Main Logo

Tuesday 2 January 2024

සිංහලයෝ මෙරට දෙමළ ජනයා හා හොරිකඩයෝ

 

සිංහලයෝ මෙරට දෙමළ ජනයා හා හොරිකඩයෝ

 

මේ වන විට විවිධ කණ්ඩායම් මේ වසරේ පැවැත්වීමට නියමිත යැයි කියන මැතිවරණ සඳහා සූදානම් වන බව පෙනී යනවා. සජිත් සමග සන්ධානයක් ගොඩ නැගෙමින් පවතිනවා. අතර රනිල් සමග සන්ධානයක් ගොඩ නැගෙනවා. ලන්සා එහි නායකත්වය අරගෙන. කිසිම සන්ධානයක ජාතිකත්වයක් නැහැ. පිවිතුරු හෙළ උරුමය දයාසිරි ජයසේකර ශ්‍රී නි කණ්ඩායම අතර සන්ධානයක් ගැන සාකච්ඡා ඇරඹිලා. අතර සිංහල බෞද්ධ විරෝධය තම එක දේශපාලනය කරගත් පඬි නැට්ටන් අද ජෙප්පන් සමග එක් වී තියෙනවා. ජෙප්පන්ටත් අද ඇත්තේ සිංහල බෞද්ධ විරෝධය පමණයි. එහෙත් රටේ බලවත් කණ්ඩායම ජාතිකත්ව කණ්ඩායමයි. එයට නැත්තේ නිසි නායකත්වයක්. මේ සියල්ල ගැන අපි විටින් විට කතා කරමු.

 

අපි සිංහල වීම ගැන ලියූ ලිපියට විවිධ ප්‍රතිචාර ලැබිලා. ප්‍රතිචාර මටත් කියවන්න ලැබෙනවා. එක් පඬි නැට්ටකු ලියා තිබුණා දකුණේ ජනයා අනෙක් සිංහලයන්ගෙන් වෙන් වන්නේ ඔවුන්ගේ ජාන වෙනස නිසා කියා. නලින් සිල්වාට මේ කිසිවක් තේරෙන්නේ නැහැ කියා. ඔහු කියන්නේ කේරළ ජාන ගැන වෙන්නැති. එහෙත් පඬි නැට්ටා අමතක කරණ කරුණ නම් දකුණට කේරළ ජනයා සංස්කෘතික මෙරට විසූ ජනතාවගේ සංස්කෘතියෙන් වෙනස් පැමිණි බවත් ගෙනා ඇතැම් සංස්කෘතික ලක්‍ෂණ තවමත් ඔවුන් අතර දකින්න පුළුවන් බවත්. එමෙන් ඔවුන් ගෙනා කෝලම් නාඩගම් අම්බලම්වලට මෙරට විසූ අය හිනහ වුණු බවත්.

 

කෙසේ නමුත් අද පැමිණි ජනයා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා.  ඔවුන් කිසිවකුටවත් ජාන මගින් හින්දු සංස්කෘතිය ලැබෙන්නේ නැහැ. කිසිම ආගමක් ජාන මගින් ලැබෙන්නේ නැහැ. සිංහල බෞද්ධ පවුල්වල ඉප දී යුරෝපීයයන් හදා වඩා ගන්නා දරුවන් දන්න ගාථා නැහැ.  ඊනියා නිරාගමිකයන්ට බව ලැබෙන්නේ සංස්කෘතියෙන්. ඊනියා තාර්කික විද්‍යාත්මක කසිකබල් සංස්කෘතියකින්. එහෙත් අරුමය ඔවුන්ට අර සංස්කරණාත්මක හැකියාව නොලැබෙන එක. ඔවුන්ගේ කරුමය. ඔවුන්ට පුළුවන් බටහිර මත අනුව වලිග හොලවන්න පමණයි. ඔවුන්ට අදාළ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය නොමැති වීම නිසා සිදුවන්නක්.

 

සුපිරි ජාතිකවදීන්ට අනුව නම් අප සිංහලයන් වූයේ විජය හා පිරිස නිසා. ඔවුන් පැමිණියේ වංග කාලිංග පෙදෙස්වලින් කියාත් කියනවා. එහෙත් අද පමණක් නෙව එදාත් කාලිංග වංග හා මෙරට සංස්කෘතීන් අතර වෙනස්කම් දකින්න පුළුවන්. විජය පැමිණියේ ඉන්දියාවේ බටහිර දෙස ලාට රටෙන් බවයි මගේ විශ්වාසය. මහාවංසය ඔහු භාරුකච්චා සුප්පාරක වරායවලට යවන්නේ නිසයි. ඔහුට මව් පාර්ශ්වයෙන් වංග කාලිංග සබඳකම් තියෙන්න ඇති.

 

පසු කාලීන අප වංගයටත් වඩා කාලිංගය සමග සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. ගුහාසිව නම් කාලිංග රජු තමාට ආක්‍රමණ එල්ල වන විට තම දියණිය හේමමාලාත් බෑණා දන්තත් මගින් දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන්නේ එබැවිනුයි. අමතක නොකළ යුතු කරුණ නම් හේමමාලා දන්ත ධාතුන් වහන්සේ තම කොණ්ඩයෙහි සඟවා ගෙන පැමිණි බව. අර ආක්‍රමණිකයන්ගෙන් දන්ත ධාතුන් වහන්සේ ආරක්‍ෂා කිරීමට.  පසු කලෙක යාපනයේ කාලිංග දේශයක් හා සිංහපුරයක් තිබූ බව සඳහන් වෙනවා.

