Main Logo

Saturday 30 September 2023

ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයෝ

 

ලංකාවේ ඊනියා දෙමළ බෞද්ධයෝ

 

නිර්මලා චන්ද්‍රහාසන් ලිපියක් ලියල උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක අගයක් ඇති භූමිවල බෙදා හදාගත් උරුමය මැයෙන්. මෙය ලිපියට පිළිතුරක් නො වෙයි. ලිපියෙහි පිළිතුරු දෙන්න තරම් දෙයක් නැහැ. ඇයගේ ලිපියෙන් කියැවෙන්නේ තමිල්නාඩුවේ දෙමළ බෞද්ධයන් එක්තරා යුගයක සිටි බැවින් ලංකාවේ දෙමළ බෞද්ධයන් ඉන්නට ඉඩ ඇතැයි යන්නයි. මෙරට දෙමළ බෞද්ධයන් සිටි බවක් ඇය නිශ්චිත කියන්නේ නැහැ. එසේ කියන්නේ නැත්තේ සඳහා සාක්‍ෂි නැති බැවින් කියන එක පැහැදිලියි.

Friday 29 September 2023

ජාමූල හා කුම්බලා මාළු

 

ජාමූල හා කුම්බලා මාළු

 

සජිත් ප්‍රේමදාස හොඳ කතාවක් කියල. ජාමූල දෙවැනි වාරිකය අපට ලැබෙන්නෙ නැහැ කියනවා. ලැබෙන්නෙ සජිත් බලයට පත් වුණාම කියනවා. ඉන් කියැවෙන්නෙ දෙවැනි වාරිකය කිසි දා නොලැබෙන බව කියන්න මා දන්නේ නැහැ. ඒත් ඒක හොඳ කතාවක්. ජාමූල නියෝජිත පිරිසක් ඊයෙ පෙරේදා ඇවිත් එළඹුනු නිගමනයක් ගැනයි සජිත් කියන්නෙ.

Thursday 28 September 2023

ඉන්දියාවේ බයිලා

 

ඉන්දියාවේ බයිලා

 

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා පළාතේ සික් නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ කියන්න මා දන්නේ නැහැ. එහෙත් මේ කතාවෙන් පිළිබිඹූ වන කරුණක් තියෙනවා. ඉන්දියාවේ දෙබිඩි පිළිවෙතයි, කුහකත්වයයි.  සික් ජාතිකයන් ඉන්දියාවේ වෙන රාජ්‍යයක් ඉල්ලා සටන් කරනවා. ඉන්දියාවේ ඇත්තේ ව්‍යාජ  සන්ධීය (pseudo federal) රාජ්‍යයක් කියා කියනවා. එසේ තිබියදීත් සික් ජාතිකයන් වෙන රාජ්‍යයක් ඉල්ලනවා.

Wednesday 27 September 2023

ඉන්දියාව චීනය හා ඇස් පහ

 

ඉන්දියාව චීනය හා ඇස් පහ

 

ලෝක බලතුලනයේ යම් වෙනසක් සිදුවෙමින් පවතිනවා. චීනය ආර්ථික වශයෙන් ශක්තිමත්වීම ඇනහිට ඇති බවක් දක්නට තියෙනවා. එය එක් අතකින් පසුගිය සියවසේ ජපානයට සිදු වූ දේට තරමක් සමානයි. ජපානයට ආර්ථික වශයෙන් බටහිර ලෝකය පරදවන්න බැරි වුණා. රුසියාව තත්වයට පත්වෙලා තරමක් කල්. දහඅටවැනි සියවසේ පමණ සිට ලෝකය දුවන්නේ ඉංගිරිසි කතාකරන රටවල් පහට අවශ්‍ය විධියට. අතරින් පතර රටවල් එයට අභියෝග කළත් ඉංගිරිසි කතාකරන රටවල්වලට තවමත් පුළුවන්   අභියෝග පරාජය කරන්න.

