Main Logo

Wednesday 31 January 2024

සංධාන වසන්තය

 

සංධාන වසන්තය

 

මේ සංධාන සමයයි. මෙය රනිල්ගේ දේශපාලන සංධ්‍යා සමය කිරීමට ඉටා ගත යුතුයි. මාමයි බෑනයි මෙරටට කර ඇති හානිය දෙදහස් පන්සිය වසරක ඉතිහාසයෙහි තද කළු අකුරින් ලියැවී තියෙනවා. රනිල් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කරනු ඇත්තේ තමාට දිනිය හැකි බවට සහතිකයක් ඇත්නම් පමණයි. නැත්නම් පළාත්පාලන ආයතනවල මැතිවරණ මෙන් ඇත්තෙත් නැත්තෙත් නැති තත්චයකට ජනාධිපතිවරණයත් පත් වේවි.

Tuesday 30 January 2024

අරුන් රනිල් හා ජාතික ගීය

 

අරුන් රනිල් හා ජාතික ගීය

 

මෙවරත් අරුන් සිද්ධාර්ථන් යාපනයේ නිදගස් උත්සවය පවත්වනවා. මෙවර වෙනසකට ඇත්තේ දකුණෙන් පිරිසක් එයට සහභාගි වීමයි. සමහර විට සිංහලයන් සහභාගිවන යාපනයේ පළමු නිදහස් උත්සවය මෙවර පැවැත්වෙනු ඇති. යාපනයේ නිිදහස් උත්සවය කොළඹ නිදහස් උත්සවය මෙන් සරුවට පැවැත්වෙන එකක් නැහැ. කොළඹ ආණ්ඩුවේ වියදමෙන් කෙරෙන්නක්. අරුන්ට ආණ්ඩුවත් එක්ක හැරෙන්නවත් බැහැ. අරුන් උත්සාහවන්තයෙක්.

Monday 29 January 2024

මිහිඳු හිමියන්ගේ සිස්ටම් චේන්ජ්

 මිහිඳු හිමියන්ගේ සිස්ටම් චේන්ජ්


මිහින්තලේ නායක හාමුදුරුවන් පහුගිය දා හොඳ ප්‍රකාශයක් කර තිබුණා. උන්වහන්සේගේ  හැම කියමනක් ම සමග මා එකඟ නැති වුණත් මේ කියමන නම් මසුරන් වටිනවා. ඒ ප්‍රකාශය කර තිබුණේ දිලිත් ජයවීරට. මා දිලිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙහි නැති බව කීප වතාවක් කියා ඇති නමුත් ඇතැමුනට එය පෙනෙන්නේ නැහැ. ඒ ගැන පසුවට. දැන් නායක හාමුදුරුවන්ගෙ ප්‍රකාශයට.

Sunday 28 January 2024

හද්දා පරණ සීනුව ගැන බුද්ධිමතීගෙන්

 

හද්දා පරණ සීනුව ගැන බුද්ධිමතීගෙන්

 

එක් වාර්තාවකට අනුව මාලිමාවේ බුද්ධිමතී කියල තිබුණ  නිර්ධන පංතිය සුළු ධනේශ්වරය හද්දා පරණ වචන කියල. වාර්තාව කියැවුණේ සීනු හඬින් නිසා විශ්වාස කිරීම තරමක් අපහසුයි. මේ සීනුව හා මාලිමාව අතර සටනක් කියලත් හිතෙනවා. දැනට පැරදී ඇති සීනුව මාලිමාවට සියුම් පහරක් එල්ල කරල ? හෙට අනිද්දා වෙන තුරු දිනන තුරු සහේදරයාගෙ ප්‍රතිචාරය දැන ගැනීමට ඉන්න වෙනවා.  සනත් නිශාන්තගෙ මළබත කොහොම වෙතත් කිරිබත කන්න තියෙනවා.

Saturday 27 January 2024

මෝදි හා රනිල්

 

මෝදි හා රනිල්

 

ඊයේ (ජනවාරි 26) ඉන්දියාවේ ජනරජ දිනය. ඉන්දියාව එය උත්සව ශ්‍රීයෙන් සැමරුවා. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රධාන අමුත්තා වුණා. ඉන්දියාව 1947 නිදහස දිනා ගත්තත් ජනරජයක් වුණෙ 1950 ජනවාරි 26. ඔවුන්ට වඩා වැදගත් වන්නෙ අගෝස්තුවේ එන නිදහස් දිනය නොව ජනවාරියේ එන ජනරජ දිනය. ජනරජ දිනයෙ තමයි ඉන්දියාව බිරිතානියෙන් මුළුමනින් නිදහස් වුණෙ. ඉන්දියාව ජනරජයක් වුණෙ නේරුගෙ කාලයේ. නේරු කේම්බ්‍රිජ් ගියත් ඉන්දියාව ජනරජයක් කිරීමට පියවර ගත්තා.

