තේරුම් කිරීමෙන් නො නවතියි. එහි තවත් උද්ගමනයක් වෙයි. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය ඉදිරිපත් කෙරෙන්නේ පොළොවට ආසන්නව චලිතයෙහි යෙදෙන වස්තු සඳහා පමණක් නො වෙයි. ඒ නියමය විශ්වයෙහි පවතින ඕනෑම වස්තු දෙකක් සඳහා වලංගුවන ආකාරයෙන් ඉදිරිපත්කෙරී ඇත. පොළොවේ ඇති වස්තුවලට බලපාන ප්‍රවාදයක් අහසේ ඇති වස්තුවලට ද බලපාන ලෙස උද්ගමනයක් කෙරී ඇත. එහි දී ප්‍රවාදය ද උද්ගමනය කෙරී ඇත.

පෝල් ෆෙයරාබන්ඩ් විද්වතා තම විධික්‍රමයට එරෙහිව (Against Method) නම් කෘතියෙහි සඳහන් කරන ආකාරයට මෙවැනි සාධාරණීකරණයක් ගැලීලියෝ විද්වතා විසින් ද කෙරී ඇත. ගැලීලියෝ විද්වතා තම දුරේක්‍ෂය පෘථිවිය මත ඇති වස්තුවලට පමණක් නොව ග්‍රහවස්තුවලට ද එල්ල කළ අවස්ථාවෙහි ඔහු අහස පොළොව එක්කෙළේ ය. ඉන් අදහස් වන්නේ පොළොවෙහි බලපාන ඇතැම් නීතිරීති (දුරේක්‍ෂ පිළිබඳ) අහසෙහි ද වලංගු බවට ගැලීලියෝ විද්වතා විසින් උද්ගමනයක් කෙරී ඇති බව ය. මේ උද්ගමනය පසුව නිව්ටන් විද්වතාට ද බලපාන්නට ඇතැයි සිතිය හැක්කේ ඔහු තම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සාධාරණය කර ඇති අයුරු විමසීමෙන් ය. සාධාරණය කිරීමෙහි දී වියුක්තය වඩා වැදගත්වන අයුරු ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පෙනී යයි. එහි දී සලකා බැලෙන්නේ ඕනෑම වස්තු දෙකක් මිස සංයුක්ත වස්තු දෙකක් නො වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යනු සංයුක්ත වස්තු සඳහා කෙරෙන නිරීක්‍ෂණ සාධාරණය කෙරී ඉන්පසු ඒ නිරීක්‍ෂණ තේරුම් කිරීමට ඕනෑම වියුක්ත වස්තු දෙකක් සඳහා යොදාගන්නා ප්‍රවාදයක් වෙයි.

බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වීමේ දී එහි ප්‍රධාන වශයෙන් ම කැපී පෙනෙන ලක්‍ෂණයක් වන්නේ නිරීක්‍ෂණ සම්බන්ධයෙන් එහි දී කෙරෙන සාධාරණීකරණය ය. එනම් උද්ගමනය ය. බටහිරයෝ දැනට අවුරුදු පන්සියයක පමණ කාලයෙහි සාධාරණ වශයෙන් ම (in general) සාධාරණීකරණයට ලක්කරති. මේ වෙනස විසින් ඔවුහු පැරණි භාරතීයයන්ගෙන් පමණක් නොව පැරණි ග්‍රීකයන්ගෙන් ද වෙන් කරනු ලැබෙති. භාරතීයයන්ට හෝ වෙනත් අයට හෝ යම් යම් අවස්ථාවල සාධාරණීකරණය තිබුණ ද සාධාරණ වශයෙන් සාධාරණීකරණයක් නො තිබුණි. භාරතීයයන් ආයුර්වේදයේ ඇතැම් අවස්ථාවල ද, කර්මවාදය වැනි ප්‍රවාදවලදී ද යම් සාධාරණීකරණයක යෙදී ඇති බව පෙනෙයි. එහෙත් ඔවුහු සෑම තැනක දී ම සාධාරණීකරණයකට නො ගියහ. ග්‍රීකයෝ ජ්‍යාමිතියෙහි දී සාධාරණීකරණයක යෙදුණහ. ඔවුන් සාධන ඉදිරිපත් කෙළේ ඕනෑම සරල රේඛාවක් නැත්නම් ඕනෑම වෘත්තයක් සඳහා ය. පෛතගරස් ප්‍රමේයයේ ප්‍රතිඵලය මිසරයන් ද භාරතීයයන් ද දැනසිටි නමුත් ඔවුන් ඒ දැනසිටියේ ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා ය. එහෙත් පෛතගරස් විද්වතා ඒ ප්‍රතිඵලය සියළු සෘජුකෝණී ත්‍රිකෝණ නිරූපණය කෙරෙන ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක් සඳහා සාධනය කෙළේ ය.

බටහිර ගණිතයෙහි සියළු ත්‍රිකෝණ සඳහා, සියළු සරල රේඛා සඳහා, ආදී වශයෙන් සාධනයකිරීමේ දී යොදාගන්නා ක්‍රමයක් වෙයි. ඒ ඕනෑම ත්‍රිකෝණයක් ආදී වශයෙන් ගෙන යම් ප්‍රතිඵලයක් සාධනයකිරීම ය. ඕනෑම ත්‍රිකෝණයක් යනු වියුක්ත සංකල්පයක් වෙයි. ත්‍රිකෝණයක්, සරල රේඛාවක් ආදිය ද වියුක්ත සංකල්ප වෙයි. දිගක් මිස පළලක් ඝනකමක් නැති සරල රේඛා මනසින්වත් මවාගත හැකි දෑ නො වෙයි. සරල රේඛාවක හෝ ත්‍රිකෝණයක හෝ ඇති වියුක්තභාවය නිසා ම එය තවත් වියුක්තකර ඕනෑම සරල රේඛාවක්, ඕනෑම ත්‍රිකෝණයක් ආදී සංකල්ප ද නිර්මාණය කර ගත හැකි ය. ඕනෑම සරල රේඛාවක් යනු සරල රේඛා සියල්ල වියුක්ත කිරීමෙන් ලබා ගන්නා සාධාරණ සරල රේඛාවකි.

මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ඕනෑම ත්‍රිකෝණයක් යන සංකල්පය ගනිමු. ත්‍රිකෝණයක් යන්න වියුක්ත සංකල්පයකි. එය නිර්මාණය වී ඇත්තේ වියුක්ත සරල රේඛා තුනකින් ය. එසේ වුවත් විවිධ ත්‍රිකෝණ ඇති බව අපි දනිමු. සුළුකෝණී ත්‍රිකෝණ, සෘජුකෝණී ත්‍රිකෝණ, මහාකෝණී ත්‍රිකෝණ ආදී වශයෙන් අපට ත්‍රිකෝණ වර්ග කර ගත හැකි ය. එලෙස ම සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ ආදී වශයෙන් ද ත්‍රිකෝණ වෙයි. ඒ එක් එක් වර්ගයේ ත්‍රිකෝණ ය. ඉන් එක් වර්ගයක ත්‍රිකෝණ ගතහොත් ඒවා වියුක්ත වන අතර ඉන් ඕනෑම අවයවයක් (ත්‍රිකෝණයක්) ගෙන එය එවැනි අනෙක් සියල්ලෙහි නියෝජනයක් ලෙස සැලකිය හැකි ය. ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක් යන්න සෘජුකෝණී ත්‍රිකෝණ වියුක්තකර නිර්මාණය කරගන්නා වියුක්ත සංකල්පයකි. එය වියුක්ත සංකල්පයක වියුක්තයකි. අපි වර්ගීකරණය සඳහා එවැනි වියුක්ත සංකල්පවලට දෙවැනි ගණයේ වියුක්ත සංකල්ප යැයි කියමු. අනෙක් අතට මේ එක් එක් ආකාරයේ ත්‍රිකෝණවලට වූ පොදු ගුණය නම් ඒ සියල්ල එකිනෙක ඡෙදනයවන ප්‍රභින්න (distinct) සරල රේඛා තුනකින් නිර්මාණය වී තිබීම ය. ඒ ගුණය පමණක් යොදාගනිමින් නිර්මාණය කෙරෙන ත්‍රිකෝණයක් සාධාරණීකරණයට ලක්කරන ලද ත්‍රිකෝණයක් වෙයි. එවැනි සාධාරිත ත්‍රිකෝණයක් සුළුකෝණී ත්‍රිකෝණ, සෘජුකෝණී ත්‍රිකෝණ, සමපාද ත්‍රිකෝණ ආදී සියළු ත්‍රිකෝණවල සාධාරණිකරණයකි. එවැනි ත්‍රිකෝණයක් ඕනෑම ත්‍රිකෝණයක් වෙයි. සාධාරිත ත්‍රිකෝණයක් ලෙස ඕනෑම ත්‍රිකෝණයක් යන්න වියුක්ත සංකල්පයක සාධාරිතයක සාධාරිතයක් වෙයි. අවශ්‍ය නම් එයට තුණ්වැනි ගණයේ වියුක්තයක් යැයි කිව හැකි ය. බටහිර ගණිතයෙහි එලෙස දෙවැනි තුන්වැනි ගණවල පමණක් නොව n වැනි ගණයේ ද වියුක්ත සංකල්ප වෙයි.

පෛතගරස් ප්‍රමේයය සාධනය කෙරෙන්නේ ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක් සඳහා ය. සෘජුකෝණී ත්‍රිකෝණවල එක් උපකුලකයක් ලෙස සමද්විපාද සෘජුකෝණී ත්‍රිකෝණ වෙයි. (අනෙක් අතට සමද්විපාද සෘජුකෝණී ත්‍රිකෝණ සමද්විපාද ත්‍රිකෝණවල එක් උපකුලකයක් ලෙස ද සැලකිය හැකි ය.) පෛතගරස් ප්‍රමේයය ඒ වර්ගයේ හෝ ඒ වර්ගයට අයත් නොවන්නාවූ හෝ සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා වලංගු වෙයි. පෛතගරස් ප්‍රමේයය සාධනය කිරීමේ දී යොදා ගැනෙන්නේ ත්‍රිකෝණයක එක් කෝණයක් සෘජුකෝණී වීම යන ගුණය ය. ත්‍රිකෝණය සමද්විපාද ද නැත් ද ආදී ගුණ එහි දී යොදා නො ගැනෙයි.

ගණිතයෙහි කෙරෙන මේ සාධාරණීකරණය ඒ අන්දමින් ම වෙනත් ක්‍ෂෙත්‍රයක කළ නො හැකි ය. ග්‍රීකයන්ගේ වියුක්තකරණය හා සාධාරණීකරණය ගණිතයෙන්, විශේෂයෙන් ම ජ්‍යාමිතියෙන්, ඔබ්බට ගියේ නම් ඒ මඳ වශයෙන් ය. ආකිමිඩිස් වැනි විද්වතකු නිශ්චලතාවෙහි ඇති ද්‍රවයක ඉපිලෙන හෝ ගිලෙන හෝ ඝන වස්තු සඳහා යම් මූලධර්මයක් සූත්‍රගත කර ඇති බව සැබෑ ය. එය බටහිර භෞතික විද්‍යාවක ආරම්භය වුව ද එහි එතරම් වර්ධනයක් නො වී ය. සංවාක්‍ය ඇතුළු ඇරිස්ටෝටලීය න්‍යාය ද වියුක්තකරණයක් මෙන් ම සාධාරණීකරණයක් ද විය. එහි උද්ගමනයක් ද වූ බව අමතක නොකළ යුතු ය. න්‍යායෙහි ද ඒ ඒ ප්‍රතිඵල වියුක්ත කර ගනු ලැබුයේ එදිනෙදා දක්නට ලැබෙන වස්තු ආශ්‍රයෙන් ය. දිගින් සමාන වූ කෝටු කෑලි තුනක වියුක්තකරණයෙන් හා සාධාරණීකරණයෙන් ඕනෑම වස්තු හා රාශි සඳහා A = B, B = C නම් B= C ලබාගත හැකි විය. ජ්‍යාමිතිය හා න්‍යාය සම්බන්ධයෙන් එසේ ප්‍රතිඵල වියුක්තකරණයට හා සාධාරණීකරණයට භාජනය කළ ද භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගත්කල සාර්ථක වියුක්තකරණයකට හා සාධාරණීකරණයකට ග්‍රීකයෝ අසමත්වූහ.


On Science and Culture

Prof. N. A. de S. Amaratunga in his letter to the opinion page on 17th September 2012 states: “Thomas Kuhn (and Michael Polyani) believed that scientists’ subjective experience made science a relativized discipline (see – "The Structure of Scientific Revolution", 1962). The subjective experience as we all know could be influenced by culture. Briefly speaking it is this idea that has made writers, both in the East and the West, say that science is based on culture.” Kuhn never said (western) science was a relativised discipline in “The Structure of Scientific Revolution”. Kuhn was neither a relativist nor Post modernist. He only opposed Popper’s Falsification Theory which said (western) science developed by the attempt of (western) scientists to falsify existing theories in western science. Kuhn challenged this theory and said western scientists almost all the time did some experiments to prove the existing theories and that only during what he called revolutionary times scientists came out with new paradigms. If Kuhn has said that (western) science is created relative to a culture or words to that effect Prof. de S. Amaratunga should quote the relevant passage(s) from “The Structure of Scientific Revolution” without quoting others without references on Kuhn and his so called relativism. After attributing to Kuhn a statement to the effect that science is a relativized discipline the Professor says subjective experience could be influenced by culture, as if it came from Kuhn. In any event western science is subjective like any other system of knowledge and even according to Prof. de S. Amaratunga subjective experience could be relative.

Some postmodernists may be realtivists but their main characteristics are deconstruction, claiming that there are no meta narratives, not mega narratives as one well known literary figure in Sri Lanka believed, but Kuhn does not subscribe to any of these. He was accepted as a conventional Philosopher of Science who taught at MIT though there may be a few around the world who think of Kuhn as a postmodernist and a relativist. If Prof. de S. Amaratunga refers to Feyerabend as a relativist I have no objection but I must say that Kuhn was never a relativist. His incommensurability simply said theories cannot be compared as they use different conceptual apparati and has not said that theories in western science are created relative to culture. As I have said I am not after recognition and I would be grateful to Prof. de S. Amaratunga to quote the relevant passage(s) of author(s) who have said that knowledge (not only western science) is created relative to the sense organs, mind and the culture based on a Chinthanya.

Prof.de S. Amartunga is interested in finding out how people have come to the conclusion that (western) science is relative to the culture. I do not know about the authours whom Prof. de S. Amaratunga mentions including Kuhn who in the view of the learned Professor has come to that conclusion but I have justified in my works why I claim that knowledge (I emphasize knowledge and not merely western science) is relative to sense organs mind and culture based on a Chinthanya. It is by reading books and articles on theory of knowledge and related subjects, and contemplating on what I have read and of course creating my own theories in a consistent way that I have come to the above conclusion, which is a method that has been used by ordinary people such as me long before Galileo, Newton and other great scientists who are supposed to have discovered a so called scientific method. Agganna Sutta and Darwin’s Theory with Big Bang are poles apart and they are relative to different cultures based on different Chinthanayas. Interestingly Prof. de S. Amaratunga has said: “according to both theories, life starts in water. Perhaps in the future Western scientists like Richard Dawkins, due to the influence of Buddhism, may give up their adherence to the linear process of evolution despite their culture. Such metamorphoses have occurred in the minds of Western philosophers and scientists in the past e.g. Arthur Schopenhauer, Niels Bohr.” In one of the theories life has come to earth from Abhassara Brahma Lokaya while in the other theory life as evolved from inorganic matter going through organic matter then through a single cell. However Prof. de S. Amaratunga says one day western scientists due to the influence of Buddhism, may give up their adherence to the linear process of evolution despite their culture. This is something that I have tried to explain in my “theory”. When western scientists give up their adherence to linear processes they are no more in their culture. It is not despite their culture this “metamorphism” takes place but coming out from their culture. Bohr’s Copenhagen interpretation is outside the western Chrtistian culture with its two valued Aristotelian Logic, and he was influenced by Ying Yang Philosophy of the Chinese, which has a three valued logic as I understand it. However he could not proceed much further and most of the western Physicists now have doubts about the Copenhagen Interpretation. This interpretation can be further developed in Sinhala Buddhist culture and already some work has been done in this regard.