 

අප හා කාලිංගය අතරත් මෑතක අප හා කේරළයත් මැද අප හා පාණ්ඩ්‍යයන් අතරත් තිබූ සම්බන්ධකම් නිසා අපේ සංස්කෘතිය වෙනස් වෙලා. අද අප හා බටහිර අතර ඇති සම්බන්ධය නිසා අපේ සංස්කෘතිය වෙනස් වෙන අධිපතිවාදී ආකාරයට නො වෙයි. අද මෙරට ජඩමාධ්‍යවේදීන් සිංහල වචන ඉංගිරිසි උච්චාරණයෙන් කියවනවා. ජඩමාධ්‍යවේදීන්  ඔහු ඔවුන්” ආදියෙහි ශබ්ද කරන්නේ ඉංගිරිසි බ්ලොක් ගොට් ආදියෙහි ශබ්ද කරන ආකාරයට. ඔවුන් මොන ගොට්ටන් කියා මා දන්නේ නැහැ. එහි ගොට්ටන් යන්න ශබ්ද කරන්නේ කෙසේ කියා ගොට්ටන්ගෙන් අහන්න ඕන.

 

මේ සියල්ල සන්සන්දනය කරන්න මෙරට දෙමළ ජනකොටස් සමග. ඔවුන්ගේ බස ඉන්දියාවේ දෙමළ. ආගම හින්දු. ඔවුන්ට තමිල්නාඩුවෙන් හා පොදුවේ ගත් කල දකුණු ඉන්දියාවේ සංස්කෘතියෙන් වෙනස් සංස්කෘතියක් නැහැ. ඉන්දියාව තවමත් ඔවුන් තම ජනයා ලෙස සලකනවා. අවසානයේ මෙරටට ආනයනය කෙරුණු කඳුරට දෙමළ ජනකොටස පැමිණ අවුරූදු දෙසීයයක් පිරීම නිමිත්තෙන් ඉන්දියාව මුද්දරයක් නිකුත් කරන්න යනවා. ඉන්දියාව කිසි දිනෙක විජයහේ පැමිණීම සමරා මුද්දර නිකුත් කරන එකක් නැහැ.

 

සිංහලයන් යනු මෙරටට විජයගෙන් හරි වෙනත් සංක්‍රමණිකයන්ගෙන් හරි පැවත එන පිරිසක් නො වෙයි. මෙරට දෙමළ ජනකොටස් නම් එසේ දකුණු ඉන්දියාවෙන් ආනයනය කෙරුණු පිරිස්වලින් පැවත එන අය. ඔවුන් තවමත් තම දකුණු ඉන්දීය දෙමළ සංස්කෘතිය පවත්වා ගෙන යනවා. වංගයෙන් කාලිංගයෙන් පාණ්ඩ්‍යයෙන් කේරළයෙන් පමණක් නොව මා වැනි රාජස්ථානයෙන් පැමිණි පිරිස්වලින් පැවත එන්නන් කාලවල පැවති සිංහල සංස්කෘතීන්ට අවශෝෂණය වී තියෙනවා.  සිංහල සංස්කෘතියත් අනෙක් සංස්කෘතීන් මෙන් වෙනස් වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය පැරණි මගධ බෞද්ධ සංස්කෘතියෙන් වෙනස්.

 

ප්‍රශ්නය වන්නේ අප සිංහල වුණේ කවදා යන්නයි. අවුරුදු දෙලක්‍ෂයකට පෙර නම් මෙරට සිංහලයන් සිටියේ නැහැ. බලංගොඩ මානවයාත් සිංහල නො වෙයි. මෙරට විසු යක්‍ෂ නාග දේව වර්ග හා උතුරු ඉන්දියාවෙන් පෙර කල පැමිණි පිරිස් එකතු වී තමයි සිංහල සංස්කෘතිය ගොඩ නැගී තියෙන්නෙ. පසුව පාණ්ඩ්‍යයෙන් හා කේරළයෙන් පැමිණි පිරිස් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී තියෙනවා. සිංහලයන් අතින් පොහොසත්. මෙරට ස්වදේශික උත්තර ඉන්දීය දක්‍ෂිණ ඉන්දීය සංස්කෘතික මිශ්‍රණයක අනන්‍ය වූ අනුකාරක නොවූ සංස්කෘතියක් සිංහලයන් සතුව තියෙනවා. දෙමළ ජනකොටස් තවමත් අනුකාරකයන් පමණයි. එතකොට වමක් නැති වාම පඬි නැට්ටන්. හාමුදුරුවන්ට අපහාස කරන කහකඩ කතා කියන ඔවුන් ඊනියා වාම භාෂාවෙන් නම් හොරිකඩයන්. එය අපහාසයක් නම් වරදකරුවන් වචනය තැනූ (පරිවර්තනය කර ගත්) පැරණි වමුන් මිස මා නොවෙයි.