Main Logo

Showing posts with label Hybrid Judiciary. Show all posts
Showing posts with label Hybrid Judiciary. Show all posts

Tuesday, 18 February 2020

ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

       සිංහල ලිත් ඉලක්කම්



ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස  අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරන මහතා  නෙම්සිරි ජයතිලක මහතා අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්ස්ත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා.

Thursday, 28 March 2019

රනිල්ට දඬුවම් කරමු


රනිල්ට දඬුවම් කරමු



ඇතැම් පඬියන්ට, මහා දාර්ශනිකයාට සහ උතුරු මැද පළාතේ වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව තවම අපි තරහයි නාට්‍යය ඉවර නැහැ. ඔවුන් සිතනවා ඇති ඒ නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් කියා. එයට කමක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඊනියා උගතුන් නිසා මේ සියල්ල ඔවුන්ට මිස අප වැනි මෝඩයන්ට නොතේරෙන බවයි. ඔවුන්ටත් ඇත්තේ ඊනියා උගත්කමක් නොව අනෙක් බොහෝ අයට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. මෝඩකමට බෙහෙත් තිබුණත් මේ වෛරයට නම් බෙහෙත් නැහැ. ඒ නිසා මොවුන් සුවපත් වේය කියා හිතන්න බැහැ.

Tuesday, 26 March 2019

ජෙනීවා ගැන තවදුරටත්


ජෙනීවා ගැන තවදුරටත්



පසුගිය දිනවල ජෙනීවා විගඩම හෙවත් එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් සැසිවාරයේ හතළිස් වැනි සමුළුවේ දී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට කිසිම සම්බන්ධකමක් නැති මනෝ තිත්වෙලගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් සම අනුග්‍රහ දැක්වු යෝජනාවෙන් කියැවෙන්නේ 2015 දීි මංගල සමරවීර හෙවත් ඛෙමාගේ කොලුවා (ඔහු මාතෘ මූලිකව තම අනන්‍යතාව ගැන කීම පිළිබඳ ව නම් ඔහුට මගේ ගෞරවය හිමි වෙනවා.  එහෙත් ඔහු මහානාමගේ කොලුවා කිව්වා නම් පියා සමග සමානත්වයක් කියන්න තිබුණා. මහානාමත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ගියේ මංගල ගිය පරිදිමයි. මහානාම දේශපාලන ජීවිතය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයෙන්. ඔහු එ ජා පක්‍ෂයට ගමන් ඇරඹුවේ සී පී ද සිල්වා සමග ලේක්හවුස් ජනසතුවට විරුද්ධව. ඛෙමා පද්මාවතී කලක් රනිල්ගේ තාත්තා එස්මන්ඩ් ලේක්හවුසිය පාලනය කරන කාලයේ එහි වැඩ කළා.) සම අනුග්‍රහය දැක්වූ යෝජනාවෙන් කී කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට තව අවුරුදු දෙකක් දීමටයි.

Sunday, 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.