In Theravada Buddhism there is no thithi and hence there is no existence. I as an entity does not exist and the ancient Buddhists had a tough time explaining to the Brahmins how karma effects a “person” who goes in to another Bhava. Thithi, Kshanavada were all created in order to explain some kind of existence. It is those who believe in some form of existence who have to explain how Nibbana is attained without annihilating (uchchedavada) an existing athma (soul). In Kacchayana Sutta Sammasambuddha says if A then B, and if not A then not B, and nothing else. I am definitely not a Sauthrathinka as I do not believe in thithi. If one assumes that things exist without being relative to something then one has to either assume that they last forever (shasvathavada) or are destroyed after some time (uchchhedavada). I am not only neither a shasvatavadin nor an uchchedavadin but I do not exist as such.

Copyright Prof. Nalin De Silva

The Muslim protests


All over the world, especially in the western world there have been protests against a film made in USA, which is defamatory to the life of Prophet Mohamed, according to almost all the Muslims in the world . The violent protests in some countries cannot be condoned but it is very clear that the western media that has the power and the means to control the world public opinion is having a field day condemning the violence forgetting the film. The protests did not take place in a vacuum, and the Muslims world over, it may be a minority of Muslims who were involved but my gut feeling is that most of the Muslims are with those who took to streets though some may not agree with violence, had a valid cause to protest.

The Buddhists are not well organized as the Muslims but they also have reasons to protest against the western behavior when it comes to the attitudes and actions of those who have been brought up in the western Christian culture. When some French kiss the Buddha statue there are people in Sri Lanka with their media who would publish pictures of Christians (Catholics) kissing the statutes of Jesus Christ and his mother. What is implied is that it is not abnormal nor defamatory for Catholics to kiss statues of religious personnel. Even in the case of this particular film on Prophet Mohamed it is claimed that in the name of freedom of expression the person who produced the film had the right to make the film. I have not seen the film myself but the Muslims world over would not have taken to streets if the film was innocent as far as the Islamic religion was concerned.

Sometime ago when Prabhakaran was calling shots there were NGO peace vendors who insisted that the Tamils and the LTTE had no option but to take up arms and engage in terrorist activities. The world was told by the western media that it was the Sinhala Buddhist supremacy that was the cause of the problems. What was propagated for the consumption of the gullible people was that the LTTE would not have taken up arms if not for so called Sinhala Buddhist supremacy. In so many ways the pundits in the NGOs and their mentors in the west justified the terrorism of the LTTE. They also propagated the myth that the LTTE could not be defeated and the government had no option but to engage in so called peace talks with the objective of establishing a Federal state paving the way for an Eelam. The west engaged in that type of propaganda simply because the LTTE was the agent of the west against Sinhala Buddhist culture.

When the western media tells us that the person who made the film had the right to do so they talk from their vantage position as everything in this world is today decided by the western Christian supremacy. It is true that in the west they have made films such as Da Vinci Code, though the film was banned in Sri Lanka if my memory is correct, but these films are made in a world dominated by western Christian hegemony. The book and the film Da Vinci Code were produced by western Christian culture who are looking for a new interpretation of Jesus Christ against the Jesus of the Catholic Church. This should be the last step in the fight of Christianity against Catholicism, and I was not surprised when the Catholic Church here decided to ask the Sri Lankan government to ban the film.

The so called freedom of expression by the western Christian culture is used not only against Muslims and the Buddhists but against Catholics as well if the need arises. In any event even if it is used against Christianity it is not going to be effective as it is the Christian culture that is the hegemonic culture in the world. The Christian culture is in the saddle and the legal systems practiced in various parts of the world are based in the Greek Judaic Christian Chinthanaya, just as much western science is based in that Chinthanaya, and the western Christian Law knows whom have to be punished to defend the western Christian culture. The Law, Science, Medicine including Dentistry, Arts etc., are all produced, created in the Greek Judaic Christian Chinthanaya and one cannot dissociate say Law from Dentistry.

The west is in a position to control the protests by the Muslims against the film on Prophet Mohamed made by the American and he would go untouched, as if at all he would be tried under the American Law which is based on Greek Judaic Christian Chinthanaya. If he is tried under Sharya Law no doubt that he would have a different destiny whether one agrees with that particular law or not. The protests would not last long and the western media would get some Muslim religious leaders to appeal to the masses to be calm. However, this is neither the beginning nor the end of the tussle between the Muslim and the Christian cultures, and I think that we are already in the middle of a cold war between the two cultures.

The Buddhists who are more tolerant do not have the resources to take up the western Christian culture at the present moment. Their strength is more on the spiritual side but to develop an alternative scheme to the existing paradigms and Chinthanaya would take some time. What is forgotten by the westerners is that the present western Christian culture together with western Christian modernity came in to existence only about five hundred years ago and that it is not going to last forever. It is on the decline now and so called postmodernism indicates that the westerners in the Social Sciences are not in a position to create theories as they used to do based on Greek Judaic Christian Chinthanaya. In Western Mathematics the formal program of Hilbert has ended up with Gödel Theorem, and western Theoretical Physics is stuck with Copenhagen Interpretation.

The westerners who began their western science by absorbing knowledge from Hindu, Chinese, Buddhist and Muslim systems into their two valued logic based on Greek Judaic Christian Chinthanaya cannot proceed much further. The western Christianity culture which produced Capitalism as their economic structures has come a long way but fortunately cannot exist for ever. It will collapse with Capitalism not according to Marxism through a working class revolution but experiencing a natural death. The Muslims living both in the western countries and the non western countries would contribute towards the collapse of the western Christian hegemony taken as a world phenomenon. The western science will come to a grinding halt in the near future as the Greek Judaic Christian Chinthanaya is not adequate to maintain the hegemony.

The Muslim protests against the producer of the film degrading Prophet Mohamed will not start a world revolution but they are indicators of what is in store for the Supremacy of the western Christian culture. What is needed is a broad front of the non Christian cultures against the western Christian culture but unfortunately the other cultures have been divided by the very same Christian Culture whose supremacy would be ended in due course. The unity of the other cultures would bring the collapse of the western Christian supremacy much closer to our times and in Sri Lanka if the Tamil Hindus and the Muslims understand that there is no so called Sinhala Buddhist supremacy but a bogey created by the western Christian culture that is only interested in maintaining its dominance then most of the problems in Sri Lanka would be solved. Sri Lanka could become the ashcharya if we can understand this unity can be achieved.



Copyright Prof. Nalin De Silva

මුස්ලිම් විරෝධය

ඇමරිකන් ජාතිකයකු විසින් මහමත්තුමාට අපහාස ගෙන දෙන අයුරෙන් නිපදවා ඇතැයි කියන චිත්‍රපටියක් සමබන්ධයෙන් ලෝ පුරා මුස්ලිම් විරෝධතාවක් මතු වී ඇත. ඒ චිත්‍රපටිය කෝරාණයට එකඟ යැයි ඇතැම්හු කියති. එහෙත් මුස්ලිම් බැතිමත්තු එසේ නො කියති. ඒ කෙසේ වෙතත් ලෝ පුරා මෙවැනි විරෝධතාවක් ඇතිවීම නොසලකා හැරිය හැකි නො වේ. විරෝධතාවට සහභාගි වන්නේ සුළු පිරිසක් විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ අනෙක් මුස්ලිම් බැතිමතුන් චිත්‍රපටිය අනුමත කරන බව නො වේ. අපට පෙනී යන ආකාරයට සමස්ත මුස්ලිම් ලෝකය ම මෙන් චිත්‍රපටියට විරුද්ධ ය.

පසුගිය දා මෙරටට පැමිණි ප්‍රංශ කතුන් දෙදෙනෙක් බුද්ධ රූප සිපගත්හ. එයට සුළු විරෝධයක් මතු වූ විට මෙරට පඬියෝ ක්‍රිස්තුන් වහන්සේ ගේ හා මරියතුමියගේ ප්‍රතිමා සිපගන්නා කතෝලිකයන්ගේ ඡායාරූප පළ කළහ. ඔවුන් එයින් කීමට අදහස් කළේ ප්‍රධාන ආගමික චරිතවල පිළිම සිපගැනීම බටහිර කතෝලික සංස්කෘතියෙහි අංගයක් බව විය හැකි ය. එහෙත් බෞද්ධ රටක දී එවැනි කරුණු සම්බන්ධයෙන් කතෝලික සංස්කෘතිය අනුව කටයුතු කළ හැකි නො වේ. රෝමයේ දී රෝමන්වරුන් මෙන් ක්‍රියාකළ යුතු යැයි කතාවක් බටහිර රටවල ම වෙයි. බටහිරයන් එයින් කියන්නේ බටහිර රටවල දී ඒ ඒ රටවල සංස්කෘතීන්වලට ගරුකළ යුතු බවත් එහෙත් අනෙක් රටවල දී පොදු බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව කටයුතු කළ යුතු බවත් වීමට විශාල සම්භාවිතාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් හෙළිදරවු වෙයි. අදාළ චිත්‍රපටිය නිපදවීම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඊනියා භාෂණ නිදහසට එකඟ යැයි පෙන්වීමට ද ඇතැම්හු උත්සාහ දරති. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට තමන් අකමැති අන්‍ය සංස්කෘතික, ආගමික, ජාතික කටයුතුවලට පහර දීමට ඊනියා ප්‍රවාද ඔවුන්ගේ පඬියන් විසින් නිර්මාණය කෙරී ඇත.

බටහිර අධ්‍යාපනයක් ලැබූ දන්ත හා වෙනත් මහාචාර්යවරුන්ට හා විශේෂඥයන්ට නොතේරුණ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය තරම් මානව හිතවාදී නොවන හා අධිපතිවාදී සංස්කෘතියක් මෙලොව තිබී නැත. අද ලෝකයේ සියළු රටවල පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිෂ්පාදනය කෙරුණු දැනුම ය. එතරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාව ද දන්ත වෛද්‍ය විද්‍යාව ද ඒ අතර වෙයි. මේ සියළු දැනුම් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු දැනුම් බව අප කියන්නේ අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාධක සහිතව ය. එහෙත් ඒ කිසිවක් කියවා නැති දන්ත වෛද්‍යවරු බටහිර දැනුම යථාර්ථයක් ලෙස සලකති. එක්තරා දන්ත වෛද්‍යවරයකු එක් පුවත්පත් සාකච්ඡාවක දී අසා තිබුණේ තමා ඉදිරිපිට ඇති කෝප්පය යථාර්ථයක් නො වේ ද කියා ය. එය කෙප්පයක් බව කෝප්පය පෙන්වා මේ කුමක් දැයි පැරණි වැද්දකුගෙන් ඇසීමෙන් දන්ත වෛද්‍යවරයාට දත හැකි විය යුතුව තිබිණි. කෝප්පය පොල් ගෙඩිය කෙප්පය ආදිය ඒ ඒ සංස්කෘතිය විසින් විවිධාකාරයෙන් අර්ථ දැක්වෙයි. අඩු තරමෙන් සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස ඉපදිණි නම් බුදුවීමට තිබිණි ද යන්නවත් මේ නොදත් දත් දොස්තරවරු කල්පනා කළ යුතු ය. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් නොබලා අද එංගලන්තය යැයි කියන ප්‍රදේශයේ උපන්නේ නම් කුමක් සිදුවීමට තිබිණි ද?

ඒ කෙසේ වෙතත් මහමත්තුමාට අපහාස ගෙන දෙන බව කියන චිත්‍රපටියට ඇති වී තිබෙන විරෝධය සියල්ලන්ගේ ම ඇස් ඇරවීමට සමත්විය යුතු ය. ඇතැම් මුස්ලිම් රටවලට බුද්ධ ප්‍රතිමාවක් ගෙන යෑමට ඉඩක් නැතැයි කියැවෙයි. ප්‍රතිමා නිර්මාණය කිරීම ඉස්ලාම් ආගමෙහි මෙන් ම යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වල ද තහනම් ය. ඒ එසේ වන්නේ ඔවුන්ගේ ආගම්වල (ආබ්‍රහමික ආගම්වල) දෙවියන් වහන්සේ වියුක්ත බැවින් උන්වහන්සේගේ ප්‍රතිමා තැනීමට නොහැකි බැවින් හෝ දෙවියන් එසේ කියා ඇති බැවින් හේ නිසා විය හැකි ය. එසේ වුවත් ක්‍රිස්තියානි රටවලට බුද්ධ ප්‍රතිමා ගෙන යෑමේ තහනමක් නැත. එයට හේතු දෙකක් වෙයි. එකක් නම් අද ලෝකයේ ඇති යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයට බලපෑමක් බුද්ධ ප්‍රතිමාවක් ගෙන යෑමෙන් කළ නොහැකි වීම ය. අනෙක් අතට කතෝලික ආගම දෙවියන් වහන්සේගේ පුතා වූ ක්‍රිස්තුන් වහන්සේගේත්, උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමියගේත් පිළිම තනන පිළිම සම්ප්‍රදායක් බටහිර රටවල ඇතිකර තිබීම ය. එහෙත් ඇතැම් මුස්ලිම් රටවල් බෞද්ධයන්ට ප්‍රතිමා ගෙන යෑමට ඉඩ නොදීම අනුමත කළ නොහැකි ය. බෞද්ධයන් ඒ අයුරෙන් ඉස්ලාම් බැතිමතුන්ට සැලකුවේ නම් මෙරට ඉස්ලාම් ආගමක් නැත. බෞද්ධයන් අරාබි රටවලට යන්නේ බෞද්ධ සංස්කෘතියක් පැතිරවීමට නොව රැකියාවක් කර ආපසු ඒමට ය.

බෞද්ධ සංස්කෘතීන්හි ජීවත්වන්නවුන්ට හැරෙන්නට වෙනත් සංස්කෘතිවල ජීවත්වන්නවුන්ට තම සංස්කෘතික ආධිපත්‍යය සීමිත ප්‍රදේශයක වුව ද පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් ඇත. බෞද්ධයන්ට වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. බෞද්ධයන්ට අනෙක් ආගම් හා සංස්කෘතීන් ඉවසීමට පුරුදු කළේ බුදුරජාණන් වහන්සේම ය. ඒ අනුව බෞද්ධයෝ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන නො සිතති. කසිකබල් පඬියන් කුමක් කීවත් මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නැත. බෞද්ධයන්ගේ ඒ ඉවසන සුළු ගතිය ප්‍රයෝජනයට ගනිමින් බටහිරයෝ හා ඔවුන්ගේ අතවැස්සෝ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වයවත් පිළිගැනීමට විරුද්ධ වෙති. ඊනියා බහු සංස්කෘතික බහුබූතයක් ගැන කියමින් අප රටේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය නැතිකිරීමට ඔවුන් කටයුතු කරන්නේ මෙරට පඬියන් කිහිප දෙනකුගේ සේවය මුදලට ගෙන ය. ඒ අතර ඔවුහු මෙරට යුදෙවු සංස්කෘතික ආධිපත්‍යය දන්ත වෛද්‍ය මහාචාර්යවරුන හා විශේෂඥයන් ද මගින් තහවුරු කර ගනිති.