Tuesday 26 September 2023

ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු

 

ත්‍රෛලෝක පූජිත බුද්ධිමත්තු

 

දැන් හැම තැන වගේ ඇහෙන්නෙ බුද්ධිමත් වීම පිළිබඳ කතා. තාර්කික වීම පිළිබඳ කතා. හැඟීම්වලින් වැඩ කරන්න එපා කියනවා. මිනිසුන්ට හැඟීම් නැතුව නො වෙයි. හැඟීම්වලට බුද්ධිමත් වැදගත්කමක් දීම තමයි බුද්ධිය කියන එකෙන් කෙරෙන්නෙ. කාට කාටත් හැඟීම් ඇතිවෙනවා. හැඟීම් නැති පෘථග්ජනයකු ඉන්නවා කියා මා දන්නේ නැහැ. අප ගීතයක් රස විඳිනවා. වාදනයක් රස විඳිනවා. බුදුහාමුදුරුවොත් පංචශිඛගේ වීණා වාදනය රස වින්දා. ඒත් එහි ඇළුනෙ නැහැ.

Monday 25 September 2023

තේරුම් ගැනීම

 

තේරුම් ගැනීම

 

ක්වොන්ටම් කතා දිරවගන්න ටිකක් අමාරුයි. නොබෙල් ත්‍යාගලාභී ෆයින්මාන් කිව්වෙ කිසිවකුටවත් ක්වොන්ටම් භෞතිකය තේරෙන්නෙ නැහැ කියල. නිසා ක්වොන්ටම් තේරුම් ගන්න බැහැ කියල දුකට පත්වෙන්න ඕන නැහැ. ක්වොන්ටම් තේරෙන්නෙ නැති වුණාට බටහිර විිද්‍යාඥයන් ඉන් වැඩ ගන්නවා. වැඩ කරනවා නම් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ මොනවට කියලත් අහන්න පුළුවන්.

Sunday 24 September 2023

ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු

 

ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු 

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් ඇතැම් කරුණු පැහැදිලි වුණා. රාජ්‍යාරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන් මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ඇතැම් කරුණු අනාවරණය කළා. කවුද මේ සොනික් සොනික් කවුද අබුහින්ඩ් සාරා යැස්මින් මිය ගියා අබුබකර් සිරගත වූයේ ඇයි ආදිය ගැන පාර්ලිමේන්තුවේ දී කියැවුණා. දැන් කාට හරි අහන්න පුළුවන් අපට ප්‍රකාශ විශ්වාස කරන්න පුළුවන් කියා.

Saturday 23 September 2023

පාස්කු ප්‍රහාරය මෛත්‍රි ජනාධිපතිකමෙන් පැන්නීමට ද

 

පාස්කු ප්‍රහාරය මෛත්‍රි ජනාධිපතිකමෙන් පැන්නීමට ද

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් පරීක්‍ෂණ අවශ්‍ය ? මා එසේ අසන්නේ පරීක්‍ෂණ පවත්වන්නේ කවුද යන්න ගැන ප්‍රශ්න ඇති නිසා. ඊයේ පෙරේදා ජනහඬ සංවාදයකට එක්වුණු රවි සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශ පිළිබඳ සමාජ මාධ්‍යයෙහි ප්‍රචාරය වන දේ කියෙව්වා. රවි සෙනෙවිරත්න කියන්නෙ පාස්කු ප්‍රහාරය දිනවල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නැත්නම් සාමාන්‍යයෙන් කියන විධියට රහස් පොලීසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති.

Friday 22 September 2023

සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල්

 

සමාජවාදී ගමනේ බස් නැවතුම්පොළවල්

 

මෙහි දැක්වෙන බස් නැවතුම්පොළේ ඡායාරූපය දුටු විට මට ඇති වුණේ අනුකම්පාවක්, මහත් කණගාටුවක්. එය කාගේ වැඩක් කියා මා දන්නේ නැහැ. තරුණයන් පිරිසකගේ වැඩක් ජෙප්පන්ගේ වැඩක් එසේත් නැත්නම් ජෙපි අනුගාමිකයන්ගේ වැඩක් කියන්න මා දන්නේ නැහැ. එහෙත් තවමත් මෙරට ඇතැම් පිරිසකට ඇති කිසි දිනෙක සැබෑ නොවන කොටි සංවිධානයේ ඊළාම් සිහිනය වැනි මාක්ස්වාදී  සමාජවාදී සිහිනය එයින් පිළිබිඹු වෙනවා.

