ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
ඒකාබද්ධ විපක්ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ
යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි,
වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන
යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්ෂෙ බැසිල් හිටියත්
ඔහුටත් යෝජනාවට පක්ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.