Friday 26 January 2024

ඇමරිකා ගමනට පෙර

 

ඇමරිකා ගමනට පෙර

 

මා මස හතරක් පමණ ලංකාවේ ගතකර ඊයේ පොහෝ දින ඇමරිකාවට පැමිණියා. ඊට පෙර බොහෝ දෙනකු මා හමුවීමට පැමිණියා. අතර ගුණදාස අමරසේකර සිටියා. මේ වසර අවසන් වන විට ඔහුට අනූපහ පිරෙනවා. එහෙත් ඔහු තවමත් ශාරීරික දුර්වල වුණත් මානසික දුර්වල නැහැ. අප චින්තන පර්ෂදය ලෙස මාස හතරෙ වැදගත් කටයුතු දෙකක් කළා. එකක් අමරසේකර වෙනුවෙන් අභිනන්දන උපහාර උළෙලක් පැවැත්වීම. අනෙක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමාගේ ජාතික උපදේශක සභාවක් පිහිටුවීමට වත්මන් සභාපති වාකිෂ්ට මහතා සමග එකඟතාවකට පැමිණ අනුව කටයුතු කිරීම.

Wednesday 24 January 2024

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නැවතත් කරළියට ඇවිත්. මෙවර නිල වශයෙන් නොවෙයි. කොමිසම සමග ක්‍රියාත්මක වන ස්වේච්ඡාවෙන් කටයුතු කරන ඊනියා විශේෂඥ කණ්ඩායමක් ලෙස. අපට කොමිසම මෙතෙක් මතක් කර දුන්නේ වෙල්ලාලයන්ගේ හා ඔවුන් වෙනුවෙන් අවි අතට ගත් දෙමළ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම්. අද මේ විශේෂඥයන් මතක් කරන්නේ මත්දූව්‍ය භාවිතා කරන්නන්ගේ මානව අයිතිවාසිකම්.

Tuesday 23 January 2024

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

දකුණේ ඉන්න නිරාගමික සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටනුත්  වෙල්ලාලයන්ට හා දෙමළ හින්දු සංස්කෘතියට නොව වෙල්ලාලවාදයට විරුද්ධ අරුන් සිද්ධාර්ථනුත් අතර විශාල වෙනසක් තියෙනවා. සිංහල බෞද්ධ විරෝධීන් ඊනියා උගතුන් වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ දෙනකු එක්ස් කණ්ඩායමට යම් ආකාරයකින් සම්බන්ධ වී සිටියවුන්. දැන් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා මා දන්නේ නැහැ. සමහර විට දීප්ති ගුණරත්න පමණක් වෙන්න පුළුවන්.

Monday 22 January 2024

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

ඊයේ (ජනවාරි 21) ත්‍රිකුණාමලයේ පැවති ඉලංකෙයි තමිල් අරසු කච්වි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සම්මේලනයේ දී යාපන දිස්ත්‍රික්ක මන්ත්‍රී ශ්‍රීධරන් පක්‍ෂයේ නායකයා ලෙස තේරී පත්වෙලා. ඔහුට පරාජය වී ඇත්තේ සුමන්තිරන්. නායකත්වයට මඩකලපු දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී යෝගේස්වරන් තරග වැදීමට සිටි නමුත් ඔහු ශ්‍රීධරන් වෙනුවෙන් තරගයෙන් ඉවත් වෙලා.

Sunday 21 January 2024

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

මෙවර සයන්ස් සඟරාවේ කතුවැකියක් ලෙස පළ වූ ලිපියටත් සුපුරුදූ පරිදි කිහිප දෙනකු හා හා ලකුණු කර තිබුණා. ඔවුන් සියල්ලන් නැතිව වුණත් බහුතරය ජෙප්පන්. ඔවුන් හිනහවෙන්නේ තම පාරම්පරික දැනුමටයි. අද විජේවීරගේ වි පෙරමුණක් නැහැ. ඇත්තේ ඉහළ මධ්‍යම පාංතික  හරිණි අමරසූරියගේ බලවේගය. එහි කිසිම ජාතිකත්වයක් නැහැ. විජේවීර ජාතිකත්වය හා මාක්ස්වාදී සමාජවාදය අතර දෝලනය වූ අයෙක්. එකල වි පෙ හිටි විමල් වීරවංශ වසන්ත බණ්ඩාර වැන්නන්  අදත් කියන්නේ වාමවාදී ප්‍රගතිශීලි ජාතිකත්වයක් ගැන. අර දෝලනයෙන් එන කතා.

