Main Logo

Thursday 30 November 2023

පඬි නැට්ටන්ගේ වික්‍රමය

 

පඬි නැට්ටන්ගේ වික්‍රමය

 

අද (නොවමේබර් 30) පාලි හා බෞද්ධ විශ්වවිිද්‍යාලයේ පර්යේෂණ කමිටුව මගින් සංවිධානය කරන ලද සුම් දේශනය අවසානයේ පඬි නැට්ටකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව මොළයක් නැතුව ගණිතයෙන් ප්‍රථම උපාධියක් ලැබූ අය පිළිබඳ කියැවෙන ලිපිය මෙහි පළකරනවා.

කාදිනල්තුමාට හරියන පොලිස්පති කවුද

 කාදිනල්තුමාට හරියන පොලිස්පති කවුද  

 

 

දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති තනතුරට පත්කරලා. පළමුවෙන් මගේ සුබ පැතුම් මහතාට පිරිනමනවා. එසේ පත්කර ඇත්තේ මාස ගණනක් තිස්සේ පැවති කඹ ඇදිල්ලකින් පසුව වීම සුබ පැතීමට තවත් හේතුවක් වෙනවා. වමක් නැති වමෙක් අහන්න පුළුවන් ධනපති රාජ්‍යයේ මර්දන හස්තයක් වූ පොලීසියේ අධිපතිකමට වැඩ බලන්න හරි කෙනකු පත් කිරීමට සුබ පැතීම ද්‍රෝහී වැඩක් නේ කියා. අනේ කියන්නෙ.

Wednesday 29 November 2023

දේශනයක්

 



ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයීය පර්යේෂණ පර්ෂදය zoom තාක්ෂණය ඔස්සේ මාසිකව පවත්වනු ලබන පර්යේෂණ මාලාවෙහි අටවැනි පර්යේෂණ සැසිය 2023 නොවැම්බර් මස 30 දින රාත්රි 7.30ට පැවැත්වේ.
මාතෘකාව : _නිවන_
සම්පත් දායකත්වය: _ආචාර්ය නලින් ද සිල්වා මහතා_
මේ සදහා සහභාගි වන ලෙස ශාස්ත්රකාමී සැමට ආරාධනා කෙරේ.
Session Start time: 2023-11-30 19:30:00
Research Committee
Buddhist and Pali University of Sri Lanka

කෙහෙම්මල් පුරාවස්තු

 

කෙහෙම්මල් පුරාවස්තු

 

දවසකට ලිපි කිහිපයක් ලිවීමට තේමා තියෙනවා. මේ වහින වැස්ස හොඳ වැස්සක් නොවෙයි. එය  අනාගතයේ සිදුවන  විනාශයක පෙර නිමිත්තක් පමණයි. අද ආත්මාර්ථයට පමණක් යොමු වී සිටින සිංහල බුද්ධාගම්කාරයන් ඉක්මණින් වෙනස් නූණොත් ශාසනයත් නැති වේවි. එහෙත් අප අධෛර්යමත් විය යුතු නැහැ. අපට යහමගට, ඊනියා යහපාලනයකට නොව, යොමු වෙන්න පුළුවන්.

Tuesday 28 November 2023

මහින්ද ෂම්මි රොෂාන් හොරු හා ප්‍රජාතන්ත්‍රවාදය

 මහින්ද ෂම්මි රොෂාන් හොරු හා ප්‍රජාතන්ත්‍රවාදය

 

ටික කලෙකට ඉස්සර ෂම්මි කපූර් කියල ඉන්දීය චිත්‍රපට නළුවෙක් හිටියා. ඔහු රාජ කපුර් තරම් ජනප්‍රිය වුණේ නැහැ. මා නම් කැමති වුණෙ දිලිප් කුමාර්ට. නැහැ දිලිත් කුමාර් නෙවෙයිදැන් ඉන්නෙ ෂම්මි සිල්වා. ෂම්මි සිල්වා ඉන්නෙ ලංකාවෙ. ඒත් ඉන්දියාවත් එක්ක  කොහොම වෙතත් ඉන්දියාවෙ සමහරුන් එක්ක ගණුදෙනු තියෙන බව පේනවා. ඉන්දියාව ඔහු යොදා ගන්නවා වෙන්නත් පුළුවන්ෂම්මි සිල්වා නළුවෙක් කියල මා දන්නෙ නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා හිටිය කියලත් මා දන්නෙ නැහැ. ඔහු ලංකාවෙ ක්‍රිකට් ආයතනයෙ නම් සභාපති. විතරක් නොවෙයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පත්වුණු අයෙක්.

