අලි නීතිය
Main Logo
Wednesday 30 November 2022
අලි නීතිය
පරගලය පරගලයෝ හා රනිල්
පරගලය පරගලයෝ හා රනිල්
පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ක්‍රියාවලියක්. පරගලයන් කිවුවේ ක්‍රමය (සිස්ටම් - මොවුන් සිංහලට වඩා ඉංගිරිසි දන්නවා. ඔවුන් සිංහලෙන් කතා කළත් ඉංගිරිසි වචන විශාල ප්‍රමාණයක් යොදා ගන්නවා) වෙනස් කරන්න ඕන කියා. එහෙත් කිසිවකු ගෝඨාභය ගෙදර යවා ජනාධිපති කරන්නේ කවුරුන් දැයි නොදැන සිටියාක් මෙන් ම වෙනස් කරන ක්‍රමය මොකක් ද ඇති කරන ක්‍රමය මොකක් ද කියන එකත් දැන සිටියේ නැහැ. එය දැන සිටියේ බටහිරයන්.
Tuesday 29 November 2022
කොන්ෆියුෂියස්ට නොව කොන්ෆියුස්ට
කොන්ෆියුෂියස්ට නොව කොන්ෆියුස්ට
රනිල්ගෙ පික් පොකට් ගැහිල්ල
පරගලය මූලික වශයෙන් බටහිරයන්ගෙ වැඩක්. ඔවුන් පසුගිය දශක කිහිපයක් තිස්සේ ප්‍රසාරණය වුණු මධ්‍යම පංතිය ඒ සඳහා යොදා ගත්තා. මෙහි දී මධ්‍යම පංතිය යනුවෙන් අදහස් වෙන්නේ මධ්‍යම පාංතික ආකල්ප ඇති පිරිස්. අද චීනයේත් මධ්‍යම පාංතික විරෝධයක් ඇති වෙලා. ඒ කොවිඩ් සම්බන්ධයෙන් කියා කියනවා. ඔවුන් අනුකරණය කරන්නෙත් බටහිර ආකල්ප. ඊනියා සංස්කෘතික විප්ලවයෙන් පසුව චීනයේත් මධ්‍යම පංතියක් ක්‍රමයෙන් වර්ධනය වෙනවා.
Monday 28 November 2022
පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ
පරගලයේ දරුවා රනිල්ට ජන වරමක් නැහැ
පඬි නැට්ටන්ට පරගලය තේරුම් ගැනීමට නොහැකි බව අප ඒ දිනවල ම දැක්කා. පරගලය බටහිරයන් විසින් මෙහෙයවනු ලැබුයේ රාජපක්ෂලා පන්නා දමා නන්දිකඩාල් පරාජයේ පලිය ගැනීමටත් රනිල් බලයට පත් කර තම අපේක්ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ප්රභාකරන් ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් ලවා කරවා ගැනීමටත්. ඒ ලංකා වසන්තයයි. එහි ඇති ජනඅරගලයක් නැහැ. ආර්ථික අර්බුදය බටහිරයන් තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට යොදා ගත්තා. එහි දී සිංහලයන් උඩින් පල්ලෙන් තොරතුරු අහුලා ගැනීමත් සකර්බර්ගේ මුහුණු පොතත් බටහිරයන්ගේ වාසියට යෙදුණා. ආර්ථික අර්බුදය රාජපක්ෂලා හොරකම් කිරීම නිසා ඇති වුවක් ලෙස තොරතුරු උඩින් පල්ලෙන් අහුල ගන්නා සිංහලයන්ට පෙන්නුවා. අප මධ්‍යම පාංතික අපේක්ෂා නිසා විනාශ වූ බව තවමත් ඊනියා ආර්ථික විශේෂඥයන් කියන්නෙ නැහැ. ඔවුන්ට කිසි දා ගොඩ යන්න බැහැ.