අද ලෝකයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය කඩා වැටෙමින් ඇත. බටහිර විද්‍යාවෙහි වර්ධනයක් දක්නට නැත. බටහිර ඉතා ඉහළින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේ ය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව නම් කූන් පශ්චාත්නූතනවාදියෙකි, සාපේක්‍ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයකුවත් නො වේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරූ සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ බව නො දනියි. ඔහු කූන්ගේ පොතපත කියවා නොමැති බවත් තවත් සුප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයකු කරන ආකාරයට ම කූන් ගැන කවුරුන් දෝ කී දෙයක් මත පදනම් වී අනුන්ගේ මත ප්‍රකාශ කරන බවත් පැහැදිලි ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා නූතනත්වයෙහි අධිපතිවාදී යුගය අවසන් වෙමින් පවතින බවත් එලෙස ම පැහැදිලි ය.

මුස්ලිම් ලෝකයෙහි අද සිදුවෙමින් පවතින්නේ වැටෙන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කිරීමකි. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇත්තන් සිතන්නේ ඔවුන් තවමත් ලෝක ආධිපත්‍යය දරණ බව ය. තමන් වැටෙන බව ඔවුහු නො දනිති. ඔවුහු අනෙක් සංස්කෘතීන් පාගති. බෞද්ධයන් බොහෝ විට මේ පෑගීම් අඩත්තට්ටෙම් ඉවසුවත් මුස්ලිම් සංස්කෘතියෙහි ඇත්තෝ එසේ නො ඉවසති. ඔවුහු බෞද්ධයන්ට වඩා එකිනෙකා සමග බැඳීම් ඇතිව වෙසෙති. තම සංස්කෘතියට, ආගමට පහර වදින අවස්ථාවල දී එකතුවෙති. බෞද්ධයන්ට ලොව පුරා විරෝධතා සංවිධානය කිරීමට නොහැකි වුවත් මුස්ලිමුන්ට එසේ කිරීමේ හැකියාව ඇත. තම ආගමික නායකතුමාට අගෞරව කරන අන්දමින් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම පිළිබඳ ව අද ඔවුහු බටහිර රටවල ද වෙනත් රටවල ද විරෝධතා රැළි සංවිධානය කරති.

අද ඇමරිකාවට මේ උද්ඝෝෂණ ප්‍රශ්නයක් වී ඇත. ඇමරිකන් ජනාධිපතිවරණයට ද මේ විරෝධතා බලපානු ඇත. ඒ අතර ඇමරිකාව ලෝකයේ අනෙක් රටවලින් තම ගොඩනැගිලි ආදිය ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ඇත. මේ විරෝධතා වැඩි කලක් පවතිනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසාමත් ඇමරිකාව එයින් පාඩමක් ඉගෙන ගනීවි යැයි සිතිය නො හැකි ය. තම සංස්කෘතියත් ඒ සමග තම ආර්ථික පද්ධතිය වූ ධනවාදයත් කඩා වැටෙන බව බටහිරයෝ අවබෝධ කර නො ගනිති. මේ කඩාවැටීම මාක්ස්වාදයේ කියැවෙන කඩාවැටීම නො වේ. මාක්ස්වාදයේ කියැවෙන ඊනියා කම්කරු පංති විප්ලවය කිසි දිනෙක ඇති නොවන්නකි. පරිසරයට කිසිම සැලකිල්ලක් නොදක්වන පරිසරය විනාශ කරන බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ඒ සමග බැඳී ඇති ද්විකෝටික න්‍යායෙහි හිරවුණු දැනුමට, ඔවුන්ගේ ධනපති ආර්ථිකයට හා දේශපාලන පද්ධතීන්ට කිසිම වර්ධනයක් නැත. ඔවුන්ගේ කඩා වැටීමේ දී මුස්ලිම් සංස්කෘතියෙහි නො ඉවසන ගතිය ද බෞද්ධ සංස්කෘතියෙහි දාර්ශනික පදනම ද යම් කාර්යභාරයන් ඉටුකරනු ඇත. මෙරට බොහෝ පඬියන් නොදනිතත් බටහිර විද්‍යාවට සුළු වර්ධනයක් වුවත් ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙන් පිටත ය. බෝර් එසේ තම සංස්කෘතියෙන් පිටතට පැමිණ චීන යිං යැං සංස්කෘතිය මත පදනම් ව ක්වොන්ටම් භෞතිකයෙහි වර්ධනයක් කිරීමට උත්සාහයක් ගත්තෙකි.

මුස්ලිම් විරෝධතාවල ඇති ඇතැම් හිංසාකාරී ක්‍රියා අනුමත කළ හැකි නො වේ. එහෙත් ඔවුන් එතැනට තල්ලු කරනු ලැබූ සංසිද්ධි සම්බන්ධයෙන් විරෝධය පළ නොකර මුස්ලිමුන්ගේ ඇතැම් හිංසාකාරී ක්‍රියා පමණක් හෙළා දැකීම ද අනුමත කළ නො හැකි ය. මෙරට පඬියන් ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදයකට විරෝධ වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැක ගැනීමට ය. අද ලෝකයේත් ලංකාවේත් ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ය. එය පතුරවන්නේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය මගින් හා ජනමාධ්‍යය මගිනි. කලින් සඳහන් කෙරුණු දන්ත වෛද්‍ය මහාචාර්යවරයා විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට හේත්තුවන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ආරක්‍ෂා කරගනිමිනි. ඔහුට ඇති ජාතිකත්වයක් නැත. ඔහු වැන්නෝ කෙතරම් වංචනිකයන් ද යත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇති දැනුම ඩාවින්ගේ පරිණාමවාදයෙහි ද ඇත යනුවෙන් බොරු කියති. ඔවුන් ගැන සඳහන් කරන්නේ ව්‍යාජ පඬියන් ජාතික ව්‍යාපාරයට රිංගා ගැනීමේ අනතුර පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ය. ඒ කෙසේ වෙතත් අද මුස්ලිම් සංස්කෘතිය විසින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට දැඩි අභියෝගයක් එල්ල කෙරී ඇත. එය තාවකාලික ව යටගියත් යථා කාලයේ දී නැවතත් ඉදිරියට එනු ඇත. පරිසරය රැකීමට බැරි බටහිර යුදෙවු සංස්කෘතියට අනාගතයක් නැත. අද බෞද්ධයන්ට කළ හැක්කේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට සූදානම් වෙමින් තම සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.


Saturday 29 September 2012

Reason, Experience and Prathyaksha - nonpublished

Prof. Carlo Fonseka in his parting article claims that I do not understand multiple meanings of the word reason. “In his response to my claim, Prof. Nalin says:’What Prof. Fonseka tries to say is that evidence of senses of human beings is the deciding factor and not the soundness of human reasoning. However, he himself ends that paragraph with "therefore there is reason to accept the truth of the theory of relativity". (The Island, Sept 8) Thus Prof. Nalin is asserting that by using the word ‘reason’ in the preceding sentence, I am being inconsistent about my claim concerning the primacy of sensory experience as the test of truth. Anyone who knows the multiple meanings of the word ‘reason’ will grant that the word ‘reason’ in the phrase "therefore there is reason to accept the truth of the theory of relativity" refers to the evidence of the senses, and not to the exercise of pure reason.” However, this is what I had said in my article of 8th September. “What Prof. Fonseka tries to say is that evidence of senses of human beings is the deciding factor and not the soundness of human reasoning. However, he himself ends that particular paragraph with ‘therefore there is reason to accept the truth of the theory of relativity’. In any event the Theory of General Relativity has failed to explain what is called dark energy and some other phenomena I have mentioned in my previous articles. Further Prof. Fonseka could not resist the temptation to quote Russell: ‘Before tackling Einstein’s law, it is as well to convince ourselves, on logical grounds, that Newton’s law of gravitation cannot be quite right.’ Russell mentions two things here. Firstly that Newton’s Law of Gravitation cannot be quite right. Thus if somebody says that Einstein incorporated Newton’s gravitation theory then the latter has incorporated a theory that is not quite right. Secondly Russell talks of convincing of oneself that Newton’s theory cannot be quite right on logical grounds. Thus Prof. Fonseka is not consistent in his statements and supporting statements.” Prof. Fonseka conveniently ignores Russell’s remark on convincing oneself on logical grounds that Newton’s gravitation cannot be quite right, which he himself had quoted. Prof. Fonseka while ignoring Russell on convincing oneself that Newton’s gravitation cannot be quite right on logical grounds and not on so called empirical grounds had said that there was reason to accept the truth of theory of relativity.

The so called empirical evidence is nothing but a reason for Prof. Fonseka to accept the so called truth of relativity. It is not pure reason for the simple reason that there is nothing called pure reason in a Kantian sense or otherwise. Similarly there are no pure empirical grounds on which one comes to conclusions. All deductions starting from “if A=B and B=C, then A=C” are inductions and in that sense all so called reasoning is based on induction that cannot be called rational. Western Philosopher Hume did not believe causality purely on empirical evidence and in western philosophy problems of this sort cannot be solved. There are no sense perceptions without conceptions and Prof. Fonseka, how much he tries, cannot show that he believes in the theory of relativity because of evidence of pure sense experience. Firstly there is no pure sense experience as all perceptions are conception laden just as much so called facts are theory laden, and secondly causality in western thinking is based on induction. People believe in sense experience due to repeats and induction. Induction which has no rational basis as such ironically plays a big role in reasoning. It is hilarious to see so called empiricists rejecting sense experience on the grounds that appearance cannot be true and then testing deductions of theories that people have constructed, using their senses based on nothing but appearances. I have explained some of these in my latest book “Batahira Vidyava, Arsenic saha Deviyo” and Prof. Fonseka could gain something at least in his old age by reading the book.

Prof. Fonseka says “Prof. Nalin has unequivocally declared that by virtue of the culture into which he was born, his approach to life and the world is that of a Sinhala, Theravada Buddhist. In other words his credo is the religion of his birth”. I have never said anything equivalent of what Prof. Fonseka ascribes to me. This could have been the case if I had had my religion of my parents as my Philosophy from childhood, though religion is different from philosophy and culture. However, I had been a Marxist, Scientist though people may claim that I failed to grasp the relevant disciplines, before I became a Theravada Buddhist for the second time having gone through an education in western science and Marxism. There are many ways to create knowledge other than through rationalism and empiricism and I subscribe to “Prathyaksha”, which is not sense perception as such. However I know that I am spiritually not advanced, and as said in the second part of Kalama Sutta which Prof. Fonseka ignored for many decades I believe in the “Prathyaksha” of my Vinnus. However, though not approved by Theravada Buddhism I also construct knowledge (theories, concepts etc.,), until I am advanced spiritually through “Bhavana”, based on the Sinhala Buddhist Chinthanaya relative to Sinhala Buddhist culture. It was theorizing that way we were able to convince many people in this country that the LTTE could be defeated with a non wavering political leadership. Incidentally we constructed our basic theory that knowledge (not merely western science) is created relative a culture based on a Chinthanaya though some who have been trained in western science try their best to ascribe it to some westerners. All theories whether they are constructed based in the Sinhala Buddhist Chinthanaya or Greek Judaic Christian Chinthanaya are mere stories which appear to be consistent with other theories “facts” etc.
(12/09/27)

Copyright Prof. Nalin De Silva

Saturday 22 September 2012

සාධාරණීකරණය හා උද්ගමනය

අවකාශය පිළිබඳ ව ගණිතමය වශයෙන් පමණක් ඉගෙන ගැනීම හා භෞතික වශයෙන් ඉගෙන ගැනීම අතර ඉතා බලවත් වෙනස්කමක් වෙයි. බටහිර ගණිතයේ දී ජ්‍යාමිතිය ඉගෙන ගැනෙන්නේ හුදු රූපික පද්ධතියක් ලෙස ය. එහෙත් භෞතික වශයෙන් බටහිර භෞතික විද්‍යාවෙහි ද ජ්‍යාමිතිය අධ්‍යයනය කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ඊනියා භෞතික වස්තුවක් ලෙස ය. බටහිර භෞතික විද්‍යාඥයන් කුමක් කීවත් ඒ භෞතික වස්තු ද මිනිසුන්ගේ නිර්මාණ ය. ඒ ඊනියා වස්තු මිනිසුන් විසින් නිර්මාණය කෙරෙන්නේ මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපි පළමුව ගණිතමය ජ්‍යාමිතිය තරමක් විස්තර සහිත ව සාකච්ඡා කරමු. මේ විස්තරය කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ සුමේධ වීරවර්ධන මහතා විසින් සංස්කරණය කරන ලද දැක්ම සඟරාවට මා ලියූ ලිපියක කොටසක් ලෙස ද පළවිය. බටහිර ගණිතය මෙන් ම බටහිර භෞතික විද්‍යාව ද අවසාන වශයෙන් උද්ගමනය මත පදනම් වෙයි.

ග්‍රීකයෝ වියුක්ත හා ස්වසිද්ධික පද්ධතියක් වූ බටහිර ගණිතය, විශේෂයෙන් ම අද යුක්ලීඩීය ජ්‍යාමිතිය යැයි හැඳින්වෙන දැනුම් පද්ධතිය ඉතා ඈත කාලයක දී ම බිහිකළහ. ග්‍රීකයන්ට මෙවැනි දැනුමක් බිහිකිරීමට හේතුකාරක වූයේ ද අන් රටවලින් දැනුම් පද්ධති රාශියක් අවශෝෂණයකිරීමට යෑම වියහැකි ය. ග්‍රීකයෝ මධ්‍යධරණි මුහුද අවට පිහිටි රටවලින් පමණක් නොව භාරතයෙන් ද දැනුම එකතුකරගත්හ. මෙලෙස එකතුකරනු ලැබූ විවිධ දැනුම් එක් පද්ධතියකට ගොනුකිරීමේ දී ඒ ඒ දැනුම්වල තිබූ විවිධ සංයුක්ත සංස්කෘතික ලක්‍ෂණ පොදු සාම්‍යයක් බවට පත්කරගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වූවා නිසැක ය. එයට පිළිතුර වියුක්තකරණය ය. ආකිමිඩීස්, පෛතගරස් ආදී විද්වතුන් තම දැනුම් පද්ධති වියුක්ත පද්ධති ලෙස ගොඩනැගීමට උත්සාහ කෙළේ ඇයි දැයි අපට සිතාගත හැකි ය. මෙහි දී ඔවුන් යුදෙව් චින්තනයෙහි ආභාසය ලබාගන්නට ඇත. ග්‍රීක න්‍යාය, ජ්‍යාමිතිය හා ඒ ආශ්‍රිත දැනුම වියුක්ත වූ අතර අනෙක් ග්‍රීක දැනුම් සංයුක්ත විය.

ග්‍රීකයන්ට පෙර ජ්‍යාමිතිය පිළිබඳ දැනුමක් මිසරයේ, බැබිලෝනියාවේ හා භාරතයේ ද විය. අද පෛතගරස් ප්‍රමේයය ලෙස හැඳින්වෙන ප්‍රමේයයෙන් කියැවෙන ප්‍රතිඵලය එකී රටවල විද්වත්තු දැන සිටියහ. එහෙත් ඔවුන්ගේ දැනුම සංයුක්ත දැනුමක් විය. ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් පෛතගරස් ප්‍රමේයයේ ප්‍රතිඵලය ඔවුහු නොදැන සිටියහ. ඔවුන් දැනසිටියේ ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයෙහි එකී ප්‍රතිඵලය වලංගුවන බව ය. ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයකට වලංගුවන අන්දමේ සාධනයක් ඉදිරිපත්කිරීමේ හැකියාව ඔවුන්ට නො වීය.

