Main Logo

Sunday 27 November 2022

වැරදුණු පරම්පරාව

 වැරදුණු පරම්පරාව

 

ඊයේ ලිපිය පළවී මෙන් පසු මට දැනගන්න ලැබුණා එක්තරා සම්මන්ත්‍රණයක දී ගෙවිඳු මා ලියූ ඝරසර්ප විවේචනය අගය කරමින් කතා කළ බව. ගැන ගෙවිඳුට පින්. සම්මන්ත්‍රණයට ජයන්ත චන්ද්‍රසිරි සහභාගි වී තියෙනවා. මා ජයන්ත ඝරසර්ප විවේචනය ගැන කිසිවක් සඳහන් නොකිරීම ගැන කියා ඇත්තේ කණගාටුවෙන් බව ඇතැම් පඬි නැට්ටන් කියා තිබෙනවා. ඔවුන්ගේ අවබෝධයේ තරම. මා කතාව කිවුවේ ජයන්ත චන්ද්‍රසිරි උදයසිරි වික්‍රමරත්න ආදීන් සකල කලා වල්ලභ වමාලාට කෙතරම් යට වී ඇත් කියා කීමටයි. ජයන්ත චන්ද්‍රසිරි රෝහණ වීරසිංහ ආදීන්ට පරගලයට යන්න සිදු වුණෙත් යට වීම නිසයි. ද්‍රවිඩරත්න වැන්නන්ට එය අදාළ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමත් සිංහල බෞද්ධ විරෝධී  පරගලයේ.

 

ඇතැමුන් කියනවා මා චිත්‍රපට නරඹන්නෙ නැතුව පොත් කියවන්නෙ නැතුව විචාර ලියනවා කියා. මා කිසි දිනෙක එසේ කර නැහැ. මා ඝරසර්ප නැරඹුවා. එහෙත් ඇතැමුන්ගේ කෘති බලන්නෙ නැතුව කියවන්නෙ නැතුව මා ගැන කියනවා. විචාර නො වෙයි. ඔවුන්ගෙ වුවමනාව ගැනයි මා කියා ඇත්තෙ. අශෝක හඳගම විමුක්ති ජයසුන්දර ආදීන්ගෙ කෘති එකක් දෙකක් බැලුව ඔවුන් මොකාට එන්නෙ කියල කියන්න බැරි ?  සිංහල බෞද්ධ විරෝධය ඔවුන්ගෙ ඇට සොයා ගොස් ඇට මිදුළු තුළට වැද එහි අරක් ගෙන. ඔවුනුත් පරගලයෙ පියවරු.

 

අර වැරදි පරපුර කාලයක් තිස්සේ ලබා දුන් අධ්‍යාපනයේත් ජනමාධ්‍යයේත් ප්‍රතිඵලයක්. අද ඇති ඊනියා පර්යේෂණත් උඩින් පල්ලෙන් කෙරෙන තොරතුරු සෙවීම් පමණයි. කාලයක් තිස්සේ හැමදාමත් මෙරට ඊනියා පර්යේෂණ ලෙස කෙරුණේ තොරතුරු සෙවීම් පමණයි. නිර්මාණාත්මක සංකල්ප ගෙතීමක් ප්‍රවාද ගෙතීමක් කෙරී නැහැ. පඬි නැට්ටන්ට ඔය කතන්දර ගෙතීම කියන එක තේරෙන්නෙත් නැහැ. එකල තොරතුරු සෙවීම යම් කාලයක් අරගෙන කළ දෙයක්. එහෙත් අද තොරතුරූ සොයන්නෙ උඩින් පල්ලෙන්. එය විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සිට සාමාන්‍ය පෙළ සිසුන් දක්වා පොදු කරුණක්. සාමාන්‍ය පෙළ සිසුවා තොරතුරු සොයන්නේ විභාගයෙන් සාමාර්ථයක් ලබා ගැනීමට. විශ්වවිද්‍යාල ගුරුවරයා තොරතුරු සොයන්නේ උසස්වීම් ලබා ගැනීමේ පටිපාටියේ ලකුණු එකතු කිරීම සඳහා ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කරන්න. අද තරම් මහාචාර්යවරු සංඛ්‍යාවක් ලංකාවේ කිසි දිනෙක ඉඳලා නැහැ. ඔවුන්ගෙන් ශාස්ත්‍රයට වූ සෙතක් නැහැ. සමහර විශ්වවිද්‍යාල ගුරුවරු තම සිසුන් ලවා තොරතුරු එකතු කරවා තම නමින් ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කරන අවස්ථා තියෙනවා.