ෂාෆි
ෂාෆි නිදොස් කර නිිදහස් කර නැහැ. මා දන්නා තරමින් අධිකරණය කියා ඇත්තේ වැටුප් ගෙවීමට පමණයි. ෂාෆි නිදහස් කරන්න පුළුවන් අධිකරණයට මිස පඬි නැට්ටන්ට නොවෙයි. කොළඹ විශ්වවිිද්‍යාලයට එදිරිසිංහ වැනි වමාලාගේ ද ආචාර්ය සංගම්වල ද ආධාරයෙන් මගේ වැඩ තහනම් කර තිබියදි ද මට වැටුප් ගෙවන්න සිදු වුණා.
Sunday 27 November 2022
ජනාධිපතිවරණයක අවශ්‍යතාව
ජනාධිපතිවරණයක අවශ්‍යතාව
වැරදුණු පරම්පරාව
වැරදුණු පරම්පරාව
ඊයේ ලිපිය පළවී මෙන් පසු මට දැනගන්න ලැබුණා එක්තරා සම්මන්ත්‍රණයක දී ගෙවිඳු මා ලියූ ඝරසර්ප විවේචනය අගය කරමින් කතා කළ බව. ඒ ගැන ගෙවිඳුට පින්. ඒ සම්මන්ත්‍රණයට ජයන්ත චන්ද්‍රසිරි ද සහභාගි වී තියෙනවා. මා ජයන්ත ඝරසර්ප විවේචනය ගැන කිසිවක් සඳහන් නොකිරීම ගැන කියා ඇත්තේ කණගාටුවෙන් බව ඇතැම් පඬි නැට්ටන් කියා තිබෙනවා. ඒ ඔවුන්ගේ අවබෝධයේ තරම. මා ඒ කතාව කිවුවේ ජයන්ත චන්ද්‍රසිරි උදයසිරි වික්‍රමරත්න ආදීන් සකල කලා වල්ලභ වමාලාට කෙතරම් යට වී ඇත් ද කියා කීමටයි. ජයන්ත චන්ද්‍රසිරි රෝහණ වීරසිංහ ආදීන්ට පරගලයට යන්න සිදු වුණෙත් ඒ යට වීම නිසයි. ද්රවිඩරත්න වැන්නන්ට එය අදාළ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමත් සිංහල බෞද්ධ විරෝධී පරගලයේ.
Saturday 26 November 2022
සකල කලා වල්ලභයෝ
සකල කලා වල්ලභයෝ
පරගලයෙන් පෙන්නුම් කෙරුණේ මෙටාව (මුහුණු පොත) මගින් ඊනියා උගත් පිරිසක් මෙහෙයවිය හැකි ආකාරයයි. මේ උගතුන්ගෙ න්‍යායාචාර්යයන් විවිධ කරුණු නිසා හීනමානයෙන් පිරි අය. ඔවුන් තමන් ලබා ඇති බටහිර අධ්‍යාපනය නිසා හිස උදුම්මාගත් පිරිසක් ද වුණා. ඔවුන් තම දෙමවුපියන් මෝඩයන් ලෙස සලකන තමන් දෙමවුපියන්ට වඩා දන්නවා යැයි සිතන දෙමවුපියන් ගැන ලජ්ජා වෙන දැනුම සංස්කෘතිය ආදී සියල්ල ඇත්තේ බටහිර පමණ යැයි සිතන අප බටහිර ඊනියා දියුණුව ළඟා කර ගත යුතු යැයි සිතන සිංහලයන්ට ඇපල් කන්න වැසිකිළි පාවිච්චි කරන්න ඉගැන්විය යුතු යැයි සිතන කාගේ හරි බටහිර විදග්ධයකුගේ කතා ලංකාවට හඳුන්වා දිය යුතු යැයි සිතන සෑම දෙයක් ම ගැඹුරින් හැදෑරිය යුතු ය කියමින් උඩින් පල්ලෙන් පමණක් කරුණු ඇහිඳ ගන්නා ඔළුව බටහිරට හරවා නිදන පිරිසක්. බටහිරයන්ට එක් ට්විටර් පණිවුඩයකින් ඔවුන් මෙහෙයවන්න පුළුවන්.
Friday 25 November 2022
ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ද?
ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ද?