මේ දැනුම් නිර්මාණය සඳහා අවශ්‍ය න්‍යාය (logic) ද ග්‍රීකයන් විසින් ම නිර්මාණය කෙරිණි. අද එය ඇරිස්ටෝටලීය න්‍යාය ලෙස හැඳින්වෙයි. එය එක් පැත්තකින් ඉන්ද්‍රිය ගෝචර දැනුම පමණක් මත පදනම්විය. එපමණට එහි සංයුක්ත බවක් වෙයි. එහෙත් එය වියුක්ත පද්ධති සඳහා ද යොදාගත හැකිවන අයුරින් නිර්මාණය කෙරිණි. ඇරිස්ටෝටලීය න්‍යාය ආරම්භයෙහි ම A=A යන්න වෙයි. (මෙයින් කියැවෙන්නේ A නම් වස්තුවක් පවතින බවත් එය වෙනස් නොවන බවත් ය. එය ආත්මය හා නිත්‍යතාව පදනම් කරමින් සූත්‍රගත කෙරී ඇත. අනාත්මය හා අනිත්‍යතාව සංකල්පීය වශයෙන් පදනම් වී ඇත්තේ චතුස්කෝටික න්‍යායෙහි ය.) මෙහි A යනු ඕනෑම පණ ඇති හෝ පණ නැති හෝ වස්තුවක් සඳහා යෙදෙන්නකි. එලෙස ගත්කල A යනු වියුක්තයක් වෙයි. එය ඕනෑම දෙයක් විය හැකි ය. එහි ස්වභාවය කුමක් දැයි අපට සිතින් මවාගත හැකි නො වෙයි. එහෙත් ඉන් නිරූපණය වනුයේ ඉන්ද්‍රිය ගෝචර වස්තුවක් පමණක් වෙයි. ඇරිස්ටෝටලීය න්‍යාය ඉන්ද්‍රිිය ගෝචර වස්තු සඳහා සහ ඉන්ද්‍රිය ගෝචර වස්තු වියුක්ත කිරීමෙන් ලබාගන්නා වියුක්ත වස්තු සඳහා යොදාගත හැකි වියුක්ත පද්ධතියක් වෙයි.

ඇරිස්ටෝටලීය න්‍යායෙන් වෙනත් උදාහරණ ගැනීමෙන් මෙය තවත් පැහැදිලි කරගත හැකි ය. එහි දී එක් ස්වසිද්ධියක් වශයෙන් A=B හා B=C නම් A=C ලෙස ගැනෙයි. මෙසේ ගැනෙන්නේ අප එදිනෙදා ලෝකයෙහි අත්දකින දෙයක් මිස අනෙකක් නො වෙයි. එක් කෝටු කැබෙල්ලකට දිගින් සමාන වූ වෙනත් කෝටු කැබලි දෙකක් එකිනෙකට ද සමාන බව අපි දනිමු. මෙය කෝටුකෑලි හා එහි දිගට පමණක් නොව වෙනත් වස්තුවල පරිමා, ස්කන්ධ ආදිය සඳහා ද වලංගු වෙයි. ඒ සියල්ල අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වෙයි. එහෙත් ඒ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඇරිස්ටෝටලීය න්‍යායෙහි දී වියුක්ත වී සාධාරණීකරණයකට (generalization) භාජනය වෙයි. කෝටු කැබලි තුනක් සම්බන්ධයෙන් ලැබෙන ඉහත කී අන්දමේ අත්දැකීමක් සාධාරණීකරණය වනුයේ වියුක්තකරණය ඔස්සේ ය.

මෙය උද්ගමනයේ (induction) ද මුල වෙයි. කපුටන් සියගණනක් කළු බව දැකීමෙන් පසුව අපි සියළු කපුටන් කළු යැයි කියමු. අප එසේ කියන්නේ කෙසේ ද? එවැනි සාධාරණීකරණයක් අපට යුක්තියුක්ත කළ හැකි ද? කපුටන් සම්බන්ධයෙන් එවැනි සාධාරණීකරණයක් යුක්තියුක්ත කළ නොහැකි ය. අපට කොයි මොහොතක හෝ ඊළඟට දකින කපුටා කළු නොවී සුදු හෝ වෙනත් පාටක එකකු විය හැකි ය. එහෙත් වියුක්ත පද්ධති සඳහා එවැනි බාධකයක් නැත. කපුටා යනු සංයුක්ත වස්තුවක් වෙයි. එහෙත් සරල රේඛා හා ත්‍රිකෝණ ආදිය වියුක්ත වස්තු වෙයි. සරල රේඛාවක් හෝ ත්‍රිකෝණයක් හෝ දුටු අයකු නැත. සරල රේඛාවකට දිගක් මිස පළලක් හෝ ඝනකමක් හෝ නැත. පළලක් හෝ ඝනකමක් හෝ නැති සරල රේඛාවක් සිතෙන් මවාගත නො හැකි ය. සරල රේඛා අර්ථදක්වා ඇත්තේ ම වියුක්ත වස්තු ලෙස ය. ත්‍රිකෝණ නිර්මාණය කෙරෙන්නේ සරල රේඛා මගින් බැවින් ත්‍රිකෝණ ද වියුක්ත වස්තු වෙයි. එබැවින් ඕනෑම ත්‍රිකෝණයක් යන්න අපට සියළු ත්‍රිකෝණවල නිරූපණයක් වෙයි.

ග්‍රීකයන් කෙළේ අප වැල්ලේ හෝ පොතක හෝ අඳින සංයුක්ත සරල රේඛා පළලක් හෝ ඝනකමක් හෝ නැති මනසින් හෝ නිර්මාණය කළ නො හැකි වියුක්ත වස්තු බවට පත්කිරීම ය. මෙය දැනුම පිළිබඳ කතාවේ වැදගත් සන්ධිස්ථානයක් විය. සංයුක්ත වස්තුවක් වියුක්ත වස්තුවක් බවට පත්කිරීමක් එහි දී සිදුවිය. සංයුක්ත වස්තු වියුක්ත වස්තු බවට පත්කිරීමේ දී සිදුවන්නේ වස්තුවෙහි අවශ්‍ය ම ගුණ පමණක් ඉතිරිකරගෙන අනෙක්වා නැතිකර දැමීම හෝ නොසලකා හැරීම ය. සරල රේඛාවකට අවශ්‍යවන්නේ දිග පමණක් බව පැහැදිලි ය. එබැවින් සරල රේඛා ගැන කතාකිරීමේ දී පළල හා ඝනකම නැතැයි ගත හැකි ය. සරල රේඛාවලට ඇති මේ පොදු ගුණය පමණක් සලකා ස්වසිද්ධි හා ඇරිස්ටෝටලීය න්‍යාය හා තර්කනය ආධාර කරගනිමින් සරල රේඛා ජ්‍යාමිතියක් එකෙන් එක පියවරෙන් පියවර ගොඩනැගිය හැකි ය. මෙහි දී විශේෂයෙන් අවධාරණය කළයුතු වනුයේ ඇරිස්ටෝටලීය න්‍යාය ද වියුක්්තකරණයක ප්‍රතිඵලයක් බව ය.

වියුක්ත ගණිතයෙන් වියුක්ත භෞතික විද්‍යාවකට යෑම ඊළඟ පියවර වුව ද, එය සාර්ථකව ඉදිරියට ගෙන යෑමට ග්‍රීකයන්ට නොහැකි විය. මෙහි දී අපේ සිහියට නැගෙන ප්‍රධානම පුද්ගලයා වනුයේ ආකිමිඩීස් විද්වතා ය. ඔහු ඉතාමත් ම ඉහළ ගණයේ බුද්ධිමතෙක් විය. සුප්‍රසිද්ධ ආකිමිඩීස් මූලධර්මයෙන් ඔහු නිශ්චල ද්‍රවයක ගිලෙන, ඉපිලෙන, පාවෙන ඝනවස්තු සඳහා යම් ප්‍රතිඵලයක් ඉදිරිපත් කෙළේ ය. මේ ප්‍රතිඵලය යම් යම් ඝනවස්තු සඳහා නොව ඕනැම ඝනවස්තුවක් සඳහා වලංගු විය. මෙහි දී ආකිමිසීස් විද්වතා කෙළේ කුමක් ද?

ඔහු තම සිරුර මත ජලය දැක්වූ ප්‍රතිචාරයක් ගිලෙන නොගිලෙන සියළු ඝනවස්තු කෙරෙහි ද්‍රවයක් දක්වන සාධාරණ ප්‍රතිචාරයක් බවට පත් කෙළේ ය. එහි දී ඔහු වස්තුවක හැඩය, පැහැය ආදිය සලකා නො බැලුවේ ය. ඔහුට අවශ්‍ය වූ ප්‍රධාන ම ගුණය වූයේ ඝන වස්තුවේ ද්‍රවයේ ගිලෙන කොටසේ පරිමාව ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඝන වස්තුවෙන් විස්ථාපනය වන ද්‍රවයේ පරිමාව ය. ආකිමිඩීස් විද්වතාට වස්තුවක් යන්න හැඩයෙන් හා පැහැයෙන් වියුක්ත වූවක් විය. එමෙන් ම ඔහු සියළු ඝන වස්තු සඳහා තම මූල ධර්මය වලංගු වන්නේ දැයි පරීක්‍ෂා නො කෙළේ ය. ඝන වස්තු කිහිපයක් සඳහා පමණක් ඔහු පරීක්‍ෂණ කරන්නට ඇත. ඇතැම්විට ඔහු තම සිරුර සම්බන්ධයෙන් වූ අත්දැකීම මත පමණක් පිහිටන්නට ඇත. ඒ කෙසේ වෙතත් සියළු ඝන වස්තු සඳහා තම මූල ධර්මය වලංගුවන බව තේරුම්ගැනීමට තරම් ප්‍රතිවේධනයක් (insight) ඔහු සතු විය. අප බොහෝ දෙනාට නැත්තේ මේ ප්‍රතිවේධනය ය.

බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාව (Classical Physics) බටහිර ගණිතයෙන් වෙනස් වන්නේ එහි නිරීක්‍ෂණයට ගැනෙන වස්තු වියුක්ත නොවීම ඔස්සේ ය. භෞතික වස්තුවක් අපට ඉන්ද්‍රිය ගෝචර වෙයි. බටහිර ගණිතයෙහි වස්තු අර්ථදැක්වීමෙන් ම වියුක්ත වෙයි. බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර වස්තුන්ගෙන් යම් ආකාරයක වියුක්ත වස්තු නිර්මාණය කෙරෙයි. එවැනි වස්තු සියල්ලට ම වලංගුවන නියම සූත්‍රගත කිරීමට බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි දී උත්සාහ කෙරෙයි.

එහෙත් ග්‍රීකයන්ට මේ කටයුත්ත සාර්ථකව කරගෙන යෑමට නොහැකි විය. ඔවුන්ට වියුක්ත පද්ධතියක් ලෙස ඉදිරිපත්කිරීමට හැකිවූයේ ජ්‍යාමිතිය ය. අනෙක් බොහෝ කරුණුවල දී ඔවුන්ට සංයුක්ත දැනුමකින් සෑහීමකට පත්වීමට සිදු විය. ජ්‍යාමිතියෙන් ඔබ්බට ගොස් වෙනත් වියුක්ත ගණිත දැනුමක් පවා ඔවුන් අතින් සාර්ථකව නිර්මාණය නො විණි. එක්තරා ආකාරයකින් ගතහොත් ජ්‍යාමිතිය භෞතික පද්ධතියක් වෙයි. එහි දී වියුක්ත කෙරී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර සිහින් දිග කෝටු, සිහින් රවුම් කෝටු ආදී භෞතික වස්තු ය. පසුකලෙක අයින්ස්ටයින් විද්වතා තම සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Theory of Relativity) මගින් බටහිර ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාව හා නැවතත් සම්බන්ධ කෙළේ ය.

වියුක්තය ගැන දැන සිටි ග්‍රීකයන්් උද්ගමනය නොදැන සිටියා නො වෙයි. උද්ගමනය යනු අත්දැකීම් කිහිපයක් මත පමණක් පදනම් වෙමින් යම් ප්‍රපංචයක් සාධාරණීකරණය කිරීම ය. ඇරිස්ටෝටලීය න්‍යාය අපට මෙහි දී නැවතත් සිහිපත් වෙයි. කලින් සඳහන්කළ කරුණුවලට අමතරව සංවාක්‍ය (syllogism) සලකා බලමු. ඉතා සුප්‍රසිද්ධ සංවාක්‍යයට අනුව සියළු මිනිස්සූ මැරෙති, සොක්‍රටීස් මිනිසෙකි, එබැවින් සොක්‍රටීස් ද මියයයි. මේ සංවාක්‍යය ගැන කිවයුතු කරුණු කිහිපයක් වෙයි. එහි කියැවෙන සියළු මිනිසුන් මැරෙන බව දැනගැනීමට නම් සොක්‍රටීස් ද මැරෙන බව දැනගත යුතු ය. එබැවින් සොක්‍රටීස් ද මැරෙන්නේ ය යන නිගමනය සියළු මිනිස්සු මැරෙති යන්නෙහි ම වෙයි. එසේ නම් මෙහි නිගමනය කිරීමට දෙයක් නො තිබුණි.

එය එසේ නමුත් මේ සංවාක්‍යය අපට තවත් පැත්තකින් ද බැලිය හැකි ය. දැන් ඒ වැදගත් වන්නේ එහි නිගමනයකට වඩා උද්ගමනයක් ඇති බැවින් ය. සියළු මිනිසුන් මැරෙන බව අප දැනගන්නේ නිරීක්‍ෂණයෙන් නොව උද්ගමනයෙන් ය. අප දන්නා මිනිසුන් රාශියක් ද ලොවෙහි අපට කලින් වාසයකළ සියළු දෙනා ද මියගොස් ඇති බැවින් මිය යෑම පොදු ධර්මතාවක් ලෙස ගැනෙයි. මිනිසුන් රාශියක් ගැන දැනගැනීමෙන් වුව ද සියළු මිනිස්සු මැරෙති යන තීරණයට අප එළඹෙන්නේ උද්ගමනයෙන් ය. එලෙස තීරණයකට පැමිණීමෙන් පසුව සොක්‍රටීස් ද මිනිසකු බැවින් ඔහු ද මියයන්නේ ය යන නිගමනයට එළඹිය හැකි ය. මෙයින් පෙනී යන්නේ සියළු මිනිසුන් ආදී වශයෙන් පරිමිත නොවන අවයව සංඛ්‍යාවක් සහිත කුලක පිළිබඳ වූ සංවාක්‍යයෙහි නිගමනය මෙන් ම උද්ගමනය ද අන්තර්ගත බව ය. අදාළ කුලකයෙහි අවයව සංඛ්‍යාව පරිමිත නම් ඇතැම්විට එවැනි උද්ගමනයක් අවශ්‍ය නොවනු ඇත. එයට හේතුව යම් ගුණයක් පරිමිත කුලකයක අවයව සම්බන්ධයෙන් ගත්කල ඒ සෑම අවයවයක් සඳහාම වලංගුවන්නේ දැයි ඇතැම් විට දැනගැනීමට ඇති හැකියාව ය. එහෙත් එවැනි අවස්ථාවක දී නිගමනයෙහි වැදගත්කමක් නැතිවෙයි. එයට හේතුව ඒ නිගමනය ලබාගන්නා වූ අවයවය සඳහා ද අදාළ ගුණය වලංගු බව නිරීක්‍ෂණයෙන් ම දැනගෙන සිටීම ය.


