Main Logo

Wednesday 22 November 2023

සජිත් මහින්දට බයයි

 

සජිත් මහින්දට බයයි

 

සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා.

 

මෙරට අයවැය විවාද තුට්ටුවක් වටින්නේ නැහැ. එයට එක් හේතුවක් වන්නේ අයවැය යෝජනා තුට්ටුවක් වටින්නෙ නැති වීම. නිසා අයවැය විවාදයේ දී බොහෝ විට වෙනත් කරුණු කතා කරනවා. වෙනත් ප්‍රශ්න අහනවා. අද සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුවක් උපයෝගී කර ගනිමින් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට. සිංහල බෞද්ධ  ජාතිකත්වයට නායකත්වය දුන් බණ්ඩාරනායක මැතිණියට සිදු වූ දේ අප කවුරුත් දන්නවා. අපට සිහිවන්නේ නොට්ටිගෙ පුතාගෙ කතාව නොව නොට්ටිගෙ බෑණගෙ කතාව ලෙස සංශෝධනය කර ගත් කතාවක්.

 

වෙන්ඩ උපාධිධාරී සජිත්ට නඩු තීන්දුවක් කියවා තේරුම් ගැනීමර තරම් ශක්තියක් තියෙනවා දන්නේ නැහැ. අදාළ නඩු තීන්දුවේ  ආර්ථික අර්බුදයට වග කියන්න ඕන මහින්ද ගෝඨාභය ඇතුළු පිරිස කියා කොහේවත් නැහැ. නඩු තින්දුව ප්‍රකාශ කළ විනිසුරුවන් හතර දෙනකු කියා සිටින්නේ වගඋත්තරකරුවන් ආර්ථික අර්බුදයට වග කිව යුතු බව නො වෙයි. විනිසුරුවන් කියන්නේ අදාළ වගඋත්තරකරුවන් අවශ්‍ය පියවර නොගැනීමෙන් ආර්ථික අර්බුදයට යම් ආකාරයකට දායක වූ බවක් පමණයි. අමතක කරන්න එපා අනෙක් විනිසුරු එසේවත් නොකියන බව.

 

නඩු තීන්දුවෙන් වගඋත්තරකරුවන් වැරදි කරුවන් කර නැහැ. ඔවුන්ට දඬුවමක් නියම කරලත් නැහැ. නඩු ගාස්තු ගෙවීමට පමණක් කියා තියෙනවා. ජඩමාධ්‍යවේදීන් යනු යමක් හරියට කියවා හරි අසා හරි වාර්තාවක් ලියන අය නොවෙයිි. ඔවුන් තම තම නැණ පමණින් තේරුම් ගෙන හදිසියට වාර්තාවක් සපයනවා. සජිත් හා පිරිස තම තම නැණ පමණින් වාර්තා කියවා ගන්නවා.

 

කොහොම වෙතත් නඩු තීන්දුව ගැන මට ප්‍රශ්න තියෙනවා. මට විනිසුරුවන්ට අභියෝග කරන්න බැහැ තමන් අදළ නිගමනයට පැමිණියේ ඇරිස්ටෝටල්ගේ කිනම් න්‍යායක් මත සිටිමින් තර්ක කරල කියා. වගඋත්තරකරුවන් තමන් දත් ආර්ථික විද්‍යාව අනුව යම් යම් පියවර අරන් තියෙනවා. බදු අඩු කිරීම කරන්නේ ආයෝජකයන් දිරි ගැන්වීමට. එහෙත් ලංකාවේ එසේ වන්නේ නැහැ. අප 2019 දී අත්දුටුවේ  එයයි. ආර්ථික විද්‍යාව කොහොමටත් ඒත් අතට මේත් අතට විද්‍යාවක්. සමාජ විද්‍යාව ඊට හපන්. මේවා විද්‍යාව කියන නම අරගෙන  ටිකක් හරි වැඩ කරන හිතළු රැගත් බටහිර ස්වාභාවික විද්‍යාවන්ට නිගරු කරනවා.

 

ඊනියා ආර්ථික විද්‍යාවේ නියම ලංකාවේ දී කොහොමටවත් වැඩ කරන්නේ නැහැ. මෙහේ ඉන්න ව්‍යවසායකයන් කියන අය අඩු තරමේ ඉන්දියාවේ අදානිලාගේ මට්ටමේවත් අය නො වෙයි. ඔවුන් කරන හරි හමන් නිෂ්පාදනයක් නැහැ. ඔවුන් මිල දී ගෙන විකුණන (buying and selling ) වෙළෙන්දන්. උජාරුවට ව්‍යවසායකයන් කියන නම යොදා ගන්නවා.