Thursday 21 September 2023

ලොකු වැඩ පොඩි වැඩ

 

ලොකු වැඩ පොඩි වැඩ

 

මේ දිනවල රනිල් නිව්යෝක් ගිහින්. අපේ පුවත්පත්වල ඔහුගේ චාරිකාව ගැන ඔහු හමුවන රාජ්‍ය නායකයන් ගැන විස්තර ප්‍රචාරය කරනවා. බොහෝ රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාරෂික සමුළුවට නිව්යෝක් යනවා. එහි හොඳ පැත්තක් තියෙනවා. තම තමන්ගේ රටවලට වැදගත්වන රටවල රාජ්‍ය ගණනාවක නායකයන් එක තැනක දී හමුවෙන්න පුළුවන්. ඒක වැදගත්. ඒත් මා හිතන්නේ නැහැ සමුළුවට ඔවුන්ගේ දේශනවලින් වැඩක් තියෙනවා කියා. අපේ ජනමාධ්‍යයේ රනිල්ගේ දේශනය ප්‍රචාරය වේවි. ඒත් බංග්ලාදේශ් අගමැතිණිය කිව්වේ මොකක් කියා කියන්නේ නැහැ. රනිල්ගේ දේශනයටත් පිටරට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. 

Wednesday 20 September 2023

දිලීපන්ගේ පැටිකිරිය

 

දිලීපන්ගේ පැටිකිරිය

 

සිංහල බෞද්ධ විරෝධීන්ට නැවතත් මාතෘකාවක් ලැබිලා. උපවාසයක් කිරීමට සිදුවීමෙන් මියගිය දිලීපන් (තිලීපන්) සැමරීම සඳහා ගිය පෙළපාලියකට පිරිසක් පහර දීල. ගැන මෙටාවෙත් ජනමාධ්‍යයෙහිත් පළවීම අඬන්න හිටි මිනිහට ඇඟිල්ලෙන් ඇනීමක් වෙලා. අතර ක්‍රිස්තියානි සංවිධානයක් මගින් කොළඹ පවත්වන්න සැලසුම් කර තිබු  දිලීපන් සැමරීමේ රැස්වීමක් අධිකරණ නියෝගයකින් තහනම් කෙරිලා. එහි දී කවුද පූජකවරයකු කියා තියෙනවා දිලීපන් ගත්තෙ බුදුන්වහන්සේ ගත් මග. අපට දැන් බුදුන්වහන්සේ ගත් මග දැන ගැනීමට පල්ලියට යන්න සිද්ධ වෙලා.

Tuesday 19 September 2023

ඉන්දියාව කැනඩාව අප හා වල්ගය නැති ගොනා

 ඉන්දියාව කැනඩාව අප හා වල්ගය නැති ගොනා

තම රටේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ යැයි කියමින් ඉන්දියාව කැනේඩියානී මහා කොමසාර්ස් කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරියකු ගෙදර යවයි.
ලංකාව එසේ කළොත් තානාපති කාර්යාල කීයක් වසා දැමීමට සිදුවේවි ද?
පහත සඳහන් වන්නේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යංශයෙන් අද (19) නිකුත් කෙරී ඇති නිවේදනයකි.
India expels a senior Canadian Diplomat
September 19, 2023
The High Commissioner of Canada to India was summoned today and informed about the decision of the Government of India to expel a senior Canadian diplomat based in India. The concerned diplomat has been asked to leave India within the next five days.
The decision reflects Government of India’s growing concern at the interference of Canadian diplomats in our internal matters and their involvement in anti-India activities.
New Delhi
September 19, 2023



ටෘඩෝ හා අරිශ්ට

 

ටෘඩෝ හා අරිශ්ට

 