Saturday 20 January 2024

සයන්ස් හා පඬි නැට්ටෝ

 

සයන්ස් හා පඬි නැට්ටෝ

 

පහත පළවන්නේ මෙවර (ජනවාරි 19) සයන්ස් සඟරාවේ කතුවැකිය ලෙස පළ වූ ලිපියයි. මෙහි දේශීය විද්‍යා ගැන කියනවා. ලිපියේ අවධාරණය කෙරෙන්නේ දේශගුණය හා පරිසරය පිළිබඳ ප්‍රශ්නයයි. බටහිර විද්‍යාව එක දැනුම් පද්ධතිය ලෙස සලකන පඬි නැට්ටන්ට හා අනෙක් අයට දැන ගැනීමට කරුණු කිහිපයක් ලිපියේ තියෙනවා.

Friday 19 January 2024

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

මා ඊයේ (ජනවාරි 18) දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දකුණට ගියා. නැහැ මාළු ඇඹුල් තියල් ගේන්න නො වෙයි. අධිවේගය හැදුවෙ මාළු ඇඹුල් තියල් ගේන්න කිවුව අයත් පාරෙ එහෙ මෙහෙ යනවා මහින්ද හොරා කිය කියා. ඉස්සර නම් බස්නාහිර ගාළු පාර අවට ජීවත් වූවකු ලෙස මාත් ඇඹුල් තියල්වලට කැමති වුණා. නාථ දේව මණ්ඩලය මුණ ගැසුණට පස්සෙ මා මස් මාළු කෑම නතර කළා. අවුරුදු විස්සකට පමණ පෙර.  පාරේ වෙන දා තරම් වාහන තිබුණේ නැහැ.

Thursday 18 January 2024

මෝදි නේරු හා රාම

 

මෝදි නේරු හා රාම

 

ඉන්දීය ජාතිකයකුගේ යැයි සිතිය හැකි පහත සඳහන් ලිපිය මා පළකරන්නේ නේරුගේ හා නේරු පවුලේ ඊනියා ඓහිය (secular) දේශපාලනය මෝදිගේ හින්දු ජාතිකත්වය හමුවේ පරාජය වී ඇති ආකාරය පෙන්වීමටයි.  අයෝධ්‍යාවේ නව හින්දු කෝවිලක් විවෘත කිරීමේ උත්සවයක් ගැන ලියවී ඇති ලිපිය මෙරට පඬි නැට්ටන්ගේ අවධානයට යොමු වේය කියා හිතන්න බැහැ. පඬි නැට්ටන් දන්නේ බටහිරට අවශ්‍ය විධියට වලිගය වැනීම පමණයි.

Wednesday 17 January 2024

රනිල් ඡන්ද අහුලයි

රනිල් ඡන්ද අහුලයි

 

රනිල් වික්‍රමසිංහ මොනවද කරන්නෙ.  කාට හරි කියන්න පුළුවන් ඔහු චාරිකාවේ යෙදෙනවා තවදුරටත් යෙදේවි කියල, රනිල්ට චාරිකාවෙ යෙදෙන්න  ඊනියා ජනතාව ඉඩ දීල තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ ඔය විධියට චාරිකා කළා නම් ඊනියා ජනතාව පාරට බහිනවා. ඒත් ජෙප්පන්ට දැන් ඊට වැඩිය වැඩ තියෙනවා. ඔවුන් දැන් ශාන් සිල්වා සජබෙට යෑම පිටුපස ඇති කුල ප්‍රශ්නය ගැන කතා කරනවා. ශාන්ට යන්න තිබුණෙ කරාවෙ නායකත්වයකින් බිහි වුණු ජවිපෙට. රනිල්දාස වෙනත් කුලයක නායකත්වයක් පිහිටෙවුවත් අද ජවිපෙ කපා ජාජබ පුන් සඳ පායලා හරිණි නැවතත් නායකත්වය කරාව  කුලයට ලබා ගෙන.

Tuesday 16 January 2024

මහාචාර්ය වදන් කිහිපයක්

 ජ්යෙෂ්ඨ මහාචාරය ප්රේමකුමාර ද සිල්වා නැවතත් මහාචාර්ය වදන් කිහිපයක් පවසා තියෙනවා.

"මට බටහිර දැනුම් ආධිපත්යයෙන් මිදීමට හැකි වේවා! යැයි නලින් සර් ප්රාර්ථනා කරනවා. ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්යාලයේන් ද මා එඩ්න්බරෝ විශ්ව විද්යාලයේන් ද ආචාර්ය උපාධිලාභින් බව එහෙනම් මුලුමනින්ම අමතක කරන්න ම වෙනවා.. මම නම් එක කරන්න ලැස්ති නෑ.."
පළමුවැනි වාක්යයෙන් දෙවැනි වාක්යය නිගමනය (deduce) කරන්නේ කෙසේ දැයි තේරුම් ගන්න මොටාවන්ට පුළුවන් වේවි ද කියා මා දන්නේ නැහැ. මට නම් බැහැ.