Monday 27 November 2023

අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම

 

අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම

 

අවුකන බුදු පිළිම වහන්සේට සිවුරක් පොරවලා. බොහෝ දෙනා කියා තිබුණෙ සිවරක් අන්දලා කියලා. එතැන ප්‍රශ්නයක් තිබුණා. අපට හුඟක් දේ අමතක වෙනවා. අප උගතුන් බුද්ධිමතුන් වියතුන් වෙලා. මට වියත් මගත් මතක් වෙනවා. වියත් මගේ වියතුන් අද දකින්න නැහැ. කාලෙ ඔවුන් අප වියත්මගට ගත්තෙ නැහැ අප වියතුන් නොවන නිසා වෙන්න ඇති.  මාත් ගෝඨාභයට පක්‍ෂ හිටියෙ. නිසා වියත්මගට ගත්තෙ නැත්තෙ වියතකු නොවන නිසා වෙන්න ඕන. අද වෙන විට නම් වියත්මගේ අය නම් ගෝඨාභයගෙන් අයින් වෙලා. ඔවුන් වියතුන්.

Sunday 26 November 2023

මගේ ලෝකයේ බුදුදහම හා දුක

 

මගේ ලෝකයේ බුදුදහම හා දුක

 

නිවන කියන්නේ යළි ඉපදීම නතර කිරීම යැයි කී විට ඇතැමුන් විරුද්ධ වෙනවා. එක් භික්‍ෂුන් වහන්සේ නමක් සඳහන් කර තිබුණා නිවන යනු දුක නැති කිරීම යැයි තමන් වහන්සේ යෝජනා කරන බව. එය උන්වහන්සේ තමන් වහන්සේම කරන යෝජනාවක් නොව චතුරාර්ය සත්‍යයේ සඳහන් දේ යැයි මා හිතනවා. අපට චතුරාර්ය සත්‍යයේ කියා දෙනවා දුක දුකට හේතුව දුක නැති කිරීම (නිවන) නිවනට මග.

Saturday 25 November 2023

රනිල් හා පොලිස්පති

 

රනිල් හා පොලිස්පති

 

රනිල් වික්‍රමසිංහ නීතිඥයෙක්. ඔහු උසාවියේ නඩු කීයකට පෙනී සිට ඇද්ද කියා මා දන්නේ නැහැ. ජේ ආර ජයවර්ධනගෙන් පසු නීතිඥයන් දෙදෙනකු ජනාධිපති වී තියෙනවා. මහින්ද රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ. ජේ ආර්ගෙ මල්ලි නම් ලංකාවෙ දක්‍ෂ නීිතිඥයකු ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුණා. එහෙත් ඔහූ ජනාධිපති වුණේ නැහැ.

Friday 24 November 2023

මනස භෞතික ශරීරය හා පුනබ්භවය

 

මනස භෞතික ශරීරය හා පුනබ්භවය

 

මෙටාවේ හා මොටාවේ විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් බුද්ධිමතුන් මේ ලිපි කියවන්නේ නම්  New Scientist සඟරාවේ පළ වූ මේ ලිපිය ඔවුන්ට වැදගත් වේවි. මෙය  Consciousness ගැන ලියැවුණක්.   Consciousness යන්න බුදුදහමෙහි කියැවෙන විඥානය නම් නො වෙයි. එයට ආසන්න වශයෙන් සිහිය කියන්න පුළුවන් කියා මා හිතනවා. නිදා ගත් විට සිහියක් කියා එකක් නැති වුණත් සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතිනවා යන්න අනුව නම් විඥානයක් තියෙනවා. විඥානය නැති වන්නේ නිවන සම්මාබෝධ වුණු විට. විඥානයත් ඇත්තේ අවිද්‍යාව ඇත්නම් පමණයි. මා මෙහි ඇතැයි යන්න යොදා ගන්නේ ව්‍යවහාර අර්ථයෙන්. මේ සියල්ල මායාවන් පමණයි.