කැනඩාවේ අගමෑති ටෘඩෝ ඉන්දියාව ගැන මහත් සැකයකින් කතා කරලා. ඔහු කියා ඇත්තේ  පසුගිය ජූනි මාසයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා පළාතේ සරේහි සික් නායකයකු වූ හර්දීප් සිං නිජාර් සික් දෙවොලක් අසල වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව සිටිය හැකි බවයි. ටෘඩෝ ප්‍රකාශ කර ඇත්තේ සැකයක් පමණයි. ඉන්දියාව ඝාතනය ගැන වග කිව යුතු බවක් ඔහු කියන්නේ නැහැ. එහෙත් ඔහු වහෙන් ඔරෝ කියන්නේ කුමක් ?

 

Monday 18 September 2023

කාලය මැව් වෙනසක අරුමේ

 

කාලය මැව් වෙනසක අරුමේ

 

අද මට හිතුණා කාලය ගැන ලියන්න. මේ වෙබ් අඩවියත් කාලය නමින් තියෙන්නෙ. ගැන කතා කරන එක දර්ශනයට අයිති කියල මා දන්නේ නැහැ. මා හීනෙන්වත් දාර්ශනිකයෙක් නො වෙයි. මා දර්ශනය සම්බන්ධයෙන් විදග්ධ පර්යේෂණ පත්‍රිකා ලියා නැහැ. මට දර්ශනයෙන් පශ්චාත් උපාධියක් තියා විශ්වවිිද්‍යාලයකින් ලබා ගත් බාහිර උපාධියක්වත් නැහැ. මා බාහිර උපාධි අවතක්සේරු කරනවා නො වෙයි. මට කිසි දවසක ශාස්ත්‍ර පීඨයකට ඇතුල්වන්න සුදුසුකම් ලබා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. කාලෙ ගණිත විෂය දෙකක් තිබුණ නිසා විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන් වුණා. දැන් නම් තියෙන්නෙ එකයි. කාලෙ රසායන විද්‍යාව අසමත් වුණත් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන් කම තිබුණා. දැන් බැහැ.

Sunday 17 September 2023

පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල හා ස්විස් කෝළම

 

පාස්කු ප්‍රහාරය  මෛත්‍රිපාල හා ස්විස් කෝළම

 

ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිනිසුන්ට ඇත්තේ විශ්වාස. බොහෝ විට අප වැඩ කරන කතා (හිතළු, උපන්‍යාස හා තවත් දේ) විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් අප විශ්වාස කරන, විශ්වාස කරන්නට පුරුදු කෙරී ඇති පුද්ගලයන් කියන කරන දේ විශ්වාස කරනවා. අපේ පක්‍ෂපාතකම් අනුව විශ්වාස කරනවා.

Saturday 16 September 2023

දළදා පෙරහැරේ ඇත්තු හා පඬි නැට්ටෝ

 

දළදා පෙරහැරේ ඇත්තු හා පඬි නැට්ටෝ

 

නුවර පෙරහැර ඉවර වෙලා ටිකක් දවස්. දැන් අලි ඇතුන්ට කරදරයක් නැහැ. මා කියන්නේ පෙරහැරේ ගෙන යෑම සම්බන්ධ නො වෙයි. පඬි නැට්ටන්ගෙ සත්ව කරුණාවෙන් කරදරයක් නැහැ කියන එක. පඬි නැට්ටන්ට වමාලට රනිල්දාස වැනි ලොකු ජෙප්පන් හැරෙන්න අනෙක් ජෙප්පන්ට තරමක ප්‍රශ්නයක් ඇති වෙලා. ඒකත් එක අතකින් බැලුව අලි ප්‍රශ්නයක්. රනිල් කියුබාවට උදවු කරන්නන් කියල. ධනවාදයේ අන්තිම බංකොළොත් රටක් සමාජවාදී රටකට උදවු කරන්නෙ කොහොමද? අපි යන්නේ කොයි පාරේ. ෆිදෙල් කස්ත්‍රො ගිය පාරේ. චේ ගෙවාරා ගිය පාරේ.

