Main Logo

Saturday 13 January 2024

කවුද මේ මොටාගෙදර ප්‍රේමකුමාර

 

කවුද මේ මොටාගෙදර ප්‍රේමකුමාර

 

මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා සිංහල බෞද්ධ විරෝධියෙක් නො වෙයි. ඔහු පසුගිය දා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ දෙසීයවැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ කෘතියක සංස්කාරකවරයකු ලෙස කටයුතු කළා. එහෙත් එතුමාට ප්‍රශ්නයක් තියෙනවා. ලබා ඇති අධ්‍යාපනය බටහිර ඉංගිරිසි ක්‍රිස්තියානි වීම. මටත් වයස අවුරූදු තිස්පහ පමණ වන තෙක් ප්‍රශ්නය තිබුණා. සංක්‍රමණීය කාලයකින් පසු  මා ඉන් මුළුමණින් කැඩුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ මොටාව මා කඩා බිඳ දමන්න උත්සාහ කළා. ඔවුන් මා අස්කළා.

 

එකල ප්‍රේමකුමාර මා හිතන විධියට පරිවාස සහකාර කථිකාර්යවරයෙක්. ඔහුගේ අංශ ප්‍රධාන වුණේ මහා ජවාධික ට්‍රොට්ස්කිවාදියකු වූ අයි වී එදිරිසිංහ. ඔහු කොළඹ මොටාවෙ සමාජ විද්‍යාව ඉගැන්නුවා. එකල ඔහු කොළඹ ආචාර්ය සංගමයේ ලේකම් වුණා. මා ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) සභාපති. අප හිටියේ වෘත්තීය සමිති අරගලයක් මැද. එදා අප  අනධ්‍යයන සේවක වැටුප් වැඩි විය යුතු බවට කියා සිටියේ ඔවුන්ගෙන් වන සේවය දැන සිටි නිසා.

 

මා කොළඹ මොටාවෙන් අස් කිරීම පිළිබඳ   ආචාර්ය සමිති සම්මේලනය කිසිවක් කෙළේ නැහැ. අර්ජුන සොයිසා ඔරානි මුත්තු හා දන්ත වෛද්‍ය පීඨයේ රංජිත් එයට විරුද්ධ කටයුතු කළත් බහුතරය කියා සිටියේ මට විරුද්ධ ආචාර්යවරු සිටින බැවින් පැත්තක් නොගත යුතු බවයි. කොළඹ මොටාවත් කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. එදිරිසිංහ ට්‍රොට්ස්කිවාදියා හිතන්න ඇති මා කම්කරු පංතියට විරුද්ධ අයකු කියා. ඔහු සමහර විට ජී එල් පීරිස් කම්කරු පංති නායකයකු කියා හිතන්න ඇති. චම්පක හා පරණවිතාන වැන්නන් ශිෂ්‍යයන් මා සම්බන්ධයෙන් කළ සටන් අඩපණ කළා. කෙසේ නමුත් මා සම්බන්ධ යෝජනාවක් කොළඹ ආචාර්ය සමිති සංගමයේ ගෙන අවස්ථාවේ ප්‍රේමකුමාර මට පක්‍ෂ ඡන්දය දී තියෙනවා.

 

එය පරිවාස සහකාර කථිකාචාර්යවරයකු තම අංශාධිපතිගේ මතයට විරුද්ධ ක්‍රියා කිරීමක්. මට දැන ගන්න ලැබී ඇති කරුණු අනුව එදිරිසිංහ ප්‍රේමකුමාර කැඳවා තරවටු කර තියෙනවා. ප්‍රේමකුමාරත් ශිෂ්‍යයකු ලෙස සිටියේ සුවාදීන කණ්ඩායමේමා හිතන්නේ නැහැ දැන්වත් ඔහු ජාතිකවාදියකු කියා. ඔහු බටහිර සමාජ විද්‍යාව උගන්වන්නේ. ඔහු මාක්ස්වාදියකු සිටියේ නැහැ. එහෙත් ඔහු මාක්ස්වාදීන් ලිබරල්වාදීන් කොයි කවුරුත් වගේ බටහිර දැනුම් ආධිපත්‍යයේ සිරකරුවෙක්.

 

මා දන්නේ නැහැ ප්‍රේමකුමාර මා අරුන් හමුවීම මැයෙන් ලියූ ලිපිය සම්පූර්ණයෙන් කියෙවුවා කියා. සමහර විට ඔහු නිර්මාල් සුපුරුද පරිදි වාක්‍යයක් දෙකක් උපුටා දක්වා කළ ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන්න ඇති. එසේ කළා නම් වරදක්. අපි පළමුවෙන් මා ලියූ ඡෙදයත් නිර්මාල්ගේ උපුටා දැක්වීමත් සඳහන් කරමු.

 

මා ලියුවේ මෙයයි.  “ අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්‍රධාන කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව. අපි ගැනත් පසුව කතා කරමු. මිහිඳු මහා රහතන් වහන්සේ එදා කළ දේට සමාන ක්‍රියාවක් අද යාපනයේ කරන්න පුළුවන්."   නිර්මාල්ගේ උපුටනය මෙයයි. “අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්‍රධාන කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව.“ - නලින් සිල්වා.”

 

බුදුදහම හරහා බොහෝ දේ කරන්න පුළුවන්. මා එය නිශ්චිත පසුව කියන්නම් කියයි සඳහන් වන්නේ. ඉන් එකක් ලෙස මිහිඳු මහා රහතන් වහන්සේ කළ දේ ගැන පමණක් මා සඳහන් කර තියෙනවා. නිර්මාල් වාක්‍ය නැතුව මගේ කියමන උපුටා දක්වනවා. ප්‍රේමකුමාර ප්‍රතිචාර දැක්වීමට පෙර කළ යුතුව තිබුණේ මුළු ලිපිය කියවීමයි. බෞද්ධ ක්‍රමය එයයි. වෙනත් ක්‍රමයක් අනුගමනය කරමින් ප්‍රේමකුමාර මෙසේ ප්‍රතිචාර දක්වනවා. “ඕකේ අනික් පැත්ත වෙලා තියෙන්නේ එනම් හින්දු භක්තිවාදය 'බුදුදහාම' ආක්‍රමණය කරලා තියෙන්නේ...”

 

මෙයට තරමක දීර්ඝ පිළිතුරක් දීමට අවශ්‍ය වෙනවා. හින්දු ආගම කියන්නෙ වෛදික ආගම් නො වෙයි. අනෙක් අතට ආගම හා Religion   අතර වෙනසක් තියෙනවා. බුදුදහම ආගමක් ඇත්තට ම රිලිජනයක් බවට පරිවර්තනය වෙලා බුද්ධාගම වෙලා තියෙන්නෙ මෑතක. මදිවට සිංහල බෞද්ධ සංස්කෘතිය කියා එකකුත් තියෙනවා. එහෙත් සිංහල බෞද්ධ තියා ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක්වත් නැහැ. අඩු තරමෙන් හන්ටින්ග්ටන්ගෙ සභ්‍යත්ව ගැටුම (The Clash of Civilizations) කියවා තියෙනවා නම් බෞද්ධ සභ්‍යත්වය කියා එකක් නැති බව තේරුම් ගන්න පූළුවන්. අමටසේකර පොත ගැන කියනවා. එහෙත් පොත කියවා ඇති බවක් පේන්නෙ නැහැ. (මතු සම්බන්ධයි)