ප්‍රේමකුමාර හා මම

 

ප්‍රේමකුමාර හා මම

 

මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා මහතාගේ පිළිතුරෙහි ඉතිරි කොටසට අද ප්‍රතිචාර දක්වමු.

Monday 15 January 2024

ප්‍රේමකුමාර හා නිර්මාල්ගේ පෝස්ටුව

 

ප්‍රේමකුමාර හා නිර්මාල්ගේ පෝස්ටුව

 

ඉතා නීරස කටයුතුවලත් අපට නිරත වන්න සිදුවෙනවා. මා පුවත්පත්වල කාලෝ ෆොන්සේකා අශෝක අමරතුංග අලවත්තාගොඩ පේමදාස වැනි මහාචාර්යවරුන් සමග දිගින් දිගට වාද කර තියෙනවා. ඔවුන් මා වාචික මුණ ගැසීමට කැමති වුණේ නැහැ. වරක් අශෝක අමරතුංග සමග වාදයක් මහනුවර දී සංවිධානය කළත් ඔහු පැමිණියේ නැහැ. කාලෝ දොරමඬලාවේ නම් සහභාගි වුණා. ඊනියා මෙහෙයවන්නකුගේ සහාය ඇතුව. ඔහු වරක් වැඩ සටහනක් අවසානයේ මා ගැන කීවේ මා අලුත් දෙයක් කියා නැත, යම් අලුත් දෙයක් කීවොත් වෙන අයකුගේ කියා. වැඩ සටහන අවසානයේ ඔහු එසේ කීවේ මට පිළිුතරු දීමට ඉඩ නොතබා. එබැවින් කැමරාවේ අවධානය යොමු කර ගැනීමට මට හිටගෙන කතා කිරීමට සිද්ධ වුණා. ඊනියා උගත් ප්‍රබුද්ධ ජනයා දොස් කීවේ තක්කඩි වැඩක් කළ කාලෝට නොව මටයි.

Sunday 14 January 2024

ප්‍රේමකුමාරගෙ හිරෙ

 

 

ප්‍රේමකුමාරගෙ හිරෙ

 

මා ඊයේ (ජනවාරි 13)  පළ කළ ලිපියට සමාජ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා මහතා තම මෙටා ගිණුමේ පිළිතුරක් ලියල . ඒමෙසේ .

Saturday 13 January 2024

කවුද මේ මොටාගෙදර ප්‍රේමකුමාර

 

කවුද මේ මොටාගෙදර ප්‍රේමකුමාර

 

මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා සිංහල බෞද්ධ විරෝධියෙක් නො වෙයි. ඔහු පසුගිය දා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ දෙසීයවැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ කෘතියක සංස්කාරකවරයකු ලෙස කටයුතු කළා. එහෙත් එතුමාට ප්‍රශ්නයක් තියෙනවා. ලබා ඇති අධ්‍යාපනය බටහිර ඉංගිරිසි ක්‍රිස්තියානි වීම. මටත් වයස අවුරූදු තිස්පහ පමණ වන තෙක් ප්‍රශ්නය තිබුණා. සංක්‍රමණීය කාලයකින් පසු  මා ඉන් මුළුමණින් කැඩුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ මොටාව මා කඩා බිඳ දමන්න උත්සාහ කළා. ඔවුන් මා අස්කළා.

Friday 12 January 2024

ප්‍රේමකුමාරගේ සමාජ විද්‍යාවට පෙරවදනක්

 

ප්‍රේමකුමාරගේ සමාජ විද්‍යාවට පෙරවදනක්

 

මා ඊයේ (ජනවාරි 11) ලියු ලිපිය පහළොස්දහසකට අධික පිරිසක් අතරට ගිහිල්ලා. එය නාළිකාවල  හරි නලවල හරි (යුටියුබ්) ප්‍රේක්‍ෂක සංඛ්‍යාවෙන් දාහෙන් එකක්වත් නො වෙයි. ලිපිය සම්බන්ධයෙන් හා හා ලකුණු කෙරී ඇත්තේ තිහක් පමණ. ජෙප්පන් හා සෙප්පන් දැන් මගේ ලිපි කියවන්නේ නැතිවෙන්න පුළුවන්. ලිපියට කලින් අරුන් සිද්ධාර්ථන් ලියූ සටහනට ප්‍රතිචාර රාශියක් ලැබී තිබුණා. සියල්ලෙන් පැහැදිලි වන්නේ සිංහල හරි දෙමළ හරි බෞද්ධ හරි හින්දු හරි ක්‍රිස්තියානි හරි භේදයකින් තොරව මෙරට සිංහල බෞද්ධ විරෝධී නොවන්නන්ට  එක්වන්න පුළුවන් බව.