ජාතිවාදය, ජාතිවාදී පක්‍ෂ හා මැතිවරණය

පසුගිය දා පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙනු ලැබූ පණිවුඩ කිහිපයකි. උතුරු මැද හා සබරගමු පළාත් සභාවල ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයට සිංහලයන්ගේ ඡන්දවලින් 60%ට වඩා ලැබී ඇත. එය ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්දවලට වඩා යම් ප්‍රමාණයක් අඩු ය. එයට හේතුව ප්‍රාදේශීය නායකයන්ගේ දුර්වලකම් හා ආණ්ඩුවේ දූෂණ හා නාස්තිය ය. එහෙත් තවමත් ජනතාව මහින්ද රාජප’’ක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා සිටින බව පැහැදිලි ය. ඒ මහතා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ද වඩා මහජනයාට හා ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සමීප ය. චන්ද්‍රිකා හා විජය තම දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධී පවිටු අරමුණු සඳහා ශ්‍රී ල නි පක්‍ෂය ගසාකෑවා මිස ඔවුන්ගෙන් පක්‍ෂයට හෝ රටට හෝ වැඩක් නො සිදුවිය. පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ඉගෙනගත යුතු පාඩම නම් දූෂණය හා නාස්තිය නැතිකිරීමට වහා ක්‍රියා කළයුතු බව ය. එ ජා පක්‍ෂය ජාතිකත්වය කරා යොමු නොවුණහොත් ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණ කිරීමට නො හැකි ය. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො වේ. එය පක්‍ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

නැගෙනහිර පළාතේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට මෙන් ම මුස්ලිම් කොංග්‍රසයට ද තිබුණේ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිපත්තිය පමණකි. ඊනියා උගතුන්ට දෙමළ හා මුස්ලිම් ජාතිවාද නොපෙනෙයි. එහෙත් ඉහත සඳහන් පක්‍ෂ දෙකට ඇත්තේ ජාතිවාදය පමණකි. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී තරම් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදාගත් මැතිවරණයක් චෙල්වනායගම්ගෙන් පසුව තිබී නැත. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනතාව ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදයෙන් ඉවත්වීම අරඹා ඇත. මෙවර දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් යම් ප්‍රමාණයක් සංධානයට ඡන්දය දී ඇති බව පැහැදිලි ය. මෙරට සිටින සියළු ජනකොටස්වල ඡන්දය දිනාගත හැක්කේ සංධානයට හා එ ජා පක්‍ෂයට පමණකි. ඒ
පක්‍ෂ පමණක් රට පුරාම විහි දී ඇත. ඊනියා වාමාංශික යැයි කියාගන්නා පක්‍ෂවලට ජන පදනමක් නැත. ජ වි පෙට ඇත්තේ 3%ක ජන පදනමකි. එය ඉදිරියේ දී තවත් අඩුවනු ඇත. අද ජ වි පෙ ඇතුළු සියළු වාමාංශික පක්‍ෂ හා ඊනියා ලිබරල් මතධාරීහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ශ්‍රී ල නි පක්‍ෂය බටහිරයන්ගේ නියෝජිතයකු නොවන නමුදු ඔවුන්ට ද තවමත් ජාතික වූ ආර්ථික ප්‍රතිපත්තියක් නැත. ශ්‍රී ල නි ප වහාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යොමු විය යුතු ය. එහෙත් ඔවුන්ගේ නිදහසට කිවයුත්තේ අපට ද තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසාගත හැකි වී නැති බව ය. එයට තවමත් හරහට ඇත්තේ ජනතාව බටහිර ක්‍රමයේ ඊනියා සංවර්ධනයක් හා ජීවන රටාවක් බලාපොරොත්තු වීම ය. ජාතික ආර්ථිකයක හා ජීවන ක්‍රමයක කෘෂි රසායනික පොහොර හා බටහිර විද්‍යාව තිබිය හැකි නො වේ. එහෙත් තවමත් මෙරට ඊනියා උගත්තු අග්ගඤ්ඤ සූත්‍රය වෙනුවට ඩාවින්ගේ පර්ණාමවාදය හා මහා පිපිරුම විශ්වාස කරති. ඇතැම් ජාතික චින්තකයෝ ද පුනබ්භවය විශ්වාස නොකරති.

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නියඟය හා වර්ජන මධ්‍යයේ ය. ඉසෙඩ් ලකුණු විභාග හා ඊනියා අධ්‍යාපන අරබුදයක් ගැන කියන ලද ආණ්ඩු විරෝධී කතා මධ්‍යයේ ය. තමන් මහා විශාරදයන් යැයි සිතාගෙන සිටින සරසවි ඇදුරන්ගේ උද්ඝොෂණ හා රැළි මධ්‍යයෙහි ය. එහෙත් මේ එකකින්වත් ජනතා මතය වෙනස් කිරීමට නොහැකි වී ඇත. බහුතර ජනතාවට උපාධි නැතිකම නිසාදෝ ඔවුන්ට පුස්සන් හඳුනාගැනීමේ හැකියාව ඇත. සරසවි ඇදුරන් පළාත් සභාමැතිවරණයේ දී තම ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සහභාගි නොවූයේ තම තරම තේරුම් ගෙන ඇති නිසා දැයි නො දනිමි. පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු සරසවි ඇදුරෝ ඊරියගොල්ල මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව මැතිවරණ ව්‍යාපාරවල නිරත වූහ. වත්මන් සරසවි ඇදුරන් ඊනියා 6% වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණි නම් ඔවුන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලි ය. මෙරට සරසවිවලට ඇති අධිපතිවාදී බලය නොවන්නට හා විකල්ප අධ්‍යාපන ආයතන නොමැතිවීම නොවන්නට දෙමව්පියන් තම දරුවන් සරසවිවලට නොඑවනු ඇත. සරසවි ඇදුරන්ගේ තරම තවමත් මෙරට ජනතාව හඳුනාාගෙන නැත. ඔවුහු නිර්මාණශීලී නො වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් පුරසාරම් කීවත් විශ්වවි්‍යාලවලට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි වතාවෙහි ය. ආචාර්ය උපාධි නොමැත්තෝ එමට සිටිති. තමන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු යැයි කරුණු ඉදිරිපත් කරන මහාචාර්යවරයා මෙන් ම ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු ද දෙවැනි පන්තියේ ඉහළ ශ්‍රේණීයේ උපාධිවත් නැති ආචාර්යවරුන් ගැන දනිති. ජනතාව සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බව පැහැදිලි ය. සම්මේලනය ඒ බව ඉක්මණින් වටහාගත යුතු ය .

ශ්‍රී ල නි ප සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර තහවුරු වී ඇත. තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවුවත් ආණ්ඩුවේ චන්ද්‍රිකාවාදීන් විශාල පිරිසක් සිටියත් ශ්‍රි ල නි ප නායකත්වයට යම් ජාතිකත්වයක් ඇත. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ආණ්ඩුව, විශේෂයෙන් ම ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේ ය. අදත් ඒ බලපෑම් ඇත. විශේෂයෙන් ම පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම සම්බන්ධයෙන් ඒ බලපෑම් ඇත. උතුරු මැද හා සබරගමුව පළාත්වල පමණක් නොව නැගෙනහිර පළාතේ ද සංධානය ජයග්‍රහණය කළේ මේ බලපෑම් මැද ය. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඉතා පහත් මට්ටමින් පිළිවෙළින් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදා ගනිද්දීත් සංධානය නැගෙනහිර පළාත් සභාව ද ජයග්‍රහණ්‍ර කළේ ය. එය සියළු විරෝධතා මැද ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය. ශ්‍රී ල නිප ඇතැම් නායකයන්ගේ වැරදි තීන්දු නොවන්නට සංධානයට ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කය ද ජයග්‍රහණය කරන්නට තිබිණි. පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය ජාතිවාදී නායකයන්ට මිස සාමාන්‍ය මුස්ලිම් හා දෙමළ ජනයාට නො චේ. ආණ්ඩුවේ වාමාංශික ඇමති ත්‍රිත්වයට හා චන්ද්‍රිකාගේ ඇමතිවරුන්ට ඒ පණිවුඩය නැගෙනහිර පළාතේ ජනයාගෙන් ලැබී ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට බටහිරයන්ගේ මෙන් ම ඇතැම් ඇමතිවරුන්ගේ ද බලපෑම්වලට එරෙහිව නැගී සිටීමේ ශක්තිය ඇත. ඒ බලපෑම් හමුවෙහි ජනතාවගෙන් අතිමහත් බහුතරය ඒ මහතා සමග සිටින බව පළාත් සභා මැතිවරණයෙන් කියැවෙයි.

බ්ලේක්ලා ද නවනීදම්පිල්ලෙලා ද මනමෝහන්සිංලාද කරුණානිධිලා ද ආණ්ඩුව හා ජනතාවගෙන් බහුතරය අතර ඇති සම්බන්ධය තේරුම් ගත්තත් නැතත් දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඒ බව තේරුම් ගත යුතු ය. මෙරට ජාතිවාදය ඇත්තේ ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන් අතර ය. සාමාන්‍ය දෙමළ ජනතාව ජාතිවාදය දෙසට තල්ලු කරන්නට උත්සාහ ගත්තේ චෙල්වනායගම් ය. එහෙත් පොන්නම්බලම් රාමනාදන්ගේ කාලයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. මුස්ලිම් ජනයා ජාතිවාදයට යොමු කළේ අෂ්රොෆ් ය. ඔවුහු බලයට පැමිණීමට හා රට බෙදීම සඳහා ජාතිවාදය යොදාගත්හ. සිංහලයෝ ජාතිවාදී නොවූහ. කතෝලික පෘතුගීසීන්ගෙන් මුස්ලිම් ජනයා ආරක්‍ෂාකර ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ හා කන්ද උඩරට පදිංචි කළෝ සිංහල බෞද්ධ රජවරු ය. පසුව කතෝලිකයන් ලන්දේසි රෙපරමාදුවරුන්ගෙන ආරක්‍ෂාකර උඩරට පෙදෙස්වල පදිංචි කළෝත් සිංහල බෞද්ධ රජවරු ය. 1506 සිට ම යුරෝපීය ආක්‍රමණවලට විරුද්ධව සටන්කළෝ සිංහලයෝ ය. සංකිලි පමණක් පෘතුගීසීන්ට එරෙහිව සටන් ලර ඇත. එහෙත් ඔහු කතෝලිකයන්ට ද බෞද්ධයන්ට ද අමානුෂික වධහිංසා පැමින වූ කෘර පුද්ගලයෙක් විය.

ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සිංහලයන් පමණකි. 1817-18, 1848 නිදහස් සටන් පමණක් නොව ඉන්පසුව ඇති වූ පංචමහා වාද, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ද සිංහල භාෂා ව්‍යාපාරය ද ඉංගිරිසින්ට එරෙහිව කරන ලද සටන් විය. ඒවා නිදහස් සටන් ලෙස නොපෙනේනේ පෙත්සම් මගින් තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වා එමගින් ඉංගිරිසි රජු යටතේ සීමිත බලතල ඉල්ලූ පිරිසක් නිදහස් සටන මෙහෙයවූවන් ලෙස දකින්නන්ට පමණ ය. ඔවුන්ට එසේ දැකීමට පුරුදු කර ඇත්තේ ඉංගිරිසින් ම වීම මෙහි විශේෂත්වය ය. සිංහලයන් අදත් සටන් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ය. විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට එක්වීමට උත්සාහ කරන දන්ත චෛද්‍ය මහාචාර්යවරයකුට නොතේරුණ ද අපි බටහිර නූතනත්වයට මෙන් ඊනියා පශ්චාත්නූතනවාදයට ද එරෙහි වෙමු. අප ආභාසය ලබන්නේ තිථි නැතිව උප්පාද භංගය ගැන කියන ථෙරවාදයෙන් මිස පශ්චාත්නූතනවාදයකින් නො වේ. මේ පුහු මහාචාර්යවරුන් ගැන එතරම් තැකීමක් කිරීමට ද අනවශ්‍ය ය. එහෙත් අප ඔවුන් ගැන ද කතාකරන්නේ ජනතාවට අපේ ස්”ථාවරය පැහැදිලි කිරීම අවශ්‍ය බැවින් ය.

අද මෙරට ඇති සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන ඊනියා උගත්තු බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරමින් කියති. මෙරට ලිබරල් හා මාක්ස්වාදී මත දරන්නන් දන්නේ බටහිර දැනුමට හූමිටි තබමින් ඒ නැවත ප්‍රචාරය කිරීමට ය. පට්ටපල් බොරුවක් වූ බටහිර දැනුම වෙනුවට අපි ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. මෙරට ඇත්තේ සිංහල බෞද්ධ අධිපතිවාදයක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයකි. දෙමළ ජාතිවාදය ද බටහිරයන් විසින් ඇතිකරනු ලැබ පෝෂණය කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. නැතිනම් අඩුම තරමෙන් දුර්වල කිරීමට ය. අපි දෙමළ ජාතිවාදයටව ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයට ද එරෙහිව සටන් කරමු. සරසවි ඇදුරන්ගේ සටන ද ඊනියා අධ්‍යයනික වසන්තයක් මගින් අරාබි වසන්තයක් ඇතිකිරීම සඳහා ය. ඔවුන් මෙහෙයවනු ලබන්නේ එ ජා ප හා ජ වි පෙ මගිනි. බටහිර නූතනත්වවාදී, පශ්චාත්නූතනවාදී හා පශ්චාත්මාක්ස්වදී අදහස්වලින් මෙහෙයවෙන සරසවි ඇදුරන් වැටුප් වැඩිකිරීම නමැති කැරට් අලය පෙන්වා බොරු 6%ක් ගැන කතාකරමින් වර්ජ’’නවලට මෙහෙයවීම අසීරු කරුණක් නොවන්නේ ඔවුන් උගතුන් විය හැකි නමුදු බුද්ධිමතුන් නොවන බැවිනි. ශ්‍රි ල නි ප එදා ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය දිනාගැනීමට සමත්විය. දෙමළ ජාතිවාදය පසුපස යමින් අෂ්රොෆ් මුස්ලිම් ජාතිවාදයක් ඇති නොකරන්නට ශ්‍රි ල නිප මේ වන විට මුස්ලිම් ජනයා අතරය ම් ප්‍රමාණයකට තහවුරු වීමට තිබිණි. අද සංධානයට දෙමළ ජනයාගේ ද ඡන්දය ලැබෙයි. ඒ සියළු සිංහල විරෝධීන් පළාත්සභාවලට තව තවත් බලය ඉල්ලද්දී ය. පළාත්සභාවලට තවත් බලය අවශ්‍ය නොවන බව නැගෙනහිර පළාතේ ජනතාව ද කියා ඇත. අද කළ යුත්තේ හැකිනම් පළාත්සභා අහෝසි කිරීම ය. අද අවශ්‍ය දේශපාලනඥයන්ට නොව ජනතාවට තම එදිනෙදා කටයුතු කරගත හැකි ආකාරයට පරිපාලන බලතල බෙදාහැරීම ය. එය බටහිර ක්‍රමයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ගම්සභාවලින් නොව වරිග සභා ආකෘතියේ සභාවලින් කරගත යුතු ය.

On culture dependence of knowledge

Prof. N. A. de S. Amaratunga in his note published in the opinion page on the 13th of September 2012, claims that those “who say science is nothing but just another narrative are echoing the ideas of philosophers with a postmodernist bent such as Thomas Kuhn (1922-1996), Paul Feyerabend (1924-1994)  and Michael Polyani.” I am responding to Prof. de S. Amaratunga, as one who is of the opinion that western science is another story constructed by westerners based on their Greek Judaic Christian Chinthnaya relative to Judaic Christrain culture. However, I say that I am not echoing the ideas of Kuhn, Feyerabend or any other westerner.  Kuhn or Feyerabend is not considered as postmodernists and they have not said that western science is created relative to any culture. Kuhn is famous for his incommensurability  of  scientific theories and paradigm shifts, while Feyarabend wrote mainly on non existence of a scientific method. It is true that I was influenced to a certain extent by Feyarabend on non existence of a scientific method after reading his “Against Method” but I was more influenced by Ven. Katukurunde Nanananda Thero’s  “Concept and Reality”. Though I may have been influenced by some western sociologists of knowledge who have said that knowledge is a social construction without mentioning a culture in their stories I am more influenced by Avijja paccaya Sankara of Paticca Samuppada. I must also say that I do not believe in existence of objects as such as I am a Theravada Buddhist who does not believe in Thithi. I  am not a Sauththranthika Buddhist and I do not subscribe to Uppada Ththithi Bhanga.