සිංහල බෞද්ධ සමාජයේ ප්‍රශ්න තියෙනවා. අපේ කුල භේදය එක් ප්‍රශ්නයක්. කුල ප්රශ්නය පොළොන්නරු කාලයේ සිට පවතිනවා. එය කුල භේදයක් බවට පත් කරන ලද්දේ නුවර යුගයේ දී. එහි දී ලන්දේසින් ද යම් වැඩ කොටසක් කර තියෙනවා. නායක්කාර් රජවරු හුදෙක් කීරවැල්ලේ පරපුරේ කුමරියන් නැති වීම නිසා ඇති වුවා කියා හිතන්න බැහැ. මෙරට ක්ෂත්රිය කුමාරිකාවක් හොයා ගැනීමට බැරි වෙන විධියට ක්ෂත්රියයන් නෑති වුණා ද? ඒ පවුල්වල පිරිමි පමණක් ඉපදුණා ද? මේ කරුණෙහි දී ලන්දේසින් විශාල කාර්යභාරයක් කර තියෙන්න ඕන. ඔවුන්ගෙ නැවුවලින් තමයි සිංහලයන්ට එකල මුුහුදු තරණය කරන්න තිබිලා තියෙන්නෙ. කලක් චීන වරායවල දකින්න පුළුවන් විශාල ම නැවු නිෂ්පාදනය කළ සිංහලයන් කෙතරම් පරිහාණියකට පත් ව තිබිණි ද?
Thursday 24 November 2022
රනිල්ගේ කාර්යභාරය
රනිල්ගේ කාර්යභාරය
කෝ මේ ටොයිලට් පේපර්
කෝ මේ ටොයිලට් පේපර්
ඉංගිරිසි අධ්‍යාපනයෙන් හීනමානයක් ක්රමානුකූල ව ඇති කළා. අපට ඔවුන් අනුකරණය කිරීම අනිවාර්ය දෙයක් බවට පත් කෙරුණා. බටහිර හැම දෙයක් ම උසස් ලෙස සලකන්න පුරුදු කෙරුණා. අධ්‍යාපනයෙ ද දැනුමෙ ද සංස්කෘතියෙ ද ආදී වශයෙන් හැම තැනක ම මිනුම් දණ්ඩ බවට බටහිර දේ පත් කෙරුණා. බටහිරයන් හොඳයි කිවුවොත් තමයි අපටත් හොඳ වුණෙ. කොටින් ම ලන්ඩන් නිවුයෝක් පැරිස් තමයි අපේ සංස්කෘතික ත්‍රිකෝණය වුණෙ. අපේ වැවු පවා ඉංගිරිසින් මවිතයට පත් කරන බව කියා අප උදම් වුණා. මා හිතන විධියට අප සමස්තයක් හැටියට අනුකරණය නොකළෙ ඉංගිරිසින් පස්ස පැත්ත පිහදාන එක පමණය කියා. අප පස්ස පැත්ත සම්බන්ධයෙන් ඉංගිරිසින්ට වඩා උසස් ද? මා එ ගැන සමීක්ෂණයක් කරල නැහැ. සමහර උදවිය ඇති එයත් අනුකරණය කරණ. නරක ද විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යා අධ්‍යනංශයකින් ඒ ගැන සමීක්ෂණයක් කළොත්. අඩු ගණනෙ ඒකවත් රටට ප්‍රයෝජනවත් වේවි. මට අමතක වුණා සමීක්ෂණයත් කරන්න වෙන්නෙ ඉංගිරිසින් කියා දුන්න විධික්රමය ද මොකක් ද එක අනුව.
Wednesday 23 November 2022
රනිල්ගේ තර්ජනය
රනිල් ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් කළ කතාව
දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ද?
භික්ෂූන් වහන්සේට අපහාස කිරීම - දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ද?
අද පක්ෂයකට ගොනු වෙලා නැති වමාලට තමන්ගෙ කියල විකල්පයක් නැහැ. ඒ වමක් නැති නිසා. ඔවුන් කරන්නෙ එක්කො ජෙප්පන්ට හරි සෙප්පන්ට හරි ආධාර කරන එක. එහෙමත් නැත්තන් ඒ දෙකේ ඊනියා සමගියක් ගැන කතා කරන එක. ඒ මොකක් කළත් වැඩක් නැහැ. ඒකට හේතුව ජෙප්පන්ටත් සෙප්පන්ටත් විකල්පයක් නැති වීම. වමක් නැති වීම. ඔවුන් කිසි දා බලයට එන පිරිසක් නොා වෙයි. ඔවුන් බැරි වෙලාවත් එකතු වුණත් අර 3%වත් ලැබෙන්නෙ නැහැ.
