Main Logo

Monday 22 January 2024

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

ඊයේ (ජනවාරි 21) ත්‍රිකුණාමලයේ පැවති ඉලංකෙයි තමිල් අරසු කච්වි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සම්මේලනයේ දී යාපන දිස්ත්‍රික්ක මන්ත්‍රී ශ්‍රීධරන් පක්‍ෂයේ නායකයා ලෙස තේරී පත්වෙලා. ඔහුට පරාජය වී ඇත්තේ සුමන්තිරන්. නායකත්වයට මඩකලපු දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී යෝගේස්වරන් තරග වැදීමට සිටි නමුත් ඔහු ශ්‍රීධරන් වෙනුවෙන් තරගයෙන් ඉවත් වෙලා.

 

මෙහි පසුපසින් ඇති දේශපාපලන බල පොරය ඉතා වැදගත්. සුමන්තිරන් පරාජය වී ඇත්තේ ඡන්ද 48කින් පමණ. යම් විධියකින් යෝගේස්වරන් තරග කළා නම් සුමන්තිරන් දිනන්න තිබුණ. ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ මෙරට සුපිරි වෙල්ලාලයන්ගෙ පක්‍ෂය. එය බිහි කෙළෙ චෙල්වනායගම් නාගනාදන් වැනි කොළඹ ජීවත් වූ සුපිරි වෙල්ලාලයන්. එය තනිකර උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන දෙමළ රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් බිහි කරන ලද්දක්. පසුව මොන බොරු කතා කිවුවත් පක්‍ෂයේ නමින් පේනවා දෙමළ රාජ්‍යයක් බිහි කිරීමට තිබූ අවශ්‍යතාව.

 

එහෙත් ඔවුන් සිංහලයන් රැවටීමට පක්‍ෂයේ නම ඉංගිරිසියෙන් ෆෙඩරල් කියා යෙදුවා. පක්‍ෂයට ඉතිහාසයක් තියෙනවා. එය විසිවැනි සියවසේ මුල දක්වා දිව යනවා. සුපිරි වෙල්ලාලයන්ට රටේ නායකත්වය ගැනීමට බැරි බව තේරුම් ගියාට පසු තමයි වෙල්ලාලයන් මෙරට දෙමළ ජාතිවාදී සංවිධාන බිහි කෙළෙ. ඉන් පසු ඩොනමෝර් යුගයේ දී ජී ජී පොන්නම්බලම් පනහට පනග ඉල්ලුවා. අද ඔහුගේ මුණුබුරා යාපනයේ තිස්ස විහාරයට කුරුන්දියට විරුද්ධ දෙමළ ජනයා උසිගන්වන්න හදනවා.

 

ජී ජී පොන්නම්බලම්ගෙන් පසුව තමයි දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහිවුණෙ . 1949 දී. පක්‍ෂය පිහිටෙවුවෙ රජයේ ලිපිකරු සංගම් කාර්යාලයේ. එකල ලිපිකරුවන් සෑහෙන ප්‍රමාණයක් දෙමළ කතා කරන්නන්. ජනගහන අනුපාතයට වඩා බෙහෙවින් වැඩි අනුපාතයකින්. එකල ලංකාවේ ක්‍රිකට් මධ්‍යස්ථානය වුණෙ ටැමිල් යුනියන් ක්‍රිඩා සමාජය. ඕවල් ක්‍රීඩාංගනයෙ තමයි එදා ප්‍රධාන තරග පැවැත්වුණෙ. අද එය එස් එස් සී ක්‍රීඩා සමාජයට මාරු වෙලා. එය එක්තරා ආකාරයකින සංකේතයක්.

 

කෙසේ නමුත් අද සුපිරි වෙල්ලාලයන්ට තර්ජන දෙකක් මතුවෙලා. එකක් සපිරි වෙල්ලාලයන්ගෙන්. ඔවුන් වැඩි වශයෙන් ඉන්නේ යාපනයේ. සුමන්තිරන්ලා මෙන් කොළඹ නො වෙයි. එහෙත් අදත් වෙල්ලාලයන්ගෙ වැඩි ප්‍රමාණයක් ඉන්නෙ සුපිරි වෙල්ලාලයන් සමග.  සුපිරි වෙල්ලාලයන්ගෙන් සුපිරි කොටස ඉන්නෙ රනිල් සමග ජා පක්‍ෂයේ. විග්නේශ්වරන් හා සමන්තිරන් එහි දී ව්‍යාතිරේක වෙනවා. ඔවුන් තරමක් වෙනස්. ඒත් කුමාරස්වාමිලා ස්වාමිනාදන්ලා ඉන්නෙ රනිල් සමග.

