Main Logo

Sunday 7 January 2024

රනිල්ගේ යාල්පානම් වන්දනාව

 

රනිල්ගේ යාල්පානම් වන්දනාව

 

රනිල් තමන් ඔළුව බිම තියාගෙන කතා කළත් තමාට සිංහල ඡන්දවලින් ජනාධිපති වෙන්න බැරි බව දන්නවා. සමහර විට බව නොදන්නේ ලන්සා වැන්නන් පමණක් වෙන්න පුළුවන්. ජා පක්‍ෂයේ හිටපු කිරිඇල්ල කබීර් හෂිම් ආදීන් රනිල් සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුවත් ඔහුට ඡන්ද දිනන්න බැරි බව දන්නවා. ඔවුන් සජිත් සමග ඉන්නේ සජිත් හොඳ නායකයකු නිසා නොව ඔහුට රනිල්ට වඩා ඡන්ද ආකර්ෂණයක් තිබෙන බැවින්. මනුෂ නානායක්කාර හා පාස්කු ප්‍රහාරයෙන් ගැලවුණු හරින් ප්‍රනාන්දු නම් රනිල් ගැන විශ්වාසයක් තිබුණත් නැතත් ඇමතිකම් ගැන විශ්වාසයක් ඇති අය. පාස්කු ප්‍රහාරයෙන් කාදිනල්තුමා ගැලවුණු බව මහමොළකරු කියනවා.

 

බටහිරයන්ගේ සැලැස්මකට අනුව කෙරුණු පරගලයත් හේතු කොටගෙන ජනාධිපති වූ රනිල් ජනාධිපතිකම අත්හරින්න බලාපොරොත්තුවක් නැහැ. බටහිරයන්ටත් අවශ්‍ය ඔහු තවත් අවුරුදු පහක් ජනාධිපති ධුරයේ රඳවා ගනීමටයි. සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් මෙරටින් අතුගා දැමීමට ඇති අවශ්‍යතාව නිසා.

 

මෙරටින් බිහි කෙරුණු අනුකාරකත්වයේ ඉහළට ගිය  හීනමානය වැඩි කණ්ඩායම වූ එක්ස් කණ්ඩායමේ හිටි හා දැනටත් ඉන්න (එසේ ඉන්නවා නම්) බුද්ධිමත් භාවයක් ගෑවිලාවත් නැති සිංහල බෞද්ධ විරෝධී පිරිස බටහිර ඉත්තන් වී අද කර කියා ගන්න දෙයක් නැතුව මෙටාවේ අප්‍රබුද්ධ කතා ලියන්නේ අවසාන වශයෙන් රනිල් තබා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතියට ඔවුනගේ භාෂාවෙන් නම් කෙළවීමට හැකිය කියා හිතාගෙන. ඔවුන් රනිල්දාසට පක්‍ෂ කතා කළත් රනිල්දාසට රනිල්ට තරම්වත් ඡන්ද ලැබෙන්නේ නැහැ. එසේ රනිල්දාසට පක්‍ෂ කතා කරන්නේ කෙලින් රනිල්ට පක්‍ෂ කතා කිරීමට බැරි නිසා. රනිල් රනිල්දාස හා එකී කණ්ඩායම අතර ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක්. ඔවුන් එකතු වන්නේ පොදු ප්‍රතිපත්තිය නිසා.  

 

රනිල්ට ජනාධිපති ධුරයේ රැඳීමට නම් එක්කෝ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඕන. නැත්නම් ව්‍යවස්ථාවේ හිල් සො ගෙන ජනමත විචාරණයකින් හරි වෙනත් ක්‍රමයකින් හරි ජනාධිපතිවරණය අවලංගු කර ගන්න ඕන. රනිල්ට පළමුවැන්න කරගන්න බැරි නම් ඔහු දෙවැන්න ගැන හිතා බලාවි. බටහිරයන් ඔහුට එහි දී උපදෙස් දේවි. එහෙත් ඔහුට තරමක ප්‍රශ්නයක් තියෙන්නේ ඉන්දියාවෙන්. පෙනුමෙන් කතාබහෙන් ඇඳුමෙන් පැළඳුමෙන් ගමනෙන් බිමනෙන් හා පොදුවේ චර්යාවෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් රනිල්ට ඉන්දියාව කැමති නැහැ. පෙනෙන විධියට ඉන්දියාවේ කැමැත්ත සජිත්ට. රනිල් ඉන්දීය විරෝධයත් ජය ගන්න ඕන.