Thursday 23 November 2023

පාලනය

 ලංකාව පාලනය කරන්නේ

IMF ICC වැනි ඊනියා ජාත්යන්තර ආයතන ද?

සජිත් රනිල්ට බය නැහැ

 

සජිත් රනිල්ට බය නැහැ

 

රනිල් විධායක ජනාධිපති නැත්නම් විධායක අගමැති ? ඔහු පාර්ලිමේන්තුවේ ඉන් පිටත ? රනිල් තරම් පාර්ලිමේන්තුවට එන විධායක ජනාධිපතිවරයකු හිටියේ නැහැ. ඔහුට පාර්ලිමේන්තුව අත්හැරලා යන්න බැරුව වගේ. මුදල් ඇමති ලෙස ඔහු අයවැය විවාදයට සහභාගි විය යුතුයි. එහෙත් වෙනත් අවස්ථාවලත් ඔහු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වෙනවා.

Wednesday 22 November 2023

සජිත් මහින්දට බයයි

 

සජිත් මහින්දට බයයි

 

සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා.

Tuesday 21 November 2023

සකර්බර්ග්

 සකර්බර්ග් හොඳ සේවයක් කරනවා. වලිගය (නැට්ට) පැගිච්ච පඬි නැට්ටන්ට තම තමන් අතර පමණක් කියා ගත් මෝඩ කතා ලෝකයාට ද දැන්වීමටත් තම අනවබෝධය අන්යයන්ට ද කියා පෑමටත් වේදිකාවක් (මෙටාවක්) හදා දී තියෙනවා.

පිටස්තරයකුගෙන් ඊනියා ගැමි උගතුන්ට

 

පිටස්තරයකුගෙන් ඊනියා ගැමි උගතුන්ට

 

මෙරට ඊනියා උගත් ගැමි තරුණ පරපුරට සිදු වූයේ කුමක් ? මා ප්‍රශ්නය අසන්නේ ගුණදාස අමරසේකරගෙන් නො වෙයි. ඔහු ගණඳුරු මැදියම අරුණළු දැක්කේත් මේ ගැමි තරුණ පරපුර මගින්. එහෙත් එතුමාට අනුව නම් අප දැන් ගණඳුරෙන් තවත් අඳුරට ගිහින්. එහෙත් මට නම් එවැන්නක් ආකාරයෙන් පේන්නේ නැහැ. අපට ඉදිරි මගක් තියෙනවා. එහෙත් මග ඇත්තේ ඊනියා ගැමි තරුණ පරපුර සමග නොව අපේ මගක් තනා ගැනීමෙන්.

ජාතියට නව ආරම්භයක්

 ජාතියට නව ආරම්භයක්

Monday 20 November 2023

Maldives new president

 Maldives new president asks India to withdraw its military.

Reuters

ඉන්දියාව ක්‍රිකට් හා සිංහලයෝ

 

ඉන්දියාව ක්‍රිකට් හා   සිංහලයෝ

 

ඊයේ රාත්‍රියේ ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගය අවසානයේ මහරගම රතිඤ්ඤා පත්තු කෙරුණා. මා ළඟ රතිඤ්ඤා නැහැ. රතිඤ්ඤා පත්තු කළේ ඕස්ත්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් නො වෙයි. ඉන්දියාවේ පරාජය වෙනුවෙන්.

Sunday 19 November 2023

පරගලයන් රනිල් තබා ගන්නේ ඇයි?

 

පරගලයන් රනිල් තබා ගන්නේ ඇයි?