 

විනිසුරුවන් මොන අනුමාන නීති (rules of inference)  යොදා ගනිමින් වගඋත්තරකරුවන් ජනතා විශ්වාසය කඩ කළ බව,  ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය අනුව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසන්නේ. මා ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවෙයි. විනිසුරුවන් මට පිළිතුරු දීමට බැඳිලා නැහැ. කෙසේ වුණත් අපි හිතමු වගඋත්තරකරුවන් යම් අකාරයකට ආර්ථික අර්බුදයට දායක වී ඇතැයි කියා. එසේ නම් එයට දායක වී ඇත්තේ බටහිර ආර්ථික විද්‍යාඥයන්. ඔවුන්ගේ මතිමතාන්තර උඩ තමයි වගඋත්තරකරුවන් ක්‍රියා කර තියෙන්නෙ.

 

අනෙක් අතට ආර්ථික අර්බුදයට හේතුව පනස්තුනේ සිට අප ණයට කෑම, බෞද්ධ විරෝධී අධිපරිභෝජනය හා බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක් ප්‍රදර්ශනය. දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු පවසා ඇති කරුණක් සකස්කර ගත්ත අපට කියන්න පුළුවන් මෙරට ඊනියා දාර්ශනිකයන් තරම් ප්‍රදර්ශනිකයන් තවත් නැහැ කියා. 2019න් පසු කොවිඩ් ව්‍යාප්ත වීම  සංචාරකයන් ඒම අඩු වීම රට ගිය ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ නැවැත්වීමට කටයුතු කිරීම ආදිය ආර්ථිකය තව තවත් ප්‍රපාතයට හෙළුවා. එහි දී සැලසුම් සහගත තෙල් නැවු පමා කිරීම ගැස් පිපිරවීම ආදිය හරහා රාජපක්‍ෂලා හොරකම් කළ බවට මතයක් රට පුරා ඇති කළා. ඊනියා උගත් මධ්‍යම පංතිය තම අපේක්‍ෂා හා ආකල්ප කඩා වැටීම නිසා ආතල්ගම පරගලයට එකතු කෙරෙවුවා. ඊනියා කලාකරුවන් විද්වතුන් ආතල්ගමට එක් වුණා. රනිල් ආතල්ගම ආරක්‍ෂා කළා.

 

පරගලයේ දරුවා රනිල්. ඔහු කර ඇති එක දෙය ණය නොගෙවීම පමණයි. බටහිරයන් ඔහු ලවා තමන්ට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධී කටයුතු කරවා ගැනීමට රනිල්ට ණය නොගෙවා සිටීමට ඉඩ දී තියෙනවා.  ගෝඨාභය පළවා හැරියේ තමන් යැයි පම්පෝරි  ගසන පඬිනැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් රනිල් පළවා හරින්නේ නැත්තේ ඔහු හොඳ නිසා ?

 

බටහිරයන් හා රනිල් මොන කතා කිවුවත් තවමත් මහින්දට බයයි. සජිත් හොඳට බයයි. අද අවශ්‍ය වෙලා තියෙනවා මහින්දගේ හා ගෝඨාභයගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කර ඔවුන් දේශපාලනයෙන් මුළුමනින් පිටමං කිරීමට. ඇතැම් ජාතිකවාදීන් ජනාධිපති වීමේ අරමුණින් හරි වෙනත් ලාභ ප්‍රයෝජනයක් සඳහා හරි අපි රාජපක්‍ෂලා සමග හිටියේ නැහැ කියනවා නම් එය ජාතිද්‍රෝහී ක්‍රියාවක්. ඔවුන්ට නම් ගම් වශයෙන් කියා විරුද්ධ වීමට  අපට සිදුවෙන්න පුළුවන්.

 

අද මෙරට රාජපක්‍ෂ විරෝධී මතයක් ඇති වී තිබෙන බව පැහැදිලියි. එහෙත් හේතුව නිසා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ඉන්දීය ආක්‍රමණයක් හා රාජසිංහ විමලධර්මසූරිය රජවරුන්ගෙන් පසු බටහිරයන් පරාජය කළ මහින්ද රාජපක්‍ෂ අත්හැරීමට තරම් මා ජාතිද්‍රෝහියකු නො වෙයි. අනූවේ දශකයේ ඊනියා ප්‍රගතිශීලින් චන්ද්‍රිකා වැළඳ ගත්තා. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය තේරුම් නොගත් ප්‍රගතිශීලින් අපට හූ කිවුවා. අද චන්ද්‍රිකා කෝ. අද මහජනයා මහින්ද හා ගෝඨාභය ප්‍රතික්‍ෂෙප කරනවා. ඔය ඊනියා ජනතාවට තේරුම් ගන්න කල් යනවා. එහෙත් ඔවුන්ට ඉක්මණට අමතක වෙනවා.

 

සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් අද ජෙප්පන් යොදා ගන්න හදනවා. ජෙප්පන්ට ජෙප්පියන්ට වගේ මට හංගන්න දෙයක් නැහැ. මා ජුලි චං ඉදිරියේ පීචං වන්නෙත් නැහැ. මගේ කතාව මා එළිපිට කියනවා