Friday 15 September 2023

පුරාවිිද්‍යාව හා සසුන රැකීම

 

පුරාවිිද්‍යාව හා සසුන රැකීම

 

ආචාර්ය ජගත් වීරසිංහගේ කුරුන්දි විහාරය සිංහල බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්වීමට දක්වන විරෝධය රුවන්වැලිසෑය ඇතුළු ඕනෑම සිද්ධස්ථානයකට විරුද්ධ දක්වන්න පුළුවන්. ඈත අතීතයේ සිංහල නමින් ජනවර්ගයක් ජාතියක් නොතිබීම එයට හේතුව බව ඔහුගේ මතයයි. එහෙත් මා පෙන්වා දුන්නේ ලෝකයේ අනෙක් අය ඈත අතීතයේ සිට මේ දේශය සිංහල දේශය ලෙස හඳුන්වා ඇති බවත් මෙරට රජවරු සිංහල රජවරුන් ලෙස මිස ඊනියා වාංශික රජවරුන් ලෙස සෙසු ලෝකයා හඳුනා නොගත් බවත් මෙරට ජාතියක් තිබුණු බවත්.

Thursday 14 September 2023

රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ද?

 

රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ?

 

මහාචාර්ය ජගත් වීරසිංහවත් රාජ්‍ය ඇමති ආචාර්ය සුරේන් රාඝවන්වත් කිසිවකුට කඩේ යනවා කියා මා කියනනේ නැහැ. කඩේ යනවා යන්න වමාලා පඬි නැට්ටන් ජෙප්පන් ආදීන්ගේ ව්‍යවහාරයක්. ඔවුන් කිසිවකුට කඩේ යන්නේ නැතුව වෙන්න ඇති. එහෙත් රුසියාව චීනය කියුබාව වගේ රටවල් ජෙනීවාහි දී රාජපක්‍ෂලාට කඩේ යනවා. මේ දිනවලත් කඩේ යනවා. ඔවුන් මෙරට වමාලා ජෙප්පන් පඬි නැට්ටන් ආදීන් තරම් වමේ නොවන නිසා වෙන්න පුළුවන්. කවුරු කාට කොහේ කඩේ ගියත් වීරසිංහ හා රාඝවන් කිසිවකුටවත් කඩේ යන්නේ නැහැ.

Wednesday 13 September 2023

කුරුන්දිය හා ස්ටෝන්හෙන්ජ්

 

කුරුන්දිය හා ස්ටෝන්හෙන්ජ්

 

කුරුන්දිය ගැන නැවතත් ලිවීමට සිතුණේ සේවාර්ජිත මහාචාර්ය ජගත් වීරසිංහගේ ලිපියක් දැකීමෙන් පසුවයි. ඔහු මා මෙන් නොව සේවාර්ජිත මහාචාර්යවරයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයෙක්. මා කැලණිය විශ්වවිද්‍යාලයේ කතන්දර කියන කාලයේ රැස්වීම්වල දී ඔහු හමු වී තියෙනවා. මට ඔහුට මෙන් පුරාවිද්‍යාව ගැන දැනුමක් නැහැ. මට වෙනත් දෙයක් ගැනත් දැනුමක් නැහැ. එහෙත් ලංකාවට පැමිණි පසු ඔහු සමග තම ලිපියේ අඩංගු කරුණු ගැන සංවාදයක් කිරීමට මා කැමතියි.

Tuesday 12 September 2023

ආධිපත්‍යයක තරම

 ආධිපත්යයක තරම

හැටන්හි මරියතුමියගේ පිළිමයෙන්
කඳුලු ගැලීම විද්යාත්මක බව පෙන්නලා.
පඬි නැට්ටන් නිහඬ ඒකයි.

(පඬි නැටි) ප්‍රශ්න හතකට පමණක් පිළිතුරු සපයන්න.

 


(පඬි නැටි) ප්‍රශ්න හතකට පමණක් පිළිතුරු සපයන්න.

 

පඬි නැටි ප්‍රශ්න හතකට පිළිතුරු. අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න වෙන්නෙ අයගෙ භාෂාවෙන්. මට ඒකත් බැරි නැහැ.