 

ඇතැමුන් සිතා ඇත්තේ මා ඊයේ මහින්දට ප්‍රශස්ති ගායනා කරල කියලයි. මා වන්දිභට්ටයකු කියාත් අය හිතනවා ඇති. මා මහින්දට වඩා අවුරූද්දක් වැඩිමහල්. මහින්ද නැවත සක්‍රීය දේශපාලනයෙහි ටෙදෙන එකක් නැහැ. එබැවින් වන්දිභට්ටයකු වී මට ලබා ගත හැකි දේකුත් නැහැ. සමහරු කියන්න පුළුවන් මා තානාපතිකමක් ලබා ගත්තෙ රාජපක්‍ෂලාට කඩේ ගිහින්. දැන් කළ ගුණ සලකනවා කියා. තානාපතිකමත් ආචාර්ය උපාධිය වගේ මා ඉල්ලා ලබා ගත් දෙයක් නො වෙයි. දෙක   මට පිනට ලැබුණු දේ.

Saturday 18 November 2023

කාශ්‍යප රාජසිංහ හා මහින්ද රාජපක්‍ෂ

 

කාශ්‍යප රාජසිංහ හා මහින්ද රාජපක්‍ෂ

 

අද මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනය. අදට වයස හැත්තෑ අටයි. මට ඊයේ ඔහු හමු වුණා. අමරසේකර අභිනන්දන උපහාර උළෙලේදී. පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් හා තවත් අය කියාවි මේ ලිපියත් රාජපක්‍ෂලාට කඩේ යාමක් කියා. මෙටාවෙ හා මොටාවෙ අය දන්නෙ රාජපක්‍ෂලාට කඩේ යෑම යම් වරප්‍රසාදයක් ලබා ගැනීමට ස්තෝත්‍ර ගැයිම රනිල් විසින් රාජපක්‍ෂලා ආරක්‍ෂා කරනූ ලැබීම වැනි කට ගාත් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් මගින් දේශපාලනය ගැන කියවන එකයි. අමරසේකර උළෙලට මහින්ද පැමිණියේ කඩේ යෑමට හිලවුවට නො වෙයි. අප ගෝඨාභය රාජපක්‍ෂත් බලාපොරොත්තුවෙන් සිටියා. අද උදේ එතුමා මට කතා කර කියා සිටියා තමන්ට ආරාධනය නො ලැබුණු බවත් දැන ගෙන හිටියා නම් පැමිණෙන බවත්. යම් අතපසුවක් නිසා ආරාධනය නොලැබී ඇති බවයි ඉන් කියැවෙන්නේ.  

Friday 17 November 2023

එන පොට හොඳ නැහැ

 

එන පොට හොඳ නැහැ

 

රනිල් වික්‍රමසිංහ තකහනියක් මාලදිවයිනට ගිහියන්. එරට ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට. මාලදිවයිනේ වැසියන් අටවැනි සියවසේ පමණ ලංකාවෙන් එහි ගිය සිංහල බෞද්ධයන්ගෙන් පැවත එන්නන් බව කියැවෙනවා. ඔවුන් පසුව ඉස්ලාම් ආගම අදහන්න පටන් අරන්. ඔවුන්ගේ බස දිවෙහි බස  නමින් හැඳින්වෙනවා. එය සිංහල බසෙහි විකාශයක් ලෙසයි කියැවෙන්නේ. එහි සංඛ්‍යා ද්විදශම පාදය මත පදනම් වෙන බව කියැවෙනවා. කියන්නේ දහය වෙනුවට දොළහ පදනම් කර ගත් සංඛ්‍යා ක්‍රමයක්. ක්‍රමයෙහි දහතුනට කියන්නෙ දොළොස් එක කියා. සිංහලයන් අතර දැන් නැතත් කලකට පෙර ක්‍රමය තිබී තියෙනවා. අප තවමත් සුවිසි විවරණ  දහඅට රියන් පිළිම වහන්සේ හැට පැය තුන්තිස් පැය ආදී වශයෙන් ව්‍යවහාර කරන්නේ දොළහ අපෙත් පදනම වී ඇති බැවින්.