 Prof.de S. Amaratunga says “Kuhn and Feyerabend vehemently criticize science and its methods. But, one could ask the question how they came to the conclusion that science was another narrative and that it was based on culture” . I am afraid the learned Professor has not got his facts correct as Kuhn did not vehemently criticize science and its methods. He only said that the ordinary scientists are not interested in falsifying science as such and that they only do what could be called as ordinary science applying existing theories to solve problems within existing paradigms. What he said was that there are times when scientific revolutions take place which are often associated with paradigm shifts. On the other hand Feyarabend did not have to criticize scientific method as he did not believe that there is a scientific method. In any event they never said science was another narrative based on culture. It was I who said all knowledge whether western science or anything else is created by human beings based on a chinthanaya relative to a culture. I am not after any credit for saying this first and I would be grateful if anybody gives me the reference to a statement that creation of knowledge is due to avidya of anatta, dukka, anatma, and that it is created relative to the sense organs, the mind and the culture based on a chinthanya.    


 I have been influenced by Thervada Buddhism and Ven. Nanananda Thero in coming to this conclusion and it is true that I have closely examined certain works of the western scientists, western sociologists and western philosophers as well. However I have not used any so called scientific method and if reading books is the scientific method then it had been there long before Galileo and others who came after him.


 Western science is nothing but the stories on Genesis Exodus and others found in the Bible said in a different language and though there is no creator as such in western science there is creation. I as a Sinhala Buddhist believe in Agganna Sutta and the evolution of universe and life stated there and not in Big Bang and Darwinian evolution. These two stories are culture dependent and based on two different Chinthanayas and Prof. de S. Amaratunga or anybody else  cannot believe in both.

Copyright Prof. Nalin De Silva

ජයලලිතාගේ ඉලක්කය

ජයලලිතා තරුණ කල සිනමා නිළියක වූවා ය. එහෙත් අද ඇය චිත්‍රපටිවල රඟපෑමක් නො කරයි. කෙසේ වුව ද ගැහැණු පිරිමි භේදයකින් තොරව දේශපාලනඥයෝ ද නළු නිළියෝ වෙති. නළු නිළියන්ට දේශපාලනඥයන් වීම හෝ දේශපාලනඥයන්ට නළු නිළියන් වීම හෝ ප්‍රශ්නයක් නො වේ. ඒ කෙසේ වුවත් අද ජයලලිතා කරන්නේ කුමක් ද යන්න වැදගත් ප්‍රශ්නයක් වෙයි. ජයලලිතා යනු ඉන්දියාවේ අගමැතිනිය නො වේ. ඇය සෝනියා ගාන්ධි ද නො වේ. ඇය තමිල්නාඩුවේ මහ ඇමතිනිය පමණක් වෙයි. එහෙත් ඇය එයින් සෑහීමකට පත්වීමට අකමැති බව පැහැදිලි ය. ඇයගේ කැමැත්ත තමිල්නාඩුවේ අගමැතිනිය වීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඇයට තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. ඒ අතින් ඇය කරුණානිධිගෙන් වෙනස් වෙයි. කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදීන්ට ආධාර කළමුත්, කරනමුත් ඔහුට තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය නො වේ. තමිල්නාඩුවට ඉන්දියාවෙන් වෙන්වීමට නොහැකි බව කරුණානිධි දනියි. එහෙත් ජයලලිතාගේ සිහිනවලට සීමාවක් නැත.

පසුගිය දා ඉන්දියාවේ සිදුවූයේ ලංකාවට විරුද්ධ දේටත් වඩා ඉන්දියාවට විරුද්ධ දේ ය. එහි දී ඒ සියල්ල කෙරුණේ ජයලලිතාගේ අවශ්‍යතාවට ය. ඇය අපේ හමුදාවේ දෙදෙනකුට හමුදා පුහුණුව නොදී ආපසු යැවිය යුතු යැයි ප්‍රකාශයක් කළා ය. එහෙත් ඉන්දියාවේ පුවත්පත්වලට අනුව එය අපේ හමුදාවේ දෙදෙනකුට දුන් පුහුණුවක් නො වේ. වෙනත් රටවලින් ද ඉන්දියාවට ගොස් සිටි ඒ ඒ රටවල හමුදා සෙබළුන් සමග ලංකාවෙන් ගිය අය ද පුහුණුවකට සහභාගි වී ඇත. ඉන්දියාවේ පුවත්පත් පැවසූ ආකාරයට ලංකාවේ හමුදාවෙන් එහි ගිය අයට තුවක්කු පාවිච්චි කරන්නේ කෙසේ දැයි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉන්දියාවට නො වී ය. එහෙත් ජයලලිතා එය තම ඉලක්කය කරා යෑමට යොදා ගත්තා ය. ලංකාවේ ද ඉන්දියාවේ ද වෙනත් බොහෝ ආසියාතික රටවල ද විපක්‍ෂ දේශපාලනඥයන් ක්‍රියාකරන්නේ එකම ආකාරයට ය. ඔවුහු ඉතා නග්නව බලයට පත්වීමට උත්සාහ කරති. ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වුව ද ඇයගේ ඉලක්කය අනුව හා ඉන්දියාව සමස්තයක් ලෙස ගත්කල විපක්‍ෂ දේශපාලනඥියකි. බටහිර රටවල විපක්‍ෂ දේශපාලනඥයන් හා හිතවතුන් ක්‍රියාකරන්නේ සියුම්ව ය. එහෙත් අපේ රටවල එසේ නො වේ. පසුගිය දා ගුරු සේවයේ කිසිම වගකීමක් නැති වෘත්තීය සමිතියක් පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය අවලංගු කිරීමට උද්ඝෝෂණය කළේ ප්‍රශ්න පත්‍රයක් පිට වී ඇතැයි කියමිනි. එය හුදෙක් ආණ්ඩුවට පහර දීමක් විය. ප්‍රශ්න පත්‍ර පිටවීම බොරු්වක් බව පැහැදිලි ය. ඉසෙඩ් ලකුණු අවුල ඇති කළේ ද ගුරු සංගමයක් හා තටිල් මහතා ය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව තටිල් ක්‍රමයට පටහැණි ය. එහෙත් ඒ බව කීමට එදා කෑ ගැසූ කිසවෙක් ඉදිරිපත් නො වෙති. විපක්‍ෂය හා විපක්‍ෂයට හිතවත් සංවිධාන ක්‍රියා කරන්නේ එසේ ය. සරසවි ඇදුරන්ගේ ඊනියා 6% ද ව්‍යාජයක් පමණ ය. එය කාගේ යෝජනාවක් ලෙස පසුගිය වසරේ දී වෘත්තීය සමිති අරගලය අරඹා කලක් ගතවීමෙන් පසුව ඉල්ලීම්වලට එක්වුණ ද අද ඒ වටා ආණ්ඩු විරෝධීන් එකතු කිරීමට ජ වි පෙ හා එ ජා ප උත්සාහ දරයි. වකුගඩු රෝගය ද අද දේශපාලන පක්‍ෂ විසින් දේශපාලන අරමුණු සඳහා යොදාගනු දැකිය හැකි ය. අප මනුෂ්‍ය නොවන බලවේග මගින් රෝගයට හේතුව ආසනික් බව කියද්දී මේ කොයි කවුරුත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක හිර වී අපට සිනහසුනහ. අප ඒ ප්‍රශ්නය ඉදිරිපත්කර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන තෙක් මේ අය සිටියේ කොහේ ද? අද ද ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් රෝගයට ප්‍රතිකාරයක් දිය හැකි නො වේ. ’

ජයලලිතා තමිල්නාඩුවට ගොස් සිටි පාපන්දු කණ්ඩායමක් ආපසු ලංකාවට එවුවා ය. ජාතික හෝ වෙනත් ආකාරයකින් හෝ විශාල වැදගත් කමක් ඇති කණ්ඩායමක් නොවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිසකට වැදගත් කමක් දීමට ජයලලිතාට එමගින් හැකිවිය. ඉන්දීය පුවත්පත්වලට අනුව ජයලලිතාගේ ක්‍රියාව නොවන්නට ඒ කණ්ඩායම ඉන්දියාවට පැමිණි බවවත් ඉතා වැඩි පිරිසක් නොදැන සිටීමට ඉඩ තිබිණි. ඉන්පසු යාඥා කිරීම සඳහා ලාංකික කිතුණු බැතිමතුන් පිරිසක් තමිල්නාඩුවේ වේලන්කන්නි පල්ලියට ගිය අවස්ථාවේ කොටි හිතවාදීන් යැයි කියාගන්නවුන් පිරිසක් ඔවුන්ට හිරිහැර කර තිබිණි. ලාංකික කතෝලික බැතිමතුන්ට තාන්ජාවුර්හි පූණ්ඩිමාතා පල්ලියට ගිය අවස්ථාවේ දී ද ඊනියා කොටි හිතවාදීන්ගේ තර්ජනවලට මුහුන පෑමට සිදු වී ඇත. යාඥාකරුවන් ත්‍රිචි ගුවන් තොටුපළට විශේෂ බස්රියවලින් ගමන් ගනිද්දී ද බස්වලට පහර දී ඇත. ඉන්දීය පුවත්පත්වලට අනුව යම් සන්දර්ශනයකට සහභාගි වීමට තමිල්නාඩුවේ පාසලකට ගිය ලාංකික කතෝලික ශිෂ්‍ය කණ්ඩායමකට එයට සහභාගි වීම තහනම් කෙරී ඇත. මේ එකක්වත් ජයලලිතා නොදැනුවත් ව සිදු වූ දේ නො වේ. එහෙත් ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටියේ යැයි කීමට නො හැකි ය. කෙසේ වුවත් ඉන්දීය රජය තමිල්නාඩුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් නො ගැනීම නම් විවේචනය කළ යුතු ය. ලංකාවෙන් ඉන්දියාවට යෑමට වීසා දෙන්නේ ඉන්දීය රජය මිස තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ආණ්ඩු නො වේ. ඉන්දියාව වීසා දීමේ දී අදාළ ගමන් බලපත්‍රය හිමියාගේ ආරක්‍ෂාව ගැන ද අවශ්‍ය පරිදි පියවර ගැනීමට බැඳී ඇත. එහෙත් තමිල්නාඩුවට ඇති බිය නිසා ම දෝ ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව කිසිවක් කර නැත. මේ සියළු කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු ය. ඉන්දියාවට ඇතුල් වීමට ඉන්දීය රජයෙන් වීසා ලබා ඇති අයකුට එරටට ඇතුල් වීමට ඉඩ නොදීමට ජයලලිතාට ඇති අයිතිය කුමක් ද?

මේ ප්‍රශ්නයේ දී මෙරට විපක්‍ෂ දේශපාලන පක්‍ෂ හැසුරුණේ බලය ලබාගැනීමේ කෑදර කමින් මිස දේශප්‍රේමී මහඟු ක්‍රියාවක් සිදු කරන ආකාරයෙන් නො වේ. ඔවුහු ඒ සිද්ධි සම්බන්ධයෙන් ද මෙරට රජය විවේචනය කළහ. නන්නත්තාරගත වී ඇති එක් දේශපාලනඥයෙක් ද අළුත් නමකින් පැරණි පක්‍ෂයක් ලබාගෙන ව්‍යාජ ජාතිකත්වයක් ඇතිව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට වරද පැටවීමේ නිවට උත්සාහයක නිරත විය. ජයලලිතා ඉලක්ක සපුරා ගැනීමට යන විට මෙරට ආණ්ඩුවට කළ හැක්කේ ඉවසීමෙන් කටයුතු කිරීම පමණ ය. මෙහි දී කතෝලික සභා නායකයෝ නියම තැනට ප්‍රශ්නය එල්ල නොකර අවශ්‍ය අයට ආණ්ඩුවට විරුද්ධ ව නිවට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී දියාරු ප්‍රකාශයක් නිකුත් කළහ. තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේ දී අතවරයට ලක් වු ලාංකිකයෝ සියල්ලෝ ම පාහේ කතෝලිකයෝ වුහ. එහෙත් ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට මායක පූජකවරු ඉදිරිපත් නො වූහ.

යාඥා කිරීිමට ගිය පිරිසට තර්ජනවලින් හා ගැරහුම්වලින් බේරී ඒමට අවස්ථාවක් සැපයීමට ඉන්දිය රජය ගත් පියවර කවරේ ද? මේ සිද්ධි පිටුපස ඉන්දීය රජය ඇතැයි අපි විශ්වාස නො කරමු. එහෙත් ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව දැඩි පියවරක් නොගත්තේ ය. ඉන්දියාව කටින් මිස ක්‍රියාවෙන් අපේ මිතුරු රටක් නො වේ. කලකට පෙර කොටින්ට තමිල්නාඩුවේ ද වෙනත් ප්‍රදේශවල ද ආයුධ පුහුණුව ලබාදීමට කටයුතු කළේත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පැටවූයේත් පළාත් සභා බලහත්කාරයෙන් පිහිටවූයේත් ඉන්දීය රජය ය. ඉන්දියාව හා කරුණානිධි ලංකාව සම්බන්ධයෙන් ගත්කළ දෙමළ ජාතිවාදයට ආධාර කළ ද ඉන්දියාවේ දී දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත නැත. අද ජයලලිතා තැත්කරන්නේ ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය පැතිරවීමට ය. එමගින් තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට ය. ලංකාවේ ඊළම පිහිටුවීමට ජයලලිතා ආධාර කරන්නේ ඒ මත පදනම් ව ලංකාවේ ඊළම හා තමිල්නාඩුව එක්කර ඇගේ මහා ඊළම පිහිටුවීමට ය. අද ඉන්දියාවට දිට්ඨධම්මවේදනීය කර්ම ඵලය පිළිබඳ සේයාවක් වැටී ඇත. ඉංගිරිසින් යටතේ තිබූ ඉන්දියාවේ මුල්ම බෙදුම්වාදී කණ්ඩායම ඇතිවූයේ දළ වශයෙන් ගත්කළ අද තමිල්නාඩුව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ය. දෙමළ බසේ ශ්‍රෙෂ්ඨත්වයක් ගැන කියමින් දෙමළ ජාතිවාදයක් ඉන්දියාවේ ඇතිකිරීමට මුල් වූවෝ එරට දෙමළ කතෝලික පූජකවරු ය. වෙන ම රාජ්‍යයක් ඇතිකිරීමේ වුවමනාව අද ද ජයලලිතා ඇතුළු ඇතැමුනට ඇත. නිසි වේලාව පැමිණියහොත් ඉන්දියාව පාවා දෙමින් බටහිරයන් ඉන්දියාවේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට පක්‍ෂ ව කටයුතු කරනු ඇත.