 

සිංහල ජනතාවගේ ඡන්ද තමාට නොලැබෙන බව දන්නා රනිල් පහුගිය දිනවල යාල්පානම් වට වන්දනාවක නිරත වුණා. ඔහුට අවශ්‍ය වන්නේ වෙල්ලාල අනුග්‍රහයෙන් දෙමළ ජනකොටස්වල ඡන්දය දිනා ගන්න. කොහොමටත් වෙල්ලාලයන් හා කොළඹ ප්‍රභූන් අතර ඇයි හොඳයිකමක් තියෙනවා. පොන්නම්බලම් කුමාරස්වාමි පවුල හා ජයවර්ධනලා විසිවැනි සියවසේ මුල සිට එකට වැඩ කර තියෙනවා. නැහැ මා කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන නො වෙයි. නන්දලාල් වීරසිංහ සාමාන්‍ය ජා හිතවතෙක් පමණයි. මහා බැංකුවේ කලක් අධිපති සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කේම්බ්‍රිජ් ගිය දක්‍ෂ රගර් ක්‍රීඩකයෙක්.

 

රනිල් යාපනයට ගියේ ඡන්ද එකතු කරන්න. ඔහු කියා සිටියේ උතුරු පළාත සංවර්ධනය කරන අන්දම. එයට දහතුන යොදා ගන්නා හැටි. ඊනියා අවතැන් වූ දෙමළ ජනයා පදිංචි කරන හැටි. දෙමළ විසිරුණු ජනතාවට උතුර සංවර්ධනය කිරීමට හැකි වන අයුරු නීති රීිති සකස් කරන අයුරු.

 

එහෙත් ඔහුට අමතක වුණා යාපනයෙන් පිටමං කෙරුණු සිංහලයන්. අද යාපනයේ සිංහල නිත්‍ය පදිංචි කරුවන් කී දෙනකු ඉන්නවා ? එකල එහි සිටි සිංහලයන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් අද අයිති කාට ? පහුගිය දා නිකුත් කෙරුණු පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ දිස්ත්‍රික්ක විසිපහේ දෙමළ ජනකොටස් පදිංචි සිටින නමුත් සිංහලයන් දිස්ත්‍රික්ක තුනක පදිංචි නැති බව. රනිල් ගැන කියන්නේ කුමක් ? දිස්ත්‍රික්ක තුනේ සිංහලයන් පදිංචි කරවීමට රනිල්ට වැඩ පිළිවෙළක් තියෙනවා ?

 

රනිල් හමුදාව අඩු කිරීමෙන් කදුරුගොඩ වැනි බෞද්ධ සිද්ධස්ථාන දෙමළ ආරක්‍ෂාවට පවරනවා ? එහෙම නැත්නම් ඒ් දෙමළ සිද්ධස්ථාන බවට පද්මනාදන් හා අර හිටපු එක්ස් කාරයන් සමග එකතු වී මතයක් හදනවා ? කදරුගොඩ ලයිට් හවුස් බව කියන්න බැරි චෛත්‍ය එතරම් උස නැති නිසයි.

 

අද මුල් කටයුත්ත වන්නේ ඉදිරි මැතිවරණවල දී ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධ නායකත්වයක් ඇති කර ගැනීමයි. එහි දී රනිල් මෙන් රනිල්දාස පරාජය කළ යුතු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සජිත් සිංහල බෞද්ධ නායකයෙක් නො වෙයි. එහෙත් මගේ සැකය  යාපන වට වන්දනාවෙන් පසුවත් තමාට කිසි දා ඡන්දයෙන් දිනන්න බැරි බව වටහා ගන්නා රනිල් ව්‍යවස්ථාවේ හිල් සොයා ගෙන වෙනත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරාවි යන්නයි. නැහැ ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නැහැ.