සිංහල ලිත් ඉලක්කම්
දිනේෂ් හා පුස් කෑ වම
ආණ්ඩුවෙ වැඩ හින්ද වැඩියෙන් ම අර්බුදයට ගිහින් තියෙන්නෙ සකර්බර්ග් වම්මුන් ඇතුළු පුස් කෑ වම්මු. සකර්බර්ග් වම්මුන් කියන්නෙ මුහුණු පොතේ පිහිටෙන් ජීවත් වෙන අය. ඔවුන්ට ක්‍රියාකාරී දේශපාලනයක් නැහැ. 6% ව්‍යාපාරය ජ වි පෙ පසු පස යෑම ආදී අසාර්ථක ක්‍රියාවල නිරත වීම හැරෙන්න ඔවුන්ට වෙන දේශපාලනයක් නැහැ. ජනමාධ්‍ය සමහර විට ඔවුන්ට තැනක් දෙනවා. ඒත් ඒකෙන් ඔවුන්ට ජනතාව අතරට යන්න බැහැ. ඒ ඔවුන් දරණ දේශපාලන මතවාද ජනතාව ප්‍රතික්‍ෂෙප කරන නිසා. ජ වි පෙ 3%ට පල්ලම් බැහැල තියෙද්දි ඔවුන්ගෙ කොට වලිගයක් වූ සකර්බර්ග් වමට 0.0003%ක් වත් නැහැ. මුහුණු පොත නැත්නම් ඔවුන්ට මුහුණක් නැහැ.