මේ සියල්ල හමුවේ අපේ රජයට කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුවෙයි. ජයලලිතාගේ ඉලක්කය කුමක් වුවත් කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදයට ආධාර දුන්නත්, කේරළය කර්නාටක ආන්දූ ප්‍රදේශ් යන ද්‍රවිඩ ප්‍රාන්තවල ජනතාව දෙමළ ජාතිවාදයට විරුද්ධ වෙති. පුරාණයේ අප රැකී සිටිමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල රජවරුන් චේර හා පාණ්ඩ්‍යයන් සමග පැවැත්වූ සබඳතාව ය. අද ද අප උපක්‍රමශීලීව කේරළ කර්ණාටක හා ආන්ද්‍ර ප්‍රදේශ් සමග ද මහාරාෂ්ට්‍රය ද බිහාර් වැනි බෞද්ධයනට වැදගත් වූ ප්‍රාන්ත සමග ද සම්බන්ධතා පැවැත්විය යුතු ය. කේරළයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු සහිතව උප තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගත් තීරණය වැදගත් ය. එවැනි කාර්යාල ඉන්දියාවේ අදාළ ප්‍රාන්තවල පිහිටුවීමට කටයුතු කළ යුතු ය. ඉන්දියාව යනු සමජාතීය රාජ්‍යයක් නො වේ. ඉණ්දියාවේ ඉංගිරිසින් පැමිණීමට පෙර ඒකීය රාජ්‍යයක් තිබී නැත. අද ඉන්දියාව යම් පමණකට වුවත් එකට බැඳී ඇත්තේ ක්‍රිකට් හා හින්දි සිනමාව ඔස්සේ ය. ඉන්දීය රජය දෙමළ ජාතිවාදයට ආධාර කළත් බටහිරයන් ඉන්දියාව පිටුපස සිටියත් අප චීනය දෙසට තල්ලු විය යුතු නො වේ. චීනය ද අද දුෂිත රටකි. අද එහි බලයේ ඇත්තේ සංස්කෘතික විප්ලවයේ දී බටහිර නූතනත්වය වෙනුවෙන් ක්‍රියාකළ අයගේ දරුවන් ය. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ගත කරන කාමසුඛල්ලිකානු ජීවිත ගැන ඉඳහිට දැනගන්නට ලැබෙයි. ලැබෙන ප්‍රවාෘත්තිවලට අනුව නම් එහි නායකයන් අතර තාවෝවාදය අද අභාවයට යමින් පවතියි. ඉන්දියාවේ ද නායකයෝ හා ඊනියා උගතුන් සහිත මධ්‍යම පංතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යති. එහෙත් චීනයේ හා ඉන්දියාවේ අතිමහත් බහුතර ජනතාව තවමත් එසේ නොවීම ලෝකයේ ම යහපතට හේතුවෙයි. අද චීනය ද බලන්නේ ආසියාවේ අනෙක් රටවල් තම අණසක යටතේ තබා ගැනීමට ය. කිසිම රටකට නොබැඳී දෙමළ ජාතිවාදය පරාජය කිරීමටත් රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් අපට හැකි විය යුතු ය. අප ජයලලිතාගේ බලලෝභී බෙදුම්වාදී දේශපාලනය හඳුනාගෙන කටයුතු කළ යුතු ය. අප ඇයට කිසිම ඉඩක් දිය යුතු නො වේ.


ජ්‍යාමිති හා භූමිතික

අපි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය ගැන සඳහන් කළෙමු. එය සෘජු කෝණ දෙකක් යැයි සඳහන් ප්‍රමේයයක් යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි වෙයි. මේ ප්‍රමේයය රඳා පවතින්නේ, එනම් පදනම් වන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි කියැවෙන ස්වසිද්ධි මත ය. විශේෂයෙන් ම සමාන්තර ස්වසිද්ධිය යැයි කියැවෙන ස්වසිද්ධිය මත ය. සමාන්තර ස්වසිද්ධියට වැදගත් ඉතිහාසයක් ඇත. එම ස්වසිද්ධියෙන් කියැවෙන්නේ දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව එම රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ එකම එක සරල රේඛාවක් පමණක් ඇඳිය හැකි බව ය. එයින් ඉතා පැහැදිලිව කියැවෙන්නේ එලෙස එක් සමාන්තර රේඛාවක් ඇඳිය හැකි බව හා සමාන්තර රේඛා එකකට වඩා ඇඳිය නොහැකි බව ය.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් බව සාධනය කිරීමට මේ ස්වසිද්ධිය යොදා ගැනෙයි. එහි දී ත්‍රිකෝණයෙහි එක් ශීර්ෂයක් ඔස්සේ එහි දී හමු නොවන පාදයට සමාන්තර ව සරල රේඛාවක් අඳිනු ලැබෙයි. ඉන් පසුව සමාන්තර සරල රේඛා හා තිර්යක් රේඛා සම්බන්ධයෙන් ඒකාන්තර කෝණ හා අනුරූප කෝණ සමාන යන ප්‍රමේය උපයෝගී කරගනිමින් හා සරල රේඛාවක ඕනෑම ලක්‍ෂ්‍යයක දී සෘජු කෝණ දෙකක් වේය යන ප්‍රමේය යොදා ගනිමින් සමානයන්ට සමානයන් එකතු කළ විට සමානයන් ලැබේය යන ඇරිස්ටෝටලීය න්‍යායයෙහි ප්‍රතිඵලය ඔස්සේ ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් බව සාධනය කෙරෙයි. මේ ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය අන් කිසිවක් නොව A=B හා C=D නම් A+C=B+D යන්න ය. මේ ප්‍රතිඵලය ලබාගත්තේ කෙසේ ද යන්න ගැන බොහෝ දෙනා විමසිලිමත් නො වෙති. ඇතැම් විට ඔවුන් එය තවත් ස්වසිද්ධියක් යැයි සිතනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය න්‍යායෙහි කියැවෙන අනෙක් ප්‍රතිඵල මෙන් ම එය ද උද්ගමනයෙන් ලබාගන්නකි.

ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට සමාන වන්නේ යැයි සාධනය කිරීම යුක්ලීඩීය ස්වසිද්ධි වෙනත් ප්‍රමේය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත රඳා පවතියි. මෙයින් සමාන්තර ස්වසිද්ධිය කාලයක් තිස්සේ බටහිර ගණිතඥයන්ගේ නොමඳ අවධානයට ලක්වූවකි. ඔවුහු එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් වෙනස්වන්නේ යැයි සිතුහ. ඒ ස්වසිද්ධියක් නොව ඇරිස්ටෝටලීය න්‍යාය මගින් අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගත හැකි ප්‍රතිඵලයක් යැයි ඔවුහු කල්පනා කළහ. ඒ අනුව එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගැනීමට බටහිර ගණිතඥයෝ උත්සාහ කළහ.

එහෙත් දහනවවැනි සියවසේ දී ඔවුන්ට සමාන්තර ස්වසිද්ධිය ද යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසිද්ධි මෙන් ම තවත් ස්වසිද්ධියක් බවත් එය අනෙක් ස්වසිද්ධීන්ගෙන් ලබාගත හැකි ප්‍රතිඵලයක් නොවන බවත් අවබෝධ විය. එබැවින් ඒ ස්වසිද්ධිය ද යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි තවත් ස්වසිද්ධියක් ලෙස සලකණු ලැබිණි. ඉන්පසු බටහිර ගණිතඥයන්ට අපූරු අදහසක් ඇතිවිය. මේ වන විට ග්‍රීකයන්ගේ කාලයෙහි මෙන් නොව ජ්‍යාමිතිය බටහිර ගණිතයෙහි කොටසක් බවට පත් වී තිබිණි. ග්‍රීකයන්ට යුක්ලීඩීය ජ්‍යාමිතිය යම් ප්‍රමාණයකට වුව භෞතික වූ අවකාශය නිරුපණය කරන්නක් විය. ග්‍රීකයන්ට එය ගණිතමය යුක්ලීඩීය ජ්‍යාමිතිය නොවූ බව අමතක නොකළ යුතු ය. ඔවුන්ට එය ජ්‍යාමිතිය විය. ඔවුන්ට එය භෞතික අවකාශයේ ජ්‍යාමිතිය වූ අතර වෙනත් ජ්‍යාමිති නො වී ය.

එහෙත් දහනවවැනි සියවස වන විට බටහිර ගණිතයෙහි ස්වසිද්ධි භෞතිකයෙන් ස්වායත්ත වී තිබිණි. ස්වසිද්ධි ඊනියා සත්‍ය වීය යුතු ය යන්න බටහිර ගණිතයෙන් ක්‍රමයෙන් ඉවත් කෙරීම හේතුවෙන් ස්වසිද්ධිවලට සත්‍යවීමට අවශ්‍යතාවක් නො වී ය. මෙය බටහිර ගණිතයෙහි ඒ වන විට සිදු වී තිබි ඉතා වැදගත් වෙනසකි. ස්වසිද්ධිවල ඊනියා සත්‍යතාව සෙවීමට අවශ්‍ය නොවූ අතර අවශ්‍ය වූයේ ස්වසිදාධි හා සාධනය කරන ලද ප්‍රමේය එකක් හෝ කිහිපයක් හෝ මත පදනම් වී ඇරිස්ටෝටලීය න්‍යාය ඇසුරෙන් වෙනත් ප්‍රමේය හා ප්‍රතිඵල සාධනය කිරීම ය. ඊනියා භෞතික සත්‍යතාව ඉවත් වී ගණිතමය සත්‍යතාව ආදේශ වී තිබිණි. ගණිතමය සත්‍යතාව යන්නෙන් අදහස් කෙරෙන්නේ ස්වසිද්ධිවල ඊනියා (භෞතික) සත්‍යතාවක් ගැන නොසොයා ස්වසිද්ධි හා ඒ මත ම පදනම් වූ ප්‍රමේය යොදා ගනිමින් ඇරිස්ටෝටලීය න්‍යාය ඇසුරෙන් ලබාගන්නා ප්‍රතිඵලවල සත්‍යතාව ය. එහි දී වැදගත් වන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය පරස්පරතාවලින් තොරව නිවැරදිව යොදා ගෙන ඇත් ද යන්න පමණ ය. ලබාගත් ප්‍රතිඵලවල ඊනියා භෞතික සත්‍යතාවක් සෙවීමට බටහිර ගණිතඥයන්ට අවශ්‍යතාවක් නො වී ය.

බටහිර ගණිතයෙහි ස්වසිද්ධිවල ඊනියා භෞතික සත්‍යතාවක් නොසෙයූ බැවින් සමාන්තර ස්වසිද්ධිය ද සත්‍ය ද නැත් ද යන්න බටහිර ගණිතඥයන්ට වැදගත් නො වී ය. දෙන ලද සරල රේඛාවකට සමාන්තර ව එම සරල රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ භෞතික ව ඇඳිය හැක්කේ එක් සරල රේඛාවක් පමණක් ද යන්න බටහිර ගණිතඥයන්ට භෞතික ව වැදගත් වූ කරුණක් නො වී ය. සමාන්තර ස්වසිද්ධිය ද ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසිද්ධිවලින් ස්වායත්ත වූ තවත් ස්වසිද්ධියක් පමණක් බව දැනගැනීමෙන් පසුව බටහිර ගණිතඥයන්ට එම ස්වසිද්ධිය වෙනස් කිරීමට හැකි ය යන අදහස පහළ විය. ඒ අනුව ඔවුහු එම ස්වසිද්ධිය දෙයාකාරයකින් වෙනස් කළහ. එක් ආකාරයකට අනුව දෙන ලද රේඛාවකට සමාන්තර ව ඒ රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ රේඛාවට සමාන්තර ව එකදු සරල රේඛාවක්වත් ඇඳිය නොහැකි විය. අනෙක් ආකාරයට කළ වෙනසින් කියැවුණේ දෙන ලද රේඛාවකට සමාන්තරව එම රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ වුවමනා තරම් රේඛා ඇඳිය හැකි බව ය.

එවිට සමාන්තර ස්වසිද්ධිය ආකාර තුනකින් ප්‍රකාශ විය. ඒ ආකාර තුන අනුව ජ්‍යාමිති ද තුනක් ලැබිණි. සමාන්තර ස්වසිද්ධිය මුල් ආකාරයෙන් ම ගැනීමෙන් ලැබුණේ යුක්ලීඩීය ජ්‍යාමිතිය ය. අනෙක් ආකාර දෙකෙන් ලැබුණු ජ්‍යාමිති යුක්ලීඩීය නොවන හෙවත් නිර්යුක්ලීඩීය විය. නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් නොවීය. එය ස්වසිද්ධියේ ආකාරය අනුව එක්කෝ සෘජු කෝණ දෙකකට වැඩි විය. නැත්නම් සෘජුකෝණ දෙකකට අඩු විය. මෙහි දී කිවයුතු කරුණක් නම් නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ත්‍රිකෝණ නිර්මාණය කෙරෙන්නේ සරල රේඛාවලින් නොවන බව ය.

උදාහරණයක් වශයෙන් ගෝලාකර පෘෂ්ඨයක ජ්‍යාමිතිය සලකමු. එහි සරල රේඛා ඇඳිය නො හැකි ය. ගෝලයක පිහිටි ලක්‍ෂ්‍යයක් එහි තවත් ලක්‍ෂ්‍යයකට සරල රේඛාවකින් යා කළ නො හැකි ය. ඇතැමකුට සිතෙනු ඇත්තේ එය කළ හැකි ය කියා ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්ත නම් ලක්‍ෂ්‍ය දෙක යා කරන රේඛාව මුළුමනින් ම ගෝලය මත පිහිටිය යුතු ය යන්න ය. ඒ රේඛාවට ගෝලය පසාරු කර යා නො හැකි ය. අප එහි දී සළකන්නේ ගෝලයහෙි, එනම් අදාළ පෘෂ්ඨයෙහි ජ්‍යාමිතිය මිස වෙනත් අවකාශයක ජ්‍යාමිතියක් නො වේ. මෙය වියුක්ත ගෝලයක් ලෙස ගන්නේ නම් මැනවි.

ගෝලාකර පෘෂ්ඨයක ලක්‍ෂ්‍ය දෙකක් යා කරන පෘෂ්ඨය දිගේ මැනෙන කෙටිම දුර ඇති රේඛාව මහා වෘත්තයක් නමින් හැඳින්වෙයි. මහා වෘත්තයක් යනු ගෝලයේ ප්‍රභින්න ලක්‍ෂ්‍ය දෙකක් හා කේන්ද්‍රය අඩංගු තලයේ හා ගෝලාකාර පෘෂ්ඨයේ ඡෙදනයෙන් ලැබෙන වෘත්තයකි. මහා වෘත්තයක කේන්ද්‍රය ගෝලයේ කේන්ද්‍රයම වෙයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මහා වෘත්තයක් යනු ගෝලාකාර පෘෂ්ඨයේ හා ගෝලයෙහි කේන්ද්‍රය ඔස්සේ යන තලයක ඡෙදනයෙන් ලැබෙන වෘත්තයකි. මහා වෘත්තයක ලක්‍ෂ්‍ය දෙකක් අතර දුර මැනෙන්නේ වෘත්තය දිගේ මිස ලක්‍ෂ්‍ය දෙක යා කරන ගෝලය පසාරු කරමින් යන සරල රේඛාවක් දිගේ නො වේ.

සාධාරණ වශයෙන් පෘෂ්ඨයක් ගත්කල එහි පිහිටි ලක්‍ෂ්‍ය දෙකක් අතර පෘෂ්ඨයේ ම පිහිටි වක්‍රයක් දිගේ දිග මැනෙන කෙටිම දුර ඇත්තේ භූමිතිකයකට (ගඑඔඩඑසඉච) ය. භූමිතිකයක් අර්ථදැක්වෙන්නේ එලෙස වක්‍රය දිගේ මැනෙන දිග අවමයක් වන වක්‍රයක් ලෙස ය. ගෝලාකර පෘෂ්ඨවල භූමිතික මහා වෘත්ත වන අතර තල පෘෂ්ඨයක භූමිතික සරල රේඛා වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝක ගෝලයේ දේශාංශක හා නිරක්‍ෂය මහා වෘත්ත වෙයි. නිරක්‍ෂය හැරෙන්නට අනෙක් අක්‍ෂාංශක මහා වෘත්ත නො වේ. එයට හේතුව අක්‍ෂාංශක ද වෘත්ත වුව ද ඒවා මහා වෘත්ත නො වීම ය. අක්‍ෂාංශකයක් පිහිටි තලයක් ගෝලයේ කේන්ද්‍රය ඔස්සේ නොයන බව පැහැදිලි ය. අපේ පහසුවට ගත්ත ද මේ ගෝලය භෞතික යැයි කියැවෙන ගෝලයක් මිස
ගණිතමය ගෝලයක් නො වේ.