Tuesday 22 November 2022
කංසා හා රනිල්
තප්පුලන වමාලා
තප්පුලන වමාලා
පැරණි වම බිඳ වැටීමෙන් පසු අලුත් වමක් ගොඩ නැගීමට තෙපර බෑවේ ට්‍රොට්ස්කිවාදී අභාසයක් ලැබුවන් වීම පුදුමයක් නොවේ. පැරණි වම ලෙස මා හඳුන්වන්නේ තිහේ දශකයේ (එහි ආරම්භයටත් අවුරුදු සීයක් පිරීමට වැඩි කලක් නැහැ. තිස්ස විතාරණ වාසුදේව ආදීන් එතෙක් ජීවත් වේවි ද කියන්න බැහැ. ඔවුන්ට දීර්ඝායු පතනවා) ඇරඹුණු වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. අද එය පස්සට ගෙනියන්නේ ජෙප්පන් හා සෙප්පන්. වමක් නැතිවත් ජෙප්පන් හා සෙප්පන් එය පස්සට ගෙනියනවා. ඔවුන්ටත් තිස්ස විතාරණ ආදීන්ටත් නමට හරි රට පුරා දන්න පක්ෂ තියෙනවා.
Monday 21 November 2022
දෘශ්ටිවාද
ගල්කන්දේ හාමුදුරුවන්ට දෘශ්ටිවාදයක් තියෙනවා ද? පිළිතුරු අවශ්‍ය නැත.
ප්‍රතිචීන සරණං ගච්ඡාමි
ප්‍රතිචීන සරණං ගච්ඡාමි
ලෝක පාපන්දු ශූරතා තරගාවලිය ඇරඹිලා. ලංකාව නැහැ. ඒත් එංගලන්තය (එක්සත් රාජධානිය ලෙස නොවේ) එක්සත් ජනපද ඉන්නවා. අප අනෙක් අයගේ පාපන්දුව ද? ඒ කොහොම වුණත් බටහිර රටවල පාපන්දු ජනප්‍රියයි. අප බටහිර රටවල් අනුකරණය නොකරන්නේ ඇයි? අපේ අදීනත්වය නිසා ද? අපට එහි දී පමණක් අදීනත්වයක් තියෙන්න පුළුවන් ද? අද ගම්වලටත් ක්‍රිකට් ගිහින්. ක්‍රිකට් බෝන් අගේන්ට යටවෙලා ටිකක් කල්. එහි නියම ස්වරූපය එළියට ඇවිත්. හැංගි හෑංගි වෙස් බැන්දත් එළියෙ නටන්න වෙනවා. ක්‍රිකට් ආයතනයට බෝන් අගේන් පළවා හරින්න පුළුවන් ද?
බෝන් අගේන්
බෝන් අගේන් ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නො වෙයි. දේශපාලනයේ ඉහ වහා ගිහින්. යළි ඉපදීම නොව යළි යළිත් මරණය.
Sunday 20 November 2022
හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට
හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට
නටපු තොයිලෙකුත් නැහැ බෙරෙත් නැහැ යනුවෙන් ලිය ලිපිය ඊනියා X කණ්ඩායම ගැන ලියූ විචාරයක් කියා ඒ කණ්ඩායමේ හිටපු හරි තාමත් මානසික ව ඉන්න හරි ඇතැමුන් සිතන බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලියි. එයින් ම තේරෙන්නේ ඔවුන් කෙතරම් තමන් ගැන ලොකුවට හිතනවා ද යන්නයි. මා ඒ ලිපියත් මේ ලිපියත් ලිවුවේ ලියන්නේ ලිපි පෙළක ලිපි හැටියට මිසක් එක් එක් අය ගැන කණ්ඩායම් ගැන ලියන ලිපි හැටියට නො වෙයි.