 

ඊයේ පැවති ඡන්දයෙන් සුමන්තිරන් දිනන්න ඉඩ තිබුණා.  යෝගේස්වරන් හා ශ්‍රීධරන් වෙන වෙන තරග කළා නම් සුමන්තිරන් දිනනවා. තවමත් වෙල්ලාලයන් බහුතරයක් කොළඹ   ජීවත් වෙන සුපිරි වෙල්ලාලයන්ගෙ නායකත්වය පිළිගන්න කැමතියි. සපිරි වෙල්ලාලයන් හසුරවනු ලබන්නෙ ඉන්දියාවෙන්. සමහර විට යෝගේස්වරන් ශ්‍රීධරන් එකතු කරන්න ඇත්තෙත් ඉන්දියාව මැදිහත් වී වෙන්න පුළුවන්. සුමන්තිරන ක්‍රිස්තු භක්තිකයෙක්. මෝදිගෙ ඉන්දියාව ක්‍රිස්තියානි නායකත්වයකට කැමති වෙන එකක් නැහැ.

 

සුපිරි වෙල්ලාලයන්ට ඇති දෙවැනි අභියෝගය අරුන් සිද්ධාර්ථන්. කාට හරි පඬි නැට්ටකුට අහන්න පුළුවන් අරුන් සිද්ධාර්ථන්ට මොකද වුණේ කියලා. ඔහුට මොකුත් වෙලා නැහැ. ඔහු තමිල් අරසු කච්චියෙ සාමජිකයෙක් නො වෙයි. ඔහු වෙල්ලාලයෙක් නො වෙයි. ඔහු වෙල්ලාලවාදයට විරුද්ධ අයෙක්. ඔහුගේ පක්‍ෂයේ නායකයා ඔහු. පක්‍ෂය තවමත් ලියා පදිංචි කරන ලද පක්‍ෂයක් නො වෙයි. ඔහු ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයට විරුද්ධ යාපනයේ දේශපාලන වැඩ කරනවා.

 

අද වන විට ඇතැම් වෙල්ලාලයන් රට හැර ගොස් ඇති බැවින් යාපනය ප්‍රදේශයේ බහුතරය වෙල්ලාලයන් නොවන අය. එබැවින් ඡන්දයක් තිබ්බොත් අරුන්ගේ අගය වැඩි වෙනවා. බව දන්නේ අරුන් පමණක් නොවෙයි. රනිල් එය දන්නවා. රනිල් අරුන්ට ආරක්‍ෂකයන් සපයලා. ඔහුට පාසල් සීයක් සංවර්ධනය කරන බවට පොරෙන්දුවකඉ් දීලා.  පඬි නැට්ටන්ට නොතේරුණාට රනිල්ට අරුන්ගේ වටිනාකම තේරෙනවා. පඬි නැට්ටන්ට සිංහල ප්‍රදේශවල සතපහක වටිනාකමක් නැහැ. එහෙත් යාපනය ප්‍රදේශයේ අරුන් සිද්ධාර්ථන් ඉදිරි මැතිවරණවල දී විශාල වෙනස්කම් කිරීමට හැකි පුද්ගලයෙක්. සමහර විට මීළඟ ජනාධිපති තෝරන්නේ ඔහු වෙන්න පුළුවන්!

 

මෙයින් කියන්නේ මා අරුන් සමග එකට දේශපාලනය කරන බව නො වෙයි. මා රනිල්ට රනිල්දාසට පමණක් නොව සජිත්ටත් විරුද්ධයි. ඔවුන්ගේ අනුගාමිකයන්ටත් විරුද්ධයි. බැසිල්ටත් ඔහුගේ නියෝජිතයන්ටත් විරුද්ධයි. පඬි නැට්ටන් ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් රනිල්දාසත් හරිණිත් සමග සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක නිරත වෙනවා.