 

උඩින් පල්ලෙන් තොරතුරු එකතු කිරීමත් අවබෝධයක් නැතුව වුවත් තොරතුරූ වැමෑරීමත් එමගින් ඊනියා බුද්ධිමත් බව ප්‍රදර්ශනය කිරීමත් වැරදි පරම්පරාවේ ලක්‍ෂණයක් වී තියෙනවා. අනෙක් අය කියන කිසිම දෙයක් තේරුමක් ඇතුව කියන දෙයක් නොවන බැවින් තමන්ටත් ඕනෑම දෙයක් කියන්නත් පුළුවන්. සිංහලයන් අතර විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර මමත්වය ඉතා වැඩියි. අප මල් ආසනයක් පූජා කළත් එහි නම කොටා ගන්නා පිරිසක්. මං කියල නැද්ද ඕක ඔහොම වෙන බව, ඔන්න මං කිවුව කියල ලියා ගනින් ආදී කතා අපට නිතර අසන්න ලැබෙනවා.

 

මා කියා කෙනකු නැතැයි කියන දහමක් ගැන නිතර දෙවේලේ කතා කරන පිරිසක් අතර එලෙස මමත්වය වැඩි වන්නේ තමන් කියන දේ ප්‍රතික්‍ෂෙප කරන බැවින් ? මේ මමත්වය සිංහල බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු ඒත් දැන් නිරාගමිකයන් යැයි කියන්නන් අතරත් තියෙනවා. ඔවුන් තමන් නිරාගමිකයන් බව කියන්නෙත් තම දැනුම ප්‍රදර්ශනය කරමින්. ඊනියා දෘශ්ටිවාද ගැන කියන්නෙත් මමත්වයකින්. බටහිරයන් කියන අඩියොලොජි කියන එකත් ඔවුන් අහුලගෙන තියෙන්නෙ මතුපිටින්. බුදුදහමට අනුව දෘශ්ටිවාද නැති වන්නෙ නිවීමෙන්. බටහිර විද්‍යාවේ ඇත්තේත් දෘශ්ටිවාදයක්. නිවීම සඳහාත් දෘශ්ටියක් අවශ්‍යයි. එය සම්‍යක් දෘශ්ටිය ලෙස හඳුන්වනවා. සම්‍යක් කියන්නෙ නිවැරදි කියන එක නො වෙයි. නිවීමට මග.

 

වැරදි පරම්පරාව කියනවට වඩා හොඳයි වැරදුණු පරම්පරාව කියන එක. මේ අය අවුරුදු හැටට අඩු පිරිස අතර දකින්න පුළුවන්. ඔවුන් කැමති දේ තමන් දන්න බව ප්‍රදර්ශනය කිරීම. අද ඇති ආර්ථික අර්බුදය රාජපක්‍ෂල හොරකම් කිරීම නිසා ඇති වු එකක් බව මේ අය මහ හඬින් ප්‍රචාරය කරන්නෙ බව කාගෙන් හරි අහුලන්  තමන් දන්න බව පෙන්වමින්. අද රාජපක්‍ෂල නැතුවත් මාස හතරකට වැඩියි. දෑන් ඩොලර් සංචිතය වැඩි වෙලා ? වැඩි වෙන පාටක් තියෙනවා ? දුකට හේතුව දන්නෙ නැතුව දුක නැති කරන්න පුළුවන් ? ආර්ථික අර්බුදයට හේතුව දන්නෙ නැතුව අර්බුදය නැති කරන්න පුළුවන් ? තමන්ගෙ බැරි බව වෙනත් අයකු පිට පැටවීමත් සිංහලයන්ගෙ ලක්‍ෂණයක්. නන්දලාල් වීරසිංහගෙ කාලෙ එච්චර හොඳ නැහැ. ඔහු ජනාධිපති වෙන්න යනවා කියන්නෙ රනිල් නොවුණත් රනිල්ගෙ අනුගාමිකයෙක්.

 

වැරදුණු පරම්පරාව අද බටහිරයන්ගෙ අවශ්‍යතාවට පරගල කරල රනිල් ගෙනල්ල. ඔහුට අද අවශ්‍ය බලය බෙදන්න හා සිංහල සංස්කෘතියට හිමි තැන නො දීමට. බටහිරයන් ඔහු ගෙනාවෙත් ඒකට. අලි සබ්‍රි අද අලි කතා කියනවා බලය බෙදීම ගැන. ගෝඨාභය කාගෙ හරි වුවමනාවකට කළ ලොකු වරදක් තමයි සබ්‍රි පාර්ලිමේන්තුවට ගෙන ඒම. අද කොයි කවුරුත් ගෝඨාභය අත්හැරලා රනිල් ළඟ.