Main Logo

Saturday 27 January 2024

මෝදි හා රනිල්

 

මෝදි හා රනිල්

 

ඊයේ (ජනවාරි 26) ඉන්දියාවේ ජනරජ දිනය. ඉන්දියාව එය උත්සව ශ්‍රීයෙන් සැමරුවා. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රධාන අමුත්තා වුණා. ඉන්දියාව 1947 නිදහස දිනා ගත්තත් ජනරජයක් වුණෙ 1950 ජනවාරි 26. ඔවුන්ට වඩා වැදගත් වන්නෙ අගෝස්තුවේ එන නිදහස් දිනය නොව ජනවාරියේ එන ජනරජ දිනය. ජනරජ දිනයෙ තමයි ඉන්දියාව බිරිතානියෙන් මුළුමනින් නිදහස් වුණෙ. ඉන්දියාව ජනරජයක් වුණෙ නේරුගෙ කාලයේ. නේරු කේම්බ්‍රිජ් ගියත් ඉන්දියාව ජනරජයක් කිරීමට පියවර ගත්තා.

 

නේරුගෙ කාලෙ ඉඳන් ඉන්දියාවට ඉන්දීයත්වයක් තිබුණා. නේරු තොප්පිය මෙරටත් කාලයක් රැඩිකල් තරුණයන්ගෙ සංකේතයක් වුණා කියනවා. සරච්චන්ද්‍ර ලංකා සිවිල් සේවා සම්මුඛ පරීක්‍ෂණයට නේරු තොප්පිය පැළඳ ගිය නිසා ඔහු සිවිල් සේවයට බඳවා ගත්තේ නැති බවට කතාවක් තියෙනවා. කොහොම වෙතත් මෙරට නායකයන් ටොප් හැට් පළඳින කාලෙක නේරු අඩු තරමෙන් සංකේතාත්මක නේරු තොප්පිය පැළඳුවා.

 

ඉන්දියාව හා ලංකාව ගියේ යන්නේ දෙපැත්තකට. ඉන්දියාව නේරුගේ අර්ධ ජාතිකත්ව දේශපාලනයෙන් මෝදිගේ පූර්ණ ජාතිකත්ව මගට සේන්දු වෙලා. අපි ඩී එස්ගෙ ටොප් හැට් ජාතිකත්වයෙන් රනිල්ගෙ මල්බෙරි බුෂ් ජාතිකත්වයට ඇවිත්. අද අප කරන එක වැඩේ ජාමුල බෙරි පඳුර වටේ ඉවරයක් නැතුව යන එක. මහා බැංකුව මොකක් කිවුවත්  අපට ඇත්තෙ බංකු කකුලක් පමණයි. අපට වැදගත් වන්නෙ ජනරජ දිනය නොව නිදහස් දිනයයි. මැයි 22 නොව පෙබරවාරි 4යි.

 

මේ සමග ඇති ඡායාරුප දෙකෙන් එකක මෝදි තම ඉන්දීය අනන්‍යතාව රැක ගනිමින් මැක්රොන් සමග පෙනී සිටිනවා. මෙරට නිදහස් දිනයට බටහිර කවුරු හරි සහභාගි වුණොත් රනිල් ඔහුගෙන් වෙන් දක්වන අනන්‍යතාවක් නැහැ. අනෙක් ඡායාරූපයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ විරාත් කෝලි ඉන්දීය ත්‍රෛවර්ණ ධජය අතැතිව ඉන්නවා. තවත් හිටපු නායකයකු වූ දෝනි තම බිරිඳට පවසා ඇත්තේ තම ධුරාවලියේ උඩින් ඇත්තේ රට බවත් දෙවනුව ඇත්තේ තම දෙමවුපියන් බවත් බිරිය ඇත්තේ තෙවැනි තැන බවත්.

 

ඊයේ මෙරටත් ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරජ දිනය සැමරුවා. මෙරට දී ජනරජ දිනය සමරන්නේ නැති අපි අපේ තානාපති කාර්යාලවලට ජනරජ දිනය පැවැත්වීමට උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් නැතිවත් මා මියන්මාහි ලංකා තානාපති සිටි සමයේ ජනරජ දිනය සැමරුවා. 