ගෝලයක පිහිටි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි ය. ගෝලයක ත්‍රිකෝණයක් සෑදෙන්නේ එකිනෙක ඡෙදනය කරන මහා වෘත්ත තුනක් මගිනි. ඕනෑම පෘෂ්ඨයක ත්‍රිකෝණයක් සෑදෙන්නේ ඒ පෘෂ්ඨයෙහි එකිනෙක ඡෙදනය කරන භූමිතික තුනක් මගිනි. තල පෘෂ්ඨයක සරල රේඛා භූමිතික වන අතර ගෝලාකාර පෘෂ්ඨයක භූමිතික වනුයේ මහා වෘත්ත ය. ගෝලයක පිහිටි ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි බව ඊනියා භෞතික පෘථිවි ගෝලය සැලකීමෙන් සත්‍යාපනය කළ හැකි ය.

පෘථිවි ගෝලයේ නිරක්‍ෂයෙන් හා දේශාංශක දෙකකින් සෑදෙන ත්‍රිකෝණයක් ගනිමු. මේ ත්‍රිකෝණයෙහි දේශාංභකයක් නිරක්‍ෂය සමග සෘජු කෝණයක් සාදන බව පෙනී යනු ඇත. ඕනෑම දේශාංශකයක් නිරක්‍ෂය සමග ඡෙදනය වීමේ දී සෘජු කෝණයක් තනයි. වෙනත් වචනවලින් කිවහොත් ඕනෑම දේශාංශකයක් නිරක්‍ෂයට ලම්බ වෙයි. දැන් කලින් සලකා බැලූ ත්‍රිකෝණයෙහි කෝණ තුනෙන් දෙකක් ම සෘජු කෝණ බව පෙනී යනු ඇත. ඉතිරි කෝණය උත්තර ධ්‍රැවයෙහි දී හෝ දක්‍ෂිණ ධ්‍රැවයෙහි දී හෝ දේශාංශක දෙක අතර සෑදෙන කෝණය වෙයි. එය නිශ්ශූන්‍ය බැවින් ත්‍රිකෝණයෙහි කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට වැඩි වෙයි. කඩදාසියක් ගෙන ගෝලයක හරස්කඩක් ඇඳ එහි දේශාංශක දෙකක් හා නිරක්‍ෂය ලකුණු කිරීමෙන් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත.

පැහැදිලිව ම ගෝලාකර පෘෂ්ඨයක ජ්‍යාමිතිය යුක්ලීඩීය ජ්‍යාමිතියක් නො වේ. යුක්ලීඩීය ජ්‍යාමිතිය යනු ජ්‍යාමිති රාශියකින් එක් ජ්‍යාමිතියක් පමණකි. අප මෙහි දී සැලකුවේ ද්විමාන ජ්‍යාමිති පමණ ය. එනම් තලයක හෝ වෙනත් පෘෂ්ඨයක හෝ ජ්‍යාමිති ය. වක් නොවූ කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය ජ්‍යාමිතියක් යැයි කියැවෙයි. ගෝලාකාර පෘෂ්ඨයක එසේත් නැත්නම් බිත්තරයක පෘෂ්ඨයෙහි ජ්‍යාමිතිය නිර්යුක්ලීඩීය වෙයි. එහෙත් ත්‍රිමාන ජ්‍යාමිති ද වන බව අපි දනිමු. අප ජීවත්වන්නේ ත්‍රිමාන ජ්‍යාමිතියක් ඇති අවකාශයක ය. ගඩොලක් ත්‍රිමාන වස්තුවකි. එහි ජ්‍යාමිතිය යුක්ලීඩීය යැයි සැලකෙයි.

එහෙත් අප මතක තබාගත යුතු කරුණක් නම් අප මෙහි දී ද ඉහත සඳහන් අවස්ථාවන්හි දී ද භෞතික හා ගණිතමය අවකාශ පටලවා නොගත යුතු බව ය. ගණිතමය යුක්ලීඩීය ද්විමාන ජ්‍යාමිතිය වියුක්ත වූවකි. තල කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය ද්විමාන යැයි සැලකෙන්නේ යැයි අපි කීවෙමු. එය එසේ වන්නේ ඉතා සන්නිකර්ෂණව ය. තල කඩදාසියක් යනු ඊනියා භෞතික වස්තුවකි. එවැනි වස්තුවක් ඊනියා යථාර්ථයක් ලෙස පවතින්නේ යැයි ඉන් නො කියැවෙයි. අපි සම්මුතියෙන් තල කඩදාසියක් භෞතික වස්තුවක් ලෙස ගනිමු. තල කඩදාසියක ජ්‍යාමිතිය ද්විමාන යුක්ලීඩීය ජ්‍යාමිතියක් වන්නේ සන්නිකර්ෂණව ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය අනුව තල කඩදාසියක ජ්‍යාමිතිය යුක්ලීඩීය විය නො හැකි ය. එය යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් ඉතා සුළුවෙන් නමුත් වෙනස් වෙයි.

The existence of objects – II

We return after more than a month to the discussion on “the existence of objects” the first installment of which appeared on 1st August 2012. The so called objects are creations of the mind and can be considered to be atmavadi in Theravada Bududahama. It is anicca, dukka, anatta and shunya according the teaching of Sammasambuddha, which are not concepts though we attempt to understand anicca as impermanence using the concept of permanence. It is anicca, dukka, anatta and shunya that we do not understand thus extending our sansaric journey. We attempt to understand anicca, dukka, anatta and shunya in terms of concepts due to our ignorance. Unfortunately most of us do not realize there is no conceptual understanding of Nibbana, which cannot be expressed in terms of words.

If anybody thinks that Sammasambuddha has expressed Nibbana in words he/she should give the Sutta in which it has been done so without trying to claim that Nibbana can be expressed in words. If the western intellectuals consider Bududahama is not transparent as a result let them think so as we should not distort Bududahama in order to satisfy a few theses examiners and such others living in the west. The aim of the Buddhist scholars should be to achieve Nibbana rather than to get higher degrees.

We are entangled in a conceptual web, and as has been mentioned earlier it is not necessary to have words in order to formulate concepts. The babies also have their concepts as citta rupa and any satva as described in Buddha Desana too have concepts. We all have the concept of “I” though we know that there is no atma. However, when we claim that there is no atma it does not mean that we have vidya about it. Vidya is not used as a term for western science in this context and it is unfortunate that we refer to western science as vidya in Sinhala.

The concepts are illusions created by the mind, and I refer the interested readers to the book “Concept and reality” by Ven. K. Nanananda Thero, not as an authoritative work on the subject but as a “short cut” to understand Buddha Desana on concepts. I read this book more than twenty five years ago when I was having problems with the conceptual foundations of western science and it helped me to understand the drawbacks of science as such.

Though I have understood that there is no “I” as such, I have not realized it as my understanding is still conceptual. If I had realized that there is no “I” as such, I would not be writing this article, as I would have released my concepts except when they are useful in order to engage in routine work. I am not as bhagyavath as Rahathan Vahanse to release ny conceptual baggage together with my tanha. I am attached to things including concepts and it would take kalpas for me to drop my conceptual baggage.

We consider ourselves to be real first and then formulate other concepts. This is in contradiction to the so called postmodernist views on I and the other where I is determined by the other. Having grasped ourselves as real and existing we consider our creations in terms of concepts also to be real. The reality of not only of ourselves but of others is only a creation of the mind due to moha and it is finally the moha that has to be given up if one is interested in achieving Nibbana. Now I have used the words if one is interested when there is no one as such. There is no one to achieve Nibbana and in a way achieving Nibbana is also misleading.

Unfortunately we have to use concepts in discussing these matters and the most difficult things to get rid of are concepts. Very often it was the Brahmins who lived in the time of Sammasambuddha who argued with the Bhagayavatun Vahanse conceptually but not the ordinary people such as Sopaka, Suneetha, who were not tied down to concepts. The intellectuals find it very difficult to get rid of or release concepts unless one has fulfilled parami dhamma in Sansara.

There are no objects as such existing even for what could called an instant (kshana) according to Theravada. There is no titi in Theravada and there is only uppada and bhanga. The Sauthranthikas believe in uppada, titi, bhanga and thus an existence of objects as such may be for an instant. It is this titi that has created lots of problems and many Buddhists are of the opinion that objects exist at least for an instant.

When Mr. Upali Gamakumara says without existence of objects “then all what Buddha has preached on ‘good’ and ‘bad’ becomes null and void”. If there is no person (object) as such who is responsible for one’s karma? This is the most difficult question to answer conceptually and there have been number of schools such as pudgalavadin who attempted to answer the question by admitting that there exists a person or individual (pudgala) who is responsible for one’s karma.

This answer had to be given by some schools, when they had no other answer, especially to the Vedic Brahmin scholars who were atmavadins who believed in Sansara. The Brahmins were believers in a three valued logic, like the Catholics after them, and were prepared to admit that a proposition and its negation could be true at the same time. This is in contradiction to Aristotelian Logic where if a proposition is true then its negation is not true. In Aristotelian Logic the God and His Son cannot be the same as if somebody is God is a true proposition then that somebody is the Son of the God is not a true proposition. However, neither the Brahmins nor the Catholics had a four valued logic or Catuskoti.

Aristotelian Logic is inducted from day to day experience where we find that if one person is equal in height or weight to two other persons then those two persons are also equal in height or weight. This day to day experience has been inducted and generalized in the form if A=B and A=C, then B=C. However all these assume that the A’s, B’s and C’s exist and existence is expressed in the form A=A. It has to be mentioned that even Catuskoti is an induction not by ordinary people but by those who had spiritually advanced.

The logic applied in Bududahama is Catuskoti, that had been known to the people of Dambadiva even before Prince Siddhartha was born. It is not Buddhist Logic as such as Nibbana can be achieved only after getting rid of Catuskoti as well. However the identity crisis referred to by Mr. Upali Gamakumara is resolved within Catuskoti through the famous answer given by Ven. Nagasena Thero in Milinda Panna. When asked by King Milindu when somebody dies who is reborn or have the next bhava, the Thero replied na ca so na ca anno or neither he nor somebody else. There is no person or individual who goes to the next bhava, nevertheless it is neither somebody else who is responsible for karmic actions.

This answer one of the most beautiful I have found in an intellectual discussion, which has enabled me to interpret Quantum Physics in a Sinhala Buddhist Ontology (I do not expect any westerner or anyone who has been trained by westerners to believe the new interpretation though it has been published in a so called peer reviewed journal), is in agreement with Catuskoti according to which both A=B and A≠B can be false. Thus it is wrong to say that the person who is born in the next bhava is either himself or somebody else. There is no person who goes from bhava to the next bhava nevertheless action is identified as a person. It is “action” without an actor, and it is applicable to what is identified as the mind. It is only a procession of thoughts without a mind as such and it is due to avidya this procession is identified as a person or an individual.

One does not have to think of this in terms of punabbhava as even in this present bhava there is no individual as such. Lots of karma have passed and actions taken place from the time of beginning of writing this article to now and, there was no person who was present continuously to write this article. It is “action” without an actor but the conventional wisdom says it is one Nalin de Silva who wrote it.


Copyright Prof. Nalin De Silva

Incompleteness of Knowledge

Prof. Carlo Fonseka in his letter published on 1st September 2012 makes three statements which have to be replied before we discuss Gödel’s theorem and its implications as far as the theory of everything (ToE) is concerned. Let me begin with the statement regarding Dr. Leo Fernando. Prof. Fonseka states: “I dare to think that when Dr. Leo was flying safely from Colombo to London at a height of some 33,000 feet, he must have given thanks to the Almighty God of the Judaic Christian culture for the reliability of its so-called science. (You may care to know that in my view, the core truths of science e.g. the Earth orbits the Sun; organic evolution of living things; the structure of the DNA molecule, are totally independent of the culture of different human tribes.)” Whether Dr. Fernando thanks the Almighty or not, it does not disprove that human knowledge is created by human beings relative to a culture. In any event western science is not a product of the Christian Church (definitely not of the Catholic Church) but a product of Judaic Christian culture based on the Greek Judaic Christian Chinthanaya. Prof. Fonseka claims that in his view the so called truth of Earth orbiting the Sun is independent of the culture. There is a history of Earth orbiting the Sun and it is now well known that this was known in India before Copernicus is supposed to have “discovered” it. How the Indians knew it is not understood, but knowing that Budunvahanse had mentioned of thousands of Sakwalas long before the westerners came to “know” of galaxies in the twentieth century I am of the opinion that this knowledge was prathyaksha to Sammasambuddha without any theories or observations through telescopes. Copernicus and Galileo who were products of incipient Judaic Christian culture, though Catholics by religion, which was created by western modernity, only popularized this view without prathyaksha and faced the consequences resulting from the responses of the Catholic culture. The Catholic culture refused to believe that the Earth is not the centre of the Universe but the Judaic Christian Culture and its political hegemony could not be countered by Pope and the Cardinals. The Buddhist culture does not believe in organic evolution of living being and big bang which have been created in a Judaic Christian culture. I as a person living in the Sinhala Buddhist culture believe in Agganna Sutta and I have published a paper last year in a so called peer reviewed Chinese journal, which proposes a universe with Sanvatta and Vivatta Kalpa. However, I do not expect the westerners to believe my “theory”.

On Einstein’s theory of Gravitation Prof. Fonseka states: What settled the issue about the truth of relativity was not the soundness of human reasoning, but the evidence of our senses. On 29 May 1919 during an eclipse of the sun, the world’s leading astronomers including Sir Arthur Eddington tested Einstein’s prediction regarding the bending of light. The predicted displacement was 1.72 (seconds of arc); the observed displacement was 1.75 + or - .06. Thus the prediction was amply confirmed. In fact every single testable consequence of the theory of relativity hitherto examined has been confirmed. Therefore there is reason to accept the truth of the theory of relativity, until some observation contradicts it.” It has to be emphasised that when people talk of Einstein’s Gravitation, they do not mean a gravitational force and what is meant is his theory on space- time in the presence of matter and radiation. What Prof. Fonseka tries to say is that evidence of senses of human beings is the deciding factor and not the soundness of human reasoning. However, he himself ends that particular paragraph with “therefore there is reason to accept the truth of the theory of relativity”. In any event the Theory of General Relativity has failed to explain what is called dark energy and some other phenomena I have mentioned in my previous articles. Further Prof. Fonseka could not resist the temptation to quote Russell: "Before tackling Einstein’s law, it is as well to convince ourselves, on logical grounds, that Newton’s law of gravitation cannot be quite right." Russell mentions two things here. Firstly that Newton’s Law of Gravitation cannot be quite right. Thus if somebody says that Einstein incorporated Newton’s gravitation theory then the latter has incorporated a theory that is not quite right. Secondly Russell talks of convincing of oneself that Newton’s theory cannot be quite right on logical grounds.Thus Prof. Fonseka is not consistent in his statements and supporting statements.

This brings me to Gödel who found an inconsistency in the American Constitution which according to him could pave the way for a dictator. This became a problem when he was persuaded by Einstein and few others to apply for the American Citizenship. In any event whether Hawkins believes in a ToE or not Gödel’s incompleteness theorems say that a formal system that has some Arithmetic in it is neither complete nor consistent. It is not complete in the sense that there are true statements in the system within the meaning of its language that cannot be derived from the axioms of the system. Now a ToE has to be formulated within Theoretical Physics which is a formal system that incorporates some Arithmetic. Theoretical physics contains quantifiers such as for all, many etc., and I am of the view that Gödel’s theorem is applicable there. (I admit that I am no authority but I have reason to believe so.) This implies that even if a ToE is formulated there will be true statements within Theoretical Physics that cannot be derived from the ToE which is supposed to incorporate the four known interactions in Physics at present. These true statements within the meaning of Theoretical Physics either would have to be considered as new axioms arising out of new interactions hitherto unknown and a new ToE would be needed to incorporate these new interactions. It would lead to infinite regression It should be remembered that in the nineteenth century there were only two interactions known, namely Newton’s gravitation and electro magnetism, and that Einstein wasted his life after formulation of his General Relativity by trying to incorporate his General Relativity and Maxwell’s Electromagnetism.


Copyright Prof. Nalin De Silva