 

ඉන්දියාවෙ ඇත්තෙ හින්දි හින්දු ජාතිකත්වයක්. එය දකුණෙ තරමක් සංශෝධනය වී ඇති නමුත් මූලික වශයෙන් වෛදික සංස්කෘතියක් තියෙනවා. මට නම් රාමායනය පේන්නෙ (නැහැ මගේ ඊනියා කියවීම නො වෙයි) උත්තර භාරතීය සංස්කෘතිය දකුණට ගෙන යෑම පිළිබඳ කතාව හැටියට. රාමායනයෙ වාල්මිකී කලක් පල්හොරෙක්. ඔහුට නාරද සෘෂිවරයා කියා තිබෙනවා මාර කියන වචනය කියමින් භාවනා කරන්න කියා. මාර කියන එක අනෙක් පැත්තට රාම කියනවා. වාල්මිකී සෘෂිවරයෙක් වෙලා.  රාම තමයි උතුරයි දකුණයි එකතු කරල තියෙන්නෙ. ඒදකුණ යටත් කරගෙන. පහුගිය දා රාම උපන් අයෝධ්‍යාවේ මුස්ලිම් පල්ලියක් කඩා තිබූ තැනක මෝදිගෙ මුලිකත්වයෙන් රාම කෝවිල හදල විවෘත කළා. මෝදිට මැතිවරණයෙන් දකුණෙ ඡන්ද ලැබෙන්නෙ අඩුවෙන්. ඒත් ඔහු තුන්වැනි වරටත් අගමැති වේවි කියා හිතන්න පුළුවන්.

 

ඉන්දියාවෙ ඇති ආක්‍රමණශීලී හින්දු හින්දී සංස්කෘතිය වටා ඉන්දීය ජාතිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. මෝදි එය උඩට ගෙනැවිත්. මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව ලෝක බලවතෙක් වෙලා. තාක්‍ෂණයෙන් ඉන්දියාව ඉන්නෙ ඉහළ තලයක. අද ක්‍රිකට් මූලස්ථානය ඉන්දියාව.

 

ඒත් අපි සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරගෙන. අද සිංහලකම බෞද්ධකමෙන් වෙන් කරල. නැත්නම් බෞද්ධකම සිංහලකමෙන් වෙන් කරල. එය පටන් ගත්තෙ ඕල්කට්තුමා. ඔහු මෙරට සිංහලකම නැති ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් බිහි කළා. ඕල්කට් බෞද්ධයන්. මදිවට භික්‍ෂූන් වහන්සේගෙන් නායකත්වය උදුරාගෙන ගිහියන් අතට පත් කළා. අද අප බෞද්ධ උගතුන් ලෙස දකින්නෙ ගිගියන්. සමහර විට බටහිර බෞද්ධ නොවන ගිහියන්. අද අපේ විඤ්ඤුන් භික්‍ෂූන් වහන්සේ නොව ගිහි උගතුන්.

 

මේ වන විට බුදුසසුනට ගරහන්න භික්‍ෂූන් වහන්සේට අපහාස කරන්න විවිධ අය පහළ කරගෙන ඉන්නවා. ඔවුන්ට ලැබෙන මුදල් වි පෙරමුණට ලැබෙන මුදල් වගේ. අද මෙරට මුදල් ලැබෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට කටයුතු කරන්නන්ට. ඔවුන් මොටාවෙත් මෙටාවෙත් ඉන්නවා. බෞද්ධකම නැතුව සිංහල ජාතිකත්වයක් නැහැ. බටහිර සැලසුම්කරුවන් ගැන දන්නවා.

 

රනිල්  අද බොරුවට හරි නාරාහේන්පිට අභයාරාමයට යනවා. මා දන්නේ නැහැ මීට කලින් ඔහු අභයාරානයට ගියේ කවදා කියා. රනිල්ට ඇත්තෙ බැටළු ජාතිකත්වයක්. එය හමක් පමණයි. බැටළු හම ඉවත් කළ විට ඇත්තේ බටහිර ගැති බව. ඔහු ඉන්දියාවට විරුද්ධ වන්නෙත් බටහිර අවශ්‍යතාවට. රනිල් බලයට පත් කිරීමෙහි ලා ඉත්තන් වූ පඬි නැට්ටන්ට ජෙප්පන්ට හා සෙප්පන්ට ඇත්තෙත් බටහිර අවශ්‍යතාව